Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community


Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites






Keep SLU Alive



Live Radio
Selected station:
No choice made yet



<a href=''>Play No choice made yet</a>

PopUp


Network

Birthdays

Birthdays today:
22.3: darshana
22.3: J.K.MANOJ KRISHANTHA
22.3: Akash ruvinda


Enter your Birthday


Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35
SL-Unlimited :: View topic - Ape Rata wata-Kelani Gan Modara (P:11)
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Ape Rata wata-Kelani Gan Modara (P:11)
Goto page Previous  1, 2, 3, 4 ... 9, 10, 11  Next
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka
View previous topic :: View next topic  
Author Message
Janakakus
Executive Member
Executive Member


Joined: Dec 09, 2010
Posts: 21972

PostPosted: Mon Mar 28, 2011 11:51 pm    Post subject: Re:

godak vatinava aththamai kiyanne

godak godak sthuthi.

Smile Smile Smile Smile


_________________
Back to top
View user's profile Send private message
kaac11
UNLIMITED Welcome
UNLIMITED Welcome


Joined: Dec 06, 2007
Posts: 170

PostPosted: Fri Apr 01, 2011 1:37 am    Post subject: Re:

ela
Back to top
View user's profile Send private message
elife
Executive Member
Executive Member


Joined: Dec 04, 2010
Posts: 7341
Location: Ira Hada Yata

PostPosted: Fri Apr 01, 2011 2:06 am    Post subject: Re:

Shocked Shocked mama me thread eka dakke dan ne
mamath nodanna dewal godaak dana gaththa

sthuthiii chajee ayya
_________________
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Sun Apr 03, 2011 7:53 am    Post subject: Dakuna Negenahira ya karana Kumana

දකුණ සහ නැගෙනහිර යාකරන
කුඹුක්‌කන්ඔය මෝදර
(කුමන)




අද අපි කඳවුරු බඳින්නෙ අති රමණීය පරිසරයක, මේ තමයි කුඹුක්‌කන් ඔය මෝදර. යාල වනෝද්‍යානයත් කුමන වනෝද්‍යානයක්‌ වෙන් කරන මේ මෝදරින්ම තමයි දකුණු පළාතත් නැගෙනහිර පළාතත් වෙන්වෙන්නෙ. යාල වනෝද්‍යානය හරහා ආපු දුෂ්කර ගමන නිමාකරල අපි දැන් ඔයෙන් එගොඩවෙලා අද මේ සුන්දර වෙරළ තීරයේ රාත්‍රිය ගත කරනවා.

එංගල්බ්‍රෙච්ට්‌



මේ කතාව අදාළ වෙන්නෙ යාල වනෝද්‍යානයට. එංගල්බ්‍රෙච්ට්‌ කියන්නෙ යාල වන රක්‍ෂිතයට මුලින්ම පත්ව ආ පාලකයා. යටත් විජිත සමයේ දී යාල වනය හා අවට ප්‍රදේශය තිබුණෙ වන සත්ව දඩබිමක්‌ විදියට. හම්බන්තොට ස්‌ථනාගත වෙලා හිටපු සුදු ජාතිකයන් නිතර මෙහි ඇවිත් සතුන් දඩයම් කළා. ඒත් 1900 දී එකල මෙහි සිටි ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයා යාල අභය භූමියක්‌ බවට පත්කළා. ඒත් බලපත්‍ර ගත් අය මෙහි දඩයමට ආවා. නමුත් 1907 දී එය පූර්ණ අභය භූමියක්‌ බවට පත්වුණේ යාලට පාලකයකුද පත්කරමින්. මේ පාලකවරයා තමයි එංගල් බ්‍රෙච්ට්‌. ඔහු 1928 දී මිය යනතුරුම එහි පාලකයා වී සිටියා. එහෙත්a යාල ජාතික උද්‍යානයක්‌ වුණේ 1938 දී.

එංගල්ස්‌බ්‍රෙච්ට්‌ බෝයර් ජාතිකයෙක්‌. දකුණු අප්‍රිකාවේ විසූ ඕලන්ද පරපුර තමයි මේ බෝයර්වරු කියල කිව්වෙ. මන්ද, බෝයර් යනු ඕලන්දයේම පළාතක්‌ නිසා. 1889 -1902 දක්‌වා කාලයේදී මේ (අප්‍රිකානු) බෝයර්වරුන් හා මහා බ්‍රිතාන්‍ය අතර ඇති වූ බෝයර් යුද්ධය අවසානයේදී අල්ලාගත් සිරකරුවන් 5000 ක්‌ දෙනා එකල ලංකාවට ගෙනාවාලු. මොවුන් අතරින් පසුව බ්‍රිතාන්‍ය රජුටත් රජකමටත් පක්‍ෂපාතී බවට ප්‍රතිඥදුන් සිරකරුවන් ආපසු අප්‍රිකාවට යවල තිsයෙනවා. එහෙත් එය ප්‍රතික්‍ෂේප කළ පස්‌ දෙනකු අතර හිටිය එච්. ඊ. එංගල්බ්‍රෙච්ට්‌ කුලීකරුවකු ලෙස රජයෙන් ලැබෙන සුළු දීමනාවක්‌ සමඟ හම්බන්තොට ජීවත්වන අතරතුරදී තමයි එකල ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකවරු ඔහු යාල අභයභූමියේ පාලකයා ලෙස පත්කර ඇත්තේ. එකල හම්බන්තොට (යාල අයත්) දිසාපතිවරයා වූ ලෙනාඩ් වුල්ෆ් සඳහන් කර ඇත්තේ ඔහු ලෝකයේ සිටි මුරණ්‌ඩුම මිනිසුන්ගෙන් කෙනකු ලෙසයි.



කෙසේ හෝ යාල පාලකවරයා ලෙස කටයුතු කළ හේ, දෙවන ලෝක යුද සමයේදී කිරින්දට පැමිණි "එම්ඩන්" නමැති නැවට මස්‌ සැපයූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත්වුණා. මාස තුනක්‌ නිරුවතින් (සිර ඇඳුම් ඇඳීම ප්‍රතික්‍ෂේප කළ නිසා) මහනුවර රඳවා තිබූ බ්‍රෙච්ට්‌ යළිත් නිදහස්‌ කර යාල පාලකයා වශයෙන් පත් කළත්, යාලදී රෝගාතුරවී 1928 මාර්තු 25 වැනිදා හම්බන්තොට රෝහලට රැගෙන යන අතරතුර මහමගදී මිය ගියා. ඔහුගේ සිරුර හම්බන්තොට සුසානයේ භූමදානය කළ අතර එහි තැනූ සොහොන් කොත අදත් සුසාන භූමියේ දකින්නට පුළුවන්.


මැණික්‌ ගඟ / යාල



මේ එන ගමනෙදී අපි මැණික්‌ ගඟ තරණය කළා. යාල කලාප අංක එකත්, දෙකත් වෙන්කරන්නෙ මේ මැණික්‌ ගඟෙන්. නමුණු කුල පෙදෙසින් පටන් ගන්නා මැණික්‌ ගඟ කිලෝමීටර් 114 ක්‌ දුර ගෙවා ගෙන ඇවිත් යාලදී මුහුද සිප ගන්නවා.

මීට කලින් අපි කඳවුරු බැන්දෙ යාල කලාප අංක දෙකේ මුහුදු ඉම පිහිටි මිනිහා ගල්කන්දේ. එතැනින් නික්‌මිලා අපි ආයිමත් එකතුවුණේ කුඹුක්‌කන් ඔය හරහා කුමනට යන ජීප් රථ, මාර්ගයට. ගජබාව, පිළින්නාව, පහළ පොත්තන පසුකර තමයි කුඹුක්‌කන් ඔයට ළඟා වෙන්නට තියෙන්නෙ. මහ කැලෑව නැතිවුණත් තැනිතලා ළඳු කැලෑව අතරින් ඇදෙන මේ මාර්ගය වළ ගොඩැලි සහිත දුෂ්කර වූ එකක්‌. තැන තැන කළපු වැලිකඳු යනාදියත් පිහිටල තියෙනවා. පහළ පොත්තන මේ අතරින් විශේෂිත තැනක්‌. මේ මාර්ගයේ ගමන් ගන්නා කොයි කවුරුත් යන්න අමතක නොකරන තැනක්‌ තමයි මේ පහළ පොත්තන. ඒකට හේතුව මෙතන තමයි මිරිදිය සහිත කුඩා ළිං තුනක්‌ හමුවන තැන. කාලෙකදි කර්කෂවෙලා කාන්තාරයක්‌ බවට පත්වෙන යාල කලාප අංක දෙකට වතුර බිඳක්‌ ගැන බලාපොරොත්තුවක්‌ දෙන්නෙ මේ පහළ පොත්තනෙන්. ඒ නිසා වතුර බිව්වෙ නැතත් මේ ළිං බලන්න කවුරුත් එහි යන්න කැමතියි. අපිත් එහි ගියේ ඒ නිසාමයි. අපේ ගමනේ තාවකාලික නැවතුම්පළක්‌ ලෙසත් අපි මේ තැන යොදා ගත්තා. කාලෙකදි නැගෙනහිර පළාතෙ ඉඳන් කුමන-යාල හරහා කතරගම පැමිණෙන හින්දු බැතිමතුන්ගේ වැදගත් නැවතුම්පළක්‌ ලෙස පහළ පොත්තන ප්‍රකටයි. මෙහි නතර වෙන දෙතුන් සියයක්‌ වන ඔවුන් කෑම පිස, නා-කියාගෙන තමයි ඊළඟ නවාතැන්පළට යන්නෙ.

පහළ පොත්තනෙන් නික්‌මුණු අපි මීළඟට කුඹුක්‌කන් ඔය බලා එක හැල්මේ ඇදුණා. පසුගිය ටිකේ ගංවතුර මේ පළාතට ගැලුවත් දැන් පවතින පෑවිල්ලට ආයිමත් කුඹුක්‌කන් ඔයේ වතුර පාර සැරේට අඩුවෙලා. වනජීවි දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක්‌ ගත්ත අපි අපගේ ජීප් රථ දෙකකින් කුඹුක්‌කන් ඔය තරණය කළේ ප්‍රදේශයේ පවතින හුදෙකලාව මැදින්. තරමක්‌ වියළී ගිය ඔය මැදින් ගලායන ජලකඳ දෙබෑකරගෙන අපේ ජීප් රථ කුඹුක්‌කන් ඔයෙන් එගොඩ වුණේ දකුණු පළාතට ආයුබෝවන් කියමින්. දැන් ඉතින් අපි අම්පාර දිස්‌ත්‍රික්‌කයට ඇතුළුවෙලා. ඒ කියන්නෙ නැගෙනහිර පළාත. ඔයෙන් දෙපැත්තම එකම වනගහනය. එහෙත් මේ තමයි කුමන නොහොත් යාල නැගෙනහිර වනෝද්‍යානය. කලින් දැනුම් දීල පැමිණි නිසා කුමන වනෝද්‍යාන නිලධාරීන් අපව බලාපොරොත්තුව ඉන්නවා.

අපි ඔයෙන් එගොඩ වුණේ මඩමෙතොට කියන තැනින්. ඊට මඳක්‌ එහායින් තියෙන්නෙ. ''ඇද කුඹුක'' කඳවුරු බිම. ඔයෙන් එගොඩ වුණු අපි මඩමෙතොට තියෙන කුඩා දේවාලය ගාවට ගියා. දැන්නම් එතැන හරිම පාළුයි. කතරගම දේව මංගල්ලය කාලෙට මෙතැන ඉතින් හරිම ජනාකීර්ණ තැනක්‌. මීට කලින් ඒ අත්දැකීමත් අපි හොඳට විඳල තියෙනවා.

පානම ඕකන්ද දේවාලය ළඟින් පාද යාත්‍රාව (කතරගමට පාද චාරිකාව) පටන් ගන්නා බැතිමතුන්ගෙන් පළමු නවාතැන තමයි මේ මඩමෙතොට. ඒ වගේ දින 3-5 කින් තමයි ඔවුන් කතරගමට ළඟා වෙන්නෙ.



මඩමෙතොට පසුකරගෙන අපේ ජීප්රථ ඉදිරියට ඇදෙනවා. තවත් මොහොතකින් අපට හමුවන්නෙ පැරණි කුමන ගම්මානය. මේ වනාන්තරය වනෝද්‍යානයක්‌ බවට පත්වීමත් එකල ත්‍රස්‌තවාදී තර්ජනයත් හේතුවෙන් කුමන වැසියන් මෙහෙන් අයින් වුණා. 1818 වෙල්ලස්‌ස කැරැල්ලෙන් පසුබැස්‌ස සිංහලයන්ගෙන් තමයි මේ ගම්මානය හැදිල තිබුණෙ. ඒත් දැන් කුමන තියෙන්නෙ ඒ ගමේ නටබුන් විතරයි. ගෙවල්වල අත්තිවාරම්. පාසල් ගොඩනැඟිල්ලෙ ඉතිරි කොටසක්‌, ඉණිවැටවල් වගේම ගමේ පොල්වගාවත්, කුමන වැසියන්ට ගොවිතැන් බත් කරන්න උදව් වූ කුමන වැවත් තාමත් උද්‍යානය ඇතුළත තියෙනවා. මේ හැඟුම්බර සංවේගාත්මක දසුනත් දැක බලාගෙන මීළඟට අපි ළඟා වුණේ කුමන විල්ලුව වෙත. මේ තමයි කුමන කුරුලු පාරාදීසයක්‌ හැටියට ලොව ප්‍රකට කළ පරිසර පද්ධතිය. කුමන විල්ලුව මැද කඩොලාන ශාක ගොමුව ජලජ කුරුල්ලන්ට කදිම නවාතැනක්‌ සපයනවා. කුරුල්ලන්ගේ නදින් ප්‍රබෝධමත් වූ, කුරුල්ලන්ගේ රුවින් ඒකාලෝක වූ මේ කුමන විල්ලුව මේ උද්‍යානයේ අද්විතීය බව අපට පසක්‌ කරනවා.


කුඹුක්‌කන්ඔය

කිලෝමීටර් 116 ක්‌ දුර ගෙවාගෙන ගිනිකොණ දිග වෙරළතදී සයුර සිපගන්නා කුඹුක්‌කන් ඔය පටන් ගන්නෙ මධ්‍ය කඳුකරයේ බදුල්ල ලුණුගල ප්‍රදේශයෙන්. ඌව තැනිතලාව ඔස්‌සේ පැමිණ මොනරාගල ඔක්‌කම්පිටිය ප්‍රදේශයෙන් කුමන වන උයනට ඇතුළුවෙන මේ රූ රාජිනිය වනවදුලු පමණක්‌ නොව සිය ගණනක්‌ වූ සත්ව වර්ගයාගේ පිපාසය සංසිඳුවා අප සිටින මේ සුන්දර වෙරළබඩින් සයුරට එක්‌වෙනවා.

අප රටේ ඇති ප්‍රධානතම හා ප්‍රකටම වන උයනක්‌ වන කුමන, කුරුලු පාරාදීසයක්‌ ලෙසයි ප්‍රකටව ඇත්තේ. එහෙත් සමස්‌තයක්‌ සේ ගත්විට මෙයත් වනබද වන උයනක්‌. 1941 දී අන්තර් කලාපයක්‌ ලෙස නම්කර ඇති කුමන 1969 දී ජාතික උද්‍යානයක්‌ බවට පත්වුණා. අවසන් වරට 2006 වසරේදී ප්‍රකාශිත මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 35664 ක්‌. ලංකාවේ සිවුවැනි වන උයන කුමනයි. කුරුල්ලන් හා අලි ඇතුන් සඳහාද, කොටියන් වළසුන් හා කුළුහරක්‌ සඳහාද කුමන ප්‍රකටයි.

කුමන (යාල නැගෙනහිර) වන උයන




විල්ලුවට මඳක්‌ ඉදිරියෙන් ජීප් රථ මාර්ග දෙකක්‌ අපට හමුවෙනවා. වම්පස මාර්ගය දිවෙන්නේ උද්‍යානයේ ප්‍රධාන පිවිසුම හරහා ඕකන්ද දේවාලය ඔස්‌සේ පානම දෙසට. දකුණු පස මාර්ගය මුහුද අයිනට නැත්නම් කුඹුක්‌කන්ඔය මෝය කටට. අපි මේ මාර්ගය තෝර ගත්තේ අපගේ අද රාත්‍රී නවාතැන මේ මෝය කට හින්ද. අතිරමණීය මේ පරිසරයට අපි ළඟා වුණේ තවත් මිනිත්තු කිහිපයකින් පසුව. හිරු බැස යන සැඳෑවේ අපේ කඳවුරු බිම අපි එනතුරු බලාගෙන ඉන්නවා. ඒ යන ගමනේදී හස්‌තිරාජයන් දෙතුන් දෙනෙක්‌ අපිට හමුවුණා. තිත්මුවන්, වලිකුකුළන්, මොණරුන් වගේම නෙක විසිතුරු කුරුල්ලන්ද ඒ අතර හිටියා.

මඳ වේලාවකින් අපේ කඳවුරු බිම සූදානම් වුණා. පැත්තකින් කුඹුක්‌කන් ඔය, තවත් පැත්තකින් මහා සාගරය. සාගරය පෙනෙන මානයට ඇවිත් කුඹුක්‌කන්ඔය සාගරයට නොගොස්‌ තවත් කිලෝමීටරයක්‌ විතර මුහුදට සමාන්තරව ගිහිං තමයි මුහුද සිපගන්නෙ. මේ වැලි වැටිය උඩ අපි ගිනි මැලයකට දරගොඩ ගැහුවෙ කුඹුක්‌කන් මෝයෙ ඕසෙට තිබුණු වියළි දර කොටන් ගෙනැල්ල. නොදැනීම රෑ බෝ වුණා. ගිනිමැලය වට කොට එළිවෙනතුරු ගෙවුණු කඳවුරු දිවිය ගැන මීට වඩා කොහොම විස්‌තර කියන්නද?

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තූතිය - වනජීවී අධ්‍යක්‍ෂ චන්ද්‍රවංශ පතිරාජ, මෙහෙයුම් අධ්‍යක්‍ෂ රත්නායක, ප්‍රචාරක නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර උද්‍යාන පාලක සුරංග යන මහත්වරුන්ට


Source : Divaina 2011/04/03
Back to top
View user's profile Send private message
jetta
UNLIMITED Pride
UNLIMITED Pride


Joined: Jul 01, 2008
Posts: 1237
Location: Searching..

PostPosted: Tue May 17, 2011 5:42 pm    Post subject: Re:

godak hoda lipiyak. stuti apith ekka beda gattata
Back to top
View user's profile Send private message
priyangaj
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: May 08, 2011
Posts: 3550

PostPosted: Fri May 20, 2011 7:40 pm    Post subject: Re:

Very Happy Very Happy tnx for sharing with us ...
Back to top
View user's profile Send private message
nely
Executive Member
Executive Member


Joined: Jan 10, 2011
Posts: 7319

PostPosted: Fri May 20, 2011 10:54 pm    Post subject: Re:

Harima wadagath thoraturu thiyena lipi pelak.
Apith ekka beda gattata bohoma istuti
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Mon May 23, 2011 12:08 am    Post subject:

සංචාරක රජදහන
ආරුගම් බොක්‌ක




කුඹුක්‌කන්ඔය මෝදරේ ගත කළ ඒ ආනන්දනීය රාත්‍රියෙන් පසු අපි උදෑසන කඳවුරු ආම්පන්න ආයිමත් හකුලා ජීප් රථයට දැම්මේ කුමන වනෝද්‍යානයෙන් නික්‌මිලා ඔකඳ හරහා පානමටත්, එතැනින් අරුගම්බේ බලා පිටත්ව යැමටත් අදිටන් කරගෙන. කුමන වනෝද්‍යානය තුළ තවත් බොහෝ දේ බලන්න තිබුණත් අපි ඒ සඳහා කාලය ගත නොකර වෙරළ තීරය දිගේ ඉදිරියටම ඇදුණේ අපගේ මීළඟ නවාතැනට තවත් බොහෝ දුරක්‌ යා යුතුව තිබුණු නිසා.

ඒ වගේම අප මේ පසුකරමින් සිටින ප්‍රදේශය ගැනත් විශේෂ සඳහනක්‌ කළ යුතුමයි. මේ තමයි රුහුණු ප්‍රදේශයට අධිපති රුහුණු-කතරගම දෙවියන්ගේ අඩවිය. කතරගම දෙවොල් බිම සිට යාල, කුමන ඔස්‌සේ ඔකඳ පානම දක්‌වා මේ රුහුණු කතරගම දෙවිඳුන්ගේ නොහොත් ස්‌කන්ධ කුමරුන්ගේ බලපරාක්‍රමය පැතිර තියෙනවා. ඒත් ඒ කතාවට ඔකඳ නොහොත් ඕකන්ද ප්‍රදේශයෙන්ම ප්‍රවිශ්ඨයක්‌ ගත යුතු නිසා අපි මෙතෙක්‌ ඒ ගැන එතරම් කතා කළේ නෑ. ඒත් අද ඒ පිළිබඳවත් අපි සලකා බලමු.


කතරගම දෙවියෝ



අළුත්වැව සෝරත හිමියන් ලියා ඇති '' කතරගම පුද සිරිත්'' ග්‍රන්ථය තමයි කතරගම දෙවියන් ගැන තොරතුරු දැනගන්න අපි භාවිත කළ ග්‍රන්ථය. ඒ අනුව ඇතැම් අය කියන්නෙ කතරගම දෙවියෝ අපේම රටේ දෙවිකෙනෙක්‌ කියල. තවත් අය කියන්නෙ මේ දකුණු ඉන්දියාවෙන් පැමිණි දේව සංකල්පයක්‌ කියල.

කොහොමහරි විජයාගමනයෙන් පසුව රුහුණේ මැණික්‌ ගඟ අසබඩ ජනපද පිහිටුවාගත් ආර්යය වංශිකයින් නිසා කතරගම දේව වන්දනාව නොහොත් ස්‌කන්ධ කුමරුන් පිදීම ලංකාවට ආ බවයි විශ්වාස කරන්නෙ.

''ශිව'' සහ ''අග්නිත් ක්‍රිතිකාවන්'' ගේ පුත් වූයේ ''අග්නි'' නොහොත් ස්‌කන්ධකුමරුන්ය. වෛදික සාහිත්‍ය තුළ උපන් ස්‌කන්ධ කුමරා ඉන්දියාවේදී ජනප්‍රිය වී සිටියේ ආරක්‍ෂක දෙවියකු ලෙසටය. ඉන්දියානු ආර්ය පිරිස්‌ ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවේ ස්‌කන්ධ කුමාර වන්දනය තදින් පැවැති සමයකදීය. එබැවින් ස්‌කන්ධ කුමාර සංකල්පය ලංකාවට ගෙනආවුන් දැඩි දේව භක්‌තිකයන් වූ අතර ඔවුන් රුහුණේ මැණික්‌ ගං දෑලේ පදිංචි වූ අතර, මෙහිදීද ස්‌කන්ධ කුමරාට ආරක්‍ෂක තනතුර ආරෝපනය කළේය. ඒ හේතුව නිසා කතරගමට, රුහුණට අධිපති දේවතාවා ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ස්‌කන්ධ කුමරා වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ කතරගම දෙවියන් යන නමිනි. කතරගම පුද සිරිත් ග්‍රන්ථය ඒ කරුණු කියයි.

ස්‌කන්ධ කුමරා ලංකාවට පැමිණි බවත් දෙවැනි වර ලංකාවට පැමිණි ගමනේදී සෙල්ල කතරගම ප්‍රදේශයේදී වල්ලි නම් වැදි කතක්‌ සරණ පවා ගත් බවත් එම වල්ලි අම්මා සමග එහි ගත කළ බවත් කියෑවෙන අතර, ඊට පෙර ස්‌කන්ධ කුමරා වැඩ සිටියේ වැඩසිටි කන්දේ බවද ඉතිහාස ගත තොරතුරු දක්‌වයි. මේ කෙසේ වෙතත් ස්‌කන්ධ කුමරා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ගමන සිදු වූයේ නැගෙනහිර පළාතේ ඔකඳ ඔස්‌සේ බව පවතින විශ්වාසයයි.

වත්මන් ඔකඳ දේවාලයට යාබදව වෙරළ තීරයේ පවතින ''රන්ඔරුගල'' නම් තැනට ස්‌කන්ධ කුමරාගේ ආගමනය සිදු වූ බවත් ප්‍රථමයෙන්ම ඔකඳ (ඕකන්ද) ප්‍රදේශයේ වැඩ සිටි බවත් විශ්වාස කරයි. පානම ප්‍රදේශයේ ද හේ ගත කළ බව විශ්වාස කරන අතර පසුව කුමන, යාල ඔස්‌සේ කතරගම සපැමිණි බවද හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. එය සිහිකරනු වස්‌ තමයි ඔකඳට එකතුවන දහස්‌ ගණන් බැතිමතුන් එහි ඇති කතරගම දේවාලයේ (ඔකඳ දේවාලය) පුද සිරිත් ඉටුකොට දින ගණනාවක්‌ම දුෂ්කර ගමනක යෙදී මහවන මැදින් කතරගමට එන්නේ. ''පාද යාත්‍රාව'' යනු ඒ ආගමික සංචාරයයි. අපගේ ගමන් මාර්ගයත් වැටී ඇත්තේ ඒ ඔස්‌සේමයි. එහෙත් අප යන්නේ ප්‍රතිවිරුද්ධව කතරගම සිට ඔකඳ දෙසටයි.


ඕකන්ද/ඔකඳ දේවාලය





කුමන වනෝද්‍යානයේ ප්‍රවිශ්ඨ දොරටුව ඇත්තේ ඕකන්දේ. එය පසුකර මීටර් 100 ත් 200 ත් තරම් දුර යන විට ඕකන්ද වැවට මෑතින් ඕකන්ද දෙවොල දිස්‌වෙනවා. මෙය කතරගම දෙවියන් උදෙසා තැනුණු පුද බිමක්‌. පෙර කී පරිදි මේ කතරගම දෙවියන් නොහොත් ස්‌කන්ධ කුමරා ඉන්දියාවේ සිට ලංකාවට ගොඩබට තැනලු. වාර්ෂිකව මෙහි සුවිසල් පිරිසකගේ සහභාගිත්වයෙන් දේව මංගල්ලය පැවැත්වෙනවා. මෙහි භාරකාරත්වය කතරගම දෙවොලේ මෙන්ම දිගින් දිගටම පවතින්නේ සිංහල ජාතිකයන් සතුවයි. එහෙත් කපු මහතුන් හින්දූන්.

ත්‍රස්‌තවාදී තර්ජනය දරුණු ලෙස පැවැති යුගයේදී පානම ගම්මානයෙන් මෙපිටට බැතිමතුන්, සංචාරකයින් බොහෝ සෙයින් හිඟ කාලයේදී පවා මේ දෙවොලේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු වුණා. අවස්‌ථා කිහිපයකදීම දෙවොලේ පූජාවන් ඇතුළු කටයුතු සඳහාත්, කුමන උද්‍යානයට ගිය ගමන්වලදීත් මේ දෙවොල විටෙක අපට නවාතැනක්‌ සේද පිහිට වුණා. ඕකන්දට පැමිණි අප මෙවරත් ඒ පුණ්‍ය භූමියේ හෝරාවක්‌ දෙකක්‌ ගෙවා දැමුවේ පැමිණ සිටි බැතිමතුන් සමග එහි පූජාවටද සහභාගි වෙමින්. මෙහිදී ස්‌කන්ධ කුමරා ගොඩ බැස්‌ස තැන ලෙස සැලකෙන "රන්ඔරුගල'' බලන්නත් අපි අමතක කළේ නෑ.


පානම



ඕකන්දේ සිට පානමට කිලෝමීටර් 17 ක්‌ විතර තියෙනවා. වළ ගොඩැලි සහිත වනබද මේ මාර්ගයේ පැමිණ අපි පානමට ළඟා වුණා. ඒ අතර හමුවන ප්‍රකට කුඩුම්බිගල ආරණ්‍ය හා එම අභයභූමියට සංචාරය කරන්නත් අපි අමතක කළේ නෑ.

පානම ගම්මානයත් බිහිවෙලා තියෙන්නෙ 1818 කැරැල්ලේදී ඉංගී්‍රසින්ගේ වියරුවෙන් ගැලවී පළා ගිය සිංහල ජාතිකයන්ගෙන්. මේ තමයි කාලයක ඉඳල නැගෙනහිර මුහුදු තීරයේ තියෙන අන්තිම සිංහල ගම්මානය. පානම කිව්වට මේක හැඳින්වෙන්නෙ පානම් පත්තුව කියල. මේ ගම ත්‍රස්‌තවාදී තර්ජනයට නිරන්තරයෙන් ගොදුරු වුණා. ගම්වාසීන් රැසක්‌ කපා කොටා වෙඩි තබා ඝාතනය වුණා. ගොවිතැන වගේම ධීවර රස්‌සාවත් කරගෙන ජීවත්වන මේ ගම් වැසියන්ගෙන් අඩක්‌ම දමිළ සම්භවයක්‌ තියන අය කියලයි කියන්නෙ. කොහොම වුණත් හොඳ කඩමණ්‌ඩියක්‌ වගේම රෝහලක්‌. පාසලක්‌, පන්සලක්‌, වගේ අත්‍යාවශ්‍ය පහසුකම් රැසකුත් එහි තිබෙනවා. ඒත් පානමට ප්‍රවේශ මාර්ගය ඇත්තේ පොතුවිල් අරුගම් බේ පාළම හරහා පමණයි.

පානම කළපුවක්‌ පිහිටල තියෙනවා. ඒ වගේම මෝදරක්‌ ලෙසත් ප්‍රකටයි. පානමෙන් මුහුදට එකතු වෙන්නෙ විල ඔයයි. අලංකාර මෝයකට පානම සුන්දර තැනක්‌ බවට පත්කරනවා.



පානම කළපුව අතිශය රමණීය ප්‍රදේශයක්‌. පානම ගමමැදින් ගමන්කර වෙරළ දිශාවට ගිය විට අපට දැකගන්නට ලැබෙන්නේ දර්ශනීය වැලිතලාවක්‌. ඇතැම් තැන්වල වැලිකඳු යායක්‌ම දැකගත හැකියි. ඒ මැදින් තමයි පානම කළපුවට පාර වැටිල තියෙන්නෙ. අපේ ජීප් රථය මේ වැලිපාරෙ ඉදිරියට ඇදුනේ 'ෆෝවීල්'' භාවිත කරමින්. තෙර නොපෙනෙන වැලිකඳුයාය අතරින් කළපුවට ආපුවහම තමයි මෝය කට හොඳින් දිස්‌වෙන්නෙ. මොණරාගල කොටියාගල පැත්තෙන් පටන් ගන්නා විලඔය තමයි මෙහෙම පානම හරහා ඇවිත් මුහුද සිපගන්නෙ.

පානම ගම්වැසියන් බෞද්ධයින් වුනත් වැඩිපුර දේවභක්‌තිකයෝ. ඒ වනාන්තරය ආශ්‍රිතව ඉන්න හින්ද වෙන්න ඇති. මේ ගමේ පන්සල වගේම දේවාල භූමියකුත් තියෙනවා. මේ දේවාල බිමේ එක ළඟ දෙපැත්තකින් දේවාල දෙකක්‌ම තියෙනවා.


පානම අං ඇදීම



එක දේවාලයක්‌ පත්තිනි අම්මාගේ. අනෙක පානම වැසියන්ගේ බසින් අළුත් දෙවියන්ගේ. ඒ කියන්නෙත් කතරගම දෙවියන්. මේ දේවාල දෙකටම අයත්ව වසර සිය ගණනක්‌ පැරණි සියඹලා ගස්‌ දෙකකුත් තියෙනවා. මේ ගස්‌ දෙකේ අතීතයේදී පටන් අදාළ දෙවිවරුන් වැඩ සිටි බවයි පානම වැසියන් විශ්වාස කරන්නේ. ශ්‍රී ලංකාවට ආපු කතරගම දෙවියන් පානම හිටියා යෑයි කියන්නේ මෙතනයි. ඒ නිසයි පානම, ඔකඳ හා කතරගම යන ස්‌ථාන තුන කතරගම දෙවියන්ගේ විමාන ලෙස ප්‍රකටව තිබෙනවා.

කොහොම හරි පානම ගමේ අතීතයේ ඉඳන් කණ්‌ඩායම් දෙකක්‌ දෙකට බෙදිල ඉන්නෙ ''අං ඇදීම'' සඳහා නොහොත් මේ දේවාල දෙකේ පාර්ශ්වකරුවන් විදියට. අළුත් දෙවියන් වෙනුවෙන් උඩු පිලත් පත්තිනි දෙවියන් වෙනුවෙන් යටි පිලත් එකතුව අගෝස්‌තු සමයේ ඔකඳ දේවාලයේ පෙරහැර අවසන් වූ වහාම පානම පෙරහැර පටන්ගෙන සාම්ප්‍රදායික අං ඇදීම කරනවා. මෙය ගමට සශ්‍රීකත්වය කැන්දන ආගමික පූජාවක්‌. කතරගම සිට පානම තෙක්‌ සැතපුම් 66 ක්‌ පුරාවට රුහුණු කතරගම දෙවියන්ගේ අඩවිය සේ සලකා කරනු ලබන පුද සත්කාරවල එක්‌ අංගයක්‌ මේ වන අතර බොහෝ බැතිමතුන් මේ සැතපුම් 66 ම පාගමනින් ගෙවා ගෙන කතරගම ඇසළ මංගල්ලයට සහභාගි වෙන්නෙත් දෙවියන්ට ඇති භක්‌තිය නිසාමයි.


ආරුගම් බොක්‌ක



පානමෙන් පිටත්වුණු අපි දර්ශනීය වන වදුලු, කළපු, ලවන හැල්, ඔය පාරවල් කෙත්වතු පසුකර ගෙන මීළඟට ළඟා වුණේ ආරුගම් බොක්‌කට නොහොත් අරුගම් බේ ට. මේ තමයි නැගෙනහිර සුන්දර වෙරළේ ආරම්භය. සංචාරකයින් හිත දිනාගත් තැන. මේක සංචාරක කළාපයක්‌ වගේම රළ මත ලිස්‌සායැමේ ක්‍රීඩාවටත් අරුගම්බේ හරිම ප්‍රකටයි. ඒ වගේම අරුගම්බේ ධීවර පුරවරයක්‌. නොගැඹූරු මුහුදු ප්‍රදේශය මුහුදු ක්‍රීඩාවලට හරිම ප්‍රකට තැනක්‌. මෙහි එන අය මුහුදේ නාන්නත් අමතක කරන්නේ නෑ. මේ දර්ශනීය තැන ඉක්‌මණින් දාලයන්නත් කැමති නෑ. අපිටත් එහෙමම හිතුනා. ඒකයි කල්තියාම අපි අරුගම්බේ අපේ එක්‌ කඳවුරුබිමක්‌ ලෙස තෝරාගත්තේ. අද රාත්‍රිය අපි මෙහි ගත කරනවා.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source : Divaina 2011/04/10
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Mon May 23, 2011 12:13 am    Post subject:

අරුණලු සිඹින
සංගමන්කන්ද තුඩුව





සිංහල-දෙමළ අලුත් අවුරුද්දෙන් පස්‌සේ අද අපි කඳවුරු බඳින්නෙ රටේ වැදගත්ම මං සලකුණක්‌ සහිත ස්‌ථානයක. ඒ තමයි සංගමන්කන්ද තුඩුව. ශ්‍රී ලංකාවෙ දිග මනින්නෙ පේදුරුතුඩුවෙ ඉඳන් දෙවුන්දර තුඩුවට. ඒ වගේම පළල සලකුණු කරන්නෙ කොළඹ කොටුවෙ ඉඳන් සංගමන්කන්ද තුඩුව දක්‌වා. ඔන්න ඉතින් කොළමින් පටන්ගත්ත අපගෙ චාරිකාව දැන් මේ වැදගත් මංසලකුණු තුනක්‌ පාදස්‌පර්ශයට ලක්‌කරල හමාරයි. තව ඉතිරිවෙලා තියෙන්නෙ උතුරේ පේදුරුතුඩුවට යන එක විතරයි.

කොහොම හරි කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්‌වා තියෙන සැතපුම් 224 ක සරළ රේ‚ය දුර අපි වෙරළබඩ දිගේ ගොස්‌ ගවේෂණය කරන්න මේ වන විට සති 29 ක්‌ ගෙවා දමල තියෙනවා.

අරුගම්බේ "සර්ෆින්ග්"



කාවන්තිස්‌ස රජ විසින් 'අර ගම' ලෙසින් හඳුන්වනු ලැබූ පෙදෙස කාලයාගේ අවෑමෙන් ආරුගම ගම වී, එහි වන භූ විශමතා ලක්‍ෂණයට අනුව අද ආරුගම් බොක්‌ක නැතහොත් ආරුගම් බේ වී තිබෙනවා. එදා රජුට විශේෂ වූ බැවින් රටවැසියන් දැනගත් මේ පෙදෙස අද වන විට ලෝකයටම විශේෂ පෙදෙසක්‌ වී ඇත්තේ රළ මත ලිස්‌සායැම හෙවත් සර්ෆින් ක්‍රීඩාවෙන්.

ලොව හොඳම රළ මත ලිස්‌සායැමේ පෙදෙස්‌ 10 අතර තෙවැනි තැනලා සැලකුම් ලබන ආරුගම්- බේ පෙදෙස ලොව පුරා එම ක්‍රීඩාවෙහි යෙදෙන්නන් අතර ප්‍රචලිතයි. ආරුගම් බොක්‌ක වෙරළ තීරයේ 'උල්ල', නැතහොත් පොතුවිල් පොයින්ට්‌, එසේත් නොමැතිනම් මේන් පොයින්ට්‌ ලෙස හැඳින්වෙන්නේ මේ ස්‌ථානයයි.

දකුණු අප්‍රිකාවට පහළින් නැගෙන සුළං ධාරා සැතපුම් දහස්‌ ගණනක්‌ ගෙවා ඉන්දියන් සයුර සිපගෙන පැමිණ ආරුගම්-බේ හී මවනා මුහුදු රැළි මෙරට අංක එකේ සර්ෆින් ඉසව්වක්‌ මවන අතරම එම ක්‍රීඩාව විශයෙහි පහසුකම් සපයමින් ජීවනෝපාය සලසා ගැනීම පිණිස ආරුගම් වැසියන්ට ආශිර්වාදයක්‌ද වී තිබෙනවා.

නිරිතදිග මෝසම් කාලය හෙවත් අප්‍රේල් සහ ඔක්‌තෝබර් අතර කාලය ආරුගම්-බේ හි සර්ෆින් වාරයයි. දකුණු පසට ඇදෙන රැල්ල සහ වම් පසට ඇදෙන රැල්ල ලෙසින් සර්ෆින් ක්‍රීඩාවේ රළ ආනතිය මත වන අංශ දෙකෙන් ආරුගම් යනු වාමාවර්තව වෙරළට ලම්බක අයුරින් රළ ඇදෙන ක්‍රීඩකයන් අතිශයින් ඇලුම්කරන සර්ෆින් ඉසව්වයි. මෙම පෙදෙසේ අඩි 6 කට වඩා උසක්‌ සහිතව ඉපදෙන රළ මත ලිස්‌සයැමකට සුදුසු රැල්ලක්‌ දියඹේ සිට ගොඩබිම දෙසට මීටර 400ක්‌ පමණ දුරක ධාවනයක්‌ සඳහා රුකුල්දෙනවා.

මුහුදු මහා විහාරය



අරුගම්බේ ගතකළ අපි එහි "උල්ල" නමැති සුන්දර වෙරළ තීරයේත් ගතකර ඉන්පසු අරුගම්බේ ප්‍රකට පාළම පහුකරල ළඟාවුණේ පොතුවිල් මංසන්ධියට. පොතුවිල්වලට ආවහම අපිට වැදගත් බෞද්ධ පූජනීය සිද්ධස්‌ථානයක්‌ සිහියට නැඟෙනවා. ඒ තමයි "මුහුදු මහා විහාරය". පොතුවිල් මුහුදු මහා විහාරය කාවන්තිස්‌ස රජුගේ සමය දක්‌වා ඉතිහාසයක්‌ ඇති තැනක්‌. ක්‍රි.පූ. දෙවැනි සියවසේදී කාවන්තිස්‌ස රජු රුහුණේ රජ කරන සමයේදී කැලණිපුරයේ රජ කළ බව කියන්නෙ කැලණිතිස්‌ස රජතුමා. මේ කාලයේදී නොසිතූ විදිහට මුහුද ගොඩගලා රටට මහා උපද්‍රවයක්‌ සිදුවූ බව අපි අහල තියෙනවා. ඒකට තිබුණු එකම විසඳුම විදිහට හඳුනාගත්තෙ කැලණිතිස්‌ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය නෞකාවක නංවා මුහුදේ පාකර හැරීමයි. රට බේරගත යුතුව තිබුණු නිසා විහාරමහා දේවිය ඊට එකඟ වුණාලු. අවසානයේදී ඇය විශේෂිත යාත්‍රාවක නංවා මුහුදේ පාකර හැරියාලු. ඇය අන්තිමේදී පාවී ගොස්‌ ඇයගේ යාත්‍රාව ගොඩගැසුවේ නැගෙනහිර පළාතේ පොතුවිල්වලට යාබද කෝමාරියට නොහොත් එදා "කුමාරිය" කිවූ තැනටලු. ඉන්පසු එම යාත්‍රාව පොතුවිල් මුහුදු මහා විහාරය දැන් පිහිටි වැලිතලාවට රැගෙන ආ බවයි ජනප්‍රවාදයේ එන්නේ. ඒත් මතකද කිරින්ද ගැන කතාකරන විටත් විහාර මහා දේවිය ගොඩබැස්‌ස තැන හැටියට අපි එතැනත් විස්‌තරයක්‌ කිව්වා. මේ ස්‌ථාන දෙකටම විහාරමහා දේවියගේ කතාව සම්බන්ධ කරනවා. මේකෙන් කොයි කතාව නිවැරදි දැයි අපි හරියට දන්නේ නැති වුනත්, පොතුවිල් මුහුදු මහා විහාරය ඉදිකළේ ඒ සිදුවීම ස්‌මරණය කිරීම සඳහා බවයි කියන්නේ.

මුහුදු මහා විහාරය පැරණි විහාරස්‌ථානයක්‌ වගේම එය රජමහා විහාරයක්‌ ලෙසත් ප්‍රදේශයේ ප්‍රකට හා සුවිසල් පුදබිමක්‌ සේ පැවති බවත් විශ්වාස කරනවා. ඒ වගේම මෙහි පවතින ප්‍රතිමා, ගල්කණු, ගොඩනැගිලි පාදම්, විහාර ගෙය යනාදී පුරා



විද්‍යාත්මක ස්‌මාරක මේ බව අපට ඉතා හොඳින් පසක්‌ කරනවා. මේ ප්‍රදේශය එකල සිංහල ජනතාව විශාල වශයෙන් දිවි ගෙවූ පෙදෙසක්‌ බවයි සැලකෙන්නෙ. ධීවර කර්මාන්තයට වඩා මෙහි දිවිගෙවූ ජනයා කෘෂිකාර්මික දිවිපෙවෙතක්‌ ගතකළ පිරිසක්‌ බව අදටත් පානම සිට පොතුවිල්, සංගමන්කන්ද පෙදෙස දක්‌වා පවතින කෙත්වතු, හරකබාන අපට කදිම සාක්‌ෂි සපයනවා. එහෙත් අද මෙහි දිවිගෙවන බහුතර ජනතාව ඉස්‌ලාම් භක්‌තිකයෝ.

මුහුදු මහා විහාරයට අයත්ව අක්‌කර දෙසිය පණහකින් පමණ සමන්විත (පුරාවිද්‍යා රක්‌ෂිත) ඉඩම් ප්‍රමාණයක්‌ අතීතයේදී අයිතිව තිබී ඇතත් අද ඒ ප්‍රමාණය දැකගන්නට නැහැ. දිනෙන් දින මේ ඉඩම්වල අයිතිය විහාරයෙන් ගිලිහී යන අතරම කලක්‌ විහාරයට අයත්ව තිබූ පොල් වගාවේ අයිතියත් දැන් විහාරයට නැහැ. ඇතැම් පුරාවිද්‍යාත්මක ස්‌මාරක පවතින්නෙ පෞද්ගලික ඉඩම්වල කටුකම්බි වැටවල්වලින් කොටුවෙලා. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

මුහුදු මහා විහාර බිමේ පැරණි ස්‌තූපයක්‌ තිබූ තැනක දැන් ගඩොල් ගොඩක්‌ විතරක්‌ තියෙනවා. ඒ වගේම හොඳින් මතුකරගෙන තහවුරු කරගත් නටබුන් විහාර ගෙයක්‌ වගේම එහි බුදු පිළිමයක්‌, බෝධි සත්ත්ව ප්‍රතිමාවකුත් තියෙනවා. තවත් එක්‌ ප්‍රතිමාවක්‌ විහාරමහා දේවියගේ බවටයි විශ්වාස කරන්නෙ.

කෝමාරිය



මුහුදු මහා විහාරයේ හෝරාවක්‌ දෙකක්‌ ගතකළ අපි ඒ විහාරයේ වැලිතලාවේ ඔබ මොබ ඇවිද යමින් මේ සුන්දර පරිසරයේ පහසත් වැලිතලාවේ සියුමැලි බවත් හොඳින් විඳගත්තා. ඇතැම් තැනෙක පොළොව දිගේ විහිද ගිය දැවැන්ත කොහොඹ ගසක්‌ අපිට කිව්වෙ මේ මුහුදු තීරයේ වැලි කුණාටුවල බලපෑම කොතරම්ද යන්නයි. එතැනින් නික්‌මුණු අපි නැගෙනහිර චාරිකාවෙ හොඳම හරිය පටන් ගත්තෙ පොතුවිල් නගරයට සමුදෙමින්. එහි සිට තවත් සැතපුම් 4-5 ක්‌ යනවිට තමයි පෙර අපි කිව්ව කෝමාරිය හමුවෙන්නෙ. ඉස්‌සර මේ තැනට කිව්ව කියන්නෙ "කුමාරිය" කියලලු. ඒ, විහාරමහා දෙව් කුමරිය මේ ස්‌ථානයට සැපත් වූ නිසාලු. කොහොමහරි මේ කෝමාරිය හරිම අපූරු මුහුදු තීරයක්‌. දාල යන්න හිතෙන්නෙ නැති සුන්දරත්වයක්‌ එහි තියෙනවා. තද නිල්වන් මුහුදත්, ශ්වේතවන් මුහුදු වෙරළත්, පෙණකැටිවන් වලාකුළු ඇඳුණු සුපැහැදිලි නිල්වන් අහස්‌ගැබත් අපි සෞන්දර්යයේ අසිරිමත් ලොවකට කැඳවාගෙන යනවා. කෝමාරිය පාළම අසලදී අපි අපට හැකි අයුරින් මේ සුන්දරත්වය කැමරාවේ සටහන් කරගන්න උත්සාහ ගත්තා.

සංගමන්කන්ද තුඩුව



කොමාරිය පසුකර ඔන්න ඊළඟට අපි ළඟාවුණේ සංගමන්කන්ද ප්‍රදේශයට. දමිළ වැසියන් බොහෝ දෙනෙක්‌ වෙසෙන මේ ප්‍රදේශය ඔවුන්ගේ බසින් හැඳින්වෙන්නේ "මනල්ෙච්න" කියන නමින්. මනල් කියන්නෙ දමිළ බසින් "වැලි" වලට මේ ප්‍රදේශයේ මුහුදු තීරය වැලිවලින් බහුලයි. නැතිනම් වැලි බහුල පසක්‌ තමයි තියෙන්නේ. ගමේ නමත් මනල්ෙච්න කියල හැදෙන්න ඇත්තෙ ඒ නිසයි.

කොහොමහරි සංගමන්කන්දට ආපු අපිට සොයා බලන්න විශේෂිත තැනක්‌ තියෙනවා. ඒ තමයි සංගමන්කන්ද තුඩුව. සංගමන්කන්ද පිහිටල තියෙන්නෙ පොතුවිල් - කල්මුණේ මාර්ගය අසලමයි. මාර්ගය ආසන්නයේ පිහිටල තියෙන තරමක්‌ විශාල පර්වතයකට තමයි සංගමන්කන්ද කියල කියන්නෙ. මේ පර්වතයත් එතනින් එහාට තියෙන ගල් කඳුකිහිපයකත් බෞද්ධ සිද්ධස්‌ථාන රැසක නටබුන් තියෙන බවත් අපිට දැනගන්නට ලැබුණා. ඒ ගැන හොයනවාට වඩා අපේ වැදගත්ම නැවතුම්පළක්‌ වන මෙහි සංගමන්කන්ද තුඩුව සොයායාමේ කාර්යයේ යෙදුණු අපිට මහත් දූෂ්කරතාවයක්‌ විඳින්නට සිදුවුණේ ඒ ගැන තොරතුරු දන්න කිසිවකු හෝ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කිසිදු නාම පුවරුවක්‌ හෝ එහි නොතිබූ නිසා. අවසානයේදී එහි තිබෙන ප්‍රදීපාගාරය සංගමන්කන්දේ නිල මිණුම් ලක්‌ෂය ලෙස සලකන බව දැනගන්නට ලැබුණු නිසා අපි ප්‍රදීපාගාරය සොයාගෙන ගියා. ඒත්, කැළෑවැදී, අනවසර ඉඩම් හිමියන්ගේ ග්‍රහණයට ලක්‌ව තිබූ කටුකම්බි වැටවල් අතරින් රිංගා යමින් අපි ප්‍රදීපාගාරය අසලට ගියේ පැය කිහිපයක රස්‌තියාදුවකින් පසුවයි. ඒත්, ප්‍රදීපාගාරයේ දැන් තියෙන්නෙ අඩි 15 ක විතර කොටසක්‌ විතරයි. 2004 සුනාමියේදී මෙය විනාශ වුණු බවයි කියන්නේ. අපගේ ගමනෙ වැදගත් මං සලකුණක්‌ වගේම, රටේම වැදගත් මංසලකුණක්‌ වන සංගමන්කන්ද තුඩුව අද පවතින තත්ත්වය ගැන නම් අපිට සතුටු වෙන්න බැහැ. සංචාරක ආකර්ෂණීය ස්‌ථානයක්‌ වන මෙය වහාම ප්‍රතිසංස්‌කරණය විය යුතු ස්‌ථානයක්‌. ප්‍රදීපාගාරය නැවත ඉදිවීම අනිවාර්යයයි. ඒ වගේම දෙවුන්දර තුඩුවේ මෙන්ම මිණුම්ගලක්‌ එහි ප්‍රදර්ශනය විය යුතුයි. කොහොම වුනත් මේ අනාරක්‌ෂිත සංගමන්කන්දේ අද අපේ කඳවුර ඉදිවුණා. ඒත් මේ මුහුදු තීරය හරිම සුන්දරයි. ධීවරයින්ගේ කටයුතුත් මෙහි හොඳින් සිදු කෙරෙනවා. ඒ වගේම වටේම ගොඩබිම්. මේ එන මගදෙපස කෙත්වතු, මොණරුන් හා කොකුන් වගේ පක්‌ෂීන්ගෙනුත් මේ ප්‍රදේශයට අඩුවක්‌ නැහැ. නැගෙනහිරට කලින්ම හිරුපායන භූමියේ කඳවුරු බැඳගෙන රාත්‍රියක්‌ ගතකිරීමත්, කාටත් කලින් අපේ කඳවුරට පතිත වන හිරුරැස්‌ පහස විඳින්නත් ලැබීම සතුටකටත් වඩා ඇත්තටම වාසනාවක්‌ නොවේද?

ප්‍රදීපාගාරය



කොළඹ සිට දකුණු දිග ඔස්‌සේ නැගෙනහිරට පැමිණෙන විට අපට හමුවන අටවැනි ප්‍රදීපාගාරය මෙම සංගමන්කන්දයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර අවසන් ගොඩබිම් ලක්‍ෂය වශයෙන් ද සැලකෙන මෙම ප්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1947 වසරේදී. එහි උස අඩි 25 ක්‌.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source : Divaina 2011/04/17
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Mon May 23, 2011 12:22 am    Post subject:

නැගෙනහිර අරුණැල්ල
ඔලුවිල් (ඕලුවිල)




ලාහුගල මඟුල් මහා විහාරය

පසුගිය සතියෙ අපි මුහුදු මහා විහාරය ගැන කතා කළා. විහාර මහා දේවිය සහිත යාත්‍රාව ගොඩබිමට යළිත් පැමිණියේ මේ ස්‌ථානයෙන් බව අපි කිව්ව. එහෙම ආපු විහාරමහා දේවිය පිළිගත් එකල රුහුණේ රජකළ කාවන්තිස්‌ස රජතුමා ඇය සරණපාවාගත් බව අපි අහල තියෙනවා. ඒ සරණ මංගල්ලය සිදුවූ ස්‌ථානය හැටියට සලකනු ලබන්නේ ලාහුගල මඟුල්මහා විහාරයයි. ඒත් එම විහාරය මුහුදු තීරයෙන් තරමක්‌ ඈත, ලාහුගල වනෝද්‍යානය ආසන්නයේ පිහිටල තියෙන නිසා අපි මෙවර මඟුල් මහා විහාරය ගැන වැඩි තොරතුරු හෙව්වේ නෑ. ඒත් මතකද? අපි යාල වනෝද්‍යානය ගැන කතාකරන කොටත් මඟුල් මහා විහාරයක්‌ ගැන කතා කළා. ඒ ස්‌ථානයත් කාවන්තිස්‌ස රජුගේ සහ විහාරමහාදේවියගේ සරණ මංගල්ලය සිදුවූ තැන ලෙස ජනප්‍රවාදයේ එනවා. මෙතනින් කොයි කතාව හරිද කියලනම් අපි හරියට දන්නේ නෑ.


තිරුක්‌කෝවිල් / අක්‌කරපත්තුව



මේ තමයි මේ රටේ සහල් නිෂ්පාදනයට ඉතාමත් ප්‍රකට ප්‍රදේශ. මේ විතරක්‌ නෙමේ අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් පොතුවිල්, පානම, ලාහුගල, දමන, සමන්තුරේ, කල්මුණේ වැනි ප්‍රදේශත් සහල් නිෂ්පාදනයේ කේන්ද්‍රස්‌ථාන හැටියටයි සලකන්නෙ. ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්‌ත්‍රික්‌ක 22 අතරින් වැඩිම සහල් නිෂ්පාදනයක්‌ සිදුකරන්නේ මේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ. අම්පාරත් මඩකලපුවත් එකතු වූ විට මේ රටේ ජාතික සහල් නිෂ්පාදනයෙන් 22% ක්‌ සපයනවා. බැලු තෙක්‌ මානයේ දකින්න ලැබෙන මේ ප්‍රදේශයේ කෙත්වතු දැකීමත් වාසනාවක්‌. ඉස්‌සර මිනිස්‌ ශ්‍රමයෙන්, හරක්‌ මගින් සිදුකළ ගොවිතැන් කටයුතු දැන් ගොඩාත් නවීකරණය වෙලා. මී ගවයන් එළ ගවයන් නැගෙනහිර පළාතේ බහුලව හිටියත් දැන් තෙර නොපෙනෙන කුඹුරු යායවල ට්‍රැක්‌ටර් හඬින් ගිගුම් දෙනවා. අස්‌වනු නෙළන්න භාවිත කරන "සුනාමි" "භූතයො" කියල හඳුන්වන යන්ත්‍රසූත්‍ර දැන් ප්‍රදේශයේ ගොවිජනතාවට මහත් සේවාවක්‌ සපයනවා. මේ සියලු දර්ශන දැකගෙන තමයි අපි කෙත්වතු මැදින් තවත් උතුරට ඇදුණේ.

මේ ප්‍රදේශයේ කෙත්වතු දකින විට අපේ ඉතිහාසය ගැනත් ගොවිතැන නඟාසිටුවන්නට පෙර රජ දරුවන් වගේම නිදහස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ඩී. එස්‌. සේනානායක මැතිඳුන් දරපු වෑයම ගැනත් අපට නිතැතින්ම සිහිපත් වෙනවා.

දිගාමඬුල්ල ප්‍රදේශයේ පළමු ජනාවාස ඇති කළේ ආර්ය වංශික කුමාරවරයෙක්‌ වන දීඝායු කියලයි කියන්නෙ. මේ දීඝ ජනපදය නොහොත් දිගාමඬුල්ල ගැන ඉන්පසු අපිට අහන්න ලැබෙන්නෙ ක්‍රි. පූ. දෙවැනි හා පළමු සියවස්‌වලදී. ඒ කාවන්තිස්‌ස හා දුටුගැමුණු රාජ්‍ය සමයන්වලදී. එකල අනුරාධපුර රාජධානිය එළාර රජු ප්‍රමුඛ දමිළයන්ගේ අණසකට යටත්ව පැවැතියා. රට එක්‌සේසත් කරගැනීමේ කාර්යයට යුද ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමාට ශක්‌තිය ලබාදුන් පියරජ කාවන්තිස්‌සයන් සිදු කළේ යුද්ධයට කලින් රට සහලින් ස්‌වයං පෝෂිත කළ යුතු වු නිසා දිගාමඬුල්ලේ කෙත්වතු අස්‌වැද්දීමට කනිටු පුත් සද්ධාතිස්‌සයන් යොමු කිරීමයි. දුටුගැමුණු රජුගේ යුද ජයග්‍රහණයට සොයුරු සද්ධාතිස්‌සයන් තමයි මේ ප්‍රදේශය එකම ගොවිබිමක්‌ බවට පත්කළා කියන්නේ.

ඉන්පසු ඩී. එස්‌. සේනානායක මහතා 50 දශකයේදී නිදහස්‌ ශ්‍රී ලංකාවේ මහා ජලාශය නිර්මාණය කරමින් ගල්ඔය හරස්‌කර ඉඟිනියාගල සේනානායක සමුද්‍රය තනනවා. මේ සමුද්‍රයෙන් තමයි අද අම්පාර දිස්‌ත්‍රික්‌කයේ අපි දකින බොහෝ කෙත්වතු සාරවන්නේ.

දීඝවාපිය



දිගාමඩුල්ල නොහොත් දීඝ ජනපදය ගැන කතා කළ නිසාම දීඝවාපිය ගැනත් කතා කළ යුතුමයි. වෙරළ තීරයේ සිට ගුවන් සැතපුම් කිහිපයක්‌ දුරින් තමයි දීඝවාපිය පුදබිම අපට මුණ ගැහෙන්නේ. අක්‌කරපත්තුව හන්දියේ සිට මේ දක්‌වා තියෙන්නෙත් කෙටි දුරක්‌. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්‌ බඳු මේ දීඝවාපීය බුදුන් වහන්සේගේ පාදස්‌පර්ශය ලැබූ උතුම් පිං බිමක්‌ බවත් අපි අමතක නොකළ යුතුයි. ඒ කියන්නෙ සොළොස්‌ මස්‌ථානයන්ගෙන් එකක්‌.

පෙරිය කලපුව



තිරුක්‌කෝවිල් නගරයත් අක්‌කරපත්තු නගරයත් අතර තමයි මේ පෙරිය කලපුව හමුවන්නෙ. නැගෙනහිර වෙරළ තීරයේදී දකුණේ සිට උතුරු දෙසට යනවිට අපට හමුවන තරමක්‌ විශාල කළපුවක්‌ තමයි මේ පෙරිය කලපුව කියලා කියන්නේ. මේ ප්‍රදේශයේ මාර්ග පද්ධතිය පහුගිය සුනාමි ෙ€දවාචකයේදී දරුණු ලෙස විනාශ වුණා. ඉතින් පෙරිය කලපුව ඔස්‌සේ වැටී තිබුණු පටු වේලි මඟත් ඒ විනාශයට ලක්‌වුණා. ඒ නිසා දැන් මේ ප්‍රදේශයේ කලපුවට ඉහළින් පාළම් කිහිපයක්‌ම ඉදිවෙනවා.


ඔලුවිල් (ඕලුවිල)



අක්‌කරපත්තු නගරය පහුකරල තවත් කිලෝමීටර් 7-8 ක්‌ විතර ගියහම තමයි ඔලුවිල් නගරය අපට මුණ ගැහන්නෙ. එක්‌ පැත්තකින් මේ ප්‍රදේශය කෘෂිකාර්මික ප්‍රදේශයක්‌ හැටියට අප ගමන් ගත් මාර්ගයෙන් වම්පස කෙත්වතු සාර වෙද්දී, මේ නගරයට දකුණු පසින් පිහිටන වෙරළබඩ කලාපය ජාතික ආර්ථිකය සරිකරලන වැදගත් ධීවර ගම්මාන පිහිටි ප්‍රදේශයක්‌ බවත් අපි අමතක නොකළ යුතුයි.

ඔලුවිල් ප්‍රදේශය අතීතයේදී ප්‍රකටවෙලා තිබුණෙ වැදගත් ධීවර වරායක්‌ ලෙසයි. මේ ප්‍රදේශයෙන් විශාල ප්‍රමාණයක්‌ ධීවර ඔරු, බෝට්‌ටු මසුන් මැරීමට මුහුදට ඇදෙනවා. ඉතින්, එවන් යාත්‍රා ගාල් කරන්න හැදූ මේ ධීවර තොටුපළ අනාදිමත් කලක පටන් ප්‍රදේශයට මහත් සම්පතක්‌ බවට පත් වුණා. ඒ නිසාමයි මෙහි ප්‍රදීපාගාරයකුත් ඉදිවුණේ.

කොහොම වුණත් කලින් කල බලයට පැමිණි රජයන් මගින් නැගෙනහිර ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ බලාපොරොත්තු ඇති කරමින් ඔලුවිල් ධීවර වරාය පුළුල් කර, නාවික වරායක්‌ හදන්න සැලසුම් සකස්‌ කළා. මේ ඔලුවිල් වරාය සිහිනය කලක පටන් ඒ ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන පොරොන්දුවක්‌ වුණත් කටයුතු සිදුකෙරුණේ ඉතා හෙමින්. ඒත් වත්මන් රජය ඒ සිහින පොරොන්දුව යථාර්ථයක්‌ බවට පත්කරන්න කටයුතු කරලා. දැන් ඔන්න ඔලුවිල් වරාය ඉදිවෙනවා. ප්‍රදේශයේ ගල්කඳු, පස්‌කඳු බිමට සමතලා වෙන අතරේ ඔළුවිල් වරායේ දියකඩනය දැන් මුහුද මැදට දිවෙනවා. තවත් ටික කලෙකින් මේ අලුත් වරායේ කටයුතු නිමවේවි. එතකොට නැගෙනහිර පළාතටත් ත්‍රිකුණාමලයට අමතරව තවත් වරායක්‌ ලැබෙනවා.


ඔලුවිල් ප්‍රදීපාගාරය



සංගමන්කන්දෙන් පස්‌සෙ අපට හමුවන මීළඟ ප්‍රදීපාගාරය තමයි ඔලුවිල් ප්‍රදීපාගාරය. කොළඹ සිට දකුණු දිගින් නැගෙනහිරට එනවිට හමුවන ප්‍රධාන ප්‍රදීපාගාර අතරින් නවවැනි ප්‍රදීපාගාරය වන්නෙත් මේ ඔලුවිල් ප්‍රදීපාගාරයයි. උසින් අඩි 79 ක්‌ වන මෙම ප්‍රදීපාගාරය 1999 දී තනා තිබෙනවා.

ඔලුවිල් ප්‍රදීපාගාර ප්‍රදේශය එකම ධීවර ගම්මානයක්‌. විශාල ජනගහනයකින් සමන්විත මෙම වෙරළ තීරයේ ධීවර වාඩි රැසක්‌ දැකගත හැකියි. ඒ වගේම ප්‍රදේශයට ආවේණික ධීවර යාත්‍රා, තෙප්පම් වැනි දැත් මෙහි තිබෙනවා. විශාල මසුන්, හාල්මැස්‌සන් හා ඉස්‌සන් වැනි මසුන් වර්ග මැරීම සඳහා විශේෂයෙන් යන ධීවර කොටස්‌ කිහිපයකුත් ඔලුවිල්වලදී අපට හමුවුණා.

ඔලුවිල් මුහුදු තීරයේ පහස විඳගත් අපි ඔලුවිල්හි ඉදිවෙන අලුත් වරායත් දැක බලාගන්න අමතක කළේ නෑ. සෙමින් සෙමින් ඉදිවන මේ වරායේ දියකඩනය ඉතා හොඳින් දැකගන්න ප්‍රදීපාගාරය අසලට යා යුතුයි. මේ සියලු දෑ දැකබලාගත් අපි අපේ නවාතැන්පළට සේන්දු වුණේ හිරුබැස ගොස්‌ තරමක්‌ රෑ බෝවුණු පසුවයි.

ඉතින්, අද අපි මේ සුන්දර එහෙත්, තරමක්‌ ජනාකීර්ණ පෙදෙසේ නවාතැන් ගන්නවා.


කෙටි විරාමයක්‌ සමඟ අලුත් අත්දැකීමක්‌

කොළඹින් පටන් ගත්ත අපගේ රට වටා ගවේෂණ චාරිකාව දැන් සති 30 ක්‌ ගතකර හමාරයි. ඒ කියන්නේ මාස හතක්‌ විතර. මේ ආපු ගමනේ අප හිතුවාටත් වඩා අත්දැකීමක්‌ ගන්නත් වනවදුලු, ගිරිදුර්ග, ජල දුර්ග අතර සැරිසරන්නත් ඒ ගමන්වල අපූරු තොරතුරු එකතුවක්‌ ඔබ වෙත ගෙන එන්නත් අපට හැකි වුණා. "ඇවිද්ද පය දහස්‌ වටී" කියන හින්දා නැගෙනහිර සිට උතුරට ගමන් කරමින් සිටින අපට තවත් මෙවන් අගනා තොරතුරු ගවේෂණයක යෙදෙන්න අවස්‌ථාව තියෙනවා. ඒ සියලු අත්දැකීම් නොවලහා ඔබට කියන්නත් අපි පුල පුලා බලා ඉන්නවා. මීළඟට කෙටි විවේකයක්‌ අරගෙන අගනුවරට යන අපි තවත් නැවුම් අත්දැකීමක්‌ රැගෙනයි ඔබ හමුවට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඊළඟට අපි හමුවන්නෙ මඩකලපුව නගරයේදී. නැතහොත් කල්ලඩි හෝ නාවල්අඩි සුන්දර වෙරළ තීරයේදී. එතනට යන්න අපි වෙනමම ප්‍රවාහන විදිහක්‌ ගැන කල්පනා කළා. ඒ නැවුම් අත්දැකීමත් සමඟ අපි යළිත් හමුවෙමු සතියක විරාමයකින් පසුව.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source : Divaina 2011/04/24
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Mon May 23, 2011 12:33 am    Post subject:

අලියා බෝට්‌ටුවේ නැගී
ගාලු තොටින් දියඹට...




මේ සතිය අපේ "රට වටා ගවේෂණ චාරිකාවට" පුංචි විවේකයක්‌ ලැබුණු සතිය. ඒ හින්ද ඒ ලිපිය අද පළවෙන්නේ නෑ. ආයිමත් ඒ චාරිකාවෙන් අපි හමුවෙන්නෙ ලබන ඉරිදා. ඉඩකඩ මදිකම නිසාම මේ චාරිකාවෙ බොහෝ තොරතුරු වගේම අමතර අත්දැකීම් ගැනත් අපට වැඩිය කතාකරන්න වෙන්නෙ නෑ. අපේ චාරිකාවට ඒ වගේ උදව්වුණු කතාන්දර බොහොමයක්‌ ගැන. ඒ හින්ද අප කතාකරන්න තීරණය කළේ ඉඩකඩ තියෙන වෙලාවට. ඒ වගේ කතාන්දරයක්‌ තමයි මේ. පුංචි විවේකයක්‌ ලැබුණු මේ සතියෙ ඒ ගැන තොරතුරු ටිකක්‌ සොයා බලමු.



ලංකාව වටේ චාරිකාවේදී අපගේ එක්‌ ප්‍රධාන නවාතැන් පළක්‌ බවට පත්වුණු තැනක්‌ තමයි ගාලු නගරය. නැත්නම් ගාලුතොට නොහොත් ගාලු වරාය. මෙහි තොරතුරු සොයා බලන්නත් වරායෙ ඇති යාත්‍රාවක නැගී මුහුදු චාරිකාවකට එක්‌වන්නටත් අතැඟිලි ගනිමින් ඉඳිද්දි තමයි එවකට වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය (දැන් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය) දයාශ්‍රිත තිසේරා මහතාගෙන් අපට ආරාධනයක්‌ ලැබුණෙ ගාලු වරායෙ සහ අභිනවයෙන් ඉදිවූ හම්බන්තොට වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්‌වෙන්න. අමාත්‍යවරයාගේ මාධ්‍ය නිලධාරිවරයකු වු ප්‍රසාද් පූර්ණමාල් මහතා ගෙනා යෝජනාවට ඉතින් අපි පැනල කැමති වුණා. මොකද පුල පුලා බලා සිටි චාරිකාව ඒ විදිහට සපුරගන්න ලැබුණු හින්ද?

ඔන්න ඉතින් චාරිකාව සංවිධානය වුණා. දින යොදාගත්තට පස්‌සේ මාද්‍යවේදීන් රැගත් බස්‌රථය ගාල්ල බලා ගමන් කළා. එදා අපගේ නවාතැන්පළ බවට පත්වුණේ වරාය අධිකාරියට අයත් ගාල්ල රූමස්‌සල කන්ද මුදුනේ අලංකාර තැනක ස්‌ථානගතවෙලා තිබුණු සංචාරක නිවහනේ. අපිට එදා නවාතැන් ලැබුණු කාමරයත් අපේ කැමැත්තට අනුවම තේරිලා තිබුණා. සම්පූර්ණයෙන්ම වීදුරුවලින් සමන්විත බිත්තියක්‌ සහිත ඒ පැත්ත මුහුණලා තිබුණෙන් වරාය දෙසට. දැන් අපි ඉන්නේ වරායට උඩින්. මෙතනට හරි අපූරුවට වරායත් නාවික යාත්‍රා, ධීවර වරාය, පමණක්‌ නොව ගාලු නගරය, ගාලු කොටුව, ප්‍රදීපාගාරය වගේ දේවලුත් හොඳට පෙණුනා. මේ විනිවිද පෛනෙන දැවැන්ත තිරයෙන් හිරුබැස යන සැඳෑවේ අසිරියත් කැමරා තුළ සටහන් කර ගත් අපි යළිත් හිරු උදාවෙන්නට පෙර පසුදා අවදි වුණේ උදා හිරු එළියෙන් විකසිතවන ගාලු පුරවරයේ සෞන්දර්යය ග්‍රහණය කර ගැනීමේ අදිටනින්. හිරුඑළිය අපට උවමනා පැත්තටම පතිත වෙනවා. ළා හිරු රැස්‌ දහරා අපගේ බලාපොරොත්තු අපූරුවට මුදුන්පත් කරනවා. වාසල එහෙට මෙහෙට පැන පැන පින්තූර එකතු කරනවා. රූමස්‌සල වනවදුලු අතර සැරිසරන සියොතුන් මෙන්ම කළු වඳුරන්ද ගාලු පුරයේ රූ - සැරිය සොයා වෙහෙසෙන අපට ආමන්ත්‍රණය කරනවා. අපගේ නවාතැන්පළට ඉහළින් සුදෝ සුදුවට දිලෙන ජපන් සාම චෛත්‍යය ගර්භයේ ගැටෙන උදාහිරු රැස්‌ දහරා එය රන්වන් පැහැති දාගැබක්‌ බවට පත්කරනවා. මේ වගේ සෞන්දර්යයක්‌ අත්විඳින්න ලැබුණු අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් අපි ගාලු නගරයේ, ගාලු තොටේ පමණක්‌ නොව රූමස්‌සල - උණවටුනෙත් අමතක නොවන මතකයක්‌ රඳවාගෙන තමයි උදේ ආහාර යෙන් පස්‌සෙ රූමස්‌සලෙන් පල්ලම් බැස්‌සේ.

මීළඟ චාරිකාව ගාලු වරායට. අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතාත් සමඟ අපේ බස්‌ රථය මඳ වේලාවකින් ගාලු වරාය තුළට සේන්දු වුණා. අපි එහි යනකොටත් ගාල්ලෙන් මුහුදු චාරිකාවකට එක්‌වෙන්න වරාය අධිකාරියේ විශේෂිත යාත්‍රාවක්‌ සුදානම් කරලයි තිබුණෙ. ඒ තමයි "සුරනිමල" නමැති ටග් යාත්‍රාව. මේකට අලියා බෝට්‌ටුව කියලත් කියනවා. අලියා බෝට්‌ට්‌ටුව නොහොත් ටග් යාත්‍රාව විශේෂිත යාත්‍රාවක්‌ හැටියට හඳුන්වන්නේ එය බලයෙන් වැඩි යාත්‍රාවක්‌ නිසයි. විශේෂිත බලයක්‌ සහිත එන්ජින් දෙකකින් ක්‍රියාත්මක වන ටග් යාත්‍රාවන් තමයි රට රටවලින් වරායන් වෙත ඇදෙන සුවිසල් නැව් පවා හරවා වරායන් වෙත ඇදගෙන එන්නේ. සුවිසල් නැව් වරායන් වෙත පදවාගෙන ඒමේදී ඒවා නියමිත පරිදි හසුරුවා ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම අතුරු අන්තරා වෙන්නත් තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා පිටත වරායන් තුළ නැංගුරම්ලන නාවික යාත්‍රා පසුව ටග් යාත්‍රාවක ආධාරයෙන් හසුරවමින් වරායේ නියමිත ජැටිය කරා රැගෙන එනවා. මේකත් හරියට මිනිහෙක්‌ ගවයෙක්‌ දක්‌කා ගෙන එනවා වගේ වැඩක්‌. ඉතින්, ඒ සඳහා තමයි මෙවන් යාත්‍රාවක්‌ බලසම්පන්නව නිර්මාණය කර ඇත්තේ.



කොහොමහරි පෙරවරු 7.30 විතර වෙනකොට අපි "සුරනිමල" ටග් යාත්‍රාවට ගොඩවුණේ ජීවිතයේ කවරදාකවත් නොලැබු තවත් නැවුම් අත්දැකීමක්‌ විඳිනු රිසියෙන්.



දකුණු මුහුදත් මේ දිනවල ටිකක්‌ සැරට තිබුණා. ඒත් හැමදාමත් සාගර දිය පරදා ඉදිරියට ඇදෙන මෙවන් නාවික යාත්‍රාවලට වගේම එහි සේවය කරන නාවිකයින්ටත් ඒවා අමුතු දේවල් නෙමෙයි. තට්‌ටු දෙකකින් සමන්විත ටග් යාත්‍රාව අපට සිහිපත් කළේ අප දිනක්‌ මේ ගාලු තොටින්ම දියඹට ඇදුණු නාවික හමුදාවේ ඩෝරා වර්ගයේ යාත්‍රාවයි. නිදන කාමර, කෑම කාමරයක්‌, වැසිකිළි, කුස්‌සිය, යනාදී අත්‍යාවශ්‍ය පහසුකම් පවතින මේ යාත්‍රා දෙකේම සැකැස්‌ම තරමක්‌ එක වගේ.

මඳ වේලාවකින් 25 ක 30 ක විතර පිරිසක්‌ යාත්‍රාවට එකතුවී හරි බැරි ගැහුණේ මුහුදු සංචාරයට එකතුවෙන්න. අමාත්‍යවරයාත් ඒ අතර හිටියා. ඔන්න දැන් දඟකාර දියරැළි කපාගෙන යාත්‍රාව ගාලු තොටින් දියඹ දෙසට ඇදෙනවා. වම්පසින් විශාල නැව් කිහිපයක්‌ රඳවා තබා ඇති සිමෙන්ති පටවන ජැටිය. අනිත් පසින් දක්‍ෂිණ නාවික කඳවුරත්, ධීවරවරායත්, ඒ පැත්තෙන්ම අපට පෙනෙන්නට තියෙන්නේ ගාලු කොටුව. කොටුපවුර ගාලු වරායට සීමා වෙලා. කෙළවර ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරය වන ගාලු ප්‍රදීපාගාරය දැකගන්න පුළුවන්. හිරු උදාවත් සමඟ රූමස්‌සල සිට අප දුටු මේ දසුන් දැන් මුහුදේ ඉඳලා අපි නරඹනවා. ඒ විතරක්‌ නෙමේ, ටග් යාත්‍රාවේ තොරතුරු නැව් හැසිරවීමේ තොරතුරු ගැනත් අපි යාත්‍රාවේ කාර්ය මණ්‌ඩලයෙන් විමසනවා. විටෙක තද රැල්ලකට උඩ විසිවෙන යාත්‍රාව ආයිමත් මුහුදු දිය මත පතිත වෙන්නේ අපගේ නඩය කම්පනයට පත්කරමින්. සමහරුන්ට මේ වගේ මුහුදු ගමන් කොහොමටත් හුරු නෑ. හුරු අයටත් යාත්‍රාවේ පැද්දීම දරාගන්න බැහැ. එහෙම ගිහිං "සී - සික්‌" හැදුණු අයත් ටිකකින් අපට මුණ ගැහුණෙ පහළ මාලයේ නිදන කාමරය තුළ ඉඳල.

කොහොම හරි කලාතුරකින් ලැබුණු මේ අත්දැකීමෙන් එහි ගිය බොහෝ දෙනෙක්‌ අපමණ ආශ්වාදයක්‌ විඳිනවා දකින්නට ලැබුණා. ඇයි, අපිටත් එහෙම තමයි. මේ නවමු අත්දැකීම අපි මීට පෙර විඳලා නැති නිසා මේ චාරිකාව ආයිමත් ජීවිතේට අපට අමතක වෙන එකක්‌ නොවේ. කොහොම කොහොම හරි මේ චාරිකාවේදී මුහුදු සැතපුම් 25 ක්‌ 30 ක්‌ විතර අපි මහමුහුදට ගමන් කරන්නත් ඇති. මහ මුහුදේ ඉඳලා පෙනෙන ගාලු පුරවරයේ රූමස්‌සල කඳුවැටියත්, උණවටුන සුන්දර වෙරළ තීරයත් උණවටුන වැල්ලේ දේවාලයත්, ප්‍රදීපාගාරයත් කැමරා කාචවලින් අපි හොඳට ග්‍රහණය කරගත්තා. යළි එන ගමනේදී රූමස්‌සල පාමුල පිහිටි බොනවිස්‌ටා කොරල්පරයට එබී බලන්නත් අපි අමතක කළේ නෑ. ඔන්න ඔය විදිහට තමයි අපි අලියා බෝට්‌ටුවේ නැතිනම් "සුරනිමල" ටග් යාත්‍රාවේ ගමන නිමා කළේ. අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා මේ චාරිකාවේදී අපට මහත් ශක්‌තියක්‌ වූ බවත් පූර්ණ සහයෝගයක්‌ දුන් බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. චාරිකාවට අපව එක්‌කරගනිමින් ගාලු වරායේ මේ සොඳුරු අත්දැකීම අප වෙත ලබා දෙන්නට සම්බන්ධීකරණ කටයුතු සිදුකළ ප්‍රසාද් පූර්ණමාල් සොයුරාටත් අපගේ ස්‌තුතිය පුදකරමින් අපි දහවලේදී ගාලු තොටින් "සුරනිමල" යාත්‍රාවට සමුදුන්නේ අපේ රටවටා ගමනේ අත්දැකීම් ගොන්නට තවත් වැදගත් මතක සටහනක්‌ එක්‌ කරමින්.




ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

ඡායාරූප - වාසල සේනාරත්න


Source : Divaina 2011/05/01
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Mon May 23, 2011 12:39 am    Post subject:

සිංදු කියන මාළු වෙසෙන
කල්ලඩි (මඩකලපුව)




කාරතිව්/ කල්මුණේ



ඔළුවිල් නගරය පහුකරල නැගෙනහිර වෙරළ තීරය දිගේ ඉදිරියට ඇදෙන අපිට ඊළඟට මුණගැහෙන්නෙ නින්දවුර් නගරය. නින්දවුර් වේලිමග (කළපුව හරහා මාර්ගය) පසුකරමින් ඊළඟට අපිට කාරතිව් මංසන්ධියට ළඟාවිය හැකියි. අම්පාර - කල්මුණේ මාර්ගය සම්බන්ධ වෙන්නේ මේ කාරතිව් හන්දියට. සමන්තුරේ ඔස්‌සේ තමයි අම්පාර - කල්මුණේ මාර්ගය වැටී තියෙන්නේ. සායින්දුමර්දු පසුකර එනවිට ඉන්පසු අපිට අම්පාර - මඩකලපුව මායිමට එන කල්මුණේ නගරය මුණගැසෙනවා. මෙම ප්‍රදේශවල බහුතර ජනගහනය ඉස්‌ලාම් භක්‌තිකයන්. ඒ වගේම එක්‌ පසෙකින් විශාල කෙත්වතු ප්‍රමාණයක්‌ මෙහි දැකගත හැකියි. රටේ ජාතික සහල් නිෂ්පාදනයට මහත් දායකත්වයක්‌ සපයන මෙම ප්‍රදේශයේ වෙරළ තීරය ධීවර කර්මාන්තයෙන්ද ඉදිරියෙන් සිටින ප්‍රදේශ ලෙස අප සිහිපත් කළ යුතුයි.


කොඩ්ඩිකල්ලාර් / කලවංචිකුඩි



කල්ලාර් සහ කොඩ්ඩිකල්ලාර් ප්‍රදේශ අපට හමුවන්නෙ කල්මුණේ නගරය පසු කළායින් පස්‌සෙ. මේ ප්‍රදේශවල සුනාමි ගම්මාන රැසක්‌ පිහිටා තිබෙන්නෙ පහුගිය 2004 වසරේ සුනාමි ෙ€දවාචකයේදී මෙම ප්‍රදේශයට සිදුවූ දරුණු ව්‍යසනය සිහිපත් කරමින්. නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි මෙම කල්ලාර් ප්‍රදේශය දක්‌වා මඩකලපුවට සම්බන්ධ කළපු හා තෙත්බිම් පැතිර පවතිනවා. ලවණ වගුරු විශාල ප්‍රමාණයක්‌ද දැකගත හැකියි. කල්ලාර් කොඩ්ඩිකල්ලාර් වේලිමග හරහා තිබුණු පාලමත් ඉකුත් සුනාමියේදී විනාශයට පත්වුණා. ඉන්පසු ආයිමත් විදෙස්‌ ආධාර යටතේ ඉදිවුණු මෙම පාළම මත සිට ඒ සුනාමි ෙ€දවාචකය නැවත සිහිපත් කරන්නත් අපි අමතක කළේ නෑ.

ඉන්පසු තවදුරටත් ඉදිරියට ඇදෙන විට අපට කලවංචිකුඩි නගරය හමුවෙනවා. ඒ කියන්නෙ අපි දැන් අම්පාර දිස්‌ත්‍රික්‌කයට සමුදී මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට ඇතුළුවෙලා. කලවංචිකුඩියත් පසුකරමින් ඉදිරියට ඇදෙනවිට තමයි සුප්‍රකට පදිරිප්පු ප්‍රදේශයත්, පදිරිප්පු පාළමත් අපට මුණගැසෙන්නෙ. මෙම මඟ ලකුණුත් පහුකරගෙන අපි මීළඟට ළඟාවෙන්නෙ ඉස්‌ලාම් භක්‌තිකයන්ගෙ නොහොත් මුස්‌ලිම්වරුන්ගේ ප්‍රධානතම නගරය ලෙස සැලකෙන කාතන්කුඩි නගරයට. මේ එන ගමනේදී කාතන්කුඩි නගරය ආසන්නයේදීම වගේ හමුවන පැරැණි හින්දු කෝවිලත දැක බලාගන්න අපි අමතක කළේ නෑ.


කාතන්කුඩි



කාතන්කුඩි කියන්නෙ නැගෙනහිර පළාතෙ තියෙන දියුණු නගරයක්‌. අධික ජනගහනයක්‌ වෙසෙන මෙහි 80% 85% ක්‌ පමණම මුස්‌ලිම්වරු කිව්වොත් නිවැරැදියි. ඉතිරියෙන් බහුතරය දමිළ ජාතිකයන්.

මහින්ද චින්තන - මඟ නැඟුම ව්‍යාපෘතිය යටතේ කාතන්කුඩි ප්‍රදේශයේ පමණක්‌ නොව නැගෙනහිර කලාපයේම ප්‍රධාන මාවත් දැන් කාපට්‌ අතුරා නවීකරණය කර තිබෙනවා. කාතන්කුඩි නගරය තුළ මීට අමතරව ඉතා හොඳ නගර සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් ප්‍රධාන මාර්ගය මැදින් ඉදිවූ රට ඉඳි ගස්‌ තීරය නගරයට අලංකාරයක්‌ එකතු කරනවා.


මස්‌ජිදුන් මීරා ජුම්මා පල්ලිය



කාතන්කුඩි නගරය විශාල ජනගහනයක්‌ ජීවත්වන ප්‍රදේශයක්‌ නිසා කාතන්කුඩි 1 සිට කාතන්කුඩි 6 දක්‌වා ප්‍රදේශ අංකනය කර තිබෙනවා. මස්‌ජිදුන් මීරා ජුම්මා පල්ලිය අපට හමුවන්නෙ කාතන්කුඩි -1 ප්‍රදේශයේදී
මේ ඉස්‌ලාම් පල්ලිය ගැන අපි විශේෂයෙන් කතාකරන්න හේතුවක්‌ තියෙනවා. ඒ තමයි 1990 අගෝස්‌තු මස 03 වැනි සිකුරාදා රාත්‍රි 7.30 ට පමණ මෙහි යාඥ මෙහෙයට එල්ලවූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌ත ප්‍රහාරයේදී බැතිමතුන් 83 දෙනෙකු මියයැම. ඒ වගේම කාතන්කුඩි -1 කොටසේම පිහිටි හුසේනියා මස්‌ජිත් පල්ලියටත් එදිනම, ඒ වේලාවටම තවත් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක්‌ එල්ල වුණා. එහිදී තවත් බැතිමතුන් 21 දෙනකු මියගියා. මේ අනුව මෙම ප්‍රහාරයේදී මියගිය පිරිස 103 ක්‌. තවත් 73 දෙනෙක්‌ තුවාල ලැබූ බවත් අපට කිව්වෙ මීරා ජුම්මා පල්ලියේ පරිපාලක නිලධාරී මොහොමඩ් ජවුµර් මහතා මෙන්ම එදා ඒ ප්‍රහාරයේදී පල්ලියේ සට දිවි ගලවා ගත් එකල වයස අවුරුදු 12 ක්‌ වූ මොහොමඩ් සන්තාර් මහතා.

කාතන්කුඩි නගරයට ආපු මොහොතේදී මේ තොරතුරු ගැනත් අපි කතා කළ යුතු නිසා මීරා ජුම්මා පල්ලියට ගොඩ වැදුණා. ඇත්තටම එදා ඒ එල්. ටී. ටී. ඊ. ප්‍රහාරයේදී වෙඩිවැදී, අත්බෝම්බ වැදී පල්ලියට සිදු වූ හානිය අදත් එහිදී දැකගත හැකියි.

සිදුවූ විනාශයේ තරම සිහිපත් කරනත් මියගිය බැතිමතුන් සිහිපත් වීම සඳහාත් බිත්තිවල ඇති මේ සලකුණු මකා නොදමන බවයි පල්ලියේ පාලකයන් අපට එහිදී සඳහන් කළේ.

මේ ප්‍රහාරයේදී මියගිය බැතිමතුන්ගේ සිරුරු මිහිදන්කළ ස්‌ථානයත් අපට දැකගත හැක්‌කේ පල්ලිය පිහිටි භූමිය තුළදීමයි. ඒ වගේම ඔවුන්ගේ නම් වාර්තාවත් විශාල පුවරුවක්‌ ලෙස පල්ලිය ඉදිරිපස ප්‍රදර්ශනය කරනවා. 1912 දී නිර්මාණය කළ බව කියන මෙම මස්‌ජිදුන් මීරා ජුම්මා පල්ලිය 1984 දී වඩාත් විශාල ලෙස අද දකින අයුරින් නිර්මාණය කර තිබෙනවා.


මෙතෙයි පෙරිය ජුම්මා පල්ලිය



මොහිදීන් මෙතෙයි පෙරිය ජුම්මා පල්ලිය අපට හමුවන්නෙ කාතන්කුඩි 3 ප්‍රදේශයේදී. ප්‍රදේශයේ විශාලතම ඉස්‌ලාම් පල්ලියක්‌ වන මෙය, අපි හොයාගෙන ගියෙත් විශේෂ හේතුවක්‌ හින්ද. මේ පල්ලිය තමයි නැගෙනහිර පළාතෙ තියෙන ඉස්‌ලාම්වරුන්ගෙ එකම පූජාභූමිය. 1864 දී කුඩාවට ඉදිවුණා යෑයි කියන මෙම පල්ලිය 1979 දී වඩාත් විශාල ලෙස නිර්මාණය කළ බවත්, 2000 වසරේදී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේදී පූජා භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කළ බවත් අපට කිව්වෙ පල්ලියේ පරිපාලන මණ්‌ඩල ප්‍රධානී මෙන්ම කාතන්කුඩි හිටපු නගරාධිපති මර්සුක්‌ අහමඩ් ලෙබ්බේ මහතා.


කල්ලඩි / කල්ලඩි පාලම



කල්ලඩි පාලම මේ රටේ සුප්‍රකටම පාලමක්‌. ඉදිවෙලා තියෙන්නෙ ඉංග්‍රීසීන්ගේ පාලන යුගයේදී. ඒ කියන්නෙ එක්‌දහස්‌ අටසිය ගණන්වලදී. අඩි සියයක්‌ පමණ දිගකින් යුත් මේ පාලම යකඩ වලින් නිර්මිත වන අතර, විශිෂ්ට නිර්මාණයක්‌ ලෙසයි සැලකෙන්නේ. එහෙත් මේ පාලම බොහෝ පටුයි. විශාල (බර) වාහන දෙකකට එකවර මාරුවිය නොහැකිකම නිසාත්, දැන් තරමක්‌ අබලන්ව ඇති නිසාත් කලපුවට ඉහළින් දැන් අලුතෙන් පාලමක්‌ ඉදිවෙනවා. තවත් ටික දවසකින් කල්ලඩි පාලම කියල අපට හඳුන්වන්නට වෙන්නෙ මේ අලුත් පාලමට.

කල්ලඩි පාලම ගැන කතාකරනකොට අපට නිතැතින්ම සිහිපත් වෙන තවත් දෙයක්‌ තියෙනවා. ඒ තමයි "සිංදු කියන මාළුවෝ" ගීත වලින් පවා කියෑවෙන මේ සිsංදු කියන මාළුවන්ගේ කතාව ඉතා පැරැණි එකක්‌. මේ පිළිබඳව අපිට හරියට විමර්ශනයක්‌ කරන්න බැරිවුණත් දැන්නම් කල්ලඩිවල සිංදු කියන මාළුවෝ දැකගන්න නැහැ. සත්ත්ව විද්‍යාඥයෝ නම් කියන්නෙ කිසියම් හඬක්‌ නිකුත් කළ හැකි මසුන් රංචු මේ කළපුවේ දිවිගෙව්වා කියල. ජලය අතරින් නැඟෙන මේ Źවනි හඬ විටෙක සංගීතයක්‌ වෙන්න ඇත. ඒ වගේම කාලෙකට මේ (මඩ) කලපුවට විශාල වශයෙන් ආඳන් රංචු පිහිනා එන බවටත් වාර්තා වුණා. ඔබට මතක ඇති. ඇතැම් අය කිව්වෙ මෙසේ ආවෙ මුහුදු සර්පයන් කියල. ඒත් ඒ ආඳන් විශේෂයක්‌ බවට පසුව තහවුරු වුණා. කොහොම වුණත් කළපුව වටා ඇවිද යමින් එහි සෞන්දර්යය අත්විඳි අපට මෙහිදී ඇති තරම් "ජෙලිµsස්‌" මසුන් දැකගත හැකි වූ බවත් කිව යුතුයි.

කාතන්කුඩි නගරය පසුකර තවත් කිලෝමීටර් 6 ක්‌ විතර ගියහම තමයි අපට කල්ලඩි ප්‍රදේශය හමුවන්නෙ. සුප්‍රකට කල්ලඩි පාලමත් පිහිටා තියෙන්නෙ මෙහිම තමයි. මඩකලපුවට උඩින් වැටී ඇති කල්ලඩි පාලමෙන් එගොඩ වුණු විගස අපට මුණගැහෙන්නෙ මඩකලපුව නගරය. ඒ තවත් කිලෝමීටර් භාගයකින් විතර. ඒ කියන්නෙ කල්ලඩි කියන්නෙත් මඩකලපුවම තමයි.

කල්ලඩි පාලම මේ රටේ සුප්‍රකටම පාලමක්‌. ඉදිවෙලා තියෙන්නෙ ඉංග්‍රීසීන්ගේ පාලන යුගයේදී. ඒ කියන්නෙ 1912-1920 දී. මීටර් 228ක දිගකින් යුත් මේ පාලම යකඩ වලින් නිර්මිත වන අතර, විශිෂ්ට නිර්මාණයක්‌ ලෙසයි සැලකෙන්නේ. එහෙත් මේ පාලම බොහෝ පටුයි. විශාල (බර) වාහන දෙකකට එකවර මාරුවිය නොහැකිකම නිසාත්, දැන් තරමක්‌ අබලන්ව ඇති නිසාත් කලපුවට ඉහළින් දැන් අලුතෙන් පාලමක්‌ ඉදිවෙනවා. තවත් ටික දවසකින් කල්ලඩි පාලම කියල අපට හඳුන්වන්නට වෙන්නෙ මේ අලුත් පාලමට.

කල්ලඩි පාලම ගැන කතාකරනකොට අපට නිතැතින්ම සිහිපත් වෙන තවත් දෙයක්‌ තියෙනවා. ඒ තමයි "සිංදු කියන මාළුවෝ" ගීත වලින් පවා කියෑවෙන මේ සිsංදු කියන මාළුවන්ගේ කතාව ඉතා පැරැණි එකක්‌. මේ පිළිබඳව අපිට හරියට විමර්ශනයක්‌ කරන්න බැරිවුණත් දැන්නම් කල්ලඩිවල සිංදු කියන මාළුවෝ දැකගන්න නැහැ. සත්ත්ව විද්‍යාඥයෝ නම් කියන්නෙ කිසියම් හඬක්‌ නිකුත් කළ හැකි මසුන් රංචු මේ කළපුවේ දිවිගෙව්වා කියල. ජලය අතරින් නැඟෙන මේ Źවනි හඬ විටෙක සංගීතයක්‌ වෙන්න ඇත. ඒ වගේම කාලෙකට මේ (මඩ) කලපුවට විශාල වශයෙන් ආඳන් රංචු පිහිනා එන බවටත් වාර්තා වුණා. ඔබට මතක ඇති. ඇතැම් අය කිව්වෙ මෙසේ ආවෙ මුහුදු සර්පයන් කියල. ඒත් ඒ ආඳන් විශේෂයක්‌ බවට පසුව තහවුරු වුණා. කොහොම වුණත් කළපුව වටා ඇවිද යමින් එහි සෞන්දර්යය අත්විඳි අපට මෙහිදී ඇති තරම් "ජෙලිµsස්‌" මසුන් දැකගත හැකි වූ බවත් කිව යුතුයි.


නාවල්අඩි



කල්ලඩි පාලමේ ආරම්භයක්‌ සමඟ කාතන්කුඩි පැත්තෙන් එනවිට) දකුණට වැටී ඇති "ඩච්බාර්" පාරේ ගියවිට තමයි කල්ලඩි නොහොත් නාවල්අඩි සුන්දර වෙරළ තීරය අපට හමුවන්නෙ. මේ වෙරළ තීරයත් සුනාමි ව්‍යසනයේදී දරුණු විනාශයකට ලක්‌ව තිබෙනවා. ඒ බවට වන නටබුන් මෙහිදී තවමත් දැකගත හැකියි. කොහොම වුණත් දැන් මෙම ස්‌ථානය වෙරළ උද්‍යානයක්‌ ලෙස අලංකාර ලෙස නවීකරණය කර තිබෙනවා. සංචාරකයන් සඳහා වන පහසුකම් මෙහි ගොඩනඟා ඇති අතර, වෙරළ තීරය දිගේ දිවෙන කස ගස්‌ පෙළ නාවල්අඩි වෙරළ තීරයට අමුතුම සුන්දරත්වයක්‌ ගෙන එනවා. සන්ධ්‍යාවට මෙන්ම, සති අන්තයේත් මෙම වෙරළ උද්‍යානයට අතිවිශාල ජනකායක්‌ එකතු වෙනවා. යුද්ධයේ නිමාවත් සමඟ, දුවා, දරුවන් පවුල් පිටින් එක්‌රොක්‌ වී සතුට විනෝදය සොයා එන ප්‍රදේශවාසීන්ට මෙ වෙරළ උද්‍යානය සැබෑම ප්‍රීති ප්‍රමෝදයක්‌ ලබාදෙනවා. අද දවසේ ඒ සොඳුරු මිනිසුන් සමඟ එකතුවී ගත කරන්නයි අපිත් මේ වෙරළ උද්‍යානය අපේ කඳවුරු බිම ලෙස තෝරාගත්තේ.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source : Divaina 2011/05/08
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Mon May 23, 2011 2:43 am    Post subject:

M-4 දුම්රිය එන්ජිමේ ගිය නැගෙනහිර චාරිකාව



කොළඹ කොටුවේ සිට මහවට



දිනය උදාවුණා. අපි ලහිලහියේ කොළඹ කොටුවෙ දුම්රිය ස්‌ථානයට ළඟාවුණේ පෙරවරු 6.10 ට මඩකලපුව (හා ත්‍රිකුණාමලය) බලා පිටත්වන දුම්රියේ අසුන් ගැනීම සඳහා. කලක්‌ මඩකලපුව දක්‌වා නගරාන්තර දුම්රියක්‌ ලෙස ධාවනය වුණු මේ දුම්රිය දැන් ශීඝ්‍රගාමී දුම්රියක්‌ ලෙසයි ධාවනය කෙරෙන්නේ. මඩකලපුව දක්‌වාම ප්‍රවේශපත් ගත් අපි පොලොන්නරුව දක්‌වා ගමන් ගැනීම සඳහා දෙවැනි පන්තියේ මැදිරියක අසුන් ගත්තා. ඒ දුම්රිය එන්ජිමේ ගමන් කිරීම සඳහා අපට අවස්‌ථාව ලැබී තිබුණේ පොලොන්නරුව සිට මඩකලපුව දක්‌වා පමණක්‌ නිසා.

දුම්රිය ගමන් ආරම්භ කළා. 1864 දෙසැම්බර් 27 වැනිදා නිරීක්‍ෂණ චාරිකාවක්‌ ලෙසිනුත් 1865 ඔක්‌තෝබර් මස 02 වැනිදා මඟීන්ට විවෘත වුණු පළමු දුම්රිය චාරිකාව ලෙසිනුත් කොළඹ කොටුව සිට අඹේපුස්‌ස දක්‌වා ගමන් ගත් දුම්රිය චාරිකාව සිහිපත් කරමින් අපිත් ඒ මාර්ගයේම ගමන් කරනවා. එදා මහර (රාගම), හෙනරත්ගොඩ (ගම්පහ) වේයන්ගොඩ හා අඹේපුස්‌ස වශයෙන් තිබුණු දුම්රිය ස්‌ථාන හතර පසුකරමින් මීළඟට අපි ළඟා වුණේ පොල්ගහවෙල දුම්රිය ස්‌ථානයට. ඉන්පසු කුරුණෑගල පහුකරමින් මඩකලපු දුම්රිය ගමනේ පළමු ප්‍රධාන නැවතුම්පළ වන මහවට දුම්රිය ළඟාවුණේ ධාවනය ආරම්භයේ සිට තවත් හෝරා දෙකහමාරකින් පමණ පසුව. එනම් 8.30 ට විතර. මහව දක්‌වා දුම්රිය මඟ සාදා ඇත්තේ 1899 දී බවත් මෙහිදී අපි සිsහිපත් කළ යුතුයි. කොටුව සිට මහවට හැතැප්ම 85 ක විතර දුරක්‌ තියෙනවා.


මහව සිට ගල්ඔයට



මහව දුම්රිය ස්‌ථානයේදී දුම්රිය මැදිරි පද්ධතියෙන් වෙන් කෙරුණු දුම්රිය එන්ජිම ආයිමත් දුම්රියට සවිවන්නේ මෙතෙක්‌ පසුපසින්ම ධාවනය වූ නැරඹුම් මැදිරියත් එක්‌ක. ඒ නිසා ඔන්න ඉස්‌සරහට ගිය අපි දැන් ගමන් කරන්නෙ දුම්රියේ පසුපස්‌සට. මහව හන්දියෙන් හැරිල 1925 දී කැකිරාව දක්‌වාත් 1926 දී ගල්ඔය හා පොලොන්නරුව දක්‌වාත් ඉදි වූ මාර්ගයේ තමයි දැන් අපි ඉදිරියට ඇදෙන්නේ. මහව හන්දියෙන් දකුණට හැරෙන නැගෙනහිර මාර්ගයේ කැකිරාව දක්‌වා බොහෝ විට අපිට දකින්නට ලැබෙන්නේ සරුසාර කෙත්වතු හා ගංගා, ඇළ, දොළ, වැව් යනාදිය. ගල්ඔය දක්‌වා යන විට රිටිගල, හබරණ, පැත්තෙ අතරින් පතර වනාන්තරත් අපට දැකගත හැකියි. කෙසේ හෝ මහව සිට තවත් සැතපුම් 55 ක්‌ පමණ දුරකින් හමුවන ගල්ඔය දුම්රිය මංසන්ධිය දක්‌වා එන ගමනෙදී කලාවැව, අවුකන, රිටිගල, ගල්ඔය වැනි සුන්දර පාරිසරික හා ඓතිහාසික වැදගත් ස්‌ථාන යනාදියත් අපට හමුවෙනවා.


ගල්ඔය සිට පොලොන්නරුවට



ගල්ඔයට පැමිණි දුම්රිය මඳ වේලාවක්‌ එහි නවතා තබන්නේ මෙතෙක්‌ මඩකලපුව හා ත්‍රිකුණාමලය ලෙස ධාවනය වූ එකම දුම්රියේ පැමිණි ත්‍රිකුණාමලය දක්‌වා ගමන් ගන්නා මඟීන් සඳහා මෙහි සිට වෙනමම දුම්රියක්‌ ගමන් ගන්නා නිසයි. ඒ කාර්යයෙන් පසුව ගල්ඔය හන්දියට සමුදී සුන්දර ගල්ඔය ප්‍රදේශය හරහා මඩකලපුව බලා අප පැමිණි දුම්රිය ගමන් ආරම්භ කරනවා. මේ මාර්ගය වනවදුලුවලින් සමන්විත වන අතර අලි - ඇතුන් බහුලව හමුවන බවත් අලි - ඇතුන් දුම්රියේ ගැටී බහුලව මියයන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. කෙසේ හෝ ගල්ඔයෙන් පසුව හිඟුරක්‌ගොඩ දුම්රිය ස්‌ථානයේ නවතන දුම්රිය මීළඟට පොලොන්නරුවට ළඟාවන්නේ අපේ රට වටා ගවේෂණ චාරිකාවට තවත් නැවුම් අත්දැකීමක්‌ එකතු කරන්නට බව දැන් අපි දන්නවා. තවත් මොහොතකදී දුම්රිය පොලොන්නරුවට ළඟා වූයේ අපේ ඒ අපේක්‍ෂාවන් මුදුන්පත් කරමින්. වහ වහා දුම්රියෙන් බැසගත් අපි ඒ අභීත අධිබල එන්ජිමට ගොඩවුණේ කැමරා ආම්පන්න අතින් කටින් දරාගෙන.


පොලොන්නරුව සිට මඩකලපුවට දුම්රිය එන්ජිමෙන්



අපි දැන් ගමන් ගන්නේ කැනේඩියානු නිෂ්පාදනයක්‌ වන එම් - 4 දරණ එන්ජින් ශ්‍රේණියට අයත් අංක 752 දරණ දුම්රිය එන්ජිමේ. ටොන් 93 ක්‌ පමණ බරැති මෙම එන්ජිම මෙරට තුළ වසර 30 ක පමණ සාඩම්බර ඉතිහාසයක්‌ ඇති යාන්ත්‍රික යෝධයෙක්‌. විශේෂයෙන් තැනිතලා ප්‍රදේශ තුළ වැඩි බරක්‌ ඇදගෙන යැම සඳහා භාවිත කරන මෙම එන්ජින් මඩකලපුව වැනි අබලන් දුම්රිය මාර්ග සඳහාත් හොඳින් ගැලපෙන බවයි දුම්රිය රියෑදුරු අප සමඟ පැවැසුවේ.

දුම්රිය එන්ජිමක පවතින්නේ ආසන දෙකයි. දුම්රිය රියෑදුරාට සහ දුම්රිය රියෑදුරු සහායකට වෙන්වන ඒ අසුන් දෙක හැරුණු විට පවතින කුඩා ඉඩකඩේ වෙනත් අයකුට අසුන්ගන්නට තරම් එහි ඉඩක්‌ ඉතුරු වෙන්නේ නෑ. ඉතින්, අපේ ගමනත් මෙතැන් සිට මඩකලපුව දක්‌වාම හිටගෙන තමයි. කකුල් අමාරු හැදුනත් ඉදිරියෙන් පෙනෙන දුම්රිය මාර්ගය ඔස්‌සේ දකින දර්ශනත්, දෙපසින් දකින තෙර නොපෙනෙන මානයේ වනවදුලු, වැව් - අමුණු, ගම් - බිම් යනාදියත් අපට ගෙන දෙන්නේ ආශ්වාදයක්‌.



පොලොන්නරුවෙන් පස්‌සෙ අපට හමුවන්නෙ ගල්ලෑල්ල ප්‍රදේශය. මෙතැන් සිට මනම්පිටිය දක්‌වා තියෙන්නෙ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය. මහවැලි ගඟේ නිම්න ප්‍රදේශයක්‌ වන මෙය පුළුල් තෙත්බිමක්‌. ගංවතුර ගලන කාලයට ගල්ලෑල්ල එකම ජලාශයක්‌ වෙනකොට අපි මේ ගමන් කරන උස්‌ වූ දුම්රිය මාර්ගය තමයි ජනතාවට එගොඩ මෙගොඩ යන්න පිහිට වෙන්නේ. කොහොමහරි ජල ගැලුම් නිම්නයේදී ඈතින් අපට දිඹුලාගල කන්දත් හොඳින් දැකගන්න ලැබුණා.

මනම්පිටියේදී අපට හමුවෙන්නෙ සුප්‍රකට මනම්පිටිය පාලම. කලක්‌ දුම්රිය හා මහාමාර්ග යන ද්විත්ව කාර්යය පාලමක්‌ වූ මෙය දැන් දුම්රිය පාලමක්‌ ලෙසම පමණක්‌ භාවිත වෙන්නෙ, මනම්පිටියට වෙනමම මහාමාර්ග පාලමක්‌ ලැබුණ හින්ද. 1920 දී පමණ මේ දුම්රිය මාර්ගය තැනීමේදී මහා අභියෝගයක්‌ වුණු මහවැලි ගඟට උඩින් ඉදිකළ යුතු වූ මේ පාලම දිගින් අඩි 950 ක්‌ වූ අතර යකඩ භාවිතයෙන් තනා නිමකරන්න සුදු ජාතික ඉංජිනේරුවන්ට වසර හතරක්‌ පමණ ගිහිං තියෙනවා.

මනම්පිටියෙන් පසුව දුම්රිය වැලිකන්ද, පුනානි, කඩදාසි නගරය ඔස්‌සේ වාලච්ෙච්නට ළඟා වෙන්නේ තරමක්‌ ළඳු කැලෑ සහිත වන වදුලක්‌ ඔස්‌සේ. වැලිකන්දේදී ඈතින් තොප්පිගලත් දැකගත හැකි අතර මේ ප්‍රදේශයේදීත් අලි-ඇතුන් බොහොමයක්‌ දුම්රියට බිලිවන බව අපට නිරතුරුව වාර්තා කරනවා.

වාලච්ෙච්න නගරයට පිවිසෙන්නට පෙර මනම්පිටිය මෙන් කලක්‌ ද්විත්ව සේවාවක්‌ සපයපු තවත් පාලමක්‌ පසුකරන්නට අපට අවස්‌ථාවක්‌ උදාවෙනවා. ඒ තමයි ඔට්‌ටමාවඩි පාලම. දැන් මෙයත් දුම්රිය පාලමක්‌ පමණක්‌ බවට පත්වෙලා තියෙන්නෙ අලුත් පාලමක්‌ වාහන ධාවනයට එකතුවෙලා තියෙන හින්ද.

කොහොමහරි වාලච්ෙච්නෙන් පස්‌සෙ අපට පසුකරන්න ලැබෙන්නෙ දෙපස ඉතා සුන්දර වටපිටාවක්‌ සහිත ප්‍රදේශයක්‌. කල්කුඩා ප්‍රදේශයේදී පොල් හා තල් වදුලු මෙන්ම, වන්දාරමුල්ලදී නැගෙනහිර විශ්වවිද්‍යාලයත් එරාවුර් ප්‍රදේශයේදී කොක්‌මොට ශාකවලින් සමන්විත දර්ශනීය තෙත්බිම් යනාදියත් අපට ගෙනදුන්නේ අමතක නොකළ හැකි ආශ්වාදයක්‌. ඒ වගේම මෙහිදී ත්‍රස්‌තවාදීන් විසින් බෝම්බ අටවා විනාශ කරනු ලැබූ දුම්රිය සුන්බුන් කොටසක්‌ තාමත් දැකගත හැකියි. ඔන්න, ඉන්පසු එනම් එරාවුර් දුම්රිය නැවතුමෙන් පසු අපේ ගමන නිම කිරීමේ අවස්‌ථාවට ළඟා වෙනවා. මීළඟට අපට හමුවන්නේ නැගෙනහිර අවසාන දුම්රිය නැවතුම්පළ හෙවත් මඩකලපුව.

එම් - 4 අංක 752 දරණ දුම්රිය එන්ජින් චාරිකාව දැන් නිමාකරන්නට අපි සූදානම්.

තවත් මොහොතකින් මඩකලපුව දුම්රිය ස්‌ථානයට ළඟාවුණු දුම්රියෙන් බැසගත් අපි, මෙතෙක්‌ අපට ළෙන්ගතුව සහාය දැක්‌වූ දුම්රිය රියෑදුරුට හා රිය සහායකට අපගේ කෘතවේදිත්වය පුදකරමින් මඩකලපු දුම්රිය ස්‌ථානයෙන් පස්‌වරුවේ සමුගත්තේ මේ අපූර්ව නගරයේ තවත් තොරතුරු සොයායෑමේ බලාපොරොත්තුවෙන්.




ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තූතිය - නාලක බණ්‌ඩාර, රංජිත් දිසානායක, පෝල් යන මහත්වරුන්ට


Source : Divaina 2011/05/15
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Mon May 23, 2011 2:49 am    Post subject:

නැගෙනහිර සුන්දරිය
පාසිකුඩා - කල්කුඩා




මඩකලපුව



මඩකලපුව ලෙසින් අද එම නගරය ප්‍රකටව ඇතත් එසේ හැඳින්වෙන්නේ ඒ ආශ්‍රිත සුවිසල් කලපුවයි. මඩකලපුව යන නම පටබැඳී ඇත්තේ කෙලෙසද පැහැදිලි නැතත් ගල්පරවල බැඳෙන "මට්‌ටි" නමැති බෙල්ලන් නිසා හෝ බහුලව මෙහි දිවි ගෙවන "ජෙලිෆිෂ්" මසුන් නිසා බව පවතින විශ්වාසයයි.

යාපනය කලපුව, පුත්තලම කලපුව හැරුණු විට මීළඟට මෙරට විශාලතම කලපු පරිසර පද්ධතිය ලෙස සැලකෙන්නේ මඩකලපුවයි. පුළුල් ලෙස පැතිරුණු හා ගැඹුරු කලපුවක්‌ ද වන මෙය, පටු විවර දෙකකින් මුහුද හා සම්බන්ධ වේ. මෝසම් වර්ෂාව සමයේදී මේ හා සම්බන්ධ දිය දහරා ඔස්‌සේ වැඩි මිරිදිය ප්‍රමාණයක්‌ කලපුවට එකතු වේ. මෙහි කඩොලානවලින් සමන්විත දූපත් රැසක්‌ ද වේ. ඉතා හොඳ මුහුදු තෘණ පරිසරයක්‌ ද මෙහි වේ. මෙනිසා කලපු මසුන් ඇතුළු ජල ජීවීන්ගේ හොඳ විවිධත්වයක්‌ මෙහි ඇත. ඉස්‌සන්, කකුළුවන් ඇතුළු කලපු ධීවර කටයුතු සඳහා මඩකලපුව ප්‍රකටය.


මඩකලපු ප්‍රදීපාගාරය



මඩකලපුව දුම්රිය ස්‌ථානයට කල්ලඩි පාලම පේන දුර. ගිය සතියෙ අපි ඒ ගැන කතා කළා. එතනම තමයි ශාන්ත සෙබස්‌තියන් දේවස්‌ථානය තියෙන්නෙත්. මේ දෙවොලත් බලා කියාගෙන පාලම අසලින් වැටී ඇති පාර දිගේ ගියහම මඩකලපු මෝයකට දක්‌වාම යන්න පුළුවන්. ඒ යන ගමනේදී අපට මඩකලපුව වෙරළ උද්‍යානය හමුවෙනවා. කලපු ධීවර කටයුතු සඳහා මෙන්ම සංචාරක බෝට්‌ටු සේවා සඳහාත් ප්‍රකට මේ ස්‌ථානය, මෝයකට දැකගන්නත් කදිම ස්‌ථානයක්‌. ඒ වගේම, ප්‍රකට මඩකලපුව ප්‍රදීපාගාරයත් පිහිටල තියෙන්නෙ මෙතැන. 1913 දී ඉදිකර ඇති මේ ප්‍රදීපාගාරයේ උස, අඩි 100 ක්‌ පමණ වෙනවා.


මාන්තිව් දූපත /ලාදුරු රෝහල



කලපුව මුහුදට සමාන්තරව පුළුල් ලෙස පැතිර තිබෙන අතර මෙහි ලොකු කුඩා දූපත් රැසක්‌ද පිහිටා තිබෙනවා. ඒ අතරින් පිළිවෙළින් වඩාත්ම විශාල දූපත් දෙක ලෙස සැලකන්නේ බµලෝ අයිලන්ඩ් සහ මාන්තිව් දූපත්. මඩකලපු නගරයට බටහිරින් පිහිsටි මෙම දූපත් අතරින් මාන්තිව් ප්‍රකටව ඇත්තේ එහි ලාදුරු රෝහලක්‌ ඇති නිසා. ඕලන්ද පාලන යුගයේදී පළමුව කොළඹ - හැඳල ලාදුරු රෝහල ඇති කළ බවත් ඉන්පසු ගාල්ලේ රූමස්‌සල හා මඩකලපුවේ මාන්තිව්වල පාළු හුදෙකලා ප්‍රදේශ තෝරා, ජනතාවගෙන් වෙන්වන පරිදි මෙවන් ලාදුරු රෝහල් ඇති කළ බවත් අතීත තොරතුරුවල සඳහන්. ඒ ලාදුරු බෝවන රෝගයක්‌ නිසා.



අක්‌කර 68 කින් තරම් විශාල කඩොලාන සහ අනෙකුත් වෘක්‍ෂ වදුලකින් සමන්විත මාන්තිව් දූපතත් එකල ලාදුරු රෝහලක්‌ බවට පත්වුණා. එදා සිට අද දක්‌වා වසර තුන්සියයකට ආසන්න කාලයක්‌ මෙය ලාදුරු රෝහලක්‌ ලෙස පවත්වාගෙන යනවා. එහෙත් එදා 350-400 ක පමණ රෝගීන්ගේ නවාතැන්පළක්‌ (ජීවිත කාලය පුරා) බවට පත්ව තිබූ මේ ලාදුරු රෝහලේ අද දිවිගෙවන්නේ රෝගීන් දෙදෙනකු පමණයි. ඒ මේ රෝගීන් දෙදෙනාගේ දුක සැප බලන්න මඩකලපු ගිය ගමනේදී අපිත් මාන්තිව් දූපතට ගියා. අසල පිහිටි ගුවන් හමුදා කඳවුරේත්, මඩකලපු රෝහල් අධ්‍යක්‍ෂවරයාගේත් විශේෂ අවසරයක්‌ ලබාගත් අපි රෝහලටම අයත් බෝට්‌ටුවෙන් මාන්තිව් ගියේ බොහෝ දෙනකුට දකින්නට නොලැබෙන ඒ දුලබ දසුන දැක බලාගෙන මාන්තිව් දූපතේ තොරතුරු ඔබටත් කියන්න හිතාගෙන.

වලයාරු ප්‍රදේශයෙන් බෝට්‌ටුවට නැඟුන අපි කලක්‌ කොටි බලකොටු ලෙස පැවැති පුදූර්, වව්නතිව් කොක්‌අඩි චෝල ප්‍රදේශත් ඇස ගැටෙන මායිමෙන් තවත් කෙටි වේලාවකදී මාන්තිව් බෝට්‌ටු ජැටියට ළඟා වුණා. එහි අපි එනතුරු රෝහල් සේවකයින් කිහිප දෙනකු රැඳී සිටියා. එතැන් සිට මීටර් හාරසියයක්‌ පමණ යනතුරු පවතින අඩිපාර වැටිල තිබුණෙ අපමණ ජලජ කුරුල්ලන් රැසක්‌ කූඩු තනා තිබූ රූස්‌ස වන වදුල අතරින්. තවත් පැත්තකින් වන වැදුණු කුඩා කුඩා නිවහන් (වාට්‌ටු) රාශිය අපට කියා පෑවේ රෝහලේ අතීත කතාව. පන්සල, පල්ලිය, කෝවිල, මුස්‌ලිම් පල්ලිය යනාදිය අද වනාන්තරයට වැහී ගිහිං. එදා මුළු ජීවිතය කාල පුරාවටම දෙමවුපියන්ගෙන්, සහෝදර, නෑදෑහිතමිතුරන්ගෙන් වෙන්වෙලා ගිය අයට මේ ආගමික ස්‌ථාන සැබෑම සුවයක්‌ ලබාදෙන්න ඇති. පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණය, යෝධ වතුර ටැංකිය පවා දැන් අභාවයට යමින් පවතිනවා. ත්‍රස්‌තවාදී ප්‍රශ්න නිසා මෙහි ජල හා විදුලි



සැපයුම් දැන් විසන්ධි වෙලා. රජයේ වෙනත් කාර්යාලයක්‌ හැටියට මාන්තිව් දූපතේ කුඩා තැපැල් කාර්යාලය තවමත් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් අපි රෝහලේ ඉන්න අන්තිම ලාදුරු රෝගීන් දෙදෙනා හොයාගෙන ගියා. කොළඹ ඉපදුණා යෑයි කියන සේනත් යාපනයේ ඉපදුණා යෑයි කියන කුරුනාදනුත් තවමත් මාන්තිව් දූපතට තනි රකිනවා. රෝහල් සේවකයින් 16 ක්‌ වගේම වෛද්‍යවරයෙකුත් වරින් වර මාන්තිව් දූපතේ රාජකාරියට එනවා. රාත්‍රියේදී රෝගීන් දෙදෙනාත් එක්‌ක බොහෝ විට මාන්තිව් රෝහලේ පස්‌හයදෙනෙක්‌ විතර තනිsවෙනවා.

කොහොම වුනත් මාන්තිව් අලංකාර, ඒ වගේම ජෛව විවිධත්වයෙන් අනූන දූපතක්‌. ඒක කුරුල්ලන්ගේ කැදලි බිමක්‌ නොහොත් කුරුලු පාරාදීසයක්‌. වවුලන්ද ඇති තරම් මෙහි දිවි ගෙවනවා. ඒ නිසා එය අභය භූමියක්‌ බවට පත්කළ යුතුය යන්න මාන්තිව් දූපතේ සැරිසැරූ අපේ අදහස වන්නේ.


කාන්තෝන්දීස්‌වරම් කෝවිල

දකුණේදී අපි කතරගම දෙවියන් ගැනත්, කතරගම දේවාල ගැනත් කතා කළා. කතරගම කැබලිත්ත, ඕකන්ද පානම වැනි ප්‍රදේශ කතරගම දෙවියන් නොහොත් ශ්‍රී මුරුගන් දෙවියන්ගේ දේවාල හැටියට සලකනවා. ශ්‍රී මුරුගන්ගේ පියා හැටියට සැලකෙන්නේ ශිවදෙවියන්. ශිව වෙනුවෙන් තැනුනු දේවාල නොහොත් කෝවිල් පද්ධතියකුත් අපේ රටේ විවිධ තැන්වල පිහිටා තිබෙනවා. එම කෝවිල "වරම්'' ලෙසයි හඳුන්වා අවසන් කරන්නේ. මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම හා හලාවත යන තැන්වලදී මෙම ශිව දෙවි කෝවිල් අපට රට වටා ගවේෂණ චාරිකාවේදී හමුවීමට නියමිතයි. පළමුව අපට හමුවන එවන් කෝවිලක්‌ තමයි මඩකලපුවේ කාන්තෝන්දීස්‌වරම් කෝවිල. අද මෙම කෝවිලේ ගත කරන අපි ඉදිරියේදී අනෙකුත් සියලුම ශිව දේවාල ගැනත් කතා කරනවා.

පසුගිය සතියේ නැගෙනහිර අප කළ දුම්රිය චාරිකාවේදී ඈතින් සුප්‍රකට තොප්පිගල දිස්‌වුනා කියල අපි කිව්ව ඔබට මතක ඇති. මඩකලපුවටත් මෙසේ තොප්පිගල ඈතින් දැකගත හැකියි. මඩකලපු නගරයේ ගත කළ කාලය අපි නිමා කරල ඊළඟට පාසිකුඩා කල්කුඩා ප්‍රදේශ බලා ගමන් ආරම්භ කළා. ඒ ගමනේදී ඌරනිය ගම් ප්‍රදේශය පහුකරන කොටම ආපහු අපට අපේ වම් දෙසින් සුවිසල් (මඩ)කලපුව හමුවෙනවා. මෙන්න මේ කලපුවට ඉහළින් තමයි ඈතින් ''තොප්පිගල' හොඳට පෙනෙන්නෙ. කුඩාවට පේන මේ දර්ශනය වාසලගේ අධිබල කැමරාවේ පිහිටෙන් සමීපකරගත් ඡායාරූපයක තමයි අද අපි මෙහි පළකර තිබෙන්නේ.


පාසිකුඩා - කල්කුඩා



පාසිකුඩා සහ කල්කුඩා කිව්වොත් මේ රටේ නොදන්නා කෙනෙක්‌ නැති තරමට මේ සුන්දර වෙරළ තීරය හරිම ප්‍රකටයි. ඇත්තටම නැගෙනහිර වෙරළේ ප්‍රකටම ස්‌ථානය නොහොත් නැගෙනහිර සුන්දරිය තමයි මේ පාසිකුඩා - කල්කුඩා වෙරළ.

වාලච්ෙච්න ප්‍රදේශයෙන් හැරී තවත් මුහුද දෙසට කිලෝමීටර් 10 ක්‌ පමණ පොල්වතු, තල් වදුලු පසුකර ගියහම මේ අපූරු වෙරළ මුණ ගැහෙනවා. රළ වේගය අඩු, නොගැඹුරු මෙම මුහුදු ප්‍රදේශය ජල තටාකයක්‌ වගේ. පවුලේ ලොකු කුඩා හැමෝටම

වතුරේ බැස විනෝදවන්නට හැකි නිසාම බොහෝ දෙනා මේ ප්‍රදේශයට ඇලුම් කරනවා. පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකක්‌. කොරල් පර වගේම කැස්‌බෑවනුත් මෙහිදී දැක ගත හැකියි


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source : Divaina 2011/05/22
Back to top
View user's profile Send private message
pesta
Founder
Founder


Joined: Nov 11, 2007
Posts: 20508
Location: USA

PostPosted: Mon May 23, 2011 5:20 am    Post subject: Re:

welcome back Chathura mall! Very Happy
Back to top
View user's profile Send private message Yahoo Messenger
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka All times are GMT + 10 Hours
Goto page Previous  1, 2, 3, 4 ... 9, 10, 11  Next
Page 3 of 11

 
Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group