Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
21.9: Nilantha Rodrigo
21.9: pinky
21.9: nipuni

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - Random JOKES from FB.....(Updated 14/08/2019)
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Random JOKES from FB.....(Updated 14/08/2019)
Goto page 1, 2, 3 ... 93, 94, 95  Next
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Humor
View previous topic :: View next topic  
Author Message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 9968

PostPosted: Thu Nov 08, 2012 8:15 am    Post subject: Random JOKES from FB.....(Updated 14/08/2019)

(1) ඔන්න කුණුහරප කියනවා කියලා මට බනින්න නම් එපා ඒත් මේක ඇත්ත සිද්ධියක්
මේක මම දැක්ක වගේ ලියන්නයි හදන්නේ. Razz

මේ ගෑනු දරුවා කොළඹ හතේ හැදිලා වැඩිලා ඒ පැත්තේම පාසල් ගියපු කෙනෙක්. ජීවිතේටම බස් එකක ගිහිල්ල නැති, ඩ්‍රයිවර් මහත්තය එකකම ගමන් බිමන් ගියපු මෙයාට ඉස්කෝලේ ඉඳල තිබුනෙත් ඒ ජාතියේම යාලුවො සෙට් එකක්. හැබැයි ඉගෙන ගන්න හරි උනන්දු පාසලේ දර්ශීය ඉදිරිපෙළ ළමයෙක්ලු. ඒත් කරුමේ කියන්නේ මෙයා ඒ ලෙවල් වලට බයෝ කරලා
මෙඩිසින් යන්න ලකුණු මදි වෙලා. ඉතින් දෙපාරාක් නොහිතම පියතුමා යැව්වා මේ ගෑනු දරුවාව පිටරට. වෙන මොකකටවත් නෙවෙයි දොස්තර නෝනා කෙනෙක් කරන්න. දැන් මෙතුමිය උපාධියත් අරගෙන මෙරටට සැපත් වෙලා ලංකාවේ කරන්න තියෙන විභාගෙත් පාස් උනා කියමුකෝ. ඒත් විදේශීය උපාධි ධාරී දොස්තරවරුන්ට සීමාවාසික පත්වීම් ලැබෙන්නේ ටිකක් (ටිකක් කිව්වට ගොඩක්) ඈත පළාත් වලට. ඉතින් අපේ දොස්තර නෝනටත් ඒ වගේ පළාතකට ගිහින් වැඩ කරන්න සිද්ධ උනා.

ලංකාවේ ඉන්දෙදිත් වැඩිපුර ඉංග්‍රීසියෙන්ම කතා කරපු අපේ කතා නායිකාවට ඒ පැති වල මිනිස්සු කතා කරන සිංහල තේරුම් ගන්න සෑහෙන අමාරු උනා. ඒ උනාට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පුළුවන් විදිහට වැඩ කරගෙන යද්දී තමයි දවසක් මෙයා වැඩ කරපු වාට්ටුවට ආවේ කකුලක් තුවාල කරගත්ත අවුරුදු හයක හතක විතර ළමයෙක් එයාගේ අම්ම කියල හිතන්න පුළුවන් ගෑනු කෙනෙක් එක්ක. තුවාලේ සෑහෙන්න ලොකුයි. ඒ මදිවට ළමය හොඳටම අඬනවා. ඉස්සරහ පේලියේ කෙනෙක් උනාට හිත උණු වෙන මේ දොස්තර නෝනා තීරණය කළා මේ දරුවට තමන්ම බෙහෙත් දානවා කියල. ලෑස්ති කරගත්ත අවශ්‍ය බඩු ටික ගිය ළමයාගේ කකුලට බෙහෙත් දාන්න. මොන�.පොඩි එකා අස්පයෙක් වගේ පයින් ගහ ගහ අඬනවා. ඔන්න ඉතින් ඒ පාර නර්ස් නෝනා කෙනෙක් කිව්වා ළමයත් එක්ක ආපු ගෑනු කෙනාට පුතාව සන්සුන් කරගන්න බලන්න කියල. මෙන්න එක පාරටම ඒ මනුස්සය කියපි මේ මගේ ළමය නෙවෙයි මම මෙයාගේ පුංචි අම්ම කියල. ඒ මදිවට එයාට තුවාල සුද්ද කරන දිහා බලන්න බෑ කියල ශේප් එකේ එලියට මාරු උනා.

දොස්තර නෝනත් ඉතින් මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්න එපාය කියල එතන හිටපු නර්ස් නොනටයි ඇටෙන්ඩන්ට් මහත්තුරු දෙන්නටයි කිව්වා ළමය අල්ලගන්න කියල. දැන් ඔන්න දොස්තර නෝනා බෙහෙත් දානවා. ළමයට රිදෙනවා. මේක හූ තියන අතරෙම බෙරිහන් දෙනවා අනේ **ති මට රිදෙනවා *ත්තියේ �.ඔය ඇති අනේ *ත්ති කියල. අනේ ඉතින් බහ තෝරන කාලේ ඉඳලම අම්මට තාත්තට අම්මි තාත්ති කියපු අපේ දොස්තර නෝනා ඔය වචනේ මීට කලින් අහල නැහැ. මෙයා හිතුව මෙහෙම තමයි මේ පළාතේ ළමයි පුංචි අම්මට කතා කරන්නේ කියල. ඒක නිසා වැඩි හොඳට දැන් දොස්තර නෝනා ළමයට වඩා හයියෙන් කෑගහනවලු � කෝ මේ ළමයාගේ **ති �.මෙන්න ඔයාට කතා කරනවා කොහෙද මේ *ත්ති පව් නේ මේ ලමයව තනියම දාල ගියේ. කෝ *ත්තී �*ත්ති මෙහෙ එන්න � කියල. මේක අහපු වාට්ටුවේ ඔක්කොම ලෙඩ්ඩු ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නව දොස්තර නෝනා දිහා. ළඟ හිටපු කට්ටිය අමාරුවෙන් හිනාව තද කරගෙන ඉන්දෙද්දී බබෙක් හම්බ වෙන්න හිටපු නර්ස් කෙනෙක් අමාරුවෙන් කෑගහගෙන දුවගෙන එනවා අනේ ඩොක්ටර් මොනවද ඔය කියන්නේ නවත්තන්න නවත්තන්න කියල. එතකොට තමයි. මෙයත මීටර් උනේ මොකක් හරි අවුලක් කියල. අනේ ඉතින් එදා ඉඳන් අද දක්වා මේ නෝනට කියන්නේ H නෝනා කියලලු.

(2) යසෝ නැද්දට දූ ගැන එක එක ආරංචි එන්න ගත්තා කනින් කොනින්. කෙල්ල ජම්බු ගහෙන් වැටිල ඇහැට කනට පේන්න ගත්ත විතරයි, මුලු ගමේම ඉන්න රස්තියාදුකාරයෝ කෙල්ලගෙ පස්සෙන් වැටිල. �නම්බුව තමයි කෙල්ලෙක්ට තියෙන්න පුලුවන් වටිනාම වස්තුව� යසෝ නැන්ද තනියම හිතුව. �බල බලා ඉඳල හරියන්නෙ නෑ. කෙල්ලට දැනමුතුකං ටිකක් දෙන් එක හොඳයි පුලුවං ඉක්මනට�, මෙහෙම හිතපු යසෝ නැන්ද එක හැන්දෑවක උයන ගෙයි ඇතුලෙදි දෝනියැන්දව කතාවට අල්ලගත්ත.

�මෙහෙ
වරෙං දුවේ. උඹට කියන්න මට කාරණා කීපයක් තියෙනව� ඔය පිරිමි ගැන��

��කොල්ලො උඹට එක එක ආලවට්ටං දාල කතාවට අල්ලගන්න බලයි. උඹ එහෙම නෙවි ඕවට අහු වෙන්නෙ. හරිද?�, යසෝ නැන්ද කිවුව.

�මේ� අම්මෙ� අම්මට කියන්නම කියල තමයි හිටියෙ� අර සියඹලගහවත්තෙ ගෙදර සිරි අයියා� මට කීප දවසෙම කුඹුකෙ ලි‍‍ඳ ගාවදි හමබු උනා� මං ඉතිං ටිකක් කතා කලා�, කෙල්ල කිවුවෙ ඇඹරි ඇඹරි.

�මොකක්? තොපි දෙන්නගෙ අතරෙ මොකක්හරි පටලැවිල්ලක් තියෙනවයි?� ‍යසෝ නැන්ද ඇහුවෙ සැරෙන්.

�අම්මට කොහොමද අම්මෙ මං බොරු කියන්නෙ�, කෙල්ල බිම බලාගෙන කිවුව.

�හ්ම්ම්� වයසෙ වැරැද්ද කියමුකො� එහෙනං පුතේ මං දැං මේ කියන ටික හොඳට අහගනිං��

��ඔය කොල්ලා උඹව තනිපංගලමෙ මුලිච්චි උනාම ඇ‍ඟේ ඇලෙන්ට එයි. උඹට ආස හිතෙයි. ඒත් උඹ එහෙම නෙවි ඒවට ඉඩ දෙන්නේ��

��බැරි වෙලා හරි එහෙම උනා කියමුකො� එයින් පස්සෙ උඹේ එක එක තැං අත පත ගාන්න හදයි ඕකා� උඹටත් ආස හිතෙයි� හැබැයි හැදිච්චි කෙල්ලෙක් නං උඹ එහෙම නෙවි ඕවට ඉඩ දෙන්නේ��

��හොඳයි බැරි වෙලා හරි එහෙමත් උනා කියමුකො� ඔයින් පස්සේ උඹව කොහේහරි අකුලකට ඇදන් ගිහින් ඇඟට ගොඩවෙන්න හදයි ඕකා� උඹට හොඳටම ආස හිතෙයි� ඒත් දුවේ ඌ උමේ ඇඟට ගොඩ උනොත් උඹෙයි උඹෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාසයි� උඹට තේරුණාද?� යසෝ නැන්ද කියාගෙන කියාගෙන ගියා.

�මං කවදාවත් එහෙම කරන්නෙ නෑ අම්මෙ� අම්මට කියන්න ගම් පිරිත දවසෙ අම්මා ඔය කියපු විදියටම සිරි අයියා මාව තනිකර ගත්තනේ�� කෙල්ල කිවුව කතාවට යසෝ නැන්දගෙ ඇහිබැම ඉස්සුනා ඉස්මුදුනටම.

�� එදා සිරි අයියා මගේ ඇඟට ගොඩවෙන්න හැදුවනේ අම්මේ� ඒත් මං ඉඩ දුන්නෙ නෑ ඌට මගෙයි අම්මගෙයි නම්බුව විනාස කරන්න� මං කොලා හොඳ වැඩක්�� කෙල්ල හිනා වෙවී කිවුවා.

�උඹ මොකද කොලේ?� යන්තං හුස්මක් ගත්තු යසෝ නැන්දා ඇහුවා.

�මං උගේ ඇඟ උඩට නැඟලා උගෙයි උගෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාස කලා�

(3) ඔන්න ඉතින් දවසක් මෑන්ස් කෙනෙක් ගමේ තිබ්බ මල ගෙදෙරකට ගියාලු.
ඒ ගෙදෙර මිනිස්සු බොහොම දුකෙන් ලු හිටියේ. කව්රුත් ඉතින් අඩා ගත්ත මුනෙන් තමයි හිටියේ .
අපේ මෑන්ස් ටත් මාර අප්සෙට්. මිනිහා ඒ ගෙදෙරින් එලියට ඇවිල්ල තව ටික දුරක් යද්දී මෙන්න තවත් මල ගෙයක්ලු.
ගමේ හින්දා නොගිහිනුත් බැරි හින්දා ගියාලු. හැබැයි මේ ගෙදෙර එන අයට පුදුම සැලකිලි. හොදට කන්න දෙනවා.
ඒ විතරක් නෙමයි බොන්නත් දෙනවා.
කව්රුත් මල ගෙයක් වුනාට කිසිම දුකකින් නෙමයි හිටියේ. අපේ මෑන්ස් ටත් මාර හැපි. මිනිහා හොදට කාලා බිලා මෙන්න ආයිත් කලින් මල ගෙදෙට්ට ගියාලු.
ගිහිල්ලා හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වලු
" අඩෝ මේවද මල ගෙවල් ? අන්න මල ගෙවල් ? පුලුවන්නම් විතරක් වැඩක් පටන් ගනින්? බැරි වැඩ කරන්න එපා. අරන් පලයන් ඕකත් අර ගෙදෙට්ට "

(4)එක රටක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් සොයාගෙන පෙට්රල් ෂෙඩ් එකක් දා ගත්තලු. අපේ රටේ නම් පෙට්‍රල් ෂෙඩ් එකක් දාගන්නවා කියන්නේ පරම්පරා ගානක් ගොඩම ගොඩ උනාට, ඒ රටවල එහෙම නැහැ. හැමතැනම පෙට්‍රල් ෂෙඩ් තියෙනවා. ඉතින් තරඟකාරීත්වය වැඩියි.

කාලයක් ගත උනත් අපේ මෑන්ස්ට බිස්නස් බොහොම අඩුයි. ඉතින් පොර කල්පනා කරලා අන්තිමට තීරණය කලාලු පොඩි අඩ්වර්ටයිසින් පාරක් හරි දාන්න ඕනේ කියල බිස්නස් වැඩි කරගන්න. එහෙම හිතල
දැම්මලු ලොකු බෝඩ් එකක් මෙන්න මෙහෙම.

Free sex for full tank fill up over 50 lts. (තේරුම දන්නේ නැති ගොබිලෝ ඉන්නවනම් ඒ අසරණයන්ගේ දැන ගැනීම පිණිසයි. �ලීටර් 50 වැඩියෙන් ටැංකිය පුරවා ගන්නා අයට නොමිලේ අහවල් දේ කරන්න අවස්ථාවක් දෙනු ලැබේ�

ඔය දැන්වීමට පස්සේ පෝලිම කොච්චර දිගට තිබුනද කියල මම දන්නේ නැහැ. එත් අපේ කතාවේ වැදගත් කොටස විතරක් දාන්නම්.

දවසක් පොරක් ආවලු ටැංකිය පුරවා ගන්න. ටැංකිය පුරවාගෙන මනේජර්ගෙන් ඇහුවලු අර නොමිලේ දෙනවා කියපු එක කොහොමද කියල. එතකොට මැනේජර් කිව්වලු, ඔයා එකේ ඉඳල දහයට නොම්මරයක් කියන්න, ඒ නොම්මරේ අපේ නොම්මරේ එක්ක ගැලපුනොත් ඔයාට අන්න අර ළමයා එක්ක නොමිලේ වැඩේ කරගන්න පුළුවන් කියල.

පොර බැලුවම මේ ඉන්නේ තෙල් කෑල්ලක් වගේ එකක්. ටිකක් හිතල කිව්වලු නොම්මර 6 කියල. මැනේජර් කොම්පියුටරේ බලල කිව්වලු, අයියෝ ඔයා නූලෙන් මිස් වෙලා, නොම්මර 7 තමයි හරි නොම්මරේ කියල. ඉතින් මොනවා කරන්නද. අපේ එකා හූල්ල හූල්ල ආපහු ගියාලු.

ඊළඟ දවසේ අපේ එකා යාලුවෙකුත් එක්ක ආයිමත් ගියාලු ටැංකිය පුරවා ගන්න. එදත් නොම්මර කතාව ආවත්, හරි නොම්මරේ උනේ වෙන එකක්.

දැන් අපේ පොරට හරිම අප්සේට්ලු. මේ මෝඩ හරකට තේරෙන්නේ නැතිලු මෙතන වෙන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. අපේ රටේ උනත් නොමිලේ දෙනවා කිව්වම කොහේ හරි කොස්සක් තියෙනවනේ. ලොකු අකුරෙන් FREE කියල තිබුනට එක්කෝ FAT FREE නැතිනම් COLESTORAL FREE.

ඒත් එයාගේ යාලුවා කිව්වලු, �මචන් මුන් කරන්නේ ලොකු බොරුවක් මීට පස්සේ ඕකට අහුවෙන්න එපා� කියල.

මූ දීපු උත්තරේ මොකක්ද දන්නවද.

�පිස්සුද මචන්, මෙතන කිසිම බොරුවක් වෙන්නේ නැහැ. මට ඒක හොඳටම විස්වාසයි. ගිය සතියේ මගේ නෝනට දෙපාරක්ම හරි නොම්මරේ කියල නොමිලේ දෙන එක ලැබුන�

(5) මිනිහෙක් බර එකට ඇවිත් අරක්කු කාලක් අරගෙන කටේ හලාගෙන කල්පනා කරනවා.
බාර් කීපර් : අයි ඒ ?
මිනිහ : අද වැඩ ඇරිලා ගෙදර එනකොට මගේ ගෑනි ඉන්නවා මගේ හොඳම යාලුවත් එක්ක එකට ඇඳේ.
බාර් කීපර් : මාර වැඩේනේ. මටත් හිතුන අරක්කු කාලම එක සැරේ හලාගන්න කොට මොකක් හරි ලොකු දෙයක් ඇති කියල. මෙන්න මගේ ගානෙ තව කාලක්. ඉතින් මකාද වුනේ
මිනිහ : මන් ගෑනි ලඟට ගිහින් කිවුව ' පල යන්න මගේ දැහට නොපෙනි' කියල
බාර් කීපර් : හොඳ වැඩේ. ඉතින් හොඳම යාළුවා ?
මිනිහ : මන් උටත් කිව්වා ' පල කූඩුවට ' කියල

(6)මේක උනේ වාද්දූව පැත්තේ මුහුදට ටිකක් ලං වෙන්න පදිංචි වෙලා උන්නු කොලුවෙක්ට.. නං ගං ඕනි නැහැ.. මේ කොලුවා පොඩි හාද කමක් තිබුණා රටේ මධ්‍යම කොටසට වෙන්න හිටපු කෙලි පොඩ්ඩක් එක්ක.. මේ කෙලිත් මේකට පන ඇරලා.. දැන් වගේ ෆෝන් හෙම නැහැනේ කෙලීගේ ගෙවල් ලඟ යාලුවෙකුගේ නමට ලියමනක් යවලා කෙලීව ගෙන්න ගන්න තීරනය කලා� හෝ ගාන පොකුණ බලන්න යමු කිව්වාම කෙලීත් දුර නොබලා කැමති උනා.

අයියත් මේ වැල්ල ගැන දන්න නිසා කවුරුවත් වැඩිය න
ොයෙන පැත්තක පොල් ගහක් මුල තෝරා ගත්තා නගාත් එක්ක මුහුද බලන්න..
ඉතිං පොකුණ බලන්න ගියා කිව්වට මොකෝ මේ අයියා මේ නංගිට ඉන්න දෙන්නේම නැහැ�

කෙලීගේ වාසනාවට කොලුවගේ අවාසනාවටද මංදා වෙරලාරක්ශක පොලීසියේ කෙනෙක් අවා මේ හරියට.. කොලුවා හදිසි වෙලා නගාව යතා තත්වයට පත් කලා..

පොලිස් කාරයා :- මොකද තමන්ලා මේතන කරන්නේ�?..
කෝ ගන්නවා බලන්න අයිඩෙන්ටිටි කාර්ඩ්ස්
කොලුවා ( හැඳුනුම් පත් දිගු කරමින් ) අපි.. මේ.. මේ.. නංගිට මුහුද පෙන්නන්න ආවා සර්.ර්�

පොලිස් කාරයා :- ආහ්� නංගිට මුහුද පෙන්නන්නද ආවේ.. මට හිතුනේ නංගිට පොල් ගස් නගින්න උගන්නන්න ආවා කියලා..

කොලුවා (පුදුමයෙන් ) ඇ.. ඇයි ස..ර් එහෙම කිව්වේ�

පොලිස් කාරයා :- නෑ මේ නංගිගේ වලල්ල තාමත් කකුල් දෙක මුල� ඒකයි �

(7) මිතුරන් දෙදෙනෙක් දවසක් පිටිසර ගම්බද පැත්තක යද්දී පාලු ලිඳක් දැකගන්නට ලැබිණි....පතුලක් නොපොනෙන ලිඳ කොච්චර ගැඹුරුදැයි බලන්නට ඔවුන් ඉස්සෙල්ලම පොඩි ගලක් එයට විසි කලෝය...සද්දයක් නැත....ඉන්පසු ඊට ටිකක් ලොකු දෙයක් සොයද්දී තරමක් ලොකු ගලක් අසල තිබී එය ලිඳට දැම්මෝය...ඒත් කිසිවක් ඇසුණේ නැත..."මිට වඩා හුඟක් ලොකු දෙයක් ඕන බං...පොඩ්ඩක් බලහන්කො වටපිට"....
එවිට ඔවුන් දැක්කේ අසල තිබු පරණ සිමෙන්ති කණුවකි....දෙදෙනාම
එක්ව බොහොම අමාරුවෙන් එය උස්සන් ගොස් පාලු ලිඳට දැම්මෝය....ටික වෙලාවකින් ඔවුන් පුදුමයෙන් පුදුමයට පත් කරමින් එළු නාම්බෙක් වේගයෙන් දිවවිත් මිතුරන් දෙදෙනා මැද්දෙන් ලිඳට පැන්නේය....
ඉන් ටික වෙලාවකට පසු වයසක මනුස්සයෙක් යමක් සොයමින් ඒ දෙසට පැමිණ ..."මහත්තයල එළුවෙක් එහෙම මේ හරියේ දැක්කේ නැද්ද ?"

"ඔයාගේ එළුවද කියලනං දන්නෙ නෑ...හැබැයි මේ දැන් එළුවෙක් පණකඩාගෙන ඇවිත් මේ ළිඳට පැන්න"....
"නෑ මහත්තයො ඒ මගේ එකා නං වෙන්න බෑ...මම ඌව හොඳ හයිය කඹේකින් මේ හරියෙ සිමෙන්ති කණුවකට ගැටගහලයි තිබ්බෙ"

Last edited by vacx84 on Wed Aug 14, 2019 8:36 am; edited 224 times in total
Back to top
View user's profile Send private message
Dimuthu
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Feb 18, 2011
Posts: 10395
Location: Mamath Hoyanawa

PostPosted: Thu Nov 08, 2012 8:26 am    Post subject: Re: Random JOKES from FB.....

Kollo anthima eke baagayai wetila thiyenne

man meyin samaharak kiywala thiyenawaa, ela Thx share kalaata
_________________
Back to top
View user's profile Send private message Yahoo Messenger
disuru933
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Apr 03, 2012
Posts: 3096
Location: office :D

PostPosted: Thu Nov 08, 2012 8:45 am    Post subject: Re: Random JOKES from FB.....

ela katha tika machan.. Last eke anthima tika adui thamai... oke anthima eka mama dala athi eka nisa awlak na... anith katha tika nam supiri thamai.. Mr. Green
Back to top
View user's profile Send private message Send e-mail
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 9968

PostPosted: Thu Nov 08, 2012 9:01 am    Post subject: Re: Random JOKES from FB.....(UPDATED)

Oon mama post eka EDIT kalaaaaaa

(8) ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්....
..අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක්යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොරවගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු..
.කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්ත
ුවලු

..පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකයවාහනයක්වත් අල්ලගන්න කියල ඔහොම පැයක් විතර ඉන්නකොට ...ඔන්න බොලේ පිඹගෙන එනවලු Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ.

...කරන්න දෙයක් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස් ගාල බ්‍රේක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"

"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටමකොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෝක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....

මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වාකොහෙද මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල ඇද්දුවේ නැතෑ.....

ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."ඕයි ඕයි....වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ...

ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාලඑයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතාකරලා මෙහෙම කියනවලු

" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...

(9) දේශපාලකයෝ දෙදෙනෙක් ඊජිප්තුවේ සංචාරයක් සඳහා ගිය ගමනකදී ලෝක ප්‍රසිද්ධ මමි බලන්නටද ගියෝය. සුදු වෙළුම් පටි රාශියකින් මුළු සිරුරම ඔතා තිබූ මමියක් දෙස විස්මයෙන් මුව අයා බලා සිටි එක් දේශපාලකයෙක් මෙසේ කීවේ ය.

මේ තරම් බැන්ඩේජ් තොගයක් ඔතන්ඩ තරමට මේ ශරීරෙ ඩැමේජ් වෙන්ඩ ඇත්තෙ, අනුමානයක් නැහැ ලොරියක හැප්පිලා වෙන්ඩ ඇති.

තමුසෙ කිව්වා හරියට ම හරි. මේ තියෙන්නෙ ලොරි නොම්මරේ, මෙතන ලියලා, BC 1760 කියල. අනෙක් දේශපාලකයා කීවේ එතැන පුවරුවක සඳහන් සටහන දෙස බලමිනි.

(10) ►►ත්‍රීවීල් රථ රියදුරන් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත►►

(මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න..)

මතක තබාගන්න..

►►මේ පාර ඔබේය.. එය ඔබේමය.. ඔබේ විතරමය..
ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ.
පාරේ සෑම විටම වමෙන් යා යුතු නැත..
අත්‍යාවශයම කාරණයක් හැරුනුකොට අනෙක් සෑම විටම දකුණෙන් යන්න.
මංතීරු 3ක් ඇති මාර්ග වල වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් හෝ මැද මංතීරුවේ ගමන් ගන්න..
මංතීරු 2ක් ඇති මාර්ග වල මංතීරු දෙක මැද්දෙන් ගමන් කරන්න.. මංතීරු මැද ඇති කඩඉර කැපෙන ලෙස ගමන් කරන්න.
විනාඩි 3කට අවම වශයෙන් එක් වරක්වත් නලාව නාද කිරීම අනිවාර්ය වේ.
රථවාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ඉඩ මදි නම් හෝ ඉඩ මදි වගේයැයි ඔබට හැඟෙනවානම් පදිකවේදිකාව උඩින් ගමන් කිරීමට ඔබට සම්පුර්ණ අයිතිය සහ බලතල ඇත.
එහිදී යම්හෙයකින් පදිකයෙක්ගේ ඇඟේ වාහනය වැදී වාහනයට අලාබහානි සිදුවුවහොත් එම පදිකයාට බැනීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.

►► කහ ඉරකදී..
කහ ඉර යනු හුදෙක් මහාමාර්ගය අලංකාර කරනු පිණිස නිර්මාණය කර ඇති දෙයකි..
නමුත් දැන් කාලයේ පදිකයන් එයමතින් පාර මාරු වීමට පුරුදු වී සිටියද, ඔවුන් සඳහා ඔබගේ වාහනය නැවත්වීම අවශ්‍ය නොවේ..
ඔබ හදිස්සියකදීවත් කහ ඉරක් මතින් මිනිසුන් පාර මාරු වෙන අවස්ථාවකට මුහුණදුනහොත් කෙසේ හෝ පදිකයන් අතරින් රිංගා එහා පැත්තට යා යුතුය..

►►රථවාහන කලර් ලයිට්ස් (Colour lights) වලදී,
මාර්ගය හරහා ඇති සුදු පැහැති ඉර පසු කර නවතන්න..
දැන් රතු එලිය වැටී තිබුනද, ඔබ දුර එන විට එම පුවරුවේ කොළ එලිය හෝ කහ එලිය වැටී තිබෙනවා දුටුවා නම් ඔබට ඉදිරියට යා හැක, ඔබ කොළ වැටෙනකම් නවතා සිටීමට අවශ්‍ය නැත..

මංතීරු එකකට වඩා ඇති පාරක ඔබ ගමන් කරන , ඔබට වමට හැරවීමට අවශ්‍යම විටකදී අවශ්‍ය නම් ඔබ වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් පැමිණ වමට හැරවිය යුතුයි..
එසේම දකුණට හරවනවානම් වඩාත් වමෙන් ඇති මන්තීරුවෙන් පැමිණ හැරවිය යුතුයි..
හැරවීමේදී සිග්නල් ලයිට් දැමීම අත්‍යාවශය නොවේ.. එම පුරුද්ද ඔබට කැමති නම් පමණක් කුඩා විනෝදාංශයක් ලෙස කරගෙන් යා හැක.
ඔබගේ වාහනය පාර මැදදී කැඩුනොත් ඔබට එය අලුත්වැඩියා කරගෙන යාම පාර මැදදීම කරගෙන යා හැක..එය පාරෙන් අයිනට කිරීම සිදු නොකළ යුත්තකි..
වන් වේ (one way)යන්නෙහි තේරුම දෙපැත්තටම වාහන ගමන් කල හැකි යන්නෙහි ලතින් භාසාවෙන් තේරුමයි.. එම නිසා එයද සාමාන්‍ය පාරක් ලෙස සිතාගෙන කටයුතු කල හැක.. යම් හෙයකින් කවුරුන් හෝ පාරේ රෝන්ග් සයිඩ් (wrong side) යනවා යැයි බැන වැදුනහොත් පෙරලා අනෙක් පැත්තට බැන වැදීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක...
ඔබගේ ත්‍රීවීල් රථය මෝටර්සයිකලයකට වඩා අගල් 5ක් පමණ පළලින් කුඩා වේ.. එම නිසා විශේෂයෙන් මාර්ග තදබදයකදී එහෙං මෙහෙන් සෑම තැනකින්ම අස්සෙන් රිංගා ඉදිරියට යාමට කටයුතු කරන්න..
නැවතත් හොදින් මතක තබාගන්න.. මේ පාර ඔබේය.. ඔබේම නිවස වැනිය.. එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක..

Last edited by vacx84 on Thu Nov 15, 2012 8:02 pm; edited 1 time in total
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 9968

PostPosted: Thu Nov 15, 2012 7:55 pm    Post subject: Re: Random JOKES from FB.....

තුම්මුල්ලෙන් තර්ස්ටන් පාරට හරවපු බස් එක බ්‍රිජට් කොන්වන්ට් එක ලඟට ඇවිත් නැවත්තුවා .
දැන් අරුන් දෙන්නගේ කථාව අල්ලපු බස් එකටත් ඇහෙනවා .....
" අම්මට සිරි මේ මොකද්ද බං මේ බිල්ඩින් එක " ඉස්සරහා සීට් එකේ හිටපු එක කොල්ලෙක් අනිකගෙන් ඇහුවේ බ්‍රිජට් එක ඉස්සරහම තියෙන ලො‍කුම ලොකු ගොඩ නැගිල්ල අනිකට පෙන්න ගමන් .
" ඒ නෙළුම් පොකුණනේ බං ..... ඇයි උඹ ටීවි එකේ දැකලා නැද්ද " ඒ අනිකා.
" අම්මට සිරි ....... එහෙමද !!!! "
" හ්ම් හ්ම් ..............."
" මං හිතුවේ ඒක තියෙන්නේ හම්බන්තොට කියලා බං "
" පිස්සුද !!!!! ඔය තියෙන්නේ ඒක තමයි "
" සිරා නේ බං.................... නෙළුම් පොකුණ ........ එතකොට ඔය බිල්ඩින් එකේ නම මොකද්ද බං .... එකටත් නමක් ඇතිනේ . "
" මොකා........" අනිකා මොල් වෙලා ගියා .
" මුන් හරක්නේ බං .... මෙච්චර තඩි බ්ල්ඩිමක් ගහලා පොකුණට විතරක් නම දාලා.................."

හන්දියෙ තියෙන ෆාමසිය දාලා දැං අවුරුදු දහයක්වත් වෙනවා. පස්සෙ කාලෙක ඕක දියුණු වෙලා ඔය මෙඩිකල් ටෙස්ට් එහෙමත් කරන්න ගත්තා. ඔය ෆාමසියෙ සිද්ධ වෙච්ච දෙයක් තමයි මං අද කියන්න යන්නේ. චූටි කතාවක්.
ඔන්න එක දවසක් වයසක මහත්තයෙක් එනවලු ෆාමසියට. ඇවිල්ලා කිසි කතාවක් බහක් නැතුව පොඩි කුප්පයක් තිබ්බා ලු කවුන්ටරෙන්. තේ හැන්දකුත් එලියට අරගෙන, අර කුප්පියෙන් පොඩ්ඩක් දාල ෆාමසියෙ හිටපු කෙල්ලට කිවුවලු, දුවේ, පොඩ්ඩක් මේකෙ රහ බලනවද? කියල.
කෙල්ලත් අරගෙන රහ බැලුවලු. අර මනුස්සයා ඇහුවලු, දුවේ, ඕක පැණි රහයිද? කියලා. නෑ අංකල්, මේකෙන් පැණි රහක් නං එන්නෙ නෑ කියල කෙල්ල කිවුවලු.
හපොයි දෙයියංගෙ පිහිටයි එහෙනං, වයසක පොර කියනවලු. දොස්තර මහත්තයා කිවුවා මට මෙතනට ඇවිත් සීනි තියෙද කියල බලාගන්න කියල.
Back to top
View user's profile Send private message
handaya
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Mar 27, 2011
Posts: 3041

PostPosted: Thu Nov 15, 2012 8:35 pm    Post subject: Re: Random JOKES from FB.....

Hiks Very Happy
Back to top
View user's profile Send private message
damii87
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Jul 18, 2012
Posts: 731
Location: Hindiwi Kothenaka Ho......

PostPosted: Thu Nov 15, 2012 9:07 pm    Post subject: Re: Random JOKES from FB.....

aaa,maru joke tikak thiyenne bro,thanks share kalata.ma gawath tikak thiyenawa.mama mekatama daannada?
_________________
<img></a>
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 9968

PostPosted: Thu Nov 15, 2012 9:16 pm    Post subject: Re: Random JOKES from FB.....

Ela kiri dapan ban Damiyo...
Back to top
View user's profile Send private message
craj
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Nov 18, 2011
Posts: 786
Location: panadura

PostPosted: Thu Nov 15, 2012 9:19 pm    Post subject: Re: Random JOKES from FB.....

niyamaaaaay..... Laughing Laughing Laughing Laughing
Back to top
View user's profile Send private message
nelum
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Nov 17, 2010
Posts: 3447

PostPosted: Fri Nov 16, 2012 12:22 am    Post subject: Re: Random JOKES from FB.....

Laughing Laughing Laughing
_________________
<a><img></a>
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 9968

PostPosted: Fri Nov 16, 2012 8:52 am    Post subject: Re: Random JOKES from FB.....(Updated 16/11/2012)

මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නිසා කාලයක් දෙන්නා එක පන්තියෙ ඉගෙන ගත්තනෙ. ඒ කාලෙ හැදිච්ච යාළුකම දිගටම තිබුණලු. ඒ නිසා සනා තමයි උනන්දු වෙලා මගුල් හොයලා සරාව මනමාලියො බලන්න එක්කන් ගිහින් තියෙන්නෙ. මේ කතාවට අදාළ සිද්දිය වෙලා තියෙන්නෙත් එහෙම ගිය එක්තාරා ගමනකදිලු.

මනමාලි ගේ ඇතුළේ සූදානම් වෙන අතරෙ සරයි සනයි මනමාලිගෙ තාත්තා එක්ක චැටක් දාගෙන ඉන්නවලු.

ඔය වෙලාවෙ සරාට ආවලු පොඩි කැස්සක්. ඒ කැස්ස මූලික කරගෙන තිදෙනා අතර ඇති වුනාලු මෙන්න මෙහෙම කතාබහක්.

මනමාලිගෙ පියා මනමාල මහත්තයට ටිකක් කැස්ස වගේ නේද?

සරා ඉතිං හිනාවක් දාලා නිකං හිටියලු. සනා එකපාරටම මැද්දට පැනලා කියනවලු

සනා නෑ ඉතිං අපේ සරාටඑහෙමකට කියන්න ලෙඩක් දුකක් හැදෙන්නෑ ලේසියෙන්. ඔය පහුගිය දවස් ටිකේ සිගරට් බීලා

මනමාලිගෙ පියා මේ ළමයා නිතරම සිගරට් බොනවද?

සරා නෑ එහෙම්මම නෑ

සනා ආයිමත් කට පියාගෙන ඉන්න බැරිව පැන්නලු මැද්දට.

සනා අපෝ නෑ. සිගරට් බොන්නෙම නැති තරං. ඔය ඉඳලා හිටලා අඩියක් ගහන දවසට විතරනේ සිගරට් බොන්නෙ..

ඒ පාරනං මනමාලිගෙ තාත්තාට ටිකක් අප්සට් ගියාලු. බේබද්දෙක්ද දන්නෑනේ. කොයි එකටත් අහලම දැනගන්න එකනෙ හොඳ කියලා මනමාලිගෙ තාත්තා ඇහුවලු

මනමාලිගෙ පියා ඔය කිව්වට ඉතිං බේබද්දෙක් වාගෙ බොන්නැතුව ඇතිනේ

සරා නෑ.. නෑ ඉඳලා හිටලා.

පුරුදු විදියට සනා එතනත් මැද්දට පැන්නා.

සනා අපෝ මෙයා අඩියක් ගහන්නෙ බොහොම කලාතුරකින්. කොටින්ම කියනවනං ගංජා ටිකක් හොයාගන්නම නැති දවසක තමයි මෙයා අඩියක් ගහන්නෙ.

දැන් මනමාලිගෙ තාත්තාට ටික ටික මල පැනගෙනලු එන්නෙ.

මනමාලිගෙ පියා ඒ කියන්නෙ? මේ යකා ගංජාකාරයෙක්ද?

සරාට දැන් සනාව කන්න කේන්තියිලු. මෙච්චර අල වෙලා තියෙද්දිවත් කට පියාගෙන හිටපං. මූ ආයෙ කියනවලු

සනා නෑනෑ අංකල්. කලබල වෙන්න දෙයක් නෑ. ඔය රෑකට සල්ලි ටිකක් වියදං කරලා ගෑණු පරාණයක් හොයාගෙන ආතල් එකක් ගන්න යනකොට තමයි ගංජා ටිකක් ගහලා යන්නෙ. ඔය ගංජා හොඳයි කියනවනේ ඔය වැඩේට. මංදන්නෑ ඉතිං මෙයා තමයි කියන්නෙ

සරා ලොවෙත් නෑ. පුළුවන්නම් සනාව එතනම බාවන සයිස් එකට මල. මනමාලිගෙ තාත්තාට ඊටත් වැඩිය ඔරොප්පු.

මනමාලිගෙ පියා දැන් තමුසෙලා හිතාගෙන ඉන්නෙ මං මේ වගේ බඩුකාරයෙකුට මගේ දුවව දෙන්න කැමති වෙයි කියලද?

ඒ ටික ඇහුනා විතරයි සරාට මල ඩබල් වුනාලු. නැගිට්ටලු ඉඳන් හිටපු පුටුවෙන්. ඇදලා ගත්තලු මනමාලිගෙ තාත්තාගෙ කොලර් එකෙන්.

සරා යකො අන්කල් නිකං බඩුකාරයා බඩුකාරයා කියාගෙන එන්න එපා හරිද. කොල්ලෙක් හොයාගන්නම බැරි වෙච්ච දවසට විතරයි මම ඔය ජරා සබ්ජෙක්ට් එකට බහින්නෙ. අන්න ඒක මතක තියාගනිං. වරෙන් සනා යන්න.

Last edited by vacx84 on Fri Nov 16, 2012 9:01 am; edited 1 time in total
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6404
Location: Gampaha

PostPosted: Fri Nov 16, 2012 8:55 am    Post subject: Re: Random JOKES from FB.....

mruma katha tika.mamath yanna one sini balanna Very Happy Wink
Back to top
View user's profile Send private message Send e-mail
damii87
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Jul 18, 2012
Posts: 731
Location: Hindiwi Kothenaka Ho......

PostPosted: Fri Nov 16, 2012 9:07 am    Post subject:

කාලෙකට පස්සේ යාලුවෝ දෙන්නෙක් හම්බවුනා.

A ට තිබුන හරියට කතාකරගන්න බැරි ලෙඩක්.

B ඇහැව්වා කොහොමද තොරතුරු කියල.

A කියනවා බොහොම හෙමින් " බො...හො....ම හො....ඳ....යි..."

B " ඔයාට දැන් කතා කරන්න පුළුවන්නේ "

A " ම.....ම දො....ස්....ත....ර කෙ...නෙ...ක් හ...මු...වු...ණා. එ...යා කි...ව්...වා හෙ...මි...න් ක...තා ක...ර....න්...න එ...ත...කො...ට හ...රි...ය...යි කි...ය...ල "

A " ඉතින් කොහොමද කසාද එහෙම බැඳලද "

B " ඔ...න්...න මෙ...න්...න ඉ...ඳ...ල ගැ...ස්.....සු....නා "

A " ඔවු බන් දැන් ඉන්න කෙල්ලෝ එක විදිහක් "

B " ම...ගේ වැ...රැ...ද්...ද. ද...ව...ස...ක් ඒ...ගො...ල්...ල...න්...ගේ ගෙ...ද...ර ඉ...ස්...තෝ...ප්...පු...වේ ඉ...ඳ...ගෙ...න ක...තා ක..ර ඉ...න්...න...කො...ට ගෙ...ද...ර බ...ල්...ලා උ...ගේ පි...ට ක..ස ක..ස ඉ...න්....න....වා. ම...ම කි...ව්....වා බැ...න්...ද...ට ප...ස්...සේ ඔ...ය....ත් ඒ...ක ම...ට ක...ර...න්...න කි...යල.

A " ඉතින් "

B " ම...ම කො...ච්...ච...ර වෙ...ලා...ව...ක් ග...ත්...ත...ද ඒ...ක කි...ය...න්...න කි...වු...වො...ත් කි...ය...ල ඉ...ව...ර...වෙ...ලා එ...යා බ...ල්...ලා දි...හා බ....ල....න...කො...ට ඌ උ...ගේ ඇ...* දෙ...* ලෙ...ව...ක...න...
වා !!!! "

_________________
<img></a>
Back to top
View user's profile Send private message
damii87
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Jul 18, 2012
Posts: 731
Location: Hindiwi Kothenaka Ho......

PostPosted: Fri Nov 16, 2012 9:09 am    Post subject:

තරුණයින් දෙදෙනෙක් ගමනක් යනවිට තරුණියක් ගඟට පනින්නට ලැස්ති වෙනවා දැක්කා.

තරුණයෙක් වහාම දිවගොස් ඇයව නවත්වා " ඔය මොනවද කරන්න යන්නේ ?"

ඇය " මම ගඟට පැනල මැරෙන්න යන්නේ "

ඔහු තම මිතුරා සමග කොඳුරා පසුව ඇයට " එහෙනම් මට KISS එකක් දීල ඉන්න පනින්න කලින් "

ඇය කැමති උනා.

දැන් දෙන්නම තදේට kiss කරනවා.

මිනිත්තු 3 ක් පමණ මෙසේ kiss කරලා තරුණයා කියනවා " වාවු ! ඒ වගේ කිස් එකක්නම් ජීවිතේට හම්බවෙලා නැහැ කාගෙන්වත්. ඔයාට පුළුවන් කත එක්ක හරි හොඳ සතුටින් ජීවත් වෙන්න. ඇයි මේ මේ මැරෙන්න යන්නේ ? "

" අපේ අම්මයි තාත්තයි කැමති නැහැ මන් මේවගේ ගෑනු ඇඳුම් ඇඳගෙන ඉන්නවට "

_________________
<img></a>
Back to top
View user's profile Send private message
damii87
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Jul 18, 2012
Posts: 731
Location: Hindiwi Kothenaka Ho......

PostPosted: Fri Nov 16, 2012 9:15 am    Post subject:

මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ, මත් වතුර බෝතල් වලට නොව, බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල බුලියේ, තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් 2000 කොල පිරී තිබුනේය.

"යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය.

"ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති."

"හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ."

"මෙහෙමයි මහත්තයා, අපේ තියෙනවා බෙට් එකක්, ඒකට තරඟ තුනක් තියෙනවා, ඒ තරඟ තුනම ජය ගත්තොත්, අපි ඕනම කෙනෙක්ට, ඒ තියෙන සල්ලියි, අළුත්ම කාරෙකකුත්, දෙනවා ගෙදර යන්න."

"හරි මොකක්ද ඔට්ටුව.....?"

"එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු. 2000 දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ" "ආ මෙන්න 2000... දැන් ඉතින් කියනවකෝ.". බාර්මන් 2000 අරගෙන බුලියට දැම්මා.

"පළවෙනි එක තමයි, ගල් බෝතලයක් නීට්ම, කටේ තියාගෙන, විනාඩියක් ඇතුලත බොන්න ඕන. හැබයි වමනේ දාන්න, කාරලා කෙල ගහන්න. මුකුත්ම කරන්න බෑ"

"දෙවනි එක තමයි... බාර් එක පිටිපස්සෙ ඉන්නවා පට්ටි ගොනෙක්, ඌගේ දතක් නරක් වෙලා තියෙන්නේ. ඒ දත ගලවන්න ඕන. හැබයි අත් දෙක විතරක් පාවිච්ව් කරලා. බය වෙන්න දෙයක් නෑ ඌ හොඳට ගැට ගහලා තියෙන්නේ.."

"එතකොට තුන තමයි...., ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 80 ක තාමත් කෙල්ල මොකෝ එයා කවදාවත් පිරිමියෙක් එක්ක නිදාගෙන නෑ. ඉතින් එයාගේ කන්‍යාබාවය නැති කරලා, එයාව සතුටු කරන්න ඕන".

"හහ්..... තමුසෙ හිතුවද මම මෝඩයෙක් කියලා... ? අරක්කු බෝතලයක් බොන්න,,, ඔච්චර පරිප්පුවක් කාලා... මෙන්න මේ මට දෙනවා ඩී ඩී 100 ක්..."

"ආ... ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි මහත්තයා... අරක ඉතින් බෙට් එකනේ"

පැයක් විතර යන කොට මහත්තය 100 ඒවා තව කීපයක් ඕඩර් කලා. ටික වෙලාවකින්, පොර කවුන්ටරේට ආවා.

"හරි.... කෝ... ගන්නවා තමුසෙගේ ගල් බෝතලේ," බාර් එකේ ඔක්කෝම වට උනා.. පොර ගත්තා අත් දෙකෙන්ම බෝතලේ, කඳුළු පෙරාගෙන බීගෙන බීගෙන ගියා. ඒත් කෑරූවේවත්, වමනේ දැම්මෙත් නෑ. වෙලාව තත්පර 58 යි. ඊළඟට පොර ගියා බාර් එකේ පිටිපස්සට, ගොනෙකුගේ විලාප හඬත්, මිනිසෙකුගේ කෑ ගැහිල්ලත්, මුසුවු දරුණු ගැටුමක සද්දයක් බාර් එකේ ඇතුලේ හිටපු කස්ටියට ඇහුනා. විනාඩි 10 කට විතර පස්සේ පුදුම නිශ්ශබ්දතාවයක් ආවා. මීට කලින්, එකෙකුට දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත සිඳුවීම, අදත් සිඳුවූ බව වටහාගත් අනෙක් කස්ටිය තමන් උන්නු තැන් වලට ගියා බොහොම දුකෙන්....

එහෙම ගියා විතරයි... මෙන්න මහත්තයා එනවා, ඇඳුම් ඉරාගෙන, ගොම ගාගෙන, ලේ පෙරාගෙන, තුවාලත් එක්ක, කලිසමේ සිප් එකත් උස්ස උස්ස වැනී වැනී

ආ.... තමුෂෙලා..... දැන්........ මට..... කී........න.....වා............
අර්........ර.... දත ගල.........වන්.......න ඕන ගෑනී......
ඉන්නේ කොහේ........ද.......... කී........ලා.........

අති විශේෂ (ගල්) - ට්යුබ් ලයිට් නම්, හෙමීට ආයෙත්කියවන්න......

_________________
<img></a>
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Humor All times are GMT + 5.5 Hours
Goto page 1, 2, 3 ... 93, 94, 95  Next
Page 1 of 95

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group