Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Navigation
 Home

 Search

 Discussions
 Forums
 Shout Box
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites






Keep SLU Alive



Live Radio
Selected station:
No choice made yet



<a href=''>Play No choice made yet</a>

PopUp


Network

Birthdays

Birthdays today:
31.10: Dumith Salinda
31.10: neelaka


Enter your Birthday

SL-Unlimited :: View topic - Wijayage gathakaya alluwe mehemai (Pg:2)
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Wijayage gathakaya alluwe mehemai (Pg:2)
Goto page Previous  1, 2
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Movies & Stars
View previous topic :: View next topic  
Author Message
thanujasjp
UNLIMITED Welcome
UNLIMITED Welcome


Joined: Nov 18, 2010
Posts: 239
Location: Colombo

PostPosted: Thu Jan 13, 2011 1:16 am    Post subject: Re:

Mewage films karanakota api kawadawath dekala nethi famous nethi characters gatthanam hari. Mokada meyala mewage act karanakota apita niyama hengeema enne nee.. mokada meyala eka eka welawata amuthu charitha walin api tv eke dakinawane... ithin meka kohomath mawa peemak kiyala hithenawa...
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Fri Jan 28, 2011 7:19 am    Post subject:

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


Source : Divaina 2011/01/28
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sat Feb 05, 2011 7:04 am    Post subject:

සදාදරණීය කලාකරු එච්.ඒ.පෙරේරාගේ අභාවය සිදුවී වසරක් පිරීම නිමිත්තෙනි.

එච්.ඒ. නම් වූ සුන්දර මිත්‍රයා


එච්.ඒ.පෙරේරා නාට්‍යකරුවකු ලෙස ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවකු ලෙස සාහිත්‍යධරයකු ලෙස රටම හඳුනාගත්ත ද ඉන් ඔබ්බට ගිය තාක්ෂණ ඥානයකින් පිරිපුන් හෘදයාංගම මිත්‍රයකු ලෙස ඔහු මම හඳුනා ගත්තේ මීට වසර 15කට පමණ පෙර අප කාර්යාංශයේ පරිපාලන නිලධාරියකු වූ තවත් සොඳුරු කලාකරුවකු සහ සැබෑ මිත්‍රයකු වූ සේනක පෙරේරා මහතා මඟිනි.
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!



මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ඉදිකිරීම් අංශයේ ආරම්භයත් සමඟම ඉංජිනේරුවන්ට තාක්ෂණික නිලධාරීන්ට ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගෙන යාමට සේනක පෙරේරාත් එච්.ඒ.පෙරේරාත් එක්ව විවිධ වැඩබිම්වල අප සමඟ කලාත්මක සංග්‍රහ පැවැත්වූහ.

සේනකගේ අකල් වියෝවින් පසු මේ කාර්යභාරය තමන් විසින් කෙසේ හෝ ජාතික අවශ්‍යතාවක් ලෙස මේ ඉංජිනේරුවන් වෙනුවෙන් තවදුරටත් පවත්වාගෙන යන බව එච්.ඒ.පෙරේරා මහතා මට පොරොන්දු වූයේ සේනකගේ දේහය ඉදිරිපිටදීමය. එය එසේම සිදුවිය. ඔහු අප කාර්යාංශයේම සහෝදරයකු මෙන් මා සමඟ රට පුරා තම කාලය වැයකරමින් ඈත පළාත්වල වැබිම්වලට ගියේය. ඇතැම් දිනවල පාන්දරම බොහෝ දුරබැහැර සිට කොළඹට පැමිණ ඔහුගේ රාජකාරි ස්ථානය වූ ටෙලිකොම් ආයතනය වෙත ළඟා විය.

ඔහු මා සමඟ කථා කළේ කලාවම නොවේ. නොයෙකුත් ඉංජිනේරු ශිල්පයන් සහ බුද්ධාගමේ ඇති හරවත් අර්ථයය.

ඔහු බෞද්ධයකු නොවූවද බුද්ධාගම පිළිබඳ මට වඩා ඉගෙන ගෙන තිබූ බැවින් ඉංජිනේරුවරයකු නොවූවද එවකට ඉංජිනේරු විභාග පිළිබඳව පොතපත කියවා විශාල දැනුමක් ලබා තිබීම ඇතැම් අවස්ථාවල ඔහු මගෙන් අහන ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ප්‍රශ්නවලට මට පිළිතුරු දීමට අපොහොසත් වන විට මා කළේ ඔහුගෙන් ගැලවීමට මෙය එච්.ඒ.ට තේරුණේ නෑ කියා මඟහැරීමයි.

මේ අසහාය කලාකරුවාට මෙතරම් බහුශ්‍රැත දැනුමක් ලැබුණේ කෙසේ දැයි අප සහෝදර ඉංජිනේරුවන්ට පවා මවිතයක් ඇතිවූ අවස්ථා එමටය. ඔහු මට මගේම සහෝදර ඉංජිනේරුවෙකි. එමෙන්ම සීඊසීබී ආයතනයේම සාමාජිකයෙකි.

දැනට අවුරුදු කිහිපයකට පමණ පෙර පරාක්‍රම නිරිඇල්ල ජනකරළිය වැඩසටහන පටන්ගත් දින සිටම ඔවුන් දෙදෙනාම එම මාතෘකාව ගැන මා සමඟ ඬතර නිතර කථා කළෙමි. පරාක්‍රම සමඟ ඔහු ඒ සඳහා කැපවුණේය. .

එච්.ඒ.පෙරේරා මා සමඟ දීර්ඝ ගමනක් අවසන් වරට ගියේ මැණික් ෆාම් හි අවතැන් කඳවුරුවලටය. සීඊසීබී ආයතනය එහි ඉදිකිරීම් කටයුතුවලින් 75% පමණ භාරව කටයුතු කළ අතර මම කොළඹ සිට ඔහු එහි රැගෙන ගියේ ඒ මිනිසුන්ගේ කථා වස්තු මුල් කරගෙන ප්‍රභාකරන් කළ භීතිය පිළිබඳව යම් නිර්මාණයක් කිරීමේ අදහසින් හා එහි දිවා රෑ නොබලා වෙහෙස වී වැඩකරන අපේ ඉංජිනේරුවන් හට යම් කලාත්මක අදහසක් ඇතිකිරීමේ අදහසිනි.

දෛවයේ සරදමකට මෙන් අවසන් වතාවට මා ඔහු සමඟ කොළඹ සිට මැණික් ෆාම් දක්වා පැය 8ක යන එන ගමන කථා කළේ මාරාන්තික පිළිකා පිළිබඳය. එවිට ඔහුට එවැනි උවදුරක් නොතිබුණි. පෙරළා අවුත් සතියකින් අවාසනාවන්ත ලෙස ඔහු එම රෝගයට ගොදුරු විය.

එච්.ඒ.පෙරේරා අසනීපව සිටින විට මා ඔහුට මට කළ හැකි යම් දෙයක් කළ ද මම ඔහු බැලීමට නොගියෙමි. ඒ මා හට ඔහුගේ මුහුණ බැලීම පවා දරාගත නොහැකි නිසාය. ඒ කෙසේ වෙතත් වාසනාවට මෙන් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ‘මැටි කරත්තය’ මංගල දැක්මෙහිදී මම මගේ මේ සහෝදර මිත්‍රයා අවසන් වරට දැක්කෙමි.

එච්.ඒ.පෙරේරා සහෘදයාණනි, ඔබ අප අතර නැති වුණත් අපේ ආයතනය යම් දියුණුවක් කරා එළඹ ඇත්නම් එයට ඔබත් දායක වූ බව නොරහසකි. සැබැවින්ම ඔබ අප හදවත් තුළ අමරණීය චරිතයකි. එච්.ඒ. පෙරේරා සහෘදයාණෙනි ඔබට නිවන් සුව පතමි.



නිහාල් රූපසිංහ

සභාපති – ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

සභාපති / ජනකරළිය

Source : Silumina 2011/02/05
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sat Feb 05, 2011 10:03 am    Post subject:

එච්.ඒ. නළුවෙක් පමණක් නොවේ
පරාක්‍රම නිරිඇල්ල එච්.ඒ පෙරේරා ගැන කතා කරයි


Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


විශිෂ්ට රංගධරයෙකු වූ එච්.ඒ.පෙරේරා අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිත්තෙන් ඔහුගේ ගුණානුස්මරණ උළෙලක් 80 අපි සංසදය, ජන කරළිය හා ටවර් හෝල් රඟහල පදනමේ මූලිකත්වයෙන් ලබන 5 දා සිට 7 වෙනිදා දක්වා පැවැත්වේ. ඔහුගෙන් නාට්‍ය කලාවට හා සමාජයට ඉටු වූ මෙහෙය පිළිබඳ ‘රඟ සොබා’ හා සංවාදයට එක් වූයේ එච්.ඒ.පෙරේරාගේ සමකාලීනයෙකු වන නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂක පරාක්‍රම නිරිඇල්ල ය.

* බොහෝ දෙනෙක් එච්. ඒ. පෙරේරා හඳුනාගනු ලබන්නේ රංගන ශිල්පියෙක් ලෙසයි. ඔබට ඔහු ගැන වෙනස් කියැවීමක් තිබෙනවාද ?
එච්. ඒ. ටෙලි නාට්‍යය හෝ චිත්‍රපට හඹා ගිය කලාකරුවෙක් නොවෙයි. ඔහු ඒවාට සම්බන්ධ වුණේ තෝරා බේරා ගැනීමෙන් පසුවයි. හුදු ජනප්‍රියතාවය හෝ තරුවක් වීමේ බලාපොරොත්තුවක් ඔහු තුළ තිබුණේ නැහැ. ඔහු තරුවක් වූවා නම් එසේ වූයේ චරිත නිරූපණය කිරීමෙන් ලබාගත් සාර්ථකත්වය මතයි. එනිසා ඔහු දීර්ඝ කාලීන ප්‍රතිඵල අපේක්ෂාවෙන් කටයුතු කළ රංගනවේදියෙක් ලෙස හැඳින්විය හැකියි.


* ඔබ හා එච්. ඒ. අතර දීර්ඝ කාලීන කලාත්මක පරිචයක් ගොඩනැගී තිබෙනවා. එය ඇතිවූයේ කෙසේද ?

1973 දී මම ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ පවත්වාගෙන ගිය ශිල්ප ශාලිකාවට සම්බන්ධ වුණා. මෙම වැඩමුළුව මෙහෙය වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ගාමිණි හත්තොට්ටුවේගම, ධම්ම ජාගොඩ වැනි ප්‍රවීණයන් රැසක්. එච්. ඒ. මට මුණ ගැසුණේ එම ශිල්ප ශාලිකාවේදි. ඉන් පසුව අප දෙදෙනාම නැවත වරක් 80 දශකයේ මුල භාගයේ ඩග්ලස් සිරිවර්ධනගේ මූලිකත්වයෙන් සෝවියට් කේන්ද්‍රයේ පවත්වාගෙන ගිය නාට්‍යය වැඩමුළුවක් ආශ්‍රයෙන් විවෘත කලාකවය නමින් කණ්ඩායමක් ගොඩනගා ගත්තා.

සෝවියට් කේන්ද්‍රයේ පවත්වාගෙන ගිය නාට්‍ය පාඨමාලාවට එච්. ඒ. පුහුණුකරුවෙක් ලෙසත් සම්බන්ධ වුණා. එතැන් සිට අපි දිගටම නාට්‍ය කටයුතු වල යෙදුණා. මේ අතරතුරේදී අප දෙදෙනා එක්ව ‘වරෙන්තුව‘ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඉන් පසුව අප දෙදෙනා එකතු වූයේ “ජන කරළිය” හරහායි. බහුවාර්ගික නාට්‍ය කණ්ඩායමක් ගොඩනගා ගැනීමේ අදහස අනුවයි අපි එම කණ්ඩායම ඇති කළේ. ඒ අනුව අපිට පුළුවන් වුණා එතෙක් සිංහල වේදිකා නාට්‍යය කලාව තිබුණු තැනින් ඉදිරියට යන්න.


* එච්. ඒ. නම් පරිවර්තකයා හා නාට්‍ය නිෂ්පාදකයා පිළිබඳ ඔබේ ආකල්පය කුමක්ද ?
නාට්‍ය පරිවර්තකයෙක් හැටියට එච්. ඒ. ගේ හැකියාවන් බාහිර ලෝකයා හැඳින ගත්තේ ‘වරෙන්තුව‘ නාට්‍යය හරහායි. දාරියෝ ෆෝගේ ‘ද ඇක්සිඩෙන්ටල් ඩෙත් ඔෆ් ඇනාක්‍රිස්ට්’ නාට්‍යයේ මුල් පිටපත සිංහලයට පරිවර්තනය කිරීමට චාල්ස් අබේසේකර ලබා දුන්නේ 1979 දී විතර. එච්. ඒ. ට මේ පිටපත ආශ්‍රයෙන් නාට්‍යයක් කිරීමට විශාල වුවමනාවක් තිබුණා. ඔහු හෙමින් හෙමින් නාට්‍යය පරිවර්තනය කිරීමට පටන් ගත්තා. ඔහු තුළ සැඟවී තිබුණු අනෙකුත් දක්ෂතා එළියට ගැනීමට අවශ්‍යතාවයක් මට තිබුණා. ඒ නිසා මම ඔහුට නාට්‍ය නිෂ්පාදනයට එක්වන්නැයි ඉල්ලා සිටියා. එච්.ඒ. කැමැත්තෙන් ඊට සම්බන්ධ වුණා. “වරෙන්තුව” නාට්‍යය වෙනුවෙන් ඔහුට හොඳම පරිවර්තනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීතය, රංගනය ඇතුළු සම්මාන 5 ක් හිමි වුණා.


* ඔහු මුල්වරට සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට මතු වන්නේත් ඔබගේ නාට්‍යය නිෂ්පාදනයක් හරහා නොවේද ?

එච්. ඒ. නාට්‍යය කිහිපයකටම සංගීත අධ්‍යක්ෂණය කිරීමෙන් සම්බන්ධ වී තිබෙනවා. ඔහුට නාට්‍ය සංගීතය පිළිබඳ පර්යේෂණාත්මක දැනුමක් තිබුණා. ඔහු ඒවා නාට්‍යය හරහා අත්හදා බැලුවා. සුසිල් ගුණරත්නගේ “නුඹ විතරක් තල එළලුයි” නාට්‍යයට ඔහු කළ සංගීත නිර්මාණය වෙනුවෙන් හොඳම නාට්‍ය සංගීතයට හිමි සම්මානය ලැබුණා. ඔහු කපිල කුමාර කාලිංගගේ “රයිනොසිරස්” නාට්‍යයටත් සංගීතය නිර්මාණය කළා. ඔහු මගේ නාට්‍යයකට මුලින්ම සංගීතය සැපයුවේ 1976 දී. එඩ්වඩ් ජයකොඩි හා සැම්සන් සිල්වා හා එක්ව ඔහු සෙක්කුව නාට්‍යය වෙනුවෙන් සංගීතය නිර්මාණය කළා. මා විසින්ම නිෂ්පාදනය කරන ලද “විනිශ්චය” නාට්‍යයේත් සංගීත අධ්‍යක්ෂවරයා එච්. ඒ. යි.


* ලාංකික වීදි නාට්‍ය කලාවේ ආරම්භක අවදියේ දී එච්. ඒ. අතින් පුරෝගාමී කාර්යයක් ඉටු වූවා නේද ?

ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවේ ඇතිවූ සබඳතා මත එච්. ඒ. මෙන්ම මා ද ගාමිණි හත්තොටුවේගම මහතා සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා. ඒ අනුව හත්තොටුවගම මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට අප දෙදෙනාම සම්බන්ධ වුවා. පසුව අප දෙදෙනා විවෘත කලාකවය නමින් වෙනම වීදි නාට්‍යය කණ්ඩායමක් ද ආරම්භ කළා. රංග භූමිය ප්‍රොසීනියම් වේදිකාවක් නොවන බවට අප අතර පොදු එකඟතාව තිබුණා. ජනතාව නාට්‍ය සොයා ගෙන රඟහල් වෙත පැමිණීම වෙනුවට රඟහල ජනතාව සොයා යා යුතු බව එච්. ඒ. විශ්වාස කළා. ඔහු ජන කරළිය ඇති කළේ මේ අරමුණ මතයි.


* වේදිකාවේ ක්ෂේත්‍ර රැසක පැතිරුණු දක්ෂතා ඇති රංග ශිල්පියෙක් වූ එච්. ඒ. නවකයන්ට එම අත්දැකීම් නොමසුරුව ලබා දුන්නා. ඔහු හා සමීපව ගනුදෙනු කළ කලාකරුවෙක් හැටියට ඔබට ඒ ගැන කීමට ඇත්තේ කුමක්ද ?

රංගන ශිල්පීන් පුහුණු කිරීමේ කාර්යයේ දී ඔහු අති දක්ෂයෙක්. කට හඬ, ශරීරය හැසිරවීම පිළිබඳ ඔහු නවක ශිල්පීන් වෙනුවෙන් අභ්‍යාස පැවැත්වූවා. රංගනය සාර්ථක කර ගැනීම සඳහා ඉහත කරුණු භාවිතයට ගත්තේ කේසේද යන්න ඔහු තම අත්දැකීම් ආශ්‍රයෙන් නවකයන්ට මැනවින් පැහැදිලි කර දුන්නා. නාට්‍ය හා රංග කලාව අධ්‍යාපන මාධ්‍යයක් ලෙස දරුවන්ගේ කුසලතාවයට හා සාමූහික ක්‍රියාකාරීත්වයට දිරිදීම සඳහා භාවිතා කරන ආකාරය පිළිබඳව ඔහු හම්බන්තොට, ත්‍රිකුණාමලය, පුත්තලම වැනි පහසුකම් අඩු ප්‍රදේශවල ගුරුවරුන් වෙනුවෙන් වැඩමුළු පැවැත්වූවා. එලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් මාස 3 ක් ඇතුළත ගුරුවරුන් වෙනුවෙන් වැඩ මුළු 53ක් පවත්වා තිබෙනවා.


චන්දන ජයවීර

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


Source : Dinamina 2011/02/04
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Fri Feb 11, 2011 6:34 am    Post subject: Wijaya Oba thawamath apa atharaya - 23 weni guna samaruwa

විජය ඔබ තවමත් අප අතරය
විජය කුමාරතුංගයන්ගේ 23 වැනි ගුණ සමරුව නිමිත්තෙන


Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

ප්‍රේක්‍ෂක හදවත් අමන්දානන්දයට
පත් කළ සිනමා පට රැසක රඟපෑ
පෙම් යුවළ විජය - මාලිනී.

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

විජය චන්ද්‍රිකා යුවළ - යශෝධරා හා විමුක්‌ති යන දරුවන් සමග එදා සිනමා සම්මාන උළෙලකට පැමිණි අවස්‌ථාව......

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


ඔහුගේ අකල් වියෝව පිළිබඳ පුවත සැළවන විට විශාරද, පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ස්‌වකීය "ආරාධනා" ප්‍රසංගය ගීත පටිගත කිරීමකට සූදානමින් සිටියේය. ඒ වේදනාබර පුවත අසා කම්පනය වූ හදින් යුතුව ඒ මොහොතේම අමරදේවයන් ඉහත ගීතය ලියා තනුවක්‌ යොදා එම වැඩ සටහනේ ගායනා කළේ ප්‍රසංගයේ නියමිත එක්‌ ගීතයක්‌ ඉවත් කරමිනි. හෙළයේ මහා ගාන්ධර්වයාණන් නිර්මාණය කොට ගැයූ ඉහත ගීතය මෙම සටහනේ පළමු ඡේදයට මම ඇතුළත් කළේ පොදු ජන ආදරය දිනූ උතුම් මිනිසකුට කලාකරුවකුට ගෞරවයක්‌ ලෙසිනි.

මධුර ගායන
චතුර රංගන
නිසඟ පිළිවන් වාසනා යුත්
විජය සබඳිනි
ගයමි ගුණ ගී
ඔබේ මනු ගුණ බැතින් සමරමි

කලා රස භව
නොමින් දන්නේ
මිනිස්‌කම නිති ළෙහි හොවන්නේ

ඔබේ වියොවින්
වුණේ අසරණ
කලාවේදී නන්, සොයුරු දන

විජය කුමාරතුංග නමැති ජනප්‍රියතම නළුවා මානව හිතවාදී දේශපාලනඥයා ජීවිතක්‌ෂයට පත්ව මෙම 16 වැනිදාට වසර 23 ක්‌ පිරෙයි.

ඔහු මට පළමු වරට මුණ ගැසුණු දිනය 1970 දශකය මැද භාගය පමණ වන්නට ඇත. එකල පාසල් සිසුන් වූ අප සිනමා තිරයේ අපි ප්‍රියකළ කලාකරුවන් පියවි ඇසින් දකින්නට මහත්සේ ආශා කළෙමු. විජය මට මුණ ගැසුණේ මීගමුවේ පිටිපන ප්‍රදේශයේ චිත්‍රපට දර්ශන රූගත කරන අතරවාරයකදීය. ඉන් ඉක්‌බිතිව විජය එකල අප පදිංචිව සිටි කටාන ආසනයේ ශ්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස හෙතෙම ක්‍රියාකරී දේශපාලනයට අවතීර්ණ විය. එම වකවානුවේ විජය සමග නිතර කතාබහ කරන්නට පාසල් අධ්‍යාපනය නිමා කරමින් සිටි අපට හැකිවිය.

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


විජය කුමාරතුංග ලේ පිපාසිත ත්‍රස්‌තවාදියකු අතින් ඝාතනයවීමේ පුවත 1988 පෙබරවාරි 16 වැනිදා දහවල් ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් විකාශය වූ අන්දම මට අද මෙන් මතකය.

"ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ජාතික සංවිධායක ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංග මහතා අද දහවල් සාහසික වෙඩි පහරකට ලක්‌ව ජීවිතක්‌ෂයට පත්විය....."

රටක්‌ හැඬවූ එම පුවත අසා දකුණේ මෙන්ම උතුරේත් ජන හදවත් කම්පාවට පත් කෙරිණි. පුංචි පැල්පතේ පටන් සුදු කොඩි ලෙළ දෙන්නට වූයේය. ජිවිතයේ කිසිම දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවා නොවුණු ඔහු වැන්නකුට ජනතා ආදරයක්‌ දිනා ගන්නට හැකි වුණේ ඇයි?

ඔහු මහ පොළව මත පය තබා ජීවත්වූ කලාකරුවකු දේශපාලනඥයකු නිසාමය. ප්‍රාසාද සඳලුතලවල සුව යහන්වල ප්‍රණීත ආහාර වළඳමින් සුඛෝපභෝගී යාන වාහන පරිහරණය කරමින් සුපිරි නළුවකු ලෙස ජීවත්වීමට කොතෙකුත් ඉඩකඩ තිබියදී විජය ඒ සියල්ලම අලුයම වූ කෙළපිඩක්‌ සේ ඉවතලමින් දුක්‌ විඳින ජනතාවගේ හිත සුව පිණිස තම ජීවිතය කැප කළේය. ඇති නැති ආගම් ජාති කුල භේදවලින් තොරව සියලු මිනිසුන් , නිර්ධනයන් විජය තම ජීවිතය කර ගත්තේය. ප්‍රේක්‌ෂකගාරයට ඇදී ආ සාමාන්‍ය ජනතාවගේ රුපියල් සත වලින් තැණුනු සිනමාවේ පැවැත්මට විජය ගරු කළේය. ඒ ජනතාවට කෘතවේදීව සැලකීම තරම් වෙනත් දෙයක්‌ ඔහු නොතැකූ බව මම දනිමි.

නළුකමින් දේශපාලනයට පත් හරි හම්බ කරගෙන සුපිරි ජීවිතයක සැප විඳින මිනිසකු නොවී විජය රටට දුන් ආදර්ශය කොතරම්ද? දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්‌වා වෙසෙන සියලු මිනිසුන් ඔහුගේ ආකර්ශනීය දැසට අව්‍යාජ සිනහවට විරලවූ රූප සම්පත්තියට ද මේ සියල්ලටම වඩා උතුරා ගිය "සැබෑ මිනිස්‌කම" පිළිබඳ ගුණයන්ගෙන්ද විජය කුමාරතුංග නම් වූ මිනිසා දැවැන්ත පෞරුෂයක්‌

ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ රෝපණය කළේය.

විජය පිළිබඳ ඉහත සඳහන මම කළේ අදින් වසර 23 කට පෙර ජීවත් වූ ඔහු පිළිබඳව අද පරපුරේ අවබෝධය ඥණය වනු පිණිසය.

ඔහු සීදුව මහ විදුහල හා කนන ඩී. මැසනඩ් විදුහල හා කොටහේන ශාන්ත බෙනඩික්‌ විදුහල්වල අධ්‍යාපනය හැදෑරුවේය. සිනමාවේ පසුව ඔහු හා රඟපෑ රවීන්ද්‍ර රන්දෙනිය හා රොබින් ප්‍රනාන්දු මිතුරන් සමග ශාන්ත බෙනඩික්‌ විදුහලේ ඉගෙනුම ලැබූ විජය මුල්ම රැකියාව ලෙස අයදුම් කළේ පොලිස්‌ පරීක්‍ෂකවරයකු වීමටය. පොලිසියේ රැකියාව සඳහා වූ සම්මුඛ පරීක්‍ෂණයෙන්ද ඔහු සමත්ව සිටියේය. පොලිසියේ රැකියාව වෙනුවට විජය රංගනය කෙරෙහි යොමුවීමට අදිටන් කර ගත්තේය. පුවත්පතක පළවී තිබූ දැන්වීමක්‌ අනුව අයදුම්පතක්‌ යොමු කළ ඔහු පළමු වරට "හන්තානේ කතාව" චිත්‍රපටයේ නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි විය. සුගතපාල සෙනරත් යාපා (අධ්‍යක්‍ෂ) විජය ධර්ම ශ්‍රී සෝමපාල ලැනරෝල් දයානන්ද ගලප්පත්ති ඒ. බී. රාඡ් වැන්නෝ ද එම සම්මුඛ පරීක්‍ෂක මඩුල්ලේ වූහ. පරීක්‍ෂණයෙන් තේරුණු විජය හන්තානේ කතාවේදී ස්‌වර්ණා මල්ලවආරච්චි, ටෝනි රණසිංහ, සෝබනී අමරසිංහ, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, සමන්ති ලැනරෝල්, නිශ්ශංක අමරසිංහ සමග මුල් වරට සිනමා කැමරාවට මුහුණ දුන්නේය.

කලාවට තිබූ අතිශය කැමැත්ත නිසාම විජය වරෙක ශේෂා පලිහක්‌කාරයන් මෙහය වූ සෙරන්ඩිබ් කලායතයට බැඳී එහි නැටුම් හා රංගන පාඨමාලාවන් ද හැදෑරීය. හන්තානේ කතාවේ රඟපාද්දී විජයට ලැබුණු ආරංචියක්‌ වූයේ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් "ක්‍ෂිතිජය "නමින් ගීත නාටකයක්‌ නිර්මාණය කරමින් සිටින බව හා ගීත ගායනයට ද හැකියාවක්‌ ඇති ශිල්පීන්ට එහි ඉඩ ප්‍රස්‌ථා ඇති බවකි. ඒ අනුව දිනක්‌ කේමදාසයන් හමුවීමට ගිය විජය නම් වූ මේ යෞවනයා තමා පැමිණි කාරණය ප්‍රකාශ කර සිටියේය. එම හමුවීම කේමදාසයන් විසින්ම වරෙක මෙලෙස විස්‌තර කළේය. " ඒ වන විට මරදානේ ජයන්ත වීරසේකර මාවතේ තට්‌ටු ගොඩනැගිල්ලක මම සංගීත මංජරිය පවත්වාගෙන ගියා. ඒ වන විට ක්‍ෂිතිජය කියලා ගීත නාටකයක්‌ කරන්න අපි සූදානමින් සිටියේ. එහි රඟපාන අයට ගීත ගායන හැකියාවද අවශ්‍ය බව අප දන්න අයට කියා තිබුණා. දිනක්‌ මම එහි සංගීත නිර්මාණයක යෙදී සිටින විට හිස ඔසවා බලන කොට මඳක්‌ කෙට්‌ටු සිරුරකින් යුත් දැකුම්කළු තරුණයකු මා අසල සිටගෙන සිටියා. ඔහු තමන් කවුදැයි ඉතා කාරුණිකව පළමුව පළ කළා.

තමුන් ඒ දිනවල හන්තානේ කතාව නම් වූ චිත්‍රපටයේ රඟපාන බවත් ඔහු පළ කළා. මම ඔහුගේ සුදුසුකම් පරීක්‍ෂා කළා. විෂයයක්‌ ලෙසින් සංගීතය ප්‍රගුණ කර නොතිබුණත් ශ්‍රැතියට අනුව ගීත ගායනා කිරීමේ සහජ හැකියාවක්‌ ගැඹුරු කටහඬක්‌ ද මේ කඩවසම් තරුණයාට තිබුණා. ප්‍රවීන පුවත්පත් කලාවේදියකු වූ තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන් රචනා කර තිබූ මගේ "ක්‍ෂිතිජය" ගීත නාටකයට අපි විජයව තෝරා ගත්තා. විජය ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි මුල්ම මොහොතෙයි ඒ. සමන් බොකලවෙල ඇතුළු නව නළු නිළියන් සමග විජය ඉතා දක්‍ෂ ලෙස එහි රඟපෑවා මට මතකයි."

1945 ඔක්‌තෝබර් 09 වැනි දින ජන්ම ලාභය ලැබූ විජයගේ දෙමවුපියන් වූයේ සීදුව ප්‍රදේශයේ ගම්මුලාදැනියකු වූ බෙන්ජමින් කුමාරතුංග සහ බ්‍රියටි්‍රස්‌ කුමාරතුංග යුවළයි. සාමාජිකයන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විජයයි. වැඩිමහල් සොහොයුරා සිඩ්නි නම් වූ අතර ඔහු ජීවන් කුමාරතුංගගේ පියා වෙයි. විවියන් හා රූපා සෙසු සොහොයුරියන් වූහ.

හන්තානේ කතාවෙන් ආරම්භ වූ ඔහුගේ සිනමා රංගන චාරිකාවේ මතක සටහන් බොහෝය. අතිශය ජනප්‍රසාදය දිනාගත් සංගීතා, තුෂාරා මේ දෑස කුමටද, දුලීකා, වාසනා, අභිරහස, හතර දෙනාම සූරයෝ, මමයි රජා, ජය අපටයි, රජ වැඩකාරයෝ, ඔබටයි ප්‍රියේ ආදරේ, නැවත හමුවෙමු, ඇතුළු වාණිජ චිත්‍රපටවල සිට බැද්දේගම, පාරදිගේ, බඹරු ඇවිත්, අහස්‌ගව්ව, කරුමක්‌කාරයෝ, දියමන්ති, පොඩි මල්ලි. එයා දැන් ලොකු ළමයෙක්‌, හිඟන කොල්ලා, ගඟ අද්දර, මරුවා සමඟ වාසේ, මධු සමය, කැඩපතක ඡායා, ක්‍රිස්‌තු චරිතය, නව කඩවුණු පොරොන්දුව ඇතුළු කලාත්මක හා මැද මාවතේ චිත්‍රපටවල ද විජය විශිෂ්ට ලෙස රඟපෑවේය. "ගඟ අද්දර" ඇතුළු චිත්‍රපට කිහිපයකට ගායනයෙන්ද තම ප්‍රතිභාව විදහා පෑ විජය අවුරුදු පතාම නොකඩවා ජනප්‍රියතම නළුවා ලෙස සම්මාන හිමිකර ගත්තේය. වරෙක රූපවාහිනි මාධ්‍ය තුළ ඔහුට වාරණයක්‌ පවා පැනවී තිබිණි.

විජය නම් වූ මිනිසා වටා රොද බැඳගත් ජන බලවේගය නොරිස්‌සූ කුහක මිනිස්‌සු ඔහුට මියයන තුරාම තහංචි එල්ල කළහ. ඔහුගේ ජීවිතය තුවක්‌කු ත්‍රස්‌තවාදයේ තවත් ගොදුරක්‌ බවට පත් කොට නිහඬ කරවූවේ ඔහු හුදෙක්‌ කලාවට සීමා නොවී ඉන් ඔබ්බට යමින් ජනතාව අතර හා රට තුළ ගොඩනඟන්නට වෙර දැරූ දේශපාලන බලවේගය හා ඔහු ඊට දුන් ආකර්ශනීය මෙන්ම ජව සම්පන්න නායකත්වයයි.

1977 මහ මැතිවරණයේදී ආසන 8ක්‌ පමණක්‌ හිමිකර ගෙන තිබූ ශ්‍රීලනිපයට නව පිබිදීමක්‌ ඇති කරමින් එම පක්‍ෂය වටා තරුණ පරපුර යළි එකතුකරලීමට විජය පෙරමුණ ගත්තේ එම පක්‍ෂයේම ඇතැමුන්ගේ තහංචි කුමන්ත්‍රණ මධ්‍යයේය.

1978 පෙබරවාරි 20 දා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සමග විජය විවාහ ගිවිස ගත්තේය. පක්‍ෂය වෙනුවෙන් විජය දැක්‌වූ කැපවීම නිසාම ඔහුට පක්‍ෂයේ උප ලේකම් පදවියක්‌ද පිරිනැමිණි.

1980 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කළ අවස්‌ථාවේ ඊට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරවල ඔහු පෙරමුණ ගෙන සිටියේය. 1980 ශ්‍රීලනිපයේම කණ්‌ඩායමක්‌ ශ්‍රීලනිපයෙන් වෙන්වී ගොස්‌ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්‌ථානය බලෙන් අත්පත් කරගත් මොහොතේ බණ්‌ඩාරනායක මැතිනියට උපරිම ලෙස සහාය පළ කළ විජය පක්‍ෂ මූලස්‌ථානය ආපසු ලබා ගැනීමට අභීතව ක්‍රියා කළේය. බණ්‌ඩාරනායක මැතිනියට අධිකරණයට පවා යැමට සිදුවූ අවස්‌ථාවේ එතුමිය සමග හැම දිනකම අධිකරණයට විජය පැමිණි අන්දම ද මට අද මෙන් මතකය.

1982 ජනාධිපතිවරණයේදී ෙ-. ආර්. ජයවර්ධන මහතාට එරෙහිව ප්‍රධාන විපක්‍ෂය් බලවේගය ලෙස හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා ඉදිරිපත් කොට ඔහු රට වටා කැඳවා ගෙන යමින් ඡන්ද සටන මෙහෙයවූයේ විජය විසිනි.

ඒ සියල්ල මැද පවා විජයට අවසානයේ සිරබත් කන්නට සිදු වූයේ ඔහු ජනතාව සමග එක්‌ව කළ මේ දේශපාලනය නිසාය. විජය මින්නේරිය හා මහර අතුරු මැතිවරණවලටද තරග කළේය.

ශ්‍රීලනිපයෙන් වෙන්වී 1984 ජනවාරි 22 දා ශ්‍රී ලංකා මහජන පක්‍ෂය නමින් නව පක්‍ෂයක්‌ පිහිටුවා ගත්තේය. ඇතැම් දේශපාලන පක්‍ෂවලට පනවා තිබූ දේශපාලන තහනම ඉවත් කරන ලෙස එවක තිබූ රජයට බලකරන උද්ඝෝෂණවලට ඔහුද එක්‌වූ අයුරු අපට මතකය.

මෙරට ප්‍රධානතම ප්‍රශ්නය වූ ජනවාර්ගික ගැටලුව විසඳීමට කළ යුතු ප්‍රමුඛතම කාර්ය ලෙස විජය ඊට ප්‍රමුඛතාවය දීමට තීන්දු කළේ මෙරට පළපුරුදු වාමවාදීන් හා පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ද අභිබවා යමිනි. විජය ඒ වෙනුවෙන් කැපවීය. විජය තුළ තිබූ එම අති මහත් මුවමනාව ගැන වරෙක "ප්‍රන්ට්‌ ලයින්" සඟරාවට විශේෂ ලිපියක්‌ ලියූ තෝමස්‌ ඒබ්‍රහම් සඳහන් කර තිබුණේ විජය සාමය උදෙසා අවංකව කැපවන ධෛර්යවන්ත භාවයේ පැතිකඩක්‌ ලෙසිනි. විජය උතුරේ අර්බුදය ගැන දැනුවත් කරනු සඳහා එකල තමිල්නාඩු මහ ඇමතිව සිටි එම්. ජී. රාමේචන්ද්‍රන් ඇතුළු නායකයන්ද හමුවීමට ගියේය.

එල්ටීටීඊ අත්අඩංගුවේ සිටි හමුදා සොල්දාදුවන් දෙනෙකු මුදා ගැනීම සඳහා විජය ගත් උත්සාහයත්, යාපා පටුනට එදා ගිය විජය කුමාරතුංග නම් මේ සිංහල නළුවාව දේශපාලනඥයාව යාපනයේ ද්‍රවිඩ බාල, තරුණ මහලු ජනතාව ඔහුගේ දෑත් සිප ගනිමින් උණුසුම් ලෙස ආචාර දක්‌වමින් පිළිගත් මොහොත ඔසී අබේගුණසේකර ද කැටුව විජය සමග යාපනයට ගිය වත්මන් ඇමැතිවරයකු වන ෆීලික්‌ස්‌ පෙරේරාට අපටත් වඩා ඇසින් දුටු දසුන් මතක තිබෙන්නට පුළුවන.

සිනමා කර්මාන්තයේ නිරත වූවන් අතර සැබෑ එකමුතුවක අවශ්‍යතාව ඔහු අවධාරණය කළ බව අපට මතකය. කැපිලි කෙටිලි කේලාම් තුළින් තම සහෝදර සිනමා ශිල්පීන් ශිල්පිනියන් අතර භේදය පැතිරවීම ඔහු නිර්දය ලෙස හෙළා දුටුවේය. ඔහු ඒ වෙනුවෙන් හැම විටම තම සහෝදර ශිල්පීන්ට ආදර්ශයෙන්ම පිළිතුරු දුන්නේය.

අපි එකිනෙකාගේ නරක ගතිගුණ ගැන කතා නොකර ඒ අයගේ හොඳ ගැන කතා කරමු. වරෙක මා ඉදිරිපිටදීම එසේ තම සහෝදර සිනමා ශිල්පියකුට පැවසූ අයුරු මට අද මෙන් මතකය.

ජනප්‍රියත්වයත් සමග ආර්ථික ස්‌ථාවර බවක්‌ තමන් වෙත ළඟා වුවද තමා සමග ක්‍ෂේත්‍රයේ කටයුතු කළ බොහෝ දෙනා ආර්ථික අතින් දුර්වල ජීවිත ගත කරනු දුටු විජය තම ශක්‌ති පමණින් ඔවුනට උපකාර කළේය. තමන්ගේ ජීවිත ජයග්‍රහණයේ පළමු ශක්‌තිය සැලසුවේ පොදු ජනතාව බව ඉහළින්ම තැකූ විජය එම ජනතාව ඇසුරු කිරීම උතුම් දෙය ලෙස සැලකුවේය. වරෙක තිස්‌ස අබේසේකර විජය තුළ තිබූ මේ ජනතාවාදී බව මෙලෙස පළ කළේය.

දාඩිය පෙරා ගෙන, නාවර පෙරාගෙන ඉන්න පුද්ගලයකු පවා ළඟට ආවාම කරට අත දාන්නේ නැතිව කතා කළේ නැහැ. ගිය ගිය තැන ඔහු වාහනෙන් හරි මොකෙන් බැස්‌සත් බහින කොටම ඔහුව වටකරගත්තා මිනිස්‌සු. ඒ මිනිසුන්ගේ කරවටේ අත දානවා.

ඔහු වටේ මිනිස්‌සු පිරුණා. ඔහුගේ ඇඟ පත අත ගෑවා. සාමාන්‍යයෙන් ලෙයින් මසින් පිරුණු මනුෂයෙක්‌ හැටියට ඔවුන්ගේ ස්‌පර්ශය ඔහුට දැනුනා. දැනෙන්න ඉඩ හැරියා. ඒ කොච්චර ඉඩ හැරියත් ඉඩ හරින්න හරින්න ඔහු තව තවත් සුවිශේෂ පුද්ගලයෙක්‌ වුණා මිස ඔහු සාමාන්‍ය පුද්ගලයෙක්‌ බවට පත් වුණේ නැහැ.

විජය කුමාරතුංග සමහර දවස්‌වලට මට මතකයි ෂර්ට්‌ එක නැතිව සරමක්‌ විතරක්‌ ඇඳගෙන "කරුමක්‌කාරයෝ" චිත්‍රපටය රූගත කරන කාලේ හිටියා. සමහර දවස්‌වලට ඔහු සරම විතරක්‌ කැහැපොට ගහගෙන කුඹුරට බැහැලා කුඹුරේ ඉන්න ගොවියෝ එක්‌ක කතා කර කර ඉඳලා මට සිද්ධවෙලා තියෙනවා සමහර වෙලාවට අව්වේ පිච්චෙන්නේ නැතිව මෙහාට එන්න කියලා සැර කරලා කියන්න".

තව එක දෙයක්‌ තියෙනවා. මං මෙතෙක්‌ කිව්වේ විජය කුමාරතුංගගේ ජීවිතයේ තිබුණා වූ මේ ජනතාවාදී බව. සාමාන්‍ය ජනතාවත් එක්‌ක එකතුවීමට බද්ධවීමට ඔහු තුළ තිබුණා වූ අසීමිත ආශාව. ඒක ඔහු චිත්‍රපට රංගනයේදී තෝරා ගත්ත චිත්‍රපටවලදීත් ඔහු ප්‍රකට කළා.

චිත්‍රපට රූගත කිරීමකදී මඟ තොටදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැන්මකට හෝ වෙනයම් කටයුත්තකට දරුවකු හෝ වෙනයම් කෙනෙකු උපකාරයක්‌ අයෑද සිටි විට විජය තම අත තිබූ මුදල් ඒ වෙනුවෙන් පිරිනැමූ අවස්‌ථා අනන්තය.

අනේක විධ අභියෝග මැද ඒ මේ අත සැලෙමින් තිබූ ලාංකික සිනමා කර්ම
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sat Feb 12, 2011 3:32 am    Post subject:

මුළු හදින්ම ඔබ හට ආදරෙයි’
විජය ලියු එකම ගීතය


(මේ මස 16 වැනිදාට යෙදෙන මානව හිතවාදි කලාකරු විජය කුමාරතුංග අනුස්මරණ දිනය නිමිත්තෙන් මෙවර ‘ස්වර වර්ණ’ විජය කුමාරතුංග නම් වූ ගායන ශිල්පියා වෙනුවෙන් වර්ණ ගන්වමු.)


ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා - මුව ගොළු වූවා...!



(පද - ඔගස්ටස් විනයාගරත්නම්)


රංගනයෙන් පේ‍්‍රක්ෂක නුවන් මත් කළ ඔහු ගායනයෙන් රසික සවන් මෙන්ම සිත් ද රසවත් කළ යුගයේ ගීතලෝලීන්ට ජීවිතාන්තය තුරා ඔහු පිළිබඳ මතක ආස්වාදනීය වනු නිසැකය.

1988 පෙබරවාරි 16 දා සදහටම අප අතරින් ඔහුට සමු ගෙන යාමට සිදු වී දශක දෙකකටත් වඩා කාලය ගත වී ගොස් ඇතත් අප තවමත් ඔහු සමගින් ය. ඔහු, ආදරණීය විජේ. විජය කුමාරතුංග මා මෙලෙස මතකය අවදි කරන්නේ විජය කුමාරතුංග නම් නළුවා ගැන වතගොත කියන්න නොවේ, අප අඩුවෙන්ම කතාබහ කර ඇති විජය කුමාරතුංග නම් ගායකයාගේ වතගොත බිඳක් ඔබගේ මතකයට එක් කරලන්නයි.

“මම ගී ගයන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසායි.”

විජය කුමාරතුංග නම් ගායන ශිල්පියාව තමන් විසින් ම ඔහු හඳුන්වා දුන්නේ එසේය. ඔහු ගීත ගායනය සඳහා මුදල් අය කළ කිසිදු අවස්ථාවක් පිළිබඳව මා නම් අසා නැත. විජය ගීත ගායනා කිරීමෙන් ලද ආත්ම තෘප්තිය ඔහුගේ රංගන දිවියේ හෝ දේශපාලන දිවියේ ක්‍රියාකාරකම්වලින් ලද කිසියම් තෘප්තියක් වීද ඊට දෙවැනි වූ බවක් ද පෙනෙන්න තිබුණේ නැත. ගීත ගායනයේදී මහත් කැපවීමෙන් ඔහු එහි නිරත වූවේ එම නිසා විය යුතු ය. එහෙත් ඔහු සංගීතය හදාරන්නට නම් කැමැති වූවේ නැත.

ඒ පිළිබඳව විජයගෙන් විමසූ විට පැවසුවේ, “මම සංගීතය හදාරන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මම ස, රි, ග, ම වත් ශාස්ත්‍රානුකූලව කියන්න දන්නේ නැහැ. මගේ ගායන රටාව හුඟක් නිදහස්.

සංගීතය ඉගෙන ගත්තොත් මගේ ඒ නිදහස් ගායන රටාව නැති වේවි කියලා මට හිතෙනවා” යනුවෙන්ය. ඔහුගේ එම නිදහස් ගායන රටාව ගීත ලෝලීන් ආකර්ෂණය කළේ ය. ඔහුගේ හඬින් ගීතවත් වූ සෑම ගීතයක් ම වාගේ ගීත ලෝලීන්ගේ සිත් ගත් ගීත වූවේ ඒ නිසා ය.

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ...!



(පද - උපාලි ධනවලවිතාන)

විජය “සිල්වර්ලයින්” ලේබලය යටතේ සරත් දසනායකගේ සංගීතයට ගැයූ “රූස්ස ගහ ළඟ” සහ “ළඳුනේ මා හැරයනු මැන” ගීත මෙන්ම චිත්‍රපට සහ කැසට් පට සඳහා ගැයු “කවුළුව අතරින්” “එක වරක් ඔබට මා එපා නම්” “රැල්ලෙන් රැල්ලට” “සීගිරි ලාලිත ළඳුනේ” “පුතණු කෙනෙකුන් දුන මැනවි” “තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න” “දේවදාර ගස් අතරින්” “පායා සීත රැයේ” “දඟ ගෙයි දඬුවම්” “සැරයටියෙන් අපි යනෙන තුරා” “ආදරයක හැඟුමන්” “පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ” වැනි ගීත ද ගීත ලෝලීන් අතර බෙහෙවින් ජනපි‍්‍රය විය.

මුලින්ම සංගීතවේදී පේ‍්‍රමසිරි කේමදාස සූරීන්ගේ “සිතිජය” ගීත නාටකයේ ගායනයෙන් විජයගේ ගායන දිවිය ඇරැඹි ඇත. විජය චිත්‍රපට පසුබිම් ගී ගායනයට එක් වී ඇත්තේ “පාර දිගේ” චිත්‍රපටය සඳහා කේමදාස සූරීන්ගේ සංගීතයට “අපි ගමනක් යනවා” ගීතය ගායනා කරමින් ය.

හඬ පෞරුෂයෙන් විජය සහ ජෝතිපාල සුසංයෝගය චිත්‍රපට පසුබිම් ගී ගායනයේදී මනාව සැසඳිණි. සිනමා රංගනයේදී තමන්ට බෙහෙවින් උචිත වූවේ එච්. ආර්. ජෝතිපාල ගායන ශිල්පියාණන්ගේ පසුබිම් ගීත ගායනය බව විජයගේ විශ්වාසය වූ බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ. “ජෝති නැති වීමෙන් ලොකුම පාඩුව වුණේ වෙන කාටවත් නෙමේ මටයි. කවුද දැන් මට සින්දු කියන්නේ? වැඩිය ඕන නෑ, මටවත් බෑ ජෝති තරමට මට ගැළපෙන විදිහට සින්දු කියා ගන්න.”

“ගඟ අද්දර” “ඉන්දුට මල් මිටක්” “හිම කතර” “සූරියකාන්ත” “දොළොස් මහේ පහන” “ආරාධනා” “කවුළුව“ “බංගලි වළලු” “ඩොරින්ගේ සයනය” “අහස් මාළිගා” “සහරාවේ සිහිනය” “නැව ගිලුණත් බෑන් චූන්” “හිත හොඳ චණ්ඩියා” “නොම්මර 17 සහ “අහිංසා” වැනි චිත්‍රපට සඳහා විජය ගැයු ගීත ජනපි‍්‍රය වූ අතර ඔහු රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග, ලකී ඩයස් ඇතුළු වෙනත් නළුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් ද පසුබිම් ගීත ගායනය කළේ ය.

“සහරාවේ සිහිනය” චිත්‍රපටයේ ගැයූ “වලාකුලක් ගෙන” ගීතයටත්, “දොළොස් මහේ පහන” චිත්‍රපටයේ ගැයු “සරා ගුවන විදා නැගුණු” ගීතයටත් හොඳම ගායන ශිල්පියා ලෙස “සරසවිය” සම්මානය හිමි වූවේ විජය කුමාරතුංගයන්ට ය. එහෙත් ඒ වන විට විජය ජීවතුන් අතර සිටියේ නැත.

චිත්‍රපට ගීතයෙන් මෙන්ම කැසට් පට ජනපි‍්‍රයව පැවති වකවානුවේදී විජය කැසට් පට තුළින් ද සිය ගීත ලෝලීන්ට ගී රසය බෙදා දුන්නේය. විජය ගී ගැයු මුල්ම කැසට් පටය “දිනකර පායා” වූ අතර “මංගල නැකත” “ගඟ අද්දර” “වේදනා” “තනි යහනේදී “කවුළුව අතරින්” “සීත රැයේදී” ඇතුළු කැසට් පට කිහිපයකම ඔහු ගැයු රස මියුරු ගීත අඩංගු විය.

විජය ගායන ශිල්පියකු ලෙස කොපමණ සාර්ථක වුවත් ඔහුට සංගීත ප්‍රසංග වේදිකාවේදී සිය ගායනා ඉදිරිපත් කිරීමට තරම් විරාමයක් ඔහුගේ කාර්ය බහුල ජීවන රටාවෙන් ලැබුණේ නැත. එම නිසා විජයගේ වියෝවෙන් පසු ඔහු ගැයු ගී ප්‍රසංග වේදිකාවේ ගායනා කිරීමෙන් වෙනත් ගායකයන්ට ආර්ථික වාසි ලබා ගැනීමට හැකි විය.
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු...!



(පද - සෝමපාල ලීලානන්ද)

ප්‍රවීණ ගීත පද රචකයන්ගේ මෙන්ම නවක ගී පද රචකයන්ගේ ද ගී පද රචනා විජය විසින් සිය කට හඬින් ගීතවත් කළේය.

විජය එකම එක ගී සංකල්පනාවක් පද රචනා කළ අතර සන්ධ්‍යා වීරසිංහ ගායන ශිල්පිනිය එම ගීතය ගායනා කළාය.

මුළු හදින්ම ඔබ හට ආදරෙයි
සදා නොවෙනස් වන ලෙසේ
මුළු සිතින්ම ඔබ හට ආදරෙයි
සදා නොවෙනස් වන ලෙසේ...!



(පද - විජය කුමාරතුංග)

විජය කුමාරතුංගයන්ගේ අකල් වියෝව සැළවූ මොහොතේ කම්පනය වූ සිතින් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන් ලියා, සංගීතවත් කර ගායනා කළ උපහාර ගීතයේ පද පේළි කිහිපයකින් මෙම ලිපිය නිම කිරීම උචිත යයි මට හැඟේ.

කලා රස හව් නොමින් දන්නේ
මිනිස්කම නිති ළෙහි හොවන්නේ
ඔබේ වියොවින් වුණේ අසරණ
කලාවේදී නන් සොයුරු දන...!



(පද - ඩබ්ලිව්. ඩී. අමරදේව)


ජෝජ් රොබ්සන් ද සිල්වා

Source : Silumina 2011/02/13
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sat Feb 12, 2011 6:33 am    Post subject: Re:

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


Source : Rivira 2011/02/13
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Tue Feb 15, 2011 8:04 am    Post subject: Re:

විජයගේ ඝාතකයා ඇල්ලූවේ මෙහෙමයි

වේලාව දහවල් දොළහට ආසන්න ය. විජය සිය පුතු විමුක්ති හා දියණිය යශෝධරා සමඟ නිවසින් පිටතට පැමිණෙමින් සිටියේ ය. නිවසේ ගේට්ටුව දක්වා පැමිණි විජය ගේට්ටුව ඉදිරිපිට ටැක්සි රියදුරු හේමපාල හා ආරක්ෂක නියාමක පතිරාජ සමඟ කතා බස් කළේය.
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


ඒ අතරතුර 27 ශ්‍රී 2727 ඩැට්සන් පිකප් වාහනය දයාරත්න විසින් නිවසේ පැති පිවිසුමේ සිට බොරළු පාර දිගේ ප්‍රධාන පාරට පැමිණ තිබුණේ ය. රත්ගම උපාලි ද එහිවිය. විජය ගේට්ටුවෙන් පිටත සිටගෙන වෙනත් අය සමඟ කතා කරමින් සිටිය දී පිකප් රථයේ සිටි උපාලි වාහනයෙන් බැස විජය දෙසට ආවේ ය.

ඒ සැණින් එතැනට පැමිණියේ හොන්ඩා C D ZOO වර්ගයේ මෝටර් සයිකලයකි. පොල්හේන්ගොඩ දෙසින් පැමිණි බයිසිකලයේ බඳ රතු පාටය. මඩවැස්ම නිකල් ආලේපිතය. සයිකලය නතරවීමටත් පෙර පසුපස අසුනේ වාඩිවී සිටි අය ස්වයංක්‍රීය ගිනිඅවියකින් විජය සිටි දෙසට වෙඩි තබන්නට විය. ඉන්පසුව බයිසිකලෙන් පිටතට බැසගත් ඔහු දිගටම වෙඩි තබමින් විජය දෙසට දිව ගියේ ය. වෙඩි පහරවල් විජයගේ පිටු පසට වැදුණු අතර ඔහු එතැනම මුණින් අතට වැටුණේය.

ඝාතකයා වැටුණු විජය අසලට ම පැමිණ විජයගේ හිසට ද වෙඩි තැබීය. විජය සමඟ සිටි රත්ගම උපාලි ද වෙඩි වැදී බිම වැටී සිටියේ ය.

දයාරත්න වාඩි වී සිටි ඩැට්සන් පිකප් රථයට ද ඝාතකයා වෙඩි තැබීය. ඒත් තුවාල නොලබා දිවි ගලවා ගන්නට දයාරත්නට හැකිවිය. වෙඩි තැබීමෙන් පසු ඝාතකයා පහළට නැමී ඒ මොහොතේ විජය ගෙන යමින් තිබූ ලියැවිලි පරීක්ෂා කළේය. ඉන් පසුව ඔහු ආපසු හැරී ප්‍රධාන පාර තෙක් දිව ගියේ ය. ඒ වන විට මෝටර් සයිකලය පැදවූ අය විජයගේ නිවෙස පසුකොට ගොස් ‘යූ’ ටර්න් ගෙන නැවත ඝාතකයා රැගෙන යාමට පැමිණ සිටියේ ය. ඒ මොහොතේ එතැනින් බස් රියක් ධාවනය විය. ඒ නිසා මාර්ගය අවහිර විය. ඝාතකයා රියදුරුට තර්ජනය කළේය. ඝාතකයා හොඳින් දැකගැනීමේ අවස්ථාව ඔවුන්ට හැකිවූයේ ඒ නිසාය.

යළි මෝටර් සයිකලයට නැගුණු ඝාතකයා හා අනෙකා පොල්හේන්ගොඩ දෙසට පලාගියේ අහසට ද වෙඩි තබමිනි.

ඒ සැණින් විජයගේ රියදුරා වූ දයාරත්න වහා එතැන තිබූ ඩබල් කැබ්රිය තුළට ගියේය. දයාරත්නට අවශ්‍ය වූයේ ඝාතකයන් ලුහුබැඳ යාමය. ඒ සැණින් ඝාතකයා ඔහු දෙසට සිය ගිනි අවිය දිගුකළේය. දයාරත්න නිවෙස තුළට දිවගියේ ඒවන විටත් ආයුධයක් ගෙන ඒමට නිවෙස තුළට ගිය ලලිත් කැඳවා ගැනීමටය. දයාරත්න යළි රථය පණ ගැන්වීය. ලලිත් රිපීටර් තුවක්කුවක් රැගෙන ඩබල් කැබ් රියේ පිටුපසට නැගුණේය.

ඝාතකයන් පොල්හේන්ගොඩ පාර ඔස්සේ කිරුලපන දෙසට මෝටර් සයිකලයෙන් පලා යන අයුරු ඔවුහු දුටුහ. ඔවුහු පොල්හේන්ගොඩ පාර සහ සීබල් ඇවනියු ඔස්සේ හයිලෙවල් පාර දක්වා ඝාතකයන් ලුහුබැන්ඳත් කිරුලපන සුසාන භූමිය අසලදී ඔවුන්ට ඝාතකයා රැගත් මෝටර් සයිකලය මඟ හැරිණි. ඉන්පසුව කිරුලපන පොලිසියට ගිය ඔවුහු ‘රිසව්’ එකේ සේවයේ යෙදී සිටි සැරයන් රාජේන්ද්‍රන්ට මේ බව දැනුම් දුන්හ.

ඒ අනුව කිරුලපන පොලිස් ස්ථානාධිපති ෂෙරිෆ්ඩීන් සිද්ධිය වූ තැනට මුලින් ම පැමිණි පොලිස් නිලධාරියා විය.

විජයගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ භාරවූයේ නාරහේන්පිට පොලිසියටය. ඒ වන විට එහි අපරාධ විමර්ශන භාර ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක නන්දන විජේරත්නය. ඔහු විජයගේ හොඳ මිතුරෙකි. වෙඩි තැබූ බව දැනගත් පොලිස් පරීක්ෂකවරයා සිය මෝටර් සයිකලයෙන් වහා පොල්හේන්ගොඩ විජයගේ නිවෙසට ආවේය. එතැන එකම ලේ විලකි. විජයගේ පාවහන්, පොත්පත් චිත්‍ර කිහිපයක් විසිරී තිබිණි. පොලිස් පරීක්ෂකවරයා එතැනට එන විටත් විජයව රෝහල කරා ගෙන ගොස් තිබුණේ ය. ටික මොහොතකින් තම මිතුරාට අත් වූ ඉරණම පොලිස් පරීක්ෂකවරයා දැනගත්තේය.

විජය රෝහලට ගෙන ගිය ද ඔහු ඊට පෙරම මිය ගොස් සිටියේ ය. හිස හා බෙල්ල පෙදෙසේ වෙඩි උණ්ඩ තුනක් සහ පපුව යටි බඩ පෙදෙසේ වෙඩි උණ්ඩ දෙකක් ද වැදී තිබුණි. උණ්ඩ සියල්ල සිරුර පසාරු කරගෙන ගොස්ය. විජයගේ හිස්කබල, මොළය, බෙල්ල, කොඳුඇට පුරුක්, පෙනහළු, ඉලඇට, වකුගඩු, අක්මාව සහ යටිබඩ ආදි ඉන්ද්‍රියයන් පාසාරු කරගෙන වෙඩි උණ්ඩ යාමෙන් ඒවාට බරපතල හානි සිදු වී තිබිණි.

පරීක්ෂණ පැවැත්වීම සඳහා පොල්හේන්ගොඩට පැමිණි පොලිස් නිලධාරින් අතර රසපරීක්ෂකවරයා ද විය. විමර්ශකයන් විසින් ස්ථානයේ දී සොයාගන්නා ලද හිස් පතොරම් පරීක්ෂණවලට භාජනය කරනු ලැබීමෙන් පසු විජයට වෙඩි තබා ඇත්තේ ටී 56 ස්වයංක්‍රීය ප්‍රහාර රයිපලයකින් බව ඒත්තු ගැණිනි.
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


නාරහේන්පිට පොලිසියට අමතරව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ද විජයගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. එහි අධ්‍යක්ෂවරයා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කනකරත්නම්ය. දෙවැන්නා පොලිස් අධිකාරි ගාමිණී පෙරේරාය. ඔවුන්ගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරිණි.

විමර්ශකයන්ගේ එකම අදිටන වූයේ ඇසින් දුටු සාක්කි එකතු කරගැනීමය. ඇසින් දුටු සාක්කි කිහිපයක් ම වූහ. ඉන් කෙනෙකු වූයේ විජයගේ රියදුරා වූ දයාරත්නය. අනෙකා ආරක්ෂක නිලධාරියා ය. වෙඩි තබන මොහොතේ විජයගේ ගේට්ටුව අසල සිටි තවත් දෙදෙනකු ද ඒ මොහොතේ එතැනින් ගමන්ගත් බසයේ සිටි දෙදෙනකුගෙන් ද සාක්කි සටහන් කරගනු ලැබිණ.

ඝාතකයා අවුරුදු තිහක් වයසැති අයෙක් ලෙසට සැකකරනු ලැබීය. අඩි පහක් උස කෙට්ටු, මාංශපේශී හොඳින් වැඩුණු තරුණ පිරිමි අයෙක් ය. කොණ්ඩය නිසිලෙස පීරා නොතිබූ අතර රැළි සහිතය. උල් නහයක් හා සිහින් තොල් ඔහුට තිබිණි. සමස්තයක් වශයෙන් ඔහුට තිබුණේ බිහිසුණු පෙනුමකි. ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු කොට කලිසමකින් හා ටීෂර්ටයකින් සැරසී සිටියේ ය.

ඇසින් දුටු සාක්කි අනුව ඝාතකයා පැමිණි මෝටර් සයිකලය පැදවූ කෙනා මනාව වැඩුණු සිරුරකින් හෙබි අයෙකි. කළු පැහැතිය. මුහුණ පුරා රැවුල වැවී තිබුණු බවට ද අනාවරණය විය. ඇසින් දුටු සාක්කි අනුව ඝාතකයා කවුදැයි හඳුනා ගැනීමේ විමර්ශන ආරම්භ කෙරුණු අතර “විජයට වෙඩි තැබූවේ ඇයි? විජය මරා දමන්නට තරම් ඔහු කළ වරද කිමෙක් ද... විජයට වෙඩි තැබුවේ කාගේ උවමනාවට ද...” ඒ සියල්ල හමුවේ නිරුත්තර වූ පොලිස් විමර්ශකයන් විජය ඝාතනය කළ සැකකරු හඳුනාගැනීම සඳහා සාක්කි උපයෝගී කරගත්තේය.
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


සාක්කි විමර්ශනයේ යෙදුණු නිලධාරිහු පොලිස් ඉතිහාසයේ පළමුවතාවට ඝාතකයාගේ හැඩරුවට සමාන රුවක් සිතුවම් කළේ ඉන් පසුවය. ඒ වන විට අද මෙන් තාක්ෂණයේ එතරම් දියුණුවක් නොතිබූ බැවින් ඝාතකයාගේ රුව ඇඳීම රහසිගතව සිදුවූයේ එක්තරා පත්තර කන්තෝරුවක් තුළය.
විජය කුමාරතුංගගේ දේහය

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් පරීක්ෂක විජේරත්න මහතාට පුද්ගලයකු පිළිබඳ ඔත්තුවක් ලැබෙනුයේ ඒ අතරය. කූඹිකැලේ පදිංචි ධර්මසේන ජවිපෙ ක්‍රියාකාරිකයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සරත් නැමති අයකු පිළිබඳ තොරතුරු හෙළිවී ඇත.
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


ඉන්පසුව පොලිසියට කොටුවන්නේ පොඩි මහත්තයා ය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සමඟ එකට පුහුණුව ලැබූවෙකි. ඝාතකයන්ට කඩ කාමරය ලැබෙන්නේ ඔහුගේ සැලැස්ම පරිදිය. ඔහු විජේවීර සමඟ සැමන්හිල් කෑම්ප් එකේ පුහුණුව ලැබීය. ‘දිලියා’ යන්න ඔහුට සංවිධානයෙන් ලැබුණු නමය. පොලිසිය ඒ අනුව ගොස් අදාළ කඩ කාමර යේ තිබූ කියත හා මිටිය සොයා ගත්හ.

එකින් එක මෙසේ හෙළිවෙද්දී පොලිසියට පැමිණි කෙනෙක් ගෙන් ලයනල් පිළිබඳ තොරතුරක් ලැබුණේ ය. ඒ සඳහා ජාතික රහස් ඔත්තු සේවයේ සහාය පොලිසියට ලැබුණේ ය. ලැබුණු සාක්කි අනුව අඳින ලද රූපයට සමාන රූපයක් ඔවුන් සතු විය. හොරණ ප්‍රදේශයේ සිදු වූ කොල්ලකෑමට අත්අඩංගුවට පත් වූ ලයනල්ගේ රූපය රහස් ඔත්තු සේවය සතු විය.

ඒ අනුව ලයනල් සෙවීමේ පරීක්ෂණ ඇරඹුණේය.

අල්ලාගත් තරුණයන්ට හා බුද්ධි තොරතුරු අනුව ඝතකයා ‘ලයනල්’ නැමැත්තකු බව ඒත්තු ගැණින. ඒ වන විටත් ‘ලයනල්’ මිනිස් ඝාතන රැසක් සිදුකර තිබිණි. ඒ වන විට පරිගණකයෙන් සකසන ලද ඝාතකයාගේ රුව රැගත් ‘ලයනල්’ ගේ පිංතූර සියලු විමර්ශක නිලධාරින් වෙත ලබාදී තිබුණි.

සන්නද්ධ ක්‍රියාකාරින් නිතර නිතර බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාව අසලට එක්රොක් වන බවත් සැලසුම් කිරීම් කතා බස් කිරීම්, හමුවීම් එතැන දී සිදු කරන බවත් ඒ වන විට විමර්ශකයෝ දැන සිටියහ.

නිලධාරින් කාගේත් උනන්දුව වූයේ හැකි ඉක්මනින් ‘ලයනල්’ ව කොටුකර ගැනීමටය. සෑම නිලධාරියෙකු සතුවම ‘ලයනල්’ ගේ ඡායාරූප දෙකක් විය. එකක් පරිගණකයෙන් සකසන ලද රූපයයි. අනෙක කැමරාවකින් ගත් ‘ලයනල්’ ගේ ඡායාරූපයය.

මේ අතර ඒ වන විට දිගින් දිගට ම මිනිස් ඝාතන සිදුවීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් දින දෙකකට වරක්වත් නිලධාරින් සඳහා විශේෂ සාකච්ඡා හා උපදෙස් පන්ති පවත්වන ලදී. සොයාගත් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ලැබීය.

නාඳුනන තුවක්කුකරුවන් බොහොමයක් මිනිස් ඝාතන සිදුකිරීම සඳහා ටී. පනස්හය රැගෙන ගියේ ‘හවා බෑග්’ ලෙස හැඳින්වූ රෙදි බෑගය තුළ දමාගෙනය. ඒ නිසා එවැනි බෑග් රැගෙන යන්න වුන් ගැන දැඩි අවධානයෙන් පසුවන ලෙස නිලධාරින්ට උපදෙස් ලැබී තිබිණ.

කාලය මෙසේ ගෙවී ගියේ සති මාස ගණන් පසුකරමින් ය. එහෙත් විමර්ශකයන් සිය මෙහෙයුම් නතර කර නොතිබුණි. කණ්ඩායම් තුනක් ඒ වන විටත් විජය ඝාතකයා ඇල්ලීමේ කටයුතුවල රහසිගතව නිරතව සිටියහ. ඉන් එක් කණ්ඩායමක් උප පොලිස් පරීක්ෂක විමලරත්න යටතේ ක්‍රියාත්මක විය. ඩයස් හා බැසිල් ඔහු යටතේ රාජකාරි කළේය. විජය ඝාතකයාගේ රුවද ඔවුන් සතුවිය. ඝාතකයා සොයා ඔවුහු මුළු නගරයම පීරන්නට වූහ.

ඒ 1989 මාර්තු මස 14 වැනිදාය. කොළඹ විශ්වවිද්‍යාලය අසලට එන එක්තරා පුද්ගලයකු ගැන ඔත්තුවක් ගන්නට ඩයස් රාළහාමිට නියමව තිබුණේ ය. ඒ ඔහු එතැනට එන්නේ ද නැද්ද දැන ගැනීමටය. ඩයස් එතැනට ගියේ බැසිල් රාළහාමි ද සමඟය. ඒ වන විට උදෑසන නවයට පමණ ඇත. ග්‍රෙගරි පාර දිගේ ඇවිද ගිය ඔවුන් බෞද්ධාලෝක මාවතට වැටී තුන්මුල්ල පැත්තට හැරුණි. ඉදිරියෙන් එක් පැත්තක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවය. ඒ පැත්තෙන් ඇවිදගෙන ඉදිරියට පැමිණි ඔවුහු සමස්ත ලංකා බෞද්ධ සංගම් ගොඩනැගිල්ල පසුකරමින් සිටියහ. කෙනෙකු ඉදිරියට පැමිණෙමින් සිටියේ ය. ඩයස්ට කිසියම් සැකයක් ආවේය. මතකයේ රැඳුණු රුවක් ඔහුගේ සිතට නැගුණේය. ‘ඔය එන්නේ ලයනල්’

ඩයස් සිය සගයා වූ බැසිල්ට කීවේ ය. ඒ වන විටත් සැකකරු ඔවුන් දෙදෙනා ළඟ නතර වී සිටියේ ය.

‘ලයනල් කොහේද යන්නේ’ ඩයස් විමසුවේය’.

‘මම ලයනල් නෙමේ. ප්‍රනාන්දු’

හෙතෙම සිය සාක්කුවේ තිබූ හැඳුනුම්පත ඔවුන්ට දිගු කළේය. ඇත්තය. හොරණගේ පියසිරි ප්‍රනාන්දු ලෙස හැඳුනුම්පතේ සටහන් වී තිබුණේය. ක්‍රියාත්මක වූ ඩයස් සැකකරුගේ පිටුපසින් අත දමා ඉනේ තිබූ පටියෙන් අල්ලා ගත්තේ ය.

ඒ වන විටත් බැසිල් ත්‍රිවිලරයක් නතරකොට තිබුණේය. ඩයස්ට අවශ්‍ය වූයේ සැකකරුව C. D. B මූලස්ථානයට ගෙන යාමට ය. ඒ වගක් නොපෙන්වා ඩයස් ත්‍රිවිලර් රියදුරාගෙන් ඇසුවේ ‘බොරැල්ලට යන්න කීයක් ගන්නවාද’ කියාය. ඒ තිදෙනාම ත්‍රිවිලරයට ගොඩවූහ.

‘මෙතැනින් ළඟයි මෙහෙන් යමු’

ඩයස් ත්‍රිවිලර් රියදුරාට කීවේය. ඩයස්ට අවශ්‍යවූයේ සැකකරු කෙලින්ම කාර්යාලයට රැගෙන යන්නටය. ටික මොහොතකින් ඔවුහු රැගත් ත්‍රිරෝද රිය ග්‍රෙගරි පාර කාර්යාලය අසල නතර විය. සැකකරු රියෙන් බස්සාගත් ඩයස් ඔහුව අල්ලාගෙන කාර්යාලයට ඇතුළු වූයේ ‘ලයනල් ඇල්ලුවා’ යයි කියමින්ය. ඒ සමඟම ඔහු වටා සියලුම නිලධාරින් රැස් වූයේ ලයනල් යනු කවුදැයි දැක බලාගන්නටය. සැකකරු රැගෙන ඩයස් පොලිසියට ගියේ අධ්‍යක්ෂවරයාගේ කාමරයටය.

‘සර්... ලයනල් ... ඇල්ලුවා..’

අධ්‍යක්ෂවරයා ඉදිරි කාමරේ සිටි පොලිස් අධිකාරි ගාමිණි පෙරේරාට කතා කළේය. ඔහු ද එතැනට ආවේය. ඉන්පසුව සැකකරු පරීක්ෂා කළ ද ඔහු කීවේ තමා හොරණගේ පියසිරි ප්‍රනාන්දු බවය.

‘මම යාළුවෙක් හම්බ වෙන්න වයි. එම්. බී. ඒ. එක ළඟට ආවා. මම ලයනල් නෙමේ. ඔයාලට වැරදිලා මම පියසිරි..’

ඒත් සැකකරුට වඩා නිලධාරිහු තීක්ෂණ වූහ. සැකකරුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු තමා ලයනල් බව ඔහු පිළිගත්තේ ය. ලයනල් හෙවත් ලයනල් රණසිංහ හෙවත් මහින්ද හෙවත් ජයතිලක හෙවත් ගාමිණී තමා බව ඔහු කීවේ ය. ඒ වන විට ඔහුගේ රුව රැගත් ඡායාරූප බැසිල් විසින් ඔහුට පෙන්වද්දී ඔහුට තවත් බොරු කීමට නොහැකි විය.

“අපි මිනිහව වයි. එම්. බී. ඒ එක ළඟට අරගෙන යමු’ පොලිස් අධිකාරිවරයා කීය. ඒ අනුව විශේෂිත වාහනයක් සුදානම් කෙරිණ. ඉදිරියෙන් හා පිටුපසින් ගිය ආරක්ෂක රථ දෙකකින් මැද රථයේ ලයනල් විය. වයි. එම්. බී. ඒ. එක ළඟට ගියත් ඔහු හමුවන්නට පැමිණෙන බව කියූ තැනැත්තා එතැන නොවීය.

‘උඹ නේද විජයව මැරුවේ.’

එතැන සිටි නිලධාරියකු වාහනයේ යන ගමන් ලයනල් ගෙන් ඇහුවේය.

‘ඔව්..’ ලයනල් හිස සැලුවේය.

කීර්ති මෙන්ඩිස්

Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Tue Feb 15, 2011 8:05 am    Post subject: Re:

ලිස්ට් එකේ විජෙත් හිටියා

හළමුල්ලගේ ලයනල් රණසිංහ හොරණ පදිංචිකරුවෙකි. ඔහුගේ පියා මිය ගියේ ලයනල් කුඩා කාලයේදීම ය. පවුලේ නොයෙකුත් ප්‍රශ්න හා ආර්ථික අපහසුකම් මධ්‍යයේ ලයනල් ඉගෙන ගත්ත ද ලයනල් ඉගෙනීමෙහි දක්ෂයෙකු නොවීය. කෙසේ වෙතත් සාර්ථක ලෙස සාමාන්‍ය පෙළ සමත් වන ලයනල් හොරණ විද්‍යාරත්නයට ඇතුළත් වන්නේ උසස් පෙළ හදාරන්නටය. එහෙත් දෛවය ඔහුගේ ජීවිතය වෙනතකට යොමු කළේ ය.

ඒ වනවිට රට පුරා පැවැතියේ නොසන්සුන් වතාවරණයක්ය. සිසුහූ ද එවක පැවති රජයට එරෙහිව නැගී සිටින්නට වූහ. විද්‍යාරත්නයේ සිසුන් ද මේ පසුපස විය.

ජයසිරි ඔහුට හමුවන්නේ ඔය අතරය. ජයසිරි උපාධිධාරියෙක් වූයේය. ඉතා ඉක්මනින් ජයසිරි හා ලයනල් හොඳ මිතුරෝ වූහ. තැන් තැන්වල පැය ගණන් ඔවුන් කතා කළේ එවකට තිබූ දේශපාලන වතාවරණය පිළිබඳවය. මැදියම් රෑ වනතුරු ඔවුහු වාද කළහ. ඒ වනවිට ජයසිරි හොරණ ප්‍රදේශය බාරව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ ය.

අගහිඟකම්වලින් පිරුණු ජීවිතයට විමුක්තිය උදා කළ හැක්කේ මෙමඟින් බව ලයනල් හිතුවේ ය. සමාජ අසාධාරණය, විරැකියාව ඔවුන්ගේ නිරන්තර කතාවට එක්විය. අවසානයේ ඔහු නොදැනුවත්ව ම ජවිපෙ ක්‍රියාකාරින් ලෙස ගමේ නමක් දිනා ගත්තේ ය.

පසුව ඔහු හොරණ ජවිපෙ මැතිවරණ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කළේ ය.

ලයනල්ගේ ක්‍රියාකලාපය නොරිස්සූ ඔහුගේ මව ඔහුව කැකිරාවේ නෑදෑ ගෙදරකට යැවු නමුත්, ඔහු සිටියේ තමා යන ගමන පිළිබඳ අහිතකිනි .

කැකිරාවට ගිය ලයනල් සතිපොළේ එළවළු විකිණීමේ නිරත විය. ඒත් ඉන් ඔහු විශාල වශයෙන් මුදල් ඉපයුවේ නැත. එළවළු විකිණීමට ආයුබෝවන් කී ඔහු කොළඹට පැමිණ ආරක්ෂක තනතුරක, රස්සාවට ගියේ ය. රාත්‍රි මුර සේවය ඔහුට දිරෙව්වේ නැත.

කොළඹින් යළි ගමට එද්දී පැවැතියේ දේශපාලන පෙරළියකි. ඒ වනවිට ජවිපෙ තහනම් වූ පක්ෂයක් විය. එහෙත් ජවිපෙ ක්‍රියාකාරීහු රහසිගතව සිය ව්‍යාපාරය කරගෙන ගියහ.

හොරණ නගරයේ පදික වේදිකාවේ වෙළඳාමක් කරමින් සිටි ලයනල්ට ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ ජයවර්ධන හමුවන්නේ මේ අතරය. ඔහු ලයනල්ට සිය පක්ෂයට එක් වෙන්නැයි ආරාධනා කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ ලයනල් කාටත් නොකියා ජයවර්ධන සමඟ ගොස් ජවිපෙ සන්නද්ධ අංශයට බැඳීමය. බමරකැලේ ශ්‍රීපාද අඩවියේ ඝන කැළෑවන්හි කඳවුරු පෙළීන් ලයනල් අවි පුහුණුව ලබා ගත්තේ ය. ඉන්පසු පිළියන්දල ජවිපෙ ආරක්ෂිත නිවෙසකට යවනු ලැබු ලයනල් ජවිපෙ දේශපාලන න්‍යාය පිළිබඳ අධ්‍යනයක යෙදිණි. ඒ නාඳුනන තුවක්කුකරුවන්ගේ ක්‍රියාකාරකම් රට පුරා පැතිරෙන්නට වූ කාල වකවානුව විය.

වරක් ජවිපෙ සාමාජිකයන් පිරිසක් සමඟ ආයුධ සහිතව ම පොලිස් අත්අඩංගුවට පත් වූ ලයනල් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පැන ගියේ ය. බොරුපන පාරේ පිහිටි හමුදා, කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමට ද ඔහු එක්විය.

පිළියන්දල ආරක්ෂිත නිවෙසක සිටියදී ඔහු සොයා පැමිණි ජයනාථ නැමැත්තකු ඔහුව නාඳුනන තුවක්කුකරුවාගේ චරිතයට යොමු කරන්නට විය. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ටෙරන්ස් පෙරේරා ඝාතනයට ලක්විය. සිතුවාටත් වඩා සාර්ථක වූ ඝාතනයෙන් පසු ලයනල්ට දිගින් දිගට ම කොන්ත්‍රාත් ලැබිණි. සමහර ඒවා ඝාතනය . තවත් ඒවා මංකොල්ලය.

ඔහු මේ සියල්ල තම දිනපොතේ සටහන් කළේ ය. ලයනල්ගේ දිනපොත ඝාතනවලින් පිරී ගියේ ය. විජය කුමාරතුංග ඝාතනය සිදු වන්නේ මේ අතරතුරය. ඉන්පසු යළි කටුනායක හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ලකොට අවි තොගයක් පැහැර ගැනීමට ලයනල් එක්විය. නන්දලාල් ප්‍රනාන්දු ඝාතනය, රහස් පොලිසියේ රාජපක්ෂ මහතාගේ ඝාතනය, ජාතික සේවක සංගම් ලේකම් ඝාතනය, මහාචාර්ය ස්ටැන්ලි ප්‍රනාන්දු ඝාතනය ඇතුළු ඝාතන විසි ගණනක් ඔහු විසින් සිදුකර ඇති බව ඔහුගේ දිනපොත ඒත්තු ගන්වයි.

විජය කුමාරතුංගගේ නාමය ද එම දිනපොතේ සටහන් විය. ඒ V....J.... යන ඉංගී‍්‍රසි අකුරු දෙකකිනි. ඒ අසලින් පොල්හේන්ගොඩ යනුවෙන් ලියා තිබුණි. ඝාතන සිදු කිරීමෙන් පසු එකී පුද්ගලයාගේ නම ඉදිරියෙන් හරි ලකුණක් යොදා තිබුණේ ය. කෙසේ වෙතත් ඔහුගේ දිනපොත ඔහු අතට ම දියවී ගොස් තිබියදී විමර්ශකයන් විසින් සොයා ගන්නා ලදී.


කීර්ති මෙන්ඩිස්

Source : Dinamina 2011/02/15
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Tue Feb 15, 2011 8:18 am    Post subject: Re:

බිම වැටුණු විජයගේ ඔළුවටම වෙඩි තිබ්බා..
විජයගේ ඝාතකයා රහස් පොලිසියට කියයි
විජය මරාදමා හෙටට වසර 23 යි

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

ලයනල් රණසිංහ මිනීමැරුම් කිහිපයක් සිදු කළ තැනැත්තෙකි. දේශප්‍රේමී සංවිධානයේ ඉහළ නියෝග මත ඔහු ඒ සියල්ල සිදුකළේය. ඒ 1983 පෙබරවාරි මාසයේ එක්තරා දිනයකි. ලයනල් ඒ වන විට පදිංචි ව සිටියේ දම්පේ නිවෙසකය. ඒ ටාසන් ද සමඟය. ටාසන්ගේ ඇත්ත නම හේරත් ය. අසෝක, මෝටර් සයිකලයකින් එහි පැමිණියේ ඔය අතරය.

“අපට පොඩි කතාවක් කරන්න තියෙනවා. හෙට දවල් දෙකට සැන්ට් මිචෙල් එකට එන්න”. අසෝක කීවේය.

ඒ අනුව කියූ වේලාවට ලයනල් හා ටාසන් හෝටලයට ගියේය. ඒ වගේම අසෝකත් ජයන්තත් එතැනට පැමිණ සිටියහ. හෝටලය ඉදිරිපස තණකොළ බිස්සේ සියල්ලෝම වාඩිවූහ. වේටර් කෙනෙකුට මුදල් දුන් අසෝක කොකාකෝලා හතරක් ගෙන්වා ගත්තේ ය.

“ඔයාලට විශේෂ වැඩක් පවරන්න තියෙනවා.”

ලයනල් හා ටාසන් මුහුණට මුහුණ බලාගත්හ. “විජය කුමාරතුංග ව අයින් කරන්න ඕනෑ..” ජයන්ත කීවේය.

“ඇයි . ඒ..?”

“විජය ඉන්දියන් සාම ගිවිසුමට පක්‍ෂව වැඩ කරන්නේ පළාත් සභාවලටත් පක්‍ෂයි. හැම තැනම මීටිං තිය තියා මිනිසුන්ට ඒ බව කියනවා. එයාගේ ජනපි‍්‍රයතාවයට තරුණ කට්ටිය එයාගේ රැස්වීම්වලට යනවා. අපි සාම ගිවිසුමට විරුද්ධයි. පළාත් සභා පනතටත් විරුද්ධව අපි සටන් කරන්නේ..”
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


“විජයට අපි මේ ගැන දැන්නුවා. ඒත් එයා ඒ ගැන අහන්නේ නැහැ. එයාට අවසාන නියෝග නිකුත් කරලයි තියෙන්නේ. ඒ නිසා එයාව අයින් කරන්න ඕන මේ ගැන කාටත් කියන්න එපා.”

ජයන්ත පොරොන්දුවක් ද ගත්තේ ය.

“අපි හෙට කිරුලපන ලයිබ්රි එක ගාවදී හමුවෙමු”

ඒ අනුව පසු දින හමුවීම වූයේ කිරුලපනදීය. අසෝක එතැනට ආවේ තවත් අයකු සමඟ ය. ඔහු අඩි පහමාරක් උසැති අයෙකි.

“මෙයා විජයගේ විස්තරයි ගෙදර තියෙන තැනයි දන්නවා”

අසෝක සිය සගයාව හඳුන්වා දුන්නේ එලෙසය.

“මෙයාත් එක්ක ගිහින් විස්තර බලාගන්න.”

තිදෙනාම කිරුලපනෙන් නාරාහේන්පිට ට පැමිණ හමුදා කඳවුර ද පසුකරගෙන විජයගේ නිවෙස අසලට පැමිණියහ.

“මේක තමයි විජයගේ ගෙදර”

නිවෙස ඉදිරිපිට තාප්පයකි. ගෙට ඇතුළුවන ගේට්ටුව තිබුණේ මහ පාර දෙසින් නොව හමුදා කඳවුර දෙසිනි. ගේට්ටුව අසල මුර කුටියකි. එහි ආරක්ෂකයකු ද සිටී.

එතැන කඩයකින් තේ බී ඔවුහු කඩය ඉදිරිපිට තිබුණු ඇළ ළඟට යා හැකි ගුරු පාර දිගේ ඉදිරියට ගියහ.

“විජය හැමදාම හවස හයත් හයයි තිහත් අතර මේ පාරෙන් මහගෙදරට යනවා..”

නාඳුනන පුද්ගලයා ලයනල්ට හා ටාසන්ට කීවේ ය.

“අර තියෙන්නේ එයාගේ අම්මගේ ගෙදර” මහපාරේ සිට යාර 200 ක් පමණ ඈතින් මහගෙදර පිහිටා තිබිණි. නිවෙස හා පාර දැක බලා ගැනීමෙන් අනතුරුව ඔවුහු යළිත් ආවේ කලින් තේ බිව් කඩය ළඟටය.

“විජය ගැන තවත් හොයලා බලන්න.”

නාඳුනන පුද්ගලයා පිටව ගියේ ය. ඒත් ඔවුහු එතැන රැඳුනහ. හවස හයයි තිහ පසු වුව ද විජය එතැනින් ගියේ නැත.

පසුදා යළි අසෝක ඔවුන් සොයා ආහ.

“බලාගත්තද?..”

“ඔක්කොම බලාගත්ත. ඒත් විජය කුමාරතුංගව නම් දැක්කේ නැහැ.”

“එහෙනම් සවස 6 ට එදා තේ බිව්ව කඩේ ගාවට එන්න” කී අසෝක මෝටර් සයිකලයෙන්ම නැඟී ගියේය.

හවස හයට ඔවුහු යළි හමුවූහ. අසෝක, ඔවුන් දෙදෙනාව විජයගේ මහ ගෙදර යන පාර දිගේ රැගෙන ගියේ ය.

“මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේ පාරෙන් ගියොත් ඇළෙන් එගොඩ වෙන්න පුළුවන්.”

ඔවුහු ඒ පාර දිගේම ගියහ. ගරාජයක් අසලට පැමිණි අසෝක ඔවුනට ඇළ අයිනෙන් ගොස් හයිලෙවල් පාරට යා හැකි බව ද කීවේය.

ලැබුණු නියෝගය මත සැම දිනම සවස හයට විජයගේ නිවෙස ඉදිරිපිට කඩයට එන ලයනල් හා ටාසන් ඔත්තු බැලීමේ රාජකාරියේ යෙදුණහ. සතියක් ගියද විජය දැකගැනීමේ අවස්ථාවක් ඔවුනට උදා නොවීය.

“විජයව දැක්කාද?”

“යනවා දැක්කේ නැහැනේ”

“එහෙනම් උදේට හරි දවල්ට හරි ගිහින් බලන්න.”

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

දේහය රෝහලේ දී


අසෝක වරින් වර පැමිණ ඔවුන් උනන්දු කළේ ය.

මේ තවත් දිනයකි. උදෑසන දහයට පමණ ඇත. කිරුලපන පැත්තේ සිට පැමිණි නිල් පැහැති කාර් රියකින් පැමිණි විජය නිවෙස ඉදිරිපිට පාරේ වාහනය නතර කොට නිවෙසට ගියේය. කලිසමක් හා උඩින් දමන කමිසයක් විජය හැඳ සිටියේය. ඔවුන් විජය දුටුවේ එදාය.

එදාම හවස අසෝක යළි ඔවුන් සොයා ආවේ ය.

“අපි විජයව දැක්කා ගෙදර ඉස්සරහදී”

“ එහෙනම් වැඩේ කරන්න ”

අසෝක කීවේ ය.

“කොහොමද කරන්නේ... ගෙදර ඉස්සරහ ආමි කෑම්ප් එකනේ..”

ලයනල් කීවේය.

“කෑම්ප් එකේ කට්ටිය ලැහැස්ති වෙන්න කලින් වැඩේ කරලා යන්න පුළුවන්.”

අශෝක පිළිතුරු දුන්නේ ය.

ඉන්පසු ඔවුන් ඔත්තු බලන්නට විජයගේ ගෙදර අසලට ගියේ නැත. දින දෙකකට පසු අසෝක යළි ඔවුන් සොයා ආවේ ය.

“විජයගේ ගේ ඉස්සරහ කඩයක් තියෙනවා ඒක මම අරන් දෙන්නම්. වැඩේ කරන්න..”

“කඩයක්...?”

“ඔව්” මම කඩේ බලලයි තියෙන්නේ. කඩය හදන විදියට ගිහින් තුවක්කුව ඒ කඩේ තියාගන්න. විජය කාර් එකෙන් ආවට පස්සේ වෙඩි තියන්න. කෝකටත් හෙට ගැරේජ් එක ළඟට උදේ 8 ට එන්න”

අසෝක කීවේය. ඒ අනුව ලයනල් හා ටාසන් පසුදා උදෑසන ගරාජයට ගොස් අසෝක හමුවූහ. ගරාජයේ දෙතුන් දෙනෙක් වැඩ කරමින් සිටියහ. “වැඩේ ඉවරකරලා තුවක්කුව මෙහාට ගෙනත් දෙන්න.”

එතැන සිටි අයෙකු ගරාජය පිටුපස වත්තේ තිබූ නිවෙසකට ගෙන ගොස් ලයනල්ට කීවේය. නිවසේ දෙදෙනක් වූහ.

“මේ දෙන්නා බෑග් එකක් ගෙනත් දෙයි. ඒක අරන් තියන්න.”

ඔහු නිවැසියන්ට කීවේ ය. එහි වූයේ ගැහැනුන්ය.

අනතුරුව ඔහු විසින් මෝටර් සයිකලය දැමිය හැකි ස්ථානයක් ද ලයනල්ට හා ටාසන්ට පෙන්වීය. එම ස්ථානය පිහිටියේ තුවක්කුව තබන්නට කී නිවෙස ඉදිරිපස පිට්ටනියට අනෙක් පසින්ය.

“බයිසිකලේ මෙතැන අයිනෙන් තියන්න..”

ඒ වනවිටත් රතු පැහැති මෝටර් සයිකලයක් එතැන තිබුණි. එය රැගෙන විත් තිබුණේ සතියකට කලින් ය. ඒ ටාසන් විසින් ය. තුවක්කුව හා මෝටර් සයිකලය තබන තැන් දනගත් ලයනල් ඉන්පසුව හමුවූයේ අසෝකවය. ඔහු ගරාජයේ විය.

“කඩේ අරගෙන දෙන්නම්”

අසෝක කීවේය. ඒ අනුව ඔවුහු එතැනට ගියහ. අසෝකත් ලයනලුත් විජය කුමාරතුංගගේ නිවෙසට ටිකක් දුරින් පාරේ අනෙක් පසින් වූ නිවෙසට ගියහ. ටාසන් ඒ ගමනට ආවේ නැත... එහි වයස අවුරුදු විස්සක පමණ තරුණියකි.

“අපි මේ කඩේ ගන්න ආවේ,රිසිට් එකක් ලියාගන්නත් ඕන.”

“එහෙනම් පොඩ්ඩක් ඉන්න. තාත්තා කඩේට ගියා. දැන් ඒවි” ඇය කීවාය.

ටික මොහොතකින් වයස අවුරුදු හතළිස් පහක් පමණ වූ අයෙක් පැමිණියේය.

“අපි මේ කඩේ ගන්න ආවේ”

අසෝකගේ කීමට ඔහු කඩයේ දොර විවර කොට පෙන්වා යතුර ද අසෝක අතට දුන්නේ ය.

“අපි කඩය හදාගන්න හෙට එන්නම්.”

“අපිට රිසිට් එකක් දෙනවද?”

කුවිතාන්සිය ලිව්වේ කඩ හිමියාගේ දුව විසින් ය. ලයනලුත් කඩ හිමියාත් ඊට අස්සන් කළහ.

එදින රාත්‍රි හතට ‘දම්පේ’ නිවසකදී ලයනල් ටාසන් හා අසෝක යළි හමුවූහ.

“තුවක්කුව ගැරේජ් එකට ගෙනත් තියෙන්නේ”

“ඒක හරි. කඩේ හදාගන්න ලී ගන්න ඕන නේද?” ලයනල් විමසුවේය.

අසෝක රුපියල් තුන්සියයක් ලයනල් අත තැබීය.

‘කියතකුයි මිටියකුයි බාස්ගෙන් ඉල්ලගන්න.”

පසුදින උදේ මිටියක් හා කියතක් ද ඉල්ලා ගත් ලයනල් හා ටාසන් පිළියන්දල සිට කොළඹ බලා එන බසයකට නැග පාමන්කඩ හන්දියෙන් බැසගත්හ. කිරුලපන පාලම පසුකොට පුස්තකාලය අසලට පැමිණි ඔවුහු බස්නැවතුම අසල නතරවූහ. “ඔයා ඉන්න. මම මෝටර් සයිකලේ අරන් එන්නම්..” ටාසන් කීවේය. ටික මොහොතකින් ටාසන් සයිකලයෙන් ම එතැනට ආවේය. ලයනල් ඊට ගොඩවිය. ඔවුන් කෙලින්ම ආවේ පෙරදා මිලට ගත් කඩය ළඟට ය. නිවසේ වූයේ තරුණ දියණිය පමණි.

“අපි මේ කඩේ හදන්න ආවා.” කියත හා මිටිය පුටුවක් යට තබමින් ලයනල් කීවේය.

“අපි තව පොඩ්ඩකින් යනවා ලී වගයක් බලන්න...”

ඉන් පසුව ඔවුන් කෙලින්ම ගියේ ගරාජයටය.

“මම තුවක්කුව අරන් එන්නම්”

“උඹ රවුමක් ගහලා කඩය ළඟට වරෙන්..”

ලයනල්ට සිය සගයා වූ හේරත් කීවේ ය. අතුරු පාරක් ඔස්සේ ලයනල් ගරාජයට ගියේ ය. තුවක්කුවක් හා ග්‍රේනේඩ් එකක් දමන ලද කලු පැහැති බෑගයක්ද එහි විය. එය රැගෙන ගොස් වෙනත් නිවෙසක තැබූ ලයනල් කඩය ළඟට පැමිණියේ ය. ඒ වන විට වේලාව දහවල් එකොළහයි තිහට පමණ ඇත. ටාසන්ද ඒ වන විටත් එතැනට පැමිණ සිටියේ ය. දෙදෙනාම කඩය ළඟටම ඉදිරිපස බලා සිටියේ ඔවුන්ගේ ඉලක්කය එන තුරුය.

ගතවූයේ අඩ හෝරාවකි. විජය මොටීරියකින් එතැනට ආවේය. ඒ වන විට ඔහුගේ නිවස ඉදිරිපිට සුදු පැහැති ඩැට්සන් ඩබල් කැබ්රියක් විය. මුරකුටිය අසලට වන සේ පාරේ නතරකළ වාහනයෙන් බැස ගත් විජය නිවෙස තුළට ගියේය.

“විජය දැන් ආයේත් ගෙදරින් එළියට එනවා. එතකොට කරමුද..?” ටාසන් ලයනල් ගෙන් ඇසුවේය. ඒ වනවිට ටී 56 තුවක්කුව හා බෝම්බය ලයනල් විසින් වෙනත් ගෙදරක තබා තිබුණේ ය. ඉන් අනතුරුව ටාසන් සිය මිතුරා වූ ලයනල් ද දමාගෙන මෝටර් සයිකලයෙන් ම කිරුලපන පාරේ තුවක්කුව තිබූ නිවසට ගියහ. ගෙදර වූයේ කලින් දා හිටි කාන්තාවක් ය.

“බෑග් එක අරන් යන්න ආවේ?”

ලයනල් ඇයට කීවේය. ඇය ඇඳ යට තිබූ බෑගය ගෙන ආවා ය.

ඉන් පසුව ඔවුන් පැමිණියේ තුවක්කුව තබන ලෙස නියෝගයක් ලබා දුන් ගෙදරට ය. කාමරයේ ඇඳක් මත තබාගෙන ම තුවක්කුව “ලෝඩ්” කළේ ය. ගලවා තිබූ මැගසින් එක තුවක්කුවට සවි කළේ ය. ඒ වන විට තුවක්කුවේ බට් එක නවා තිබුණි. ග්‍රේනේඩය ද බෑගය තුළ විය. ලයනල් තුවක්කුව ලෝඩ් කරනතුරු ටාසන් මෝටර් සයිකලයට වී ඒ දෙස බලාසිටියේ ය.

බෑගයද රැගෙන යළි කඩයට පැමිණි ඔහු මෝටර් සයිකලය වත්තට දමා විජයගේ නිවෙස දෙස බලා සිටියේ ය. ගතවූයේ විනාඩි පහකි. විජය නිවෙසින් පිටතට එන බව ලයනල් දුටුවේය. තනිවම පැමිණි විජය නිවෙස ඉදිරිපස කා සමඟ හෝ කතා කරන බව ඔවුහු දුටුහ.

ලයනල් ඉන්පසු කළ දේ රහස් පොලිසිය හමුවේ කීවේ මෙලෙසය.

“මමයි ටාසනුයි ගිහින් බයිසිකලයට නැග්ගා. මම බෑග් එක ඔඩොක්කුවේ ම තියාගෙන සිප් එක ඇරලා සේප්ටිය පහළට දමාගෙන වෙපන් එක අතට ගත්තා. විජය හිටි තැනට යාර විස්සක් විතර දුරින් ටාසන් බයිසිකලේ නැවත්තුවා. විජය ගේට්ටුව ළඟ හිටියා. එයා අතේ කොල දමා නවන ලද ෆයිල් කවරයක් තිබුණා.”

“මම මෝටර් සයිකලය උඩ ඉඳලම ටී 56 වෙපන් එකෙන් විජය කුමාරණතුංගගේ පිටට වෙඩි දෙකක් තිව්වා. ඔහු හිටියේ මට පිටුපාලා. ඒත් එක්කම එයා බිම ඇදගෙන වැටුණා. ඉන් පස්සේ මම බයිසිකලයෙන් බැහැල ගිහින් එයාගේ ඔලුවට වෙඩි කිහිපයක් ම තිබ්බා...”

“මම ඉස්සරහට යද්දී එතැන කතා කරමින් හිටිය කෙනෙක් ගේ ඇතුළට දුවන්න ගත්තා. මම එයාටත් වෙඩි තිව්වා. ඒත් එයා ගේ ඇතුළට දිව්වා. ඩබල් කැබ් එකටත් වෙඩි තිබ්බා.”

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


“ටාසන් ඒ වෙනකොට මෝටර් සයිකලය කිරුලපන පැත්තට හරවලයි තියාගෙන හිටියේ මම එතැන වැටිලා තිබුණු ෆයිල් එක අරගෙන ඒකෙ මොනවද තියෙන්නේ කියලත් බැලුවා. ඒකේ තිබුණේ කොල වගයක්. මම ඒක බිමට දැම්මා. තුවක්කු දමා ගෙන ආව බෑග් එක බිම වැටිලා තිබුණා. ඒකත් අහුලගෙන තුවක්කුව බෑග් එකට දාලා මෝටර් සයිකලේට නැගලා මම හයිලෙවල් පාර පැත්තට ගිහින් තුවක්කුව තියන්න කියපු ගෙදරට ගියා”.

“එතැනදී මම තුවක්කුව “අන්ලෝඩ්” කළා.... බලනකොට මගේ ටීෂර්ට් එකේ ලේ තිබුණා. මම හිතන්නේ ෆයිල් එකේ තිබුණු ලේ මගේ ටීෂර්ට් එකේ ගෑවෙන්න ඇති ”

“තුවක්කුව එතැන තියලා මම මෝටර් සයිකලය තියන්න කියපු තැනට ගියා.. එතකොට ටාසන් මෝටර් සයිකලය එතැන තියලා තිබුණා.”

ලයනල් කියන්නට විය. ඉන්පසු ඔවුන් පැමිණියේ දම්පේ නිවෙසටය. ඒ වනවිට වේලාව සවස හතරට පමණ ඇත. විජයගේ ඝාතනයෙන් මුළු රටම ඇවිස්සී තිබිණ. විජය මරා දමා ඇති බව හැමගේ සිත් සසල කළේ ය.

ටික මොහොතකින් අසෝක ද එම නිවෙසට ආවේය. ඔහු ලයනල් පිළිගත්තේ සිනහ මුසු මුහුණින්ය.

“අපි විජයට වෙඩි තිබ්බා.” ලයනල් කියද්දී අසෝක ඔහුගේ කට වැසුවේය.

“කට කට පරිස්සම් කරගන්න”

එදා රාත්‍රිය තිදෙනාම ගත කළේ එම නිවසේය. පහුදා වන විට මුළු දිවයිනම එකම කඳුළු ගංගාවක් විය. ආදරණීය විජය කුරිරු ලෙස මරාදමා තිබුණේ ය. මුළු රටම හඬද්දී පාපතරයන් වූ ලයනල් හා ටාසන් කිසිත් නොදන්නන් සේ කාලය ගත කළහ.

අපරාධ විමර්ශන ඒකකයට කොටුවූ ලයනල් ඉහළ නියෝගය මත රහස් පොලිසියට භාර කෙරිණි. රහස් පොලිසියේ එවකට සිටි අධ්‍යක්‍ෂ චන්ද්‍රා ජයවර්ධන මහතා විසින් ඉදිරි පරීක්‍ෂණ කරනු ලැබීය. ලයනල් ගේ ප්‍රකාශය පිටු 179 කින් සමන්විත විය.

“තමන් විජයට මෝටර් සයිකලයේ ඉඳගෙන වෙඩි තියලත් ඉන් පස්සේ විජය ළඟටම ගිහින් ආයෙත් වෙඩි තිබ්බේ ඇයි”?.... පොලිස් නිලධාරියෙකු ඔහුගෙන් විමසුවේය.

“ මම හිතුවා විජය කුමාරතුංගට හරියට වෙඩි වැදුණේ නැහැ කියලා. ඒක නිසා තමයි වැටිල ඉන්නකොට ගිහින් ඔලුවට වෙඩි තිබ්බේ.”

ලයනල් අවසන්වරට කීවේය. 1989 මාර්තු මස 24 වනදා සවස 6.50 ට ලයනල් සිය ප්‍රකාශය රහස් පොලිසිය හමුවේ අවසන් කළේ එලෙසය.

කීර්ති මෙන්ඩිස්


Source : Dinamina 2011/02/15
Back to top
View user's profile Send private message
pesta
Founder
Founder


Joined: Nov 11, 2007
Posts: 20000
Location: USA

PostPosted: Tue Feb 15, 2011 11:26 am    Post subject: Re:

Thanks Chajee me details walata.. Vijayage maruwa gena kiyawanna lebuna
matath!
Back to top
View user's profile Send private message Yahoo Messenger
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Movies & Stars All times are GMT + 10 Hours
Goto page Previous  1, 2
Page 2 of 2

 
Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group