View previous topic :: View next topic |
Author |
Message |
sk1967 UNLIMITED Pride


Joined: Mar 21, 2018 Posts: 815
|
Posted: Sun Dec 02, 2018 1:50 pm Post subject: පුංචි කාලේ මම කොල්ලෙක් |
|
|
පුංචි කාලේ මම කොල්ලෙක්
මේ දවස්වල මොකද කරන්නෙ..?
මේ දවස්වල එහෙම විශේෂයෙන් කරන වැඩක් නැහැ. ගෘහස්ත සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒවාට සහභාගි වෙනවා. කලා කටයුතු කියලා කරන්නෙ ඒ දේවල් තමයි.
ඉන්ද්‍රානි පෙරේරා නම් කලාකාරියගේ ළමා කාලය ගෙවුණේ කොහොමද..?
පුංචි කාලේ මට ගායිකාවක් වෙන හීනයක් කොහෙත්ම තිබුණේ නැහැ. මම ඉපදුණේ බොරැල්ලේ කොටා පාරේ තිබුණු අපේ ගෙදරමයි. මගේ තාත්තගේ නම ඒ.ඒ. පෙරේරා. අම්මගේ නම මේරියල් පෙරේරා. අපේ පවුලේ හිටියෙ ගෑනු ළමයි තුන්දෙනෙක් විතරයි. ඒ තුන්දෙනාගෙන් දෙවැන්නා තමයි මම. අපි තුන්දෙනාම ඉගෙනගත්තෙ කොළඹ ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයෙ. මට වඩා මගේ නංගි අයිරාංගනී ගොඩක් පොඩියි. ඉතින්.. අපේ අම්මා අපි තුන්දෙනාටම කෑම හදාගෙන ඉස්කෝලෙට එනවා. අපි තුන්දෙනාටම හරි ලස්සන පිඟන් තුනක් තිබුණා. ඒ කාලේ ඉඳන්ම අපේ අම්මා පුංචි හැඳිගෑරුප්පු දෙකකින් අපිට ඒවා පාවිච්චි කරන විදිහත් හොඳට උගන්වලා තිබුණා. මගේ සීයාත් හැම ඉන්ටර්වල් එකකදීම අපේ ඉස්කෝලෙ ළඟට ආවා. ඒ එද්දී හැමදාම අපි තුන්දෙනාට ක්‍රීම් බනිස් තුනක් අරගෙන එනවා. අපේ සීයා සුදු ඇඳගෙන ටයි එකක් දාගෙන ටයි පින් එකක් පැළඳගෙන හරි පිළිවෙලට අපේ ඉස්කෝලෙ ළඟට එද්දී අපිට හරිම ආසයි. අපේ තාත්තා ජීවිතේ ගොඩක් මහන්සි වුණු කෙනෙක්. අපි හරි ලස්සන පවුලක්. හැම සෙනසුරාදාවකම හරි ඉරිදාවකම හරි අපේ තාත්තා අපි කට්ටියම ගෝල්ෆේස් එක්කගෙන ගියා. මගේ තාත්තා බුද්ධාගමේ. මගේ අම්මා කතෝලික ආගමේ. නමුත් දෙන්නට දෙන්නා ආගම් දෙකටම ගරු කළා. කවදාවත් අපේ ගෙදරදී ආගම් පිළිබඳව ප්‍රශ්න ඇතිවුණේ නැහැ.
පුංචි කාලෙදී ඉන්ද්‍රානි දඟයිද..?
අම්මෝ.. ගොඩක් දඟයි. අපි තුන්දෙනාගෙන් වැඩියෙන්ම දඟ මමයි. අපේ ගෙවල් ළඟ පිරිමි ළමයි හිටියනෙ. ඉතින්.. මමත් ඉස්සර පිරිමි ළමයෙක් වගේ කොණ්ඩෙ කොටටම කපලයි හිටියෙ. මගේ වැඩේම කලිසම් ඇඳලා දඟ වැඩම කරන එකයි. දුවනවා.. ගස් නඟිනවා.. තාප්පවලින් පනිනවා. ඒ වගේ දඟ වැඩ කළා. මගේ තාත්තා මාව දැක්කෙ ගෙදර හිටපු පිරිමි දරුවා වගෙයි. මාත් එක්ක ඕන තැනකට යන්න කාටවත් බයක් තිබුණේ නැහැ. සමහර දවස්වලට මගේ යාළුවන්ගේ අම්මලා පවා එයාලව යැව්වේ මාත් එක්කයි. මම සින්දු කියද්දී කවුරුහරි යාළුවෙක් අහගෙන හිටියෙ නැත්නම් මගෙන් ටොකු තමයි.
පාසලේදී දඟ චරිතයක්ද..?
ඉස්කෝලෙදී ගෙදර තරම් දඟ නැහැ. මම ක්‍රීඩාවලට එච්චර කැමති නැහැ. ඉතින්.. අපි ක්‍රීඩා කරද්දී පස්සට වෙලා ඉන්නවා. කවුරුහරි ගුරුවරියක් බලෙන් ක්‍රීඩාවට ඇදලා දැම්මා මිසක් ආසාවෙන් ක්රීඩාවලටනම් සහභාගි වුණේ නැහැ. සංගීත පන්තියේ පවා මම හිටියෙ අන්තිම බංකුවේ. හැබැයි මට සින්දු කියන්න පුළුවන්කම තිබුණා. මගේ අම්මගේ නංගිලා හැමෝම පල්ලි ගියා. ඉතින්.. හරි ලස්සනට ඇඳලා පල්ලි යන්න මාත් ආසා කළා. ඒ නිසා මාත් පල්ලි ගිහින් එයාලා කියන ගීතිකා කියන්න පුරුදු වුණා. පසු කාලෙදී මට ලැබුණු පළමුවැනි සම්මානයත් ඒකයි. දෙවියන් වහන්සේ මම දිහා බලලා මට මගේ කටහඬට සම්මානයක් ලබාදුන්නා. අද පැත්තකට වෙලා ඒ ළමා කාලය ගැන හිතද්දී කොයිතරම් නිදහස් ජීවිතයක්ද ඒ ගතකළේ කියලා හිතෙනවා.
සංගීත පන්තියේ අන්තිම පේළියේ හිටපු ඔබ කලාකාරියක් වුණේ කොහොමද..?
සංගීත පන්තියේ අන්තිම පේළියේ හිටියට මම සංගීතයට හරි ආසයි. අපේ තාත්තට ඒ කාලේ හින්දි තැටි ගොඩක් තිබුණා. අම්මා වෙනුවෙන් තාත්තා ඉංග්‍රීසි තැටිත් ගොඩක් ගෙනාවා. ඒ නිසා අපේ ගෙදර නිතරම හින්දි සහ ඉංග්‍රීසි ගීත ඇහුණා. අපේ චූටි නංගි ඒ ගීතවලට හරි අපූරුවට නැටුවා. ඒ දවස්වල රූපවාහිනී තිබුණේ නැහැ. ඒ නිසා මහ රෑ වෙනකම් මගේ අම්මා තාත්තා අපිව වටකරගෙන අර ගීත තැටි දාලා අහගෙන ඉඳිද්දී අයිරාංගනී නංගි පුංචි පාද තියලා නටපු හැටි මට තාමත් මතකයි
ඉන්ද්‍රානි සිනමාපට බොහොමයකට පසුබිම් ගායනයෙන් එකතු වුණා. නිර්මාණ කීයකට විතර සම්බන්ධවෙලා තියෙනවද..?
ඇත්තටම බොහෝ සිනමා නිර්මාණවලට මම පසුබිම් ගායනයෙන් සම්බන්ධවෙලා තියෙනවා. හැබැයි ඒ ප්‍රමාණය පිළිබඳව නිශ්චිතවම කියන්න මට අමාරුයි. ඇත්තටම ගීත ප්‍රමාණය කොච්චරක්ද කියලා මට හරියට මතක නැහැ.
ඔබ දරුවන් දෙදෙනෙක්ගේ ආදරණීය මවක්..?
ඔව්.. මගේ සැමියා මට මුණගැහුණෙත් කලාව නිසාමයි. මම ක්ලැරන්ස් එක්ක ගීත තැටි කිහිපයක්ම කළා. ඉතින්.. ජේම්ස් ඒවායේ නිෂ්පාදක විදිහට කටයුතු කළා. කාලයක් ආශ්‍රය කරද්දී ඔහු ගොඩක් හොඳ කෙනෙක් කියලා මට හිතුණා. අපේ අදහස් ගොඩක් දුරට ගැලපුණා. ඉතින් 1979 අපි විවාහ වුණා. අපිට දැන් දරුවන් දෙන්නෙක් ඉන්නවා. මගේ දුව දැන් විදෙස්ගතවෙලයි ඉන්නෙ. පුතා ඉන්නෙ ලංකාවේ. ඉතින්.. දරුවන් දෙන්නා ගැන අපිට සතුටුයි. එයාලා හොඳට ඉගෙන ගත්තා. කලාව නිසා ආදරණීය මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන හරිම සතුටුයි. ඇත්තටම කලාකාරියක් වීම ගැන හිතේ තියෙන්නෙ ලොකු සතුටක්. දැන් මම කලාවට ඇවිත් අවුරුදු පනහක් වෙනවා. |
|
Back to top |
|
 |
Malki UNLIMITED Grand


Joined: Oct 19, 2016 Posts: 3418
|
Posted: Mon Dec 03, 2018 5:08 am Post subject: Re: පුංචි කාලේ මම කොල්ලෙ |
|
|
Thanks for sharing  |
|
Back to top |
|
 |
ArunaJ Executive Member


Joined: May 06, 2012 Posts: 6304 Location: Gampaha
|
Posted: Mon Dec 03, 2018 12:46 pm Post subject: Re: පුංචි කාලේ මම කොල්ලෙ |
|
|
mama kamathima gayikawak.thanks |
|
Back to top |
|
 |
sandy UNLIMITED Grand


Joined: Dec 03, 2011 Posts: 10304 Location: heaven
|
Posted: Tue Dec 04, 2018 11:27 pm Post subject: Re: පුංචි කාලේ මම කොල්ලෙ |
|
|
thank you
much interesting _________________ <a><img></a> |
|
Back to top |
|
 |
sach Executive Member


Joined: Nov 24, 2014 Posts: 4138
|
Posted: Tue Dec 04, 2018 11:49 pm Post subject: Re: පුංචි කාලේ මම කොල්ලෙ |
|
|
Mama kamathi gaaikawak. Thanks for sharing |
|
Back to top |
|
 |
|
|