Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
21.9: Nilantha Rodrigo
21.9: pinky
21.9: nipuni

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - අපේ ටෙලි තිරය හැඩකර, අප
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

අපේ ටෙලි තිරය හැඩකර, අප

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Movies & Stars
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 1014

PostPosted: Thu Jan 24, 2019 5:13 pm    Post subject: අපේ ටෙලි තිරය හැඩකර, අප

අපේ ටෙලි තිරය හැඩකර, අපෙන් සමුගත් මේ රංගන ශිල්පීන් දැනටමත් ඔබේ මතකයෙන් මැකී ගිහින්ද?

ඉඳහිට දවසක අතින් අත කෑලි වලට කැඩි කැඩී බෙදි බෙදී ගිය වඩයක් එක්ක, බෙදාගෙන බීපු ප්ලේන්ටියක් එක්ක ගෙවුණු රාත්රී මතකයක් අදටත් ඉඳ හිටක උඩට එනව. ඒක දහ දොලොස් දෙනෙක් ටීවී එකක් දිහා කට ඇරගෙන ඇස් අලෝගෙන දැහැන්ගත වෙලා ඉන්න පුරුදු වෙලා හිටපු මහ පුදුමාකාර කාලයක්. හැමදාම රෑ අටහමාර වෙද්දි තමන්ගෙ ගෙදර හිටියේ නැත්නම් කවුරු කවුරුත් ඉන්නේ අනුන්ගේ ගේක සාලෙක බිම ඈඳි අරගෙන. සූරසේනලා, සුදු සීයලා, කර්තේලිස්ලා, වෙද හාමිනේලා ටීවී එකයි අපේ සාලෙයි අතර දුර තරණය කරලා අපේ ජීවිත වලට සැරටම ගොඩවදිමින් හිටපු කාලෙ ඒ. ඒ අය තමන්ගෙ චරිතය නිම කරලා වේදිකාවෙන් බැහැල යන කාලෙ ඇරඹෙද්දි මාලි නන්දනීල, ශාන්ති නන්දල වේදිකාවට ගොඩ වුණා. ඊටත් පස්සෙ තවත් කට්ටිය ආව. අපිත් අනුන්ගෙ සාල වලින් සමු අරගෙන අපේ ගෙවල් වල, අපේම ටෙලිවිෂන් පෙට්ටි ඉස්සරහ ටැග් ගැහෙන්න පටන් ගත්තා. පැය බාගේ පැය දෙක තුනට දිගෑදෙන්න පටන් ගනිද්දි, එකා දෙන්නා හිටපු පවුල් වලත් රිමෝට් එකට පොරබැදුම් සිද්ධ වුණා… කාලෙ බොහොම ඉක්මනට ගෙවීගෙන යන්න පටන් ගත්තා…
දැන් මේ 2019 දවසක ඔයා ඔයාගෙ ස්මාට් ෆෝන් එකෙන් හෝ කොම්පියුටර් තිරයෙන් මේ ලිපිය කියවන මොහොත වෙනකොට ඔයාගෙ ගෙදර සාලේ කොණක, එහෙමත් නැත්නම් ගබඩා කාමරේ මුල්ලක ටීවී එකක් දුහුවිලි බැඳෙමින් තියනවා වෙන්න පුළුවන් (කූඹි කරදරයක් එහෙම නැත්නම්). අපිට අනුව නම් ටෙලිවිෂනයේ දුහුවිලි ගසල දාන්න තවම ඉක්මන් වැඩියි. ඒ වෙනුවට අපි මේ හදන්නේ මතකයේ දුහුවිලි ගසා බසා දාල අතීත ස්මරණයන් අවුස්සන්න. රෝස් පාන්, වඩේ සහ ප්ලේන්ටී රැගත් අතීත මතකයන් ඔස්සේ අපේ ජීවිත වලට ගොඩ වැදුණු, ටෙලි රඟ මඩලෙන් විතරක් නෙමෙයි ජීවිත රඟ මඩලෙනුත් නික්ම ගිය ආදරණීය ශිල්පීන් ශිල්පිණියන් කිහිප දෙනෙක් ගැන ඔබේ මතකය අවුස්සන්න.

1. එච්. ඒ. පෙරේරා

එච්. ඒ. පෙරේරා නම මතක් කරද්දි අපේ මතකයට මුලින්ම එන්නේ දූ දරුවෝ එකේ ඩයස් මහත්තයා. ඒත් එක්කම එයාගෙ කබල් ජීප් එක. එච්. ඒ පෙරේරාගේ රංගන ජීවිතය ටෙලිනාට්යයට විතරක් සීමා වෙන්නේ නැහැ. වේදිකාවෙන් පටන් අරගෙන සිනමාව දක්වා ඔහුගේ රංගන ජීවිතය විහිදෙනව. ඕනෑම සමාජ මට්ටමකට අයත් චරිතයකට ආවේශ වෙන්න තරම් එච්. ඒ පෙරේරාගේ රංගන කුසලතාවය සහ පෞරුෂය ප්රබලයි. කම්කරුවෙක්ගේ චරිතයක් වේවා, ධනවත් හාමු මහත්තයෙක්ගේ චරිතයක් වේවා, මුඩුක්කු වැසියෙක්ගෙ චරිතයක් වේවා එච්. ඒ. පෙරේරා වෙනසක් නොදැනෙන්න රඟදක්වන්න සමත්වෙනවා. එච්. ඒ පෙරේරා 2010 අවුරුද්දේදි අපෙන් සදහටම සමුගෙන යනවා. ඒ වෙද්දි ඔහු 58 වියැතියි.

2. අශෝක පීරිස්

අශෝක පීරිස් අපි හමුවට ආපු ටෙලිනාට්ය චරිත දිහා හැරිලා බලද්දි අවධානයට ලක්වෙන ප්රධාන කරුණක් තමයි තමන් රඟපාපු හැම චරිතයකටම විශේෂී වුණ අනන්යතාවයක් හදන්න ඔහුට තිබුණ දක්ෂතාවය. ඒ ඒ චරිත වලටම විශේෂ වුණු ඉරියවු පවා අශෝක පීරිස්ගෙ රංගනය හරහා බොහොම ස්වභාවික ආකාරයට එළියට එනව. අශෝක පීරිස් රංගන ශිල්පියාව පොඩි ළමයි හැටියට අපි මුලින්ම දැකගන්නෙ අඹ යහලුවෝ හරහා. ඉන් පස්සේ ටෙලි නාට්ය රැසක් හරහා අශෝක පීරිස්ව අපිට දැකගන්න ලැබුණත්, ඔහුගේ රංගන ප්රතිභාව අපිට තේරුම් යන්න ගන්නේ වැඩිමල් වයසට පත්වෙලා පැරණි නාට්ය නැවත නරඹන්න පටන් ගැනීමත් එක්ක තමයි. පස්සෙ කාලෙකදී බොහෝ විට හාමු මහත්තයා චරිත වලටම අශෝක පීරිස්ව කොටු වුණා කියලා අපිට හිතෙනවා. දුර්වල පිටපත් සහ රංගනයන් තිබුණ ඒ සමහරක් නාට්ය වලදී වුණත් අශෝක පීරිස් රංගන පාසැලක් වගේ නොසැලී තමන්ගේ රංගනය සිදු කරනවා අපි දැකල තියනවා. මේ වෙද්දි අශෝක පීරිස් අපෙන් සමුගෙන ගිහින් දශකයකුත් ගතවෙන්න ආසන්නයි.

3. ග්රැන්විල් රොඩ්රිගෝ

“ඔටා දමඤ්ඤං මර මර ඔටා දමඤ්ඤං…”
ග්රැන්විල් රොඩ්රිගෝ රංගන ශිල්පියා ගැන මතක් කරද්දි ඒ මතකයට පසුබිම් ගායනයක් වෙලා මේ ගීතය අපේ හිතේ වාදනය වෙන එක වළක්වගන්න බැහැ. ඒක බොහොම විනෝදය මුසු වෙච්ච මතකයක්. ග්රැන්විල් කියන්නේ රංගනයට විතරක් නෙමෙයි ගායනයටත් උපන් හපන් හාදයෙක්. ඔහුගේ ජීවිත කතාවත් හරිම රසමුසු තැන් ගෑවිලා තියන එකක්. ජීවිතේට මත්පැන් දුම්වැටි භාවිතා කරල නැති ග්රැන්විල් ටෙලි තිරයේදී ඒ චරිත බොහොම අපූරුවට රඟ දක්වන්න තරම් දක්ෂයෙක්. 1999 අවුරුද්දේ ග්රැන්විල් හදිසි අණතුරකින් ජීවිතයෙන් සමු ගනිද්දි ඔහු කරපු කලා කටයුතු වලින් ඔහුට ලැබිය යුතුව තිබුණ මුදල ලක්ෂ ගණනක් බවයි පැවසෙන්නේ. සමුගන්නා මොහොත වෙන විටත් ග්රැන්විල් නෝනාවරුනි මහත්වරුනි ටෙලියේ නිහාල් චරිතය හරහා අපි හමුවට එමිනුයි හිටියේ. සීරියස් චරිත, දුෂ්ට චරිත වගේම හාස්ය උත්පාදක චරිත හරහාත් ග්රැන්විල් සබයට ආවට ග්රැන්විල් ගැන අපිට තියෙන්නේ බොහොම විනෝදබර ජීවිතයක් ගැන මතකයක්. අදටත් ග්රැන්විල් ගැන මතක් කරද්දි ඔටා දමඥ්ඤං, මායාවෝ අකල්මකෝ වගේ ගීත අපේ ඔලුවේ වාදනය වෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

4. දෙනවක හාමිනේ

දෙනවක හාමිනේ රංගන ක්ෂේත්රයට ඇතුළු වෙද්දී ඇගේ වයස අවුරුදු හැටක් පමණ වන බවටයි සඳහන් වෙන්නේ. පමා වී රංගන ශිල්පිණියක් වුණත් සිනමාවේ වගේම ටෙලි නාට්ය ක්ෂේත්රය ඇතුළෙත් තමන්ගේ සටහන් තියන්න දෙනවක හාමිනේ සමත් වෙනවා. අහිංසක ගැමි චරිත විතරක් නොවෙයි, නපුරු සැරපරුෂ චරිත වුවත් ඇය නිර්භීතව භාරගන්නවා. ටෙලි නාට්ය කලාව පසෙකින් තිබ්බත් සිනමාවේදී ඇය විසින් නිරූපණය කරන ලද චරිත වලට ලැබිය යුතු නිසි ඇගයීම නොලැබුණ බවයි අපේ මතය. දෙනවක හාමිනේ ගැන අපේ ටෙලිවිෂන් මතකයේ ප්රබලම සටහන තමයි කෝපි කඩේ හාමිනේ වශයෙන් ඇය සිදු කරපු රඟපෑම. ඊට අමතරව ලාහිරු දහසක් ටෙලිනාට්යයේ ඇගේ චරිතයත් අපිට මතක හිටින චරිතයක්.

5. ජේ. එච්. ජයවර්ධන

ගුණරත්න රංහොටීව කාලගුණේ හැටියට අමතනවා වගේම ජේ. එච්. ජයවර්ධන රංගන ශිල්පියාව වැඩි දෙනෙක් හැඳින්වුවෙ ලොක්කෙ මාමා නමින්. ලොක්කෙ මාමාට අමතරව ඒ දවස්වල රූපවාහිනියෙ විකාශය වෙච්ච ඉඳි ආප්ප කතාව හෙවත් හිරුට මුවාවෙන් නාට්යයේ ලොකු අප්පච්චි චරිතය හරහාත් ජේ. එච්. ජයවර්ධනයන් අපි අතරේ ප්රසිද්ධ වුණා. රංගන ජීවිතය ඇතුළේ විවිධාකාර වූ චරිත රඟපාන්නට ලැබීම ජේ. එච්. ජයවර්ධනයන් ලද භාග්යයක් හැටියටයි අපි දකින්නේ. ජීවිතයේ සැඳෑ සමයේදී ග්ලූකෝමා රෝගී තත්ත්වය නිසා අන්ධභාවයට පත්වන්නට ජේ. එච් ජයවර්ධනයන්ට සිද්ධ වුණා. 2015 වසරේදි ජීවිත රඟ මඩලෙන් බසිද්දී ඔහු 94 වන වියේ පසුවුණා.

6. මාටින් ගුණදාස

90 දශකයේ අපි කාගේත් දුෂ්ටයෙක් වුණ පොලී මුදලාලි චරිතය නම් තවමත් ඔබට අමතක වෙලා නැතිව ඇති. පොලී මුදලාලි කියලා කිවුවට පොලී මුදලාලිටත් නමක් තිබ්බා කියලා ඒ කාලෙ ටෙලිවිෂන් රසිකයන්ට මතක ඇති. ඒ නම තමයි ජුවානිස්. මේ චරිතය දැනෙන විදිහට රඟපෑවේ දක්ෂ වේදිකා නාට්ය ශිල්පියෙක් වුණු මාටින් ගුණදාස මහතායි. පොලී මුදලාලි කියන්නේ මුදලට කෑදර දුෂ්ට රළු පරළු චරිතයක්. ළමා කාලෙ පොලී මුදලාලිගෙ දුෂ්ට කම් ලබන පරාජයන් හමුවේ සතුටු වෙච්ච අපි අද වෙද්දි පොලී මුදලාලි චරිතය මතකයට නගන්නේ ආදරය මුසු වුණ හැඟීමකින්.

7. මානෙල් ජයසේන

සුදු සීයා හෙවත් හෙන්රි ජයසේනයන්ව අපි මේ ලැයිස්තුවට ඇතුළත් නොකරන්නේ, නිතර අපේ ඇස ගැටෙන මතකයේ රැඳෙන නිර්මාණ හරහා ඔහු ගැන අපේ මතකය අදටත් ආවර්ජනය වන නිසාවෙනුයි. හෙන්රි ජයසේන කළාකරුවාගේ ප්රිය බිරිඳ වූ මානෙල් ජයසේන මහත්මියව අපි ඒ වෙනුවට ඔබේ මතකයට කැන්දනවා. හෙන්රි ජයසේනයන්ගේ ජීවිතයට සෙවනැල්ල බඳුවූ මානෙල් මහත්මිය ලාංකික වේදිකාව මත තබා ඇති සටහන අපිට කිසිසේත්ම සුළු කොට තකන්න බැහැ. 90 දශකය පමණ වෙද්දි ටෙලි නාට්ය හරහාත් අපි නිතර දකින චරිතයක් බවට මානෙල් ජයසේන මහත්මිය පත්වෙනවා. එකගෙයි කුරුල්ලෝ, සත්පුර වැසියෝ, හිරු කුමාරි ආදී ජනප්රිය ටෙලි නාට්ය හරහා ඇය අපි හමුවට එනවා. අසරණ මවගේ චරිතය වගේම, නපුරු ලොකු නෝනාගේ චරිතයත් ඇය විසින් අපිට දැනෙන විදිහට තිරයට ගේනවා. 2004 වර්ෂයේදී තමයි මානෙල් ජයසේන මහත්මිය අභාවප්රාප්ත වන්නේ. ඒ වන විට ඇය 68 වන වියේ පසුවුණා.

8. සුනිල් හෙට්ටිආරච්චි

සුනිල් හෙට්ටිආරච්චි රංගන ශිල්පියා ගැන වටින් ගොඩින් ඇහෙන කතාවලින් කියවෙන්නේ ඔහු සැබෑ ජීවිතේත් සැහැල්ලුව විනෝදයට බර පුද්ගලයෙක් හැටියටයි. ටෙලිනාට්ය හරහාත් සුනිල් හෙට්ටිආරච්චි තම රංගන හැකියාව වැඩි වශයෙන්ම මුසු කලේ ඒ වැනිම වූ චරිත වලට තමයි. කීටයා, බෝඩිම, හිරු තනිවෙලා වගේ නාට්ය හරහා ඔහු මතු කරපු හාස්ය රසය ඒ ටෙලි නාට්ය වල ජනප්රියතාවයට බොහොමයක්ම ඉවහල් වුණා. ඇඟට පතට නොදැනී හාස්ය මතු කරන්න සුනිල් හෙට්ටිආරච්චිට තිබ්බේ උපන් හපන්කමක්. සුනිල් හෙට්ටිආරච්චි රඟපාපු ටෙලිනාට්ය හැම එකකම වගේ ඔහුගේ බිරිඳ හැටියට රංගනය දැක්වුවේ රත්නා සුමනපාල ශිල්පිනිය නිසා ඒ කාලයේ සමහරු මේ දෙන්නා සැබෑ ජීවිතයේත් විවාහ වෙලාය කියලා රැවටිලයි හිටියේ. 2015 වසරේදී සුනිල් සිය ජීවන රඟ මඩලට සමුදෙනවා.
Back to top
View user's profile Send private message
thilinimadushani
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 29, 2016
Posts: 5008

PostPosted: Wed Jan 30, 2019 7:31 pm    Post subject: Re: අපේ ටෙලි තිරය හැඩකර, අ

Thank you aiya mathak karala dunnata Very Happy
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Movies & Stars All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group