Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
14.12: sweet_sl_girl
14.12: Sunil Ranasinghe
14.12: Dushan Sheyomal
14.12: chathurangani

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - Porondam saha Ooolmorondam.........
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Porondam saha Ooolmorondam.........

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Words & Vibes
View previous topic :: View next topic  
Author Message
QQ
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 06, 2011
Posts: 4735

PostPosted: Mon Sep 19, 2011 2:31 am    Post subject: Porondam saha Ooolmorondam.........

පොරොන්දම් සහ ඔල්මොරොන්දම්

විවාහයකදී පොරොන්දම් බැලීම අත්‍යවශ්‍යයි. ඒත් පොරොන්දම් නොබලා විවාහ වන අයත් සාර්ථක ජීවිත ගත කරනවා. පොරොන්දම් නූලට පිරික්සලා විවාහ වන සමහරුන්ගේ විවාහ ජීවිත දෙදරා වැටෙන හැටිත් අප දකිනවා. පොරොන්දම් ගැලපීම හරියට නොකළොත් මොළේ ඔල්මොරොන්දම් වෙනවා.

පොරොන්දම් පිරික්සුම නම් ජනප්‍රිය ඡ්‍යොතිෂාංගය හා එහි යථාර්ථයත් මිථ්‍යාවත් පිළිබඳව මෙවරත් අදහස් පළ කරනුයේ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතාය.

යුරෝපීයන්ට වඩා ආසියාතිකයින්ට විවාහය භක්තිමත් සිද්ධියක්. සසරේ පතාගෙන එන අය එකට එකතු වෙනව කියලත් කියන්නේ නිකමට නෙවෙයි. අපේ සමාජයේ දික්කසාදය සළකන්නේ නිග්‍රහයක් හැටියටයි.

...පූර්වාචාර්යවරු පෙන්වා දී තියෙන ආකාරයට ස්ත්‍රීන් හා ඔවුන්ට ගැලපෙන පුරුෂයින් වර්ග කරලා තියෙනවා. පද්මිණී, හස්තිනි, ශංකිණි යනාදී හැටියට ස්ත්‍රීන් නම් කෙරෙනවා වගේම විවාහයෙන් පසුව දාස භාර්යා, මාතෘ භාර්යා, වධක භාර්යා යනුවෙන් භාර්යාවන් ද වර්ග කෙරෙනවා. ජන්මපත්‍රයක ග්‍රහයන් පිහිටන්නේ පෙර කුසලාකුසල කර්ම අනුවයි. පොරොන්දම් පිරික්සීමෙන් ඡ්‍යොතිෂවේදියා කරන්නේ ඒ කුසල් බලය අනුව ස්ත්‍රිය හා පුරුෂයා විවාහයට ගැලපෙනවද කියා විමර්ශනයක යෙදීමයි.

පොරොන්දම් - පොරොන්දම් කීවාට මේ ගැන බොහෝ දෙනෙකුට හරි අවබෝධයක් නෑ. දෙදෙනාගේ ශාරීරික ලක්ෂණ, ගතිය, විදිහ, ජීවවිද්‍යා රසායනය පොරොන්දමෙන් පරීක්ෂා කෙරෙනවා. ඊළඟට මානසික තත්ත්වය විමසනවා. කාම ශක්තිය, ඉසිලීමේ හැකියාව, වාසනා ගුණය, ආධ්‍යාත්මික ශක්තිය වගේ බොහෝ කාරණා පොරොන්දම් බැලීමෙන් පරීක්ෂා කෙරෙනවා.

... දස පොරොන්දම්, විසි පොරොන්දම්, අෂ්ට නාඩි, සුදර්ශන චක්‍රය මහා දසා සහ විවාහයට සම්බන්ධ තවත් යෝග රාශියක් තියෙනවා. නමුත් මේ සියල්ල පිරික්සන්න ගියොත් කවදාවත් කසාදයක් කර ගන්න ලැබෙන්නේ නෑ. මූලික හා අත්‍යවශ්‍ය කාරණා ගැලපෙනවා නම් අනිත් අවශේෂ බොහෝ දේ සමහන් කර ගන්න ක්‍රම තියෙනවා. ඡ්‍යොතිෂවේදියාගේ කාර්යබාරය වෙන්නේ ඒකයි. තවත් මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. කොයිතරම් පොරොන්දම් බැලුවත් සමහර විවාහ දෝෂ පොරොන්දමට පෙනෙන්නේ නෑ.

ශනි මංගල දෝෂය, අංගාරක දෝෂය කාලසර්ප යෝග, විෂ කන්‍යා යෝග, සල්ලාල යෝග, බහු විවාහ යෝග, විකෘති කාමාශා යෝග, නෂ්ටකාම දෝෂ වගේ දේවල් පොරොන්දම් පරීක්ෂාවෙන් හොයාගන්න බෑ. ඒ කළ හැක්කේ ජන්මපත්‍රය පරීක්ෂා කිරීමෙන් විතරයි. විවාහ දෝෂ හැටියට නොගන්නා කේමධ්‍රැම යෝගය, ශ්‍රමණ යෝග, හතර කේන්දරය පාළු කරන යෝග යනාදිය නිසාත් විවාහ ජීවිතයේ ගැටලු හට ගන්නවා. පොරොන්දම් බලන්න කලින් දෙදෙනාගේම ජන්මපත්‍ර පිළිබඳ හොඳ අවබෝධයක් ඡ්‍යොතිෂවේදියාට තිබෙන්න ඕනේ.

නමුත් කනගාටුවෙන් වුණත් කිවයුතු දෙයක් තියෙනවා, ජීවිතයේ විශ්‍රාමික වයසේ දී ඡ්‍යොතිෂය එහෙන් මෙහෙන් අතපත ගෑව සමහර ඡ්‍යොතිෂවේදීන් කියා ගන්නා අය පොරොන්දම් බලන්න ගිහිං කරන්නේම ඔල්මොරොන්දම් වෙන වැඩ. පොරොන්දම් දුටු මතින් කියනවා අපොයි මේක ගැලපෙන්නේ නෑ. මේ කසාදේ කරන්න එපා කියලා. මේවා සාහසික නිගමන හැටියටයි මම දකින්නේ. මම අවධාරණයෙන් දෙයක් කියනවා. මේ ලෝකේ 100%ක්ම ගැලපෙන ජන්මපත්‍ර දෙකක් හමුවන්නේ නෑ. 100%ක්ම ගැලපෙන විවාහ මේ ලෝකේ කොහේවත් නෑ. සියයට සියයක්ම ගැලපෙනවයි කියන පොරොන්දම් දෙකක, ජන්මපත්‍ර දෙකක ඕන තරම් නොගැලපෙන තැන් හොයලා පෙන්වන්න පුළුවන්. එක්තරා ප්‍රභූවරයකුගේ පුත්‍රයෙක් ගේ මංගල්‍යයකට නැකත් දුන්න එක් දෛවඥයෙක් දින සුද්ධියවත් කරලා නෑ.

එහෙම අයයි අද අනුන්ගේ කසාදවලට පොරොන්දම් බලන්නේ. ඡ්‍යොතිෂවේදියා ශාස්ත්‍රයෙන් වගේම අත්දැකීමෙනුත් පොහොසත් වෙන්න ඕනේ. නියම ඡ්‍යොතිෂවේදියා ළඟ තියෙන්නේ මව්වත් ගුණයයි. ඒ කියන්නේ අනුන්ගේ විපතකදී හිත උණුවෙන ගතිය තියෙන්නම ඕනේ. එහෙම නැති කෙනෙක් මේ වෘත්තියට සුදුසු නෑ. මම ජන්මපත්‍ර දහස් ගණනක් පරීක්ෂා කරලා ඇති. පොරොන්දම් දහස් ගණනක් පරීක්ෂා කරලා ඇති.

බොරුවට හිත සතුටු කරන්නෙත් නෑ. බොරුවට බය කරන්නෙත් නෑ. කසාදය කෙරෙන විදිහ මිස නොකෙරෙන විදිහ මම බලන්නේ නෑ. රණ්ඩු වෙන්න වුණත් කසාදයක් තියෙන්න ඕනේ. හැල හැප්පිලි නැති විවාහ ජීවිත මේ ලෝකේ කොහේවත් නෑ. පොරොන්දම් බැලීම හරියට කරන්න කියන්නේ ඒකයි. බොහෝ විවාහ දෝෂ මඟහරවන්න පහසු ක්‍රම තියෙනවා. ජන්මපත්‍රයක මතුපිටින් පෙන්වන විවාහ දෝෂ වුණත් අහෝසි කරවන යෝග ජන්මපත්‍රවල තියෙනවා.

... සමහරු විදවා දෝෂය (කණවැන්දුම් යෝගය), කුජ දෝෂය වගේ දේවල් කියලා කසාද බඳින්න එන දෙන්නගේ ඔළුව නරක් කරනවා. හරිම අපරාධයක්. පොරොන්දම් බැලීම හොඳයි. ඒත් මේ බාගෙට ඉගෙන ගත්ත මිනිස්සු හින්දා මිනිස්සු ඔල්මොරොන්දම් වෙනවා. කාලසර්ප යෝගය නිතර කියන කතාවක්. මේ යෝගය පිහිටන්නේ ඉතාම කලාතුරකින්. ග්‍රහස්ඵුටය නොදැන සමහරු කාලසර්ප යෝග ගැන කතා කරනවා. ඒකත් අපරාධයක්. කාලසර්ප යෝග තියෙනවාය කියන බොහෝ ජන්මපත්‍රවල ඇත්තටම කාලසර්ප යෝගයක් නෑ. කාලසර්ප යෝග දොළොස් ආකාරයි. මේකෙන් විවාහයට නපුරක් කරන්නේ දෙකක් විතරයි.

ඒ නපුරු කාල සර්ප යෝග දෙක වුණත් සුබ ග්‍රහයෙක් පිහිටියොත්, ග්‍රහ සංයෝගයක් වුණොත් අහෝසි වෙන අවස්ථා තියෙනවා. නපුරු යෝග අහෝසි කරන, භංග කරන ග්‍රහ සංයෝග තියෙනව. එතකොට ඉතිරි කාලසර්ප යෝග දහය තිබුණා කියලා විවාහයට කිසිම බාධාවක් නෑ. නමුත් මේ රටේ සමහරුන් අර බොරු කාලසර්ප යෝග ගැන හිත හිතා කොයිතරම් නම් දුක් වෙනවාද? තනිකඩව පාළුවෙන් ජීවිතේ ගෙවනවද? දෛවඥයා අත්දැකීමෙන්, සංයමයෙන් නුවණින් මේ තත්ත්වය විමසන්න ඕනේ. එහෙම නැතුව පොතක තිබුණ පලියට හෙණ ගහනවා ප්‍රකාශ නොකළ යුතුයි.

... දෙන්නෙක් ප්‍රේමයෙන් බැඳෙනවා. පොරොන්දම් බලන්නේ නෑ. කසාද බඳිනවා. ඒ සමහර විවාහ හරි සාර්ථකයි. සමහර ඒවා මධ්‍යස්ථයි. තවත් සමහර ඒවා ටික කාලයකින් කැඩිලා යනවා. පොරොන්දම් බලලා කසාද බැන්දයි කියමු. ඒත් කලින් කිව්ව සිද්ධි ටිකම වෙන හැටි අපි දැකලා තියෙනවා. එතකොට වරද තියෙන්නේ කොතැනද? සාමාන්‍ය පුද්ගලයන්ට දෛවඥයකුගේ උපදෙස් වුවමනා වෙන්නේ ඒ නිසයි.

ජන්මපත්‍රය අතට ගත්ත හැටියේ ගිරාපෝතකයා කට ඇරියා වගේ පොතේ තියෙන දේ ඒ විදියටම වමාරන්නේ හොඳ ඡ්‍යොතිෂවේදියෙක් නෙවෙයි. පොරොන්දම් බලනවා කියලා මතුපිටින් අතපතගාලා හතර වරං බොරු කියන්නේ ඒ නිසයි. භවයෙන් භවය පතාගෙන එන ස්ත්‍රියක් හා පුරුෂයෙක් ඔවුනොවුන් ප්‍රේමයෙන් බැඳෙනවා. අන්න ඒ විවාහය කඩන්න මොන පොරොන්දමකට වත් බෑ. වයස අවුරුදු 70ක ස්ත්‍රියකගේ සහ වයස අවුරුදු 20ක තරුණයකුගේ ජන්මපත්‍ර දෙක අරගෙන බැලුවොත් සමහර විට පොරොන්දම් ගැලපෙන්න පුළුවනි.

ඒත් මේ විවාහය ප්‍රායෝගික ද? නෑ. ඡ්‍යොතිෂවේදියා පොරොන්දම් ජන්මපත්‍ර පිරික්සන්නේ සමාජ ආචාරධර්ම ගැනත් කල්පනා කරලයි. මම නැවත නැවත කියන්නේ දෛවඥයෙක් හැටියට මම උත්සාහ කරන්නේ විවාහයේ සාර්ථක පැත්ත මතු කරලා අසාර්ථක පැත්ත සමහන් කරන ක්‍රමය ගැනයි. දුටුමතින් ම මෙන්න මේ පොරොන්දම් ගැලපෙන්නේ නෑ කියලා කීම අසාධාරණයි. ශාස්ත්‍ර යුක්තියටත් ඒක එකඟ නෑ. මොකද ගෙදරට මුළුගැන්විලා තරුණ කාලය ගෙවලා මැදිවියත් ගෙවමින් ඉන්න ස්ත්‍රීන්ට පුරුෂයින්ට විවාහය තහනම් මාතෘකාවක් කළ යුතු නෑ.

... පරිවර්තන යෝග, විපරිත රාජ යෝග, කුජ දෝෂ, රාජයෝග නාශක යෝග, නීච භංගයෝග, මේ දේවල් ගැන ඉතා පරෙස්සමෙන් කතා කළ යුතුයි. හරියට දන්නේ නැත්නම් කතා නොකර හිඳීම ඉතා ප්‍රශස්ථයි. ඊටත් වඩා වැදගත් වෙන්නේ විවාහ දෝෂ සහ පොරොන්දම්, කාල සර්ප යෝග ගැන ඉතා පරෙස්සමෙන් කතා කිරීමයි. විවාහ ජීවිත එක්ක සෙල්ලම් නොකළ යුතුයි. හරියට ශාස්ත්‍රය දන්නේ නැතිනම් දන්න කෙනෙකුගෙන් ඉගෙන ගත යුතුයි. බාගෙට දැනගෙන පොරොන්දම් බලන්න ගිහිං අනිවාරතේ පව් පුරවගන්න එපා කියලයි මම ඉල්ලා සිටින්නේ.

... මම අවසන් වශයෙන් කියන්න කැමතියි විවාහයක් සිදුකිරීමට ප්‍රථම පොරොන්දම් පරීක්ෂාව අත්‍යවශ්‍යයි. එය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒත් පොරොන්දම් බලලා ඔළුව ඔල්මොරොන්දම් කරගන්න එපා. තවත් සමහරු අද පොරොන්දම් බලන්නේ පරිගණකයෙන්. ඒ කියන්නේ කලින් සකස් කර ගත්ත මෘදුකාංගයක් භාවිතයට අරන්. මේ තවත් බරපතළ මුලාවක්.

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!
Back to top
View user's profile Send private message
nely
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Jan 10, 2011
Posts: 7319

PostPosted: Mon Sep 19, 2011 2:39 am    Post subject: Re: Porondam saha Ooolmorondam.........

QQ nangigeth porondam balana kaale hari wageee Wink

Thanks nangi article ekata Smile
Back to top
View user's profile Send private message
sheree
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 23, 2008
Posts: 9072

PostPosted: Mon Sep 19, 2011 2:57 am    Post subject: Re: Porondam saha Ooolmorondam.........

matath hithuna me manussaya lagata gihin kendara balawa ganna! Smile
hodata danna kenek wage.
sthuthii akkiya article 1ta Very Happy
Back to top
View user's profile Send private message
dasund
UNLIMITED Welcome
UNLIMITED Welcome

Joined: Feb 12, 2018
Posts: 4

PostPosted: Thu Feb 15, 2018 6:23 pm    Post subject: Re: Porondam saha Ooolmorondam.........

Laughing
Back to top
View user's profile Send private message
niroshan
UNLIMITED Honor
UNLIMITED Honor

Joined: Feb 25, 2017
Posts: 1847

PostPosted: Thu Feb 15, 2018 7:33 pm    Post subject: Re: Porondam saha Ooolmorondam.........

Awrudu bara ganakata passe Aliyata awath adatath walangui neda me kathawa ? oya aluthen jodu

wechchi aayo mekanam kiyawannama oni.. Mr. Green oya wisthara kiyana chandra barathi

mahaththaya neth fm ake programme akak kala essara. math aka tikak ahuwa. Marai Great

Thanks QQ (slu ake ennawada manda Wink )
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 8636

PostPosted: Thu Feb 15, 2018 7:59 pm    Post subject: Re: Porondam saha Ooolmorondam.........

QQ dan slu naha. mage hithe bandata passe QQ slu ena eka nawaththuwa. nely akkath dan slu naha.
Back to top
View user's profile Send private message
sulari
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Jul 20, 2017
Posts: 5608

PostPosted: Fri Feb 16, 2018 12:38 am    Post subject: Re: Porondam saha Ooolmorondam.........

හපෝ මේ පොරොන්දම් නම් හරිම ඔලොමොරොන්දම් තමයි....හදහනක් , වෙලාවක් ගැන කිසිම සදහනක් වත් නැති මට නම් පොරොන්දම් ගැන නම් කිසිම විශ්වාසයක් නෑ...
_________________
Back to top
View user's profile Send private message
madukln
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 01, 2017
Posts: 5534

PostPosted: Fri Feb 16, 2018 12:41 am    Post subject: Re: Porondam saha Ooolmorondam.........

අනේ මන්දා මේවා...මට නම් මේවා ගැන කිසිම විශ්වාසයක් නෑ....
Back to top
View user's profile Send private message
Sumee
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 04, 2017
Posts: 2509

PostPosted: Fri Feb 16, 2018 12:44 am    Post subject: Re: Porondam saha Ooolmorondam.........

Apitanam mewa gena wiswasayak ne...e unata owa wiswasa karana ayath netiwama newei neda..
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Words & Vibes All times are GMT + 10 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group