Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Navigation
 Home

 Search

 Discussions
 Forums
 Shout Box
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites






Keep SLU Alive



Live Radio
Selected station:
No choice made yet



<a href=''>Play No choice made yet</a>

PopUp


Network

Birthdays

Birthdays today:
24.4: Priyantha


Enter your Birthday

SL-Unlimited :: View topic - Ape Rata wata-Kelani Gan Modara (P:11)
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Ape Rata wata-Kelani Gan Modara (P:11)
Goto page 1, 2, 3 ... 9, 10, 11  Next
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka
View previous topic :: View next topic  
Author Message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 1:58 am    Post subject: Ape Rata wata-Kelani Gan Modara (P:11)

පිං බිමේ සිසිල විඳි
කළු ගං මෝදර


බොදු පුනරුදයේ නගරය සහ පානදුරාවාදය



5 වැනි මිහිඳු රජුගෙන් පසු මෙරට රාජ්‍ය බලය දමිළ පාලනයට යටත් වීමේදී බොහෝ සිංහලයෝ ආරක්‍ෂාව පිණිස රජරටින් බැහැරව ආරක්‍ෂාව පතා රුහුණට සහ මායා රටට පලා ආහ. මායා රටෙහි ඔවුනට ආරක්‍ෂාව අතින් වඩාත් කැපීපෙනෙන ප්‍රදේශයක්‌ වූයේ අද පානදුරය නමින් හැඳින්වෙන පෙදෙසයි. තුන් පසකින් ජලයෙන් වටව තිබීම නිසා මෙම පෙදෙසට ස්‌වභාවිකව දැඩි ආරක්‍ෂාවක්‌ ලැබිණි.


එදා ජයවර්ධනපුර යුගයේදී දළදා පූජාව ආලෝකමත් කිරීම පිණිස පොල්තෙල් සැපයු තෙල්පිටිය හෙවත් තල්පිටියද ඉහළ කුළයේ අය ජීවත්වූ පෙදෙසක්‌ ලෙස සැලකෙන වෙදදූව හෙවත් වාද්දුවද, මොල්ලිගොඩ මහ අධිකාරම්ගේ නැදැයන් විසු බව පැවසෙන මොල්ලිගොඩ ආදී ඉතිහාසයක්‌ සහිත පෙදෙස්‌වලින් වටවූ පානදුරයද මෙරට ඉතිහාසය පුරා ඒ ඒ වකවානු වලදී විශේෂිත වූ පෙදෙසක්‌ විය. පානදුර ඉතිහාසයේ සටන් තුනක්‌ ගැන විශේෂයෙන් සඳහන් වේ. මෙහි පළමුවැන්න පොළොන්නරු යුගයයි. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජුගේ සෙනවියකු වන අලෙක්‌ශ්වර ඉන්දියානු ආක්‍රමණිකයන් පිරිසක්‌ සමග සටන්වැදී ජයගත්තේ පානදුරට නුදුරු පෙදෙසක යෑයි කියෑවේ.


දෙවැනි සටන සිදුව ඇත්තේ 17 වැනි ශත වර්ෂයේදීය. ඒ බලය උදෙසා පෘතුගීසීන් සහ ලන්දේසීන් අතරයි. අන්තේවාසීකයන්ද ඇතුළු 300 ක ලන්දේසි සේනාවක්‌ ගාල්ලේ සිට කොළඹට ගමන් කිරීමේදී පානදුර ගඟ තරණය කරන විට ඔවුන්ගෙන් 500 ක්‌ පමණ දෙනා ප්‍රතිවාදීන් විසින් වටකළ බවත් ඒ අතරින් පිරිසක්‌ ආරක්‍ෂිතව කොළඹට ළඟාවීමට සමත්වුවද වටවූවන්ගෙන් අර්ධයක්‌ පමණ තුවාල ලැබීම නිසා ප්‍රතිවාදීන්ට යටත්වීමට සිදුවූ බවත් කියෑවේ.



එහෙත් පානදුරය සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධ සටන සිදුවන්නේ 1873 දීය. එම සටන ලෝකප්‍රසිද්ධ විය. ඉතාම අහිංසක සටනක්‌ නමුත් පානදුර ඉතිහාසයේ අතිශයින් ශ්‍රේෂ්ඨ සටනද වන්නේය. ඒ එහිදී එකදු හෝ ආයුධයක්‌ භාවිත නොකළ බැවිණි. එකදු ලේ බිඳුවක්‌ හෝ නොහැළුණු බැවිණි. මිනිසුන්ගේ ශරීරයට අවි බලයෙන් ඇමතු යුද්ධය වෙනුවට මෙහිදී මිනිසුන්ගේ ආත්මයට තර්කයේ බලයෙන් ඇමතුවේය. ඒ අනිකක්‌ නොව පානදුරාවාදයයි.


පිළිවෙළින් පෘතුගීසී සහ ලන්දේසි පාලනය යටතේ මෙරට සිදුවූ ක්‍රිස්‌aතියානිකරණය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ඉංග්‍රීසිහුද ක්‍රියාකළහ. මේ මිෂනාරීන් බුදුදහමට කළ කෙනෙහිලි අතර බෞද්ධ විරෝධී ප්‍රචාරක කටයුතුද කැපී පෙනිණි. ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ ආගම විවේචනය කරමින් එයට නිගාවන පරිදි ඇලවු පත්‍රිකා මෙන්ම ප්‍රකාශන මගින්ද ඉංග්‍රීසිහු බෞද්ධ විරෝධී ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කළහ.


මෙහිදී බෞද්ධයෝද මුද්‍රිත මාධ්‍යය යොදාගනිමින් එයට ප්‍රතිචාර දැක්‌වීමට එඩිතර වූහ. සංවිධානය වූහ. සැබෑ සත්‍ය ආගම වන්නේ බුදුදහමද නැතිනම් ක්‍රිස්‌තියානි ධර්මයද යන පැනය විසඳීමේ උචිතම අවස්‌ථාව ලෙසින් මුහුණට මුහුණලා කෙරෙන වාද සඳහා ආගම් දෙකෙහි පිරිස්‌ යොමු වූහ. ආගම් දෙක අතර දේශීය ඉතිහාසයෙහි එවැනි වාද 5 ක්‌ ගැන සඳහන්ය. පංච මහා වාද ලෙසින් හැඳින්වෙන මෙම වාද අතර උච්චතම අවස්‌ථාව නැතිනම් තීරණාත්මක වාදය වූයේ පානදුරාවාදයයි. සත්‍ය ආගම් පැනය විසඳු මෙම වාදයේදී මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ බෞද්ධ පාර්ශ්වය විසින් රෙපරමාදු ක්‍රිස්‌තියානි තර්කවල පවුරු පදනම් විනාශකර දැමීය. 19 වැනි සියවසේ අවසානය වන විට මෙරටින් තුරන් වන තත්ත්වයට දුර්වලව තිබූ බෞද්ධ බලය යළි සවිලබා නැගීසිටිනුයේ මෙම පානදුරාවාදයත් සමගිනි.


පිළිවෙළින් 1865-02-05 දා බද්දේගම ගනේගමදී ක්‍රිස්‌තියානි පාදිලිවරුන් සමග සිදුකළ වාදය (මෙය පුරා එක්‌ දිනක්‌ වාචිකව සිදුකර පසුව නඩුකාරවරුන්ගේ ඉල්ලීම මත ලිතව සිදුව ඇත.) 1866-02-01 දා කළ මිෂනාරීවරු සහ හුණුපොල නිලමේ සමග මුහුණට මුහුණලා කළ උදන්විට වාදය, 1871 දී බැප්ටිස්‌ට්‌ - වැස්‌aලියන් මිෂනාරීවරුන් සමග සිදුකළ වාදයෙන් පසුව 1873-08-26 සහ 28 දෙදින බැප්ටිස්‌ට්‌ - වැස්‌ලියන් - මිෂනාරී පාදිලිවරුන් සමග පැවැති පානදුරාවාදය සිදුවිය. (මෙයට පසුව 1899 දී ඌරුගොඩවත්ත වාදය සිදුව ඇත)


පානදුරවාදය සඳහා දායක අනුග්‍රහය සැපයුවේ පී. ජෙරමියෙස්‌ දියෙස්‌ සහ කොරනේලිස්‌ ප්‍රේරා කරුණාරත්න යන මහත්වරුනි විසිනි. ජෙරමියෙස්‌ දියෙස්‌ මහතාට අයත්ව තිබූ පානදුරේ රන්කොත් වෙහෙර (ගල්කන්ද විහාරය) ආසන්නයේ පිහිටි දොඹගහවත්ත නම් ඉඩමෙහි පැවැති මෙම වාදයේදී බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් මොහොට්‌ටිවත්තේ ගුණානන්ද ස්‌වාමීන්වහන්සේද ක්‍රිස්‌තියානි පාර්ශ්වය වෙනුවෙන් දාවිත් ද සිල්වා පාදිලි තැන සහ සිරිමාන්ත කතිසේරු තැනද අදහස්‌ දැක්‌වූහ.


වාදය කට වචනයෙන් කළ යුතු බවත්, දෙපාර්ශ්වයේ දෙදෙනකු විසින් එම කථා ලියාගෙන ඒවාට කථිකයන් ලවා සහතික කිරීමේ අත්සන් ලබාගතයුතු බවත්, ගෙනැර දක්‌වන කාරනා සඳහන් වන ග්‍රන්ථ මොනවාද යන්න සඳහන් කළ යුතු බවත්, එක්‌ පාර්ශ්වයකට එකවරකට පැයක කථා කාලයක්‌ හිමිවන බවත්, කථා කිරීම උදේ 8-10 සහ හවස 3-5 දක්‌වා විය යුතු බවත්, වාදය කෙරෙන අතරතුර කිසිදු කෝලහලයක්‌ සිදු නොවීමට දෙපාර්ශ්වයම වගබලාගත යුතු බවත් වාදය කරන්නා හැර අන් සියල්ලෝ නිශ්ශබ්දව අසා සිටිය යුතු බවටත් ලෙසින් කාරනා 10 කින් යුතු ගිවිසුමක්‌ම එකඟව පැවැති මෙම වාදයේදී දෙපාර්ශ්වයෙන්ම එම එකඟතාව ආරක්‍ෂා කරන ලදී.


1873-08-26 දා පෙරවරු 8 සිට 9 දක්‌වා දාවිත් ද සිල්වා පාදිලිතුමන් විසින් වාදය ඇරඹු අතර එදින පෙරවරු 9-10 අතර කාලයේදී මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් වාදය ආරම්භ කරන ලදී. එදිනම පස්‌වරු 3-4 දක්‌වා නැවතත් දාවිත් ද සිල්වා පාදිලිතුමන් කථා කළ අතර දිනයේ අවසන් කථාව පස්‌වරු 4-5 අතර කාලයේදී ගුණානන්ද හිමියන් විසින් කරන ලදී.


අගෝස්‌තු 28 දා 8-9 අතර කාලයේදී ක්‍රිස්‌තියානි පාර්ශ්වය වෙනුවෙන් සිරිමාන්න කතිසේරු තැන කරුණු දැක්‌වීය. එදින 9-10 අතර වාද කාලය ලබාගත්තේ ගුණානන්ද හිමි විසිනි. පසුව පස්‌වරු 3-4 අතර කාලයේදී දාවිත් ද සිල්වා පාදිලිතුමන් කරුණු දැක්‌වූ අතර පස්‌වරු 4-5 අතර කාලයේදී ගුණානන්ද ස්‌වාමීන්වහන්සේගේ කරුණු දැක්‌වීමෙන් වාදය අවසන් විය.


මෙම වාදයේ අවසන් දිනයේ 10000 ක පමණ සෙනගක්‌ රැස්‌ව සිටි බව පැවසේ. වාදයේදී බෞද්ධ පක්‍ෂයට සිප්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන නායක ස්‌ථවිරයන් වහන්සේද, පොතුවිල ඉන්ද්‍රජෝති, කොග්ගල සිරි සංඝතිස්‌ස, තලාහේනේ අමරමෝලි ස්‌ථවිර, මුල්ලේරියාවේ ගුණරත්න ස්‌වාමීන් වහන්සේලා ලෙස සියම්, අමරපුර දෙනිකායේ ස්‌වාමීන් වහන්සේලා සියක්‌ නමක්‌ පමණ වැඩම කර සිටියහ. ක්‍රිස්‌තියානි පක්‍ෂයෙන් ඇස්‌. ලන්ඩන්, ආර්. ටැබ්, ඇස්‌. කෝලිස්‌, සී. ජයසිංහ, පී. රොද්‍රිගු ආදී පාදිලිවරුද, හුණුපොල නිලමේද, ස්‌ටෙපල් දොස්‌තර තැනද, ජයසිංහ පෙරකදෝරු තැනද, සුසෙව්ද සොයිසා මුදලිද පැමිණ සිටි වග සඳහන්වේ.


සිලෝන් ටයිම්ස්‌ පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ ජෝන් කැපර් විසින් එම සම්පුර්ණ වාදය එඩ්වඩ් පෙරේරා ලබා ඉංග්‍රීසියට පරිවර්තනය කර පිටපත් දහස්‌ ගණනක්‌ බෙදාහැර ඇති අතර ගාල්ලේදී එම පොතක්‌ කියවු ඇමරිකානු දේශකයකු වූ පන්ඩිතාචාර්ය ෆිබල් එම විවාදයේදී ක්‍රිස්‌තු ලබ්ධියේ මිත්‍යා ස්‌වභාවය බෞද්ධ පක්‍ෂය විසින් මොනවට ඔප්පු කළ බවද බෞද්ධ ආගමේ ඒකාන්ත සෘජු සත්‍යතාවය පෙන්වා ධාර්මිකව ජයයග්‍රහණය කළ බව සඳහන් කරමින් එහි පිටපත් දහස්‌ ගණනක්‌ සිය රටේ මුද්‍රණය කර විසුරුවාහැර ඇත.

ෆිබල් විසින් සිදුකළ එම කාර්යය මෙරට බුදුදහම තවදුරටත් ස්‌ථාවර වීමට අතිශයින් වටිනා බලපෑමක්‌ ඇති කළේය. ඒ මෙරට බෞද්ධ පුනරුදයේ මහා සෙනවියකු වන කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ තුමාට ඇමරිකාවේ සිට මෙරටට පැමිණීමට පාර කියුවේ මෙම පිටපතක්‌ බැවිනි. එය කියූ ඕල්කොට්‌තුමා සහ බ්ලවැස්‌කි මැතිනිය මෙරටට පැමිණියේ බුදුදහමේ මෙම ජයභූමිය දකිනු රිසියෙනි. එම පැමිණීම මෙරට බුදු දහමට නව පණක්‌ ලැබීම පිණිස ආශිර්වාදයක්‌ විය.


මේ අනුව මෙරට බුදුදහමේ පුනරුදයට හේතු සැපයු නගරය නම් පානදුරයයි. එය පුනර්ජීවනයේ නගරය වනුයේ එබැවිනි. 1868 දී මෙරට දෙවැනි බෞද්ධ පාසල හෙවත් උපාධ්‍යාය විදුහල පිහිටුවා ඇත්තේ පානදුර නගර මධ්‍යයේය.


අප මෙම ගවේශණාත්මක චාරිකාව පානදුරය ඔස්‌සේ යනවිට පානදුරාවාදය පැවැති එම භූමිය කිසිදු හව්හරණක්‌ නොමැතිව හුදෙකලා පාළු ස්‌වභාවයකින් යුක්‌තව තිබෙනු දැකගත හැකි විය. යුතුකම් ඉටුකළ පියෙකු මහලු වයසට එළැඹ දරුමල්ලන් විසින් නොසලකනු ලැබීමෙන් අසරණව සිටින පරිද්දෙන් එම භූමිය වල් වැදී තිබිණි. අඩක්‌ වැඩ නිමවා අවසානයක්‌ නොදුටු ගොඩනැඟිල්ලක්‌ද බෝඩ් ලෑලි කිහිපයක්‌ද හැරුණ විට එහි වෙන යමක්‌ නොවීය. ජෙරමියෙස්‌ දියෙස්‌ගේ දියණිය වූ රොසලින් එමලි රොද්‍රිගු මහත්මිය විසින් 1954 ජුලි 09 දා මෙම භූමිය පානදුර බෞද්ධ සංගමයට පැවරූවගක්‌ එම බෝඩ් ලෑල්ලක විය. පාලු ඉඩම් වල වැවෙන ඇන්ටිග්නම් මල් වැලක්‌ ඒ දැන්වීම් පුවරුවේ පාද කණු මත වෙලෙමින් තිබිණි.

කළු ගංගාව අප රටේ ප්‍රකටම හා ප්‍රධානතම ගංගාවකි. සබරගමු පළාතේ සමනළ අඩවිය ලෝක උරුම වනාන්තරයෙන් නොහොත් එම ස්‌වභාව රක්‌ෂිතයේ ශ්‍රීපාද කන්දෙන් ඇරඹෙන කළු ගංගාව, බස්‌නාහිර පළාතේ කළුතර නගරයට නුදුරෙන් කළුතර බෝධීන්වහන්සේ නමස්‌කාර කරමින් මහා සාගරය සිප ගනී. මේ එන ගමනේදී කළු ගංගාව ගෙවා දමන දුර කිලෝ මීටර් 129 කි. ශ්‍රී ලංකාවේ දිගින් දසවැනි ස්‌ථානය ගන්නා කළු ගංගාව මෙසේ කළු ගං තොටින් අවසන් වන්නේ කළු ගං මෝදරෙහි අපූරු ඩෙල්ටාවක්‌ (විශේෂ භූ රූපී ලක්‌ෂණයකි) නිර්මාණය කරමිනි. වත්මන් කළුතර පාළම අසලදී දූපතක්‌ නිර්මාණය කරමින් ගලායන ගංගාව සෘජුවම මුහුදට එක්‌ නොවී, එතැන් පටන් තවත් සැතපුමක පමණ දුරක්‌ වෙරළට සමාන්තරව දකුණු දිශාවට ගොස්‌ මුහුදට පිවිසෙන්නේ අලංකාර පටු ගොඩබිම් තීරයක්‌ ඉතිරි කරමිනි. වර්තමානයේ එය කැලිඩෝ මුහුදු තීරය නමි. මෙය සංචාරක ආකර්ෂණය දිනාගත් තැනකි. පසෙක ආගමික පරිසරයකි.


කළු ගංගාව ළදරුවකු මෙන් අපට මුණ ගැසෙන්නේ සිරිපා හිම තරණය කරන විටදීය. රත්නපුර - පලාබද්දල මාර්ගයෙන් ගමන් ගනිද්දී ලිහිණිහෙළ පසුකර නෝනාගේ අම්බලම නමින් ප්‍රකට ප්‍රදේශයට නුදුරුව හමුවන කළුගඟ එක්‌ පියවරකින් පැන තරණය කළ හැකිය. එසේ පැමිණෙන මේ අසිරිමත් කුඩා "නදියේ" ජල ප්‍රවාහයට එම ද්‍රෝණියේ ජල දහරා රැසක්‌ එකතුවෙමින් හා පෝෂණය ලබමින් රත්නපුර නගරයට පිවිසෙන්නේ විටෙක මහා ගංවතුරකින් එම නගරය යටකර දමමිනි.


බුදුන් වැඩි පිංබිම, ශ්‍රීපාදස්‌ථානය පිහිටි සමනොළ කන්දෙන් පටන් ගන්නා කැලණි, කළු, වළවේ ගංගා අතරින් කැලණි ගංගාව මෙරට විදුලි උත්පාදනයේ පුරෝගාමී ගංගාව වන අතර, මහවැලි ගංගාවේ ප්‍රකට හා විශාලතම විදුලි බලාගාර පිහිටයි. කළු ගංගාව එතරම් විදුලි උත්පාදනයට ප්‍රකට නැත්තේ කළු ගංගාව හරස්‌ කොට තැනුණු විදුලි බලාගාර හෝ වේලි නොමැති බැවිනි. එහෙත් කළු ගංගාවේ ප්‍රකට අතු ගංගාවක්‌ වන කුකුළේ ගඟේ මෙගාවොට්‌ 70 ක විදුලි බලාගාරයක්‌ පවතී. ඒ හැරෙන්නට වැලි, මැටි වැනි ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීම, ධීවර - ගොවිතැන්, පානීය ජල අවශ්‍යතා සහ ආගමික සංස්‌කෘතිකාංග වෙනුවෙන් ප්‍රදේශවාසී ජනයාට කළු ගංගාවෙන් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්ය. අද අපගේ කඳවුරු බිම බවට පත්වූ කළු ගංගා තොට නොහොත් කැලිඩෝ මුහුදු තීරය ඒ අතරින් සංචාරක ආකර්ෂණය දිනාගත් අති සුන්දර මුහුදු වෙරළකි. එමෙන්ම කළුතර බෝ සමිඳුන්ගේ සිසිලසින් නැහැවෙන හිත නිවෙන පිංබිමකි.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න



source : Divaina 2010/11/14


Last edited by chajee1983 on Sat Jul 14, 2012 6:56 am; edited 22 times in total
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 2:02 am    Post subject:

මහ සයුරේ අස්‌වනු ගෙනෙන බේරුවල


බොදු පුනරුදයේ නගරය, පානදුර පසුකර කළුගං තොටට ඇදෙන අපට වස්‌කඩුව හමුවේ. වස්‌කඩුව ගැන කතා නොකර අපට දකුණේ චාරිකාව කළ නොහැකිය. ඒ, තවත් අමතක කළ නොහැකි වැදගත් චරිතයක්‌ අපට මෙහි දී සිහිපත් වන නිසාය. ඒ වස්‌කඩුවේ සිරි සුභූති මාහිමියෝය.

රාජගුරු වස්‌කඩුවේ ශ්‍රී සුභූති මා හිමි අප රටේ වැඩ සිටි උගත් බහුශුත්‍ර පඬිවරයෙකි. මහාචාර්ය ආර්. සී විල්ඩර්ස්‌, ආනන්ද කුමාරස්‌වාමි, වාසළ මුදලි ඒ මැන්දිස්‌ ගුණසේකර වැනි දෙස්‌ විදෙස්‌ උගත්තු සුභූති මාහිමියන් වෙතින් උගත්හ. පාලි පිරිත් පොත සියම් බසට පෙරලා දුන් සුභූති මා හිමියෝ සිංහල හා පාලි පොත් රාශියක්‌ ලියා පළ කළහ. 19 වැනි සියවස්‌ සිරිලක බෞද්ධ පුනරුදයේ කොටස්‌කාර හිමිනමක්‌ වූ සුභූති හිමියන් වෙතින් සියම් දේශයේ රජකුමරුවෙකු වූ ප්‍රිස්‌ඩම් රාජ කුමාරයා ලක්‌දිවට පැමිණ මහණකම ලබා ගත්තේය. එම මහණකම සිදුවූයේ 1886 දීය. ජිනවරංශ නමින් එම හිමියන් හැඳින්විණි. සුභූති මා හිමියෝ 1917 අප්‍රේල් මස 19 වන දින අපවත් වූහ.

කළුතර බෝධිය
සිංහල බෝධි වංශයේ මහාවිල්ලිකගාට නමින් හඳුන්වන්නේ වත්මන් කළුතරය. කාලයක්‌ වේලාපුර ලෙසද සඳහන් වූ කළුතර වර්තමානයේ පරිපාලන දිස්‌ත්‍රික්‌කයකි. සිරිපා සමනොල සිට ගලාඑන කළු ගඟ මුහුදට එක්‌වන්නේ කළුතරිනි. කළුතොට හේතුවෙන් කළුතර නිර්මාණය වී ඇත. කළුතර බෝධිය හෙවත් මෙම පින්බිම දේවානම්පියතිස්‌ස රජ දවස දක්‌වා දිවයන ඉතිහාසයකට හිsමිකම් කියයි.

සිරිමා බෝධිය ලක්‌දිව රෝපණය කිරීමේ දී එයින් පැන නැංගාවූ දෙතිස්‌ඵල රුහ බෝධින් වහන්සේ අතර එක්‌ බෝධියක්‌ රෝපණය වූයේ මෙම විල්ලිකගාට හෙවත් කළුතරය. වර්මානයේ වටදාගෙය සහිත චෛත්‍ය පිහිටි භූමිය අසල උඩමළුවේ තිබෙන බෝධිය එම බෝධීන් වහන්සේයි. ගාලුපාර අසළ පහළ මළුවේ තිබෙන බෝධිය තවත් ඉපැරණි බෝධියකි. එය ක්‍රි.ව 1042 දී ඉන්දියාවේ පාණ්‌ඩ්‍ය දේශයේ සිට පැමිණි කළුතර ප්‍රදේශයේ යුවරජ වූ වික්‍රම පාණ්‌ඩ්‍ය නම් කුමාරා විසින් රෝපණය කර ඇති.

මිහිඳු හිමියන් විසින් දෙතිස්‌ පළ බෝධියක්‌ රෝපණය කළ යුතු තැනක්‌ ලෙස දේවානම් පියතිස්‌ස රජුට පෙන්වා දුන් එක්‌ තැනෙකි කළුතර. අද උඩ මළුවේ පිහිටි බෝධිය රෝපණය වූයේ ඒ අයුරිනි.

1506 දී පෘතුගීසීන් විසින් මුහුදු බඩ පළාත් අල්ලා ගැනීමේදී කළුතර බෝධිය වන්දනා කිරීම සැදැහැවතුන්ට අහිමි විය. 16 වැනි සියවසේ දී මෙම ස්‌ථානය පරංගි බලකොටුවක්‌ වූ නමුත් බෝධීන් වහන්සේට ඔවුන්ගෙන් හානියක්‌ සිදු නොවිණි.

පසුව ලන්දේසීන් ද මෙම ස්‌ථානය බලකොටුවක්‌ සේ ප්‍රයෝනයට ගත්තේය. ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසුවද මෙය බලකොටුවක්‌ වී තිබිණි. එහෙත් බෝධීන් වහන්සේ ආරක්ෂා විණි. අනතුරුව 19 වැනි සියවසෙන් පසු භාගයේ දී මෙම ස්‌ථානය ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ඒජන්තවරයාගේ කාර්යාල සහ නිල නිවාස පරිශ්‍රය බවට පත්විය. ඉන්පසු බලපිටියේ උපත ලබා කළුතර අධිකරණයයේ සේවය කළ අධිනීතිඥ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ගේ අවධානයට යොමු වූහ. මෙම බෝධිය දිනපතා එතුමා විසින් වන්දනා කිරීමට යොමුවිය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මෙම ස්‌ථානය වර්තමාන පුනරුදයේ ආරම්භය සනිටුහන් විය. ඒ අනුව කළුතර බෝaධිභාරකාර මණ්‌ඩලය පිහිටුවීමට ස්‌ථානය සිටුවීමට එතුමා කැපවිය. එවකට අගමැති ඩී. එස්‌. සේනානායක සහ කළුතර හිටපු උප දිසාපති සී. ජී ද සිල්වා මහත්වරුන්ගේ ද මැදිහත් විමෙන් දැනට කළුතර දාගැබ පිහිටි බිමෙහි එවකට තිබූ කළුතර සුදුජාතික දිසාපතිවරයාගේ බංගලාවද. ඒ ආසන්නයේ තිබූණ දිසාපති කාර්යාලයද මෙම බෝධිකාර මණ්‌ඩලයට පවරාගෙන දිසාපති බංගලාව ඉවත්කර වර්තමාන මහා දාගැබ බැඳවීය. 20 වැනි සියවසේ අසදෘශ චෛත්‍ය කර්මාන්තය වන මෙම දාගැබ සිරිලක විසූ තවත් සුවිශේෂ පුද්ගලයකු වූ ඉංජිනේරු ආචාර්ය ඒ. එන්. එස්‌. කුලසිංහ මහතාගේ විස්‌මිත නිර්මාණයකි.

පඬිකාර මුදලිගේ මහා මන්දිරය
රිච්මන්ඩ් කාසල්



කළු ගං මෝදර අවට තතු සොයා යන කවරකුට වුවද, ගඟ ඉස්‌මත්තේ සැතපුමක්‌ - දෙකක්‌ දුරින් පිහිටා ඇති පැරණි මහා මන්දිරයක්‌ ගැන දැනගන්නට ලැබේ. එය ඉංග්‍රීසි පාලන සමයේදී මෙරට පඬිකාර මුදලි තනතුර දැරූ ආතර් ද සිල්වා විඡේසිංහ මුදලිවරයාට අයත් "රිච්මන්ඩ් කාසල්" මහා මන්දිරයයි. මෙම මන්දිරය මගින් ඔහුගේ ධනවත් බවත්, ඔහුගේ බල පුළුවන් බව මෙන්ම බ්‍රිතාන්‍ය රජය සමග ඔහු පවත්වාගෙන ගිය කුළුපඟ බවත් මනාව ප්‍රදර්ශනය වේ. කළුතර - පලාතොට පිහිටි මෙම මන්දිරය සඳහා අමුද්‍රව්‍ය සියල්ලක්‌ම පාහේ ගෙනවිත් ඇත්තේ විදේශයන්ගෙනි. මෙහි ඇති දැව (තේක්‌ක) සම්පූර්ණයෙන්ම බුරුමයෙන් ගෙනවිත් ඇති අතර, දර්ශනීය කැටයම් සහිත තරප්පු පෙළ, විසිත්ත කාමර සඳහා යොදා ඇති තනි කැටයම් සහිත ලී කඳන් යනාදිය වෙනුවෙන් හෙතෙම දැව නැව් දෙකක්‌ ගෙන්වාගෙන ඇතැයි සඳහන් වේ. වානේ තරප්පු පෙළ, ඇතුළු තවත් බොහෝ අංගෝපාංග බ්‍රිතාන්‍යයෙන් හා ප්‍රංශය, ඉතාලිය, වැනි රටවලින් ගෙන්වාගෙන ඇති බවද, හේ එම රටවලට ගොස්‌ එම රජපවුල් අතර සමීප සබඳතා පවත්වාගෙන ඇති බව අදටත් මෙහි ඇති ඡායාරූප අපට සාක්‍ෂි දරයි.

ඉන්දියාවේ විසූ රාමනාදේ මහරාජාගේ මාළිගාවට සමානව තනවා ඇති මෙම මන්දිරයේ සැලසුම සකස්‌ කිරීම වෙනුවෙන් මෙරට හා ඉන්දීය පෙදරේරුවන්, වඩුවන්, සැලසුම්කරුවන් දෙරටට සංචාරය කර ඇත. 1900 දී වැඩ ආරම්භ කළා යෑයි කියන මෙම මන්දිරය 1903 දී නිමකර ඇති අතර විඡේසිංහ පඬිකාර මුදලිවරයාගේ විවාහය මෙහිදී සිදු කර ඇත්තේ 1910 දීය. මීටම ආසන්න ප්‍රදේශයක දිවිගෙවූ ධනපති පවුලක්‌ වූ "තේක්‌aක බංගලාවේ" විසූ "ක්‌ලැරන්ස්‌ මැටිල්ඩා මෝඩ්" මුදලිවරයාගේ බිරිඳ බවට පත්වී ඇත. එතුමිය ඡේ. ආර්. ජයවර්ධන ආර්යාවගේ (එලීනා ජයවර්ධන) පුංචි අම්මාය.

මෙම විවාහ මංගල්ලය ලංකාවේ එවක සිදුව ඇති ඉහළම මංගල්ල යයි. එවක පඬිකාර මුදලි ධුරය බ්‍රිතාන්‍ය රජය මගින් විඡේසිංහ මුදලිවරයාට ප්‍රදානය කර ඇත්තේ ඔහුට මෙරට පුළුල් වතු පිටි ප්‍රමාණයක්‌ හා විශාල ආරක්‍ෂක සේනාංකයක්‌ද ඇතුළත් වන පරිදිය. හේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව නියෝජනය කළ ඉහළම දේශීය ඒජන්තවරයකු සේ සේවය කොට ඇති බව පෙනේ. කතෝලිකයකු වන ඔහුගේ මංගල්ලය සඳහා කළුතර නගරයේ සිට පලාතොට දක්‌වා දර්ශනීය තොරණ 18 ක්‌ ඉදිකර තිබූ බවද සඳහන්ය. ඔහුගේ විවාහ මංගල්ලය සඳහා මෙරට විසූ ඉහළම බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර නිලධාරීන් ද සහභාගි වී ඇත. පාප් වහන්සේගේ නියෝජිතයකු හා එකල ඉහළම වතුකාර සුද්දන්ද, ඉන්දියාවේ මහාරාජා වරුන්ද (රාමනාදේ මහාරාජා) සහභාගි වී ඇති බව ඔහුගේ ඡායාරූප එකතුව අපට කියයි. 1916 ජුලි 24 දා කළුතර කච්ෙච්රියේ ඉදිකළ බ්‍රිතාන්‍යයේ ජෝර්ඡ් රජුගේ පිළිරුව විවෘත කරන අවස්‌ථාවට පැමිණි එකල මෙරට ආණ්‌ඩුකාර සර් ජෝර්ඡ් ඇන්ඩර්සන් ද එදින රිච්මන්ඩ් කාසල් මන්දිරයට පැමිණ ඇත.

පඬිකාර මුදලි විඡේසිංහයන් කතෝලිකයකු වුවද හේ බෞද්ධ ධර්මය පිළිබඳවද ගරුත්වයෙන් කටයුතු කළ අයකු බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. එසේම බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔහුට අප රට වෙනුවෙන් යමක්‌ කළ හැකි බලවතෙකුව සිටි බැවින් ඔහුගේ හඬ මෙන්ම ක්‍රියාත්මක වීමද වැදගත් නියෝජනයක්‌ විය. රිච්මන්ඩ් කාසල් මන්දිරයේ වත්මන් පාලනාධිකාරිය මගින් හෙළිවූ තොරතුරු අනුව භාරතයේ බුදුන් උපන් පිංබිම (දඹදිව) බේරා ගැනීමට කටයුතු සංවිධානය කළ මුල්ම තැනැත්තා වූ බව කියන්නේද පඬිකාර මුදලි විඡේසිංහය. බුද්ධගයාව ඇතුළු දඹදිව බෞද්ධ උරුමයන් මහන්තා නමැති අන්‍ය ආගමිකයකුට හිමිව තිබූ අවස්‌ථාවේදී අනගාරික ධර්මපාල තුමන් දේශීය ප්‍රභූන් සමග එය බේරාගැනීමේදී වැය වූ රුපියල් 25000 ක මුදල පවා ගෙවා ඇත්තේ මෙම පඬිකාර මුදලිවරයා විසින් යෑයි කියයි.

කෙසේ හෝ පඬිකාර මුදලිඳුවරයාට දාව ක්‌ලැරන්ස්‌ මැටිල්ඩා මෝඩ්ට දරුවන් නොසිටියේය. එහෙයින් මුදලිවරයාගේ පරම්පරාව ගෙන යන්නට හෝ වතුපිටි, මහා මන්දිරයට හිමිකම් කියන්නට කිසිවකු නොවීය. අවසානයේ ඔවුන් දේපළ මේ මහා මන්දිරය සමග දේපළ රජයේ මහා භාණ්‌ඩාගාරයට දන්දී මහනුවර රැජිණ හෝටලයේ මිය යනතුරා දිවිගෙවූහ. 1889 වසරේදී වතුකාර වෙනත් පවුලකට දාව උපන් විඡේසිංහ මුදලිවරයා සියලු රජ සැප විඳ, රටරටවල සංචාරය කර 1947 දී මහනුවරදී මිය ගියේය. බ්‍රිතාන්‍ය රජයේ සමාජ සේවා කටයුතුවලට පවා මුදලින් හා වාහනවලින් (ගිලන් රථයක්‌) පරිත්‍යාග රැසක්‌ සිදු කළ දානපති ක්‌ලැරන්ස්‌ මැටිල්ඩා මෝඩ් 1890 දී ඉපදී 1970 දී මිය ගියාය. ඔවුන්ගේ රිච්මන්ඩ් කාසල් මන්දිරය දැන් දරුවන්ට අධ්‍යාපනය සලසන සමාජ සේවා ආයතනයකි.

එහෙත්, ඒ සුවිසල් මන්දිරය මතක රැසක්‌ සඟවා ගනිමින් අදටත් තේජාන්විතව නැඟී සිටිනු පෙනේ.

බේරුවල
අද අපගේ කඳවුරු බිමට පත්වන බේරුවල කොළඹ සිට දකුණු දෙසට යනවිට හමුවන ප්‍රධානතම ධීවර වරායයි. කළුතර දිසාවේ පිහිටා ඇති මෙය අද ලංකාවේ ඉතාමත් ප්‍රකට ධීවර වරායක්‌ වුවත්, අතීතයේදී ප්‍රකටව ඇත්තේ වෙළෙඳ වරායක්‌ ලෙසිනි. මෙහි අතීතය කොළඹ වරායටත් වඩා පැරණිය. නැතහොත් ගාල්ල වරාය තරම් හෝ ඊටද වඩා පැරණිය. ලංකාවට පැමිණි අරාබි ජාතික වෙළෙඳුන් බොහෝ දෙනා එදා ගොඩ බැස්‌සේ වත්මන් බේරුවලටය. අරාබි බසින් "බේරුහල්" යන්නෙන් මුහුදු බොක්‌ක යන්න ගම්‍ය වී ඇත. අරාබිය, ඊජිප්තුව, මාලදිවයින, මැද පෙරදිග ඔස්‌සේ මෙහි පැමිණි මෙම වෙළෙන්දෝ "බේරුවල" නැංගුරම් දැමූ පසු එකල රුවල් යාත්‍රාවලින් ගෙන ආ බඩු භාණ්‌ඩ හා අප දිවයිනෙන් ලබාගත් කුළුබඩු ඇතුළු භාණ්‌ඩ මෙහිදී රට රටවල් අතර හුවමාරු වී ඇත. ලංකාවේ නිරිත දිග වෙරළේ පිහිටි "නගරය" බාර් බේරියන් වශයෙන්ද එකල මෙය විදේශිකයන් විසින් හඳුන්වනු ලැබ ඇත.

ක්‍රිස්‌තු වර්ෂ 1085 දී මෙරට සතුරු බලය පරදා (පොළොන්නරු යුගය) රට එක්‌ සේසත් කරමින් රජ වූ විජයබා රජු අභිෂේක ලබාගත් උත්සවය සඳහා බ්‍රහ්මනයන් ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වා ගත් බවද එම කාර්යය සිදු කරනු ලැබුවේ බේරුවල ලැඟුම්ගත් පෙරිය මුදලි මරික්‌කාර් ඇතුළු ඉස්‌ලාම්වරුන් හයදෙනකුගෙන් යුත් නාවික කණ්‌ඩායමක්‌ විසින් බව සඳහන්වේ. මෙසේ එම කාර්යය මැනවින් ඉටුකළ පිරිසට රජු විසින් තඹ සන්නසකින් තුති පිදූ බවද සඳහන්ය. මතු දැක්‌වෙන එම සිද්ධියට අදාළ පද්‍ය රචනාවෙහි බේරුවල යනු බෑ - රුවල නොහොත් රුවල් බාපු තැන ලෙස හැඳින්වේ.

එදා ඉන්දියාවේ සාලිය මංගලම් ප්‍රදේශයෙන් පැමිණි බමුණන් සත් දෙනකු බේරුවලට පැමිණි තැන වත්මන් සාලියා පටුන නමින් හැදින්වේ.

රූ සඳ සක වරැස
එක්‌දහස්‌ නව වසේ
දුනු රැස කැති නැකත
තියවක ගුරු දවසේ

ගොඩබැස බෑ - රුවල
තොටුපළට මෙදවසේ
පැමිණුනි බමුණු විය
සත්දෙන මෙලෙසේ

(හෙළදිව බමුණු වත)

ආශ්‍රිත තොරතුරු - දේ. සු. ද සොයිසා සහ ගල්වෙහෙර සී ද ඉෂෙඩ් ගුණරත්නගේ විශ්වයේ ඔබත් මමත් ග්‍රන්ථය. මෙහි සඳහන් පරිදි එදා පෙරිය මුදලි මරික්‌කාර් ට රජුගෙන් ලැබුණු තඹ සන්නස බේරුවල ඡේ. ජුවඩ් විදානාරච්චි මහතා සතුව පවතී.




ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source : Divaina 2010/11/21
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 2:06 am    Post subject:

සිත් සන්තොසින් නැවතී යන්න
බෙන්තොට




කන්දේ විහාරය
කන්දේ විහාරය බෙන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රකට විහාරස්‌ථානයකි. කළුවාමෝදර පිහිටි මෙම විහාරය වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ශිෂ්‍ය දෙද්දුව ධම්මානන්ද හිමියන්ගේ අදහසකට අනුව ක්‍රිස්‌තු වර්ෂ 1734 දී ආරම්භ වූ බවත් චෛත්‍යය 1787 දී ඉදිවූ බවත් එහි ඇති රිදී පත් ඉරුවක සඳහන් වේ. මෙහි ඇති විසල් දර්ශනීය බුදු පිළිමවහන්සේ අද රට රටවල පවා ප්‍රකටය.



බෙන්තොට
බෙන්තොට යනු බෙන්තර නදියේ මෝය ප්‍රදේශයයි. ගාලු - කොළඹ මාර්ගයේ බෙන්තර ගංගාවට ඉහළින් අද පාළමක්‌ ඇතත්, අතීතයේදී මෙයින් එගොඩවන්නට තිබී ඇත්තේ ඔරු-පාරුය. එබැවින් මෙය බෙන්තොට බවට හඳුන්වා ඇත.

බෙන්තර ගංගාව දිස්‌ත්‍රික්‌ මායිමක්‌ මෙන්ම පළාත් දෙකක්‌ වෙන්කරන මායිමක්‌ද වේ. ඒ කළුතර සහ ගාල්ල දිස්‌ත්‍රික්‌ මායිමද බස්‌නාහිර සහ දකුණු පළාත් මායිමද වශයෙනි. බෙන්තොට අද සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළබඩ ප්‍රදේශයකි. පසෙකින් මහා සාගරයත්, පුළුල් මෝය ප්‍රදේශයත් මෙම ප්‍රදේශයට සංචාරකයන් කැඳවයි. සංචාරක පහසුකම් උපරිම ලෙස දියුණුව පැවතීමද මීට තවත් හේතුවකි. එබැවින් කොළඹ සිට දකුණු දිග ප්‍රදේශයට යන විට අපට හමුවන ප්‍රථම සංචාරක පුරවරය බෙන්තොටයි.

බෙන්තර නදියේ මෝයකටෙන් කළුතර පෙදෙස බේරුවලයි. කළුවාමෝදර ඔය මෙහිදී මෝය ප්‍රදේශයට එකතුවන අතර, මෙම දෙමෝදරම කඩොලානවලින් පොහොසත් අලංකාර පරිසර නිකේතනයකි.

කළුවාමෝදරට යාව සුප්‍රකට බෞද්ධ ආරණ්‍යයක්‌ පිහිටා ඇත.

එය මොරගල්ල ධර්මද්වීප යෝගාශ්‍රමයයි. මෙය බෝධිනාගල ආරණ්‍යට අනුයුක්‌තව ක්‍රියාත්මක වේ. එසේම මෝය කටෙන් අනෙක්‌ පස, එනම්, බෙන්තොටට අයත් බිම් තීරය කෙළවරෙහි පවතින අලංකාර කඳු වැටියද එම ආරණ්‍යයේම කොටසක්‌ ලෙස පවත්වාගෙන යයි. ඉතා හොඳ රුක්‌ විනයකින් සමන්විත මෙහි ශාක විවිධත්වය ඉහළය. නිසසල මෙම පුණ්‍ය භූමිය බෙන්තර මෝය වර්ණවත් කරයි.

බෙන්තර ගඟ ආරම්භ වන්නේ හිනිදුම ප්‍රදේශයෙනි. එහි හේකොක්‌ කඳුවැටියේ අඩි 2167 ක්‌ පමණ උසකින් බෙන්තර ගංගාවේ ආරම්භය සිදුවේ. එතැන් පටන් සැතපුම් 18 ක්‌ පුරා ගලාඑන නදිය අප ගංගා කිහිපයකට බෙදී ගලායයි.

බේරුවල, බෙන්තොට, හිනිදුම, නියාගම, ඇල්පිටිය, වලල්ලාවිට වැනි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස කිහිපයක්‌ ඇසුරේ නදිය ගලා බසී. අනෙකුත් ගංගා හා සන්සන්දනයේදී බෙන්තර ගඟ සුවිශේෂතා කිහිපයක්‌ දරයි. කඩොලාන ශාක ගොමුවලින් පොහොසත් වීමත්, අලංකාර දූපත් රැසකින් සමන්විත වීමත් ඒවා අතර වේ.

ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන කඩොලාන විශේෂ 23 ක්‌ අතරින් මල් කඩොල්, රත් කඩොල්, මහ කඩොල්, හීන් කඩොල් යන විශේෂ හතර මෙහිදී සුළභව හමුවේ. එසේම ජලජ කුරුල්ලන්ගෙන් හා කිඹුලන්ගෙන්ද බෙන්තර ගඟට අඩුවක්‌ නැත.

දෙද්දුවි විල නැතහොත් තෙත්බිම බෙන්තර ගඟට අයත් වේ. මෙහි විශාලත්වය අක්‌කර 500 ක්‌ පමණ වේ. ඒ ආශ්‍රිතව මිදෙල්ල දූව, බලිව දූව, රැපියෙල් දූව, සොහොන් දූව, අජපල දූව ලෙස දූපත් පහකි. මෙම දූපත් හා ගංගාවේ කඩොල් "උමං මාර්ග" සංචාරකයන්ට මෙහි අපූරු අත්දැකීම් ලබා දේ. ගඟ දෙපස වැඩෙන ගිං පොල්, කැරන්, කෙකටිය, මිදැල්ල, හාල්පන්, හීන්පන්, හම්බුපන්, වැට කෙයියා විශේෂ ගඟට සුන්දරත්වයක්‌ එකතු කරන අතර අනෙකුත් ජීවීන්ට වාසස්‌ථාන සපයයිs.

ප්‍රදේශයේ ජනයාට ගොවිතැන්, පානීය හා අනෙකුත් අවශ්‍යතා, ධීවර, ගමනාගමන, ආගමික හා සංස්‌කෘතික සේවාවකට අමතරව බෙන්තර නදිය සංචාරක කර්මාන්තයෙන් ආර්ථික මෙහෙවරක්‌ද ඉටුකර දේ. බෙන්තොට ඉදිවූ හෝටල්, අවන්හල් සංචාරක ව්‍යාපාරයට මහත් ආධාරකයක්‌ වී ඇති අතර අද පුළුල් බෙන්තර මෝය ප්‍රදේශය ජල ක්‍රීඩා සඳහාද ප්‍රකටව ඇත.

වනවාස රජමහා විහාරය
එන දද රූ එගුවන
අඳුරු රුපුන් වන් සඳ
ගොසින් තොසින් බෙම්තොට
වඳු මිතුරිඳු රෑ දින වනවාසයට
වනවාසයට
වනවාසයට
වනවාසයට

පරෙවි සංදේශය - ක්‍රි. ව. 1430 -1440

දකුණු දිග ඔස්‌සේ රටවටා යන ගවේෂණ චාරිකාවට එක්‌වන අපට බෙන්තොට මහා විහාරය පිළිබඳව කතා නොකර සිටිය නොහැකිය. දේවානම්පියතිස්‌ස රජ සමයේදී මෙරට මහා විහාර තුනක්‌ ස්‌ථාපිත වූ බව සඳහන් වේ. ඒ, අනුරාධපුර, තිස්‌ස හා බෙන්තොට වශයෙනි. අද අනුරාධපුර මහා විහාරය ගැන කතා කළද තිස්‌ස හා බෙන්තොට ගැන එතරම් කතාකරන බවක්‌ නොපෙනේ.

බෙන්තොට මහා විහාරයට අයත් විහාර පහකි. එදා එක්‌ විහාරයක්‌ව තිබූ මේවා අද විහාර පහක්‌ බවට පත්ව තිබේ. වනවාස රජමහා විහාරය එකල භික්‌ෂුන් විසූ ස්‌ථානයයි. නැතහොත් භික්‌ෂු අධ්‍යාපනය ලබාදුන් අධ්‍යාපන ආයතනයයි. බෝධිය පිහිටි බෝධිමළු රජමහා විහාරය, විහාරගෙයි පිහිටි ගලපාත විහාරය, වෙහෙරවහන්සේ වැඩ විසූ බෙම් වෙහෙර හා අමතර බෝධියක්‌ විසූ බෝධි සමීප පුරාණ විහාරය මෙම විහාර පහයි.

දෙතිස්‌ඵල රුහ බෝධියෙන් එක්‌ බෝධියක්‌ වැඩවසන වනවාස විහාරය සංදේශ කාව්‍ය කිහිපයකටම මාතෘකා සැපයූ උතුම් පිං බිමකි. කෝකිල, ගිරා, තිසර හා පරෙවි සංදේශවලදී සංදේශකරු "වනවාසය" ගැන ඉතා පැහැදිලිව සිහිපත් කර දී ඇත. පෙර දැක්‌වෙන කවියෙන් ඒ බව අපට පැහැදිලි වනු ඇත.

විල්හෙල්ම් ගයිගර්, රයිස්‌ ඩේවිඩ්සන් වැනි අපරදිග පඬිවරුන් මෙම විහාරය ආශ්‍රයෙන් සිංහල හා පාලි බස උගත්හ. තවත් භික්‌ෂුන් ගණනාවක්‌ තම පාණ්‌ඩිත්‍යය සරුකරගත්තේ මෙම වෙහෙරෙනි.

"රාමඤ්ඤ නිකාය බිහිකළ"
වනවාසයේ කොස්‌ ගස

රාමඤ්ඤ නිකාය පිහිටුවා වදාළ අඹගහවත්තේ ඉන්ද්‍රසභ මාහිමියන් උගත්තේද මෙම වනවාස ආරාමයෙනි. උන්වහන්සේ සාමණේර සමයේදී විහාරයේ සිට අකුරු කරන කල තවත් සාමණේර වහන්සේලා සමග විහාරයේ පැවැති කොස්‌ ගසක තිබූ වරකා ගෙඩියක්‌ කඩන්නට ඉනිමඟකින් ගසට නැඟි මොහොතක අනෙකුත් සාමණේරයන් වහන්සේලා එම ඉනිමග ඉවත්කොට කළ කවටකමක්‌ හේතුවෙන් උන්වහන්සේට මෙම පිරිවෙන අතහැර යන්නට සිදුවිය. මේ හේතුව නිසා සියම් නිකායෙන් ඉවත්ව අමරපුර නිකායට එක්‌වූ උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනයෙන් පසු රාමඤ්ඤ නිකාය පිහිටුවා වදාළහ. උන්වහන්සේගේ සිල්වත් බව ප්‍රගුණ කරන්නට හේතු වූ මෙම කොස්‌ ගස අදත් වනවාස විහාරයේ ඇති අතර, මේ සංචාරයේදී අපට ඒ අසිරිමත් ගසද දැකගන්නට ලැබීම සතුටකි.

කාශ්‍යප මහ රහතුන්ගේ දන්ත ධාතුන් නිධන් කළ
ගලපාත විහාරය

සංඝ ශාසනයේ සැරියුත්, මුගලන් දෙනමට පමණක්‌ දෙවැනි වන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක්‌ වැඩ සිටින ලොව එකම ස්‌ථානය වන ගලපාත විහාරය පිහිටා ඇත්තේ ද බෙන්තරය.


"සර්වඥයන් වහන්සේගේ මහා පාංශකූල චීවරය දැරූ ධූතාංගධාරී භික්‌ෂූන් අතරින් අගතැන්පත් තතාගත තෘතීය මහාශ්‍රාවක අනුබුදු මහා කාශ්‍යප මහ රහතන්වහන්සේගේ දළදාවක්‌ (උල් දන්තයක්‌) ස්‌ථූපයේ වැඩ සිටියි." යනුවෙන් සඳහන් පුවරුවක්‌ ගලපාත විහාරයේ ස්‌ථූපය අසල ඇත.

ගලපාත විහාරයට අසීමිත වටිනාකමක්‌ ගෙන දෙන ඒ දන්ත ධාතුව කාශ්‍යප මහ රහතන් වහන්සේ ජීවත්ව සිටියදී ගිලිහුන එකකි. දඹදිව සිට මෙරටට වැඩමවූ ඒ දන්ත ධාතුව අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේ නමක්‌ විසින් මෙම විහාරයේ තැන්පත් කර ඇති බව සඳහන් වේ.

විහාරයට ප්‍රවිෂ්ඨ වීමේදී දක්‌නට ඇති ගල්කණු සහ සෙල්ලිපිය පවසනුයේa සියවස්‌ ගණනක්‌ පැරණි ඉතිහාසයක්‌ එහි ඇති බවයි. පාලිs චූලවංශ ග්‍රන්ථයේ "හීමතිත්ථ" විහාරය ලෙසද, ශ්‍රී ලංකාවේ අෂ්ඨ මූලස්‌ථාන අතුරින් "ගලතුරුමුල" වශයෙන් හඳුන්වනු ලබන්නේද මේ බෙන්තොට ගලපාත විහාරයයි. දුටුගැමුණු රජුගේ අනින් පැමිණි සද්ධාතිස්‌ස කුමරු මෙම ආරාමය ප්‍රධාන විහාරස්‌ථානයක්‌ ලෙස සංවර්ධනය කර ඇති අතර පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරු මෙහි පැමිණ විහාරස්‌ථානයට පුදසත්කාර කර ඇත. පූජාවලියේ සඳහන් අන්දමට දඹදෙණිය යුගයේදී දෙවැනි පරාක්‍රමබාහු රජු මෙම විහාරයට පැමිණ දළදා වහන්සේ වෙනුවෙන් පුරා තෙදිනක්‌ පුද පූජා පවත්වා පසුව දළදා වහන්සේගේ ආරක්‌ෂාව උදෙසා දාගැබක්‌ බඳවා එහි එය නිධන් කර ඇත. පෘතුගීසීන් මුහුදුබඩ පෙදෙස්‌හි තම විනාශකාරී ආගමික ආක්‍රමණය පතුරුවද්දී එහි ගොදුරක්‌ බවට මෙම වෙහෙරද පත්විය. 1568 නොවැම්බර් 5 වැනිදා මෙම විහාරයට එල්ලවූ පෘතුගීසි ප්‍රහාරයේදී සියල්ල විනාශ වී ගිය නමුත් දාගැබේ නිධන් කළ දළදා වහන්සේ ආරක්‌ෂා විය.

එදා දළදා මැඳුරේ වූ ගල් උළුහස්‌ස අදත් එහි දැකිය හැකිය. පුස්‌කොල පොත් 300 ක්‌ පමණ මේ ඓතිහාසික වෙහෙරේ ගබඩා කර තිබේ. එහි ඇති පෞරාණික දෑ අතර ගලින් නිමවූ පෙරහන විශ්මිතයි. සුවිශේෂී පාෂාණයකින් සැදි මේ ගල් පෙරහනේ එකදු සිදුරක්‌ හෝ දක්‌නට නොමැති නමුත් එයට ජලය දමා විනාඩි කිහිපයක ඇවෑමෙන් ජලය පෙරී වෑස්‌සෙයි.

නිස්‌සංකමල්ල රජු ජලස්‌නානය කළ බව පැවසෙන නෙළුම් පොකුණ මෙම වෙහෙරෙහි ඓතිහාසික වටිනාකමට චමත්කාරයක්‌ එක්‌කරයි. වසර 270 ක්‌ පමණ පැරණි බුදු මැඳුරක්‌ සහ පසුව ඉදිවූ තවත් බුදු මැඳුරක්‌ මෙහි තිබේ. වාර්ෂිකව පවත්වනු ලබන මහා කාශ්‍යප දළදා පෙරහැර මෙම විහාරස්‌ථානයෙන් රුහුණු දේශයට පුදනා ආලෝකයකි.

විශේෂ ස්‌තූතිය - බෙන්තොට දර්ශන කරුණාරත්න, දේ. සූ. ද සොයිසා

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


Source : Divaina 2010/11/28
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 2:12 am    Post subject:

ලොව සුපතල රැම්සාව
මාදු ගඟ




"අතුර" බලන්නට ඉඳුරුවට යමු



කැලණි ගං මෝදරින් ගමන් ආරම්භ කළ අපගේ රට වටා ගවේෂණ චාරිකාව දැන් මාදු ගඟට ළඟා වෙලා. ඒ කියන්නෙ ගාලු දිස්‌ත්‍රික්‌කයේ බලපිටිය. පසුගිය ඉරිදා අපි කඳවුරු බැන්දෙ බෙන්තොට, නැතිනම් බෙන්තර ගං මෝයෙ. එතැන් සිට මුහුදු ඉම දිගේ ගාලු දිසාවෙ තවත් දකුණට යනවිට අපට හමුවන්නෙ ඉඳුරුව. වෙන බොහෝ තැන් වගේම ඉඳුරුවත් ධීවර කාර්මිකයන් විශාල ප්‍රමාණයක්‌ දිවිගෙවන ප්‍රදේශයක්‌. ඉඳුරුව මහඉඳුරුව ප්‍රදේශ ඊට අමතරව තවත් කර්මාන්තයකට ප්‍රකටයි. ඒ පොල් රා කර්මාන්තයට.

මේ නිසා මෙහි අප කතා කළ යුතු තවත් වැදගත් ඒ වගේම ප්‍රකට දෙයක්‌ හමුවෙනවා. ඒ තමයි "අතුර" අවදානම් වැඩක්‌ කරන විට "අතුරෙ යනවා වගේ වැඩක්‌" යෑයි සමාජයේ උපහැරණයක්‌ තියෙනවා. ඒ කියන්නෙ "අතුරේ යැම" මහත් අවදානම් වැඩක්‌. රා කර්මාන්තයේදී "මල් මදින්නා" ගහෙන් ගහකට මාරුවෙන්නෙ පොල් කරටි දෙකක්‌ අතර බැඳ තබන ලනු පොටවල් ආධාරයෙන්. දෙකකුල් තබමින් එක ලනු පොටක යන අතරතුර ඊට ඉහලින් ඇති ලණු පොටේ අත්වාරුවෙන් ගමන් ගන්නේ රා එකතු කරන (ලබු) කැට, මල් පිහිය, මල තලන උපකරණ, මලට බඳින බෙහෙත් පොට්‌ටනි යනාදියත් තමන්ගේ ඉනවටා එල්ලාගෙන. මෙවන් අතුරක්‌ ගස්‌ දහය දොළහ සිට විස්‌ස පමණ දක්‌වා ජාලයක්‌ සේ බැඳීමත් ගස්‌ කරුවන්ට මහත් පහසුවක්‌. එක පොල්ගහකට නැගල ගස්‌ ගණනාවක ගිහිං තමයි බිමට බහින්නෙ. ඉතින්, අතුර බලන්න ඉඳුරුවට යන්න. රට වටා යන ගමනේදී අපි අතුරේ යන්නන් ගැනත් සොයන්න බලන්න අමතක කළේ නැහැ. පානදුර, පින්වත්ත, වාද්දුව, මග්ගොන, පයාගල ප්‍රදේශවලත් අතුරෙ යැම සිදුවෙනවා. ඒත් ඒ කතාන්දරයට ප්‍රකට තැන හමුවෙනතුරු අපි "අතුර" ගැන කතා කළේ නැහැ. මේ රස්‌සාව නම් මුහුදෙ යනවටත් වඩා "අවදානම්" කොහොම වුනත් ඉඳුරුවට ආපු මේ රා කර්මාන්තය ලන්දේසි යුගය දක්‌වා යන අතීතයක්‌ ඇති දෙයක්‌.


කොස්‌ගොඩ කැස්‌බෑවන්



ඉඳුරුව වගේම ඊට යාබද කොස්‌ගොඩත් සංචාරක පුරවරයක්‌. ඒත්, කොස්‌ගොඩ ගැන කතා කරන විට අපට මතක්‌ වෙන සුවිශේෂ දෙයක්‌ තියෙනවා. ඒ තමයි කැස්‌බෑවෝ දකුණු මුහුදු තීරයේ කැස්‌බෑවන්ගේ බිත්තර කැදලි බිම් මුලින්ම අපට හමුවෙන්නෙ ඉඳුරුව හා කොස්‌ගොඩ ප්‍රදේශවලින්. ඒ හින්දම මේ ප්‍රදේශවල කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන රැසක්‌ පිහිටල තියෙනවා. කැස්‌බෑවන් මසට මැරීමත්, උන්ගේ බිත්තර ආහාර සඳහා පැහැර ගැනීමත් ජයටම සිදුවූ මෙම ප්‍රදේශ දැන් කැස්‌බෑ සංරක්‍ෂණය සඳහා පුළුල් වැඩ කොටසක්‌ කරන ප්‍රදේශ බවට පත්වෙලා. රජයේ අධීක්‍ෂණය යටතේ මේ කටයුතු තරමක්‌ හොඳට සිදුවෙනවා. මේ සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන දැන් දෙස්‌ විදෙස්‌ සංචාරකයන් අතරත් ජනප්‍රිය වෙලා.

බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට කැස්‌බෑවන් විශේෂ 5 ක්‌ එනවා. ඒ අතරින් අපි කතා කළ ඉඳුරුව වෙරළට කොළ කැස්‌බෑවා, ගල් කැස්‌බෑවා, දාර කැස්‌බෑවා යන විශේෂ ප්‍රධාන වශයෙන් පැමිණෙන අතර, යාබද කොස්‌ගොඩ වෙරළට ඊට අමතරව ඔළුගෙඩි කැස්‌බෑවා සහ පොතු කැස්‌බෑවාත් පැමිණෙනවා. ඒ කියන්නෙ කොස්‌ගොඩ, කැස්‌බෑවන් පස්‌දෙනාම පැමිණෙන සුවිශේෂ වෙරළ තීරයක්‌. බලපිටියට එන ගමනේදී කොස්‌ගොඩ වෙරළටත් පා තබන්න ලැබීම අපට ලැබුණු හැබෑම වාසනාවක්‌.


ගනේගොඩැල්ල රජමහා විහාරය


බලපිටිය ප්‍රදේශය ගැන කතා කරන විට අපට දේව පතිරාජ ඇමැතියා ගැන සඳහන් නොකර මෙහි සංචාරය කරන්න බැහැ. මන්ද බලපිටිය නම හැදීමත් ඔහුටම සම්බන්ධ බවට කියන නිසා. දඹදෙණි යුගයේ දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ අගමැතිවරයා වූ දේවපතිරාජයන් කළ විහාරාම රැසක්‌ කොස්‌ගොඩ අහුන්ගල්ල බලපිටිය ප්‍රදේශවල තියෙනවා. කොස්‌ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයත් එවන් ස්‌ථානයක්‌. ඔහුගේ අනුග්‍රහය මත ලියෑවුණා යෑයි කියන අනෝමදස්‌සී හිමියින් විසින් රචිත "පූජාවලියත්" වේදේහ හාමුදුරුවන් විසින් රචිත සිදත් සඟරාවත් ලියෑවුණු පුණ්‍යභූමිය වන්නේ මෙම ගනේගොඩැල්ල විහාරය බවට ජනප්‍රවාදයක්‌ තියෙනවා. ඉතිං ඒ නිසාම අපිත් මේ පිං බිමට ගොඩවැදුණා. ඒ වගේම තායිලන්තයේ වෝන් චෛත්‍ය කෝන් රජකුමරු විසින් මුල්ගල තබා බලපිටියේ හිටපු මන්ත්‍රී ඉයන් සොයිසා ගේ ධන පරිත්‍යාගයෙන් නිර්මාණය වුනු සුවිශේෂ ශ්වේත බුදුපිළිම වහන්සේත් මෙහිදී අප නමස්‌කාර කළා.

මේ ගමනේදී කොස්‌ගොඩ ගනේගොඩැල්ල පිහිටි දේවපතිරාජ ඇමැතියන්ගේ සොහොන සොයා ගත කළ කාලය අපට ඵලක්‌ නොවුයේ ඒ තැන සොයාගන්නට අපට නොහැකි වූ නිසා.


අහුන්ගල්ල සිරි සුදර්ශනාරාමයේ මැටි බදාම තොරණ



කොස්‌ගොඩින් අහුන්ගල්ලට ගිය අපට අහුන්ගල්ලේ ගුරුතුමා නොහොත් වලිමුනි අර්නෝලිස්‌ මැන්දිස්‌ අබේසේකරයන් ගැන තොරතුරක්‌ දැනගන්නට ලැබුණා. ලංකාවේ ප්‍රථම පංචාග ලිතේ ආදි කර්තෘවරයා වන්නේ මෙම ගුරුතුමා. 1854 දී මුද්‍රණාද්වරයෙන් එළිදුටු එම ලිත අපේ ලේඛන ඉතිහාසයට එක්‌වෙනවා. ගාලුපාර අද්දර පිහිටි ඔහුගේ සොහොන අද විශාල ඇහැටු ගසකින් වැහී ගිහින් තියෙන්නේ ඔහුගේ අනාවැකියකට අනුවලු. ඉන්පසු අපගේ සංචාරයේ මොහොතක්‌ ගත කළේ අහුන්ගල්ල වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමයේ. අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ මූලස්‌ථානය වන මෙම වෙහෙරේ වසර 200 ක්‌ තරම් පැරණි අලංකාර මැටි බදාම තොරණක්‌ තියෙනවා. අඩි 35 ක්‌ පමණ උස වන මෙය සංරක්‍ෂණය කළයුතු සහ දැකබලාගත යුතුම කලා නිර්මාණයක්‌. මුහුදුබඩ පෙදෙස්‌ ආක්‍රමණිකයන්ට ගොදුරුව පැවති බවට වන හොඳම සාධකයත් මේ තොරණේදී අපට දැකගන්නට ලැබුණා. ඒ ලන්දේසි හෝ ඉංග්‍රීසි ධජ සලකුණත්.


අමරපුර නිකාය බිහිවූ බලපිටිය අම්බරුක්‌ඛාරාමය



අහුන්ගල්ලෙන් බලපිටියට පා නඟන අපට තවත් වැදගත් විහාරයක්‌ මුණ ගැහෙනවා. ඒ තමයි අඹගහපිටිය අම්බරුක්‌ඛාරාමය. මේ අමරපුර නිකාය බිහිකළ විහාරය. මෙහි නිර්මාතෘ වරයාණන් වහන්සේ වැලිතර ඥdනවිමලතිස්‌ස හාමුදුරුවෝ. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව මතුවූ නිකාය ප්‍රශ්නයක්‌ මත මෙම හිමියන් බුරුමයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා 1803 වසරේදී ලංකාවට පැමිණ අමරපුර නිකාය බිහිකළ බව කියන්නේ. අඹගහපිටිය සහබන්දු මුදලිගේ උදව් ඇතිව මුදලිවරයාගේ වලව්ව විහාරස්‌ථානයක්‌ බවට පිදුම් ලබමින්. ඒ අඹගහපිටිය වලව්ව අද අම්බරුක්‌ඛාරාමයයි. අපගේ ගමනේදී අප මේ වැදගත් බෞද්ධ මධ්‍යස්‌ථානයටත් ගොඩවී යන්න අමතක කළේ නැහැ.


මාදු ගඟ


අද අප කඳවුරු බඳින මාදු ගඟ මෙරට සුවිශේෂී පරිසර නිකේතනයකි. ජාත්‍යන්තර සැළකිල්ල ලබන තෙත් බිමකි. ජාත්‍යන්තර රැම්සා තෙත්බිම් නාමාවලියට එක්‌වූ ශ්‍රී ලංකාවේ තෙවැනි තෙත්බිම වන මෙය, පාරිසරික, සමාජීය, ඓතිහාසික හා සංස්‌කෘතික වැදගත්කම් රැසක්‌ උරුම කර ගනිමින් බලපිටිය කේන්ද්‍ර කරගනිමින් පැතිර පවතී.

අතීතයේදී මාදු ගඟ වැලි ගඟයි. බලපිටිය, වැලිතොටයි. 13 වැනි ශත වර්ෂයේදී මෙරටට එල්ල වු කේරළ ආක්‍රමණයන් සඳහා නොබියව සේනාව මෙහෙය වූ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අග්‍රමැතිවරයා වූ දේව ප්‍රතිරාජ ඇමැතියා බලපිටියේදී කේරළයෙන් පැමිණ ගොඩබට චන්ද්‍රබානුගේ හමුදාව පරාජය කිරීමට කඳවුරු බැඳි පෙදෙස බලපිටිය බවට පත්වීලු. වැලි ගඟ මාදු ගඟ බවට පත්ව ඇත්තේ මාදුව ඇතුළු දූපත් හේතුවෙනි.

මාදු ගඟ අභය භූමියකි. එසේම කළපු හා මිරිදිය වශයෙන් වන පාරම්පරික ධීවර කර්මාන්තයේ නිජබිමකි. මෙහි පැහැදිලිව හඳුනාගෙන නම්කර ඇති දූපත් ගණන 36 කි. අක්‌කර 100 ක්‌ තරම් විශාල මා-දුව විශාලතම දූපතයි.

වනගල්මං දූව, කොත්දූව, දික්‌දූව, මීමාදූව, හොන්දූව, දිමිදූව, එරවන දූව, නයිදූව, මුවන් දූව, වෙරළ දූව, ගල්මංදූව. කටුදූව, මඩදූව, ගෝන දූව, තීනිය දූව, සතපහ දූව අනෙකුත් ප්‍රකට දූපත්ය.

මාගල ඇළ, ලේනගල ඇළ, උණගස්‌වල ඇළ, සීනිගොඩ ඇළ වැනි කරන්දෙණිය ප්‍රදේශයෙන් පටන් ගන්නා ජල දහරා මාදු ගඟේ පෝෂණ ඇළ මාර්ගවේ. මාදු ගඟ අභයභූමිය හෙක්‌ටයාර් 915 කි. එහි ජලතලය හෙක්‌ටයාර් 770 ක්‌ නොහොත් අක්‌කර 1925 කි. 2006 ජුලි මස 17 වැනිදා මෙය අභයභූමියක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර රැම්සා තෙත්බිමක්‌ බවට පත්වූයේ 2004 පෙබරවාරි මස 25 වැනිදාය.

මාදු ගඟ ඝනව වැඩුණු කඩොලානවලින් සමන්විත ඉවුරුවලින් යුක්‌තය. ඇතැම් තැන්වල කඩොලාන අඳුරු ගුහා අතරින් රිංගා බෝට්‌ටුවක, ඔරුවක නැගී මාදු ගඟේ අසිරිය විඳගත හැකිය. මෙහි ශාක විවිධත්වය හා වනසතුන්ගේ විවිධත්වය ඉතා ඉහළ මට්‌ටමක පවතී. මාදු ගඟේදී හමුවන "රතමිල්ල ශාකය ලංකාවේ ඉතාමත් දුලබ කඩොලාන ශාකයකි. එය මෙහිදී හා ආශ්‍රිත ස්‌ථාන කිහිපයකදී පමණක්‌ හමුවේ. මෙහිදී කඩොල් විශේෂ 14 ක්‌ හමුවේ. ශාක විශේෂ 302 ක්‌ මාදු ගඟේ ඇති බවට හඳුනාගෙන ඇත. කිරල, මහකඩොල්, මල් කඩොල්, පුංකණ්‌ඩ, ගොඩකිරල, ගිං පොල්, කැරං කොකු වැනි ශාක මෙහි බහුලය.

තෙත්බිම් පරිසරයක්‌ වන මෙහි කළපු හා මිරිදිය මත්ස්‍ය විශේෂ, ඉස්‌සන් ඇතුළු ජලජ උරගයින්ද රැසක්‌ වෙති. කිඹුලන්ද මෙහිදී හමුවේ. ජලජ කුරුල්ලන් රැසක වාසභූමිය වන මාදු ගඟ, තෙත්බිම් ආශ්‍රිත උරගයන් හා ක්‍ෂීරපායින්ගේද වැදගත් වාසස්‌ථානයකි.

මාදු ගඟ ගැන කතාකරන විට මෙහි ඇති කොත්දූවත්, එම විහාරයත් අපට කිසිසේත් අමතක කළ නොහැකිය. කොත්දූව නම සෑදි ඇත්තේද මෙම විහාරය නිසාය. මෙහිදී ඔෆිසර සංදේශය රචනාවී ඇති බව කියනු ලබන අතර, ඉංග්‍රීසි ආක්‍රමණය සිදුවු අවස්‌ථාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව පිණිස මෙම කොත්දූවද භාවිතා කරන ලද බව කියනු ලැබේ. නිහඬ, නිසල, රමණීය, තැනෙක පිහිටා ඇති මාදු ගඟේ කොත්දූව මාදු ගඟටම අසිරියකි. සුන්දරත්වයේ හා ජෛවවිවිධත්වයේ, මෙන්ම ආගමික හා සංස්‌කෘතික ප්‍රබෝධයේ තෝතැන්නක්‌ වූ මාදු ගඟේ සංචාරයද අපගේ රටවටා ගවේෂණ චාරිකාවට මහත් අත්දැකීමක්‌ කර ගනිමින් අද අප බලපිටියෙන් සමුගන්නේ දකුණ ලක තවත් ආගමික සංස්‌කෘතික ප්‍රබෝධයේ සලකුණක්‌ වන් තැනෙක කඳවුරු බඳිනු රිසියෙනි. ඒ, ගෙඳවානගල අභය භූමිය පිහිටි අම්බලන්ගොඩයි.

බලපිටිය ගැන තවත් වැදගත් තොරතුරු ලබන ඉරිදාත් අපි කතා කරනවා.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source : Divaina 2010/12/05
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 2:18 am    Post subject:

රුක්‌ කලාවේ කෞතුකාගාරය
අම්බලන්ගොඩ




ගෙඳවානාගල

අපගේ රට වටා යන ගවේෂණ චාරිකාව දැන් අම්බලන්ගොඩට ළඟා වෙලා. අද අප කඳවුරු බැන්දෙ අම්බලන්ගොඩ නගරයට නුදුරුව තියෙන අපේ රටේ දෙවැනි කුඩාම අභය භූමිය අසල. ඒ තමයි ගෙඳවානාගල, නැතිනම් ගෙඳවාන. ගල්පර දූපත කියල කියන්නෙත් මේ ගෙඳවානාගලටම තමයි. අම්බලන්ගොඩ ධීවර වරායේ කෙළවර පිහිටල තියෙන මේ ගෙඳවානාගල ධීවරයන් තමන්ගේ දැල් වේලාගැනීම ඇතුළු කටයුතු සඳහා භාවිතා කරනවා. එහෙත් මෙහි ඇති තවත් සුවිශේෂීතාවය වන්නේ, මේ දූපත මෙරට වෙසෙන සුවිශේෂ මුහුදු පක්‍ෂීන් පිරිසකගේ පාරම්පරික නවාතැන්පළක්‌ වී ඇති නිසා. මේ අය තමයි මහ කොණ්‌ඩ මුහුදු ලිහිණියා සහ රෝස මුහුදු ලිහිණියා.

අඛණ්‌ඩව මේ දූපත වෙත පැමිණෙන මේ ළිහිණින් විශාල වශයෙන් මෙහි කැදලි තනනවා. උන්ගේ කැදලි බිම ආරක්‍ෂා කළ යුතු නිසා වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව 1940 වසරේදී මෙම දූපත ඇතුළු ආශ්‍රිත කුඩා ගල්පර හෙක්‌ටයාර් 1.2 කින් සමන්විත අභය භූමියක්‌ බවට පත් කළා. එහෙත් අවාසනාවකට අපි ගෙඳවානාගලට යන විට එහි ළිහිණින් පැමිණ සිටියේ නැහැ. දැන් ගෙඳවානාගලට මේ පක්‍ෂීන්ගේ ආගමනය සිදු නොවන තරම්. ඒකට හේතුව ලයිට්‌කෝස්‌ භාවිතය නිසා මොවුන්ගේ ආහාර අඩුවීම බව පරිසරවේදීන් හඳුනාගෙන තිබෙනවා.


අහුන්ගල්ල


සාහිත්‍ය ග්‍රන්ථකරණයට තෝතැන්නක්‌ වූ කොස්‌ගොඩ ගනේගොඩැල්ල රාජමහා විහාරය ගැන අප පසුගිය සතියේ තොරතුරු කීවා ඔබට මතක ඇති. එසේම සිරිලක පුස්‌කොල පොත් නාමාවලියක්‌ සැකසූ සහ පන්සිය පනස්‌ ජාතික පොත වර්තමානයේ ඇති ආකාරයට සැකසූ මහ වියත් ලුවිද සොයිසා මහමුදලිතුමා ජීවත් වූ ගම්මානයත් මේ කොස්‌ගොඩයි. ඒ බවත් සිහිකරමින් අහුන්ගල්ලේ තවත් තොරතුරු සැකෙවින් කියන්නයි අපගේ සූදානම.


විමල් පෙණ පිඬුවෙන් වළාකුලෙව් නුඹ
සුසැදි වැලි තුඩුවෙන් යනෙන ඔබින් ඔබ
ලියන් නෙත් කඩුවෙන් පහර තෝ නොලැබ
අසුන් ගල් කඩුවෙන් යාගන් මිතුර සුබ

තිසර සංදේශය

එදා රුහුණේ මාගම්පුරය හා කැලණිපුරය බලා පයින් ගිය ජනයාට ගිමන් නිවීම සඳහා මාවත්, මධු හා වාඩිවී සිටීමට අසුන් ගල් හෙවත් ගල් ආසන පනවා තිබුණු නිසා අසුන්ගල් කඩුව ලෙස එදා අහුන්ගල්ල හඳුන්වා තිබෙනවා.

දඹදෙණි යුගයේ දේවපතිරාජ අමාත්‍යවරයාගේ අශ්ව හමුදාව සඳහා අශ්වගාල තිබූ තැන අසුන්ගල්ල බවද කියනවා. අදත් අහුන්ගල්ල කැකිරිවත්ත සිරි විජයාරාම විහාරස්‌ථානය අසල තිබෙන "ගල් බැඳි පොකුණ" එදා අශ්වයින් නෑවීමට භාවිතා කරන ලද පොකුණ බව පවතින විශ්වාසයයි. ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි - බෞද්ධ පාඨශාලාව 1879 ජනවාරි මස 7 වැනිදා ආරම්භව ඇත්තේත් අහුන්ගල්ලේදී. අහුන්ගල්ල පසුකර පැමිණි ගමනේදී හමුවූ බලපිටියේ තොරතුරුද අප පසුගිය ඉරිදා තරමක්‌ කතා කළා. මේ එහි ඉතිරි හරිය.


බලපිටිය


අද බලපිටිය එදා වැලිතොට නොහොත් වැලිතරයි. වැලිතොට ග්‍රාමය බ්‍රාහ්මණවංශිකයන් දිවිගෙවූ ඉපැරැණි ග්‍රාමයක්‌ ලෙසයි ප්‍රකටව පවතින්නෙ. "බ්‍රාහ්මණවත්ත" හැඳිල තියෙන්නෙත් ඒ නිසාලු. දඹදිව කළිඟු රට විසූ උදේනි රජුගේ පුත් හා දියණිය දන්තකුමරු හා හේමමාලා කුමාරිය බුද්ධ වර්ෂ 847 දී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සඟවාගෙන නැගෙනහිර මුහුදෙන් ලංකා පටුනට පැමිණ, මෙම බ්‍රාහ්මණවත්තට ළඟාවූවා යෑයි කියන්නේ වැලිතොටෙන් එතෙරවීලු.

බ්‍රාහ්මණවත්තේ සිට කොස්‌ගොඩ පරතරකයට පැමිණි බවද සඳහන් වෙනවා. ඒ පරතරකයේ දළදා වහන්සේ තැබූ තැන "දළදාවත්ත" ලෙස අදටත් හඳුන්වනවා. වීර කැප්පෙටිපොලයන්ගේ මුත්තනුවන් වූ දොන් කොස්‌මෝ විඡේසේකර යුද මුදලිගේ ගම්මානයත් මෙම බ්‍රාහ්මණවත්ත ලෙස හඳුන්වනවා.

දළදා වහන්සේ වැඩම කළ කොත්දුව
දළදා වත්තෙන් දළදා වහන්සේ වැඩි ආරක්‍ෂාව සඳහා ගෙන එන ලද්දේ අහුන්ගල්ල ගල්වෙහෙර වාලුකතිත්ථ විහාරයට බවත් එහි දෙතිස්‌ථල රුහ බෝධිය ආසන්නයේ මෙය සඟවා තැබුවේ වැලිකොතක්‌ ලෙස බවත් පසුව එය කොත්දුව ලෙස ප්‍රකට වූ බවත් පවතින විශ්වාසයයි.

කොත්දුව ලෙස ප්‍රකට මෙම දූපත අනිකක්‌ නොව පසුගිය සතියේ අප මාදුගඟ ගැන කළ කතාවේදී විස්‌තර කළ කොත්දූවම තමයි.

ප්‍රකට ලේඛකයකු හා ඉතිහාස ගවේෂකයකු වන අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා මහතා අපට මෙම චාරිකාවේදි මාර්ගෝපදේශ කාර්යය සලසමින් අවධාරණය කර සිටියේ වීදිය බණ්‌ඩාරයන්ද දළදා වහන්සේගේ ආරක්‍ෂාවට දළදා වහන්සේ කොත්දුවේ සඟවා වැලිගම දක්‌වා තිබූ පරංගි බලය සම්පූර්ණයෙන්ම වනසා දමා දළදා වහන්සේ කෝට්‌ටේ රාජධානියට වැඩම කළ බවයි.

කොත්දුවේදී ඔෆිසර සංදේශය රචනා නොවූ බවත් එය ලියෑවුණේ වැලිතර පුෂ්පාරාම මහා විහාරයේදී (නායක පන්සල) බවත් ලෙස නිවැරදි කරන සොයිසා මහතා, අපට පැවසුවේ ඉංග්‍රීසි ආක්‍රමණ සමයේදී නොව පෘතුග්‍රීසි ආක්‍රමණික සමයේදී දළදා වහන්සේ කොත්දූවේ සඟවා තැබූ බවයි.

දේවානම් පියතිස්‌ස රජ සමයේදී ජයශ්‍රී මා බෝධියෙන් පැන නැගුණු දෙතිස්‌ඵල රුහ බෝධින්වහන්සේ නමක්‌ කොත්දුවේ රෝපණය කළ බවද මෙම බෝධිය සමග මෙම ප්‍රදේශයේ නවත්වන ලද බ්‍රාහ්මණ පිරිසේ නායකයා වූ ඉසුරුමුණි කප්පිණ බ්‍රාහ්මණයාගේ පරපුරෙන් පැවත එන අය වැලිතර මහා කප්පිණ වලව්වේ පදිංචිවූ බවත් සඳහන් වෙනවා.

නායක පන්සල
මේ සංචාරයේදී අප ගොඩ වූ තවත් විහාරස්‌ථානයක්‌ තමයි නායක පන්සල. නැතිනම් බලපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරය. අමරපුර චූලගණ්‌ඨ§ මහ නිකායේ මූලස්‌ථානය වන්නේ මෙම විහාරයයි.


රූකඩ

රූකඩ ගැන කතා කරන කොට අපට මතක්‌ වෙන්නෙ අම්බලන්ගොඩ. ඒත් රූකඩවලට අතීතයේදී ප්‍රසිද්ධ වෙලා තිබුණ කියන්නෙ බලපිටිය. බෝගහවත්ත, වතුගෙදර, පරගහතොට ගම්මාන තමයි රූකඩ කලාවට ප්‍රසිද්ධ. ප්‍රසිද්ධ රූකඩ කණ්‌ඩායම් තුනක්‌ අතරින් සම්මානලාභී පුරෝගාමී රූකඩ කලාවක නිරත "ශ්‍රී අනුර" නාමයේ අධ්‍යක්‍ෂ නලින් ගම්වාරි මහතා සොයාගෙන අපි ඔහුගෙ ගෙදරට ගියේ අම්බලන්ගොඩ ආ ගමනේදී "රූකඩ" කලාව ගැනත් තොරතුරු ටිකක්‌ දැන ගෙන යන්න.

සුරකන්, ලව්නේරිස්‌ ගම්වාරි ගෙන් පසුව තමයි නලින් ගම්වාරි මේ රූකඩ කර්මාන්තයේ හිමිකරුවෙක්‌ වුණේ. ඒ කියන්නේ සීයා සහ තාත්තාගෙන් පසුව. දැන් අම්බලන්ගොඩටම ඉන්නෙ රූකඩ කණ්‌ඩායම් තුනක්‌ විතරයි. ජාතක කතා සහ එවන් බොදු කතාංග ඇසුරෙන් නිර්මාණය වී රූකඩ කැපීම, වර්ණ ගැන්වීම, ඇඳුම් නිර්මාණය, ප්‍රදර්ශනය, දෙබස්‌ කැවීම, ගීත ගායනය, සංගීතය වැනි සියලුම අංග කැටිකොට එකම ශිල්පීන් කොටසක්‌ මගින් සිදුකරන රූකඩ කලාව සැබවින්ම රටේ අභිමානය ලොවට කියන කලාවක්‌. සංස්‌කෘතික අංගයක්‌ මෙන්ම ජනමනස අවදිකරන සුවපත්කරන ඔසුවක්‌. ඊටත් වඩා අද "රූකඩ කලාව" සැබවින්ම මෙම ශිල්පීන්ට අභියෝගයක්‌. තවත් කෙටි කලකින් අම්බලන්ගොඩ ගැන කතා කළත් අපට රූකඩ ගැන කතා කරන්නට දෙයක්‌ ඉතිරිවේදැයි සැබවින්ම අපටත් ප්‍රශ්නාර්ථයක්‌.


මහා කප්පිණ වලව්ව

මහා කප්පින වලව්ව මෙරට වළව් අතරින් ප්‍රකට වූවක්‌. මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ ග්‍රන්ථයන් ඇසුරෙන් නිර්මානය වූ ගම්පෙරළිය, විරාගය, මඩොල්දූව, යන චිත්‍රපට සඳහා පසුබිම් වූයේද මෙම වළව්වයි. අද එය මෙහි දකින්නට නැහැ. (කඩා ඉවත් කර ඇත) මහා කප්පිනවලව්ව බලපිටියේ විසූ ඉසුරුමත් දානපති රාජපක්‍ෂවරුන් සතුවුණා. රටපුරා පන්සල් හා පාසල් ගොඩනැඟූ ඔවුන් අහුන්ගල්ල රාජපක්‍ෂ විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය යනාදියත් ගොඩනැඟුවා.


වාසල මුදලි වලව්ව


බලපිටිය ග්‍රාමයේ ඇති තවත් වැදගත් තැනක්‌ තමයි වාසලමුදලි වලව්ව. තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන මුදලිතුමන්ගේ නිවස මෙයයි. ලංකාවේ නොව එවක ආසියාකරයේම විසූ අග්‍රගන්‍ය පඬිවරයකු සේ ප්‍රකට ඔහු රාජගුරු වස්‌කඩුවේ සිරි සුභූති හිමියන්ගෙන් ධර්ම ශාස්‌ත්‍රය ලබා භාෂා පරිවර්තක මුදලිවරයකුවී ඇති අතර පසුව ඉංග්‍රීසි පාලන සමයේදී වාසල මුදලි තනතුරෙන් පිදුම් ලබා තිබෙනවා.

සිරිලක ප්‍රථම ඉංග්‍රීසි සිංහල හා සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ දෙක ලියා පළ කළ විද්වතා වන ඔහු, සිංහල භාෂාව සඳහා "ෆ" අකුර නිර්මාණය කළ මූලාචාරිවරයාද වශයෙන් සලකනවා.


ගරුමුණි වලව්ව


ගාලු දිසාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනකු බිහිකළ ගරුමුණි වලව්ව බලපිsටියේදී අපට හමුවන වැදගත් ස්‌ථානයක්‌. එකල දෙස්‌ විදෙස්‌ ප්‍රභූන්ගේ නවාතැන් පළක්‌ වූ මෙය සිරිලක නිදහස්‌ සටන උදෙසා දකුණේ නායකයන් නිබඳව රැස්‌ව සාකච්ඡා කළ මන්දිරයයි. පරම විඥනාර්ථ බෞද්ධ සමාගමේ ලේකම් පදවියත් කොළඹ සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති පදවියත් දැරූ ගරුමුණි රොබට්‌ ද සොයිසා මහතාගේ උපන්ගෙයි වන මෙම වලව්ව සිරිලක ආගමික හා ජාතික ප්‍රබෝධයේ කේන්ද්‍රස්‌ථානයක්‌.


වෙස්‌ මුහුණු කලාව



අම්බලන්ගොඩ ගැන කතා කරන විට වෙස්‌මුහුණු, රූකඩ හා ලී කැටයම් කලාවත් වඩු වැඩ කලාවත් අමතක කරන්න බැහැ. අපගේ ගවේෂණයේදී මේ ගැන සොයා බලන්නත් අපි අමතක කළේ නැහැ. මේ අනුව පළමුව අප ගියේ අම්බලන්ගොඩ වෙස්‌මුහුණු කෞතුකාගාරය සහ ප්‍රදර්ශනාගාරයට. හෙළ සංස්‌කෘතික හා සමාජ සිරිත් විරිත් රැසකට උරුමකම් කියන අම්බලන්ගොඩ, දේශීය පුද පූජා ඇදහිලි, විශ්වාස හා කෝලම් නැටුම් ගැන දක්‌වන පාරම්පරික හිමිකම් ගැන මේ කෞතුකාගාරයෙන් අපි තොරතුරු ලබාගත්තේ ආරියපාල ගුරුතුමන්ගේ දියණිය වන ජුවන්වඩු දයා විඡේසූරිය සහ ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ යූ. එල්. ගුණරත්න මහතාගේද දායකත්වය ඇතිවය.

අම්බලන්ගොඩ "රුක්‌" කර්මාන්තය පාරිම්පරිකව රැගෙන එන පරම්පරාව අතර ඉහළින්ම සිටින්නේ විඡේසූරිය පරම්පරාවයි. ඔවුන් දැනටමත් මේ කර්මාන්තයේ යෙදී සිටින අතර අංග සම්පූර්ණ වෙස්‌මුහුණු 120 ක්‌ භාවිත කරමින් කෝලම් ඇතුළු වෙස්‌මුහුණු කර්මාන්තයේ යෙදී සිටිනවා.

දිවයින පුරා ලී හා කැටයම් කර්මාන්තය සිදුව ඇති බව කියන්නේ අම්බලන්ගොඩින්. ඒ අතර කදුරු ලීයෙන් හැඩවැඩවන වෙස්‌ මුහුණු කලාව අපට කිසිසේත් අමතක කරන්නට බැහැ. හෙළ කලාවේ පහතරට සලකුණ ලෙස මේ අනුව අම්බලන්ගොඩ හඳුන්වා දෙන්න පුළුවන්. වෙස්‌ මුහුණු 120 කට අධික ප්‍රමාණයකට ජීවය දෙමින් රටේ සාඩම්බරය තවමත් සුරකින අම්බලන්ගොඩ කලා කරුවෝ කෝලම්, බලි, තොවිල්, යනාදියටත් තවමත් තම උපරිම ශක්‌තියෙන් කැප කිරීම සිදු කරන්නෙ මේ කලාවන් නැති නොවීමේ අසීරු වගකීම කරට අරන්.


රන්දොඹේ විහාරය



බලපිටිය පෙදෙසින් අම්බලන්ගොඩ දෙසට යන විට අපට හමුවන තවත් වැදගත් ග්‍රාමයක්‌ හා විහාරස්‌ථානයක්‌ තමයි "රන්දොඹේ". දඹදෙණි යුගයේ රජකම් කළ දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ ප්‍රධාන ඇමැතියා වූ දේවපතිරාජ ඇමැතිවරයා විසින් දොඹ කැළෑවක්‌ හෙළි පෙහෙළි කොට ගොඩනංවන ලද ගම්මානය "රන්දොඹේ" යි. මෙම විහාරයද දේවප්‍රතිරාජ ඇමතියන්ගේ සද්කාර්යයක්‌. ආරම්භයේදී මහා මංගල සමුද්‍රරාමය වූ මෙය, පසු කලෙක උප සංඝරාජ හිමි නමක්‌ වැඩ සිටි බැවින් සංඝරාජ මහා විහාරයක්‌ බවට පත්වී තිබෙනවා.

දකුණු ලක ප්‍රථම පිරිවෙන 1842 දී පිහිටුවා ඇත්තේ මේ විහාරයේ. මෙහි වැඩ සිටි රන්දොඹේ ධම්මාලංකාර හිමි විසින් ලියන ලද "සීමානය දප්පන" නම් පාලි ග්‍රන්ථය ග්‍රන්ථ ලියාපදිංචි ලේඛනයේ මුල්ම ග්‍රන්ථය බවට පත්කළේ ඉංග්‍රීසි රජයෙන් පැනවූ ග්‍රන්ථ ලියාපදිංචි නීතිය හේතුවෙන්.


විශේෂ ස්‌තූතිය
දේ. සු. ද සොයිසා සහ බලපිටිය අනුර යසමිත්


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source: Divaina 2010/12/12
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 8:39 am    Post subject:

දෙවොල් දෙව් විමන
සීනිගම




රට වටා යන ගවේෂණ චාරිකාවේදී දකුණු ලක බෙන්තොට, කොස්‌ගොඩ, අහුන්ගල්ල, බලපිටිය නොහොත් වැලිතර, අම්බලන්ගොඩ, තෙල්වත්ත, තොටගමුව, හික්‌කඩුව, දොඩන්දූව, ගාල්ල නගරය පසුකර කොග්ගල, වැලිගම ඔස්‌සේ මාතර පෙදෙසට යන ගමන අපට මහත් අත්දැකීම් ගෙන දෙන්නක්‌ බවට පත්වෙමින් තිබෙන අතර, ජාතිය - ආගම පිළිබඳ අතීතය නැවත කියවීමක්‌ බවට පත්ව තිබීම අපටම මහත් ආශ්වාදයක්‌. ඒ වගේම අපි සැලසුම් කළ අපේ ගමනත් මේ නිසා තරමක්‌ ප්‍රමාද කරන්න සිදුවුණේ මේ රසබර හා විටෙක දුක්‌බර කතාන්දර මගහැර යන්න අපට හැකියාවක්‌ නැති නිසා. ඒ නිසාමයි අද හික්‌කඩුවේ කඳවුරු බඳින්නට හිටි අපට "සීනිගම" නමැති සුන්දර වෙරළ තීරයේ අද දිනය ගත කරන්නට සිදු වුණේ. ඉතින් විමසා බලමු අම්බලන්ගොඩ සිට සීනිගම දක්‌වා ඇති වෙරළ බඩ තීරයේ අමතක නොකළ හැකි තොරතුරු.

විශ්මිත ඝණ්‌ඨාර තොරණ


අම්බලන්ගොඩ ශ්‍රී සුනන්දාරාම මහා විහාරයේ තිබෙන අවුරුදු 250 කටත් වඩා පැරණි ඝණ්‌ඨාර තොරණ බලන්නත් මේ සංචාරයේදී අප අමතක කළේ නෑ. මහල් හතරකින් සමන්විත මෙම කැටයම් සහිත අලංකාර තොරණ උසින් අඩි 75 ක්‌. පළල අඩි 40 ක්‌. 1875 දී ආරම්භ කර ඇති මෙය 1910 දි තමයි අවසන් කරල තියෙන්නේ. හොණ්‌ඩර 5 කින් සමන්විත ඝණ්‌ඨාරයකින්ද සමන්විත මේ ඝණ්‌ඨාර තොරණේ නිර්මාතෘවරයා අන්කවරකු සේ නොව වෙස්‌ මුහුණු කර්මාන්තයේම පුරෝගාමීන් වන ජුවන්වඩු වඩුආරච්චි ගුරුන්නාන්සේ. ලෝකයේ මෙවැනි තොරණක්‌ තවත් දැකගන්න නොලැබෙන බවයි බොහෝ දෙනා කියන්නෙ. හුණු ගා මැටි බදාම, වලින් නිර්මිත මේ තොරණ දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, ප්‍රදේශවාසීනුත් එකතුවෙලා ප්‍රතිසංස්‌කරණය කරනවා.

මාදම්පාගම
අම්බලන්ගොඩ අවසන් වනවිට හමුවන මාදම්පාගම නොහොත් මහදම්පාගම ගැනත් වචනයක්‌ දෙකක්‌ සිහිපත් කළ යුතුයි.

රෝස මලේ නටුවෙ කටූ
වන බඹරෝ ඔහොම හිටූ
නටුව නෙවෙයි මල සිඹිමී
මම ළමයෝ පැණි උරමී

ළමයින් නොව වැඩිහිටියන් කොයි කා අතරත් ප්‍රකට මෙම කවිය ලියූ ආනන්ද රාජකරුණා ශූරීන්ගේ ගම මේ මාදම්පාගමයි. මාතර යුගයේ අවසන් කවියා ලෙසද කොළඹ යුගයේ පළමු කවියා ලෙසද ඉතිහාසගත වන ආනන්ද රාජකරුණා කවියා මිහිදන් වූ සොහොන් බිමත් රටවට චාරිකාවේදී මාදම්පේ ඌරාවත්ත ගාලුපාර අද්දරදී අපට හමු වුණා.

මාදම්පාවිල



අම්බලන්ගොඩ සිට දකුණු දෙසට යන විට හමුවන ගම්මානය මාදම්පාගමයි. මේ අසලින් මහ මුහුද සිපගන්නා දිය දහර මාදම්පා ගඟයි. මේ මාදම්පා ගඟ සැබවින්ම ස්‌වභාවික වැවක්‌ නොහොත් විලක්‌. අම්බලන්ගොඩ නගරයට නැගෙනහිර දෙසින් බටපොල පෙදෙසට වන්නට පිහිටා ඇති මෙම මාදම්පාවිලේ විශාලත්වය අක්‌කර 3045 ක්‌. මෙම විලත් එහි වටිනා කඩොලාන ඇතුළු දූපත් හා විල් ඉවුරද ඇතුළත්ව අභයභූමියක්‌ බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ 2007 දී.

කිවුල් ජල තලයකින් සමන්විත මාදම්පාවිලේ පුළුල් පෙදෙසක්‌ අලංකාර, නිසසල පරිසර පද්ධතියක්‌. මෙහි ඉවුරු දෙපස සුළභව කිරළ ශාකය දකින්නට ලැබෙනවා. එසේම ගිංපොල් ශාකය බහුල වශයෙන් දැකගන්නටත් මාදම්පාවිල සුවිශේෂී තැනක්‌. කැරංකොකු, මල් කඩොල්, මහ කඩොල්, වැනි කඩොලාන ශාකයන්ගෙන් සමන්විත මෙම විල එක්‌ පැත්තකින් මාදු ගඟට සම්බන්ධ වන අතර කරන්දෙණිය ප්‍රදේශයෙන් පෝෂණය ලබනවා. එම ප්‍රදේශයෙන් මාදම්පාවිලට ගලා එන හල්වතුර ඔය මෙම විලේ ප්‍රධාන ජලපෝෂක ඇළයි. මෙම ඇළ දිගේ බෝට්‌ටුවකින් ගමන්ගත් අපට නෙළුම්, මානෙල් වැනි අලංකාර ජලජ ශාක ගොමු අතරින් ගොස්‌, මේ සුන්දර ජල තටාකයේ පහස මෙන්ම අලංකාරයත් හිත පුරා විඳගන්න හැකි වුණා. විශේෂයෙන්ම විල මැද පිහිටි දූපත් ගණනාවක්‌ අතරින් දෙල්දූව විහාරය පිහිටි දෙල්දූව වටා ගිය ගමනත්, ජල මැද පිහිටි එහි සීමා මාලකයත්, අවට රුක්‌ ගොමු තුළ ගැවසගත් සියොත් කැළගේ කිචි බිබිචියත් පහසුවෙන් අමතක කරන්න බැහැ.

සුනාමි මතකය
මාදම්පාවිලෙන් සමුගෙන මීළඟට අප ප්‍රවිශ්ඨ වුණේ තවත් අමතක නොවන මතකයක්‌ ඇති පුරවරයකට. ඒ තමයි අකුරල, කහව, තෙල්වත්ත, පැරෑලිය හා සීනිගම. මේ ගම්මානත් අපේ රටට මහා විනාශයත් සිදුකළ සුනාමි ෙ€දවාචකයත් අපට අමතක කරන්න පුළුවන්ද? මේ දෙක අතර තිබෙන්නේ දැන් කිට්‌ටු බැඳීමක්‌. ඒ 2004 දෙසැම්බර් 26 වැනිදා ඇති වූ සුනාමියෙන් මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වීම. මුහුද අද්දරම තැනිතලාවේ පිහිටි මේ ප්‍රදේශය ජනයාගෙන් ශූන්‍ය වුණේ දහස්‌ ගණනකට මරු කැඳවමින්. ඒ අතර දහසකට වැඩි මිනිස්‌ ජීවිත ප්‍රමාණයක්‌ බිලිගත් දුම්රිය ෙ€දවාචකය ඔබට මතකද? දකුණේ සංචාරයේදී කහව, තෙල්වත්ත, පැරෑලිය පමණක්‌ නොවෙයි, ඒ දුම්රිය විනාශ වුණු තැනත් බලන්න අපි අමතක කළේ නැහැ. පැරෑලිය සුනාමි ස්‌මාරකය හා සුනාමි ස්‌මාරක බුදු පිළිම වහන්සේට නුදුරින් ඒ අමිහිරි මතකය අපි නැවතත් අනුස්‌මරණය කළා. ඒ සුනාමි ස්‌මාරකයට හා බුදු පිළිම වහන්සේට මලක්‌ පුදමින්.

අකුරල, කහව, තෙල්වත්ත, පැරෑලිය




පුරාණ තොටගමු මහා විහාරය
තෙල්වත්ත ගැන කතාකරන විට අපට තවත් වැදගත් ස්‌ථානයක්‌ සිහියට නැඟෙනවා. ඒ තමයි පුරාණ තොටගමු රත්පත් විහාරය. මේ තමයි ෂඩ් භාෂා පරමේස්‌වර සැළලිහිණි, ගිරා සංදේශ කාව්‍යවල කර්තෘවර පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල පණ්‌ඩිතාචාර්යවරයාණන් වහන්සේ වැඩ විසූ විහාරස්‌ථානය. ඒ විතරක්‌ නොවෙයි හික්‌කඩුවේ සුමංගල හාමුදුරුවන් වහන්සේත් මහණ දිවියට ඇතුළත් වී ඇත්තේ මේ රත්පත් විහාරයේදී. විහාරයේ පැවැති විජයබා මහ පිරිවෙණ ගිහි - පැවිදි බොහෝ දෙනකුගේ නැණැස පෑදූ ශාස්‌ත්‍රාලයක්‌.



කැලණිතිස්‌ස රජුගේ සමයේ සිට විහාරය පැවැති බවත්, මහා විජයබා රජතුමා (ක්‍රි.ව. 1051-1106) ප්‍රාසාදයක්‌ ගොඩනඟා විජයබාහු පිරිවෙණ කළ බවත් පවතින විශ්වාසයයි. (මහාවංශය) එහෙත් මෙම විහාරයේ ඉතිහාසය දෙවන පෑතිස්‌ රජ සමය (මහානාග කුමරුන් විසින් සාදන ලද) දක්‌වා දිවයන බවද පවතින මතයක්‌.

කෙසේ හෝ 1588 දී තෝ මේද සුසා නමැති පරංගි සෙනවියාගේ මෙහෙයවීමෙන් සිදු කළ මුහුදු බඩ විහාරස්‌ථාන විනාශයට විජයබා මහ පිරිවෙණද ගොදුරු වී විනාශ වී තිබෙනවා. මහාවංශයේ "තිත්ථගාම" ලෙස හැඳින්වූ මේ තොටගමු විහාරය පසුව හෙළ සාහිත ගැඹරේ මහා ප්‍රබෝධයක්‌ ඇති කළ පුණ්‍ය භූමියක්‌ බවට පත් වුණා. ඒ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් නිසා. කෝට්‌ටේ රාජධානිය පැවැති හයවැනි පැරකුම්බා රජ දවස විජයබා පරිවෙණාධිපතිව වැඩ විසුවේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ය. උන්වහන්සේ විසින් විරචිත සැළලිහිණි හා ගිරා සංදේශ මෙරට සාහිත සයුර පොබ කළ මා හැඟි නිර්මාණ දෙකක්‌.

විඳි විහිගුම් සමුදුර වෙරලත හමුව
සුරපුර බිම් බටමෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙඋයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොට ගමුව

(ගිරා සංදේශය)

ක්‍රි.ව. 1409 දී වැලිතර, රන්දොඹේදී බ්‍රාහ්මණ කතකට දාව උපන් ජයබා වීර සුන්දර ළදරුවා වාචිස්‌සර නමින් පැවිදි දිවියට ඇතුළත් වූ බව සඳහන්. රජ පරපුරට නෑකම් ඇතිව උපත ලද මෙම දරුවා තමාගේ දුක සැප විමසූ රජුට දරුවෙකු ලෙස පැවසූ කවිය අප කා අතරත් අදටත් ප්‍රකට වූවක්‌.

මා වැනි බිලින්දා
වර වර ළඟට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා

පැවිදිවීමෙන් පසු "සිද්ධාර්ථ රසය" නම් තෛලය වැළඳු නිසා සිරි රහල් හිමියන්ගේ ධාරණ ශක්‌තිය හොඳින් පිහිටා තිබූ බවද මේ හිමියන් යකුන්ගෙන් පවා වැඩගත් අයකු බවද සඳහන් වෙනවා. ගිරා සංදේශය, සැළලිsහිණි සංදේශය, කාව්‍යශේකරය, පංචිකා ප්‍රදීපය, බුද්ධිප්පා සාදිනී යන ග්‍රන්ථ රචනා කළ රාහුල මාහිමියෝ සංඝරාජ පදවියකින්ද පිදුම් ලද යතිවරයෙක්‌. උන්වහන්සේගේ විජයබා පිරිවෙණේ උගත් අය අතර වෑත්තෑවේ හිමි (ලෝවැඩ සඟරාව ලියූ) ද සිටිනවා.

කෝට්‌ටේ රජ කළ හයවැනි පරාක්‍රමබාහු රජු තොටගමුවේ රාහුල හිමියන් ළඟින් ඇසුරු කළ අතර නිරතුරු ගුරුහරුකම් ලබාගත්තා. එහෙත්, රජුගේ මරණයෙන් පසු ජයබාහු හා සපුමල් කුමරු අතර ඇතිවුණු අරගලයේදී සිදුවූ මිනිස්‌ ඝාතන නිසා වනවැදුණ බව කියන රාහුල හිමියන් ඇල්පිටියේ අම්බන වනයේ අප්‍රකටව සිට ගල්ලෙනක්‌ තුළ අපවත්වී ඇති බව විශ්වාස කරනවා. උන්වහන්සේගේ දේහය එම ගල්ලෙන තුළ නොදිරා තිබුණු අතර හිසකෙස්‌ හා රැවුල, නියපොතු වැවීම දිනපතා සිදුවූ නිසා මෙම ශ්‍රී දේහය ලබාගත් පෘතුගීසිහු දේහය තමන්ගේ පූජකවරයකුගේ යෑයි සිතා ඉන්දියාවේ ගෝවට ගෙන ගිය බව ද සඳහන්. අදටත් මෙම දේහය කෙස්‌, නිය වැවෙමින් ගෝවේ තැන්පත් කර ඇති බව කියනවා. උන්වහන්සේ විසින් වැළ» "සිද්ධාර්ථ රසය" නම් මහා බලගතු තෛලය මේ විශ්මයට හේතුව බවද කියනවා.

සීනිගම දෙවොල



තොටගමු රාජ මහා විහාරයට හා එහි විජයබා පිරිවෙණට උක්‌ සකුරු හා සීනි සැපයූ ගම "සීනි ගම" ලු. කහව- තෙල්වත්ත - පැරූලිය පසු කළ විගස අපට හමුවන්නේ සීනිගම. දැන් සීනිගම ප්‍රචලිත අන් කිසිවක්‌ සඳහාත් නොව එහි පවතින දෙවොල් දෙවියන්ගේ දේවාලය නිසායි. නැතහොත් සීනිගම දේවාලය නිසා. මුහුද මැද දූපතක පිහිටා තිබෙන මේ දේවාලයේ පරිවාරක දේවාලය ගාලුපාර අද්දර පිහිටා තිබෙනවා. අපි සීනිගම දේවාලය වැඳ පුදාගෙන එහි තොරතුරු සොයා බලන්නත් අමතක කළේ නැහැ.

ප්‍රකටම දෙවිවරයෙක්‌ නොවුවත්, දෙවොල් දෙවියන් "දෙවොල් මඩු" ශාන්තිකර්මයේදී සිහිපත් කෙරෙනවා. ඉන්දියාවේ "දෙබාල්" දේශයේ (වෙළෙඳ මධ්‍යස්‌ථානයේ) පැවැති දෙවොල් දෙවි ඇදහීම ලංකාවට ගෙන ආවේ පැරැණි යාත්‍රාකරුවන් විසින් බව එක්‌ මතයකින් කියන අතර තවත් මතයකින් කියෑවෙන්නේ ඉන්දියාවෙන් ලක්‌දිවට දෙවොල් දෙවියන් පැමිණි බවයි. කෙසේ වෙතත් සීනිගමට අරක්‌ගෙන මෙම දෙවියන් වැරැදි කරන වුන්ට දඬුවම් දෙන, යහපත් අයට සෙත සලසන දෙවි කෙනෙක්‌ හැටියට ප්‍රකටයි. වැරැදිකරනවුන්ට පළි ගසා ගම්මිරිස්‌ ඇඹරීම මෙම දෙවොල් දේවාලය හා බැඳී පවතී. නීතියෙන් හා විවිධ කරදර බාධකවලින් සාධාරණය පතා රටවටෙන් මෙහි පැමිණෙන බැතිමතුන් බොහෝමයි.

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා, තොටගමුවේ රාජ මහා විහාරාධිපති පූජ්‍ය පිටුවල සුමන හිමි

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source: Divaina 2010/12/19
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 8:45 am    Post subject:

ගල් මල් හිනැහෙන
හික්‌කඩුව




අද දෙසැම්බර් 26 වැනිදා. සුනාමි ඛේදවාචකය සිදුවෙලා හරියටම අදට වසර හයයි. හතලිස්‌ දහසක්‌ දෙනා මේ ව්‍යසනයෙන් අපේ රටේදී මියගියා. ලක්‍ෂ ගණනකගේ දේපළ විනාශ වුණා. උන්හිටි තැන් අහිමි වුණා. අපේ රටේ සිදුවුණු විශාලතම (ස්‌වාභාවික) ඛේදවාචකය අපට ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. එදා සුනාමි ව්‍යසනයේ දරුණුතම විනාශයකට මුහුණ දුන් අකුරල, තෙල්වත්ත, කහව, පැරෑලිය, සීනිගම පසුකර දැන් අපි හික්‌කඩුවට ළඟා වෙලා ඉන්න මේ මොහොතේ එදා ජීවිත දන්දුන් දහසකුත් පිරිස මේ මොහොතේදී අනුස්‌මරණය කරන්නේ වේදනා බරව.


අකුරළ
අද අපි හික්‌කඩුවේ ගත කළත්, පසුගිය දින කිහිපයේ පසුකරගෙන පැමිණි ප්‍රදේශය තුළ තවත් ඉතුරු වුණු වැදගත් දේ ගැන සුළු වශයෙන් හරි කියන්න තියෙනවා. එවන් තැනක්‌ තමයි අකුරළ, මේ ප්‍රදේශයත් සුනාමි ෙ€දවාචකයට ගොදුරුවුණා. සිය ගණනක්‌ මියගියා. අකුරළ ප්‍රදේශය ප්‍රසිද්ධ හුණුකර්මාන්තයට නැහහොත් හිරිගල් කර්මාන්තයට. ගොඩනැඟිලි ද්‍රව්‍යයක්‌ සේ භාවිතයට ගැනෙන අළුහුණු මේ ප්‍රදේශයේ බහුලයි.

ඒ විතරක්‌ නොවේ, අමරපුර මහා සංඝ සභාව ගොඩනැංවීමට මහත් සේ කැපකිරීම් කළ භික්‍ෂූන් අතර මූලික වූ හිමිනමක්‌ වන අකුරළ සීලවංශ නාහිමියන් වැඩසිටියේ මේ ගම්මානයේ.


සීනිගම

සීනිගම දේවාලය ගැන පහුගිය සතියේ අපි කතා කළත්, ඒ ගැන වැයුම් හෝ යාග අපට උපුටා දක්‌වන්නට තරම් ඉඩකඩක්‌ තිබුණේ නැහැ. ගාලු පාරේ ගමන් ගන්නා විට දකින මුහුද මැද දෙවොල් දේවාලයේ වැඩවසන දෙවොල් දෙවියන් ගැන ඇසෙන කතා මෙවන් යාගවලින් පැහැදිලි වෙනවා.

ජයගත් සක්‌රජ සේම සිතින් නේ
කහ මුගුරක්‌ තම දෑතට ගන් නේ
ළඟ ඇවිලෙන ගිනි මැදට පනින් නේ
රඟ බල ඔහොමයි දෙවොල් යකුන් නේ

නොදා තියන ගඟ දිය මෙන් සිහිල් වෙවී
උදාරයෙන් පැන ගිනි මැදට සැක නෙවී
අදා සිතින් ගොඩ බටු අණසක බෝවී
එදා පතිනි නම තැබුවේ දෙවොල් දෙවී

කතරගමට දහසක්‌ පඬුරු දෙඤ්ඤයි
දෙවිනුවරට නවයක්‌ පඬුරු දෙඤ්ඤයි
සීනිගමට සතරක්‌ පඬුරු දෙඤ්ඤයි
සොරා මරුට දුන්නොත් තවත් දෙඤ්ඤයි

කතරගමට අධිපති ශ්‍රී ස්‌කන්ධ දෙවිත්, දෙවිනුවරට අධිපති ශ්‍රී විෂ්ණු දෙවිත්, සීනිගමට අධිපති ශ්‍රී දෙවොල් දෙවිත්, යන ත්‍රි මුර්තිය හමුවේ සොරකමක්‌ ගැන කියවා ඇති වස්‌ කවියකි ඒ.

හික්‌කඩුවේ සුමංගල හිමි



හික්‌කඩුව ගැන කතා කරන විට අපට ප්‍රධාන කාරණා දෙකක්‌ සිහිපත් වෙනවා. එකක්‌, හික්‌කඩුව කොරල් උද්‍යානය. අනෙක්‌ කරුණ හික්‌කඩුවෙ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ. සීනිගම මඳක්‌ පසුකර දකුණු දෙසට යනවිට හමුවන තොටගමු ගඟ අසල ප්‍රතිමාවක්‌ නිමවා තිබෙනවා. ඒ හික්‌කඩුවේ සුමංගල හාමුදුරුවන්ගේ.

හික්‌කඩුවේ හාමුදුරුවෝ මහණ දිවියට ඇතුළු වුණේ තොටගමු රත්පත් පුරාණ රජමහා විහාරයේදී. 1827 දී උපන් මෙහිමියන් 1840 දී මහණ දිවියට ඇතුළත් වුණා. රත්මලාන පරම ධම්මෙච්තිය පිරිවෙණින් උසස්‌ අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කාසිනාථ බ්‍රාහ්මණයාගේ සංස්‌කෘත හා නක්‍ෂ්ත්‍රය උගත් පඬිරුවනක්‌. උපසම්පදාවෙන් අනතුරුව පිළිප්ද සිල්වා ඈපා අප්පුහාමි, දොන් කරෝලිස්‌ හේවාවිතාරණ යන අය සමඟ විෙද්‍ය`දය පිරිවෙණ ආරම්භ කළේත් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ. ඕල්කොට්‌තුමන් සමඟ පරමවිඥනාර්ථ බෞද්ධ සමිතිය ආරම්භ කළ සුමංගල හිමියෝ, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් සහ ඕල්කොට්‌තුමන් සමග එකතුව කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කළා. පොත්පත් රැසක්‌ මෙන්ම ලංකාවේ පිරිවෙන් රැසක්‌ ආරම්භ කිරීමටත් ගෝල හිමියන්වහන්සේලා බිහිකළ උන්වහන්සේ ගාලු පළාතේ, ගාලු කෝරළයේ ප්‍රදාන සංඝනායක පදවි ලබා රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකත්වයද හිමිකර ගත්තා.


හික්‌කඩුව සමුද්‍රීය උද්‍යානය


හික්‌කඩුව ගැන කතා කරනවිට කොරල් උද්‍යානය ගැන කතා නොකර කොහොමද? මේ කොරල් උද්‍යානය නිසාම තමයි හික්‌කඩුව දකුණු පළාතේ දෙවැනි සංචාරක පුරවරය බවට පත් වූණේ. අලංකාර කොරල් සම්පතකින් යුත් මෙම නොගැඹුරු වෙරළ තීරය සංචාරකයින් ආකර්ෂණය කරගත් පුරවරයක්‌ බැවින් මෙහි සංචාරක හෝටල් ඇතුළු සංචාරක පහසුකම් ඉතා හොඳින් දියුණුව පවතිනවා.

කොරල් යනු ආරක්‍ෂිත ජිවීන් කොටසක්‌. මෙහි වගකීම තිබෙන්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට. ඔවුන්ට පැවරී ඇති බලතල අනුව පළමුව මෙය සමුද්‍රීය අභයභූමියක්‌ බවට පත්කරනු ලැබුවා. ඒ. 1979 දී. හික්‌කඩුව ගල්මල් උයනේ ආරක්‍ෂාව පිණිස 1998 දී මෙය ස්‌වභාව රක්‍ෂිතයක්‌ දක්‌වා නීතියෙන් උසස්‌ කළා. ඉන්පසුව 2002 වසරේදී හික්‌කඩුව ශ්‍රී ලංකාවේ 16 වැනි ජාතික උද්‍යානය බවට පත් කළේ අක්‌කර 254 ක භූමි ප්‍රදේශයක්‌ මීට එක්‌ කරමින්. වෙරළේ කිලෝමීටර් 1.5 ක්‌ අද උද්‍යානයට අයත්ව පවතිනවා. ලංකාවේ පූර්ණ සමුද්‍රීය උද්‍යානය වන්නේත් හික්‌කඩුවයි.

මුහුදු තෘණ, ඇල්ගී වර්ග, මෙහි දක්‌නට ලැබෙන අතර, හික්‌කඩුවේදී හමුවන ගැටිපර ආකාරයේ කොරල් පරයේ ගණ 31 කට අයත් කොරල් විශේෂ 60 ක්‌ වාර්තා වී තිබෙනවා.

ගෝනංඅං, මුවඅං, ගෝවා හැඩති, මොළ හැඩති, මේඝ ආකාර තාරකාකාර යනාදී වශයෙන් මෙහි කොරල් ආකාර රැසක්‌ පවතිනවා.

කොරල්පර ආශ්‍රිතව දක්‌නට ලැබෙන ප්‍රධානතම සත්ව කාණ්‌ඩය පරආශ්‍රිත මසුන්Z. කුල 48 කට අයත් මත්ස්‍ය විශේෂ 113 ක්‌ මෙහි වෙසෙනවා. කකුළුවන්, ඉස්‌සන්, පොකිරිස්‌සන්, බෙල්ලන්, මුහුදු පණුවන්, මුහුදු කැකිරි, ඉකිරි, වැනි සතුන්ද මෙහි සුළභයි. කොළඹ කැස්‌බෑවා, පොතු කැස්‌බෑවා යන අයද හික්‌කඩුවේදී හමුවෙනවා. එවන් විශේෂිත උද්‍යානයක්‌ යළිත් දකුණු වෙරළේදී අපට හමුවන්නේ නැහැ. මෙවන් අසිරිමත් සංචාරක හා ජෛවීය වටිනාකම් සහිත පුරවරයක අප වැඩිපුර දිනයක්‌ ගත කළේ මෙහිම සිට විවේක සුව ගත කරමින් හික්‌කඩුවෙන් දකුණු දිගට තවත් අප්‍රකට තොරතුරු රැසක්‌ ආවරණය කර ගනිමින්.


දොඩන්දූව කුමාර මහා විහාරය



මේ, මිළඟට අපට හමුවුණු දකුණේ තවත් වැදගත් මං සලකුණක්‌. දොඩන්දූව කුමාරකන්ද කුමාර මහා විහාරය ප්‍රදේශයටම ආලෝකයක්‌ බඳු පුරාණ විහාරයක්‌. 1965 දී පමණ ගණින්නාසේලාගෙන් භික්‍ෂූන් වෙත පවරාගත් මෙම විහාරය හිමිවරුන් කිහිප පළකින්ම පුනරුදය ලබා දියුණුවෙන් දියුණුවට ලක්‌වු විහාරයක්‌. විහාරයේ වත්මන් විහාරාධිපති හිමියන් වන ගන්තලේ ශ්‍රී ගුණානන්ද හිමියන් අපව සාදරයෙන් පිළිගෙන දිවා ආහාරයෙන්ද අපට සංග්‍රහ කරමින් මේ විහාරය ගැන තොරතුරු රැසක්‌ අපට කියා දුන්නා.

වාදීහසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිsමියන් මහණදිවියට ඇතුළත් වූ විහාරය මෙයයි. මිගෙට්‌ටුවත්තේ මිගෙල් නම් වු ගිහිනමින් මෙහි පැමිණි උන්වහන්සේ මෙම විහාරයේ පොතපත පරීශීලනය කර 1945 දී ත්‍රිපිටකය පුස්‌කොළ පොත්වලට නඟා තිබෙනවා. ඒ වගේම අනගාරික ධර්මපාල තුමන්, ඕල්කොට්‌ තුමන් මාටින් වික්‍රමසිංහයන් මෙම විහාරයේ නිරතුරුව නවාතැන් ගනිමින් සසුනට වැඩදායක මෙහෙවරකට දායක වී තිබෙනවා. 1869 දී රාජගිරි පිරිවෙන නමින් පිරිවෙණක්‌ මෙහි ආරම්භවී ඇති බවයි කියන්නේ.

මෙම විහාරයේ පවතින වසර 200 කට වඩා පැරණි දිය පොකුණ ප්‍රදේශයේම ජනතාවට අනාදිමත් කලක සිට පානීය ජලය සැපයූ දිය උල්පතයි.


දොඩන්දූව ශෛලබිම්බාරාමය


දොඩම්දූව ගැන කතා කරන කොට ශෛලබිම්බාරාම විහාරය ගැන කතා නොකර බැහැ. මන්ද, පෘතුගීසි සමයේදී විනාශ වුණු වෙරළබඩ වෙහෙර විහාර සහ බුදු දහම නැවත ප්‍රතිස්‌ථාපනයේදී මෙම විහාරස්‌ථානයෙනුත් සිදුවූ ආගමික සමාජමය මෙහෙවර මෙතෙකැයි කියා කියන්න නොහැකි නිසා. ලංකාවේ පළමුවන සිංහල බෞද්ධ පාඨශාලාව ඇරඹුනෙත් මේ විහාරස්‌ථානය ආශ්‍රිතව. ඒ තමයි 1869 දී ආරම්භ වුණු දොඩම්දූව ශ්‍රී පියරතන විද්‍යාලය. එය අදත් මෙහි දකින්නට පුළුවන්. දොඩම්දූව පියරතන ස්‌වාමීන් වහන්සේ විසින් ගොඩනගන ලද මෙම විහාරයේ සිදුවූ වැදගත් ආගමික සේවාවන් දෙකක්‌ අපි මේ චාරිකාවේදී ඔබට කියන්නට කැමැතියි. පානදුරාවාදයේ ප්‍රතිඵලයක්‌ හැටියට ඕල්කට්‌ තුමා ලංකාවට ආවේ ගාලු තොටින්. ඊට පස්‌සෙ වැලිවත්ත විජයානන්ද පිරිවෙණේදී බුදු දහම වැළඳගත් හෙතෙම දින 11 ක්‌ තිස්‌සේ මේ ශෛලබිම්බාරාමයේ නැවතී බුදුදහම උගෙනමින් කල්ගත කර තිබෙනවා. අනිත් කරුණ තමයි රත්ගම කලපුව අයිනේ සුන්දර තැනක පිහිටි මෙම විහාරයේ ඉවුර අද්දර කුටියක්‌ තනා ගත්ත ජාතිය අවදි කළ මහාපඬිරුවන ටිබෙට්‌ ජාතික එස්‌ මහින්ද හාමුදුරුවෝ තමන්ගේ කවි, බොදු කතා, නිදහස්‌ අදහස්‌ නිර්මාණ බොහොමයක්‌ කරල තියෙන්නෙ මේ කුටියේ වැඩ ඉඳ ගෙන. අල්පේච්ඡ දිවියක්‌ ගතකළ ඒ කුටිය බලන්නත්, උන්වහන්සේ භාවිත කළ වැල් ඇඳ, පුටුව, පොත් රාක්‌කය දකින්නත් අපට මහඟු අවස්‌ථාවක්‌ මෙහිදී උදාවුණේ ශෛලබිම්බා රාම විහාරාධිපති පූජ්‍ය දෙව්රම් වෙහෙරේ මේධාලංකාර හාමුදුරුවෝ අපිට ලබාදුන් සහාය නිසා.


ටිබෙට්‌ ජාතික
එස්‌. මහින්ද හිමි




ටිබෙට්‌ දේශයේ සිකීම් නගරයේදී 1901 දී උපන් කසිනම්හල් නම් දරුවා 1913 දී ශ්‍රී ලංකාවට පැමිණියේ තම සහෝදරයකු හා ජර්මන් ජාතික භික්‌ෂුවක සමග. පොල්ගස්‌දුව ආරණ්‍යයේ නැවතුන ඔහු රත්ගම දේවප්‍රතිරාජ පිරිවෙණේදී මහණ දිවියට ඇතුළත් වුණා. (ගල්කන්දේගොඩ ඉත්තෑගල විහාරය) ඒ මහින්ද හිමි නමින්. කොළඹ මහා බෝධි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ ටිබෙට්‌ එස්‌. මහින්ද හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වූ අතර, "ඔවා මුතුදම" නම් එහිමියන්ගේ මුල්ම ග්‍රන්ථය රචනා කළා. දොඩම්දූවේ ශෛලබිම්බාරමයේ දිගුකලක්‌ වැඩසිටි උන්වහන්සේ අප පෙර කිව්ව කුටියේ සිට ග්‍රන්ථ රැසක්‌ රචනා කළා.

බලව් තරුණයිනිෘ අර අමු සොහොන් දෙස
සිතව් අපගෙ නිදහස මළ බවනි දොස
නැඟව් තව තවත් තරසර තරුණ ගොස
වරෙව්ෘ යමව්ෘ නැඟිටිව්ෘ නොපියව් දෙඇස

මා අත කඩුව ඇති කොට සක්‌ දෙව්ට නමුත්
නෑ සිත බියක්‌ සෙලවීමක්‌ ආදි කිසිත්
මේ යුතු වියේ පින්සර මහිමයෙන් දිමුත්
ලෝ මත බැබළි සිංහල මහ පුතෙකි සමත්

සිරිලක මගේ රට
වෙන කිසි රටක්‌ නැහැ මට
එහි මතු දියුණු වට
කරමි වැඩ මම මගේ තරමට

මෙවන් ජාතිකාභිමානී කව් රචයකු වූ උන්වහන්සේ පානදුරේ මහා බෙල්ලන ශ්‍රී සුදර්ශනාරාමයේ වැඩ සිටියදී 1951 වසරේදී අපවත් වුණා.


ප්‍රමාද දෝශයක්‌

වෑත්තෑවේ හිමියන් විසින් ලෝවැඩ සඟරාව ලියූ බවට පසුගිය සතියේදී මෙහි පළ වූයේ ප්‍රමාද දෝශයකිනි. එය ගුත්තිල කාව්‍ය වශයෙන් නිවැරැදි විය යුතුයි.

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා,


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 8:50 am    Post subject:

ඓතිහාසික ලෝක උරුමය
ගාලු-තොට




ඔබට සුබ නව වසරක්‌ ප්‍රර්ථනය කරමින් අද අප ඔබව හමුවෙන්නෙ ගාලු නගරයේ ඉඳල. හරියටම කියනවානම් අද අපි ඉන්නෙ ගාල්ලෙ ඓතිහාසික ලන්දේසි කොටුවෙ. මේ කොටුව ගැනත්, කොටුව තුළ තොරතුරුත් ගාල්ල නගරයේ විස්‌තරත් කතා කරන්න කළින් හික්‌කඩුවෙ ඉඳන් ගාල්ලට එනකං අපට හමුවන තවත් වැදගත් ස්‌ථාන කිහිපයක රසබර කතා කියන්න තියෙනවා. ඔව්ෘ අපි ඒ ගැනත් කතාකරල ඉමු.


දොඩන්දූවේ ජාඩි කර්මාන්තය



ඔබ "ජාඩි" කර්මාන්තය ගැන අහල ඇති. ඒත් දැන් මේ සාම්ප්‍රදායික කර්මාන්තය අපේ රටෙන් ගිලිහී යන්නට පටන්ගෙන වගේ කියල අපට හිතෙනවා. මොකද පහුගිය දිනෙක අපි දොඩන්දූවට යන කොට ජාඩිවලට ප්‍රසිද්ධ දොඩම්දූවේ එකම ගෙදරකවත් "ජාඩි" ටිකක්‌ බලන්නටවත් තිබුණෙ නැති නිසා. ඒකට හේතුව මේ දවස්‌වල වැඩිපුර මාළු අස්‌වැන්නක්‌ නොලැබෙන බවයි ජාඩි කර්මාන්තකරුවො කිව්වෙ.

ජාඩි දැමීම මාළු කල්තබාගැනීමේ ක්‍රමයක්‌. ලුණුයි, ගොරකයි මිශ්‍ර කරමින් ලී පීප්පයක (නැතිනම් වෙනත් භාජනයක) තට්‌ටුවෙන් තට්‌ටුව මාළු ගබඩා කරල, ලුණු ගොරක දියර මිශ්‍රණයේ මාළු ගිල්වා තබන එක තමයි ජාඩි කර්මාන්තයේ මූලික සිද්ධාන්තය. මේ ක්‍රමයට අවුරුද්දක්‌ වුනත් මාළු ගබඩා කරන්න පුළුවන් කියා අපට කිව්වෙ, ජාඩි කර්මාන්තයේ උපන් හපන් දක්‍ෂතාවක්‌ ඇති ආරියපාල මාමා. මේ ක්‍රමය හරියට "සැමන්" හදනවා වගේ වැඩක්‌.

කොහොමහරි ජාඩි කර්මාන්තය ගැනත් ආරියපාල මාමා ගැනත් තවත් වචන දෙක තුනක්‌ කතාකළ යුතුයි. දැන් ජාඩි දැමීම ලංකාවේ කළත් ඉස්‌සර සම්පූර්ණයෙන්ම වාගේ ජාඩි ගෙනාවෙ ඉන්දියාවෙන්ලු. එහි කේරළයට ඉහළින් තිබ්බ සවුත් කැනඩා-මල්පෙ කියන ධීවර ප්‍රදේශයෙන් තමයි ජාඩි ගෙනල්ල තියෙන්නෙ.

කුම්බලාවෝ වගේ මාළුවලින් හදන ජාඩි, දකුණු ඉන්දියාවේ ඉඳන් රුවල් නැව්වලින් සහ සුලුප්පු කියන රුවල් යාත්‍රාවලින් ලංකාවේ දොඩන්දූවේ රත්ගම මෝය කටේ තිබ්බ ධීවර වරායට ගේනවලු. එතනින් තමයි ලංකාව පුරා හිටිය තොග හා සිල්ලර ජාඩි වෙළෙන්දන්ට ජාඩි වික්‌කෙ. ඒකට වෙනම රේගු අංශයක්‌ දොඩන්දූවෙ ස්‌ථාපිත කරල තිබ්බලු. මේ කර්මාන්තයට නැතිනම් වෙළෙ¹මට අවුරුදු සිය ගණනක ඉතිහාසයක්‌ තියෙනවා. අද වඩුවැඩ කරාට අරියපාල මාමත් ජාඩි දාන්න ඉස්‌සර ඉන්දියාවට යන මුදලාලි කෙනෙක්‌. සුනාමිය හින්ද දැන් ඔවුන් කබලෙන් ලිපට වැටිල. හැට දෙනෙක්‌ විතර ඉන්දියාවට යන්නෙ දොඩන්දූවේ ඉඳල තලේමන්නාරමට කෝච්චියෙන් ගිහිං, එතැන් ඉඳල ධනුෂ් කොඩියට නැවක ගිහිල්ලල. කෝච්චියේ දවස්‌ පහයි. බස්‌වලිනුත් ගිහිං තමයි සවුත් කැනඩා මල්පේ වලට යන්නෙ. ඉතින් ධීවරයන්ට සල්ලි දීල මාළු මිලදී අරගෙන මෙහෙන් ගෙනයන ගොරක හා ලුණු දමල මාස හයක්‌ එහේ ඉඳන් ජාඩි හදනවා. දොඩන්දූවෙන් රුවල් යාත්‍රාවලට පටවපු පීප්පු මුහුදෙන් මල්පේ වෙරළට එනවා. ඔන්න, ජාඩි පුරවපු පීප්ප ආයිමත් එතනදී යාත්‍රාවලට පටවල ආරියපාල මාමල ගිය විදියටම නැවේ නැඟල ලංකාවට ඇවිත් කෝච්චියෙන් ගෙදර එනවා. ඒ එනකොට ජාඩි නැවත් (සුලුප්පු) දොඩන්දූවට එනවා. මේ තමයි එයා කියන විදිහට "ඔරිජිනල් ජාඩි" ලංකාවට ආපු හැටි.

ඒත් ඉතින් අපේම අය තමයි ජාඩි හැදුවේ. කොහොම වුනත් හැත්තෑ ගණන්වල දී තලේමන්නාරමේ සහ ධනුෂ් කොඩියේ තිබුණු නැව් දෙක සුළි සුළඟට විනාශ වුණා. රාජ්‍ය විරෝධී කැරැල්ල නිසාත් වෙනත් ප්‍රශ්න නිසාත් ලංකාවෙන් ජාඩි දමන්න ආරියපාල මාමල ඉන්දියාවට ආයිත් ගියේ නෑ. ඉතින් කර්මාන්තය කඩා වැටුණා. දොඩන්දූවේ තිබුණු රේගු ගොඩනැඟිලි, ගබඩා සියල්ලමත් පසුගිය සුනාමියට විනාශ වුණා. දැන් ඉතින් ටික ටික දේශීයව කරන ජාඩි කර්මාන්තය තමයි ඉතිරි වෙලා තියෙන්නෙ. මේ කර්මාන්තය කොතරම් බිඳ වැටිලද කිව්වොත් අපි ජාඩි ගැන ලිව්වත්, අපට කන්න තියා බලන්නවත් මේ සතියේ ජාඩි ටිකක්‌ දොඩන්දූවේ තිබුණෙ නෑ.


ගිං තොට / ගිං ගඟ



ගිං තොට ගාල්ලට කළින් හමුවන ප්‍රකට ගම්මානයක්‌. ඒ ගිං ගඟේ මෝය නොහොත් තොට එතැන පිහිටලා තියෙන නිසා. සිංහරාජ වනාන්තරයෙන් (දෙණියාය) පටන් ගන්නා ගිංගඟ, උඩුගම, කන්නෙලිය, තවලම, හිනිදුම ප්‍රදේශයෙන් තවදුරටත් පෝෂණය ලබා ලොකු ගංගාවක්‌ වෙලා මුහුදට එකතුවන්නෙ ගිං තොටින්. ගාලු තොට කියල කියන්නෙත් මේ ගිං ගඟ හින්දම තමයි. ලංකාවේ දිගින් 14 වැනි ස්‌ථානය ගන්නා ගිංගඟේ දිග කිලෝමීටර් 113 ක්‌. විටෙක නිසලවද, විටෙක සැඩ පරුෂවද ගලායන ගිං ගඟ, ප්‍රදේශවාසීන්ට මහඟු සම්පතක්‌. ඒ වගේම ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක්‌. ගිං ගඟ මෝය කටේ වගේම ගඟ දිගේත් කඩොලාන ශාක බහුලයි. ඒ අතර ගිංපොල් ශාකයන් දකින්න ලැබෙනවා. මේ ගිං පොල් නිසා ගිං ගඟ කියල නම හැදුන බවත් කියනවා. කොහොම වුනත් රට වටා වෙරළ තීරයේ ඇවිද යන අපට ගිං තොට නොහොත් ගිං ගඟ මෝයත් වැදගත් සන්ධිස්‌ථානයක්‌ වුණා.


ගාලුතොට / ගාල්ල වරාය



දොඩන්දූව, රත්ගම, බූස්‌ස, ගිංතොට පහුකරල මීළඟට අපි එන්නෙ ගාල්ලට. කොළඹින් පස්‌සෙ අපට හමුවුණු දෙවැනි දිස්‌ත්‍රික්‌ නගරය තමයි ගාල්ල. ගාල්ල ලංකාවේ පැරණිතම වෙළෙඳ නගරයක්‌ බව අපි අමතක කරන්න නරකයි. ස්‌වාභාවික ගාලු වරාය අනාදිමත් කාලයක ඉඳන් ග්‍රීක, අරාබි, ඊජිප්තු, චීන වෙළෙන්දොa ප්‍රයෝජනයට අරන් තියෙනවා. එකල කොළොංතොට අනෙක්‌ වරාය අද්දර තිබුණු අරාබි වෙළෙඳුන්ගේ බලය බිඳ දමා කොළොම්තොට යටත් කරගත් පරංගි හමුදාව ඉස්‌සර වෙලාම ගොඩ බැස්‌සෙත් ගාලු වරායට. පෘතුගීසීන්, ලන්දේසීන් ගාලු වරායට බෙහෙවින් ඇලුම් කළා. ඒ විතරක්‌ නෙමේ බලකොටුවක්‌ ලෙසත් ගාල්ල ඔවුන්ට ප්‍රයෝජන වුණා. ගාල්ල වෙළෙඳ නගරයක්‌ වුණෙත්, යුද කාමීන්ගේ බලකොටුවක්‌ බවට පත්වුණෙත් ගාලු වරාය නොහොත් ගාලු තොට හින්දා. ලන්දේසි බලය පලවා හැරි ඉංග්‍රීසින්ද ගාල්ල වරාය වෙළෙඳ වරායක්‌ ලෙස ප්‍රයෝජනයට ගත්තා. කුරුඳු, ගම්මිරිස්‌ වගේ කුළුබඩු වගේම, මැණික්‌, ඇත්දළ, දැව, අලි ඇතුන්ද, ඉංග්‍රීසීන් වගාකළ තේ කෝපි වගේ වෙළෙඳ ද්‍රව්‍යද බහුලව රටින් පිටට ගෙන ගියේ ගාල්ල වරායෙන්. අන්තිමේදී (1865-1872) ඉංග්‍රීසින් විසින් ලංකාවේ කුමන වරායද සංවර්ධනය කළ යුත්තේ කියන තීරණයේදී කොළඹ වරාය තෝරාගත් නිසා, කොළඹ අපේ අගනගරය පමණක්‌ නොව ජාත්‍යන්තර මට්‌ටමේ වරායක්‌ බවටද පත්වුණා. ඒ තීරණය වෙනස්‌ වී ගාල්ල එදා තෝරාගත්තා නම්, අද අපේ වෙළෙඳ නගරය වන්නේත්, පරිපාලන නගරය වන්නේත් සමහර විට ගාල්ල වෙන්න පුළුවන්.


ගාල්ල ආසන දෙව් මැඳුර



කොහොම වුනත්, අදටත් මේ පැරණි වරාය තිබූ විදිහටමයි තියෙන්නේ. එහි ලොකු සංවර්ධනයක්‌ සිදුවී නැහැ. එදා රුවල් නැව්, රුවල් බෝට්‌ටු ආපු මේ වරායට තවමත් සංචාරක රුවල් යාත්‍රා එන්න හරිම කැමැත්තක්‌ තියෙනවා. ඉතින් පාරිසරික සංචාරක කර්මාන්තයේදී ගාලු වරාය ඒ විදිහට හදන එක කොච්චර හොඳද කියලත් ගාලු වරායෙ කළ සංචාරයේදී අපිට හිතුනා.මේ නත්තල් සමයේ ගාලු කොටුවේ ඕලන්ද රෙපරමාදු පල්ලියට විතරක්‌ නෙමේ, ගාල්ල නගරය ආරම්භ වනවිට තිබෙන කළුවැල්ලේ ශුද්ධවූ ජපමාල රාඡේස්‌වරියගේ ආසන දෙව් මැඳුරට යන්නත් අප අමතක කළේ නෑ. පෘතුගීසීන්, ලන්දේසීන් වගේම ඉංග්‍රීසීන්ද දේවස්‌ථාන ඇතිකළා. ගාල්ල නගරයේ තියෙන කතෝලික දෙව් මැඳුරත් නිර්මාණය කළේ ඉංග්‍රීසි සමයේදී. ඒ 1874 දී. ගාලු නගරයේ උස්‌ තැනක පිහිටි මෙය අලංකාරව පහළට දිස්‌වෙනවා. අපි යනවිට නත්තල හෙටයි කියා දේවස්‌ථානය උත්සව ශ්‍රීයෙන් බැබළුණා.

මේ දේවස්‌ථානය ගැන අපට කරුණු කියා දුන්නෙ මංගල ජයවර්ධන මහතා. ලන්දේසි සමයේදී ස්‌පාඤ්ඤය බලා ගමන් කරමින් හිටිය බෙනඩික්‌ට්‌ මාටින් පියතුමා ගාල්ල වරායට ආපු දවසක කළුවැල්ල කඳු මුදුනෙ දේවස්‌ථානයක්‌ ඇති කරන්න අදහසක්‌ ඇති කරගත්තා. නැවත ලංකාවට ආපු පියතුමා ලන්දේසීන්ගෙන් දේවස්‌ථානයකට ඉඩක්‌ ඉල්ලූ විට ලැබුණෙත් මේ කඳුගැටයම තමයි. ඒ, එදා පෝරක කන්ද කියල කිව්ව මේ ස්‌ථානය වරදකරුවන්ට දඬුවම් ලබාදී මරණය සිදුකළ නැතක්‌ වූ නිසාලු. පෘතුගීසි කාලෙ ඉඳල මෙතැන වධක බිමක්‌. අවසානයේ පියතුමා 1874 දී මේ පල්ලියේ වැඩ නිමකළා. ගාලු මීසමේ ප්‍රධාන දේවස්‌ථානය වන මෙහි රදගුරු හිමිනමක්‌ ස්‌වර්ගස්‌ථ වූ විට මිහිදන් කරන්නෙත් දේවස්‌ථානයේ. එහිදී විටෙක පෝරක කන්දේ ඉතිහාසය මතුකරමින් වදදී මරා දැමූවන්ගේ ඇටකැබලි, අත් විලංගු මතුව ඇති බවයි, මංගල මහතා අපට කිව්වෙ. දකුණු පළාතේ දේවස්‌ථාන 13 ක ප්‍රධාන දෙව් මැඳුර වන මෙහි ආරම්භක කතෝලික පියතුමන් වන්නේ බෙල්ජියම් ජාතික ජෝෂප් වෑන්රීඩ් පියතුමා.


ගාලු කොටුව



ගාල්ල ගැන කතාකරන කොට ගාලු කොටුව ගැනත් කතා කරන්න ඕන. ඉස්‌සර වෙලාම මෙහි බලකොටුවක්‌ හැදුවේ පරංගි නොහොත් පෘතුගීසීන්. ඒක අදටත් අපිට දකින්නට ලැබෙනවා. ඒක තමයි කළු කොටුව කියන්නෙ. වත්මන් පොලිස්‌ අධිකාරි කාර්යාලය තියෙන්නෙ ඒ පරංගි කොටුවේ. අපිට මහා විශාලෙට දකින්නට ලැබෙන පවුරක්‌ සහිත ගාලු කොටුව හැදුවේ ඕලන්ද ජාතිකයින්, නැතිනම් ලන්දේසීන්. ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයත්, විසල් නිර්මාණ කිරීමේ හැකියාවත් අපට මේ කොටුව මගින් තීරණය කරන්නත් පුළුවන්. කොළඹ කොටුව, මාතර කොටුව, ත්‍රිකුණාමලය කොටුව, යාපනය කොටුව යනාදියත් මේ ආකාරයෙන්ම ඔවුන් නිර්මාණය කරල තියෙන්නෙ මුහුදට යාබදව. ඒ සතුරු බලවේගවලින් ආරක්‍ෂාවට. මේ කොටුව තුළ ඔවුන් විශාල ගම්මානයක්‌ නැතහොත් නගරයක සියලු අංගෝපාගයන්ද ඉදිකර තියෙනවා.


පැරණි ඕලන්ද දේවස්‌ථානය



ගාල්ල කොටුව තුළ තියෙන සිය ගණනක්‌ ඕලන්ද ගොඩනැඟිලි අතර විශේෂත්වයක්‌ ගන්නා ගොඩනැඟිල්ලක්‌ තමයි පැරණි ඕලන්ද රෙපරමාදු පල්ලිය. 1752 දී කැස්‌පරස්‌ ඩී. ජෝන් අණදෙන නිලධාරියා විසින් මෙය නිමාකර තිබෙනවා. 1682 දී මුල්ගල් තබා අරඹා ඇති මෙය පුද පූජා සඳහා විවෘතව ඇත්තේ 1755 දී.

මෙය අද දේවස්‌ථානයකට වඩා කෞතුකාගාරයක්‌. අපි එහෙම කියන්නෙ කොටුව ආරම්භයේදීම නිර්මාණය වුණු ගොඩනැඟිල්ලක්‌ වන මෙය එදා ආරක්‍ෂාවේ කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙසද භාවිත කර තිබෙනවා. මේ පල්ලියේ භූමියේ පසෙක පොළොව තුළට යාහැකි උමං දොර දෙකක්‌ තියෙනවා. (දැන් වසා ඇත). ඒ තුළින් ගොස්‌ දේවස්‌ථාන භූමියේ නිදන් කර ඇති ලන්දේසි සෙනවියන්ගේ ප්‍රභූන්ගේ සොහොන් ගැබ් දැක බලා ගත හැකිලු. මන්ද පල්ලියේ ගෙබිම මත ඇත්තේත් ගලින් කෙටූ එම සොහොන් කොත් නිසා. ඒ වගේම කොටුවෙ හතර දෙසට තිබූ රහස්‌ දොරටු හතරක්‌ එකතුවූයේ මේ උමං දොරටුව අසලදීලු. වරායෙන් ගොඩබෑ සියලු යුද අවි වරාය පැත්තේ රහස්‌ දොරටුවෙන් ගෙනවිත් අවි ගබඩාවට ගෙනගොස්‌ ඇති බවද කියන්නේ ඒ අසලින්. ඉතිරි රහස්‌ දොර සතර ප්‍රදීපාගාරය, ඔරලෝසු කණුව හා (වත්මන් විහාරය) මුහුද දෙසට විහිද තිබුණේලු.

සැබැවින්ම මේ බලකොටුව විශ්මිත නිර්මාණයක්‌. තැන තැන තවමත් කාලතුවක්‌කු රඳවන දකින්නට ලැබෙනවා. මේ දැවැන්ත නිර්මාණය කරද්දී ලන්දේසීන් අණ දෙනවිට අපේ මිනිසුන් වහලුන් මෙන් කස පහර කකා මේ තාප්පය ගොඩ නඟන්නට ඇති බව අපට හිතෙනවා.

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


Source: Divaina 2011/01/02
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 8:55 am    Post subject:

රුහුණු ඔසු උයන
රූමස්‌සල




අද අපේ කඳවුරු බිම රූමස්‌සල කඳු මුදුන. මුහුදු ඉමේ තියෙන මේ කඳු ගැටයට ගාල්ල නගරයත්, ගාලු ලන්දේසි කොටුවත් ගාලු වරායත් අලංකාරව දිස්‌වෙනවා. ඒ විතරක්‌ නෙමේ බොනවිස්‌ටා කොරල්පරය වගේම සුන්දර උණවටුනත් පේනවා. මේ අපි ඉන්නෙ ලෝකයේ සුන්දරත්වය අතින් 13 වැනි ස්‌ථානය ගන්නා මුහුදු තීරයේ ගාල්ල ගැන කතා කරන්න, ගාල්ලේ සුන්දරත්වය විඳින්න මේ වගේ තැනක්‌ ආයිමත් හම්බවෙන්නෙ නෑ. ඒත් ඉතින් රූමස්‌සල ගැන කතා කරන්න කලින් ගාල්ලේ වගේම ඒ අවට තවත් විස්‌තරත් කතා කරල ඉන්න ඕන.


රත්ගම



අමර සයුර සුරතුර රැඳි සරෙම් රත
පවර දිනිඳු වට තම බිඟු රැසෙව් මත
පවර අන් ලියන් සසගින් වන් නියත
එවර ලගින් රත්ගම් මුනිඳු මැඳුර ත

තොටගමුවේ සිරි රහල් මාහිමි පරෙවි සංදේශයේ රත්ගම පිළිබඳ සඳහන්කර ඇත්තේ මෙසේයි.

අතීතයේදී රාජග්‍රාමය ලෙසද රද්ගම ලෙසද හඳුන්වන ලද රත්ගම ගාල්ලේ සිට කොළඹ දෙසට කිලෝමීටර් 11 ක දුරින් පිහිටනවා. අතීතයේ සිට බ්‍රහ්මණවංශික ජනයා පදිංචි ප්‍රදේශයක්‌ වූ රත්ගම දේව ප්‍රතිරාජ අමාත්‍යවරයා විසින් විශාල සංවර්ධනයකට ලක්‌කළ ප්‍රදේශයක්‌.

මහා දානපති ශ්‍රීමත් අර්නස්‌ට්‌ ද සිල්වා මැතිතුමන් උපත ලද රත්ගම මේ රටේ කීර්තිමත් ගිහි පැවිදි නායකයන් රැසක්‌ උපත ලද ප්‍රදේශයකි.


ඕල්කොට්‌තුමා
පෘතුගීසින් ලන්දේසීන් හා ඉංගී්‍රසීන්ගෙන් දරුණු පීඩාවකට හා වධ බන්ධනයකට ලක්‌වූ මෙරට සිංහල - බෞද්ධ ජනතාවගේ පරම අයිතිය හා සාසනයේ දියුණුව උදෙසා 1873 දී මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ කණ්‌ඩායම විසින් පවත්වන ලද පානදුරාවාදයේ තොරතුරු ඇතුළත් ඉංගී්‍රසි ලේඛනයක්‌ දුටු ඇමරිකන් ජාතික සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌තුමා බුදුදහම ගැන උගෙන වාදීභසිංහ භික්‍ෂූන් වහන්සේලා හමුවී ලංකාවේ පිරිහී ගිය බෞද්ධාගම නැවත නඟා සිටුවන්නට බ්ලැවැට්‌ස්‌කි මහත්මිය සමග 1880 මැයි 17 වැනිදා ගාලු වරායෙන් ලංකාවට පැමිණියා. ගාල්ලේ ධනවත් බෞද්ධයකු වූ සයිමන් පෙරේරා අබේවර්ධනයන් ප්‍රමුඛ පිරිස විසින් පිළිගන්නා ලද ඕල්කොට්‌තුමන් මැයි මස 25 වැනිදා බෞද්ධයන් පිළිගත් උත්සවයකදී ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්‌ථානයේදී පූජ්‍ය අක්‌මීමන ධර්මාරාම හිමියන් වෙතින් තිසරණ පන්සිල් සමාදම් වී බෞද්ධ උපාසකත්වයට පත්වූයේ බ්ලැවැට්‌ස්‌කි මැතිනියද සමගින්.

දෙසතියක්‌ තිස්‌සේ දසදහස්‌ ගණනක්‌ දෙනාට හරබර දෙසුම් පවත්වා කොළඹට පැමිණි ඕල්කොට්‌තුමා 1880 ජුනි 8 වැනිදා මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙණේදී කොළඹ පරම විඥනාර්ථ සමාගම පිහිටුවාලුවේ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමිවරුන්ද සමගයි.

ඕල්කොට්‌තුමාගේ දූත මෙහෙවරක්‌ ලෙස බ්‍රිතාන්‍යට ගිහින් මහ රැජිනට ඉදිරිපත් කළ සංදේශය ප්‍රකාරව 1885 සිට වෙසක්‌ දිනය රජයේ නිවාඩු දිනයක්‌ බවට ප්‍රකාශයට පත් කරන්නට හැමිල්ටන් ගෝර්ඩ්න් ආණ්‌ඩුකාරවරයා නියෝග කළා. මේ පුනරුදයේ උද්දාමය නිසාම ෂඩ් වර්ණ බෞද්ධ කොඩියද නිර්මාණය වූයේ ඉහළ හිමිවරුන් ප්‍රමුඛ කොමිටියක්‌ මගින් මෙරට බෞද්ධ බාලක හා බාලිකා විද්‍යාල යනාදියත් ඇති වූයේ ඕල්කොට්‌තුමන්ගේ ලංකා ගමන හේතුවෙන්. 1880 දී ලංකාවට පැමිණ බොදු පුනරුදයේ සදා නොමැකෙන නමක්‌ තැබූ ඕල්කොට්‌තුමා 1906 දී අවසන් වරට ලංකාවෙන් පිටවූ අතර 26 වසරක අනුපමේය සේවයෙන් පසු 1907 පෙබරවාරි 17 වැනිදා මදුරාසියේ පරම විඥනාර්ථ සංගම් මූලස්‌ථානයේදී අවසන් සුසුම් හෙළුවා.



වැලිවත්ත විජයානන්ද විහාරය
අපගේ චාරිකාවේදී මේ උතුම් පිං බිමද නරඹා නමස්‌කාර කරන්නට අප අමතක නොකළේ පෙරකී බොදු පුනරුදයේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් වෙමින් ඕල්කොට්‌තුමන්ට පංචශීලය ලබාදෙමින් ඔහු උතුම් බෞද්ධයකු කළ විහාරස්‌ථානය මේ නිසා.

විහාරාධිපති බේරතුඩුවේ ඥනවිසුද්ධි හාමුදුරුවෝ අපට කීවේ ඕල්කොට්‌තුමා විශාල ජනකායක්‌ සහභාගි වූ පෙරහැරකින් 1880 මැයි 19 වැනිදා මේ පන්සලට ඇවිත් බුදු දහම වැළඳගත් බවයි. එම කාර්ය සිදුවූ පැරැණි බණගෙයට ගොඩවන්නටත් අප අමතක කළේ නැහැ. විහාරාධිපති හාමුදුරුවෝ කියන විදිහට ලංකාවේ මුල්ම දහම් පාසල පටන් ගත්තෙත් මේ විහාරයේදී ඒ 1886 දී. අතරමග නැවතුණු මේ දහම් පාසල ආයෙමත් 1895 දී ආරම්භ කළාලු.


ගාලු ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය



පැති දෙකකින්ම මහ සයුර පෙනෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය ගාල්ලේ ක්‍රීඩා ලකුණයි. පිහිටීම අනුව මෙය ලොව වඩාත් දැකුම්කළු පසුබිමක්‌ සහිත ක්‍රීඩා පිටියක්‌ ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

හෙක්‌ටයාර් 4.216 ක විශාලත්වයකින් යුතු මෙය උපදින්නේ අදින් වසර 134 කට පෙර. ඒ තුරඟ තරග පිටියක්‌ ලෙසයි. කෙමෙන් තුරඟ තරගවලින් ක්‍රිකට්‌ තරඟ සඳහාත් පාසල් ක්‍රීඩා සඳහාත් මේ පිටිය කලක්‌ භාවිතා කළා. නමුත් 1927 වන විට මෙය පැවතියේ ක්‍රිකට්‌ ක්‍රීඩාංගනයක්‌ ලෙස.

ලණු පැදුරු තණතිල්ල වෙනුවට 1945 දී මෙහි සැබෑ තණතිල්ලක්‌ ඉදිවුණා. 1984 දී පසු පෙළ ක්‍රිකට්‌ තරග ඇරඹුණු මෙම ක්‍රීඩාංගණය 1998 ජුනි 3 වැනිදා ඇරඹි ශ්‍රී්‍රS ලංකා නවසීලන්ත ටෙස්‌ට්‌ තරගයත් සමග මෙරට 7 වැනි ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටිය ලෙස උසස්‌වීම් ලැබුවා.

2004 දෙසැම්බර් 26 වැනිදා තවත් මුහුදුබඩ ප්‍රදේශ මෙන්ම, ගාලු නගරයත් සමඟ මෙම ක්‍රීඩාංගණයත් සුනාමි ව්‍යසනයට හසුqවුණා. දැඩි ලෙස හානි වුණු ක්‍රීඩාපිටිය අවසානයේදී සුනාමි අවතැන් කඳවුරක්‌ බවට පත්වුණා. අනතුරුව රුපියල් කෝටි 500 ක වියදමෙන් යළි ඉදිවුණු මෙය 2007 දෙසැම්බර් 17 වැනිදා ඇරඹි ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් "පුනරුත්පත්තිය" ලැබුවා.

ඔස්‌ටේ්‍රලියානු ජාතික පා දඟ පන්දු යවන්නකු වූ ලෝප්‍රකට ෂේන් වෝන් ගේ 500 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල වාර්තා වුණේ මේ ක්‍රීඩාංගණයේදී. ඒ විතරද? ඇයි ලොව මෙතෙක්‌ බිහිවූ දක්‍ෂතම දඟ පන්දු යවන්නා වන අපේ මුත්තයියා මුරලිදරන් තමන්ගේ 800 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල හෙවත් ලොව වැඩිම ටෙස්‌ට්‌ කඩුලු ප්‍රමාණයක්‌ වාර්තා කරමින් තමන්ගේ අවසන් ටෙස්‌ට්‌ කඩුල්ල වාර්තා කර ගත්තෙත් මේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩා පිsටියේදී.


ගාලු කොටුවේ ඔරලෝසු කණුව



ගාලු කොටුව ගැනත්, එහි ඇති ඔරලෝසු කණුව ගැනත් කතා දෙකක්‌ අපට කියන්නට සිදුව ඇත්තේ මේ දෙක නිර්මාණ දෙකක්‌ වශයෙන් අවදි දෙකකදී සිදුව ඇති නිසා. ලන්දේසීන් ඉදිකළ ගාලු කොටු බැම්මත්, ඔරලෝසු කණුවත් බැලූ බැල්මට පේන්නෙ එකම නිර්මාණයක්‌ විදිහට. ඉතින් බොහෝ දෙනෙක්‌ හිතන්නෙ ඔරලෝසු කණුවත් ලන්දේසීන්ගේ නිර්මාණයක්‌ කියලයි. ප්‍රකට ඉතිහාස ගවේෂක අහුන්ගල්ලේ දේ. සූ. ද සොයිසාගේ මගපෙන්වීම යටතේ අපි ඔරලෝසු කණුවේ ඉතිහාසය වෙනමම හොයාගෙන ගියේ මේ ඔරලෝසු කණුව ලන්දේසි යුගයට පසුව ඉදිවුණ නිර්මාණයක්‌ නිසාමත් නොවේ. බලපිටියේ මහා කප්පිණවලව්වට නෑකම් කියන දේශීය සිංහල ධනපතියකුගේ ධන පරිත්‍යාගයෙන් මෙය නිර්මාණය වුණු නිසා.

ගාලු කොටුවේ කළුගල්බැම්මට සමානව, එහි පෙනුමට හානියක්‌ නොවන විදිහටයි මේ අපූර්ව නිර්මාණය කරල තියෙන්නේ. 1883 දී ඉදිවුණු මෙයට වැය වී ඇත්තේ රුපියල් තුන්දහසක මුදලක්‌.

දහනව වැනි සියවසේ අවසාන කාර්තුවේ ගාලු දිසාවේ සේවය කළ ප්‍රකට වෛද්‍යවරයකු වූ ඉංග්‍රීසි ජාතික පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතාගේ සේවය අගය කරන්න සිහිවටනයක්‌ හදන්න ගාලු ජන ප්‍රධානීන් තීරණය කළා. ඒ සඳහා ඔරලෝසු කණුවක්‌ සුදුසු බවටත්, වියදම ගාලු නාගරික ජනතාවගෙන් එකතු කරන්නටත් තීරණය වූ තැන ඒ සඳහා යන බරපැන දරන්න ඉදිරිපත් වුණේ වාසල මහමුදලි කොස්‌ගොඩ කළුහත් සැම්සන්ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්‍ෂ මහතා. ඒ අනුව පෞරාණික ආකාරයට ඉදිවුණු මෙම ස්‌ථම්භය සේවයෙන් විශ්‍රාමගත් ඩැනියෙල් දොස්‌තර මහතා අතින් විවෘත වුණා.

සැම්සන් රාජපක්‍ෂ මැතිතුමා මෙය ඉදිකළ බවට වන ඵලකය ඔරලෝසු කණුවේ පහල දැන් මැකී යමින් පවතිනවා.

මහා කප්පිණ වලව්වේ විසූ ඉසුරුමුණි බ්‍රාහ්මනයාගේ පරපුරෙන් පැවත එන සැම්සන් රාජපක්‍ෂයන් උගතකු බුද්ධිමතකු හා ධනපතියෙක්‌. කටුනායක ගුවන්තොටුපළට වගේම කොළඹ ආනන්ද විද්‍යාලයටත්, කොළඹ වෛද්‍ය විද්‍යාලයටත් ඉඩම් පරිත්‍යාග කර ඇත්තේ මොහු විසින්.


ඓතිහාසික දෙල්ගස



ගාල්ල කොටු පවුර මත සිට ඒ අතීතාවර්ජනයත් සිදු කරමින් අපි කොටු පවුර මතින් ඒ වටේටම ඇවිද ගියා. ප්‍රදීපාගාරයත් නරඹා ඉන්පසු අපි ගියේ තවත් වැදගත් ස්‌ථානයකට. ඒ තමයි වරාය නිවාඩු නිකේතනයට යාව ඒ තුළ පිහිටි ඓතිහාසික දෙල්ගස.

Artocarpus altilis ලෙස විද්‍යාත්මකව හඳුන්වන දෙල් ගසේ ඵලය තරමක්‌ උෂ්ණාධිකයි. තම්බලා වගේම ව්‍යංජනයක්‌ ලෙසත් දෙල් හරි ප්‍රණීතයි. ඒත් මේ උෂ්ණාධික බව හින්දම සිරුරේ ශක්‌තිය හීන වන බවකුත් ඇතැමුන් කියනවා. ලන්දේසි කාරයො ඕලන්දයේ ඉඳල ලංකාවට දෙල් ගෙනාවෙ සිංහලයන්ගේ ශක්‌තිය හීන කරල කුසීත ජාතියක්‌ කරන්නලු. ඒත් බල මාළුවල උෂ්ණාධික බව බාල කරන්න බලමාළු එක්‌ක පොල් කන්න පුරුදු වෙලා හිටිය අපේ කට්‌ටිය ලන්දේසින්ගේ දෙල් කන්නත් පොල් භාවිත කරපු හින්ද ලන්දේසිනගේ උපාය අසාර්ථක වුණාලු. කොහොම හරි අද ලංකාව පුරා දෙල්ගස්‌ දහස්‌ ගණනක්‌ තිබෙන බව අපි දන්නවා. ඒ ගස්‌වල ප්‍රථම මවු ගහ තියෙන්නෙ කොහේ කියලද ඔබ හිතන්නෙ. ඇත්තටම ලන්දේසින් ගෙනාපු ප්‍රථම දෙල්ගහ වශයෙන් සැලකෙන්නෙ අදටත් ගාලු වරාය නිවාඩු නිකේතනයේ තියෙන යෝධ දෙල්ගහ. වසර 333 කටත් වඩා පැරණි යෑයි කියන මේ යෝධ දෙල්ගහ අදත් වරාය දෙස බලාගෙන යෝධයකු සේ නැගී සිsටින්නෙ මොනතරම් අතීතයක්‌ සඟවා ගෙනද? ඕලන්දෙන් ගෙනාපු ලංකාවේ පළමු දෙල්ගහ ලෙස සැලකෙන මෙය ඔබත් නැරඹිය යුතුම දෙයක්‌.


රූමස්‌සල



ගාලු පුරවරයට ලැබුණු සොබා දහමේ මහඟු දායාදය රූමස්‌සලයි. රූමස්‌සල කඳුවැටිය නිසා තමයි ගාල්ල වරාය නොහොත් ගාලුතොට පවා නිර්මාණය වෙලා තියෙන්නේ. නොගැඹුරු ගාලු මුහුදු තීරයේ බොනවිස්‌ටාව නමැති සුන්දර කොරල් පරයත්, උණවටුනත් රූමස්‌සල නිසාම බිහිවුණු මන බඳනා ප්‍රදේශයි. පෘතුගීසි බසින් "බොනවිස්‌ටා" කියල කියන්නෙත් සුන්දර දසුන යන්නලු.

රූමස්‌සල කන්ද නිර්මාණය වූණේ හිමාලයේ කන්දේ කොටසකින් කියලයි ජනප්‍රවාදයේ කියෑවෙන්නේ. ඒ රාවණා-රාම යුද්ධයේදී තුවාල ලැබූ රාමගේ සොයුරු ලක්‌ෂ්මණට ප්‍රතිකාර කරන්නට හනුමන්තා විසින් රැගෙන ආ බෙහෙත් පැළෑටි සහිත හිමාලයේ කොටසක්‌ වැටීමෙන් රිටිගලත්, රූමස්‌සලත් නිර්මාණය වුණු බව කියනවා.

මෙහි ඇති ජෛවවිධත්වයත් පාරිසරික අගයත් සලකා 2003 දී රජය අභය භූමියක්‌ බවට රූමස්‌සල පත්කළා. හෙක්‌ටයාර් 170 ක්‌ වන රූමස්‌සල අභය භූමියේ හෙක්‌ටයාර් 20 ක්‌ම රක්‍ෂිත වනාන්තරයක්‌. මේ වනාන්තරයේ වටිනා දුලබ ඖෂධ ශාක රැසක්‌ දක්‌නට ලැබෙනවා.

රූමස්‌සල කන්ද මීටර් 120 ක පමණ උසකින් යුක්‌තයි. උණවටුන දක්‌වා පැතිර ඇති මෙය තුඩු දෙකකින් සමන්විතයි. එක්‌ තුඩුවක්‌ බොනවිස්‌ටා දෙසටද අනෙක්‌ තුඩුව වැල්ලේ දේවාලය දෙසටද පැතිර යනවා. මෙම කුඩා වනාන්තරයේ වෙරළ බඩ ශාක, කඩොලාන සිට තෙත් කලාපීය, වියළි කලාපීය, ශුෂ්ක කලාපීය වැනි ශාක ප්‍රජා කිහිපයක්‌ම දක්‌නට ලැබෙනවා. මේ වන වියන අතරින් ගාලු නගරයට දිස්‌වන ජපන් සාම චෛත්‍යය බොනවිස්‌ටා ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර, එහි සිට ගාලු ප්‍රදේශයත්, වරායත් අලංකාරව දැකගත හැකියි.

මෙම සාම චෛත්‍ය පසෙක හනුමන්තාගේ රුවක්‌ද නිර්මාණය කර ඇත්තේ මෙහි පවතින ජනප්‍රවාදය හේතුවෙන් විය හැකියි. මුහුද අද්දර පිහිටියත්, මෙම රූමස්‌සල වනවදුලේ කිතුල්, මාවේවැල්, රදලිය, ගොඩපර, මහනුග, ගොරක, මාදං, වල්අඹ, දිවුල්, රුක්‌ අත්තන, වල්දෙල් වැනි ශාකද දැකගත හැකියි. රුහුණු ඔසු උයන නමින් ප්‍රචලිත මෙහි ඖෂධ පැළෑටි 150 ක්‌ පමණ ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලය මගින් සනාථකර තිබෙනවා.

අතීතයේදී රූමස්‌සල ඝන වනාන්තරයකින් සමන්විත වූ බව කියනවා. එකල ගාලු වරායට පැමිණි නැව්වලට පානීය ජලය සපයා දී ඇත්තේත් රූමස්‌සල පිහිටි දියපාරවලින්. එවන් දියපහර අදත් දකින්නට තිබෙනවා. රූමස්‌සල ගතකළ දින කිහිපයේ අප මේ වනාන්තරවලත්. ජංගල් බීච් නම් ප්‍රකට වනමංවලත්, මුහුදු වෙරළේත් අසිරිය අපි විඳගත්තා. එදා වනාන්තරයක්‌ වුණත් අද සුවිසල් ගම්මානයක්‌ වන රූමස්‌සල වනපෙත විනාශ වීමේ අනතුරක තිබෙන බවත් මෙහි සඳහන් නොකර බැහැ.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/01/09
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 9:02 am    Post subject:

ගැමි සුවඳ මුසු වුණු
කොග්ගල




අද අපට නවාතැන් සලසන කොග්ගල ගැන කතාකරන විට සුවිශේෂී පුද්ගලයකු හා මනරම් ස්‌ථානයක්‌ නිතැතින්ම සිහියට නැඟෙනවා. ඒ, හෙලයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහතාත්, මඩොල් දූවත්. වැහිබර කාලගුණය මැද අපි කොග්ගලට ළඟා වුණේ පහුගිය ඉරිදා කඳවුරු බැන්ද ගාල්ලේ රූමස්‌සල කඳු මුදුනෙන් නික්‌මෙලා. ඒ එන ගමනේදීත් අපගේ මතකයේ රැඳුණු ස්‌ථාන හා පුද්ගල චරිත කිහිපයක්‌ම තියෙනවා. මේ ඒ ගැන තොරතුරු ටිකක්‌.


ගාලු ප්‍රදීපාගාරය (ලංකාවේ මුල්ම ප්‍රදීපාගාරය)



රූමස්‌සලට දිස්‌වුණු ගාලු ප්‍රදීපාගාරය බලන්නත් මේ ගමනේදී අප අමතක කළේ නෑ. ප්‍රදීපාගාරය පිහිටල තියෙන්නෙ පැරණි ලන්දේසි කොටුව ඇතුළෙ. මේ ප්‍රදීපාගාරය තමයි ලංකාවෙ මුල්ම ප්‍රදීපාගාරය හැටියට සැලකෙන්නෙ.

ගාලු වරාය තමයි කොළඹ වරායටත් පෙර දෙස්‌ විදෙස්‌ සබඳතා පැවැත්වූ ලංකාවේ කේන්ද්‍රස්‌ථානය ඉතින් නොයෙක්‌ රටවල නොයෙක්‌ ජාතීන් ලංකාවට ගොඩබැස්‌සේ මෙතනින් තමයි. ඉතින් රුවල් නැව් ඇතුළු යාත්‍රාවලට මඟ කියා දුන්නෙ කාලෙන් කාලයට ඉදිවුණු විවිධ මග පෙන්වීමේ උපකරණ. එලියක්‌ භාවිත කරමින් ප්‍රදීපාගාර හැදුවා කියන්නෙ ඉංග්‍රීසින්. ලංකාවෙ ප්‍රදීපාගාර නිර්මාණය කළෙත් ඉංග්‍රීසින්. ඒ අනුව ලංකාවෙ ඉදිවුණු ප්‍රථම ප්‍රදීපාගාරය වන්නේ ගාලු ප්‍රදීපාගාරයයි. 1848 දී ඉදිවුණු මෙය භූමිතෙල් ලාම්පුවකින්a එළිය විහිදුවා තිබෙනවා. නමුත් ඒ ලාම්පුව පත්තු කරන්න ගිහිං විටෙක මේ ප්‍රදීපාගාරය පිච්චුනාලු. ඊට පස්‌සෙ 1939 දී ආයිමත් ගාලු කොටුවේ ප්‍රදීපාගාරය නැවත ගොඩනඟා තියෙනවා. දැන් මේ අපට දිස්‌වෙන්නෙ ඒ නව ප්‍රදීපාගාරය තමයි. ගාල්ලට තවත් වැදගත් මඟ සලකුණක්‌ වුණු මේ ප්‍රදීපාගාරය උසින් අඩි 93 ක්‌.


කපිතාන් හේනරි පේද්‍රිස්‌



නිදහස්‌ සටන වෙනුවෙන් පළමුව දිවිදුන් ගාල්ලේ වීර කපිතාන් හෙන්රි පේද්‍රිස්‌ වීරයා ගැනද වචනයක්‌ ගාල්ලට පැමිණි මොහොතේ කතා කළ යුතුමයි.

1888 දී උපන් හෙන්රි පේද්‍රිස්‌ තරුණයා ගාල්ල දංගෙදර ධනවත් බොදු ව්‍යාපාරිකයකු හා නීතිඥයකු වූ ඩී. ඩී. පේද්‍රිස්‌ මහතාගේ පුත්‍රයායි. දෙමව්පියන්ගේ ධන බලය ඉවත දමා එවක ඉංගී්‍රසි පාලකයන්ගේ නගරාරක්‍ෂක හමුදාවට ඇතුළත්ව ස්‌වෙච්ඡා සේවකයකු ලෙස සේවය කළේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා ගාල්ල ශාන්ත තෝමස්‌ විදුහල්වලින් ලැබූ අධ්‍යාපනයයෙන් අනතුරුව කෙටි කලකින් කපිතාන් තනතුරකට පත් ඔහු එකල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව රට පුරා විරෝධතා පැන නැඟුණු සමයේදී සිංහල, මුස්‌ලිම් කෝලහලයක්‌ මැඬලීමට යැමේදී ජාතිවාදියකු වූ බව පවසා ඉංගී්‍රසි ආණ්‌ඩුව විසින් 1915 ජුලි 7 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදී වෙඩි තබා මරා දමනු ලැබුවා. එහෙත් මරණයට බිය නොවූ හේ කොන්දේසි කිහිපයක්‌ ඉදිරිපත්කර ඉංගී්‍රසි සෙබළුන් අතින් නොව පංජාබ් සෙබළුන් අතින් වෙඩි කෑවේ "මගේ දැස්‌ බඳින්නේ කුමටද, නුඹ මට වෙඩි තබන හැටි බලන්න මම කැමතියි" යන එඩිතර වදනින් දිවි පූජා කළේ අපට තවත් වීර මද්දුම බණ්‌ඩාරවරයෙකු සිහිපත් කරමින්. කොළඹ හැව්ලොක්‌ ටවුමේ ඉසිපතානාරාම විහාරය ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ දෙමව්පියන් විසින් හදා පූජා කළේ තම පුතාගේ වියෝගය දරාගත නොහැකිවයි. ඒ අසලම හෙන්රි පේද්‍රිස්‌ ක්‍රීඩාංගණයත් ඔහුට ගරු කිරීමක්‌ ලෙස ඉදි වූයේ ඔවුන්ගේ ඉඩමක.


ගාල්ල සමුද්‍රීය කෞතුකාගාරය



ප්‍රදීපා ගාරයෙන් නික්‌මෙලා ඊළඟට අපි ගියේ තවත් වැදගත් තැනක්‌ බලන්න. ඒ තමයි ලංකාවේ එකම සමුද්‍රීය කෞතුකා ගාරය. පිහිටල තියෙන්නෙ ගාලු කොටුපවුර සමඟ ඉදිරිපස පවුරට එකතුකර සාදා තිබෙන පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල තුළ. දෙමහල් ගොඩනැඟිල්ලක්‌ වන මෙය, කොටුවේ දිගම හා විශාලතම ගොඩනැඟිල්ල ද වෙනවා. සමුද්‍රීය කෞතුකාගාරය පවත්වාගෙන යන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්. ගාමිණී දොඩම්වල හා කෞතුකාගාරය භාර නිලධාරි ගාමිණී සමන් මහත්වරුන්ගේ අවසරය පරිදි අපි කෞතුකාගාරය නැරඹුවේ පාඨක ඔබටත්a එහි ගොස්‌ මෙහි අපූර්වත්වය නරඹන්නට කරන ඉල්ලීමකට උදව්වක්‌ හැටියට.

මුහුදු ආශ්‍රිත පුරාවස්‌තු ගැන වගේම මුහුදු බත් වූ නැව් ඇතුළු මුහුද යට පුරාවස්‌තූන් ගැනත් මේ කෞතුකාගාරයේ විශ්මිත නිදර්ශක හා තොරතුරු තියෙනවා. ගාලු වරායේ ඉතිහාසගත තොරතුරු අප ලබාගත්තෙත් මෙහිදීම තමයි. වරාය තුළ ගිලී ගිය නැව් පවතින ස්‌ථාන 26 ක්‌ පමණ හඳුනාගෙන දැන් විශේෂ කණ්‌ඩායමක්‌ මගින් මේ තොරතුරු ගවේෂණය කරන්නෙ වටිනා පුරාවස්‌තු රැසක්‌ ගොඩගනිමින්.

1911 ගාල්ලේදී හමුවුණු චීන ජාතික ෂෙන්ග්-හ නමැත්තාගේ චීන, පර්සියානු, දෙමළ ත්‍රී භාෂා සෙල්ලිපිය ගැනත් මෙහිදී කරුණු කාරණා දැනගත හැකියි.


ඓතිහාසික රට දෙල් ගස



ගාල්ල ලන්දේසි කොටුවේ දෙල්ගස ගැන අපි කතා කළා. එහෙත් ඒ ගැන කියන ප්‍රකට ඉතිහාස ගවේෂක දේ. සූ. ද සොයිසා අපට කීවේ දෙල්ගස්‌ ගෙනාවෙ පෘතුගීසි කාලයේදී කියලයි. ඒත් පෘතුගීසීන් නොවෙයිලු. වැලිතර ජීවත් වූ පිනොස්‌ ආරච්චිල පරංගීන්ගේ නැව්වලට ආරක්‍ෂාව සපයපු, හලාවත සිට හම්බන්තොට දක්‌වා ආරච්චිල තනතුරක්‌ දරපු "ශක්‌තිවන්තයෙක්‌" වුණාලු.

දිනක්‌ ඔහුගේ යාත්‍රාව කුණාටුවකට හසුව "දේසය" නම් රටට ගසාගෙන ගිය පසු ඔවුන්ට කන්නට ලැබී තිබුණේ රට දෙල්. පිනොස්‌ ආරච්චිල යළි එන ගමනේදී රට දෙල් පැළ ගෙනැවිත් වැලිතරත්, මාතර හා හලාවතත් හිටෙව්වාලු. ලංකාවට රට දෙල් ආවේ එහෙමලු.


බොනවිස්‌ටා කොරල් පරය



රූමස්‌සල හිටියත් අපි වැඩිය බොනවිස්‌ටා කොරල් පරය ගැන කතා කළේ නැහැ. රූමස්‌සල කන්දේ එක්‌ කොටසක්‌ බොනවිස්‌ටාව කියල කියනවා. ඒ වගේම මේ කන්දේ මුහුදු තීරය ජන්ගල් බීච් කියලත් කියනවා. ඊට යාබද නොගැඹුරු - නිල් - කොළවන් නොගැඹුරු මුහුදු තීරය තමයි බොනවිස්‌ටාව කියල කියන්නේ. මේක කොරල් පරයක්‌. 1796 දී විලියම් කාර්මයිකල් ගිබ්සන් නමැත්තා "සොඳුර දසුන" යන අර්ථයෙන් මෙයට බොනවිස්‌ටා යන නම තිබ්බාලු. එය පෘතුගීසි වදනක්‌. ගාලු වරායේ එක්‌ පැත්තක්‌ වන බොනවිස්‌ටාව අප රටේ ඉහළම ජෛවවිවිධත්වය සහිත කොරල් පරය ලෙස සලකනවා. මෙයින් වාර්තා වී ඇති මසුන් සංඛ්‍යාව වන 491 ක්‌ වෙනත් ලංකාවේ පරයකින් වාර්තා වී නැහැ.

වඳවී යැමේ මත්ස්‍ය විශේෂ 72 න් 36 ක්‌ මෙහි දිවි ගෙවනවා. එසේම බොනවිස්‌ටාවට ආවේණික විශේෂ 64 ක්‌ සිටින බව ද දැක්‌වෙනවා. හික්‌කඩුවේ කොරල් අතරින් 39% ක්‌ සජීවී වෙද්දී බොනවිස්‌ටාවේ 71% ක්‌ සජීවී ලෙස සලකනවා.

පෙර කී කාර්මයිකල්a ගිබ්සන්ගේ බිරිඳ මාර්ගයිට්‌ මහත්මිය රූමස්‌සලහි පුණ්‍ය පාඨශාලාවක්‌ ඉදිකළා. එය පසුව බොනවිස්‌ටා පාසල බවට පත්වුණා. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වැනි ප්‍රාඥයෝ මූලික අධ්‍යාපනය ලැබුවෙත් මේ විදුහලෙන්.

බොනවිස්‌ටාවට ඉහළ රූමස්‌සල කුළුණු කන්ද ගැනත් වචනයක්‌ කිව යුතුයි. එහි පවතින ප්‍රදීපාගාරයක්‌ වැනි කුළුණක්‌ තියෙනවා. 1875 දී ඉදිකර ඇති මෙම කුළුණ එකල ඉංග්‍රීසීන් විසින් සතුරු නැව් මුලාකිරීම සඳහා හැදූ ව්‍යාජ ප්‍රදීපාගාරයක්‌ කියලයි කියන්නෙ.


උණවටුන රැ වැල්ලේ දේවාලය

රූමස්‌සලත්, උණවටුනත් මෙරට සුන්දරම වෙරළ තීරය ලෙසයි සැලකෙන්නේ. රූමස්‌සල කන්දේ එක්‌ කෙළවරක්‌ උණවටුනයි. කඳු ගැට දෙකකට මැදිව පිහිටි උණවටුන වෙරළ තීරය සංචාරක පාරාදීසයක්‌ ලෙසයි සැලකෙන්නේ. දකුණු වෙරළ තීරයේදී අපට හමුවන තෙවැනි සංචාරක පුරවරය උණවටුනයි. දේශීය විදේශීය සංචාරක පිරිස්‌ අනිවාර්යයෙන් උණවටුනේ අසිරියෙන් මත්වෙනවා.

වැල්ලේ දේවාලය



රූමස්‌සල කඳු ගැටයේ එක්‌ අන්තයක්‌ වැල්ලේ දේවාලයෙන් කෙළවර වෙනවා. උණවටුන මුහුදු තීරයේ කෙළවරත් මේ වැල්ලේ දේවාලයම තමයි. මේ පුදබිම වෙන්වෙලා තියෙන්නේ සීනිගමදි අපි කතා කළ "සීනිගම දෙවොල් දෙවියන්ට" මයි. අති සුන්දරතම ස්‌ථානයක පිහිටි මේ දේවාල භූමියේ කඳු ගැටය මුදුනේ තනා තිබෙන කුඩා චෛත්‍යය රූමස්‌සලට, ගාලු වරායට මෙන්ම, ගාලු කොටුවටත් හොඳින් දිස්‌වෙනවා. ඒ වගේම තවත් දුර්ලභ සුවිශේෂී ශාක කිහිපයකුත් මේ වැල්ලේ දේවාලයේ තියෙනවා.


කොග්ගල / මාටින් වික්‍රමසිංහ නිවස



කොග්ගල මහා ප්‍රාඥයාගේ තොරතුරු දැනගන්න කලියෙන් අපි පළමුව ගියේ මඩොල් දූවට. බෝට්‌ටුකරුවකු සමඟ මඩොල්දූව වටා ගිහිං දූවට ගොඩබැස්‌ස අපි වික්‍රමසිංහයන්ගේ "මඩොල් දූව" සිහියට නගමින් දූපතේ ගස්‌ කොළං අතර ඇවිද ගියේ. ජින්නා සමඟ "වික්‍රමසිංහයන්" මෙහි ගතකළ ජීවිතය අපට ද කොයි තරම් ආශ්වාදයක්‌ වීද යන්න සපථ කරමින් මඩොල්දූව අදටත් හොඳින් සංරක්‍ෂණය වෙනවා. පසෙකින් "ගම්පෙරළිය" චිත්‍රපටයට පසුබිම් වූ වළව්වයි.

මාටින් වික්‍රමසිංහයන් ගැන කතා කරන්නට අප තවමත් ළාබාලයින් වූවා වැඩියි. ඒ නිසා ඔහු ගැන නොව ඔහු දිවි ගෙවූ ගම් පෙදෙස ගැන කතා කරමු. වික්‍රමසිංහයන් උපන්නේ 1890 මැයි මස කොග්ගලදී. පාසල් ගියේ ගාල්ලේ බොනවිස්‌ටා විදුහලට. විවිධ රැකියාවන්හි නිරත වීමෙන් පසු දිනමිණ හා ලක්‌මිණ කර්තෘ මඬුල්ලේ සේවය කළ ඔහු 1976 දී මියයන තුරා ග්‍රන්ථ 86 ක්‌ රචනා කළා. මඩොල්දූව මෙන්ම, යුගාන්තය, ගම්පෙරළිය, අපේ ගම, කලියුගය, කරුවල ගෙදර වැනි ප්‍රකට ග්‍රන්ථ ඒ අතර වෙනවා.

" මාටින් වික්‍රමසිංහගේ මඩොල් දූවෙන්" පසු අපි ගියේ වික්‍රමසිංහයන් දිවි ගෙවූ කොග්ගල නිවස දැක බලා ගන්නට. එම කෞතු කාගාරයට යාබදව පිහිටි ඔහුගේ පුංචි නිවස තුළ අද ඔහුගේ දිවිගමනේ වැදගත් මතක රාශියක්‌ දැක බලා ගත හැකියි. සැබැවින්ම රට වටා යන ගවේෂණ චාරිකාවේදී මේ නිවසට ගොඩවැදීම අපගේ චාරිකාව පරිපූර්ණ කිරීමට එක්‌ හේතුවක්‌ වුණා කියලයි අපට හිතෙන්නෙ. ඒ සැබෑ ගැමි ගෙදර මෙහිදී මෙන්ම කොග්ගලදී නිරූපනය වන නිසා.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - ලලිත් චාමින්ද, - දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/01/16
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 9:03 am    Post subject: Re:

ධීවර ගීතයේ රිද්මය
වැලිගම
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


පහුගිය ඉරිදා අපි උණවටුන සුන්දර වෙරළ කෙළවර තියෙන දෙවොල් මහ දෙවියන්ගේ වැල්ලේ දේවාලය ගැන කතා කළා. ඒ දේවාලයේ තියෙන ඉතා පැරණි, ඒ වගේම සුවිශේෂී, දුලබ ගස්‌ කිහිපයක්‌ ගැනත් සඳහන් කළා. අද වැලිගම ධීවර ගීතයේ අන්දරය කියන්න කලින් අපි ඒ දුලබ ශාක ගැනත් කතා කරනවා.

කෝන්තාලම් ගස
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ඉතා දුලභ කෝන්තාලම් (Xylocarpus rumphii) ගස්‌ තුනක්‌ වැල්ලේ දේවාලයේ තිබෙනවා. වසර සිය ගණනක්‌ පැරණි මේ දුලබ ශාකය මගින් සිංහල වෙදකමේදී භාවිතයට ගැනෙන "ගොපළු ගුලිය" නම් ඖෂධය නිෂ්පාදනය කරනවාලු.


මාර්ග පහක්‌ හමුවන සුවිශේෂී "මං සන්ධිය"

හබරාදුව පහුකරලා මාතර දෙසට යනවිට තමයි අපිට කොග්ගල හමුවන්නේ. පහුගිය සතියේ කොග්ගල හිටියත් ඔබට කියන්න නොහැකි වූ සුවිශේෂී තැනක්‌ මේ කොග්ගල තියෙනවා. ඒ ප්‍රවාහන මාධ්‍යයේ වැදගත් සංධිස්‌ථානයක්‌ අද කොග්ගල තරමක්‌ දියුණුයි. ඒත් සියවසකට පමණ පෙර මෙය නොදියුණු කැළෑබද ප්‍රදේශයක්‌. දෙවැනි ලෝක යුද සමයේදී මෙහි ගුවන් තොටක්‌ ඉදිවුණේ ගම්මාන කිහිපයක්‌ යට කරමින්. මේ ගුවන් තොට මුහුද අද්දර පිහිටා තිබෙන්නේ මාතර - කොළඹ මහාමාර්ගයත්, මාතර - ගාලු දුම්රිය මාර්ගයත් තවත් කුඩා අඩි පාරකුත් මැදිකරමින්. ඉතින් නාවික යාත්‍රා, ගුවන් යාත්‍රා, දුම්රිය, මහාමාර්ග රථ මෙන්ම අඩි පාරකුත් එකට හමුවන මෙවන් තැනක්‌ ආයිමත් ලංකාවේ හමුවෙනවද කියල කියන්න අමාරුයි.


කොග්ගල
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


මාටින් වික්‍රමසිංහ මහා ගත්කරුවා ගැන අප කතා කළත් ඔහුගේ ගම ගැන තවත් විස්‌තර කියන්න කියලා බොහෝ දෙනකුගෙන් ඉල්ලීම් ලැබුණා. ඒ නිසා මේ පාරත් අපි ඒ ගැන ටිකක්‌ කතා කරනවා.

කොග්ගල කියන්නේ අතීතයේදී වචනයේ අර්ථයෙන්ම පරිපූර්ණ ගම්මානයක්‌. පන්සල, පාසල, වෙදගෙදර, ඔපිසර නිවස යනාදි සියල්ල මේ ගමේ තිබුණා. නමුත් 1942 දී ඇතිවුණු දෙවැනි ලෝක සංග්‍රාමය සමයේදී කොග්ගල ගම වනසා දමා ගුවන් තොටුපළක්‌ ඉදිකළා. ඒ සතුරු ආක්‍රමනවලට මුහුණ දීමට. ඉතින් කොග්ගල ජනයා අවතැන් වුණා. නිවාස කඩා බිඳ දැමුවා. එහෙත් වාසනාවකට වගේ මාටින් වික්‍රමසිංහයන්ගේ මහ ගෙදර (ඔපිසර නිවස) එදා එහි ආපු සුදු ජාතික නිලධාරිනියකගේ නිල නිවස බවට පත්කරගත්තා. එA නිසා ගේ විනාශ වුණේ නෑ. යුද්ධයෙන් පස්‌සේ ඉංග්‍රීසි හමුදාව කොග්ගලින් ඉවත්වුණා. මේ නිවස කැළෑ වැදුණා. පසුව සොයාගෙන තමයි අද තත්ත්වෙට පිළිසකර කරලා තියෙන්නේ.


රිටිපන්න ධීවර කර්මාන්තය
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


කොග්ගල ඔය ගැන කතා කරන කොට මෙහි පාරම්පරික කළපු ධීවරයන් ගැන කතා කරනව වගේම, කොග්ගල ගැන කතා කරන කොට රිටිපන්න ධීවර කර්මාන්තය ගැනත් වචනයක්‌ නොකියා බැහැ. නොගැඹුරු මුහුදේ සාම්ප්‍රදායිකව කරන තවත් ධීවර කර්මාන්තයක්‌ වන රිටිපන්නයේදී අවදානමක්‌ දරාගෙන, අව්ව - වැස්‌ස නොතකා කරන මේ ක්‍රමය අප ඉහළින් අගේ කළ යුත්තක්‌. මෙහිදී කරන්නේ "රිටක්‌" උඩ ඉඳගෙන බිලි බෑමයි. කොග්ගල සිට අහංගම දක්‌වා මේ ක්‍රමය ප්‍රචලිතයි.


ලංකෝපකාරය - ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රණාලය
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


අපි කොග්ගල පහුකරලා කතළුවට ආවා. එතැනත් වැදගත් දෙයක්‌ තියෙනවා අපට බලන්න. ඒ කතළුව රංවැල්ල පුරාණ විහාරයේ තියෙන ලංකාවේ පැරණිතම හා ප්‍රථම සිංහල බෞද්ධ මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍රය. මේ තමයි "ලංකෝපකාරය" මුද්‍රණාලයේ මුද්‍රණය කළ ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත වූ "ලංකා ලෝකය" අච්චු ගැසූ යන්ත්‍රය. එංගලන්තයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය 1860 දී බුලත්ගම ධම්මාලංකාර හාමුදුරුවනන්ට දීල තියෙන්නේ එකල හිටපු තායිලන්තයෙය් චූලාලංකාර රජතුමා. එවකට මේ යන්ත්‍රය ගාලු වරායට ගෙනවිත්, ගාල්ලෙ අටපට්‌ටම් විහාරය නොහොත් පරමානන්ද විහාරයේ තමයි සවිකරලා භාවිතයට අරන් තියෙන්නේ. ජාතිය අවදිකල නම්, පංචමහා වාද පැවැත්වූ යුගයේදී බෞද්ධයින්ට මහා ශක්‌තියක්‌ වුනේ මේ මුද්‍රණ යන්ත්‍රය තමයි. පානදුරාවාදයෙA දී, බද්දේගම වාදයේදී අවශ්‍ය පත්‍රිකා මෙන්ම පෝස්‌ටර් යනාදියත් නිර්මාණය කළේ මේ යන්ත්‍රයෙන්. සැබෑවටම මේ ජාතියක්‌ අවධිකළ පුරාවස්‌තුවක්‌. 1942 දී, ලෝක යුද සමයේදී මෙය පානදුරේ රන්කොත් විහාරයට ගෙනිච්චා. 1910 වනතුරු මේ "ලංකෝපකාරය" මුද්‍රණාලය භාවිතා කර තියෙනවා. ඉන්පසුවයි කතළුව විහාරයට මෙය රැගෙන ගිහිං තියෙන්නේ.


වැලිගම ධීවර වරාය රැ ගන්දූව
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


වැලිගම බොහෝ ප්‍රසිද්ධ ධීවර කර්මාන්තයට. වැලිගම ධීවර වරායෙන් මෙරට මත්ස්‍ය නිෂ්පාදනයට ලැබෙන්නේ සුවිශාල පිටිවහලක්‌. ධීවර බල ප්‍රදේශයක්‌ හැටියට මේ ධීවර වරායෙන් මුහුදු යන අය කොතරම්ද යන්න විටෙක මේ වරායේ නැංගුරම් ලන ධීවර යාත්‍රාවලින් අපට අදහසකට එන්න පුළුවන්.

ධීවර වරායේම එක්‌ සුවිශේෂ දූපතක්‌ දකින්නට ලැබෙනවා. ඒ තමයි ගන්දූව. කාලාන්තරයක්‌ තිස්‌සේ මේ දූපතේ අයිතිය තිබුණෙ වළව්කාර ධනවතුන්ට. මේ දූපත දැන්නම් සංචාරක හෝටලයක්‌ බවට පත්ව තිබෙනවා. ඒ එහි පැවති පැරැණි වළව්ව ප්‍රයෝජනයට අරන්.


වැලිගම රේන්ද
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


ගාල්ල - වැලිගම ප්‍රදේශය රේන්ද විවීමටත් හරිම ප්‍රකටයි. දැන් එතරම් දැකිය නොහැකි වුණාට රේන්ද අල්ලල, බෝරිච්චි අත්දාපු හැට ඇන්ද "ගාල්ල - මාතර" ආච්චිල ගැන අපි හොඳට දන්නවා. ඒ රූපෙ අපේ හදවතේ ඇඳිලා තියෙනවා. ඉතින් වැලිගමට ආපු ගමනේ අපි රේන්ද කර්මාන්තය හොයාගෙන ගියා. වැලිගම වරාය ඉදිරියේදීම, ගාලු පාරෙ අපට හමුවුණේ රේන්ද විවීමට නම් දරාපු, සම්මාන ලාභී රේන්දවියන්නියක්‌. ඒ තමයි ලීලා ලේස්‌" හි ලීලශීලි මහත්මිය. ආච්චිගෙන් ඉගෙනගත්ත රේන්ද කර්මාන්තය අදත් ඇය කරන්නේ සංචාරක කර්මාන්තයේ තවත් එක්‌ කොටසක්‌ බවට පත්කරගෙන. පාර අයිනෙ රේන්ද විවීම වගේම ඇයගේ රේන්ද ප්‍රදර්ශනාගාරයත් හරිම විචිත්‍රයි.


කුෂ්ඨරාජගල
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

වැලිගමට ආවොත් කුෂ්ඨරාජගලටත් යා යුතුමයි. මෙතැන ලොකු කළුගලක බෝධිසත්ව ප්‍රතිමාවක්‌ තනා තියෙන්නෙ ඉපැරණි ගල්වඩුවාගේ කුසලතාව ගැන මොනවට සඳහන් කරමින්. අවලෝකේතිශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක්‌ ලෙස හඳුන්වා ඇති මෙය කුෂ්ඨයක්‌ වැළඳුණු රජවරයෙකුගේ ප්‍රතිමාවක්‌ හැටියටත් සලකනවා. 8 වැනි සියවසේදී නිර්මාණයවුණු මේ ගැන තොරතුරු අපට ලැබුණේ තරමක්‌ අඩුවෙන්.


වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය

බෝධි වන්දනා ගාථා අතර පහත ගාථාව කොයිතරම් අපට සමීප වූවක්‌ද. රටේ කොතැනක විසුවත් "බෝධි පූජා" යනාදියේදී අපි මේ ගාථාව නිරන්තරයෙන් ගායනා කරනවා. නමුත් දන්නවාද? මේ ගාථාව නිර්මාණය වුණේ වැලිගම අග්‍රබෝධි විහාරයේ බෝධීන් වහන්සේ නමස්‌කාර කිරීම සඳහායි. දැන් එය රටේම ගාථාවක්‌ බවට පත්වෙලා.

ජයශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්‌පල රැහ බෝධීන් අතරින් පළමු බෝධීන් කිහිපය දකුණු පළාතේ වන්දනීය ස්‌ථානවල රෝපණය කිරීම සඳහා රැගෙන යද්දී දිනක්‌ වැලිගම වෙහෙර අසල රැයක්‌ ගත කර තිබෙනවාලු. පසුදා මේ බෝධීන් අතරින් අග්‍ර වූ බෝධිය (ප්‍රථම) මෙම ස්‌ථානයේ මුල්බැස තිබූ නිසා එහි රෝපණය කළ බව පවතින විශ්වාසයයි. අග්‍රවූ බෝධිය නිසයි අග්‍රබෝධි විහාරය බවට පත්ව ඇත්තේ. මේ අග්‍රබෝධීන් වහන්සේ පිදූ ගාථාවයි "අග්‍රබෝධී නාම වාම...." වුණේ.

විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත හිමියන් ප්‍රකාශ කරන පරිදි මේ විහාරාස්‌ථානයේ ඉතිහාසය දෙවන පෑතිස්‌ යුගය දක්‌වා දිවෙනවා. අනුරාධපුර යුගයේ විහාර මන්දිරවල තිබූ මුල්ගල එනම්, "අෂ්ඨ මංගල ශිලාව" නොහොත් "අටමගල" මේ විහාර බිමෙන් සොයා ගැනීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. මෙවන් .වත් අටමගලක්‌ කෞතුකාගාරයේ පමණක්‌ තිබුණත් එහි පවා අෂ්ඨ මංගල ලක්‍ෂණ පැහැදිලි නැහැ.

මේ අටමගලෙහි කාලය ක්‍රි. ව. 8-9 සියවස්‌ දක්‌වා දිවයන බවයි නායක හාමුදුරුවන් අපට වදාලේ.

මේ විහාරය දැන් පූජා භූමියක්‌. කුෂ්ඨරාජගල බෝධිසත්ව ප්‍රතිමාව සමඟත් මේ විහාරය ළඟ සබඳතාවක්‌ තිබෙන බව කියනවා.


කුඹල්ගම
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


වැලිගම ආරම්භයේදීම හමුවන කුඹල්ගම ගාල්ල - කතරගම පාරේදී අපට හමුවන වැදගත්ම අත්කම් භාණ්‌ඩ ගැන ප්‍රකට ගම්මානයක්‌. දෙවන පෑතිස්‌ යුගය දක්‌වා ඉතිහාසයක්‌ තිබෙන බව විශ්වාසකරන මෙම කුඹල්ගම, කුඹල් කර්මාන්තයෙන් දිවිගෙවන විශාල පවුල් ගණනක්‌ ඉන්නවා. තමන් විසින්ම සකසන මැටි භාණ්‌ඩ ඔබදමා පෝරණුවේ පුළුස්‌සා, වර්ණකර සංචාරකයන්ට අලෙවි කිරීම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායයි.


පැරණි මෙතෝදිස්‌ත දේවස්‌ථානය

වැලිගම නගරයේ පැරැණි මෙතෝදිස්‌ත දේවස්‌ථානයක්‌ ඇති බව අපට තොරතුරු කීවේ අපේ වැලිගම මාධ්‍යවේදී රන්ජන් ගාමිණී ජයවර්ධන මහතා. දැනගත් පරිදි 1814 දී ජෝර්ඡ් අර්ස්‌කයින් සහ විලියම් ඕල්ට්‌ යන මෙතෝදිස්‌ත පූජකයින් දෙදෙනකු වැලිගම වෙරළට ගොඩ බැස තිබණේලු. මේ ගැන හොයාගෙන අපි එහි ගියත් ලිත අවසරයකින් තොරව මේ ගැන තොරතුරු දෙන්න බැහැ කියලා දේවස්‌ථානයට සම්බන්ධ අයකු කීව නිසා අපි දේවස්‌ථානයේ පින්තූරයක්‌ පළ කරන්නේවත් මීටවඩා කිසි වක්‌ ලියන්නේ වත් නෑ.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - රංජන් ගාමිණී ජයවර්ධන - දේ. සු. ද සොයිසා,


Source : Divaina 2011/01/23


Last edited by chajee1983 on Mon Feb 21, 2011 10:01 am; edited 1 time in total
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 9:10 am    Post subject:

බලන් සකි සඳ අසිරි
මාතර





දෙනිපිටියේ නුගරුක



කොළොතොට, කොල්ලුපිටියේ ඉපැදුණු ගජමන් නෝනා, නොහොත් දෝන ඉසබෙලා (පෙරුමාල්) කොරනේලියා" දහතුන් වැනි වියේ සිටම හොඳ කවිකාරියක්‌ව සිටියා. දවසක්‌ වතුර ගේන්න ළිඳ ළඟට ගිය මේ කෙල්ල" කළේට වතුර පුරවල තිsයලා ළමයි එක්‌ක සෙල්ලම් කරන්න ගියා. එනකොට කළය තිබුණේ නෑ. ඉතින් කොරනේලියා මොකක්‌ද කළේ. කළය හංගපු "ජඩයට" ඇහෙන්න කවියක්‌ කිව්ව.

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ
මේ ඇයගේ කාව්‍ය සිතුවිලි තරමයි.

1746 මාර්තු 10 වැනිදා උපන් ගජමන් නෝනා" කවියට උපන් හපන්කම් කීවේ පවුලේ අයගේ දක්‍ෂතා නිසාමයි. කොහොමහරි ඇයගේ දරු උපතකට බේත් හේත් ගන්න නිතර ආගියේ වැලිගම දෙනිපිටියේ වෙදගේගොඩ වෙද ගෙදරට. ඒ එනකොට දෙනිපිටියේ පොල් අතු ගඟ අසල තියෙන සුන්දර, ඒවගේම සුවිශේෂී නුග ගහ ගැන ඇයට දැනගන්නට ලැබුණා. මේ ළඟ තිබ්බ මුහන්දිරම් වලව්වෙ වැස්‌සියක්‌ ගඟට උඩින් වැටී තිබ්බ නුග අත්ත දිගේ එහා පැත්තට ගිහිං ඉරිදා පොළේ එළවළු කන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම එදා මේ පාරෙන් ගිය උදවිය නුග ගහයට තිබ්බ අම්බලමෙ නැවතිල, පිං තාලියෙන් දියබීල නුග අත්ත දිගේ එගොඩ මෙගොඩ වුණා. ගජමන් නෝනා දෙනිපිටියේ නුග රුක වර්ණනාව කළේ මේ කතාන්දර සියල්ලක්‌ දැකල. ඒත් ඉතින් අවාසනාවකට අද මේ නුගරුක කපල එතැන සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ හදල. දැන් ඉතිsන් මෙතනට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ තිබල වැඩක්‌ තියෙනවද කියලා අපට නම් මහා ප්‍රශ්නයක්‌ ඇතිවුණා. කොහොම වුනත් ඒ නුග රුක කපාපු අයටත් එක්‌ක බලන්න අපි ආයිමත් ගජමන් නෝනාගේ දෙනිපිටිය නුගරුක වර්ණනාවේ කවියක්‌ කියනවා.


පිනවන දුටු දන සෑම - ගඟ ළඟ පිහිටි කදීම
තුරුපෙළ අවට සැදීම - යුත් සෙවනැල්
ගන මෙ කැලෑවේ දිලීම - විහඟුන් මත රැව් දීම
සුළඟින් පත් ලෙලදීම - ඇති හැම කල්

යන එන දන සැපසේම - එහිදී හිඳ ගිම් සැනසීම
දසදිග අතු විහිදීම - තිබෙන විසල්
දෙනිපිටියට ඉතාම - වටිනා මහ නුගදුම
බලයකි එහි සිත් සේම - නිලඹර දුල්


ගජමන් වළව්ව



කොල්ලුපිටියේ හිටපු ගජමන් පවුල මාතරට ගියේ ගජමන් ආරච්චිට (ගජමන් නෝනාගේ තාත්තා) ලැබුණු ආණ්‌ඩුවේ තනතුරක්‌ හින්දලු. මේ අතරෙදී ගජමන් නෝනා වැඩිදුර කාව්‍යකරණය ඉගෙන ගත්තා. ඒ මාතර වේරගම්පිට රජමහා විහාරයේ කරතොට ශ්‍රී ධම්මාරාම හාමුදුරුවන්ගෙන්. පිරිමියෙක්‌ වගේ වෙස්‌ වළාගෙන. ඉංගී්‍රසි ආණ්‌ඩුවේ හම්බන්තොට - මාතර ආණ්‌ඩුවේ ඒජන්ත හා අයබදු එකතු කරන්නා වූ ජෝන් ඩොයිලිත් සිංහල ඉගෙන ගත්තෙ මේ කරතොට හාමුදුරුවන්ගෙන්ම තමයි.

ගජමන් නෝනාගේ දෙවැනි සැමියා වුණේ මාතර උයන්වත්තේ දොන් ගේබ්‍රියෙල් විජය විමල මුහන්දිරම්. ඔහුගේ අභාවයෙන් පස්‌සේ දරුවන් තුන් දෙනා හදාගන්න ගජමන් නෝනා මහත්සේ දුක්‌ වින්දාලු. ඉතින් ආණ්‌ඩුවේ ඒජන්ත ජෝන් ඩොයිලිට මේ දුක කවියකින් ලියල ඇරපු ගජමන් නෝනාට උදව් කළ ඩොයිලි, හම්බන්තොට නෝනාගම නමින් නින්දගමක්‌ පවා ලබා දුන්නාලු. මාතර වේරගම්පිට විහාරය ආසන්නයේම ගජමන් නෝනා දිවිගෙවූ ගජමන් වළව්ව තාමත් නිරුපද්‍රිතව තියෙනවා. ඉතින් දෙනිපිටියට වගේම මේ වළව්වටත් ගොඩවෙන්න අපි අමතක කළේ නෑ.

"සඳ මෙන් කවා ඇති කළ ළම පැටවුන්ඩ
අද දින පමණ නැත බත් උන් රැකගන්ඩ
සොඳ ගුණ ජෝන් ඩොයිලි දිසා මැතිඳුන්ඩ
වැඳගෙන දුක කියමි පිහිටක්‌ ලැබගන්ඩ


පොල්අතු මෝදර - මුට්‌ටිගස/පෙට්‌ටිගස



දෙනිපිටිය පහුකරගෙන තවත් දකුණු දෙසට එනකොට අපිට පොල්අතු මෝදර හමුවෙනවා. පොල්අතු ගඟ මුහුදට වැටෙන්නෙ මෙතනින්. කිලෝ මීටර් 57 ක්‌ දුර ගෙවාගෙන එන මේ ගඟ පටන් ගන්නේ ගාල්ලේ උඩුගමෙන්. මතකද දෙනිපිටිය නුග ගහ තිබ්බෙත් මේ පොල්අතු ගඟ අසලම තමයි.

මුට්‌ටිගස/පෙට්‌ටිගස

පොල්අතු මෝදර රේල් පාර ළඟ දුලබ, වටිනා ගහක්‌ තියෙනවා. පොත්පත්වලත් සඳහන් වන මේ ගහ හොයාගෙන අපිත් එහි ගියා. මේ තමයි ඉතා දුලබ එහෙත් සත්‍ය කඩොලාන ගණයට ගැනෙන මුට්‌ටි කඩොල් නම් ශාකය. ඞහකදජ්රචමි ටර්බ්එමප ලෙස හඳුන්වන මේ ගසට පෙට්‌ටි ගස කියලත් කියනවා.


සනත් ජයසූරිය ක්‍රීඩාංගණය




මාතර නගරයට ඇවිත් පාළමෙන් එගොඩවුණු ගමන් අපට පේන්නේ ලන්දේසි කොටුවේ ඔරලෝසු කණුව. කොටුවට යන්න කලින් එතන නැවතුණොත් දකින්න ලැබෙන්නේ කොටුවට පිටින් මුහුද අද්දර ඇති ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය. මේ තමයි ක්‍රිකට්‌ වලින් ශ්‍රී ලංකාවේ නම ලෝකෙටම ගෙනිච්ච සනත් ජයසූරියගෙ නමින් නම් කළ ක්‍රීඩාංගණය. සනත් ජයසූරිය ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය.

ජාත්‍යන්තරයේ මාතර ලකුණ අන් කිසිවක්‌ නොවේ. සනත් ජයසූරියම තමයි. 1996 ක්‍රිකට්‌ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට ඔහු කළ කාර්යය විශිෂ්ටයි. 1989 සිට ජාතික කණ්‌ඩායමේ ඉන්න සනත් එක්‌ දින තරග ජාත්‍යන්තරයේ ලකුණු 13000 ක්‌ සහ කඩුලු 300 ක්‌ ඉක්‌මවූ එකම ක්‍රීඩකයාද වෙනවා.

ලොව වේගවත්ම අර්ධ ශතකය, ලොව වේගවත්ම ශතකය සහ ලොව වේගවත්ම ලකුණු 150 රැස්‌ කිරීමේ වාර්තා ඔහු තැබුවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්‌ට්‌ තරග 100 ක්‌ ක්‍රීඩා කළ ප්‍රථමයාත් සනත්. ඉතින් මාතර ක්‍රීඩාංගණය සනත්ගේ නමින් නම් වුණේ ඔහුට ගරු කිරීමක්‌ වශයෙන්.


මාතර ලන්දේසි කොටුව



ගාල්ල වගේම මාතර කොටුවත් ලන්දේසීන්ගේ යුද බලකොටුවක්‌. නිර්මාණශීලිත්වය හා ශක්‌තිමත් භාවය අතින් එය විශිෂ්ට නිර්මාණයක්‌. එක්‌ පැත්තක්‌ මුහුදට මුහුණලා තිබෙන මෙය තවත් පැත්තකින් නිල්වලා ගඟට මායිම් වෙනවා. ගාල්ල වගේම මාතර කොටුව තුළත් පැරැණි ගොඩනැඟිලි රැසක්‌ම පවතින්නේ අතීත මාතර නගරය මේ බව අපට පසක්‌ කරමින්.


රෙපරමාදු පල්ලිය



ලන්දේසි පෙරමාදු දේවස්‌ථාන හතරක්‌ ගැන සඳහන් වෙනවා. 18 වැනි සියවසේදී ඉදිවුණු මේවා ලන්දේසි ආක්‍රමණයත් සමගයි බිහිවුණේ. ගාල්ල රෙපමාදු දේවස්‌ථානය ගැන අපි කතා කළා. එවැනිම දේවස්‌ථානයක්‌ මාතර කොටුව තුළත් තියෙනවා. යාපනය හා කොළඹ තමයි ඉතිරි රෙපරමාදු පල්ලි තිබිල තියෙන්නේ. මෙහි ඉදිරියේ 1767 දී ඩැනියල් බර්රාට්‌ ඔ ඔපර්කූප්මන්ට්‌ යන වදනක්‌ සඳහන්ව තිබෙනවා.

මාතර නගරයේ ලන්දේසි කොටු දෙකක්‌ම තියෙනවා. එකක්‌ "තාරකා කොටුව" ඒ ගැන අපි අද කතා කරන්නේ නෑ. ඒ ගැන ලබන සතියට ඉතිරි කරල අද අපි කියන්නෙ පැරැණි "පරෙවි දූපත" ගැන නොහොත් වත්මන් "උපෝසථාගාරය" ගැන.


නිල්වලා ගං තොට



මේ තමයි අද අපගේ නවාතැන. මාතර නගරයෙන් මුහුද සිපගන්නා නිල්වලාවේ මෝයට අපි ගියේ මාතර පැරැණි ලන්දේසි කොටුව මැදින්. ජනාකීර්ණ නොවූ, නිසසල පෙදෙසක, පොල්වත්තකට යාව පිහිටි නිල්වලා මෝය, දුටු විගස මට සිහිවුණේ අප ගමන පටන් ගත්ත කැලණි ගං මෝය. මොකද, මේ දෙකේම පෙනුම එක වගේ හින්දා. සිංහ රාජයේ ගොංගල කන්දෙන් ඇරඹෙන නිල්වලාව ලංකාවේ ප්‍රකටම ගංගාවක්‌.


රන් දූපත උපෝසථාගාරය



ඉස්‌සර පරෙවි දූපත දැන් රන් දූපතයි. මුහුද මැද තිබුණු මේ දූපත කලක්‌ ගල් පරෙවියන් විසූ අලංකාර වූවක්‌. එහෙත් විවිධ කටයුතුවලට යොදාගත් මේ දූපත දැන් බෞද්ධාගමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්වෙලා. සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය වන්නේ දැන් මේ විහාරයයි. රෝහණ පාර්ශ්වයේ භික්‍ෂූන්ගේ උපසම්පදා විනයකර්ම මෙහිදී සිදුකෙරෙනවා. ඉතා අලංකාර රන් දූපත සතර මහා දේවාලවලින් ආරක්‍ෂාව ලබන අති උතුම් පිං බිමක්‌.


අප ස්‌වාමි දුවගේ සිද්ධස්‌ථානය/දේවස්‌ථානය



මාතර ගැන කතා කරන කොට මේ සිද්ධස්‌ථානය ගැනත් කතා කළ යුතුමයි. මේ දේවස්‌ථානයේ තොරතුරු සොයා ගිය ගමනේදී දේවස්‌ථානයේ චාල්ස්‌ හේවාවසම් පියතුමා අපට ලබාදුන්නු කාරුණික අනුග්‍රහයත් විශේෂයෙන් සඳහන් කළ යුතුමයි.

මේ දේවස්‌ථානය මඩුපල්ලිය, තේවත්ත, තල්විල වගේම තවත් වැදගත් සිද්ධස්‌ථානයක්‌. ඉතින් ආගම් භේදයකින් තොරව ජනයා මෙහි පැමිණෙනවා. වාර්ෂික මංගල්ලයක්‌ ජයටම කෙරෙන්නෙ රාජ්‍ය අනුග්‍රහය ඇතිව.

මෙය සිද්ධස්‌ථානයක්‌ වන්නේ කිතුණුවන් "මාතර මෑණියන්" ලෙස මෙහි පවතින ප්‍රතිමාව වන්දනා මාන කරන නිසා. වසර 500 කටත් වඩා ඉතිහාසයක්‌ තියෙන බව කියන මෙම ප්‍රතිමාවේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ළාබාල අවධියේදී මරිය තුමිය විසින් වඩාගෙන සිටින ආකාරය පිළිබිඹු කෙරෙනවා. ඒ වගේම මෙම ප්‍රතිමාව ආශ්චර්යවත් එකක්‌ ලෙසයි සැලකෙන්නේ. ඒ කිහිප විටක්‌ම මුහුදු බත් වෙලා නැවත නැවත හමුවෙලා තියෙන නිසාම.

පළමුව මේ ප්‍රතිමාව හමුවෙලා තියෙනවා කියන්නේ මීට වසර 500 කට පමණ කලින් වැලිගම ධීවර පිරිසකට. ඒ මුහුදේ පාවෙලා ආපු පෙට්‌ටියක තිබිලා. පස්‌සේ මාතර තිබ්බ දේවස්‌ථානයට භාර දුන්නාලු. 17 වැනි සියවසේ මුල් භාගයේදී පිළිමය පිළිසකර කරන්නට බෙල්ජියමට යෑව්වාලු. පිළිසකර කර "බීච්" නම් නැවේ එන ගමනේදී කුණාටුවකට හසුව ප්‍රතිමාව නැවත මුහුදු බත් වුණු බවයි කියන්නේ. ආයිමත් ප්‍රතිමාව ලැබුණු කෙනෙක්‌ එංගලන්තයේ මිඩ්ල්ස්‌ බරෝ වරායට නැවකින් ගෙනිහිල්ල තියෙනවා. එතනදීත් අතුරුදන් වෙලා තිබුණු ප්‍රතිමාව අදේවවාදී අයකු ළඟ තිබිල මුහුදට දමල තිබිල හමුවුණු බවත්, මූර්ති ශිල්පී (බෙල්ජියම) හෙන්ට්‌ හී සියස්‌ විසින් පිළිසකර කරල බෙල්ජියම් ජාතික ජෝශප් වෑන් රීඩ් බිෂප්තුමන්ට භාර දුන් බවත් කියනවා. මේ පියතුමා තමයි ගාල්ල ආසන දෙව් මැඳුරේ පළමු පියතුමා වුණෙත්. 1912 දී බිෂප්තුමා ලංකාවට ආවත් ආයිමත් ප්‍රතිමාව නැවේ තිබුණේ නැතිලු. ඒත් පසුව ආපු "කුකමාර්" රුවල් නැවෙන් ප්‍රතිමා පෙට්‌ටිය ලංකාවට ගෙනවිත් මාතරට යළිත් භාරදීල තියෙනවා. 1912 නොවැම්බර් 12 තමයි මේ සුරුවම වත්මන් දේවස්‌ථානයේ තැන්පත් කරල තියෙන්නේ. තවත් පුදුමයක්‌ නම් 2004 දෙසැම්බර් සුනාමියට මේ දෙවස්‌ථානයත් හසුවෙලා ආයිමත් ප්‍රතිමාව මුහුදට ගසාගෙන ගියා. ඒත් දින තුනකින් හක්‌මන ප්‍රදේශයේ මිල්ටන් හක්‌මනගේ මහතාට හමුවෙලා නැවත භාරදීල තියෙන්නෙ සුනාමියට අහුවෙලත් කිසිදු අඩුපාඩුවක්‌ නැතිවලු. ඉතින් මේ සියලු දැ සිහිකර මරියතුමියගේ උපන්දිනය යෙදෙන සෑම සැප්. 8 දාකම වාර්ෂික මංගල්ලය කරනවාලු.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - කේ.එච්. පියසේන රංජන් ගාමිණී ජයවර්ධන දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/01/30
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 9:20 am    Post subject:

දකුණු ලක සයුර ඉම
දෙවුන්දර තුඩුව




මාතර බෝධිය



මාතර ගැන කතා කරන විට මාතර බෝධිය ගැන කතා නොකර කොහොමද? මාතර බෝධියට වඩා බෝධිය රෝපිත භූමිය ගැන හරි අපූරු කතාවක්‌ තියෙනවා. ඒ කතාව ක්‍රිස්‌තු වර්ෂ 515 දක්‌වා ඉතිහාසයක්‌ තියෙන එකක්‌. මහා පඬි කුමාරදාස රඡ්ජුරුවන් ගැන වගේම මහාකවි කාලිදාසයන් ගැනත් ඔබ අහල තියෙනවා ඇති. අනුරාධපුර යුගයට අයත් රජවරයකු වූ කුමාරදාසයන්ගේ සීයා තමයි කලා වැවත් හදපු ධාතුසේන රජතුමා. ධාතුසේන රජුගේ පුත් මුගලන්ගේ පුතා තමයි එතකොට මේ කුමාරදාසයන්. කුමාරදාසයන් තම වැඩිදුර අධ්‍යාපනය ලබන්න භාරතයට පවා ගියාලු. ඒ නිසා තමයි මහා කවි කාලිදාසයන් කුමාරදාසයන්ගේ අඹ යාළුවකු බවට පත් වුණේ. ඉතින් කාලිදාසයන් ලංකාවටත් ආවා. එහෙත් හදිසියේ ඔහු මෙහෙදී මියගියා. තම මිතුරාගේ වියෝගය දරා ගන්න බැරි තරමේ වේදනාවක්‌ වූ නිසා තම බිසවුන් සමග කුමාරදාසයන් කාලිදාසගේ සෑයට පැන දිවි නසා ගත්තාලු. ඒ සෑය ඉදිවූ තැන වශයෙන් සලකන්නේ මේ මාතර බෝධිය රෝපිත භූමියලු.


තාරකා කොටුව



අද අපි මාතර තාරකා කොටුව ගැනත් කතා කරනවා. ලන්දේසි මහ කොටුව ගැන පහුගිය ඉරිදා කතා කළානේ. මේ තාරකා කොටුවත් හැදුවේ ලන්දේසීන්ම තමයි. නිල්වලා ගඟේ බටහිර ඉවුරේ ඊට මීටර් 200 ක්‌ උතුරින් පිහිටා තිබෙන මේ සුවිශේෂ ගෘහ නිර්මාණ ශිල්පීය තාරකා කොටුව නිර්මාණය කළ බව කියන්නේ මාතර කොටුවට ගොඩ බිමෙන් එල්ලවන සතුරු ප්‍රහාරවලට මුහුණ දීම සඳහා.

දිය අගලකින් වටවෙලා, ගණ බිත්ති සහිතව හදා තිබෙන මෙහි හැඩය තාරකාවක්‌ වගේ. අවශ්‍ය වේලාවට දොර (දෙකක්‌) උස්‌ පහත්කර කොටුව වසාදමා දිය අගලෙන් වෙන් කිරීමටත් මෙය තනා තියෙනවා. 1763 දී මෙය රෙඩියුටේ වෑන්එක්‌ නම් ලන්දේසි ආණ්‌ඩුකාරයාගේ අදහසකට අනුව නිර්මාණය වුණු නිසා එය හඳුන්වන්නේ ඒ නමින්ම තමයි. කොටුව ඉදිරියේ ලන්දේසි ලකුණත්, නමත් සටහන් කර තිබෙනවා. කොහොම වුණත් මේ ගොඩනැඟිල්ල ඉදිකරල තියෙන්නෙ ප්‍රාදේශීය පාලකයෙක්‌ වන ඔරුකෙම මුහන්දිරම්. අපේ රටේ ඇති බලකොටු අතර නිර්මාණාත්මක හා කුඩාම ලන්දේසි බලකොටුව මෙයයි.

ප්‍රවේශය, පිටත බෑවුම, දියඅගල, ඇතුළත ප්‍රාකාරය, ආයුධ කවුළු, ආරක්‍ෂක පවුර, හකුලන පාලම, වෙඩි බෙහෙත් ගබඩාව, සොල්දාදු කාමර, ගබඩා කාමර, කාර්යාලය, ළිඳ, වේදිකා, විවෘත මිදුල යන අංග මෙහි තිබුණත් මෙහි ප්‍රමාණය පර්චස්‌ 15 ක්‌ තරම් ඇති.

කොහොමහරි විවිධ කාලවලදී විවිධ දේවලට භාවිතා කළ තාරකා කොටුව දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාතර දිස්‌ත්‍රික්‌ කෞතුකාගාරය ලෙස භාවිතා කරනවා.


ඕලන්ද වෙළෙඳ මධ්‍යස්‌ථානය



ලන්දේසීන්ගේ මාතර වෙළෙඳ මධ්‍යස්‌ථානය අපට හමුවන්නෙ නූපේ හන්දියේදී. එකල මාතරට ගෙන ආ විදේශීය බඩු භාණ්‌ඩත්, ලංකාවෙන් පිටරටට ගිය බඩු භාණ්‌ඩත් එකතු වූ මධ්‍යස්‌ථානය තමයි මේ ස්‌ථානය. ඉංග්‍රීසි "ඹ" අකුරක හැඩයට ගොඩනැඟිලි තුනකින් සමන්විත මෙය මාතරදී අදත් දැකබලා ගත හැකියි.


සරම්මුදලි වලව්ව රැ රාහුල විදුහල



අද ප්‍රකටම හා උසස්‌ම පාසලක්‌ වන මාතර රාහුල විද්‍යාලය කලෙකට ඉහතදී ප්‍රකට වළව්වක්‌. ඒ සරම් මුදලි නොහොත් සේරම් මුදලි වළව්වයි. ගංගා රෝහණ වර්ණනාව වැනි ප්‍රකට කවි පොත් ලියූ සරම් මුදලිවරයා, මාතර යුගයේ දිවිගෙවූ කවියෙකු ලෙසයි ප්‍රකටව සිටියේ.


වේරගම්පිට රජ මහා විහාරය



අපි පසුගිය සතියෙ කිව්ව ගජමන් නෝනා කාව්‍යකරණය කළේත් ජෝන් ඩොයිලි සිංහල ඉගෙන ගැනීමටත් සම්බන්ධ වේරගම්පිට පන්සලේ සේයාරුවක්‌ තමයි මෙහි දැක්‌වෙන්නේ. ප්‍රකට පැවිදි පඬිරුවනක්‌ වූ කරතොට ප්‍රඥ්Æසීහ නාහිමියන් වැඩවාසය කළේත් මේ පන්සලේ තමයි.

වෙහෙරහේන



වට වන්දනාවේ යන අයට අමතක නොවනම තැනක්‌ තමයි වෙහෙරහේන. ඉතින් අපිත් මාතර ගමනේදී වෙහෙරහේන පූර්වාරාම විහාරස්‌ථානයටත් ගොඩවැදුණා. අසූ අට රියන් පිළිම වහන්සේත්, මහල් විහාරස්‌ථානයත්, පොළෝ ගැබ තුළ නිර්මාණය කර ඇති බිතු සිතුවම්, පිළිම සහිත විශ්මිත විහාරයක්‌ බෞද්ධයින්ට වගේම සංචාරකයන්ටත් කිසිදා අමතක නොවන තැනක්‌. විහාරයේ නිර්මාතෘ පරවාහැර රේවත නාහිමිත් මේ අවස්‌ථාවේ අපි නමස්‌කාර පූර්වකව සිහිපත් කළ කළ යුතුයි.


දෙවුන්දර ප්‍රදීපාගාරය



අපේ රටේ හතර කොන මනින මග ලකුණු අතර, දෙවුන්දර ප්‍රදීපාගාරයට හිමිවන්නේ ප්‍රධාන තැනක්‌. මේ ප්‍රදීපාගාරය තමයි ලංකාවේ උසම ප්‍රදීපාගාරය. 1878 දී තනා ඇති මෙහි උස අඩි 160 ක්‌. යුරෝපීයන් මෙය හඳුන්වා තිබෙන්නේ "ඩොන්ඩ්‍රා ලයිට්‌ හවුස්‌" නමින් ඒ "දෙවුන්දර" කියන හින්දම වෙන්න ඇති. කොහොමවුනත් ගල්වලින් නිර්මිත මෙය, විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයකින් සමන්විතයි. ඒ අසලම තමයි ලංකාවේ දකුණු කෙළවර සලකුණු කරපු "මායිම් ගලත් තියෙන්නේ.


දෙවිනුවර රජ මහා විහාරය



දෙවිනුවර රජ මහා විහාරය පිහිටල තියෙන්නේ දේවාලයට යාබදවයි. විසල් හිටි පිළිම වහන්සේ සමඟ ගාලු හම්බන්තොට මාර්ගයට දිස්‌වන මේ විහාරයන් පණ්‌ඩිත පරාක්‍රමබාහු සමයේදී විශාල දියුණුවකට ලක්‌ව තිබෙනවා. රට වෙනුවෙන් නැගී සිටි භික්‍ෂූන් වැඩසිටි තවත් එක්‌ පිංබිමක්‌ තමයි මෙම දෙවිනුවර විහාර බිම.


දෙවිනුවර විශ්ණු දේවාලය



මාතර නගරයේ ඉකුත් සතියේ ගත කළ අපි වෙරළ උද්‍යානය දිගේ ඇවිත් ළඟා වුණේ "බ්‍රවුන්ස්‌ හිල්" ප්‍රදේශයට. එතැනින් කිලෝ මීටර් තුනක්‌ විතර ගියාම තමයි දෙවිනුවර හමුවන්නේ.

දෙවිනුවර කාරණා කිහිපයකටම ප්‍රසිද්ධ ස්‌ථානයක්‌. ඉන් ප්‍රධාන තැනක්‌ ගන්නේ දෙවිනුවර මහා විෂ්ණු දේවාලය. උපුල්වන් විෂ්ණු දෙවියන් වැඩ වාසය කරන පුද බිම නොහොත් ප්‍රධාන දෙවොල් බිම තමයි මේ දෙවිනුවර.

රාවණ-රාම යුද්ධයෙන් පස්‌සේ, ක්‍රිස්‌තු පූර්ව පස්‌වැනි සියවසේ මේ දේවාලය බිහිවුණු බවයි කියන්නේ. දකුණේ යුව රජකුව හිටි දාපුලුසෙන් (ක්‍රි.ව. 664) රජුට හීනෙන් ඇවිත් කීව කෙනෙක්‌ මුහුදේ පාවී එන කිහිළි කොටයක ප්‍රතිමාවක්‌ හදා පූජා කරන්නට නියමයක්‌ කර ඇති බව ජනප්‍රවාදයේ එනවා. ඒ අනුව කිරල වැල්ලට මුහුදේ පාවී ආ සඳුන් කොටයක්‌ මඟුල්වැල්ලට ගෙනවිත් දේව රූපය හදන්න කෙනකු හොයන විට විශ්වකර්ම දේව පුත්‍රයා මහලු වේෂයක්‌ මවාගෙන ඇවිත් රූපය නෙළන්න රජුගෙන් අවසර ඉල්ලුවලු. ඒ සඳහා රහස්‌ තැනක්‌ දෙන ලෙසත් ඉල්ලුවලු. කොහොමහරි පහුවෙනිදා බලද්දී අර පුද්ගලයා හිටියේ නැතිලු. දේව රූපය නිමාකරල තිබිල තියෙනවා. ඒ පිළිමය තැන්පත් කරල තමයි මෙතන දේවාලය පටන් ගත්ත කියල කියන්නේ. ඒ දෙවිනුවර දෙවොල් බිම "ජය භූමියක්‌" බවට පත්වෙලා තිබුණ නිසාලු. මෙහෙම ගොඩනැඟුණු දෙවිනුවර විශ්ණු දේවාලය ක්‍රි.ව. 1257-58 වර්ෂ වලදී පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේදී යළිත් ප්‍රතිසංස්‌කරණය කර පෙරහැර පටන් ගෙන තිබෙනවා. ඒ රජුගේ ඇතිවුණු නිමා නොවුණු හිසේ රුදාවක්‌ සුවකර ගන්න අගමැතිවරයා වූ දේව පතිරාජ ඇමැතියා දේවාලයට භාරයක්‌ වුණාලු. ඒ භාරය අනුව හිසේ රුදාව නිමාවූ බවත් ඉන්පසු පෙරහැර පටන් ගෙන ප්‍රතිසංස්‌කරණය කළ බවත් කියනවා. නමුත් ඊට පෙර 1586-87 දී පෘතුගීසින් දේවාලය විනාශ කර වෙරළබඩ විහාරවල තිබූ ඇත් දළ, මුතු මැණික්‌ නැව් හතක පුරවාගෙන යද්දී නැව් හතම මුහුදු බත්වූ බව කියනවා. ඒ විතරක්‌ නෙමේ අර සඳුන් දේව ප්‍රතිමාවත් හිස කපා විනාශ කරාලු.

පෘතුගීසීන්ට මේ දේව ප්‍රතිමාව විනාශ කරන්න තවත් ප්‍රධාන අවශ්‍යතාවක්‌ තිබුණාලු. මේ දේවාලය මුහුද දෙසට මුහුණලා පිහිටීමත්, ප්‍රධාන නැව්මාර්ග තුනක්‌ යාවන දකුණු මුහුදට මුහුණලා පිහිටීමත් හේතුවෙන් පෘතුගීසීන්ගේ නැව් විශාල ප්‍රමාණයක්‌ මේ අවටදී මුහුදු බත් වුණාලු. ඉතින් ප්‍රතිමාවේ දෘෂ්ඨිවිතානය වෙනස්‌ කරන්නත් එක්‌ක ප්‍රතිමාව කපා පහත් කර ඇති බව තමයි ප්‍රධාන කපු මහතා අප සමග කීවේ.

පෘතුගීසී හමුදාවන්ගේ ග්‍රහණයට ලක්‌වුණු වෙරළබඩ කලාපය කොළඹ සිට දෙවුන්දර දේවාලය දක්‌වා වෙහෙර, විහාර, දේවාල විනාශයට ලක්‌වුණු බව තමයි කියන්නේ. කොහොම වුනත්, ආයිමත් ලන්දේසි යුගයේදී එනම් 1728 දී නැවත දේවාලය ගොඩනගල පුද පූජා පවත්වලා තියෙනවා. පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ හදපු දේවාලය නැවත 1955 දී ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා. දැන් අපි දකින්නේ ඒ විශ්ණු දේවාලය තමයි.


රාවණ - රාම හටන

ලාංකීය රාවණයන් සහ දකුණු ඉන්දියාවේ රාමයන්ගේ සුප්‍රකට "රාවණ - රාම යුද්ධය" අපි බොහෝ දෙනෙක්‌ අසා තිබෙනවා. ඒ යුද්ධය සිදුවූ යුද බිම ලෙස සැලකෙන්නේත් මේ දෙවිනුවරම තමයි. අවසන් සටනේදී රාම විසින් දුනුදිය ඇද මුදා හැරී හී පහරෙන් රාවණයන් මැරී වැටුණේ මෙතැනදීලු. එහිදී "ජයබිමක්‌" වූ තැන මෙසේ දේවාලය ඉදිකළාලු. ඒ "උප්පලවණ්‌න" දෙවිඳුන් උදෙසාය. නැතහොත් විෂ්ණු දෙවිඳු උදෙසාය.


ගල්ගේ



රාවණයන් මිය ගිය තැන ඊට මීටර් ගණනක්‌ එපිටින් පිහිටියේලු. ඔව්, ඔය කියන තැනත් අපි හොයාගෙන ගියා. ඒ තමයි තරමක්‌ නුදුරෙන් තියෙන ගල්ගේ කියන තැන. තනිකරම ගලෙන් නිමවා ඇති මෙය අපට සිහිකරන්නේ නාලන්දා ගෙඩිගේ. පොළොන්නරුසම්ප්‍රදායට තනා ඇති මෙතැනත් දේවාලයක්‌ වගේ දිස්‌වුනත්, පාලු හුදකලාවේ පවතින්නේ පුරාවිද්‍යා රැකවරණය යටතේ. කැලණියේදී රාවණයන්ගේ සොයුරු විභීෂණ දෙවිඳුන් වැඳ පටන්ගත් අපගේ ගවේෂණ චාරිකාව අද දෙවුන්දරට ළඟා වෙද්දි ඊටම සම්බන්ධ කතාවකින් මේ මග සලකුණු පසුකරන්න ලැබීම එක්‌ අතකින් ඉතිහාසය ගවේෂණයක්‌ වගේ.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - කේ.එච්. පියසේන දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/02/06
Back to top
View user's profile Send private message
uchitha
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Nov 17, 2010
Posts: 3301
Location: italy

PostPosted: Sun Feb 20, 2011 9:20 am    Post subject: Re:

thanks chajee,
mama me vage article ekathu karanava.
thanks Very Happy
_________________
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 9:20 am    Post subject: Re:

කැස්‌බෑවන්ගේ අභය බිම
රැකව

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


දෙවුන්දර තුඩුවෙන් සමුගෙන අද අපි අපේ ගමනේ දෙවැනි අදියරට පා තබනවා. ඒ තංගල්ලෙ රැකව මුහුදු වෙරළේ කඳවුරු බැඳගෙන. කොළොම් තොටෙන් පටන්ගෙන දකුණු දිග ඔස්‌සේ නැගෙනහිරට යන ගමනේ අපි තාමත් ඉන්නෙ දකුණු පළාතේ. ඒත් අපි මාතර පහුකරල. දැන් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට ඇවිල්ලා. තවත් නොබෝදිනකින් හම්බන්තොට නගරයට අපි ළඟාවෙනවා.


වාර්තාගත සැතපුම් කණුව
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


දෙවිනුවර පූජා භූමි නගරය ආසන්නයේදී අපට තවත් වැදගත් මං සලකුණක්‌ හමුවෙනවා. ඒ, තමයි 103 වැනි සැතපුම් කණුව, මේ කණුව අඩි හතක්‌ පමණ උසයි. 1808 දී ග්‍රෑන්ඩ් විල් නමැති ඉංග්‍රීසි ජාතිකයා තමයි මෙය පිහිටුවා ඇති බව කියන්නෙ. ලංකාවේ මෙවන් උස සැතපුම් කණුවක්‌ තවත් හමුවන්නේ නැති බවයි අපට ආරංචි වුණේ.


හුම්මානය / Blow hole
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


දෙවුන්දර තුඩුව පහුකරල තවත් දකුණට යනකොට අපිට ගන්දර කුඩාවැල්ල ප්‍රදේශ හමුවෙනවා. මේ කුඩාවැල්ල ප්‍රදේශය මුහුදු වෙරළේ සුවිශේෂී භූ පිහිටීමකට ඉතාම ප්‍රකටයි. ඒ තමයි අපි කවුරුත් දන්න "හුම්මානය". කුඩාවැල්ලෙන් හැරිල කිලෝමීටර දෙකක්‌ විතර ගියාම හුම්මානයට ළඟා විය හැකියි. කිලෝමීටරයක්‌ විතර වාහනයකින් ගිහිං, වාහන මග නවත්තල තමයි හුම්මානයට, නැත්නම් කුඩාවැල්ලට පයින් යන්න තියෙන්නේ. හුම්මානය අපට හුරුපුරුදු තැනක්‌ වුණාට, රට වටා ගවේෂණ චාරිකාවේදීත් අපි හුම්මානය බලන්න ගියා.

මෙතැන මුහුදට තියෙන්නෙ දළ බෑවුමක්‌. ගල්පරවලින් සමන්විතයි. කුඩා කඳුගැටයක්‌ මත ඉඳන් බලන්න තියෙන මේ "හුම්මානය" කියන්නේ ගල් දොබොක්‌කාවක්‌ අතරින් එන වේගවත් රළ පහරට ජල කඳක්‌ ඉහළට විදීමයි. හරියට වතුර මලක්‌ මෙන් ඉහළට විඳින ජල කඳ පෙණපිඬු වගේම, පිනි වළාවක්‌ හදල ආයිමත් ගල් දෙබොක්‌කාවට වැටෙනවා. මේ වගේ දුලබ, වටිනා ස්‌ථාන අපේ රටට ආඩම්බරයක්‌. සංචාරකයින් ආකර්ෂණය කරන්නා මෙවන් තැන් මගින් අපේ රටට විදේශ විනිමයන් එකතුවෙනවා. අපි යනකොටත් හුම්මානය බලන්න සැලකිය යුතු සංචාරක පිරිසක්‌ එහි පැමිණ සිටියා. ඇත්තටම වේගයෙන් ආ රළ දහරක්‌ වැදී සංචාරකයින් අමන්දානන්දයට පත්කරමින් "හුම්මානයේ" වතුර මල" ක්‍රියාත්මක වුණේ අප හැමගේම අත්පොලසන් හඬ මැද්දේ.


වැව්රුකන්නල
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


බුදු පිළිමය නිර්මාණය කිරීම ඇතුළු මේ විහාරයේ ඉතිහාසය කතාව අපට කිව්වේ විහාරාධිපති ආචාර්ය දික්‌වැල්ලේ තිස්‌ස නාහිමියන්.

මේ විහාරය බිහිවෙලා තියෙන්නේ මහනුවර යුගයේදී. රාජාධිරාජසිංහ රජුගේ සහ මඩකුඹුරේ වාසල දේවියගේ පුත්, කිරින්දේ සිරි සීලානන්ද සංඝරතන නමින් වෙස්‌වලාගෙන පැවිදිවෙලා හිටිය කියන්නේ මේ වැව්රුකන්නල විහාරය හැදුව නැත. එදා එල්ලවුනු සතුරු ආක්‍රමණයන්ගෙන් බේරෙන්න. රාජකුමාර හාමුදුරුවෝ නමින් ප්‍රකට වුනු ඒ හාමුදුරුවන්ට සීලානන්ද නම ලැබුණෙ ගම්පල තමන් දිවිගෙවූ සුදස්‌සනානන්ද වලව්ව හින්දලු. කොහොමහරි අමුරපුර නිකාය පිහිටුවීමේලා කිරින්දේ හිමියන් සැලකිය යුතු මෙහෙයක්‌ ඉටුකළ බව අපට විහාරාධිපති හාමුදුරුවන් කිව්වෙ කැලණියේ තියෙන සෙල්ලිපියක්‌ ගැන සිහිපත් කරමින්. කිරින්දේ හාමුදුරුවන් තමයි වැව්රුකන්නල විහාරයේ දාගැබ තනවා එහි ධාතූන් නිධන් කර ඇත්තේ. එදා පටන් ගත්ත සති පිරිත් දේශනය අද දක්‌වාත් මෙහි සිදු කරනවාලු.

1839 දී පිරිත් මණ්‌ඩපයක්‌ හැදුව විහාරාධිපති වැලිහිටියේ සිරි සුමන හාමුදුරුවෝ සති පිරිත් දේශනය තවත් උත්කර්ෂවත්ව කර තිබෙනවා. ඒ හදපු පිරිත් මණ්‌ඩපය අදත් විහාරයේ තියෙනවා. අදත් පිරිත් කියන්නේ ඒ මණ්‌ඩපයේ තමයි. දැන් ඊට වසර 171 ක්‌.

සම්බුලා ජාතක කතාව, දීඝිති කෝසල ජාතක කතාව, නව මයුර සංදේශය වැනි ග්‍රන්ථ රැසක්‌ රචනා කළ වැලිහිටිය හාමුදුරුවෝ වියත් පඬිරුවනක්‌.

1899 පසු විහාරාධිපතිධුරයට පත් බත්ගම සිරි සද්ධාතිස්‌ස හාමුදුරුවෝ වත්මන් විහාර ගෙය ගොඩනැඟුවා. පොළොන්නරු යුගයෙන් පසු බිහිවූ වටිනාම විහාර කර්මාන්තය මේ බවයි විද්වතුන් කියා සිටින්නේ. බත්ගම හාමුදුරුවන් මැව්ව සිහිනයක්‌ තමයි මේ වැව්රුකන්නල විසල් පිළිමය. ඒ සඳහා 1914 අප්‍රේල් 21 වැනිදා "ලක්‌මිණි පහන" පුවත්පතේ දැන්වීමක්‌ පවා පළකරල අසු අට රියන් පිළිමයක්‌ තනන්නට උන්වහන්සේ කටයුතු කරල තියෙනවා. ඒත් ඒ සිහිනය ඉටු නොවීම උන්වහන්සේ 1955 දී අපවත් වුණා. ඉන් පස්‌සේ විහාරාධිපති වුණු දික්‌වැල්ලේ සිරි විමලතිස්‌ස හාමුදුරුවෝ තම නායක හිමියන්ගේ සිහිනය ඉටු කරමින් රියන් සියයක (අඩි 150) පිළිමය තැනුවේ 1966 - 69 දී අවුරුදු තුනක්‌ වැනි කෙටි කාලයකදී.


ලංකාවේ යෝධ ඔරලෝසුව
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


ලංකාවේ ලොකුම ඔරලෝසුව තියෙන්නෙත් වැවුරුකන්නල විහාරායේම තමයි. මේ ඔරලෝසුව විහාරයට ගෙනල්ල තියෙන්නේ බත්ගම හාමුදුරුවෝ ඒ, 1928 දී හාමුදුරුවෝ දවසක්‌ මග්ගොන මඩමෙ නතර වුණා. එදා රාත්‍රිය පුරා පැයෙන් පැයට ඝණ්‌ඨාර නාදයක්‌ ඇහුනලු. ඒ ගැන විපරම් කරද්දී තමයි දැනගෙන තියෙන්නේ මේ ඔරලෝසුව ගැන. මග්ගොන එලාරිස්‌ ද සිල්වා වඩු ආරච්චිල තමයි මේකෙ නිර්මාණකරුවා. ජර්මන් තාක්‍ෂණය ඇති වයින්කරන ඔරලෝසුවක්‌ දැකල ඒකට ලී වලින් අනුරුවක්‌ හදපු එලාරිස්‌ ද සිල්වා වඩුතැන, ඒ සඳහා ඉන්දියාවෙන් දැති රෝද වක්‌කරගෙන ඇවිත් තමයි මේක හදල තියෙන්නෙ. කාමරයක ඉඩක්‌ ඕන මේ ඔරලෝසුව වයින්කරල තිබ්බම. කිලෝගණක බරකින් තමයි වැඩකරන්නෙ. බලන්න රටක්‌ විටින මේ නිර්මාණය වැව්රුකන්නල විහාරයේ කෞතුකාගාරයේ තියෙනවා. වෙලාවත් තවම දුවනවා. බත්ගම හාමුදුරුවෝ එලාරිස්‌ වඩුතැනගෙන් මේක ගෙනැල්ල තියෙන්නෙ රුපියල් 3000 කට. ඒ 1928 දී.


කුමාරතුංග මුණිදාසයන්
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


හෙළ බසට මහත් සේවාවක්‌ ඉටුකළ කුමාරතුංග මුණිදාසයන් අපට කිසි සේත් අමතක කළ නොහැකි චරිතයක්‌. එතුමන්ගේ උපන් ගමත් දික්‌වැල්ල. ඔහු මූලික අධ්‍යාපනය හැදැරුවෙත් අකුරු කෙරුවෙත් වැව්රුකන්නල බුදුරද විහාරයෙන් බව අපට කිව්වේ විහාරයේ විද්‍යාතුංග විද්‍යාතන පිරිවෙණේ පරිවේණාධිපති සහ එහි සිංහල සමිතියේ සභාපති කරතොට පඤaඤdශීල හාමුදුරුවෝ. කුමාරතුංග මුනිදාසගේ පියා දොන් අබියස්‌ කුමාරතුංග පන්සලේ ප්‍රධාන දායකයෙක්‌ වෙලා හිටියා. ඔහු මෙහි පැවති සුදස්‌සන පිරිවෙණේ ඉගෙන ගත්තෙ වෛද්‍ය විද්‍යාව. පස්‌සෙ ආරම්භ වුණු විද්‍යා චක්‍ර පිරිවෙණේදී තමයි පුත් කුමාරතුංගයන් සංස්‌කෘත හා පාලි ඉගෙන ගෙන තියෙන්නෙ. කොහොමහරි දිsක්‌වැල්ලේ සිරි විමලතිස්‌ස හිමියන්ද ඇතුළුව කුමාරතුංග මුණිදාසයන් හෙළ හවුල ආරම්භ කර සාහිත්‍යට හා භාෂාවට අපමණ සේවාවක්‌ සිදු කළා. අද ඔහුගේ නිවස දික්‌වැල්ලේ දක්‌නට නැති වුණත්, ඒ ඉඩම පිහිටි තැන පසුව ඉදිවුණු කුමාරතුංගයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ ස්‌මාරකය බලන්න අපි අමතක කළේ නෑ. ඒත්, එය කැලෑවට යටවෙලා. ඉඩම වල් බිහිවෙලා. ඇයි මෙතන පුරාවිද්‍යා බලධාරීන්ට, ජාතික උරුමයන් පිළිබඳ බලධාරීන්ට අමතක වෙලාද?


තංගල්ල කොටුව / ධීවර වරාය
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


තංගල්ලට ආපු අපි එහි සුන්දර වෙරළ තීරයේත්, වෙරළ උද්‍යානයේත් සැරිසරා ඡායාරූප ගැනීමෙන් පස්‌සේ ගියේ පැරණි ලන්දේසි කොටුවට. ඒක දැන් තංගල්ල බන්ධනාගාරය බවට පත්වෙලා. ඒ හින්ද අපට එහි ඡායාරූපයක්‌ ගන්න බන්ධනාගාර නිලධාරීන් අවසර ලබා දුන්නේ නෑ. කොටුපවුරු බලාගෙන කොටුවේ තියෙන පොලිසිය, නාවික කඳවුර බලාගෙන ඊළඟට අපි ගියේ තංගල්ලේ තියෙනවා කිව්ව පැරණි ඉංග්‍රීසි කාලේ එල්ලුම් ගහ හොයා ගෙන. ඒත් එහෙම දෙයක්‌ තංගල්ලෙදී අපට හමුවුණේ නෑ.

තංගල්ල ධීවර වරාය

බේරුවල, වැලිගම, මිරිස්‌ස, දෙවිනුවර වගේම තංගල්ල ධිවර වරායත් අපට අමතක කරන්න බැරි තැනක්‌. වෙරළ උද්‍යානයට යාබදව පිහිටා තියෙන මේ ධීවර වරායටත් ගොඩවැදිල, එහි දිය කඩනය දිගේ ගිහිං වරායෙ අසිරියත් අපි නැරඹුවෙ. මුහුදේ අස්‌වැන්න ගොඩදාන්නට තංගල්ල ධීවරයන් ගන්නා දහදිය මහන්සිය ගැනත් වචනයක්‌ හෝ ලිවිය යුතුව ඇති නිසා.


රැකව අභය භූමිය
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


තංගල්ල නගරය මැදින් ගලා බහින කිරම ඔය පසුකර ඊට පස්‌සෙ අපි දකුණු දෙසට ඇදුනෙ රැකව වෙරළ තීරයට යන අදිටනින් වැහි දිනයක්‌ වුණත්, රැකව වෙරළ තීරයට යන්න අපට එය වැඩි බාධාවක්‌ වුණේ නෑ.. ඇත්තටම රැකව ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වෙරළ තීරයක්‌. රැකව කළ පුවත් රැකව වෙරළත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නෙ කැස්‌බෑවුන්ගේ නිජබිමක්‌ විදිහට. ලංකා වේ කැස්‌බෑවන් ගේ පාරාදීසය විදිහට සලකන්නෙත් රැකවම තමයි. මේ නිසාම තමයි "ලංකාවේ ප්‍රථම කැස්‌බෑ අභය භූමිය" විදිහට 2006 දී රැකව නම් කළෙත්. මේ අභය භූමියේ විශාලත්වය අක්‌කර 677 ක්‌. මේ අභය භූමිය විවෘත කළ දවසෙත් අපි හිටියෙ රැකව වෙරළ තීරයේ බව අපට දැන් වගේ මතක්‌ වෙනවා.

තංගල්ලෙ ඉඳල රැකවට කිලෝමීටර් හතක්‌ විතර තියෙනවා. එහි දැන් රජය මගින් හා පෞද්ගලික අංශය මගිනුත් කැස්‌බෑවන්ගේ කැදලි සංරක්‍ෂණය සඳහා ව්‍යාපෘති ක්‍රියාවට නැඟෙනවා.

කැස්‌බෑවෝ

බිත්තර දැමීමට ශ්‍රී ලංකාවට එන කැස්‌බෑ විශේෂ පහ අතරින් රැකවදී හතර දෙනෙක්‌ම ප්‍රධාන වශයෙන් දැකගත හැකියි. ඒ කොළ කැස්‌බෑවා, බටු කැස්‌බෑවා, දාර කැස්‌බෑවා, ඔළුගෙඩි කැස්‌බෑවා යන විශේෂ. දාර කැස්‌බෑවා, මුහුදු කැස්‌බෑවන් අතර විශාලතම කැස්‌බෑවද වෙනවා. කැස්‌බෑවන් සාමාන්‍යයෙන් තමන් උපන් වෙරළටම බිත්තර දැමීමට පැමිණීම සිරිතක්‌. මේ පුරුද්ද අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ පවතින්නක්‌ නිසාත්, රට රටවල් අතර සබඳතා පැවැත් වූ "තානාපති" සතුන් අතර සංචාරක කුරුල්ලෝ සහ කැස්‌බෑවන් සිටින නිසාත්, අපි හිතන්නෙ මිනිසා නම් වන අපිටත් වඩා, රැකව වෙරළේ අයිතිය තියෙන්නෙ මෙසේ එන කැස්‌බෑවන්ට. ඒ හින්ද හෙට දවසෙදිත් රැකව ආරක්‍ෂාවිය යුතු බිම් තීරයක්‌. අද රැකවදී කඳවුරු බඳින අප එයත් ඔබට සිහිපත් කරමින් මේ සුන්දර වෙරළට පෙම් බඳින්නේ ලබන ඉරිදා තවත් මෙවැනිම වටිනා තැනක ඉඳ ඔබ හමුවෙන බලාපොරොත්තුවෙනි.


GPS ඛණ්‌ඩාංක

දෙවුන්දර තුඩුව

N - 50 55" 12.8""

E - 800 35" 35.0""

හුම්මානය

N - 50 58" 52.6""

E - 800 44" 09.4""

රැකව

N - 60 03" 07.1""

E - 800 51" 58.9""


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/02/13
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka All times are GMT + 10 Hours
Goto page 1, 2, 3 ... 9, 10, 11  Next
Page 1 of 11

 
Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group