Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community


Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites






Keep SLU Alive



Live Radio
Selected station:
No choice made yet



<a href=''>Play No choice made yet</a>

PopUp


Network

Birthdays

Birthdays today:
22.3: darshana
22.3: J.K.MANOJ KRISHANTHA
22.3: Akash ruvinda


Enter your Birthday


Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35
SL-Unlimited :: View topic - Ape Rata wata-Kelani Gan Modara (P:11)
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Ape Rata wata-Kelani Gan Modara (P:11)
Goto page Previous  1, 2, 3, ... 9, 10, 11  Next
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka
View previous topic :: View next topic  
Author Message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 9:27 am    Post subject:

වළවේ ගං මෝදර
ගොඩවාය




කහඳමෝදර


රැකවෙන් පස්‌සෙ, ඔරුවැල්ල මුහුදු තීරය පහුකරගෙන මීළඟට අපි ගියේ කහඳමෝදරට. තංගල්ලෙන් ඇරඹෙන මුහුදු තීරය හම්බන්තොට දක්‌වා අතිරමණීයයි. ඒ වගේම පාරිසරික අතින් වැදගත්. කැස්‌බෑවන් ගේ කැදලි බිම් ලෙසත් ප්‍රකටයි. කහඳමෝදරත් ඒ වගේ තැනක්‌. ධීවර කර්මාන්තයටත් හරිම ප්‍රසිද්ධයි. රැකවත්, උස්‌සන්ගොඩ ප්‍රදේශයත් වෙන් වෙන්නෙ මේ කහඳමෝදරින්. මෙතැනින් මුහුදට වැටෙන්නෙ ඌරුබොකු ඔය. මාතර ඌරුබොක්‌ක ප්‍රදේශයෙන් පටන් ගන්නා මේ ඔය අලංකාර මෝය කටකින් මුහුද සිපගන්නවා.


උස්‌සන්ගොඩ ජාතික උද්‍යානය




උස්‌සන්ගොඩ ඔබට මතකද? රතුපස්‌ගොඩැල්ල කියල ගැමියන් හඳුන්වන්නෙත් මේ ප්‍රදේශයම තමයි. මේ ප්‍රදේශයේ එතරම් ලොකු වනගහනයක්‌ නැහැ. කටුපඳුරු, පතොක්‌ කැලෑ වගේ ශාක ප්‍රජා තමයි තියෙන්නෙ. කෙටි තෘණ සහිත විශාල තණ පිටි කිහිපයකුත් මෙහි තියෙනවා. ඒ අතර තද රත් පැහැයෙන් කාෂ්ඨක පොළොව මතුවී පෙනෙනවා. රතු පසක්‌ මෙන්ම කළු පැහැයෙන් ජීර්ණයට ලක්‌වූ පාෂාණත් කුට්‌ටි වශයෙන් එහි දක්‌නට ලැබෙනවා. බොහෝ දෙනෙක්‌ කියන්නේ අතීතයේදි මේ ප්‍රදේශයට උල්කාපාතයක්‌ කඩා වැටීම නිසාලු මේ විශේෂ පාෂාණ පිහිටීම දකින්නට ඇත්තේ. රාම-රාවණා යුද්ධයේදී හනුමන්තා ගිනි තැබූ භූමියක්‌ විදියටත් මෙය සලකනවා. කොහොම වුණත් භූ විද්‍යාඥයන් කියන්නෙ මෙය ප්‍රාග් ඓතිහාසික පාෂාණ ශ්‍රේණියකට අයත් කියලයි. ඉරණමඩු වැනි පාෂාණ ශ්‍රේණියකට අයත් මෙහි වටිනා පුරාවිද්‍යාත්මක වැදගත්කමක්‌ ඇති බව ප්‍රාග් ඉතිහාසඥයන්ගේ මතයයි. කොහොම වුණත් උස්‌සන්ගොඩ එක්‌ කොටසක්‌ අභය භූමියක්‌. එහි තවත් ප්‍රදේශයක්‌ ජාතික වනෝද්‍යානයක්‌. මේ තමයි ශ්‍රී ලංකාවේ අන්තිමවරට ප්‍රකාශයට පත් කළ නැතිනම් අලුත්ම ජාතික උද්‍යානය. 2010 මැයි මාසේ ප්‍රකාශයට පත් කළ මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 349 ක්‌.

මෙහි මුහුදු තීරයත් හරිම අලංකාරයි. උස්‌සන්ගොඩ "තැනිතලාව" කෙළවර වෙන්නෙ මුහුදට බෑවුමක්‌ සහිත සානුවකින් වගේ. ජීවිතයේ එක්‌ වරක්‌වත් මේ සුන්දර වෙරළ තීරයටත්, උස්‌සන්ගොඩ පිටියටත් යා යුතුමයි.


ලුනම - කළමැටිය




උස්‌සන්ගොඩ වගේම ලුනම - කළමැටියත් කාලෙක පටන් අභය භූමියක්‌. ලුනම කළපුවත්, කළමැටිය කළපුවත් එකතුකරල ඒ ආශ්‍රිත ප්‍රදේශය තමයි මේ නමින් අභයභූමියක්‌ කරල තියෙන්නෙ. 1984 දී ප්‍රකාශිත මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 2525 ක්‌. ඉතාම අලංකාර භූමි ප්‍රදේශයක්‌ වන මෙය අපේ රටේ ප්‍රධාන තෙත් බිම් සංකීර්ණයක්‌ද වෙනවා. මේ මුහුදු තීරයටත් කැස්‌බෑවන් බිත්තර දමන්නට එනවා. උස්‌සන්ගොඩ මායිමේ ලුනම පිහිටන අතර කළමැටිය තියෙන්නෙ ඊළඟට.


නෝනාගම



දැන් අපි ඉන්නෙ ගජමන් නෝනාට ජෝන් ඩොයිලි දිසාපතිවරයාගෙන් ලැබුණු නින්දගමේ. මේ තමයි නෝනාගම. ගජමන් නෝනා ගැන තොරතුරු අපි මීට පෙර කිව්වා. එයාගෙ දෙවැනි සැමියා මියගියාට පස්‌සෙ ළමයින් ජීවත් කරවන්න නොවිඳිනා දුකක්‌ වින්ද කියල ගජමන් නෝනම තමයි කියල තියෙන්නෙ. ඒත් ඉතින් කවියෙන්ම තමයි. මේ කවිකාරියගේ කවිය කියෙව්ව ජෝන් ඩොයිලි ගජමන් නෝනාගේ අනාගතය ගැන බැලුවෙ මේ නෝනාගමත් එයාට තෑගි කරල.

සඳමෙන් කවා ඇති කළ ළම පැටවුන්ඩ
අද දින පමණ නැන බත උන් රැක ගන්ඩ
සොඳ ගුණ ජෝන් ඩොයිලි දිසා මැතිඳුන්ඩ
වැඳගෙන දුක කියමි පිහිටක්‌ ලැබගන්ඩ

නෝනාගම හන්දියේ ගජමන් නෝනාගේ පිළිරුවක්‌ තනා තියෙවා. මේ හන්දියෙන් ඇඹිලිපිටිය දෙසට ගියහම දකුණේ තවත් වැදගත් පුරාවිද්‍යාත්මක ස්‌ථාන රැසක්‌ හමුවෙනවා. ඒ අතරින් රම්බා විහාරය වැදගත් ස්‌ථානයක්‌. අනුරාධපුර යුගයේදී ඇතිවුණු පණ්‌ඩුකාභය මුටසීව දේවානම්පියතිස්‌ස යන සිරිලක ආරම්භක රජ පරපුරේ මීළඟ සිහසුන උරුමක්‌කරුවා වූ මහානාගට ඇතිවූ ඝාතන කුමන්ත්‍ර්‍රණයක්‌ නිසා දකුණට පලා ආ මහානාග දිවි ගෙවා ඇත්තේ මේ රම්බා විහාරයේ ඔහුගේ පුත් යඨාලතිස්‌ස, ගෝඨාභය කාවන්තිස්‌ස දුටුගැමුණු යන අය ගැන අපට දකුණේදී නොහොත් මාගම්පුරයේදී කතාකරන්නට සිදුවෙනවා. ඒ තොරතුරු තවත් පසුවට බලමු.


කිරළ කැලේ




නෝනාගම හන්දියෙන් මීටර් දෙතුන් සීයක්‌ දකුණට යන විට අපට පාර අයිනේම අලංකාර කඩොලාන පරිසර පද්ධතිsයක්‌ මුණගැහෙනවා. මේ තමයි කිරළ කැලේ. පාර දෙපැත්තේම කිරළ කැලේ දකින්නට ලැබුණත් මේ අපූරු පරිසරය සුරකින කිරළ කැලේ ජෛව විවිධත්ව සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය ස්‌ථාපිත වෙලා තියෙන්නෙ වෙරළබඩ ප්‍රදේශයට මායිම් වෙලා. සුළු ධීවර සම්මේලනය මගින් පාලනය කෙරෙන මේ කිරළ කැලේ සංරක්‍ෂණය හා අධ්‍යයන මධ්‍යස්‌ථානයක්‌. මේ මගින් කඩොලාන පරිසරය ගැන දේශන පවත්වනවා. කුඩා කෞතුකාගාරයක්‌, දේශන ශාලාවක්‌ වගේම ක්‍ෂේත්‍ර චාරිකා සඳහා මගපෙන්වීමත් මෙහිදී සිදුකරනවා.

පලතුරු බීමක්‌ ලෙස මෙහිදී කිරළබීම බෝතලයක රස බලන්නත් ඕනෑම කෙනකුට පුළුවන්. අපිත් මේ කිරළ කැලේ සුන්දරත්වය හා අද්විතීයත්වය වින්දෙ දිවුල් වගේ රසැති කිරළබීම බෝතලයක්‌ තොලගාමින්.


වාඳුරුප්ප



වාඳුරුප්ප පාරිසරික වශයෙන් හරිම වැදගත් ස්‌ථානයක්‌. සමනළ අඩවියේ වනගහනය අතරින් ඇරඹෙන වලවේ ගංගාව උඩවලව ජලාශය නිර්මාණය කරමින් අම්බලන්තොටින් මුහුද සිපගන්නා බව අපි කවුරුත් දන්නවා. ඒත් මුහුද ආසන්නයේදී වලවේ නදිය ලොකු වංගුවක්‌ මගින් හැරී වෙරළට සමාන්තරව කිලෝමීටරයක්‌ දෙකක්‌ ගමන් කර ගොඩවායෙන් තමයි අතීතයේදී මුහුද සිපගත්තේ. ඒත් වතුර වැඩිවන කාලයේදී වාඳුරුප්ප කියන මේ වංගුව සහිත පරිසරය, නැතිනම් වැඩි ජලය පැතිරෙන කලාපය ගංවතුරෙන් පිරී ඉතිරී ගියා. ඒ නිසා තමයි වාඳුරුප්ප වටිනා තෙත්බිමක්‌ ලෙස ප්‍රකට වුණේ. ඒත් ක්‍රමයෙන් වාඳුරුප්ප ජනාවාස වුණා. මන්ද වලවේ ගං මෝදර වෙළෙඳ වරායක්‌ ලෙසද ප්‍රකටව තිබූ නිසා. ගංවතුරට මේ ජනාවාසය යටවුණු නිසා හැමදාමත් වැසි වතුර බහින්න වාඳුරුප්ප වැලි වැටිය කැපුවා. එහෙමයි එතැන කෘත්‍රිම මෝය කට බවට පත්වුණේ. කලින් කලට මෙතැන මෝය කට බැඳෙනවා. එතකොට ස්‌වභාවික මෝයකටෙන් වතුර ගලා බහිනවා.


වලවේ නදිය / අම්බලන්තොට

සමනළ අඩවියේ ඉහළ මාලිබොඩ ප්‍රදේශයේදී කුඩා දිය දහරක්‌ ව උපදින වලවේ නදිය සබරගමුව, ඌව, දකුණු පළාත්වලින් ගලාගොස්‌ අම්බලන්තොටින් මහ සයුර සිපගන්නේ ශ්‍රී ලංකාවේ දිගින් හත්වැනි ස්‌ථානය ගන්නා ගංගාව ලෙසිනි. මෙහි දිග කිලෝ මීටර් 138 කි.

මේ ගලා බසින ගමනේදී වලවේ නදිය උඩවලව ජලාශය ද නිර්මාණය කරයි. උඩවලව වනෝද්‍යානයට පෝෂණය සපයමින් වේල්ලක්‌ මගින් අවහිරයට ලක්‌වන වලවේ නදිය වලව වම් ඉවුර හා වලව දකුණු ඉවුර ලෙස ගොවි ජනපද රැසකට දියවර සපයා මෙසේ වාඳුරුප්පෙන් හා ගොඩවායෙන් සයුර සිපගනී.

අම්බලන්තොට

අතීතයේදී වලවේ ගඟෙන් එගොඩවෙන්න පාළමක්‌ තිබුනේ නෑ. ඉංග්‍රීසි පාළන සමයේදී තමයි මෙතන යකඩ පාළමක්‌ හැදුණේ. ඊට කලින් කිරි වෙහෙර කතරගම දේවාලය වඳින්න ගිය උදවිය, හම්බන්තොටට ගිය වෙළෙන්දෝ ඔරු පාරුවලින් ගඟෙන් එගොඩ වුණෙත් වාඳුරුප්පෙන්. ඒ, මේ ගිරිහඩු විහාරයට පඬුරු, මල් පහන් පුදල මෙතන කඩමණ්‌ඩියක්‌ වගේ තිබුණ හින්ද තොටුපළ ළඟ අම්බලන් එහෙමත් තිබිල තියෙනව. ඒ නිසයි අම්බලන්තොට වුණේ. වාඳුරුප්පෙන් එගොඩ වුණු තැන තිබූ "සංදේශ පාර" අදත් ඒ නමින් භාවිත වෙනවා.


ගිරිහඩු රජමහ විහාරය



වලවේ ගංගාවෙන් එගොඩ වෙන්නට කලින් ගංගා ඉවුරේම තමයි ගිරිහඩු රජමහ විහාරය පිහිටල තියෙන්නෙ. මේ විහාරය බුදුන් ජීවමාන යුගයේදී ම පටන් ගත් විහාරයක්‌ බවටයි විශ්වාස කරන්නේ. බුදුරජාණන්වහන්සේට විළඳ සහ මී පැණි පිදූ තපස්‌සු- භල්ලුක වෙළඳ දෙබෑයන් ගැන අපි අහල තියෙනවා. ඒ පූජාවෙන් පස්‌සෙ වඳින්නට පුදන්නට දෙයක්‌ ඉල්ලා සිටි අවස්‌ථාවේදී බුදුන් වහන්සේ හිස පිsරිමැද කේෂ ධාතු මිටක්‌ දුන් කතාව අපි අහල තියෙනවා. ඉන් පස්‌සෙ ඒ තපස්‌සු-භල්ලුක දෙදෙනා කේෂ ධාතූන් ගෙනවිත් ගොඩපවත වරායෙන් රට තුළට ඇතුල්වෙලා කුඩා දාගැබක්‌ තනා කේෂ ධාතුන් තැන්පත් කළ බවට විශ්වාස කරන්නෙ මේ ස්‌ථානයේලු. විහාරාධිපති කුඹුක්‌වැවේ චන්ද්‍රසෝම හිමියන් අපට හමුනොවුණත්, අන්දර වැවේ ජිනරතන පොඩි හාමුදුරුවන්ගේ උදව්වෙන් විහාරයට කැඳවාගත් දායක සභාවේ නිලධාරීන් මේ කතාව අපට කීවේ ඉතිහාසඥයින්ගේ තොරතුරු ගවේෂණ උදව්වට අරගෙන. තපස්‌සු-භල්ලුක දෙපළ බැන්ද කුඩා දාගැබ පසුව කාවන්තිස්‌ස රජතුමා ලොකු දාගැබක්‌ ලෙස තනවා මෙතැන විහාරයක්‌ දක්‌වා වැඩිදියුණු කළාලු. ඉතිහාස තොරතුරු අනුව ගිරිහඩු සෑය වලවේ ගං නිම්නයේ පිහිටා ඇති බවත් කියනවා. ඒත් අපි අමතක කරන්න නරකයි ත්‍රිකුණාමලයේ තිරියාය ප්‍රදේශයේත් මේ කතාවට සම්බන්ධ ගිරිහඩු සෑයක්‌ තියෙනවා. අපි එතනදීත් මේ වගේම කතාවක්‌ ඔබට කියනවා. මේ ස්‌ථානයේ කර ඇති කැනීම් වලදී ශෛලමය විශාල හිටි පිළිමවහන්සේ නමක්‌,

බෝසත් ප්‍රතිමාවක්‌ වගේම විශේෂ ගල්කැටයම් ලෑල්ලක්‌ (සිදුහත් කුමරු හිසකේ ඡේදනය කරන රූපයක්‌ ඇති) හමුවෙලා තියෙනවා.

අද අපි ඉන්නේ ගොඩවායේ. මේ තමයි අතීතයේ ගොඩපවත වරාය පිහිටි තැන. මාන්තොට, ගෝකණ්‌ණ වගේම ගොඩපවතත් වෙළෙඳ ක්‍ෂේත්‍රයේ අමතක කළ නොහැකි නැව් තොටක්‌. ඒ විතරක්‌ නෙමේ, ගොඩවායෙන් මහ සමුදුර සිපගන්නා වලවේ ගං නදිය දිගේ වෙළෙඳ යාත්‍රා, ඔරු පාරු රට තුළටත් ඇවිත් තියෙනවා කියලයි කියන්නෙ. කොහොම වුණත් මෙතැන හරිම අපූරු තැනක්‌. කාලෙකදි වලවේ ගඟ මෙතනින් මුහුදට වැටෙනවා. තවත් කාලෙකදි මෙතන ඉඳන් කිලෝමීටර් 2-3 ක්‌ දුරින් වාඳුරුප්පෙන් මුහුදට වැටෙනවා. ඒ කෘත්‍රිම මෝය කටක්‌ මගින්. මේ දැනුත් වලවේ මෝය කට විදියට සැලකෙන්නෙ වාඳුරුප්ප. ඒත් අපූරු ඩෙල්ටාවක්‌ නිර්මාණය කරමින් ගොඩවාය ප්‍රදේශය පාරිසරික නිකේතනයක්‌ ලෙස පවතින්නෙ, ලංකාවේ අංක එකේ අභය භූමියක්‌ බවට ගොඩවාය පත්කරමින්.


ථෙරපුත්ථාභය යෝධයාගේ පන්සල.



ගඟෙන් එගොඩ වෙලා වාඳුරුප්පට ගියහම ථෙරපුත්ථාභය රාජමහා විහාරය හම්බවෙනවා. මේ විහාරයේ තමයි ථෙරපුත්ථාභය හාමුදුරුවෝ වැඩ වාසය කරල තියෙන්නෙ. දුටුගැමුණු රජතුමා චෝලයන් සමඟ සටනට සැරසෙන විට වාඳුරුප්පටත් ඇවිත් තියෙනවා. ඒ එක දවසක දස මහ යෝධයන්ට අයත් කිහිප දෙනෙක්‌ පන්සලේ පොල්, කුරුම්බා අවසරයක්‌ නැතිව හොරෙන් කඩාගෙන කෑවාලු. ථෙරපුත්ථාභය හාමුදුරුවෝ මේක දැකල යෝධයන්ට නොසෑහෙන්න තලා පන්සල් වැටෙන් එළියට විසිකරල දැම්මලු.

මේ ශක්‌තිවන්ත බව ගැන ආරංචිවෙලා දුටුගැමුණු රජතුමා ථෙරපුත්ථාභය හාමුදුරුවන්ට රට දැය රකින්න ආරාධනා කළාලු. යුද්ධය ජය ගැනීමෙන් පස්‌සෙ ථෙරපුත්තභය ආයිමත් මේ විහාරයේදීම මහණ බව ලැබූ බව අපට කිව්වේ විහාරවාසී වැලිගම සරණජෝති හිමියන්.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/02/20
Back to top
View user's profile Send private message
itisuru
UNLIMITED Welcome
UNLIMITED Welcome


Joined: May 30, 2010
Posts: 92

PostPosted: Sun Feb 20, 2011 9:01 pm    Post subject: Re:

Thank you for sharing this articles.. ........
Back to top
View user's profile Send private message
ayya
UNLIMITED Honor
UNLIMITED Honor


Joined: May 01, 2008
Posts: 1846

PostPosted: Mon Feb 21, 2011 2:36 am    Post subject: Re:

Mee paththara wala online edition eken mee aarticles balanna puluwanda ?
Thawa mee wage ... eewa thiyenawanam daaaana

Ambaanak useful
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Mon Feb 21, 2011 2:58 am    Post subject: Re:

ayya wrote:
Mee paththara wala online edition eken mee aarticles balanna puluwanda ?
Thawa mee wage ... eewa thiyenawanam daaaana

Ambaanak useful


ow mama dala thiyena date kata adala paththere me article eka thiyenawa
meka digata ma yana article set ekak.
digatama update karanawa.
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Sun Feb 27, 2011 12:37 am    Post subject: Siha nada pethiru-Kirinda(Magama)

සිහ නද පැතිරූ
කිරින්ද (මාගම)



අද අපි කඳවුරු බඳින්නෙ රුහුණු රටේ අභිමානවත් පුරවරයෙ, කිරින්ද නොහොත් මාගම. ඉපැරැණි මාගම්පුර රාජධානිsය පිහිටා තිබුණා යෑයි කියන්නෙ මෙහි. දස භාතිsක රජ පෙළපත මගින් පවත්වාගෙන ආ මාගම්පුර රාජධානිය රුහුණු රාජාධානිය බවට මහත් අභිමානවත්ව ගොඩනැගුවා යෑයි කියන්නෙ දේවානම් පියතිස්‌ස රජුගේ සොහොයුරා වූ මහානාග රජතුමා. රාජ්‍යත්වය සඳහා ඇතිවුණු ගැටුමක්‌ මුල්කරගෙන ක්‍රි.පූ. 246 දී මහානාග දකුණට පළා එනවා. ඒ ඇවිත් තමයි මාගම රජවුණා යෑයි කියන්නෙ. ඒ විතරක්‌ නෙමේ පිය පුතු රාජ්‍යත්වය පිළිබිඹු කරමින් පිළිවෙළින් යඨාලතිsස්‌ස, ගෝඨාභය, කාවන්තිsස්‌ස සහ දුටුගැමුණු රුහුණේ නොහොත් මාගම රජවෙනවා. ගැමුණු කුමාරයා රට එක්‌සේසත් කිරීමේ සටන පටන් ගත්තෙත් මෙතනින්ම තමයි. ඒ විතරක්‌ නෙමේ. කැලණිතිස්‌ස රජ දවස රට මුහුදු බත්වීමෙන් ගලවගන්න කැලණියෙන් දියඹට පාකර යෑවූ වීර කාන්තාව විහාර මහා දේවිය ගොඩ බසින්නෙත් මේ මාගම නොහොත් කිරින්දෙන්ම තමයි. ඉතින්, කැලණි ගං තොටින් රට වටා යන්න පටන් ගත්ත අපිටත් කිරින්ද වැදගත් නවාතැන් පලක්‌ බවට පත්වීම සතුටක්‌.


ගොඩවාය/ගෝඨ පබ්බතවෙහෙර



පසුගිය සතියෙ අපගේ නවාතැන වුණේ පුරාණ ගොඩපවත වරාය පිහිටි තැන. නොහොත් ගොඩවාය. එහි පැවැති පැරැණි විහාරස්‌ථානය තමයි ගෝඨපබ්බත විහාරය. මෙම විහාරය යඨාල තිස්‌ස රජුගේ පුත් ගෝඨාභය (මහානාග රජුගේ මුණුපුරා) කරවූ බවටයි විශ්වාස කරන්නේ. වසර දෙදහසකට වඩා පැරණි මේ වරායේ සියලු බදු ආදායම් දීල තියෙන්නෙ ඒ ආශ්‍රිත කඳුගැටය මත තියෙන ගෝඨපබ්බත විහාරයට. ඒ ගැන ලියෑවුණු සෙල්ලිපිය තවමත් විහාරයේ තියෙනවා. ඊට පසුව පළමුවන ගජබා රජතුමා 12000 ක සේනාවක්‌ සමඟ ගොඩපවත වරායට ආ බවත්, මේ වරායේ බද්ද විහාරයට ලබාදෙන්න ඔහු කටයුතු කළ බවත්, කියෑවෙන සෙල්ලිපිය ඔහු පිහිටුවා තිබෙනවා. ඒ ක්‍රි. ව. 112 -134 දී.

මේ ස්‌ථානයේ කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයෝ වසර 7000 ක්‌ විතර පැරණි මානව ඇටසැකිල්ලක්‌ සොයාගෙන තිබෙනවා. ඒ වගේම වසර දෙදහසකට වඩා පැරණි රුවල් යාත්‍රාවක්‌ ගිලී තිබී හඳුනා ගෙන තියෙනවා. ගල් නැංගුරමකුත් සොයාගත් බවයි කියන්නෙ.


හම්බන්තොට වරාය



හම්බන්තොට යන නම නිර්මාණය වී ඇත්තේ සම්-පන් -තොට යන අරුතෙන් බවයි විශ්වාස කරන්නෙ.

අතීතයේදී මෙහි පැවැති නැව්තොටට සම්වලින් සැදී සම්පන් නොහොත් හම්බන්නම් විශේෂ රුවල් යාත්‍රා වර්ගයක්‌ පැමිණි බව විශ්වාස කරනවා. මේ සම්පන් නමැති යාත්‍රාවලින් පැමිණි වෙළෙඳුන්ගෙන් මෙහි කුඩා ජනපදයක්‌ නිර්මාණය වුණාලු. සම්පන්තොට හෙවත් හම්බන්තොට නිර්මාණය වුණේ එහෙම කියලයි කියන්නේ.

වරාය
අද හම්බන්තොට වරාය මීට වසර 2 කට පමණ පෙර ප්‍රකට කරගම් ලේවායයි. ස්‌වභාවික ලේවායක්‌ වූ මෙය කලක්‌ අභය භූමියක්‌ ලෙසද ප්‍රකාශයට පත්වුණා. කෙසේ හෝ වත්මන් රජයේ සංවර්ධන ක්‍රියාදාමයක්‌ ලෙස මෙහි දැන් ජාත්‍යන්තර වරායක්‌ ඉදිව තිබෙනවා. මාතර - තංගල්ල ප්‍රධාන මුහුදුබඩ මාර්ගය කපා සැදූ මුහුදු විවරයක්‌ තුළිනුයි දැන් හම්බන්තොට වරායට නාවික යාත්‍රා පැමිණෙන්නේ. එක්‌ අතකින් මෙය ශ්‍රී ලංකාවේ භූ - සිතියම වෙනස්‌කළ ක්‍රියාදාමයක්‌ ලෙසයි සැලකෙන්නේ.


ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය
හම්බන්තොට - සූරියවැව ඉදිවූ ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවට විවෘත කරනු ලැබුවේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරග වෙනුවෙන්. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් ඉදිවූ මෙහි ප්‍රථම ක්‍රිකට්‌ තරගය පසුගිය 20 වැනිදා පැවැති අතර කැනඩාව හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක්‌ අත්වුණා.


ධීවර වරාය / කොටුව
හම්බන්තොට ධීවර වරායත් පැරැණි ලන්දේසි කොටුවත් යාබදවයි පිහිටා තිබෙන්නේ. මෙම ධීවර වරාය සුනාමියෙන් දරුණු විනාශයකට ලක්‌වුණා. නමුත් දැන් එය නැවතත් අප රටේ ප්‍රධාන ධීවර වරායක්‌ බවට පත්වෙලා. මෙම වරාය පිහිටල තියෙන්නෙත් හම්බන්තොට නගරය තුළමයි.

කොටුව / කුළුණු කන්ද
ධීවර වරාය, බස්‌ නැවතුම්පළ අසලට පැරැණි ලන්දේසි කොටුව නොහොත් කුළුණු කන්ද හොඳින් දිස්‌වෙනවා. නමුත් කොටුවේ විස්‌තර දැනගන්න එහි යා යුතුමයි. පැරැණි කොටුබැම්ම දැන් එතරම් පැහැදිලිව දකින්න නැහැ. නමුත් මෙහි භූ පිහිටීම හේතුවෙන් අතීතයේ සිට හොඳ ආරක්‍ෂාවක්‌ මෙම ස්‌ථානයට තියෙන්නට ඇත්තෙ මෙය මුහුදට නෙරාගිය තුඩුවක්‌ ලෙස පිහිටා තිබෙන නිසා වෙන්න ඇති.

අද හම්බන්තොට මහලේකම් කාර්යාලය ඇතුලු රජයේ කාර්යාල රැසක්‌ පිහිටා තියෙන්නෙ මේ පරිශ්‍රය තුළයි. අතීතයේදී, එනම්, සුදු පාලන සමයේදී හම්බන්තොට පාලනය කළ දිසාපතිවරුන් වූ ජෝන් ඩොයිලි වගේම ලෙනාඩ් වුල්ෆ් ගැනත් අපි හොඳින් අහල තියෙනවා. "බැද්දේගම" නවකතාව ලියාපු වුල්ෆ් වගේම ඩොයිලිත් තම පාලනය ගෙන ගියේ මේ කොටුව තුළ ඉඳන්. බැද්දේගම නවකතාවෙන් වුල්ෆ් වැන්නවුන් නඩු අහපු හැටි අපිට චිත්‍රයක්‌ මවල පෙන්වනවා. ඒ වගේම සමාජ විරෝධීන් ලෙස හංවඩුගහපු අයත්, මරණීය දණ්‌ඩනයට නියම කළේ මේ කොටුව ඇතුලෙ තිබූ වධකාගාර තුළදී. එවන් එක්‌ සාධකයක්‌ තවමත් හම්බන්තොට කොටුවෙ ඉතිරි වෙලා තියෙනවා. එA එල්ලුම් ගහ.


ප්‍රදීපාගාරය / මාටෙලෝ කුළුණ
උසින් අඩිs 88 ක්‌ වන හම්බන්තොට ප්‍රදීපාගාරය ගොඩනගා ඇත්තේ 1878 දී. මෙයත් පිහිටල තියෙන්නෙ ලන්දේසි කොටුව ඇතුලෙ. දිවයින වටා ඇති ප්‍රදීපාගාර අතරින් මේ ප්‍රදීපාගාරයේ විශේෂත්වයකුත් තියෙනවා. ඒ අලංකාර රටාවකට මෙය නිර්මාණය කරල තියෙන හින්ද. වර්ණ කිහිපයකින් මෙය පින්තාරු කරල තියෙනවා.

මාටෙලෝ කුළුණ
මේ ප්‍රදීපාගාරය අසල තවත් වැදගත් ගොඩනැඟිල්ලක්‌ පිහිටල තියෙනවා. ඒ තමයි මාටෙලෝ කුළුණ. ප්‍රංශයේ උතුරු කෝෂිකාවේ ඇති මාටෙලෝ ස්‌ථම්භය පරිදිම ක්‍රි.ව. 1796 දී කැප්ටන් ගෝපර් නමැත්තා විසින් ඉදිකර ඇති මෙම දෙමහල් කුළුණ නාවික භටයන්ගේ මුරපළක්‌ ලෙසත් මුදුන් මහළ කාලතුවක්‌කු අට්‌ටාලයක්‌ ලෙසත් භාවිත කර තිබෙනවා. ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ල ගත්තාට පස්‌සෙ අත්අඩංගුවට ගන්ත අවසන් ලන්දේසි සෙබළුන් සිරකරුවන් විදිහට රඳවාගෙන හිටිය කියන්නෙත් මේ කොටුව තුළලු. තට්‌ටු ගොඩනැඟිල්ලක්‌ වන මෙය, රවුම් හැඩයට නිර්මාණය කරල තියෙනවා. ඒත් අද හරිහැටි සංරක්‍ෂණයක්‌ සිදුනොවන හින්ද, එහි තට්‌ටුවලට නගින්න බැහැ. ගොඩනැඟිල්ල ශක්‌තිමත්ව තිබුණත් ලී තට්‌ටු සියල්ලම පාහේ දිරාපත් වෙලා කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ.



ඡායාරූපය-රෝහිත ගුණවර්ධන


එල්ලුම්ගහ



ඉංග්‍රීසි පාලන සමයේදී මරණීය දණ්‌ඩනයට ලක්‌කළ පුද්ගලයන් එල්ලා මරා දමනු ලැබූ "එල්ලුම් ගහ" තවමත් මේ කොටුව ඇතුලෙ තියෙනවා. දකුණු මුහුද අයිනෙ පාලු, හුදකලා ස්‌ථානයක සවිකරල තියෙන මේ එල්ලුම් ගහේ කොටසක්‌ කැඩිල ගිහිල්ල වුණත්, පාදමත් ඊට සවිකළ ඕක්‌ අරටු කඳේ අඩි 30-35 ක කොටසකුත් තවම සංරක්‍ෂණය කරලා තියෙනවා. මේ එල්ලුම් ගහේදී එල්ලා මරා දමපු පුද්ගලයන්ට දඬුවම් දෙන අයුරු ලෙනාඩ් වුල්ෆ් තමන්ගේ නිල නිවසේ සිට එදා බලාගෙන හිටියලු.

මහලේවාය



හම්බන්තොට නගරය පහුකරල මීළඟට අපි ගියේ ලුණු ලේවායට. නැතිනම් මහලේවායට. දකුණේ තියෙන ලුණු ලේවායන් අතර රජයේ සම්බන්ධයක්‌ සහිතව පාලනය කරන ලංකා ලුණු සංස්‌ථාවේ ලේවායන් තුනක්‌ තියෙනවා. ඒ මහලේවාය, බුන්දල හා පළටුපාන ලේවායන්.

අතීතයේදී ස්‌වභාවිකව ලුණු මිදෙන කළපුවක්‌ ලෙස තිබුණු මහ ලේවාය 1938 දී දෙපාර්තමේන්තුවක්‌ බවට පත්කළා. එතෙක්‌ මෙහි පාලනය තිබ්බෙ හම්බන්තොට උප දිසාපතිවරයාට. ලෙනාඩ් වුල්ෆ් දිසාපතිවරයාත් කලක්‌ මේ ලේවාය තමන් යටතේ පාලනය කළා. කොහොම වුණත් උඩරට ගිවිසුම මගින් ලංකාවේ බලය බ්‍රිතාන්‍යයන් අතට ගත්තට මේ ලුණු ලේවායන්ගේ බලය හා පාලනයත් වැදගත් හේතු සාධකයක්‌ වූ බවයි කියන්නෙ. ඒ ලුණු තීරණාත්මක සාධකයක්‌ නිසා. නැතිනම් ලුණු නැතිsව කෑම කන්න බැරි නිසා.

කොහොම වුණත්, රටේ මුළු ලුණු අවශ්‍යතාව මෙටි්‍රක්‌ ටොන් එක්‌ලක්‍ෂ තිස්‌දහසක්‌. ඉන් ටොන් හැටදාහක්‌ හදන්නෙ මේ අපි ඉන්න මහලේවායේ. බූන්දලින් ටොන් 15,000 ක්‌, පලටු පානෙන් ටොන් 5000 ක්‌ ලෙස දකුණෙන් ටොන් 80,000 ක්‌ ලුණු නිපදවනවා. ඒ කියන්නෙ ජාතික නිෂ්පාදනයෙන් 60-65% ක්‌ විතර.


කවට අන්දරේ



මහ ලේවාය පහුකරල තිස්‌සමහාරාමය පාරේ තවත් දකුණු දෙසට යනවිට අපිට හමුවන්නෙ උඩමලල ප්‍රදේශය. ඒ එක්‌ හන්දියක "කවට අන්දරේ" නමින් ප්‍රකට වෙලා හිටිය රජවාසල කවටයාගේ පිළිරුවක්‌ අපිට හමුවෙනවා. එතැන ඉඳින් තවත් මීටර් දෙතුන් සීයක්‌ රට තුළට ගියහම තමයි අන්දරේගේ සොහොන හමුවන්නෙ. ඔහුට ගරු කිරීමක්‌ වශයෙන් මෙතැන හරි අපූරුවට සොහොන් කොත නිර්මාණය කරල තියෙන බවත් අපි සිහිපත් කළ යුතුයි. ඒ කාර්යය කරල තියෙන්නෙ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින්. ඇතැම් අය කියන්නෙ අන්දරේ දෙවුන්දර කිරළවැල්ලෙ ඉපදුණා කියල. තවත් අය කියන්නෙ අන්දරේ ඉපදුණේ මාතර දික්‌වැල්ලෙ කියල. කොහොම වුණත් ඔහු මහනුවර යුගයේ රජකම් කළ රාජාධිරාජසිංහ (1781-1798) රජතුමාගේ රාජ සභාවෙ කවටයා විදිහට සේවය කළ බවයි කියන්නෙ. ඒ අධිකාරම්වරයකු හැටියට. ඒ වගේම ඔහු හොඳ කවියෙක්‌. ඔහුගේ පළමු කවිය ලෙස සැලකෙන්නෙ ඔහුගේම අප්පච්චිට කියූ කවියක්‌ලුq. ඒ ඔහුට දුන්න දඬුවමක්‌ ලිහිsල් කරගන්න.

වැස්‌ස තද නිසා සීතල වැඩි වෙච්චි
ඇඟපත වෙවුළාය සන්නිය ළං වෙච්චි
එලොව පොල් පෙනෙයි අද නම් වැරදිච්චි
හොඳ හැටි ගෙයි දොයිද මගෙ බුදු අප්පොච්චි

ඔහුගේ අවසන් කවිය බව සැලකෙන්නේ කොතරම් රාජ ගෞරව, සැප සම්පත් ලැබුණත් දිය පොදක්‌ පිපාසෙට නැතිව හම්බන්තොට තිස්‌සමහාරාම පාරෙදී තම උපන් ගමට යන ගමන් ගහක්‌ යටදී රෝගාතුරව මිය යැමට සිදුවුණු අවස්‌ථාවේදී කියෑවුණු කවියක්‌.

රිදී කළේ රන් කොතලේ බීපු මට
නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට
කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලි තිබු මට
මැරෙන්නට වුණේ පළු වීර ගස්‌ යට

සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් ලෙස ප්‍රකටව සිටි අන්දරේගේ සොහොනට ගොස්‌ මේ අසහාය විකටයා ගැනත් කතා කරන්න ඔන්න අපි අමතක කළේ නෑ.


බූන්දල ජාතික වනෝද්‍යානය



මීළඟ අපිට හමුවන්නෙ බූන්දල ජාතික උද්‍යානය. මහලේවායත් කළින් තිබුණෙ මේ උද්‍යාන සීමාවටම අයත් ලවන වගුරක්‌ විදිහට. බූන්දල ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාතික රැම්සා තෙත් බිම වන අතර මිනිසා සහ ජෛවගෝල රක්‍ෂිතයක්‌ද වන මෙය ශ්‍රී ලංකාවේ 12 වැනි ජාතික උද්‍යානයයි. අක්‌කර 9245 ක්‌ විශාල මෙම උද්‍යානය 2004 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණා. පර්යටනික කුරුල්ලන්ගේ පාරාදීසයක්‌ වන මෙය රජ සියක්‌කාරයා දැනට ශ්‍රී ලංකාවේදී දැකගත හැකි හොඳම පරිසර පද්ධතිය ලෙස සලකනු ලබනවා. එමෙන්ම කැස්‌බෑවන් කැදලි තනන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික උද්‍යානයත් බූන්දලයි. උද්‍යානය තුළ කළපු පහක්‌ පිහිටා තිබෙනවා. ඒ, ඇඹිලිකල, බූන්දල, මළල, කෙහොලංකල හා මහලේවායයි. තවත් වගුරු, ලවණ හැල්, වගේම දර්ශණීය වැලි තලාවකින්ද උද්‍යානය සමන්විතයි. මෙහි ඉතා ඉහළ ජෛව විවිධත්වයක්‌ද වාර්තා වෙනවා.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා - බන්දුල මානවඩු


Source : Divaina 2011/02/27
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Sun Mar 06, 2011 1:16 am    Post subject:

වන සතුන්ගේ රජදහනවන සතුන්ගේ රජදහන
යාල (පළටුපාන)




බුන්දල



බ්‍රිතාන්‍ය පාලන සමයේදී සුදු ජාතිකයන්ගේ ප්‍රධානතම පරිපාලන කේන්ද්‍රයක්‌ තමයි හම්බන්තොට. හම්බන්තොට හිටි ඇතැම් සුදු නිලධාරීන් යාල වනයට එදා ගිය කෙටිම මාර්ගය වැටිල තිබුණෙ බුන්දල ගම්මානය හරහා. මහ ලේවාය, බුන්දල පහුකරමින් කිරිඳිඔයෙන් එගොඩව කිරින්දට ගිය ඔවුන් එතැනින් යාලට ගියේ බොහෝ විට අසුන් පිට නැගී. නැතිනම් කරත්තවල නැගී. අපිත් රටවටා චාරිකාවට මේ ගමන් මාර්ගයම තෝරාගත්තා. ඒ බුන්දල හරහාත් යන්න ඕන නිසා. බුන්දල ගම්මානයට යන්න පෙර අපට බුන්දල කලපුව හමුවෙනවා. මේ කලපුව කුරුල්ලන්ගේ නවාතැනක්‌ ලෙස ප්‍රකටයි. ඒ වගේම මෙය දැන් අයත්වන්නේ බුන්දල උද්‍යානයටයි.

බුන්දල කලපුව දෙකඩ කරමින් තමයි බුන්දල ලුණු ලේවාය නිර්මාණය කරල තියෙන්නේ. ඉස්‌සර කලපුවට තිබ්බ මෝය කට දැන් ලේවායට අයත් වෙනවා. බුන්දල කලපුවට කපාපු කෘත්‍රිම මෝය කටකින් තමයි දැන් මුහුදු වතුර එන්නෙ.

බුන්දල ලේවාය




හම්බන්තොට මහලේවාය ගැන පහුගිය සතියෙ අපි කතා කළා. ජාතික ලුණු නිෂ්පාදනයෙන් 60%-65% ක්‌ සපයන දකුණේ ලුණු ලේවායන් තුනෙන් අපට දැන් හමුවන බුන්දලින් මෙටි්‍රක්‌ ටොන් 15,000 ක වාර්ෂික ලුණු අස්‌වැන්නක්‌ ලැබෙනවා.


කිරින්ද / කිරිඳිඔය



කිරින්දේ ධීවර වරායට යාබදවයි විහාරමහා දේවි විහාරස්‌ථානය පිහිටල තියෙන්නෙ. කැලණිතිස්‌ස රජ සමයේ මුහුද ගොඩගැලීමෙන් රට බේරගන්න දියඹට පාකර යෑවූ වීර කුමරිය, විහාරමහාදේවිය ගොඩබැස්‌සා යෑයි කියන තැනක්‌ තමයි මේ කිරින්ද විහාරස්‌ථානය තියන තැන.

කිරිඳිඔය

කිලෝමීටර් 117 ක්‌ දිග කිරිඳිඔය ශ්‍රී ලංකාවේ දිගින් 11 වැනි ස්‌ථානයට ගැනෙන ගංගාව ලෙස සැලකෙනවා. රත්නපුර - පැල්මඩුල්ලේ කුට්‌ටාපිටිය කන්දෙන් ආරම්භ වන කිරිඳිඔය ලංකාවේ දර්ශනීයම දියඇල්ලක්‌ වන කිරිඳිඔය ඇල්ලත් නිර්මාණය කිරීමෙන් පසු ලුණුගම්වෙහෙර ජලාශය තනා බුන්දල වනෝද්‍යාන දකුණු මායිමෙන් ගලාගොස්‌ මහ මුහුද සිපගන්නවා.


මැණික්‌ රජ මහා විහාරය



කිරින්දෙන් මීළඟට අපි ගියේ යෝධ කණ්‌ඩිය වැව, තිස්‌ස වැව පහුකරමින් තිස්‌සමහාරාම නගරයට, තිස්‌සමහාරාමයේදී එක දිගට පිහිටා තියෙන පැරණි චෛත්‍යයන් හතරක්‌ අපට දැකගත හැකියි. ආරම්භයේ සිට සැලකූ විට අපට පළමුව හමුවන්නෙ මැණික්‌ රජමහා විහාරය. මේ මැණික්‌ රජමහා විහාරය කරවූයේ මහානාග රජු විසින් බවයි විශ්වාස කරන්නේ. එහෙත් හෙන්රි පාර්කර්ගේ මතය නම් මෙය දුටුගැමුණු රජුගේ නිර්මාණයක්‌ බවයි. ඒ එහි පවතින ගඩොල් දුටුගැමුණු යුගයට අයත් යෑයි කියන නිසා. 1882 දී රොබට්‌ ලොන්ඩන් ආණ්‌qකාරවරයා විහාරය සහිත ඉඩම තංගල්ලේ ශ්‍රී ජිනරතන හිමියන්ට පූජා කිරීමෙන් පසු 1894 දී දාගැබ සංරක්‍ෂණය කර තිබෙනවා.

දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා බැඳි ගල


මැණික්‌ රජමහා විහාරයට අයත් යාබද පොල්වත්ත තුළ "ඇතාබැඳිගල" නමින් ප්‍රකට සෙල්ලිපියක්‌ සහිත විශාල ගල් කුළුණක්‌ තිබෙනවා. මෙය ඇතෙක්‌ බැඳීමට යොදාගත්තක්‌. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ දුටුගැමුණු මහරජතුමා එළාර රජුට එරෙහිව ඇරඹූ සටනේ තීරණාත්මකම සාධකයක්‌ වූ "කඩොල් ඇතා" බැඳ සිටි ගල් කණුව මෙය බවයි. සැබැවින්ම අද සංරක්‍ෂණය කර ඇති මෙම කුළුණ දකින විට අපට පසක්‌ වන්නේ පැහැදිලිවම රාජකීය ඇතකු බැඳ තැබීම සඳහා මෙය යොදාගන්නට ඇති බවයි. එවන් තේජවත් බවක්‌ මෙන්ම ශක්‌තිමත් බවකුත් එහි ගැබ්ව තිබෙනවා.


තිස්‌සමහාරාමය



ඉතා ප්‍රකට තිස්‌සමහාරාමය මීළඟට අපිට හමුවන ස්‌ථූපයයි. මෙම විහාරස්‌ථානය ඉදිකර තිබෙන්නේ කාවන්තිස්‌ස රජතුමා. එහෙත්, හෙන්රි පාර්කර් දක්‌වා ඇත්තේ තිස්‌සමහාරාමයත් මහානාග රජුගේ නිර්මාණයක්‌ බවයි. බුදුන්වහන්සේ ලක්‌දිව වැඩ වාසය කළ සොළොස්‌මස්‌ථාන අතරින් එකක්‌ ද වන මෙම ස්‌ථූපය තුළ බුදුන් වහන්ස්‌ගේ යටි වම් දළදා වහන්සේ නමක්‌ තැන්පත් කර ඇති බවයි කියන්නේ.


යඨාල ස්‌ථූපය



මැණික්‌ රජමහා විහාරයට යාබදවයි යඨාල රජමහා විහාරය පිහිටා තිබෙන්නේ. මෙම ස්‌ථූපය දකුණුලක ප්‍රථම ස්‌ථූපය ලෙස සැලකෙන්නේ දේවානම්පියතිස්‌ස රජුගේ සොහොයුරු මහානාග යුව රජු විසින් මෙය ඉදිකර ඇති නිසා. සිරිලක රජ කිරුළ හිමිව සිටි මහානාගට එරෙහිව පැන නැඟුණු ඝාතන කුමන්ත්‍රණයක්‌ හේතුවෙන් දකුණු ලකට පලායන මහානාග - අනුලා යුවළට පුතකු ලැබෙනුයේ මෙම යඨාල වෙහෙර තැනූ ස්‌ථානයේදී ලු. එය සිහිවීමට ස්‌ථූපය තැනූ මහානාගයන්, යඨාල යන ප්‍රදේශයේ නමත්, තම සහෝදර දේවානම්පියතිස්‌ස සිහිවනු පිණිස තිස්‌ස නාමයත් එක්‌කර තම පුතුට "යඨාලතිස්‌ස" යන නම තැබූ බවයි කියන්නෙ. ඒ විතරක්‌ නෙමේ පුතු උපන් තැන ස්‌ථූපයක්‌ ගොඩනැඟූ මහානාග, යඨාල වෙහෙර නමින් එය නම්කර එකල සිංහලයේ ප්‍රථම රහතන් වහන්සේ වූ මහා අරිට්‌ඨ හිමියන්ට මෙය පූජා කළ බවත් සඳහන් වෙනවා. මෙම ස්‌ථූපයේ හතරැස්‌ කොටුවෙන් පසු තිබී ඇත්තේ (එකල) චත්‍ර තුනක්‌ පමණයි. ඒ කියන්නෙ කොත තිබී නැහැ. ඒ මෙරට ආරම්භකම චෛත්‍යයක්‌ වන නිසා.


සඳගිරිය



මීලඟට අපට හමුවන්නේ සඳගිරිය නොහොත් සඳගිරි රජමහා විහාරය. මෙම චෛත්‍යයත් මහානාග රජුගේ ඉදිකිරීමක්‌ බව ඇතැමුන් කියනවා. තවත් මතයක්‌ අනුව මෙම විහාරය කරවා ඇත්තේ කාවන්තිස්‌ස රජතුමා. අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙය ප්‍රතිසංස්‌කරණය කරමින් පවතිනවා. දකුණුලක රජ පෙළපත ආරම්භයට අයත් මෙම වෙහෙර විහාර සංකීර්ණය මාගම නොහොත් රුහුණු රාජධානියේ ප්‍රෙෘඪත්වය ගැන අපට අගනා කතාන්දරයක්‌ කියනවා.


කතරගම දෙවොල / කිරිවෙහෙර



රටවටා චාරිකාවේදී අපට කතරගම දේවාලය ගැනත් කතරගම දෙවිඳුන් නොහොත් ස්‌කන්ධ කුමරු හා වල්ලිඅම්මා ගැනත් හොඳ කතාන්දරයක්‌ කියන්න තියෙනවා. ඒ නිසාම තමයි මෙවර අපි කතරගම දේවාලය ගැන සිහිපත් කළේ. කතරගම දේවාලය ඉදිකිරීම ක්‍රි.පූ. 1 වැනි සියවස දක්‌වා දිවයන බවයි විශ්වාස කරන්නේ. එළාරට විරුද්ධ සටනේදී යුද්ධයට අධිපති දෙවියාගේ ආධාර පැතූ දුටුගැමුණු රජු කතරගම දේවස්‌ථානය කළ බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ.

කිරි වෙහෙර

කතරගම දෙවොලට යාබදව පිහිටා ඇති කිරිවෙහෙර කාවන්තිස්‌ස රජ දවස ඉදි වූ බව විශ්වාස කරනවා. දුටුගැමුණු - එළාර යුද්ධයෙන් පසු විවිධ රජවරුන් යටතේ කිරිවෙහෙරත්, කතරගම දෙවොලත් නැවත නැවත ප්‍රතිසංස්‌කරණය වුණාලු. කෙසේ වුවත්, ඉංග්‍රීසි පාලන සමයේදී පවා කතරගම දේවාලයට මහත් සැලකිල්ලක්‌ තිබූ බවයි කියන්නෙ. 1818 වෙල්ලස්‌සේ කැරැල්ල ජයගත් ඉංගී්‍රසි සේනාංකවල තත්ත්වය පිරික්‌සීමට කතරගමට ගිය එවක ලංකාවේ ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රින්ග්ස්‌ කතරගම දේවාලය ඉදිරිපිටදී ඡායාරූපයකට පෙනී ඉඳ තිබෙනවා. ඒ දුලබ ඡායාරූපය අදත් කතරගම බස්‌නායක මැඳුරේදී දැකබලා ගත හැකියි.


යාල ජාතික උද්‍යානය

ශ්‍රීලංකාවේ පැරැණිතම ජාතික උද්‍යානය තමයි යාල. 1938 පෙබරවාරි මස 25 වැනිදා මෙය ප්‍රකාශයට පත් කළේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදී. කොටස්‌ පහකින් හා නිමලව, කටගමුව, කතරගම යන අභයභූමින් සමඟ යාල වන රක්‍ෂිතයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1297 ක්‌. වර්ෂ 1900 දක්‌වා මෙය සුදු ජාතිකයන්ගේ දඩයම් බිමක්‌ ලෙස පැවතුණා. ඉන්පසු 1908 දී තමයි මෙය අභයභූමියක්‌ බවට පත්වුණේ.

යාල වනෝද්‍යානය තමයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ නැතිනම් දකුණු පළාතේ අවසන් මායිම. මේ මැදින් ප්‍රධාන ගංගා දෙකක්‌ ගලා යනවා. ඒ තමයි මැණික්‌ ගඟ හා කුඹුක්‌කන් ඔය. කුඹුක්‌කන් ඔයෙන් දෙපසට යාලත්, යාල නැගෙනහිර නොහොත් කුමණත් අපට හමුවෙනවා. අතිශය අද්විතීය යාල වන උයන දේශ දේශාන්තරවල පවා ප්‍රකටව ඇති වනෝද්‍යානයක්‌. මෙහිදී කොටියා, වළසා, අලි - ඇතුන්, කුළුහරකුන් ඇතුළු දුර්ලභ සතුන් පහසුවෙන් දැකගත හැකි බව වනලෝලීන් දන්නවා.

මේ වනෝද්‍යානයේ කලාප අංක එක කොටස තමයි දැනට සංචාරකයන්ට විවෘත කර තිබෙන කලාපය. කලාප අංක තුන හා කලාප අංක දෙකටත් දුෂ්කරතා මැද සංචාරය කළ හැකියි. ඒ ගැන තොරතුරුත් සමඟ අපි යාල වනෝද්‍යානය ගැන තවත් තතු ලබන ඉරිදාත් කතා කරනවා. ඒ විතරක්‌ නෙමේ මතක තියාගන්න තවත් සුවිශේෂී නැවුම් අත්දැකීමක තොරතුරක්‌ ලබන සතියේ අපි ඔබට කියනවා.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට, උද්‍යානපාලක යූ. ඩී. ඉන්ද්‍රජිත් මහතාට


Source : Divaina 2011/03/06
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Sun Mar 13, 2011 3:50 am    Post subject:

කුඩා රාවණා කොටුව සහ
මහා රාවණා කොටුව




අපගේ රට වටා ගවේෂණ චාරිකාව දැන් දකුණේ අවසන් කඳවුරුබිම වෙත ළඟා වී තිබෙනවා. ඔබ දන්නවා මේ චාරිකාවේදී අප විශේෂයෙන්ම ප්‍රදීපාගාර ගැනත් ගවේෂණයක යෙදෙනවා. ලංකාව වටා තියෙන සමස්‌ත ප්‍රදීපාගාර ගැන මෙහිදී අපි කතා කරනවා. ඉතින් දකුණේ අවසන් මුහුදු තීරයේ මේ දිනවල ගතකරන අපි මෙතැනින් යාල මහ වනය පසුකර නැගෙනහිරට පියමං කරන්නට මත්තෙන් රුහුණු රට පිහිටි වැදගත්ම ප්‍රදීපාගාර දෙකක්‌ පසුකර යන්නට සිදුවෙනවා. ඒ තමයි මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව නොහොත් Great basses සහ Little Basses කියන සමුද්‍රීය ගල්පර ප්‍රදේශ දෙක. ඒත් ඉතින් මේ ප්‍රදීපාගාර දෙක බලන්න යනව කියන්නෙ මහා අභියෝගයක්‌. මේ දෙක පිහිටල තියෙනනෙ අවම තරමින් ගොඩබිමේ ඉඳන් කිලෝමීටර් 10 ක්‌වත් දුරින් මුහුද මැද. මේ ප්‍රදීපාගාර එකිනෙක අතරත් කිලෝමීටර් 35 ක විතර දුරක්‌ තියෙනවා.

මහා රාවණා කොටුව වගේම කුඩා රාවණා කොටුවත් පිහිටුවා තිබෙන්නෙ යාල ජාතික වනෝද්‍යානයට මුහුණලා. මහා රාවණා කොටුව කිරින්ද පළටුපාන - යාල ගොඩබිම් ප්‍රදේශවලටත් ඉතා ඈතින් දිස්‌වෙනවා. කුඩා රාවණා කොටුව ගොඩබිමකට දිස්‌වන්නේ යාල වනෝද්‍යානයේ කලාප අංක දෙක ප්‍රදේශයට. පහළ පොත්තන මිනිහා ගල් කන්ද වගේ තැන්වලට.



ප්‍රදීපාගාර දෙකට යන්න කිරින්ද ප්‍රදේශයෙන් මුහුදු යාත්‍රාවකට ගොඩවෙන්න පුළුවන්. ධීවර බෝට්‌ටුවක නැගී ගමන් කිරීම පහසුම කටයුත්තක්‌ වුණත්, මුහුදේ තත්ත්වය අනුව අවධානම ගැනීම ගමන් ගන්නාගේ වගකීමක්‌. ඉස්‌සර නම් මේ ප්‍රදීපාගාර දෙකේ සේවා මුර ක්‍රමයට සේවය කළ සේවකයින් හිටියා. ඔවුන්ට පහසුකම් සපයා දෙන්න වගේම සේවා මුරයේදී මාරුකරන්නත් වරාය අධිකාරියෙන් වෙනමම යාත්‍රාවක්‌ යොදවා තිබුණා. ඒත්, කාලය ගොඩාක්‌ දේවල් වෙනස්‌ කරලා. දැන් මේ ප්‍රදීපාගාරවල එළිය දෙන්නෙ ස්‌වයංක්‍රීය විදුලි පහන්වලින්. ඉතින් ඉඳහිට යන වරාය අධිකාරයේ යාත්‍රාවක්‌ දැන් අපිට පිහිට වෙන්නෙ නෑ. ඒත් ඉතින් මේ චාරිකාව නොහොත් මේ සුවිසල් අත්දැකීම් අතහරින්නත් බැහැ. කුඩා රාවණා, මහා රාවණා නොගිහින් රට වටේ ගිහිං වැඩකුත් නැහැ. පහුගිය ටිකේ මුහුදත් හොඳ නැතිව තිබුණු හන්දා (රළු නිසා) ආරක්‌ෂාවේ ප්‍රශ්නයක්‌ අපට තිබුණා. මේ අභියෝග සියල්ල ජයගෙන මේ දුෂ්කර එමෙන්ම බොහෝ දෙනකුට දකින්නට නොලැබෙන ප්‍රදීපාගාරවල තොරතුරු, ඡායාරූප ගෙන එන්නට අන්තිමේදී අපි සහාය පැතුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ. ඒ සඳහා අපට ආරක්‌ෂක අමාත්‍යංශයේ අවසරයත් ඕන වුණා. ඒ සියලු අවශ්‍යතා සපුරාගෙන ඔන්න අපි මහා රාවණා, කුඩා රාවණා ප්‍රදීපාගාර (ගල්පර) දෙකටත් ගියා. මේ ගැන තමයි අපි මේ සතියේ සුවිශේෂ නැවුම් අත්දැකීමක තොරතුරක්‌ කියනව කියල පහුගිය ඉරිදා ඔබට කිව්වෙ.



ආරක්‌ෂක අමාත්‍යාංශයෙන් අපි කරනු ඉල්ලමකට විශේෂ සැලකිල්ලක්‌ දක්‌වපු අමාත්‍යාංශයේ අධීක්‍ෂණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අපගේ ඉල්ලීමට අවසර ලබා දෙමින් ඒ කාර්යය ඉටුකරගන්න නාවික හමුදාව වෙත අපව යොමු කළා. නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ රියාර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ මැදිහත්වීම මත නාවුක හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගේ මගපෙන්වීමෙන් මීළඟට අප යොමු කෙරුණේ නාවික හමුදා දක්‌ෂිණ කඳවුරේ මෙහෙයුම් නිලධාරී ලුතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම් මහතා වෙත. මේ සියලු නිලධාරීන්ගේ කාරුණික මගපෙන්වීම, අනුග්‍රහය හා මනා සම්බන්ධීකරණය හේතුකොට ගෙන අපගේ ගමන ඉතා හොඳින් සැළසුම් වුණා. අවසානයේ ලුතිනන් කමාන්ඩර් ජනිත බුද්ධික අණභාර නිලීධාරියා ලෙස කටයුතු කළ සුපර් ඩෝරා වර්ගයේ ප්‍රහාරක මුර යාත්‍රාවක උදව්වෙන් අපට පළමුව මහා රාවණා පරයේ පිහිටි මහා රාවණ ප්‍රදීපාගාරයටත්, ඉන්පසු කුඩා රාවණා ප්‍රදීපාගාරයටත් යන්නට හැකිවුණා. අද අපේ ගවේෂණ චාරිකාව හැඩවෙන්නේ ඒ අනුග්‍රහය මත අප ගත් ඡායාරූපවලින්. ඉහත නිලධාරීන් වගේම මුර යාත්‍රාවේ සියලු ලොකු කුඩා නිලයන් මෙහිදී අපට දැක්‌වූ කාරුණික අනුග්‍රහය අප කතෘවේදීම සිහිපත් කළ යුතුයි.



ගාල්ල නාවික කඳවුරෙන් ගමන් ආරම්භ කළ අපි පැයට සැතපුම් 80 පමණ වේගයෙන් ගමන් කරන යාත්‍රාවේ නැගී වැලිගම, මාතර පහුකරල මී ළඟට ළඟා වුණේ දෙවුන්දර ප්‍රදේශයට. දෙවුන්දර තුඩුව මෙහිදී අපට පැහැදිලිව දැකගත හැකියි. කළින් දවසක අපි කඳවුරු බැන්ද දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරයත් මහා සාගරයට ඉතා හොඳින් දිස්‌වෙනවා. සාගරයේ සිට දෙවුන්දර නොහොත් "ඩොන්ඩ්‍රා ලයිට්‌ හවුස්‌" එකෙත් ඡායාරූප ගත් අපි මීළඟට ළඟා වුණේ ගොඩවාය, හම්බන්තොට ප්‍රදේශයට. හම්බන්තොට නව වරාය පිවිසුම වගේම එහි ඉදිකිරීම් යනාදියත් අද අපි නැරඹුවෙ සාගරයේ ඉඳල. ඊළඟට අපි ක්‍රමයෙන් කිරින්දට ළඟා වුණා. එතැන් ඉඳන් දකින්න ලැබුණෙ යාල වනෝද්‍යානය. ආකාශ චෛත්‍ය, පටනංගල ප්‍රදේශයත් සමඟ ඔන්න ඈතින් පළමුව අපට දකින්න ලැබුණෙ මහ රාවණ ප්‍රදීපාගාර කුලුණ. ඒත් ඊට පෙර සිට නවීන සුපර් ඩෝරා යාත්‍රාවේ පවතින රේඩාර් තිරයේ මහා රාවණා ප්‍රදීපාගාරය අපට පෙන්නුවේ යාත්‍රාවේ අණභාර නිලධාරී ලුතිනන් කමාන්ඩර් බුද්ධික. අපට අලුත්ම අත්දැකීමක්‌ වූ ඒ ගැන වගේම අපි අහන බොහෝ දේවල්වලට ඒ නිලධාරියා නොවලහා කියා දුන් දේවල් රටවටා ගවේෂණය කරන අපිට ඉදිරියටත් මහත් උපකාරයක්‌ වේවි කියලයි මට හිතෙන්නෙ.


මහා රාවණා ප්‍රදීපාගාරය



මහා රාවණ කොටුවට අපි ළඟාවුණේ තවත් අමුත්තන් පිරිසකුත් සමඟයි. අපිව පිළිගන්නට වගේ මග බලාගෙන හිටියෙ ඩොල්පින් රංචුවක්‌. ඒ මේ අත පනිමින් උන් අපි පැමිණි සතුට පළ කළ බවයි දැනුනේ. කොහොම වුණත් ඈතින් ඡායාවක්‌ වගේ පෙනෙන ගොඩබිමත්, නිල්වන් අහස්‌ කුසේ නැඟි පෙනකැටිවන් වළාපෙළත් මැදිකරගගනිමින් විසල් ප්‍රදීපාගාරය සාගරය පරයා නැඟී සිටින්නට වෙර දරනවා. ගොඩබිමේ සිට කිලෝමීටර් 13 ක්‌ පමණ දුරකින් පිහිටි මෙහි උස මීටර් 34 ක්‌. 1873 දී නිර්මාණය කර ඇති මෙය ඉංග්‍රීසීන්ගේ නිර්මාණයක්‌. මයිකල් පැරඩේගේ උපදෙස්‌ අනුව මෙය සැළසුම් කර ඇත්තේ සර් ෙ-ම්ස්‌ නිකලස්‌ ඩග්ලස්‌ නම් සුදු ජාතිකයා. එය ගොඩ නගා ඇත්තේ විලියම් ඩග්ලස්‌ නම් ඔහුගේ සහෝදරයා. ගිනිකොණදිග මුහුදේ මෙය පිහිටුවා ඇත්තේ එකල ධීවරයන්ටත් වඩා නැව් ගමනා ගමනය සඳහා පහසුවෙන විදිහට. නොදියුණු කලෙක මෙවන් ප්‍රදීපාගාරයක්‌ මුහුද මැද ඉදිකිරීම කොයිතරම් අභියෝගයක්‌ද? ඒ විතරක්‌ නෙමේ මෙතැන පිහිටි ගල්පරය හේතුවෙන් අතීතයේදී නාවික අනතුරු රැසක්‌ සිදුවුණාලු. ඒ නිසා තමයි මෙතැන මෙවන් ප්‍රදීපාගාරයක්‌ ඉදිකර තියෙන්නේ.


කුඩා රාවණා ප්‍රදීපාගාරය



කුඩා රාවණා ප්‍රදීපාගාරය අපට හමුවෙන්නෙ මහා රාවණා ප්‍රදීපාගාරය හමුවෙලා තවත් කිලෝමීටර් 37 ක්‌ දකුණු දිගින්. මෙහි උස මීටර් 34 ක්‌. ගොඩබිමේ සිට කිලෝමීටර් 10 කට ආසන්න දුරකින් තමයි පිහිටල තියෙන්නෙ. මෙයත් නිර්මාණය කරලා තියෙන්නෙ ඩග්ලස්‌ සහෝදර දෙපළ විසින්. ඒ 1878 දී. ගිනිකොණ දිග මුහුදේ පිහිටල තියෙන මෙය දකුණු මුහුදේ අවසානය වශයෙනුත් අපට හැඳින්විය හැකියි. මේ ප්‍රදීපාගාරයටම ආවේණික වර්ණාලේපයකුත් තියෙනවා. මේ ගැන අපට නාවික නිලධාරී බුද්ධික මහතා කිව්වෙ එක්‌ එක්‌ ප්‍රදීපගාරයට අනුරූප වුණු වර්ණ, ඉදිකිරීම් යනාදී වෙනස්‌කම් තියෙනවා පමණක්‌ නොව බොහෝ ප්‍රදීපාගාරවලින් තමන්ට ආවේණික වූ රේඩියෝ තරංග මලාවකුත් මුදාහරින බවයි. ඩොන්ඩා ලයිට්‌ හවුස්‌වලදී මේ රේඩියෝ තරංග දහරා නිකු=ත් වෙන හැටි අපි දැක්‌කෙ යාත්‍රාවේ රේඩාර් තිරයේදී.


පෙරවරුවේ ගාල්ල වරායෙන් රාවණා කොටුව ගවේෂණ චාරිකාව ඇරඹූ අපි, මහා රාවණ කොටුව ගල්පරය පසුකර කුඩා රාවණ කොටුව ගල්පරය ප්‍රදේශයට එනවිට දහවල ඉක්‌ම ගොස්‌ තිබුණා. ඒ උදේ තේ විවේකයත් අරගෙන. රාවණා ප්‍රදීපාගාර දෙකේම ඡායාරූප පිටපත් කරගත් පසු අපි ආයිමත් ගාල්ලට එන්න හැරුණා. ඒත් එහෙ මෙහෙ "දුවන-පනින" ඩොල්පින්ගේ ප්‍රබෝදයෙන් අපි ආයිමත් ටිකවේලාවක්‌ මත් වුණා. ඔය විදිහට තමයි එදා චාරිකාව ගෙවිල ගියේ. පසෙකින් ගොඩබිම් තීරයත්, නිල්වන් ජල තලය කපාගෙන සුදු පෙණ පිඬු වළාවක්‌ නිර්මාණය කරමින් ඇදෙන වේග ප්‍රහාරක යාත්‍රාවේ නැවුම් අත්දැකීම් රැසක්‌ ද සමගින් අපි ආයිමත් ගාලූ තොටින් යාත්‍රාවෙන් බැසගත්තේ හිරු බැස යන සැඳෑවේ.



යුද්ධය ජයගෙන සාමකාමී රටක්‌ ගොඩනැගීම වෙනුවෙන් එදා යුදබිමේ දහදිය මහන්සි කැප කළ නිලධාරීන් සෙබළුන් පිරිසක්‌ සමග දවසක්‌ ගත කරන්නට ලැබීමත් මේ චාරිකාවේ අමතක නොවන අත්දැකීමක්‌ බවත් මෙහිදී කිව යුතුමයි.

ඉතින් පසුගිය සතියෙ අපි හිටියෙ යාල වනෝද්‍යාන පිවිසුම අසල. ඒ කියන්නෙ පළටුපානෙ. හදිසියේ යන්න වුණු මුහුදු ගමනෙන් පස්‌සෙ අපි ආයිමත් යාල වන උයනට යායුතුයි. ලබන සතියෙ අපි මඟුල් මහ විහාරය, සිතුල්පව්ව බලාගෙන මැණික්‌ ගං මෝය කටෙන් මිනිහා ගල්කන්දට ඇදෙනවා. ඒ තමයි අපේ ඊළඟ කඳවුරු බිම. උද්‍යානයේ රසබර තොරතුරු සමගින් එසේ නම් අපි හමුවෙමු ලබන සතියේ යාල වනෝද්‍යානයේ සිට.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තූතිය-
ආරක්‌ෂක අමාත්‍යාංශයට, නාවික හමුදාවට සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, රියල් අද්මිරාල් ජයන්ත පෙරේරා, කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය, ලූතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම්, ලූතිනන් කමාන්ඩර් ජනිත බුද්ධික යන මහත්වරුන්ට


Source : Divaina 2011/03/13
Back to top
View user's profile Send private message
pesta
Founder
Founder


Joined: Nov 11, 2007
Posts: 20508
Location: USA

PostPosted: Sun Mar 13, 2011 5:04 am    Post subject: Re:

Me thread eka godak watina ekak! Danne nethi dewal koi tharam thibeda
ape lankawema..
Thanks Chajee malli.
Back to top
View user's profile Send private message Yahoo Messenger
vicky123
UNLIMITED Welcome
UNLIMITED Welcome


Joined: Jul 07, 2009
Posts: 197
Location: Australia

PostPosted: Mon Mar 14, 2011 1:14 pm    Post subject: Re:

Thank you Chajee for sharing.
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Sun Mar 20, 2011 2:39 am    Post subject:

සොබාදහමේ අපූරු නිමැවුම
මිනිහා-ගල්කන්ද
(යාල)





කිරිඳිඔය



කිරින්දෙන් කිරිඳිඔය මහ සයුරට එක්‌වන බව අපි මීට කලින් කිව්වා. ඒත් ඒ සටහනේම කිරිඳිඔය පටන් ගන්නා ස්‌ථානය ගැන අපි ලියල තිබ්බ සටහන දෝෂ සහිතයි කියලා හිතවත් පාඨකයෙක්‌ අපට දැනුම් දුන්නා. ඇත්ත කිරිඳිඔය පටන් ගන්නේ රත්නපුරෙන් නෙමෙයි. බණ්‌ඩාරවෙල - ලියන්ගහවෙල කිතල් ඇල්ල ප්‍රදේශයෙන් එහෙම පටන් ගන්නා කිරිඳිඔය, සුප්‍රකට රාවණා ඇල්ලත් නිර්මාණය කරමින් ඇල්ල - වැල්ලවාය ප්‍රදේශයෙන් ඌව තැනිතලාවට පැමිණෙනවා. වැල්ලවාය නගරාසන්නයෙන් දකුණු දෙසට එන කිරිඳිඔය, ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ බස්‌නාහිර මායිම දිගේ පැමිණ ලුණුගම්වෙහෙර ජලාශය තනා කිරින්දෙන් මුහුද සිප ගන්නවා.


කඩොල් ඇතාගේ දළ යුගල



දුටුගැමුණු රජතුමාට එළාර ප්‍රමුඛ සතුරු හමුදාව ජය ගන්නට මහත් වෙර වෑයමක්‌ සැපයූ කඩොල් ඇතා බැඳ තිබූ මාගම (තිස්‌සමහාරාමයේ) මැණික්‌ රජ මහා විහාරයේ "ඇතා බැඳි ගල" ගැන අපි පසුගිය දිනෙක කතා කළා. ඒ වගේම මේ කඩොල් ඇතු ගැන තවත් තොරතුරු ටිකක්‌ අදත් අපිට කියන්න තියෙනවා.

යුද්ධය නිමවීමෙන් පස්‌සෙ කඩොල් ඇතා යළිත් මාගමට ගෙනවිත් පැල්වත්ත - කුඩාඔය ප්‍රදේශයේ දිවි ගෙව්වාලු, බුත්තල යටියල්ලාතොට විහාරයේ විහාරාධිපති හිමියන් පැවැසූ පරිදි කඩොල් ඇතා වයෝවෘධ වනතුරු ඉඳල තියෙන්නේ බුත්තල දොරමැඬිල්ල කියන ස්‌ථානයේ. ඇතාට නාන්න පීල්ලක්‌ වගේ සාදා තිබූ ස්‌ථානය අදටත් එහි තියනවාලු. රාජ කුමාරවරු දෙදෙනකු භාරයේ හිටි කඩොල් ඇතු මේ කුමාරවරුන් අතර ඇති වු ආරවුලක්‌ හේතුවෙන් කුමාරවරු දෙදෙනාම මියගියාට පසු අවසන් සුසුම් හෙළුවාලු. කඩොල් ඇතාගේ භූමදානය සිදුකර ඇත්තේ අනුරාධපුරයෙන් ගෙනා මැණික්‌ ගැල් 21 ක්‌ සමඟලු. මේ ස්‌ථානයේ ගල්කණුවලින් ස්‌මාරකයක්‌ තනා තිබ්බ බවයි සලකන්නේ. කොහොමහරි කඩොල් ඇතුගේ අඩි 8 ක්‌ පමණවන දළ යුගලය එකල මෙහි සිටි වැදි නායකයකුට අයත්ව තිබූ බවත් ඔහු විසින් පසුව වැද්දන්ගේ ආච්චි ලෙස පිදුම් ලබන "වල්ලිඅම්මා" වෙනුවෙන් කතරගම මහ දේවාලයට ලබාදී ඇති බවත් අපට කිව්වෙ නායක හාමුදුරුවන්මයි. දේවාලයේ ලේකම්තුමා දයානන්ද අධිකාරි මහතාත් මේ කතාව අනුමත කළා.

දැන් දුටුගැමුණු රජුගේ කඩොල් ඇතාගේ දළ යුගලය සුරක්‍ෂිතව කතරගම දේවාලයේ තියෙනවා. වාර්ෂිකව ඇසළ මංගල්ලයේදී මේ දළ යුගල, මහජන ප්‍රදර්ශනයට තබනවා.


පලටුපාන ලේවාය / නිමලව



යාල හන්දියෙන් හැරී යාල වනෝද්‍යානය දෙසට යනවිට අපට පලටුපාන ලේවාය හමුවෙනවා. "ලංකා සෝල්ට්‌ ලිමිටඩ්" මගින් පාලනය කරන ලේවා තුනෙන් මහලේවාය, බූන්දල ලේවාය හැරුණු කොට ඉතිරිවන මීළඟ ලේවාය තමයි මේ පලටුපාන මෙහි වාර්ෂිකව ලුණු මෙටි්‍රක්‌ ටොන් 5000 ක නිෂ්පාදනයක්‌ සිදුකරනවාලු.


නිමලව අභය භූමිය / ආරණ්‍යය

පලටුපාන ආසන්නයේම තමයි නිමලවත් පිහිටල තියෙන්නේ. හරියටම කියනවානම් නිමලව යාල උද්‍යානයටම මායිම් වෙලයි තියෙන්නේ. ගල්කඳු, ලෙන්වලින් සමන්විත මෙය ඉතා පැරැණි ආරණ්‍යයක්‌ මෙහි පවතින වනගහනය ආරක්‍ෂා කරන්නන්, අලි - ඇතුන්, ගෝන - මුවන් ඇතුළු වනසතුන්ගේ පරිසරය ආරක්‍ෂා කරන්නත් 1993 දී මෙය රජය මගින් අභය භූමියක්‌ බවට පත්කළා. මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 1065 ක්‌.

යාල වනෝද්‍යානය

ඔන්න අපි ආයිමත් යාල ගැන කතා කරනවා. උද්‍යානයේ පොදු තොරතුරු අපි පහුගිය දිනක කතා කළ නිසා උද්‍යානය තුළ තියෙන සිතුල්පව්ව විහාරයත්, මඟුල් මහා විහාරයන් ගැන කතා කරගෙන අපි දැන් යාල කලාප අංක එකෙන් මැණික්‌ ගං මෝදර පසුකර මිනිහාගල්කන්ද ප්‍රදේශයේ රාත්‍රී කඳවුරුබිම බලා ගමන් කරනවා.

මඟුල් මහා විහාරය



කිරින්දට ගොඩ බැස්‌ස විහාරමහාදේවිය රැගත් නෞකාව පිළිගත් බව කියන එවක රුහුණේ රජුවූ කාවන්තිස්‌ස රජතුමා විහාරමහාදේවිය විවාහ කරගත් බව කියන්නෙ මඟුල් මහා විහාරයේ දීලු. (හැබැයි මේ කතාවම ලාහුගල මඟුල් මහා විහාරයේදීත් අපට අහන්නට ලැබෙනවා.) අද යාල උද්‍යානයේ කලාප අංක එකට අයත් වන මෙය මෑතකදී ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා.

සිතුල්පව්ව විහාරය

රුහුණේ පෞරාණිකම ආරාමයක්‌ වන මෙය ක්‍රි. පූ. 2 වැනි සියවසේදී කාවන්තිස්‌ස රජතුමා විසින් ඉදිකරනු ලැබ තිබෙනවා. ක්‍රි. පු. පළමුවැනි සියවසේදී, එනම් වළගම්බා රජදවස මෙහි දොළොස්‌ දහසක භික්‍ෂූන් වහන්සේලා. (රහතන් වහන්සේ සමඟ) වැඩසිටි බව පවතින විශ්වාසයයි. මේ ආශ්‍රිතව ශිලා ලේඛන 60 ක්‌ පමණ හඳුනාගෙන තියෙනවා. පර්වත මස්‌තකයෙහි පවතින දාගැබ කාවන්තිස්‌ස රජුගේ නිර්මාණයක්‌ වන අතර පරිවාර චෛත්‍යය වසභ රජුගේ නිර්මාණයක්‌ ලෙස සලකනවා. කෙසේ හෝ සිතුල්පව්ව රුහුණේ අසිරිමතම විහාරයක්‌ හැටියටයි සලකන්නේ.

වන මැදින් මිනිහාගල්කන්දට



පෙරවරු හය පමණ වන විට අපි පලටුපාන පිහිටි යාල උද්‍යානයේ මූලස්‌ථානයට පැමිණ සිටියා. එහිදී අපට එක්‌වූණේ උද්‍යාන පාලක ඩබ්ලිව්. ඉන්ද්‍රජිත් මහතා ප්‍රමුඛ වනජීවී කාර්ය මණ්‌ඩලය. අප රැගත් ජීප් රථයත්, ඉන්ද්‍රජිත් මහතා ප්‍රමුඛ ජීප් රථයත් ගමනට එක්‌ වුණේ ඉරු නැග එන උදයේදීමයි. ගොඩේ කළපුව උද්‍යාන පිවිසුම් දොරටුව ඔස්‌සේ මහාසීලව, පටනංගල, බුතව හරහා මඳ වේලාවකින් අපි පැමිණියේ පරණ තොටුපළ ළඟට. නැතිනම් මැණික්‌ ගං දෑලට. පළමුව ඉන්ද්‍රජිත් මහතා ප්‍රමුඛ වනජීවී දෙපාර්තමේන්තුවේ කැබ් රථය මැණික්‌ ගඟ තරණය කළා. ඉන්පස්‌සෙයි අපගේ රථාචාර්ය උපුල් ශාන්ත පැදවූ දිය ගොඩ දෙකටම ඔබින "දඬුමොණරය" මැණික්‌ ගඟ තරණය කළේ.

මැණික්‌ ගඟට පසුව අපට හමුවෙන්නෙ පුළුල් තැනිතලාවක්‌. දැන් වියළී ගිය පිටියක්‌ වගේ දිස්‌වුණාට වැහි කාලයේදී මේ පිටිය මැදින් වාහනයක්‌ ධාවනය කරන්න අමාරුයි. ඒ එකම ගොහොරුවක්‌ බවට පත්වන නිසා. මඩේ යන්න ඉතින් සිව්බලය සහිත ජීප්රථයක්‌ වගේ දෙයක්‌ ඕනමයි.



කොහොමටත් යාල කලාප අංක දෙකට යන්න සිව්බල වාහන දෙකක්‌ අනිවාර්යයි. ඒ හදිසි විපතකදී පිහිටවීම සඳහා. අපට පළමුව හමුවන පිට්‌ටනිය නොහොත් පැරණි යාල වෙල පහුකරගෙන අපේ රථ දෙක ඉදිරියට ඇදුනෙ දූවිලි වළාවක්‌ නංවාගෙන. කුඩා කුඩා ආරවල් වලින්, වළ ගොඩැලිවලින් රථ දෙක එක හැල්මේ ඇදෙනවා. ත්‍රස්‌තවාදී කලබල පැවති දිනවල මේ පැත්තට නම් මේ වගේ වාහන ආවෙ නෑ. බයක්‌ නැතිව මේකෙ යන්නත් බැහැ. අද අපි ඇදෙන්නෙ මැණික්‌ ගං මෝය හරහා මිනිහා ගල්කන්ද කියන සුවිශේෂී පාෂාණ පිහිටි ප්‍රදේශයට. එක්‌ තැනකින් මාර්ගය දෙකට බෙදෙනවා. එක්‌ පැත්තක්‌ පහළ පොත්තන හරහා කුඹුක්‌කන් ඔයෙන් කුමන හරහා නැගෙනහිරට යන පාර. දැන් අපි යන්නෙ එතනින් දකුණට ඇති මුහුද දෙසට ඇති පාරෙ.

පැයක එක හමාරක විතර ගමනකින් ඔන්න අපට හමුවන්නෙ මැණික්‌ ගංමෝය. එතැනින් පාර හදාගෙන වගේ තවත් ඉදිරියට ගියහම වැලි කඳු යායක්‌ දකින්නට පුළුවන්. යාල උද්‍යානය ගැන පළපුරුදු කාර්ය මණ්‌ඩලය අපට මග පෙන්වනවා. වනජීවි කැබ්රථය ඉදිරියෙනුත්, අපගේ ජීප් රථය පසු පසිනුත් මේ වැලිතලාවේ ඉදිරියට ඇදෙන්නෙ අඩියක්‌ දෙකක්‌ එරෙන වැල්ලෙ මහ හඬ දීගෙන. තවත් මොහොතකින් අපි හිටියේ සාගරය හොඳින් දිස්‌වෙන මුහුදු බොක්‌කක වැලිතලාවක්‌ මත. දකුණු පසින් මැණික්‌ ගඟේ මෝය කට. වම් පසින් තෙර නොපෙනෙන සුදු වැලිතලාව. නැත්නම් සාගර වෙරළ. සුදු පෙණ පිඬු නංවා මහ මුහුද "හෝ ..... හෝ ......" නදින් වෙරළට ඇදී ආපසු යනවා. මේ අතර වනජීවි කාර්ය මණ්‌ඩලය අපි හැමෝටම උදේ ආහාරය පිළියෙළ කරනවා. පාන්, බනිස්‌, සීනි සම්බෝල, පොල් රොටි වැනි අතට අහුවුණු දෙයක්‌ ගිලදාල අපි දැන් යන්නට සැරසෙන්නෙ යාල කලාප අංක දෙකේ පිහිටි අර කිව්ව මිනිහාගල්කන්දට. මෙතැන ඉඳන් මිනිහාගල්කන්දට කිලෝමීටර් හයකවත් ගමනක්‌ තියෙනවා. ඉතින් අපි ලහි ලහියේ ඒකට ලැහැස්‌සි වුණේ දැඩි හිරු රැස්‌ දාහයෙන් මිදී එතැනට කල්වේලා ඇතිව එහි යා යුතු වූ නිසා. ඒත් ඉතින් රට වටා ගමනේදී අපි බලාපොරොත්තු වූ තවත් වැදගත් තැනකටයි අපි මේ ඇවිත් ඉන්නෙ. ඒ මැණික්‌ ගං මෝදර. ඒ නිසා එහි මඳක්‌ වේලා ගත කර ඒ ඡායාරූප ටිකත් අරගෙන මිනිහා ගල්කන්දට යන එක තමයි වඩා හොඳ කාර්යය. ඒ නිසා අපි උදයවරුව ගත කළේ ඒ කාර්යය වෙනුවෙන්. නමුණුකුල කඳු පන්තියෙන් ඇරඹෙන මැණික්‌ ගඟ. වැල්ලවාය ප්‍රදේශයෙන් ගලා ඇවිත් සෙල්ල කතරගම, කතරගම දේවාලය අසලින් යාල උද්‍යානයට ඇතුළු වෙනවා. ඒ ඇවිත් උද්‍යානය හරහා යන්නෙ යාල කලාප අංක එක හා දෙක කොටස්‌ වෙන් කරමින්. ඊළඟට තමයි ගිනිකොණ දිග මුහුදු වෙරළේදී සයුර සිප ගන්නේ. ඒ මෝයකට අසලදී මැණික්‌ ගංගාව දිය දහරා දෙකකට බෙදෙන්නෙ ඩෙල්ටාවක්‌ නිර්මාණය කරමින්. ඒ වගේම පුළුල් විල්ලුවක්‌ද නිර්මාණය කරනවා. මේ විල්ලුවේ මසුන්, ඉස්‌සන් වගේ කුඩා මසුන් මෙන්ම විටෙක මෝරුන් පවා දැක ගත හැකියි. අතීතයේදී මැණික්‌ ගඟ දිගේ කතරගම දක්‌වා මෝරුන් ආ බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ පොත්පත්වල සඳහන් වෙනවා.

කොහොම හරි අපි මැණික්‌ ගං මෝaයේ ගත කළ කාලය කෙළවර වුණේ දහවල් ආහාරයත් එහිම හිඳ පිසගනිමින්. වනජීවි නිලදරුවන් සමග එකතු වී ආහාරය සකසා කුස පුරවාගත් අපි ඔන්න දහවලේදී අපේ දවසේ ගමනේ ඉලක්‌කය වූ මිනිහා ගල්කන්දට ඇදුණා.



අපේ වාහන දෙක පාළු, හුදෙකලා වැලිතලාව අතර රැඳවූ පසු කට්‌ටියම ගමනට එකතු වුණා. පෙණ පිඬු නඟා ඇදෙන රැල්ලට පා දොවමින් අපි තවත් දකුණු දෙසට වෙරළ දිගේම ඇදුණා. ඔන්න සැතපුම් 2 ක්‌ විතර ගියහම වෙරළට උඩින් මුහුද දිහා බලාගත්ත කෙනෙක්‌ ඈත තියාම අපිට දැක ගන්න ලැබුණා. අඳුරගන්න බැරි වුණත් ඒ නම් මිනිස්‌ රුවක්‌ම තමයි. "කවුද ඒ" කියලත් අපේ කෙනෙක්‌ වනජීවි නිලධාරියකුගෙන් අහනව ඇහුණා. නමුත් මේ සැබෑ මිනිස්‌ රුවක්‌ හෝ මිනිස්‌ ඡායාවක්‌වත් නෙමේ. මේ තමයි මිනිහාගල්කන්දේ "මිනිහාගේ" රූපය. හරියටම මිනිස්‌ රුවක්‌ වගේ දිස්‌වෙන්නේ සොබා දහමේ විශ්මිත නිර්මාණයක්‌ සේ බිහිවුණු අපූරු පාෂාණ ස්‌ථම්භයක්‌. ටිකෙන් ටික ළං වෙන කොට මේ "මිනිසා" කවුද කියල අපි හොඳට හඳුනා ගත්තා. යාල කලාප අංක දෙකේ අවසන් කෙළවරට කිට්‌ටුව තියෙන මේ ස්‌ථානය සැබවින්ම විශ්මිත භූමි ප්‍රදේශයක්‌. ශ්වේත- රක්‌ත - පීත වන් පස්‌ තට්‌ටු පමණක්‌ නෙමේ, පඬුවන්, ලෝහිත වන් දිරාගිය පාෂාණත් මෙහි තිබෙනවා. හරියට උල්කාපාතයක්‌ කඩා වැටුණු ප්‍රදේශයක්‌ වගේ. අක්‌කර දහසක්‌ දෙදහසක්‌ වගේ ප්‍රදේශයක පාෂාණ ස්‌ථර ඛාදනය වෙලා තියෙන්නෙ හරියට යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක්‌ වගේ. ඒත් මේ සියල්ල සොබා දහමේ විශ්මිත ක්‍රියාකාරීත්වයක්‌.

මිනිහාගල්කන්දට ආපු අපි මේ බොහෝ තැන්වල ඇවිද්දා. ඒ කඳුගැටය මුදුනට නැඟල හිතේ හැටියට සාගර වෙරළේ ආශ්චර්ය විඳගත්තා. ඈතින් අපි ගිය සතියේ ගිය කුඩා රාවණා ප්‍රදීපාගාරය මුහුද මැද ඡායාවක්‌ වගේ දිස්‌වෙනවා. මොන තරම් ආශ්චර්යක්‌ද? අපේ රටේ මෙවන් දුලබ, සුන්දර තැන් දකින්න අපි මොනතරම් පිංකර තියෙනවද කියල අපිට මෙතනදී හිතුන. "ඇවිද්ද පය දහස්‌ වටී" කියල කියන්නෙ මේනිසා තමයි. අද අපගේ නවාතැන මේ සුන්දර වෙරළ තීරය. දකුණු දිග ශ්‍රී ලංකාවේ අපේ අවසන් කඳවුර බිමේ තමයි අපි අද ගත කරන්නෙ. මීළඟට අපි කුඹුක්‌කන් ඔයෙන් එගොඩව අම්පාර දිස්‌ත්‍රික්‌කයට පියනඟනවා. ඒත් ඊට කළින් තවත් නැවුම් අත්දැකීමක්‌ විදගන්න ලබන ඉරිදාත් අප සමඟ එකතු වන්න.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තූතිය - වනජීවී අධ්‍යක්‍ෂ චන්ද්‍රවංශ පතිරාජ, මෙහෙයුම් අධ්‍යක්‍ෂ රත්නායක, ප්‍රචාරක නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර උද්‍යාන පාලක ඉන්aද්‍රජිත් යන මහත්වරුන්ට


Source : Divaina 2011/03/20
Back to top
View user's profile Send private message
mithila
UNLIMITED Pride
UNLIMITED Pride


Joined: Aug 31, 2010
Posts: 959
Location: Kandy

PostPosted: Sun Mar 20, 2011 2:49 am    Post subject: Re:

thanks cajee me serama article eka thenkata genath apith ekka share karagannawata. godak wedagath thread ekak. meka kiyawanakota ape rata gena thiyana adambaraya double trible wenawa
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8203
Location: NJ, USA

PostPosted: Sun Mar 27, 2011 2:46 am    Post subject:

එන්න - යන්න මහ මුහුදේ...
තල්මසුන් බලන්න




කැලණි ගංගා මෝදරින් පටන්ගත්ත අපගේ "රටවටා ගවේෂණ" චාරිකාව දැන් අම්පාර දිස්‌ත්‍රික්‌ මායිමට ළඟාවෙලා. හම්බන්තොටත් අම්පාරත් වෙන් කෙරෙන කුඹුක්‌කන් ඔය මෝයෙදි තමයි ලබන ඉරිදා අපි හමුවෙන්නෙ. මේ වනවිට කොළඹින් පටන් ගත්ත අපේ චාරිකාවට සති 25 ක්‌ ගතවෙලා. ඒ කියන්න මාස හයක්‌. ඉතින් සති 25 ක්‌ පුරාවට අප සමඟ රැඳිල හිටිය පාඨක ඔබට අලුත් අත්දැකීමක්‌ ගැන කතා කරන්න වෙනම චාරිකාවක්‌ ගෙනියන්න අපි මෙවර තීරණය කළා. පසුගිය දිනෙක කතා කළා වගේ මේ චාරිකාවත් මුහුදු චාරිකාවක්‌. මේකත් රටවටා චාරිකාවෙම කොටසක්‌ හින්ද මෙවර කුමන වනෝද්‍යානය ගැන කතාකරන්න හිටපු එක සතියකට කල්තියල අපි ඒ අපූරු මුහුදු චාරිකාව ගැන ඔබට අද තොරතුරු කියනවා.



මුහුද මැද තියන කුඩා රාවණ, මහ රාවණ ප්‍රදීපාගාර ගැන තොරතුරු කතා කරන්න අපි එහි ගියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබාගෙන ඔවුන්ගේ මුහුදු යාත්‍රාවකින් කියලා අපි ඔබට කිව්ව මතක ඇති. එදා හවස්‌ යාමයේ ගාලු වරායෙන් ගොඩ බැස්‌ස රාත්‍රියේ ගාලු නගරයේ නවාතැන් පොළක්‌ තෝරාගත්තෙ පහුවදාත් අපිට ඒ නැව් තොටෙන්ම මුහුදු ගමනක්‌ යෙදිල තිබුණ හින්ද. ඒ ගමන තමයි තල්මසුන් නැරඹීමට යන නාවික හමුදාවේ මුහුදු යාත්‍රා සේවය. නාවික හමුදාවට අයත් විශේෂ මගී යාත්‍රාවක්‌ දැන් සති අන්තයේදී, එනම් සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි සංචාරක පිරිස්‌ සමඟ තල්මසුන් හා ඩොල්පින් මසුන් නැරඹීමේ චාරිකාවකට එක්‌වෙනවා. ගාලු වරායෙන් අළුයම නික්‌මෙන මෙම යාත්‍රාව මිරිස්‌ස ප්‍රදේශයේ ගැඹුරු මුහුදට සංචාරකයින් රැගෙන ගොස්‌ පැය පහක පමණ චාරිකාවකින් පස්‌සෙ දහවල් 12 ට ආයිමත් ගාල්ල වරායට සේන්දු වෙනවා. මෙන්න මේ චාරිකාවට එක්‌වුණු එක ගැන තමයි අද අපි රටවට චාරිකාවෙන් කතා කරන්නෙ.

මේ මුහුදු චාරිකාව ගැන ලිපියක්‌ පළකරන්න ආරක්‌ෂක අමාත්‍යාංශයෙන් අප ඉල්ලා තිබූ අනුමැතිය පරිදි ආරක්‌ෂක අමාත්‍යාංශයේ හමුදා අධීක්‍ෂණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අපගේ ඉල්ලීම නාවික හමුදාව වෙත යොමු කළා. නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගේ අනුමැතියෙන් පසු නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා චාරිකාවට අදාළ කටයුතු සඳහා අපව යොමු කළේ දක්‌ෂිණ නාවික කඳවුරේ මෙහෙයුම් නිලධාරී ලුතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම් මහතා වෙත. ඔහුගේ දැනුම් දීම පරිදි හරියටම ඉරිදා උදයේ පෙරවරු හයයි කාල වෙනකොට අපි ගාලු වරාය අසල තියෙන නාවික කඳවුරට ගියා. මොකද හරියටම පෙරවරු හතට ගමන් ආරම්භ කරන මේ චාරිකාවට ටිකක්‌ කළින් නැව් නැග අසුන්ගත යුතු වන නිසා. නාවික හමුදාව මගින් ක්‍රියාත්මක මේ නැවුම් අත්දැකීම් විඳගන්න අපි යනකොටත් තරමක පෝළිමක්‌ තිබුණා. අපිත් ඒ පොළිමට එකතු වෙලා නැව් නගින්න අවශ්‍ය ටිකට්‌පත ලබාගත්තා. ටිකට්‌පතක්‌ කිව්වට ඒකත් ළඟ තියාගන්න වටිනා මතක සටහනක්‌. අපි ගමන් ගන්න නැවේ පින්තූරයක්‌ වගේම තල්මසුන්ගේ චාරිකාව ගැනත් චාරිකාවට එක්‌වන්නට සම්බන්ධවිය යුතු දුරකථන අංක යනාදියත් එහි සටහන්ව තිබෙනවා. ඒ විතරක්‌ නෙමේ. මේ ටිකට්‌පතට ගෙවන මුදලටම නැවේදී ටිකට්‌පත ඉදිරිපත්කර නොමිලයේම උදයේ ප්‍රණීත කෙටි ආහාර වේලක්‌ ලබාගන්නත් එහි යන සංචාරකයන්ට අවස්‌ථාව ලැබෙනවා. කොහොම හරි ටිකට්‌පත් ලබා ගැනීම පිළිබඳව, චාරිකාවට එක්‌වීම පිළිබඳව, චාරිකාවේ මිල ගණන් පිළිබඳව වගේම පාසල්, වෙනත් ආයතන වශයෙන් තරමක ලොකු කණ්‌ඩායමක්‌ සඳහා මෙම චාරිකාව වෙන් කරවා ගැනීම ගැනත් චාරිකා සම්බන්ධීකරණ නිලධාරියාගෙන් ඔබට සෘජුවම ඇමතීමෙන් තොරතුරු දැනගත හැකියි. සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කරන්නෙ උප ලුතිනන් චන්දන ගුණතිලක මහතා.

ඔහුගේ දුරකථන අංක වන්නේ 071 - 8403443



අප පැමිණි දිනයේදී දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ද, සෑහෙන පමණ ගමනට එකතුවෙලා හිටියා. කොහොම හරි උදේ 6.30 පමණ වනවිට අපි යාත්‍රාවට පැමිණියා. එහිදී යාත්‍රාවේ ප්‍රධාන නියමුවා නැතිනම් අණභාර නිලධාරී කමාන්ඩර් කෝසල විඡේසූරිය, දෙවන අණ භාර නිලධාරී ලුතිනන් අසේල හෙට්‌ටිආරච්චි, උප ලුතිනන් දේශප්‍රිය යන අයගෙන් ලැබුණෙ උණුසුම් පිළිගැනීමක්‌. ආපු සංචාරකයන් හැමෝටම ඔවුන් දැක්‌වුවේ ලෙන්ගතුකමක්‌.

උදේ ආහාරය නැවේදිම ගත්තට පස්‌සෙ ඔන්න පෙරවරු 7 ට තල්මසුන් නැරඹීමේ චාරිකාව ගාල්ල වරායෙන් ආරම්භ වුණා. කමාන්ඩර් කෝසල විඡේසූරිය අපට කිව්වෙ හරියටම පැයකින් වගේ මිරිස්‌ස මුහුදට ළඟා වෙනව කියලා. ඒ දක්‌වා තරමක වේගයෙන් තමයි මේ යාත්‍රාව ගමන් කරන්නෙ. මේක අපිට හරිම අපූරු අත්දැකීමක්‌. මේ යාත්‍රාවෙ 300 දෙනෙකුට ආසන පහසුකම් තිබුණත් තල්මසුන් නැරඹීමේ චාරිකාවට සාමාන්‍යයෙන් ගෙනියන්නෙ සිය දෙනයි කියලා අපට කිව්වෙ ලුතිනන් අසේල හෙට්‌ටිආරච්චි. ඒ තල්මසුන් නැරඹීමේදී නැවේ ඉදිරි ප්‍රදේශයට හා පසුපස දෙවන මහළට යා යුතු වන නිසා. ගමනට පැයක්‌ම තියෙන හින්දා අපි ලුතිනන් හෙට්‌ටිආරච්චිගෙන් තවත් විස්‌තර ඇහුවා. මේ නෞකාව යුද සමයේදී භාවිතා කරල තියෙන්නෙ හමුදා භටයින් ප්‍රවාහනය සඳහාලු. යාපනයට ගොඩබිමෙන් යන්න බැරි කාලෙ කන්කසන්තුරය හා ත්‍රිකුණාමලය අතර අපගේ හමුදා සෙබළුන් ප්‍රවාහනයටත් සාමාන්‍ය වැසියන්ගේ ගමනා ගමනයටත් යොදාගෙන තියෙන්නෙ මේ යාත්‍රාව. "ලංකාදේවි" නොහොත් A 543 තමයි මේ නෞකාව හැඳින්වෙන නාමය වන්නෙ. සිංගප්පූරුවෙ නිෂ්පාදිත මෙය 2000 වසරෙ තමයි ලංකාවට ගෙනල්ල තියෙන්නෙ. යුද්ධය වෙලාවෙ මහත් සේවාවක්‌ සපයපු මේ නෞකාව දැන් තවත් නවීකරණය කරල තමයි තල්මසුන් නැරඹීමේ කාර්යයට යොදවල තියෙන්නෙ. දිගින් මීටර් 40 කුත් පළලින් මීටර් 10 කුත් වන මෙම නෞකාවෙ පළමු තට්‌ටුවේ මගීන් 276 දෙනෙකුටත්, වී අයි පී මැදිරියේ තවත් 24 දෙනෙකුටත් ගමන් කළ හැකියි. රූපවාහිනී යන්ත්‍ර වැනි දෑ සමඟ වායු සමනය කළ යාත්‍රාව ඇත්තටම සුඛෝපභෝගී සේවාවක්‌ මෙහි එන සංචාරකයන්ට සපයනවා. අමතරව නෞකාවෙ කුඩා අවන්හලකුත් තියෙනවා. ජ්‍යෙෂ්ඨ නැවියන් සිව් දෙනෙක්‌ හා කණිෂ්ඨ නැවියන් 40 කගෙන් සමන්විත කාර්ය මණ්‌ඩලයක්‌ මෙහි සිටින අතර වැදගත්ම කාරණය වන්නේ මහ මුහුදේ ගමන් කරන විට අනෙකුත් බෝට්‌ටු සේවාවන්ට වඩා මේ නැවේදී වැඩි ආරක්‌ෂාවක්‌ සහ රැකවරණයක්‌ සැපයීම සිදුවන බවයි නැවේ අණභාර නිලධාරීන් අප සමඟ පැවසුවේ, ඒ නාවික හමුදා වෛද්‍ය හා ප්‍රථමාධාර කණ්‌ඩායමක්‌ද ජීවිතාරක්‌ෂක කිමිදුම් කණ්‌ඩායමක්‌ද මේ ගමනට පහසුකම් සලසන නිසා.



දැන් ඉතින් නෞකාව ගැන විස්‌තර කතා කළා ඇති වගේ. මේ වනවිට අපි මිරිස්‌ස මුහුදු තීරයට ළඟා වෙලා. අසුන්ගත වෙලා වගේම නැවේ ඔබ - මොබ සැරි සැරූ කාටත් ඔන්න ජීවිතාරක්‌ෂක කබා ඇඳගන්න උපදෙස්‌ ලැබුණා. ඊට පස්‌සෙ තමයි එළිමහනට යන්න අවස්‌ථාව උදාවුණේ. අපි නම් ඉතින් අව් රශ්මිය කියලා බැලුවෙ නැහැ දිගටම ආවෙ නැවේ ඉදිරි එළිමහන් වේදිකාවෙම තමයි. මොකද කොයි මොහොතේ හරි දිය කඳ දෙබෑකරගෙන මතුවෙන තල්මසකුගේ හෝ ඩොල් µsන් මසෙකුගේ හෝ වෙනත් මුහුදු සතෙකුගේ ඡායාරූපයක්‌ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. මිරිස්‌සට ළඟා වෙනකොටම අපිට දකින්නට ලැබුණේ ඩොල්µsන් රංචු ඒ මේ අත සතුටින් ඉපිලෙමින් දිය මතු පිටට පැමිණ නැවට ඉදිරියෙන් ගමන් ගන්නා ආකාරයයි. දෙතුන් සියයක රංචු මේ අතර ඉන්න ඇති. සංචාරක පිරිස්‌ අමන්දානන්දයට පත්වෙලා. පොඩි දරුවො සතුටින් කෑ මොර දෙනවා. ඒ මේ අතට අතැඟිලි දිගු වෙනවා. කැමරා ආම්පන්න "සට -සට ගාලා" වැඩ කරනවා. අපේ කැමරාත් ඒ අතර ජයටම වැඩ. ඒත් ඉතින් දිය මතුපිටට එන ඩොල්පින් මිතුරන් පින්තූරයක්‌ ගන්න අපට චාන්ස්‌ එකක්‌ දෙන්නෙම නැති හැඩයි. ඒ තරම් උන් වේගවත්. මගපෙන්වන්නන්ගෙ විතරක්‌ නෙමේ ළමා ළපටින්ටත් නාවික හමුදාවෙන් ලැබුණු විසිල් හඬින් ඩොල්µsන්ලට ආමන්ත්‍රණය කරනවා. කොහොමහරි පැයක්‌ දෙකක්‌ ගතවුණේම ඒගොල්ලන්ගෙ දඟකාරි බව මැද්දෙ. මීළඟට අපි ආපු ඊළඟ අපේක්‌ෂාවට දෑස්‌ යොමු කළා. අණභාර නිලධාරී කෝසල විඡේසූරිය, දෙවැනි නිලධාරී අසේල හෙට්‌ටිආරච්චි ඇතුළු කාර්ය මණ්‌ඩලය දැන් මහ මුහුදේ තල්මසුන් හොනවා. අපි විතරක්‌ නෙමෙයි මිරිස්‌ස ධීවර වරායෙන් ආපු සංචාරක බෝට්‌ටු හත අටකුත් ඒ අතර තිබුණා. කොහොම හරි අද නම් තල්මසුන්ගේ චාරිකාව එතරම් වාසිදායක එකක්‌ වුණේ නෑ. ඈතින් නැඟුණු තල්මසෙකුගේ ඉපිලීමක්‌ එකවරම දැක්‌කත් එය ග්‍රහණය කරගන්න අපේ කැමරා එතරම් බලසම්පන්න වුණේ නෑ. ඒත් එක්‌ ප්‍රවීණ ඡායාරූප ශිල්පියකුගේ අධිබල කැමරාවේ අගනා ඡායාරූප කිහිපයක්‌ සටහන් වෙලා තිබුණා. අද අපගේ පිටුව සැරසෙන්නේ ඔහුගෙන් නාවික හමුදාවට ලැබුණු ඒ ඡායාරූප දෙකකින්.





කොහොම හරි මේ යාත්‍රාවෙන් නාවික සංචාරයකට එකතුවීමත් කෙනෙකුට මහා අත්දැකීමක්‌ . අපිත් ඒ සොඳුරු, නැවුqම්, අත්දැකීම මැනවින් විඳගත්තා. යාත්‍රාවේ නැගී මුහුදු ගැඹරේ සංචාරය කළා. මහා නැව් පසුකර ගමන් ගත්තා. ඒ සඳහා දැන් ඔබටත් අවස්‌ථාව තිබෙනවා. පාසල් වගේ ආයතනවලටත් මේ කදිම අත්දැකීම විඳ ගැනීමට සම්බන්ධීකරණ නිලධාරියා ඇමතිය හැකියි. අප්‍රේල් නිවාඩු සමයේදී ඒ සඳහා විශේෂ ඉඩකඩක්‌ තියෙනවා.



රටවටා යන ගවේෂණ චාරිකාව වර්ණවත් කරන්න, අත්දැකීම් සමුදායක්‌ ලබාගන්න ලැබුණු මේ අවස්‌ථාව අපිටත් ඉතාම වටිනවා. ඒ හින්දයි මේ චාරිකාව ගැන අද ඔබට කියන්න අපි තීරණය කළේ. ඔබත් කවදාහරි මේ චාරිකාවට එක්‌වුවහොත් අපි ලබාගත්ත ආශ්වාදය ඔබටත් දැනෙනු ඇති. හැබැයි ඉතින් ප්‍රමාද වෙන්න එපා. දකුණු මුහුදු රළුවූ විට මැයි මාසයේ පමණ සිට මේ තල්මසුන් නැරඹීමේ සේවාවන් තාවකාලිකව නතර වේවි. ඒ මෙය මුහුද හොඳ කාලයට පමණක්‌ සිදුකරන සේවාවක්‌ වන නිසා.



ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තූතිය- ආරක්‌ෂක අමාත්‍යාංශයට, නාවික හමුදාවට සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, රියල් අද්මිරාල් ජයන්ත පෙරේරා, කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය, ලූතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම්, කමාන්ඩර් කෝසල විඡේසූරිය යන මහත්වරුන්ට


Source : Divaina 2011/03/27
Back to top
View user's profile Send private message
eranda
Executive Member
Executive Member


Joined: Oct 20, 2010
Posts: 2093
Location: Deep Of Your Heart

PostPosted: Sun Mar 27, 2011 3:15 am    Post subject: Re:

yamuda kattiya setwela Mr. Green Mr. Green
_________________


CE_THE_BEST
Back to top
View user's profile Send private message
Gik
UNLIMITED Welcome
UNLIMITED Welcome


Joined: Mar 21, 2011
Posts: 232

PostPosted: Mon Mar 28, 2011 7:18 pm    Post subject: Re:

WOW niyama post tikakne ela ela
Back to top
View user's profile Send private message
hasitha
Executive Member
Executive Member


Joined: Nov 18, 2007
Posts: 2565

PostPosted: Mon Mar 28, 2011 9:53 pm    Post subject: Re:

Matanam Me thread aka gana kiyanna wachana naha... meka godak watina akak kiyala vitharak kiyannam... godak than gana visthara mama kalin danagena hitiye naha.. me thread akata pin sidda wenna onna akath mama daka balagaththa...

godak sthuthi apiwa me gana danuwath kalata... Wink
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka All times are GMT + 10 Hours
Goto page Previous  1, 2, 3, ... 9, 10, 11  Next
Page 2 of 11

 
Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group