Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
13.10: Angela
13.10: saman
13.10: saman

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - ඉගිලෙන ලියමන්
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

ඉගිලෙන ලියමන්

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Short Story
View previous topic :: View next topic  
Author Message
sach
Executive Member
Executive Member

Joined: Nov 24, 2014
Posts: 5107

PostPosted: Thu Sep 12, 2019 8:08 pm    Post subject: ඉගිලෙන ලියමන්

පඩි දවස නිසා බාර් එක පැත්තෙ පොඩි රවුමක් දාන්න සිරිතුංගට ආරාධනාව ආවෙ සමරජීවගෙන්. රස්සාවට ආපු කාලෙ ඔය ගැටවලට අහුවුණාට දැන් සිරිතුංග ඒ ගොනා විකුණලා සෑහෙන කල්. සමරජීව පවුල්කාරයා අර ලෝන් මේ ලෝන්වලට කැපුණම පඩියෙන් අතට ආවෙ සොච්චමයි.සිරිතුංග තාමත් තනිකඩයා හින්දා පඩිය තාමත් දෙයියනේ කියලා අතට ගත්තා. සමරජීව හැදුවෙ සිරිතුංගගෙ ගානෙ වෙරි වෙන්න.පවු එක අතකට.

පවු පින් බලබල බෑ.මේ සති අන්තෙත් සිරිතුංගලගෙ ගෙදරින් මනමාලියෙක් බලන්න යන්න ලැහැස්ති කරගෙන තිබුණා.අම්මලා ලැහැස්ති කරගත්තට ඉතින් ඔය ගමන් බිමන්වලට වියදම් වුනේ සිරිතුංගගෙ පොකට්ටුවෙන්මනෙ. වයස හතළිහට කිට්ටු කළාට සිරිතුංගව දැක්කම එච්චර වයසක් පේන්නෙ නෑ කියලා තමයි ඉතින් කට්ටිය කිව්වෙ.එහෙන් මෙහෙන් පැහීගෙන එන කොන්ඩෙ ඩයි කරලා ජෙල් ඩිංගක් එහෙම ගාලයි සිරිතුංග වැඩට ආවෙ. මේ වෙද්දි සති අන්තෙට මනමාලියක් බලන්න යන එක චාරිත්තරයක් වාගෙ වෙලා තිබ්බෙ.නුවර,කුරුනෑගල, රත්නපුරේ ඔය විදිහට ලංකාව වටේම බවලත්තු බලන්න මෙලහකට ඔය විදිහට ගිහින් ඇති කියලයි සිරිතුංගට හිතුනෙ.

ඇස්වාට්ටු හන්දියෙන් පාර පැනලා සිරිතුංග පය ඉක්මන් කළේ එකසිය තිස් අටක් අල්ලගන්න. නැතිනං ඔෆිස් ට්‍රැෆික් එක කොළඹ පාරවල් වහගෙන හිරකරගන්න කලින් ටවුමෙන් පැනගන්නවා බොරු. පාර පැනලා බස් හෝල්ට් එකට කිට්ටු වෙද්දිම ඔන්න එකසිය තිස්අටක් අද්දනවා.ඒ හැටියට සෙනඟත් නැති පාටයි.සිරිතුංග පොඩි පිම්මක් දුවගෙන ගිහින් බස් එකේ එල්ලුනා.වෙලාවට සීට් එහෙකුත් හම්බුනා කියමුකො. එහෙ බලලා මෙහෙ බලද්දි කොන්දොස්තර කොලුවා මේක සැමන් පැක් කරන හින්දා ජනේලයක් ළඟ සීට් එකක් හම්බුනානම් සිරිතුංග තවත් මනාපයි.ඒත් ඉතින් මේ වෙලාවෙ ඔහොම හරි ඉඩක් ලැබුනා මදෑ.

කොන්දොස්තර කොලුවා අතට බස් ගාස්තුව මිට මොලවල අහවර වෙලා සිරිතුංග ඔෆිස් බෑග් එකත් බදාගෙන ජනේලෙන් එහා ඉබිගමනින් පිටිපස්සට දුවන ලෝකෙ දිහා බලාගෙන කල්පනා ලෝකෙ සක්මන් කරන්න ගත්තෙ. දවස තිස්සේම ඔෆීසියෙ ෆයිල් ගොඩ අස්සේ ඉඳලා ඇඟට වඩා හිතට කෙඩෙත්තුයි.උදේ බස් එකේ සීනිසම්බල් වෙලා ඇවිදින් ඇඟ අතපය කැක්කුං අඩු වේගෙන ආවා විතරයි.තව ටිකකින් මේ මගුලත් ඊස්මීස් නැතුව පිරෙනවා.

කොට්ටාවෙන් බැහැගනිද්දි ආයෙ සරීරකූඩුවට සනීපයි ඉතින්. ඒ කරලා ගෙදර යනකොට තේකක් හදාගෙන හිනාමූනක් එක්ක ඉස්සරහට එන්න ඉරණම්කාරි මෙච්චර කලක් ටැග් ගැහෙන්නෙ මොන එහෙකටද මන්දා කියලයි සිරිතුංගට තිස්සෙම කල්පනා වෙන්නෙ.සිරිතුංගට මගුල්තුලා හොයන එකෙන් කළදවස හරි ගියේ කපු මහත්තයගෙ විතරද කොහෙද. අනේ මන්දා උන්දැ ගේන පින්තූරවල ඉන්න බවලත්තු ඔක්කොටම වගේ සිරිතුංගනං ඉතින් මනාපයි.ඒත් එව්වා බාගෙට බාගයක් එක්කම සිරිතුංගගෙ හඳහන අමනාපයි. හඳහන් දෙක හාද වුනාම වෙන මොකක් හරි පරහක්.සිරිතුංගගෙ අම්මා පරණ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් වෙච්චි උන්දැගෙ තේරීම් කමිටුවෙන් ගැලවෙන්න පුලුවන් වුනේ එහෙමත් බවලතෙක් ට.එක්කො දෑවැදිවල එක එක කොහු.ඔය ඔක්කෝමත් හරිගිය තැනක බවලතී සිරිතුංගට මනාප නැති වුන වාරත් දෙක තුනක් නොතිබුනා නෙවෙයි. මෙච්චර ටැග් ගැහෙන්නෙ නැතිව ඉස්කෝලෙ යන කාලෙ හරි කන්තෝරු ආපු අලුත හරි කෙල්ලෙක් යාලු කරගත්තනම් කියලා සිරිතුංගට ඉඳහිට නොහිතුනා නෙවෙයි.ඒත් ඉතින් ඉස්කෝලෙ යන කාලෙම අම්මගේ ආන්ඩුව යටතේ උන්නු සිරිතුංග තාමත් ඒ ආන්ඩුවෙන් ගැලවෙන්න විදිහක් කල්පනා කරලා නොතිබ්බ නිසා එහෙව් නොහොබිනාකමක් කළා නම් අම්මාගෙන් ඔලුව බේරාගන්න විදිහක් හිතාගන්නත් පුලුවන් කමක් තිබුනෙ නෑ.

කිරුළපන හරියෙ ට්‍රැෆික් එකේ බස් එක හිරවෙච්චි.වාඩි වෙච්චි තැනට එහායින් ජනේලෙත් අරින්න බැරි අටමඟලක් හින්දා ඉහින් කනින් දාඩියත් බේරෙන්න ගත්තා.ඔය අවු අස්සෙ ඉඳ හිට විනාඩි දෙකතුනක් සිරිතුංගට නින්දත් ගියාද මන්දා.රටේ ඉන්න හැම මලයකාම වාහන පාරට දාගෙන හිරකරගන්නවා ඉතින් කොහොමද මිනිස්සු ඉක්මණට ගමනක් යන්නෙ? එකතැන හිටවලා තිබ්බ බස් එක මේ වෙද්දි කොන්දොස්තර කොලුවා කාටවත් නෑ බෑ නොකියා පටෝගත්තු ජනකායෙන් සුඛිතමුදිත වෙලා තමයි තිබුනෙ.හුස්මක් කටක් ගන්න බැරි කිටිකිටියේ හිරවෙච්චි උන්දැලා දිහා ඇස් කරකෝන ගමන් සිරිතුංග කල්පනා කළේ මෙහෙම හරි පස්ස අටෝගන්න සීට් එකක් හම්බෙච්චි එක කොච්චර දෙයක්ද කියලා.

ඒ මේ අත ඔහේ හිස් බැල්මෙන් උන්නු මිනිස්සු රොත්ත අස්සේ දිලිසෙන ඇස් දෙකක් සිරිතුංග දැක්කේ ඕං ඔහොම කම්මැලිකමට ඇස් කරකවාගෙන යද්දි. ගිනිකන වැටුන මුවා වගේ සිරිතුංග එහෙම්මම ඒ ඇස්වල පැටලිලා හිටියා ටික වෙලාවක්.ඊටපස්සෙ උන්හිටි තැන් මතක්වෙලා දඩිබිඩියෙම තමන්ගෙ ඇස් දෙක එතනින් අහක් කරගෙන ජනේලෙන් එළියට ඔබද්දි කන්දෙකත් එක්ක මුළු මූනත්තහඩුවම රත් වේගෙන එන ගතියක් තමයි සිරිතුංගට දැනුනේ. හැබෑට මීට කලියෙන් කොහෙදි හරි මීට කලියෙන් දිලිහෙන ඇස් මුලිච්චි වෙලා තියෙනවද කියලා සිරිතුංගට සැකයි. සැකයේ වාසිය හිතේ තියාගෙන සිරිතුංග හොරෙන්ම ආයෙ වතාවක් තමන්ගෙ ඇස් දිලිසෙන ඇස් දිහාවට කැරකෙව්වා. ඒ ඇස් අහක බලාගෙන. ඒ වුනාට සිරිතුංග බලාගෙන ඉන්න බව තමන් දන්නවා කියන්න වගේ ලා හිනාවක් මූනෙ දිලිහුණා.ආයෙමත් ඇස් දෙක ගලෝගන්නම හිතුනත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා හිත බලකරලාම කියා හිටි හින්දායින් සිරිතුංග දිලිසෙන ඇස් ඇත්තිගෙ කේශාන්තයේ හිට පාදාන්තය දක්වා බොහෝම සීරුවට ස්කෑන් කරගෙන ගියා. එයා තලඑලලුයි.ඒ වුනාට ඒ මූණෙ හරි අමුතු සිරියාවන්තකමක් තිබුණා.ගෙඩියක් ගහලා තිබ්බ කොණ්ඩෙ කඩා දැම්මාම දණහිස හරියට විතර දිග ඇති.එයා කෙට්ටුයි කියලා කියන්න බැරි වුනාට සිරිතුංගගේ අම්මා තරම් මහතත් නෑ. රතුයි කලුයි බතික් ඔසරියක් ඇඳලා බෙල්ලෙ ඇටමාල පොඩ්ඩකුත් දාගෙනයි හිටියෙ.අනිවාර්යයෙන්ම ඉස්කෝලෙ නෝනා කෙනෙක් වෙන්න ඕනෙ කියලයි සිරිතුංගට හිතුනෙ. සෙනඟ ගොඩ අස්සෙ පෙනුනේ ඔච්චරයි ඉතින්.ඒත් මේ ඇත්ති කලින් කොහේ හරි දැකලාම තියෙන විත්තියක් තමයි සිරිතුංගට හිතුනෙ.

හත්වලාමෙ මේ අටේ පන්තියෙ හිටිය විජේලතාද?

විජේලතාලගෙ තාත්තා ස්ටේශන්මාස්ටර් කෙනෙක් හින්දා විජේලතාලගෙ පවුල රට වටේ ඇවිද්දා.කලිනුත් විජේලතා පන්තියෙ ඉන්න ඇති වුනාට සිරිතුංගට විජේලතා හොඳහැටියට පේන්න ගත්තෙ අටේ පන්තියෙදි උන්දෑ කොටහලු මංගල්ලෙ අරන් ආයෙ ආවට පස්සෙන් පහු යි.විජේලතාගෙ හිතේ සිරිතුංග ගැන ආලවන්තකමක් තිබ්බ විත්තිය වතාවක් දෙවතාවක්ම සිරිතුංගට අඟවලා තිබුනත් අම්මාගේ කනට ආරංචි නොවී පෙරළා සෙනෙහෙ පාන විදිහක් හිතාගන්න බැරුව සිරිතුංග එකල මෙකල වෙවී උන්නෙ.ඒත් නවයෙ පන්තියෙදි ආයෙමත් විජේලතාලගෙ තාත්තා වෙන ස්ටේසමකට ගියේ විජේලතාලගෙත් මුල් උදුරගෙන.

ආයෙම වතාවක් සිරිතුංග හිමින් සීරුවේ ඒ පැත්තට ඇහැ යැව්වා. මේ විජේලතාම ද වෙන කවුරුහරි ද? සිරිතුංගගෙ ඇස් වල ගෑවීගෙනම දිලිසෙන ඇස් හිනාවීගෙන බිමට එබුනා. ඔය අවුඅස්සෙ බස් එකත් ආයෙ බැරි බැරි කවි කියකියා ගාටන්න ගත්තා. මූනෙ හැඩහුරුකමයි ඇස්වල බැල්මයි නම් සිරිතුංගෙ මතකෙ හැංගිලා හිටිය විජේලතාලගෙම තමයි කියලයි හිතුනෙ.ඒත් එකවගේ හත් දෙනෙක් ද කොහෙද ලෝකෙ ඉන්නවය කියනවනෙ. ඒත් ඉතින් මේ උන්දැත් හිනාවෙන්නෙ තමන් පෙර සංසාරෙ පතාගෙන ආව තාලෙට නෙව. නුගේගොඩ ගුවන්පාළමට කිට්ටු කරද්දි දහදොලොස් වතාවකට වඩා දිලිසෙන ඇසුයි සිරිතුංගගෙ ඇසුයි අල්ලන සෙල්ලං කරලා අහවරයි.ඒත් ඉතින් මේ එකෙක්ට එකෙක් හෙලවෙන්න බැරි වෙන්න අහුරාපු බස් තඩියෙ වෙන මොන කෙහුරක් වෙන්න ද?

නුගේගොඩට ආවම මතක් උනේ එළවළු අරං එන්න අම්මට පොරොන්දු වෙච්ච විත්තිය.මොනවා ගෙනිච්චත් ඉතින් උන්දැගේ අඩුපාඩු ලැයිස්තුවේ ඒ හැම එකකටම කියන්න දෙයක්නං නැති වෙන්නෙ නෑ. පස්සට යන්නෝ කියලා ගෝරනාඩු කරගෙන කොන්දොස්තර කොලුවා කන ගාවින් මාරු වෙද්දි ඒ කල්පනා පැටලුමෙන් එළියට විසි වෙච්චි සිරිතුංග කලබලේට හෙව්වෙ දිලිසෙන ඇස් ඇත්ති හෙවත් "බාගෙවෙලාවට විජේලතා" නුගේගොඩින් බැහැගත්තද කියලා.

දෙයියනේ කොන්දොස්තර කොලුවගේ ගෝරනාඩුවත් එක්ක විසි වෙලා ඇවිත් එයා නතර වෙලා හිටියෙ සිරිතුංගගෙ සීට් එක අද්දර. ඉද්ද ගැහුවා වගේ නැගිටලා ඒ ඇත්තිට සීට් එක දෙන්න බල කෙරුවෙ සිරිතුංගගේ කුඩාමොලේද කොහෙද.ජනේලෙ ළඟ හිටි නාකි උන්නැහේ තමන් දිහා දාපු නෝන්ඩි හිනාව සිරිතුංග නෙවෙයි තඹ සතේකට ගනන් ගත්තෙ.

"වාඩිවෙන්න මිස්"

"අනේ නෑ කමක් නෑ."

"ඉඳගන්න,මම ළඟ බහිනවා"

"තැන්ක් යූ. දෙන්න මම බෑග් එක තියාගන්නං"

"බාගවෙලාවට විජේලතාගේ" කටහඬත් රූපෙටම ගැලපෙන නැලවිල්ලාවයි. අනේ මන්දා මේ විජේලතාද නැද්ද?

විජේලතා වුනත් නොවුනත් මේ ඇත්තී තමන්ට අපූරුවට පෑහෙන විත්තිය තවත් සහතික කරලා සිරිතුංගට කීවෙ හැට්ට කර අස්සෙන් ලාවට එබිකං කළ හංස ලීලාව. ඒ දිහා වැඩිමනත් උවමනාවකින් බැලුවෙ නැත්තෙ තමන් හැබෑම මහත්තයෙක් විත්තිය ඒ ඇත්තිට ඒත්තු යන්න ඕනෙ හින්දද මන්දා .
සැරෙන් සැරේ ඒ ඇත්තිගෙ දිලිසෙන ඇස් සිරිතුංග ගෙ ඇස් හොයාගෙන උඩහට බඩගෑවා ඒ හැම සැරේක ම වගේ හීන් හිනාවකුත් උන්දැගෙ මූණ පිරෙන්නම පිපුණා. අම්මා මොන කොන්දේසි ගෙනාවත් මේ ඇත්ති නැතිනම් සදහටම තනිකඩ වෙන බවට තර්ජනාංගුලි උස්සන්න තරම් සිරිතුංගගෙ හිත එඩිතර කළේ ඔය අපූරු හිනාව.

බඩ ගාගෙන බඩ ගාගෙන බස් එක කොට්ටාව දිහාට සේන්දු වෙද්දි සිරිතුංග හිතෙන් "බාගවෙලාවට විජේලතාව"කරකාර බැඳලා හත්දොහක් මඟුලුත් කාලා.මේ ඇත්තී ගැන මිස වෙන කිසිම දෙයක් සිහිකල්පනාවෙ නොතිබ්බ විත්තිය මතක් වුනේ කොට්ටාව බහින අය දොර ගාවට කිට්ටු වෙන්නය කියලා කොන්දොස්තර කොලුවා ටකරමට ගල් බාන්නා වගේ බෙරිහන් දෙද්දි.
දැන් මොකදෑ කරන්නෙ?

මොන එඩිතරකම හිතට ආවත් ගෙදර යන්න පරක්කු වුනොත් අම්මගෙ ප්‍රශ්න පත්තරේට උත්තර දෙන්න වෙන එක තරම් එපා වෙන වැඩක් තවත් නෑ.

ටෙලිෆෝන් නොම්මරේ මේ ඇත්තිට දීගත්තනං හරි.ඒත් කොහොමද මේ ලබුගෙඩියෙ ඒ තොවිලෙ නටන්නෙ? සිරිතුංගගේ විචිකිච්චාව "බාගවෙලාවට විජේලතාට" හරි අපූරුවට තේරුනේ හැබෑටම උන්දැ අනුන්ගෙ හිත් කියවන්න දන්නවද මන්දා.

"මිස්‍ටර් කොට්ටාවෙ බහිනවද?"
"අ අ අහ් ඔව් ඔව්"

චැහ්.ඇයි උන්දැ කොහෙද බහින්නෙ කියලාවත් ඇහුවෙ නැත්තෙ කියලා සිරිතුංග විස්සෝප වෙවී ඉන්දැද්දි හත්දෙයියනේ මේන් මේ ඇත්ති හෑන්ඩ් බෑග් එකෙන් නෝට් බුක් පොඩිත්තක් අරං ඒකෙ මොනමොනවාද ලියනවා.

සිරිතුංග හොරෙන් ඒ දිහා බලද්දි "ගෙදර ගිහින් බලන්න"කීවෙත් අර මිහිරි නැලවිලි තාලෙටමයි. නෝට් බුක් එකෙන් ගැලවිලා තුනට හතරට නවාපු කොළ පොඩිත්ත සිරිතුංගගෙ ඔෆිස් බෑග් එකේ පොකට් එකට එබෙද්දි කොට්ටාව බහිනවා කියලා කොන්දොස්තර කොලූ තර්ඩ් බෙල් එකත් ගහලා දුස්ටයාගෙ චරිතෙ බාර ගත්තා.

කොට්ටාව හන්දියෙන් බැහැගත්ත සිරිතුංගව තනිකරලා "බාග වෙලාවට විජේලතාව" අරං බස් එක හෝමාගම පැත්තට පියෑඹුවා. ඒ ඇත්තිගේ සෙනෙහෙ කොළ පොඩිත්ත කියවන්නම හිතුනත් අර හීනි කටහඬින් ආයෙම හිත ඇතුලෙන් සිරිතුංගට තරවටු කළේ ගෙදර ගිහින් නිවීහැනහිල්ලේ ඒක රස විඳින්ට කියලා.

හෙටත් මේ වෙලාවටම ඔය බස් එක අල්ලගන්න ඕනෑ.කාගීල්ස් එකට ගොඩ වෙන ගමන් සිරිතුංග හිතුවා.

බිල ගෙවන්න ගිහින් පර්ස් එක නැති විත්තිය තේරුණාමයි සිරිතුංග ආයෙ මේ ලෝකෙට කඩා පාත් වුනේ.

"සිහිකල්පනාවෙන් බස් එකේ යනවා මිනිහෝ"

"බාගවෙලාවට විජේලතා" මුතු අකුරෙන් එහෙම ලියලා දීලා ගිහින් තිබුණා.

උපුටා ගැනිම - ඉගිලෙන ලියමන් 2019.09.11
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 10050

PostPosted: Fri Sep 13, 2019 7:30 am    Post subject: Re: ඉගිලෙන ලියමන්

සිහිකල්පනාවෙන් බස් එකේ යනවා මිනිහෝ Mr. Green
Back to top
View user's profile Send private message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 1027

PostPosted: Fri Sep 13, 2019 10:16 am    Post subject: Re: ඉගිලෙන ලියමන්

හෙටත් මේ වෙලාවටම ඔය බස් එක අල්ලගන්න ඕනෑ.කාගීල්ස් එකට ගොඩ වෙන ගමන් සිරිතුංග හිතුවා.

බිල ගෙවන්න ගිහින් පර්ස් එක නැති විත්තිය තේරුණාමයි සිරිතුංග ආයෙ මේ ලෝකෙට කඩා පාත් වුනේ.

Great superb
Back to top
View user's profile Send private message
Kapilakumari
UNLIMITED Honor
UNLIMITED Honor

Joined: Apr 04, 2009
Posts: 1783

PostPosted: Sun Sep 22, 2019 7:05 pm    Post subject: Re: ඉගිලෙන ලියමන්

hmm ape vacx kiyana eka mamath anumatha karanawa
Back to top
View user's profile Send private message Yahoo Messenger
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6420
Location: Gampaha

PostPosted: Wed Sep 25, 2019 12:36 pm    Post subject: Re: ඉගිලෙන ලියමන්

අපොයි මොනවද මේ කරගෙන තියෙන්නෙ
Back to top
View user's profile Send private message Send e-mail
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Short Story All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group