Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Navigation
 Home

 Search

 Discussions
 Forums
 Shout Box
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites






Keep SLU Alive



Live Radio
Selected station:
No choice made yet



<a href=''>Play No choice made yet</a>

PopUp


Network

Birthdays

Birthdays today:
19.9: amali
19.9: Damii87


Enter your Birthday

SL-Unlimited :: View topic - Star Interviews ( Samadi Aruna Chaya ) == Page 22
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Star Interviews ( Samadi Aruna Chaya ) == Page 22
Goto page Previous  1, 2, 3, 4, 5, 6 ... 20, 21, 22  Next
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> News & Interviews
View previous topic :: View next topic  
Author Message
sandy
Executive Member
Executive Member


Joined: Dec 03, 2011
Posts: 10200
Location: heaven

PostPosted: Sat Apr 07, 2012 5:18 pm    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

Thanks arafath me thorathuru walata
_________________
Back to top
View user's profile Send private message Send e-mail
Arafath
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Mar 03, 2011
Posts: 4320

PostPosted: Sun Apr 08, 2012 3:52 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

ආදරයේ මිහිර ගැන පස්සේ කියන්නම්
ලෝචනා ඉමාෂි


අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට එක්වන්නේ යොවුන් නිළියක මෙන්ම නිවේදිකාවක ද වන ලෝචනා ඉමාෂි. මේ වන විට ඇය පේ‍්‍රක්ෂකයින් අතර වඩාත්ම ජනපි‍්‍රයව ඇත්තේ රූපවාහිනී නිවේදිකාවක ලෙසය. එහෙත් මේ වන විට ඇය රංගනයෙන් දායක වී ඇති සිනමා, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය නිර්මාණ කීපයෙන්ම ඇය දක්ෂ රංගන ශිල්පිනියක බව ද මනාව ඔප්පු කොට ඇත.



ලෝචනා මොනවද ඔබ මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න කලා කටයුතු?

සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කරන “ආයෙමත් ආදරෙන්” ටෙලි නාට්‍යයේ වැඩවලට මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නව. එහි පියුමිගේ චරිතය නිරූපණය කරන්නෙ මම. මම හරිම ආශාවෙන් තමයි ඒ ටෙලි නාට්‍යයේ වැඩවලට සම්බන්ධ වුණේ. තවත් වැදගත් දෙයක් තියෙනවා කියන්න, මගේ පළමු චිත්‍රපටය වන ‘අභිනික්මන’ චිත්‍රපටය ළඟදීම තිරගත වෙනවා.

ඔව්, අභිනික්මන චිත්‍රපටය පිළිබඳව කතා කරමු...

අභිනික්මන හෙක්ටර් කුමාරසිරිගේ අධ්‍යක්ෂණයක්. එහි ප්‍රධාන නිළි චරිතය වන සීදේවිගේ චරිතය රඟපාන්නෙ මම. සී දේවිගේ පෙම්වතා ඇයට වඩා වයසින් වැඩි කෙනෙක්. ඔහුගෙන් විවිධ ගැටලු සී දේවිට ඇති වෙනවා. පන්සලේ වැඩ වසන ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව පැහැදීමක් ඇතිවෙලා ඒ ස්වාමින් වහන්සේට සමීප වෙන්න උත්සහ කරනව.

තමන්ගේ පෙම්වතාගෙන් සිදුවන හිරිහැර ගැටලු පවා ස්වාමින් වහන්සේට සී දේවි කියනව. සී දේවි ඒ ස්වාමින් වහන්සේට සමීප වීමට ගන්නා උත්සාහය අවසානයේ බිඳ වැටෙනවා. මේක හරිම ලස්සන චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන නිළි චරිතය රඟපාන්න මට ලැබුණු අවස්ථාව මගේ ජීවිතයේ ලැබුණු වැදගත් අවස්ථාවක්.

ඔබ මීට කලින් දායක වුණු ටෙලි නාට්‍ය මොනවා ද?

‘කාව්‍යා’, ‘අපි අපි වගේ’, ‘සඳ සඳ වගේ’ වැනි ටෙලි නාට්‍ය කීපයකටම මම දායක වෙලා තියෙනවා.

රංගනයට එන්න පෙර ඔබ නිවේදිකාවක් නේද?

ඇත්තෙන්ම ඔව්. සිරස නාළිකාවෙ ‘දිගන්තය’ සංගීතමය වැඩසටහන සතියේ දින පහේම ඉදිරිපත් කළේ මම. සෑහෙන කාලයක් මම ඒ වැඩසටහන කළා. පේ‍්‍රක්ෂකයින් අතරට මම ගියේ දිගන්තය හරහා. ඒක මට අමතක කරන්න බැහැ. ඒත් ව්‍යාපාරික පැත්තට යොමුවෙන්න අදහස් කළ නිසා ඒ වැඩසටහනෙන් මම ඉවත් වුණා.

ඒ කියන්නෙ ඔබ නිවේදන කටයුතුවලින් ඉවත්වුණා කියන එක ද?

නැහැ. නිවේදන කටයුතුවලින් ඉවත් වෙන්න මට බැහැ. මගෙ ආරම්භය එතැන. පුංචි කාලෙ ඉඳලම මම නිවේදිකාවක් ලෙස කටයුතු කළ කෙනෙක්. ඒ සඳහා මාව යොමු කළේ මගේ දෙමාපියන්. අදත් ඒ අය කියන්නෙ රඟපානවට වඩා නිවේදන කටයුතු කරන්න කියලයි. නිවේදනය, වැඩසටහන් ඉදිරිපත් කිරීම ලොකු කැපවීමකින් කළ යුතුයි. වෙනත් දේවල්වල යෙදෙමින් ඒක කරන්න අපහසුයි. පූර්ණ කාලීනව නොයෙදුණාට මම තවමත් නිවේදන කටයුතු කරනවා.

ඔබ වඩාත්ම කැමැති නිවේදනයට ද රඟපෑමට ද?

නිවේදිකාවක් කියන චරිතයට මම හරිම කැමැතියි. ඒ චරිතයට හොඳ පෞරුෂයක් තියෙනව. රඟපෑම ගැන කියනවානම් රඟපාන්න, රඟපාන්න ඒ පිළිබඳව ආශාවක් කැමැත්තක් ඇති වෙනව. එයින් මිදෙන්න අමාරුයි. මම නම් රඟපෑම, නිවේදනය කියන ක්ෂේත්‍ර දෙකටම කැමැතියි.

ඔබ කුඩා කාලයේ පටන් කලා කටයුතුවලට යොමු වෙලා සිටිය ද?

මම පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. පුංචි කාලෙම මම පාසල් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා සිටියා. පාසලේ හය වසරේ ඉගෙන ගන්න විට තමයි මම ස්වර්ණවාහිනි නාළිකාවට ළමා නිවේදිකාවක් ලෙස සම්බන්ධ වුණේ. ඒ කාලෙ දයාරත්න රටගෙදර මහත්තයාගෙ ඒකාංගික ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්න මට ඉඩ ලැබුණා. ඒ මගේ තාත්ත නිසා. සාමාන්‍ය පෙළ විභාගයේ සිට උසස් පෙළ විභාගය අවසන් වන තෙක්ම මම කලා කටයුතුවලින් ඉවත් වෙලයි හිටියෙ. උසස් පෙළ විභාගය අවසන් වුණාට පසුවයි මම සිරස නාළිකාවට සම්බන්ධ වුණේ. ඉන් පසුවයි මම කාව්‍යා ටෙලි නාට්‍යයේ රංගනයට එක්වුණේ.

ඔබ නිරත වෙලා ඉන්න වෙනත් කලා ක්ෂේත්‍රයන්?

පුංචි කාලෙ ඉඳලම නර්තනයට මම කැමැතියි. ඒ වගේම තරමක් දක්ෂයි. කලඑළි මංගල්‍යයක් මම කරල තියෙනව. ඒ වගේම උඩරට භරත කියන නාට්‍ය සම්ප්‍රදායන් මම හදාරල තියෙනව. ගීත ගායනයටත් මම කැමැතියි. ඒත් ඒකට කොතරම් දක්ෂ ද කියන්න මම දන්නෙ නෑ.

ඔබ රංගනයට එන්න සිහින මැව්ව ද?

නැහැ රංගනයට ඒම අහම්බයක්. මම රඟපාන්නෙ මගෙ තාත්ත මාව දිරිපත් කළ නිසා. යොමු කළ නිසා.

ඔබේ පවුලේ තොරතුරු?

අම්මයි තාත්තයි ආච්චියි අක්කයි නංගියි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ.

ඔබේ පවුලේ අය ඔබ රඟපානවට කැමැති ද?

තාත්ත හැර අනෙක් අය මම රඟපානවට වැඩි කැමැත්තක් නෑ. මගෙ තාත්ත රංගනයට ඉතා කැමැත්තෙන් සිටි කෙනෙක්. මගෙ අම්ම කැමති වෙලා නෑ තාත්ත රඟපානවට. ඉතින් මම රඟපානවට අම්ම අකැමැති වීම අරුමයක් නෙමෙයිනෙ.

රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට ලංකාව තුළ තිබෙන තැන පිළිබඳව ඔබට මොනවද හිතෙන්නෙ?

රඟපාන්න හැමෝටම බැහැ. දක්ෂතාව වාසනාව දෙකම ඒකට තියෙන්න ඕන. ඒ වගේම රංගනය කියන්නෙ ගෞරවනීය වෘත්තියක්. නමුත් ලංකාව තුළ රංගන ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳව තිබෙන ඇතැම් මතයන්ට මම කැමැති නෑ. නළුවෙක් නිළියක් කිව්වම බලන්නෙ වෙනස්ම ඇහැකින්. ඒ වගේම ජනපි‍්‍රය නළු නිළියන් සම්බන්ධ කරගෙන, බොරු කටකතා පතුරුවනවා.

ඒ කටකතා ගොඩක් දේවල් බොරු. මොකද මං දන්නව මාත් එක්ක වැඩ කරන අය පිළිබඳව. එක දවසක් හරි ටෙලි නාට්‍යයකට පෙනී සිටි කෙනෙකුගෙන් වරදක් වුණොත් ඒක මාධ්‍යවල පළ වෙන්නෙ ‘ජනපි‍්‍රය නිළියක්’ කියන විශේෂණ නාමයත් එක්ක. මේ වගේ දේවල් නිසා රංගනය කියන වෘත්තියට විශාල හානියක් වෙලා තියෙනව කියල මම හිතනව.

ලංකාවේ වෘත්තිය වශයෙන් රංගනයේ යෙදෙන්න පුළුවන් කියල ඔබ හිතනව ද?

වෘත්තීය රංගන ශිල්පීන් එදත් හිටිය, අදත් ඉන්නව. ඒක වාසනාව සහ කැපවීම මත සිදුවන දෙයක්. අද කිසියම් රඟපෑමකට අපි මිලක් කිව්වොත් ඊට වැඩිය අඩු ගාණකට ඒ චරිතය කරන්න ඉදිරිපත් වන අය අද ඕනතරම් ඉන්නව. ඒ නිසා වෘත්තීය වශයෙන් ලංකාව තුළ රංගනයේ යෙදෙන්න අපහසු බවයි මගේ හැඟීම.

මොකක්ද ඔබේ ව්‍යාපාරය...?

ලක් එන්ටර්ප්‍රයිසස් තමයි මගේ ව්‍යාපාරයේ නම. මේක ළඟදි පටන්ගත්තෙ. අපි කරන්නෙ ත්‍රීවීලර්වලට කැබ් සර්විස්වලට අවශ්‍ය මීටර් නිෂ්පාදනය කිරීම. මේකට සම්බන්ධ වෙලා ඉන්නෙ අපේම කට්ටියක්.

ඔබ අනාගතයේ වැඩි කාලයක් යොදවන්නෙ නිවේදනයට ද, කලාවට ද, ව්‍යාපාරයට ද?

ව්‍යාපාරයට වැඩි කාලයක් යොදවන්න වෙලා තියෙනවා. නමුත් මම කලාව, නිවේදනය කවදාවත් අතහරින්නෙ නෑ. කලාවේ යෙදීමෙන් ලැබෙන සතුට වෙනත් දෙයකින් ලැබෙන්නෙ නෑ.

ඔබ වේදිකා නාට්‍යවලටත් සම්බන්ධයි නේද?

ඔව් වේදිකා නාට්‍ය කීපයකටම මම රංගනයෙන් දායක වෙලා තියෙනව. රංජිත් ද අල්විස්ගේ ‘සිල්ගත් කොක්කු’, ආර්. ආර්. සමරකෝන් ගේ ‘දූවිලි’, රවින්ද්‍ර විජේරත්න ගේ ‘මම මම සහ මම’ කියන වේදිකා නාට්‍ය ඒ අතුරින් විශේෂයි. වේදිකාව හරිම සජීවී මාධ්‍යයක්නෙ. ඒ සඳහා හොඳ පුහුණුවක් තියෙන්න ඕන. වේදිකාවේ රංගනය හරිම තෘප්තිමත්.

ආදරයේ පේ‍්‍රමයේ මිහිරත් මේ වන විට ඔබ විඳිනව ඇති?

ඔව්. ඒ ගැන පසුව කියන්නම්කො.


Source :
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

_________________
"Always Forgive Your Enemies; Nothing Annoys Them So Much. "

Back to top
View user's profile Send private message Send e-mail Visit poster's website Yahoo Messenger
Arafath
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Mar 03, 2011
Posts: 4320

PostPosted: Sun Apr 08, 2012 6:19 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

නිළියක ගැහැනියක ලෙස මටත් වටිනාකමක්‌ තියෙනවා
ජයනී සේනානායක

කවදාවත් රැළිවලට අහුවෙලා නැහැ




උඩුගම් බලා පීනන එක හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයි...... නමුත් කලා ක්‍ෂේත්‍රයේ උඩුගම් බලා පීනන අතළොස්‌සක්‌ අපිට ඉන්නවා. කොතරම් රැළි, කුණාටු ආවත් තම සීමාව තුළ හිඳගෙන, උඩුගම් බලා පීනන ආදරණීය කලා ශිල්පිනියක්‌, දියවන්නාව අසලදී අපට මුණගැහුණා.......· ඇය ජයනී සේනානායක.· මේ ඇය හා ගතකළ සොඳුරු හෝරාවේ අකුරු ඇමුණුමයි.......

සම්මුඛ සාකච්ඡාවට ආරාධනා කරපු වෙලාවේ ඔබ කිව්වා කතා කරන්න තරම් දෙයක්‌ කළේ නැහැ කියලා.......·

ඇත්තටම එහෙම කිව්වේ, අපි පුවත්පතක ඉඩක්‌ හෝ රූපවාහිනී නාළිකාවක ගුවන් කාලයක්‌ ගන්නවා නම් ඒ ඉඩේ වටිනාකමට සරිලන දෙයක්‌ අපි කරලා තියෙන්න ඕන. මුකුත් නොකර, එහෙම අවස්‌ථාවක්‌ ගන්න එකට පෞද්ගලිකව මම එකඟ නැහැ. මම කැමැති මගේ ප්‍රේක්‍ෂකයන්ට දැනෙන, හිතන්න දෙයක්‌ තියෙන, රසවින්දනාත්මක දෙයක්‌ කරලා ඒ ගැන කතා කරන්න. ඉතිං පහුගිය කාලෙ මට එහෙම සතුටුවෙන්න පුළුවන් විදිහේ දෙයක්‌ මගේ අතින් වුණේ නැහැ· යම් මට්‌ටමක නිර්මාණවලට දායක වුණත් කතා කරන්න ඕන දෙයක්‌ නොවුණු නිසයි මම එහෙම කිව්වේ.

ක්‍ෂේත්‍රය තුළ කතා කළ යුතු මට්‌ටමේ නිර්මාණ බිහිනොවෙනවද? එහෙම නැත්නම් ඒවට ඔබට අවස්‌ථාව නොලැබුණාද?

මට ආරාධනා ලැබුණා හුඟාක්‌ හොඳ නිර්මාණවලට දායක වෙන්න. නමුත් මගේ පෞද්ගලික හේතු කාරණා නිසා චුට්‌ටක්‌ නිර්මාණවලින් ඈත් වෙලා හිටියා. ඒ නිසා හොඳ නිර්මාණවලට දායක වීමේ අවස්‌ථාව මට මඟහැරුණා.

වර්තමාන කලා ක්‍ෂේත්‍රය ගැන ඔබට තියෙන්නේ මොනවගේ අදහසක්‌ද?

මට වර්තමාන කලා ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක්‌ නැහැ. මොකද මට නිර්මාණශීලී නිර්මාණකරුවනගේ නිර්මාණවලට දායක වෙන්න අස්‌ථාව ලැබුණා. ඒ වගේ ප්‍රේක්‍ෂකයන්ගේ රසවින්දනය ඉහළට ගෙනෙන නිර්මාණ බිහිවෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ නිර්මාණ කෙරෙන විදිහ ගැනයි. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 12 ක්‌ විතර වෙනවා. අපි ඒ කාලේ අහල තිබුණු විදිහට ඉතාම සුපිරි විදිහටයි නිර්මාණ බිහි වුණේ. ඒ වගේම මේ කර්මාන්තය පැවතුනේ. ඒ වගේම අපේ මුල්කාලෙත් ඒ අන්දමට සිදුවුණා. නමුත් දැන් වෙනකොට ඉතාම කනගාටුදායක තත්ත්වයක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ. ඒ ගැන කලකිරීමක්‌ නෙමෙයි තියෙන්නේ. විරෝධාකල්පයක්‌. මේ ක්‍ෂේත්‍රයට එහෙම වෙන්න දෙන්න බැහැ. මොකද ලෝකයේ කර්මාන්ත අතර ඉහළින්ම තියෙන කර්මාන්තයක්‌ මේක. ඒ වගේම ඉහළ ආදායම් ලබන ක්‍ෂේත්‍රයක්‌ සහ රංගනය කියන්නේ ලෝකයේ අමාරුම විෂයක්‌. මේකට ලොකු වටිනාකමක්‌ මුළු ලෝකෙම තියෙද්දී, මේ ක්‍ෂේත්‍රය හෑල්ලුවට ලක්‌ වෙන එක ගැන මට තියෙන්නේ විරෝධයක්‌.

එතරම් වටිනාකමක්‌ ඇති විෂය හෑල්ලුවට ලක්‌ වෙන්න පටන්ගත්තෙ කොතනින් ද කියලද ඔබ හිතන්නේ.?

වර්තමානය වෙනකොට අපේ ජීවන බර හිතාගන්න බැරි විදිහට ඉහළට ගිහිල්ලා. ඉතිං නිර්මාණයක්‌ වෙනුවෙන් විශාල මුදලක්‌ වැය කරනව කියන එක දෙපාරක්‌ හිතන්න ඕන කාරණාවක්‌. ඒක නිසා නිෂ්පාදකවරු නිතරම උත්සාහ කරන්නේ ඉතාම අඩු මුදලක්‌ වැයකරලා, ලාභයක්‌ ලබන්න. එක අතකට ඔවුන්ට දොස්‌ කියන්නත් බෑ. නමුත් අපි උත්සාහ දැරිය යුත්තේ නිෂ්පාදනයට නියම මිල වැයකර එය කිරීමටයි. අද හොඳ නිෂ්පාදනයකට විශාල පිරිවැයක්‌ දරන්න සිදුවීම තමයි එවැනි දේ බිහි නොවීමට එක හේතුවක්‌. මීට වසර දහයකට පහළොවකට විතර පෙර කොටස්‌ 40 ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කරන්න ගිය මුදල වගේ තුන් හතර ගුණයක මුදලක්‌ අද ඊට වැය වෙනවා. එක අතකින් ඒක නිෂ්පාදකවරුන්ට ලොකු අවදානමක්‌. නමුත් ගුණාත්මක බව නැත්තටම නැතිකර නොගෙන නිර්මාණයක්‌ බිහිකරන්න පුළුවන්නම් ඒක හොඳයි. හොඳ නිර්මාණ බිහිවෙන්න හොඳ වෙළඳපොළකුත් තියෙන්න ඕන. අපේ වෙළෙඳපොළ පිළිබඳව ලොකු ප්‍රශ්න තියෙනවා.

ඔබ කියන්නෙ හොඳ නිර්මාණවලට ලංකාවෙ හොඳ වෙළෙඳපොළක්‌ නැහැ කියලද?

වෙළෙඳපොළක්‌ තියෙනවා. ඒක හොඳද නැද්ද කියන එක තමයි ප්‍රශ්නෙ. නිෂ්පාදනයට වියදම් කරන මුදලට සාපේක්‍ෂව ඒ වෙනුවෙන් දෙයක්‌ ලැබෙනවාද කියන එකයි ප්‍රශ්නය. අදාළ මුදලවත් නොලැබෙනවා නම් නිර්මාණ කරලා වැඩක්‌ නෑ. අද ටෙලි නාට්‍යයවලට ගෙවන්නෙ ඉතාම අඩු මුදලක්‌. එවැනි තත්ත්වයක්‌ මත හොඳ නිර්මාණවලට මුදල් වියදම් කරන්න නිෂ්පාදකවරු මැලිවෙනවා. වියදම් කරන මුදලට සාපේක්‍ෂව දෙයක්‌ ලැබෙනවා නම් හොඳ වෙළෙඳපොළක්‌, හොඳ නිර්මාණ බිහිවේවි.

ඔබ විශාල කැපවීමක්‌, මහන්සියක්‌ යොදලා මෙතනට ආපු කෙනෙක්‌. ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතන්නෙ?

මම නිළියක්‌ විදිහට හොඳ ස්‌ථාවරයක ඉන්නවා. මට තාම හොඳ ඉල්ලුමක්‌ තියෙනවා. මට හොඳ වටිනාකමක්‌, මිලක්‌ මේ ක්‍ෂේත්‍රය තුළ තියෙනවා. ඒ වගේම නිළියක්‌, ගැහැනියක්‌ විදිහට ජනතාව අතර හොඳ වටිනාකමක්‌ මට තියෙනවා. ඔවුන් අතර පිළිගැනීමක්‌ තියෙනවා. ඉතිං මම ඇත්තටම නිළියක්‌ විදිහට තෘප්තිමත්. ඒ වගේම මං ආපු ගමන ගැන මම තෘප්තිමත්. ආපසු හැරිලා බලද්දී මට දැනෙන්නෙ ජයග්‍රාහී හැඟීමක්‌.

අද වන විට කලා ක්‍ෂේත්‍රය කාන්තාවන්ට නුසුදුසු තැනක්‌ බවට පත් වෙමින් තියෙනවා නේද?

එහෙම වෙලා තියෙන්නේ රංගනය කියන එක මොකක්‌ද කියලා හරිහැටි අවබෝධයක්‌ නැතුව එන අය නිසයි. එහෙම ආවත් කමක්‌ නෑ. ආවට පසුව හෝ මේක හඳුනාගන්නවා නම්. හුඟක්‌ අය ක්‍ෂේත්‍රයට එන්නෙ ජනප්‍රිය වෙන්න බලාගෙන. මොන විදිහකින් හරි ඇවිල්ලා කැමරාව ඉදිරියේ මූණ පෙන්නලා ජනප්‍රිය වෙන්නයි හැමෝම හදන්නේ. ඒ වෙනුවෙන් ඔවුන් නොකරන දෙයක්‌ නෑ. ඉතිං එතනදී දොaෂාරෝපණයට ලක්‌වීම අනිවාර්යයි. නමුත් සුළු පිරිසක්‌ කරන වැරදිවලට මුළු ක්‍ෂේත්‍රයම විවේනය කිරීම සමාජයේ වරදක්‌· අපිත් දැනගත යුතුයි රංගන ශිල්පියා හෝ ශිල්පිනියගේ ගෞරවය රැකෙන අයුරින් කටයුතු කරන්න. තමන්ගෙ ගෞරවය රැක ගැනීමේ වගකීම තියෙන්නේ තමන්ට.

පවතින වාතාවරණයත් එක්‌ක ඉදිරිය ගැන ඔබට හිතෙන්නෙ මොනවද?

ඉතාම ඉහළ නිර්මාණ බිහිවෙනවා. ඒ වගේම අවරගණයේ නිර්මාණත් බිහිවෙනවා. අවරගණයේ නිර්මාණ බිහිවීම වර්තමානයේ ටිකක්‌ වැඩිවෙලා තියෙනවා. එක එක කාලයට ඔය වගේ දේවල් සිදුවෙනවා. රැළි එනවා යනවා. නමුත් ඒවා අතර හොඳ නිර්මාණ බිහිවෙනවා. අතීතය පුරාවට සිදුවුණා වගේ ප්‍රේක්‍ෂකයන් හොඳ නිර්මාණ ළඟÊනවතිනවා. අනාගතයේදීත් එහෙමයි. ඒ නිසා අපි අනියත බියක්‌ ඇතිකර ගත යුතු නැහැ. හොඳ දේට නිසි තැන ලැබෙනවා.

රැළිවලට හසු නොවී ඉන්නත් අමාරුයි නේද?

ඉතිං මේ මම ඉන්නෙ...· මම කවදාවත් රැළිවලට හසුවුණේ නැහැ. රැළිවලට කතා නොකළා නෙමෙයි. සමහර දේවල්වලට කැමැතිත් වුණා. පසුව පිටපත් බැලුවාම මම ඒවට එකඟ නැති නිසා අයින්වෙලත් තියෙනවා. කොටස්‌ ප්‍රමාණය ගැන නෙමෙයි මම හිතන්නෙ. එහි ගුණාත්මක බව ගැනයි. අපි ගුණාත්මක බවෙන් යුතු දීර්ඝ නාට්‍ය නරඹලා තියෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ කොටස්‌ ගණන් නෙමෙයි. ගුණාත්මක බවේ......· ප්‍රේක්‍ෂකයාට රසයක්‌ තියෙනවා නම් දෙයක්‌ ගන්න තියෙනවා නම් එයයි වැදගත්. මා තුළ ස්‌වයං වාරණයක්‌ තියෙනවා ප්‍රේක්‍ෂකයාට යමක්‌ දෙන්න බැරි දේවල්වලට මම දායක වෙන්නෙ නැහැ කියලා.

ඔබ ගැන අපිට කතා කරන්න බැහැ වේදිකාව ගැන කතා නොකර...·

මම වේදිකාවෙ පටන්ගත්ත දවසෙ ඉඳලා අද දක්‌වා හොඳ ප්‍රතිචාර ලබන නිළියක්‌. මං වෙනුවෙන් වේදිකාවෙ වෙනම පිරිසක්‌ ඉන්නවා. මාව අගය කරන සහ විවේචනය කරන ඒ පිරිසට මම නිතරම ගරු කරනවා. ඒ වගේම වේදිකාවෙ හොඳයි කියලා අපි හඳුනාගත්ත අධ්‍යක්‍ෂවරු යටතේ මම රඟපාලා තියෙනවා. ජයලත් මනෝරත්න, රාජිත දිසානායක, බුද්ධික දමයන්ත, ප්‍රසන්න විතානගේ වගේ නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණවලට දායක වෙන්න මම වාසනාවන්ත වෙලා තියෙනවා. ඒකට එක හේතුවක්‌ මගේ උත්සාහය සහ කැපවීම. මම තවමත් ඉගෙන ගන්නෙ වේදිකාවෙන්. මම ඒ නිසා නිරන්තරයෙන් ම වේදිකාව සමඟ ඇසුරු කරන්න පෙළඹෙනවා. ඒ ගනුදෙනුවේ සාර්ථකත්වය නිසා තමයි 'වේදිකා නාට්‍ය' නිළියෝ කියන අතළොස්‌ස අතරේ මම ඉන්නෙ.....· ඒ ගැන මට සංතෝෂයි.

සිනමා නිර්මාණ කීපයකට ඔබ දායකත්වය දැක්‌වුවත් ඒවා සියල්ල සම්මානීය නිර්මාණ බවට පත්වුණා නේද?

මම රඟපෑ සිනමා නිර්මාණ කීපය ගැන මම ඉතාමත් තෘප්තිමත්. විශේෂයෙන් ම සරත් ධර්මසිරි මහතාගේ ගිනි කිරිල්ලි, ඉනෝකා සත්‍යාංගනී මහත්මියගෙ සුළං කිරිල්ලී, මගේ ප්‍රථම සිනමා නිර්මාණය ධර්මසේන පතිරාජ මහත්මයාගේ මතුයම් දවස. ඊට අමතරව ප්‍රසන්න විතානගේ මහතාගේ ආකාස කුසුම්, විජිත ගුණරත්න මහතාගේ වලාපටල වගේ නිර්මාණ දෙස බලද්දී ඇත්තටම මට සතුටු වෙන්න පුළුවන්. සිනමාවේදීත්, මට නිර්මාණශිලී අධ්‍යක්‍ෂවරු යටතේ රඟපාන්න ලැබුණා. නමුත් මම සිනමා නිළියක්‌ විදිහට තාම තෘප්තිමත් නෑ. මොකද තවත් දක්‍ෂතා පෙන්විය හැකි චරිත ලැබිය යුතුයි කියන තැන මම ඉන්නෙ. තවත් බොහෝ දේවල් කළ යුතුයි සිනමාව තුළ කියන බලාපොරොත්තුවෙනුයි මම ඉන්නෙ. මං හිතනවා ඉදිරියේදී මගේ ඒ බලාපොරොත්තුව ඉටුවෙයි කියලා.

ඉදිරි සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණ මොනවාද?

කීපයකටම කතා කරලා තියෙනවා. තිරගත වීමට නියමිතයි ඉනෝකා සත්‍යාංගනී මහත්මියගෙ සින්ඩ්‍රරෙල්ලා. අනුරුද්ධ ජයසිංහ මහතාගේ බෝම්බ සහ රෝස සහ ඉසුරු වීරසිංහමුදලි මහතාගේ 'කලර්' යන චිත්‍රපට තුන. ඒවා එකිනෙකට වෙනස්‌ තේමාවලින් යුත් නිර්මාණ.විශේෂයෙන් ම වසර අටකට විතර පසුව සිනමාවේ රඟපාන කමල් අද්දරආරච්චි සමඟ කලර් චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණා. ඒ නිර්මාණය සුවිශේෂී නිර්මාණයක්‌. මේ චිත්‍රපට ත්‍රිත්වයේ ම මම රඟපාන්නෙ සුළු චරිත වුණත් මම හිතනවා ඒවා ප්‍රේක්‍ෂකයන් අතර මතකයේ රැඳෙන ඒවා වෙයි කියලා. ටෙලි නාට්‍ය නම් විශාල ප්‍රමාණයක්‌ විකාශය වීමට නියමිතයි. ඒවායේ නම් මේ වෙලාවේ කියන්න අපහසුයි. මේ දිනවල රොෂාන් කුරුප්පු මහතාගේ ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව ප්‍රසන්න විතාන මහතාගේ 'දෙබිඩ්ඩෝ' වේදිකා නාට්‍යය සහ රාජිත දිසානායක මහතාගේ සිහින හොරු අරන් වේදිකා නාට්‍යයේ රඟපානවා.

මොකද ඔක්‌කොටම හොරෙන් විවාහ වුණේ.

විවාහය කියන්නෙ මගේ අතිශය පෞද්ගලික කාරණාවක්‌ සහ ඒක මගේ තනි මතයට පමණක්‌ සිදුවෙන එකක්‌ නෙමෙයි. ඒකට තවත් පාර්ශ්වයක්‌ සම්බන්ධයි. එතකොට අතින් පාර්ශ්වයේ කැමැත්තටත් ඉඩ දෙන්න වෙනවා. අපි අපේ විවාහය මාධ්‍යයට හැංගුවා නෙමෙයි. කාටවත් කිව්වේ නැහැ. ඒ අතිශය පෞද්ගලික කාරණාව අතිශය පෞද්ගලිකවම සිද්ධ වුණා.

රංගන ශිල්පිනියකට විවාහ ජීවිතය යම් අභියෝගයක්‌ නේද?

ඇත්තටම ඔව්. රංගන ශිල්පිනියකට විවාහය කියන දේ විශාල අභියෝගයක්‌ සහ විශාල පවුරක්‌. නමුත් ඒක බාධකයක්‌ නෙමෙයි සීමාවක්‌. විවාහ ජීවිතය කියන්නෙ හරියට නූලක්‌ උඩ තියෙන දෙයක්‌ වගේ. චුට්‌ටක්‌ හරි එහාට මෙහාට වුණොත් ඒක ගිලිහෙනවා. ඒ නිසා විවාහ ජීවිතයක්‌ පවත්වා ගෙන යන්න ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. අපිට ලැබෙන අනිත් පාර්ශ්වය අපිව තේරුම් නොගත්තොත් විවාහය පවත්වාගෙන යන්න බැහැ. නමුත් අපි දැනගන්න ඕන එය සමතුලිතව රැගෙන යන්න. ඒ සඳහා අනිවාර්යයෙන් ම අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුමයි. මට ලැබුණු සැමියා මගේ ක්‍ෂේත්‍රය ගැන අවබෝධයක්‌ තියෙන කෙනෙක්‌. නමුත් මම යම් යම් සීමා මත ඉඳගෙන මගේ කලා ජීවිතයත්,විවාහ ජීවිතයත් සමබරව රැගෙන යනවා.

ඔබේ රූපලාවන්‍යාගාරයේ වැඩ කටයුතු කොහොමද?

තලවතුගොඩ මම සැලොන් J කියලා මගේ රූපලාවන්‍යාගාරයක්‌ පවත්වා ගෙන යනවා. කාර්යබහුල ජීවිතය ඇතුලේ ඒ වැඩ කටයුතුත් හොඳින් කෙරෙනවා.

අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ.

අවුරුදු දොළහක්‌ කියන්නේ ක්‍ෂේත්‍රය තුළ මට විශාල කාලයක්‌ නෙමෙයි. නමුත් මේ පුංචි කාලය තුළ ලංකාවෙ මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය තුළින් මට විශාල අනුග්‍රහයක්‌ ලබා දුන්නා. මම නවකයෙක්‌ විදිහට ඉඳිද්දිත් ඒ අනුග්‍රහය ලැබුණා. ඔවුන්ට මේ වෙලාවෙ මම ස්‌තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව අගය කරන විවේචනය කරන ප්‍රේක්‍ෂක පිරිසක්‌ ඉන්නවා. ඔවුන්ට මේ වෙලාවෙ මම ආචාර කරනවා. මම අද නිළියක්‌ විදිහට යම් ස්‌ථාවරයකට ඇවිල්ලා ඉන්නවා නම් ඒ මාව තමන්ගෙ නිර්මාණවලට දායක කරගත්තු අධ්‍යක්‍ෂවරු නිසා. ඒ නිසා ඔවුන්ට මම මගේ ස්‌තුතිය පුදකරනවා. හොඳ නිළියක්‌ විදියට මගේ දයාබර ප්‍රේක්‍ෂක ජනතාවට යමක්‌ ඉතුරු කරල යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මං හිතනවා මගේ ඒ බලාපොරොත්තුව ඉටුවේවි කියලා......!




Source :
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

_________________
"Always Forgive Your Enemies; Nothing Annoys Them So Much. "

Back to top
View user's profile Send private message Send e-mail Visit poster's website Yahoo Messenger
Janakakus
Executive Member
Executive Member


Joined: Dec 09, 2010
Posts: 21904

PostPosted: Sun Apr 08, 2012 10:13 pm    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

ane ammapa mata bari una ne naluwek wenna Mr. Green
Thanks arafa me thorathuru walata
_________________
Back to top
View user's profile Send private message
Arafath
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Mar 03, 2011
Posts: 4320

PostPosted: Mon Apr 09, 2012 2:04 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

හැඩකාර ගයත්රි් ජීවිතය ගැන කියන හැටි


මේ හැඩකාර ගයත්රිර රංගනයට පැමිණියේ නව යොවුන් වියේදීය. එලෙසින් රංගනයට පැමිණි ඇය තවමත් සිටින්නේ තාරැණ්යොයේය. නමුත් රංගනයේදී බොහෝ විට ඇය වයසින් මුහුකුරා ගිය චරිත සමග අපට හමුවෙයි. ඒත් එදාට සාපේක්ෂව ඇයව නිතර දෙවේලේ දක්නට ලැබෙන චරිතයක් නොවෙයි. රංගනයට එහා ගිය ජීවිතේ රූපලාවන්ය ශිල්පිනියක, මවක, ගෘහනියක, බිරිඳක ලෙස කටයුතු කරන ඇයට මේ සියල්ල අතරේ ජීවිතය දැනෙන්නේ කෙසේද? ගයාත්රිූ ඒ ගැන කියාවි.


ගයත්රිs කොහොමද ජීවිතේ ?

කාර්ය බහුලයි. ඒත් ගොඩාක් හොඳින් ඉන්නවා.

කාලයක් එක දිගට රඟපාලා දැන් තරමක් ඈත් වෙලා ඉඳහිට රඟපෑමේ යෙදෙනවා. එහෙම නේද ?

රංගනයටම කියලා වෙන්වූ කාලයක් මට එදා ඉඳලම තිබුණේ නැහැ. මවක, බිරිඳක, ගෘහනියක ලෙස සහ ඉන්පසුව රූපලාවන්යඳ ආයතනයේ වැඩකටයුතු සමග ගෙවන කාලයට අමතරව ලැබෙන කාලය තමයි රංගනය සඳහා වෙන් කර ගන්නේ. පසුගිය කාලයේදී හොඳ නිර්මාණ කීපයකටම දායක වුණා. එයින් එකක් හැටියට මේ දිනවල විකාශය වන ෂර්ලි පී. දෙලංකාවලගේ ‍"සත්කුළු පව්ව" සඳහන් කරන්න පුළුවනි. මේ විදිහට ඉදිරියේ තව නාට්යය දෙකකට පමණ දායක වෙනවා. දිගටම කියලා රඟපෑවේ නැතත් ‍"පබළු" නාට්යමයේ විතරක් ටික කාලයක් දීර්ඝව රඟපෑවා. නමුත් ඉදිරියේ උපරිම කොටස් පනහකට පමණ සීමා වූ ඒවායේ විතරක් රඟපාවි.

කාර්ය බහුල වන විට සමහරුන්ට තම රූප ස්වභාවය පවත්වා ගන්න බැරිවෙනවා. නමුත් ගයාත්රි එදාට වඩා අද ලස්සනයි කිව්වොත් ?

කාන්තාවක් ලෙස හැමදාම ලස්සනට සිටිය යුතුයි. ලස්සන වෙනවා කියන එක හිතත් එක්ක බලපාන දෙයක්. හිත ලස්සනයි කියන්නෙ අනුන්ට ආදරය කිරීම සහ ගෞරව කිරීමයි. මම හැමදාම එහෙම කළ කෙනෙක්. සමහර විට මට ආදරය නොලැබෙන්න පුළුවනි. නමුත් අපි ආදරය කළයුතුයි. මගේ ඒ ආදරයත් එක්ක හිතේ තියෙන පිරිසුදුකම මුහුණින් පේනවා ඇති. එය ලස්සනද කියලා මං දන්නෙ නැහැ.

රඟපෑමට පැමිණ ගෙවී ගිය කාලයට සාපේක්ෂව අද ක්ෂේත්රඇයට පැමිණ සිටින නිළි පිරිස ගැන ඔබට දැනෙන විදිහ කොහොම ද ?

නිළියන් කියන චරිත ඉතා ගෞරවනීය විදිහට ජීවත් වුණොත් ඉතාමත් හොඳයි. චරිතය රඟපාලා එය තමන්ගේ පෞද්ගලික ජීවිතයට පටලවාගත යුතු නැහැ. මෙය අනුන් පිනවන වෘත්තියක්. නිළියන් යනු බොහෝ වෙලාවට ලස්සනටල පිළිවෙළට ඉන්නල තවත් පිරිසකට ආදර්ශයක් ගෙන දෙන පිරිසක්. අන්න ඒ දර්ශනය සමාජයට දීම වැදගත්.

අද සිටින අය ඔය කියන ගරුත්වය සමාජයට දෙනවද ?

සමහර අතළොස්සක් විතර නිළියන් යැයි කියාගත් පිරිසක් ක්ෂේත්ර.යට පැමිණ සිටිනවා. හොඳ තත්ත්වයේ සිටින ප්රිතිභාපූර්ණ අයට වෙලාවකට ඒ අයව කැළලක්. ඒත් ඒ අය වෙනයි. ගරුත්වය ඇති පිරිස වෙනයි. ඒ මිම්මෙන් මනින්න බැහැ.

එදා නිළියක් ලෙස ඔබ ක්ෂේත්රඅයට එනවිට ලැබුණු පිළිගැනීම අද කාලයේ අයට ලැබෙනවාද? කොහොමද එය සසඳන්නේ ?

ඒ කාලයේ රංගන ක්ෂේත්ර්යට පැමිණීම එතරම් පහසු දෙයක් වුණේ නැහැ. අසීරු දෙයක් වුණා. ඉතාමත් හොඳ දක්ෂතාවක් වගේම සුන්දරත්වයත් බලපෑවා. අධ්ය‍ක්ෂවරු නිර්මාණවලට නවක නිළියන් තෝරා ගත්තේ ආවට- ගියාට නෙවෙයි. නමුත් මේ කාලයේදී ඉතා කෙටි මාර්ගවලින් ප්රෝවිෂ්ටවීමට වගේම ප්රරවීණ අය ඇසරු කිරීමට ලැබී තිබෙනවා. ඉස්සර එහෙම නැහැ. ප්රමවීණයන් අසලට ගියෙත් පුදුම බයකින්. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ගරුත්වයටයි. මේ කාලයේ සිටින සමහර අය ඔවුනට නම් කියලා පවා කෙලින්ම ආමන්ත්රණණය කරන තරමට ගරුත්වය හීන වෙලා. ක්ෂේත්රියට ඇති ගරුත්වය නැති වෙන්නේ එවැනි දේ නිසයි.

ඔබ වයසට වඩා එහා ගිය චරිත රඟපෑවා. පසුගිය කාලයේදී එහෙම කළේ දැන් සිටින අය එක්ක තරග කරන්න බැරි නිසා ද? මොකක්ද හේතුව?

නැහැ. ඒකට හේතුව මමත් දන්නෙ නැහැ. සමහර විට පබළු නාට්ය්යේ චරිතය ගැන මට දෙවරක් හිතන්න වුණා. නමුත් බිමල් තමයි මගේ චරිතයට පෑහෙන පිරිමි චරිතය කළේ. අපි දෙන්නම සම වයසේ අය. පබෝදා මගේ හොඳ මිතුරියක්. ඒ නිසා මේ අය එක්ක රඟපෑම මට කැමැත්තක් මිස ප්රපශ්නයක් වුණේ නැහැ. චරිතය සඳහා ලොකු වෙනසක් කළේ නැහැ. නමුත් ප්රශධාන චරිතයකට කාලය ලබාදීමට මට තියෙන කාලය අඩුයි. ඒත් ඉදිරියේදී ගිවිස ගත් චරිතවලින් එය වෙනස් වේවි.

අවංකවම කියන්න ඔබ පෙම්වතියගේ චරිතය රඟපානවට චන්න කැමතිද?

ඇත්තටම මේ වන විට චන්න අයියා සම්පූර්ණයෙන්ම මාව වටහාගෙන ඉන්නෙ. ඒ නිසා ප්රවශ්නයක් නැහැ.

ඔහු පෙම්වතා ලෙස රඟපානවට ඔබ කැමතිද?

කිසිම ප්රතශ්නයක් අද වෙනකල් ඇති වෙලා නැහැ. රංගනය පැත්තෙන් එයා එයාගේ කාර්යය හරියට කරන කෙනෙක්. අනෙක එයාගේ පෙම්වතිය වන චරිත බොහෝ විට මගේ මිතුරියන්. ඒ සියල්ල හැරත් නළුවකු සහකරු ලෙස තෝරා ගැනීමේදී මේ සියල්ල ගැන වටහාගෙන තමයි විවාහය සිදු කරන්න ඕනෑ. එතැනදී මගේ තේරීම හරිග වයස ප්රනශ්නත් එක්ක මුල් කාලයේදී යම් යම් දේ හිතට ඇතිවුණා. නමුත් වයසත් එක්ක ලබන අත්දැකීම් මත දැන් ඒ කිසිවක් දැනෙන්නෙ නැහැ.

පවුලක් හැටියට මේ විදියට ජීවිතය ගෙවන විට බාහිරව ඊට අකුල් හෙලපු අයත් සිටියා කියලා හිතනවද? ඒවා ජයගත්තෙ කොහොමද? පවුලට විෂබීජ කියන දේ ගේන අය හිටියෙ නැද්ද?

ඕනෑම පවුලක ප්ර ශ්න තියෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මොකද විරුද්ධ අදහස් දරන දෙන්නෙක් එක වහලකට ආවාම අදහස් සමාන කර ගන්න මුළු ජීවිත කාලයම මදි. වෙන වෙන අය දාන විෂබීජ වෙන්න පුළුවන්. නමුත් දරුවන් නිසා සියල්ල උපේක්ෂාවෙන් බැලිය යුතුයි. වගේම දැරිය යුතුයි. අපි ආසියානු කාන්තාවන්. අපට ගෘහ ජීවිතේ වෙනුවෙන් බැඳුණු සභ්යරත්වයක් තියෙනවා. සදාචාරයකුත් තියෙනවා. ඒ ගැන හිතන්නම වෙනවා. මම නිතරම දුවල දෙන්නගෙ ගෞරවය රකින මවක්. මට හිතේ සතුටට එය හොඳටෝම ඇති. ඔවුන් සමාජයේ බැබලෙන්නෙ ඒ ගරුත්වය තිබුණොත් විතරයි. අපි දරුවන්ට ගරුත්වය ලබා දිය යුතුමයි. මවගේ චරිතය එහිදී සුවිශේෂයි.













Source :
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

_________________
"Always Forgive Your Enemies; Nothing Annoys Them So Much. "

Back to top
View user's profile Send private message Send e-mail Visit poster's website Yahoo Messenger
sandy
Executive Member
Executive Member


Joined: Dec 03, 2011
Posts: 10200
Location: heaven

PostPosted: Mon Apr 09, 2012 2:08 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

thanks arafath
_________________
Back to top
View user's profile Send private message Send e-mail
Arafath
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Mar 03, 2011
Posts: 4320

PostPosted: Mon Apr 09, 2012 5:47 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

මම චතුරිකාට ආදරය කරනවා – රන්ජන්

කටකතා හැදෙනවට මගේ අකමැත්තකුත් නෑ - චතුරිකා




ජනප්‍රියතාවත් එක්ක මිනිස්සු එක එක්කෙනා ගැන කතා කරන්න ගන්නවා .ඔයා ඒ ගැන මොකද හිතන්නේ ?

මේ රටේ කෝටිදෙකක පමණ ජනතාවක් ජීවත් වෙනවා .එකිනෙකා හිතන්නේ ඔවුනොවුනට අවේනික විදියට .ඒක නිසා මම ඔය ගැන වැඩිය හිතන්නේ නැහැ .මම හොඳින් ජීවත් වෙනවනම් .කාටවත් කරදරයක් නැත්නම් මට ඒ ඇති .

ඔයා ආදරය ගැන මොනවගේ අදහසක්ද දරන්නේ ?

ආදරය කියන්නේ තේරුම් ගන්න හරිම අමාරු දෙයක් .අපිට අවංකව ආදරය කරන කෙනා තෝරාගන්න එක හරිම අමාරු වැඩක්.රංගන ශිල්පිනියකට අනෙක් සාමාන්‍ය ගැහැණු ළමයෙක්ට වගේ ආදරය ගැන එකපාරටම තීරණ ගන්න බැහැනේ .

ඔයා කටකතා වලට බයද?

අනේ නැහැ .මම ඕවා ගැන හිතන්නේ නැහැ

ඔයයි රන්ජන් රාමනායකයි අතර ආදර සම්බන්ධතාවක් තියෙනවද ?

අනේ නෑ .එයා මගේ හොඳ යාලුවෙක් .හැබැයි මන් රන්ජන් අයියට ආදරෙයි .මගෙයි රන්ජන් අයියගෙයි රූපගත කිරීම් කිහිපයක් තිබුනා .ඉදිරියෙටත් තියෙනවා .ඒ නිසා මං ඕවා ගැන කතා කරන්න කැමති නැහැ .මම රංගන ශිල්පිනියක් නිසා කටකතා හැදෙනවට මගේ අකමැත්තකුත් නෑ .



චතුරිකායි මමයි ගැන කට කතාව ඇත්ත වෙන්න පුළුවන් – රන්ජන්
කටකතා ගැන මොකද හිතන්නේ ?


ප්‍රසිද්ධියත් එක්කම කටකතා හැදෙනවා .ඒක සාමන්‍ය දෙයක්නේ

කටකතා වලට බයද?

අනේ නෑ.මම බය නෑ .මම කටකතා හැදෙනවට ආසයි.එහෙම නැති උනොත්නේ ප්‍රශ්නේ

ජනප්‍රියත්වයත් එක්ක මිනිස්සු එක එක්කෙනා ගැන කතා කරන්න ගන්නවා .ඒ ගැන මොකද හිතන්නේ ?

ජනප්‍රියත්වය කියන්නේ ඉතාමත් සුන්දර දෙයක් ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන්නේ දෙකක් .මම හැමදාම ජනප්‍රිය පුද්ගලයෙක්

ඔබයි චතුරිකායි අතර ආදර සම්බන්ධයක් තියෙනවද ?

මම හුඟක් ආදරයට කැමති කෙනෙක් .කවුරුහරි එහෙම දෙයක් තියෙනවා කියලා කියනවා නම් එක ඇත්ත වෙන්න ඇති .

ඒ කියන්නේ ඔබ චතුරිකාට ආදරය කරනවද ?

ඔව් .මම එයාට ආදරය කරනවා .මම හැමදාමත් ආදරය කරයි .අපි එකට රඟපෑම් කරනවානම් ඇත්තටම අපි එකිනෙකාට ආදරය කල යුතුයිනේ .

ඔබ පතපු ආදරය ඔබට ලැබිලා තියෙනවද ?

සමහරක් අවස්ථාවල ලැබුනා .එත් යම් යම් නොගැලපීම් නිසා ඒ දේවල් නැති වුනා .එත් මම විශේෂ දෙයක් කියන්න කැමතියි .මම බොරු කියන්න අකමැතියි .මොකද ඔය එක බොරුවක් වහන්න තව බොරු සීයක් කියන්න වෙනවා .මමයි චතුරිකයි අතර ඔය කියන කට කතාව ඇත්තක් වෙන්නත් පුළුවන් .













Source :
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

_________________
"Always Forgive Your Enemies; Nothing Annoys Them So Much. "

Back to top
View user's profile Send private message Send e-mail Visit poster's website Yahoo Messenger
pesta
Founder
Founder


Joined: Nov 11, 2007
Posts: 19971
Location: USA

PostPosted: Mon Apr 09, 2012 6:44 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

mun nam mara gossip thamai gahanne Very Happy
thanks malli mewa genawata Wink
Back to top
View user's profile Send private message Yahoo Messenger
Arafath
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Mar 03, 2011
Posts: 4320

PostPosted: Mon Apr 09, 2012 8:17 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)



Source :
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

_________________
"Always Forgive Your Enemies; Nothing Annoys Them So Much. "

Back to top
View user's profile Send private message Send e-mail Visit poster's website Yahoo Messenger
chamiga
Executive Member
Executive Member


Joined: Aug 06, 2010
Posts: 2183
Location: Australia

PostPosted: Mon Apr 09, 2012 8:48 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

Arafath wrote:
මම චතුරිකාට ආදරය කරනවා – රන්ජන්

කටකතා හැදෙනවට මගේ අකමැත්තකුත් නෑ - චතුරිකා




ජනප්‍රියතාවත් එක්ක මිනිස්සු එක එක්කෙනා ගැන කතා කරන්න ගන්නවා .ඔයා ඒ ගැන මොකද හිතන්නේ ?

මේ රටේ කෝටිදෙකක පමණ ජනතාවක් ජීවත් වෙනවා .එකිනෙකා හිතන්නේ ඔවුනොවුනට අවේනික විදියට .ඒක නිසා මම ඔය ගැන වැඩිය හිතන්නේ නැහැ .මම හොඳින් ජීවත් වෙනවනම් .කාටවත් කරදරයක් නැත්නම් මට ඒ ඇති .

ඔයා ආදරය ගැන මොනවගේ අදහසක්ද දරන්නේ ?

ආදරය කියන්නේ තේරුම් ගන්න හරිම අමාරු දෙයක් .අපිට අවංකව ආදරය කරන කෙනා තෝරාගන්න එක හරිම අමාරු වැඩක්.රංගන ශිල්පිනියකට අනෙක් සාමාන්‍ය ගැහැණු ළමයෙක්ට වගේ ආදරය ගැන එකපාරටම තීරණ ගන්න බැහැනේ .

ඔයා කටකතා වලට බයද?

අනේ නැහැ .මම ඕවා ගැන හිතන්නේ නැහැ

ඔයයි රන්ජන් රාමනායකයි අතර ආදර සම්බන්ධතාවක් තියෙනවද ?

අනේ නෑ .එයා මගේ හොඳ යාලුවෙක් .හැබැයි මන් රන්ජන් අයියට ආදරෙයි .මගෙයි රන්ජන් අයියගෙයි රූපගත කිරීම් කිහිපයක් තිබුනා .ඉදිරියෙටත් තියෙනවා .ඒ නිසා මං ඕවා ගැන කතා කරන්න කැමති නැහැ .මම රංගන ශිල්පිනියක් නිසා කටකතා හැදෙනවට මගේ අකමැත්තකුත් නෑ .



චතුරිකායි මමයි ගැන කට කතාව ඇත්ත වෙන්න පුළුවන් – රන්ජන්
කටකතා ගැන මොකද හිතන්නේ ?


ප්‍රසිද්ධියත් එක්කම කටකතා හැදෙනවා .ඒක සාමන්‍ය දෙයක්නේ

කටකතා වලට බයද?

අනේ නෑ.මම බය නෑ .මම කටකතා හැදෙනවට ආසයි.එහෙම නැති උනොත්නේ ප්‍රශ්නේ

ජනප්‍රියත්වයත් එක්ක මිනිස්සු එක එක්කෙනා ගැන කතා කරන්න ගන්නවා .ඒ ගැන මොකද හිතන්නේ ?

ජනප්‍රියත්වය කියන්නේ ඉතාමත් සුන්දර දෙයක් ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන්නේ දෙකක් .මම හැමදාම ජනප්‍රිය පුද්ගලයෙක්

ඔබයි චතුරිකායි අතර ආදර සම්බන්ධයක් තියෙනවද ?

මම හුඟක් ආදරයට කැමති කෙනෙක් .කවුරුහරි එහෙම දෙයක් තියෙනවා කියලා කියනවා නම් එක ඇත්ත වෙන්න ඇති .

ඒ කියන්නේ ඔබ චතුරිකාට ආදරය කරනවද ?

ඔව් .මම එයාට ආදරය කරනවා .මම හැමදාමත් ආදරය කරයි .අපි එකට රඟපෑම් කරනවානම් ඇත්තටම අපි එකිනෙකාට ආදරය කල යුතුයිනේ .

ඔබ පතපු ආදරය ඔබට ලැබිලා තියෙනවද ?

සමහරක් අවස්ථාවල ලැබුනා .එත් යම් යම් නොගැලපීම් නිසා ඒ දේවල් නැති වුනා .එත් මම විශේෂ දෙයක් කියන්න කැමතියි .මම බොරු කියන්න අකමැතියි .මොකද ඔය එක බොරුවක් වහන්න තව බොරු සීයක් කියන්න වෙනවා .මමයි චතුරිකයි අතර ඔය කියන කට කතාව ඇත්තක් වෙන්නත් පුළුවන් .













Source :
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!



DAN ROSHAN PILAPITIYA EKKA SAMBANDHAYAK NAHA WAGE.. Rolling Eyes
Back to top
View user's profile Send private message
priyangaj
Executive Member
Executive Member


Joined: May 08, 2011
Posts: 3520

PostPosted: Mon Apr 09, 2012 4:35 pm    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

Arafath wrote:
මම චතුරිකාට ආදරය කරනවා – රන්ජන්

කටකතා හැදෙනවට මගේ අකමැත්තකුත් නෑ - චතුරිකා




ජනප්‍රියතාවත් එක්ක මිනිස්සු එක එක්කෙනා ගැන කතා කරන්න ගන්නවා .ඔයා ඒ ගැන මොකද හිතන්නේ ?

මේ රටේ කෝටිදෙකක පමණ ජනතාවක් ජීවත් වෙනවා .එකිනෙකා හිතන්නේ ඔවුනොවුනට අවේනික විදියට .ඒක නිසා මම ඔය ගැන වැඩිය හිතන්නේ නැහැ .මම හොඳින් ජීවත් වෙනවනම් .කාටවත් කරදරයක් නැත්නම් මට ඒ ඇති .

ඔයා ආදරය ගැන මොනවගේ අදහසක්ද දරන්නේ ?

ආදරය කියන්නේ තේරුම් ගන්න හරිම අමාරු දෙයක් .අපිට අවංකව ආදරය කරන කෙනා තෝරාගන්න එක හරිම අමාරු වැඩක්.රංගන ශිල්පිනියකට අනෙක් සාමාන්‍ය ගැහැණු ළමයෙක්ට වගේ ආදරය ගැන එකපාරටම තීරණ ගන්න බැහැනේ .

ඔයා කටකතා වලට බයද?

අනේ නැහැ .මම ඕවා ගැන හිතන්නේ නැහැ

ඔයයි රන්ජන් රාමනායකයි අතර ආදර සම්බන්ධතාවක් තියෙනවද ?

අනේ නෑ .එයා මගේ හොඳ යාලුවෙක් .හැබැයි මන් රන්ජන් අයියට ආදරෙයි .මගෙයි රන්ජන් අයියගෙයි රූපගත කිරීම් කිහිපයක් තිබුනා .ඉදිරියෙටත් තියෙනවා .ඒ නිසා මං ඕවා ගැන කතා කරන්න කැමති නැහැ .මම රංගන ශිල්පිනියක් නිසා කටකතා හැදෙනවට මගේ අකමැත්තකුත් නෑ .



චතුරිකායි මමයි ගැන කට කතාව ඇත්ත වෙන්න පුළුවන් – රන්ජන්
කටකතා ගැන මොකද හිතන්නේ ?


ප්‍රසිද්ධියත් එක්කම කටකතා හැදෙනවා .ඒක සාමන්‍ය දෙයක්නේ

කටකතා වලට බයද?

අනේ නෑ.මම බය නෑ .මම කටකතා හැදෙනවට ආසයි.එහෙම නැති උනොත්නේ ප්‍රශ්නේ

ජනප්‍රියත්වයත් එක්ක මිනිස්සු එක එක්කෙනා ගැන කතා කරන්න ගන්නවා .ඒ ගැන මොකද හිතන්නේ ?

ජනප්‍රියත්වය කියන්නේ ඉතාමත් සුන්දර දෙයක් ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන්නේ දෙකක් .මම හැමදාම ජනප්‍රිය පුද්ගලයෙක්

ඔබයි චතුරිකායි අතර ආදර සම්බන්ධයක් තියෙනවද ?

මම හුඟක් ආදරයට කැමති කෙනෙක් .කවුරුහරි එහෙම දෙයක් තියෙනවා කියලා කියනවා නම් එක ඇත්ත වෙන්න ඇති .

ඒ කියන්නේ ඔබ චතුරිකාට ආදරය කරනවද ?

ඔව් .මම එයාට ආදරය කරනවා .මම හැමදාමත් ආදරය කරයි .අපි එකට රඟපෑම් කරනවානම් ඇත්තටම අපි එකිනෙකාට ආදරය කල යුතුයිනේ .

ඔබ පතපු ආදරය ඔබට ලැබිලා තියෙනවද ?

සමහරක් අවස්ථාවල ලැබුනා .එත් යම් යම් නොගැලපීම් නිසා ඒ දේවල් නැති වුනා .එත් මම විශේෂ දෙයක් කියන්න කැමතියි .මම බොරු කියන්න අකමැතියි .මොකද ඔය එක බොරුවක් වහන්න තව බොරු සීයක් කියන්න වෙනවා .මමයි චතුරිකයි අතර ඔය කියන කට කතාව ඇත්තක් වෙන්නත් පුළුවන් .













Source :
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

ane manda mewa piligannath amaruine..
gossip mathamai.

tnx arafath meva share kalata..
_________________
Photobucket
Back to top
View user's profile Send private message
priyangaj
Executive Member
Executive Member


Joined: May 08, 2011
Posts: 3520

PostPosted: Mon Apr 09, 2012 4:37 pm    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

Arafath wrote:


Source :
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


me dawaswala tele dramaa bohomayaka inna kenek..
_________________
Photobucket
Back to top
View user's profile Send private message
sandy
Executive Member
Executive Member


Joined: Dec 03, 2011
Posts: 10200
Location: heaven

PostPosted: Mon Apr 09, 2012 5:03 pm    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

thanks arafath me thorathuru walata
_________________
Back to top
View user's profile Send private message Send e-mail
Arafath
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Mar 03, 2011
Posts: 4320

PostPosted: Tue Apr 10, 2012 1:52 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

ඒ දේවල් සතුටින් භාරගන්නවා. . .





පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස මේ දිනවල ඔබ හමුවට පැමිණෙන ඇය සිය රංගන ජීවිතය අරඹන්නේ ළමා රංගන ශිල්පිණියක ලෙසය. 2006 වසරේ රාජ්යත ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාතරමුවවීමට ද ඇය සමත්වූවාය. පිරිළියන්ත සමරකොන්ගේ "බක්මහ සිහිනය" ඒකාංගික ටෙලි නාට්යණයෙන් රංගනයට පිවිසි ඇය රඟසොබා, අනුහස් විජිතය, සිංදුකියන උණ පඳුර, අකුරු තරහ නෑ, මායාරූ, සේසත්හාමිගේ නිධානය, දිය සායම්, ආදර රිද්ම ඇතුළු නාට්යා 28 ක් සඳහා පමණ චරිත නිරූපණය කිරීමට අවස්ථාව උදාකරගත්තාය. එමෙන්ම මේ දිනවල විකාශය වන "සිහින පුරය", "සුබා" හා "සිකුරු වසන්තේ" වැනි ටෙලි නිර්මාණ හරහා ද ඇයගේ රංගන ප්ර"තිභාව හඳුනාගැනීමට ඔබට අවස්ථාව හිමිව තිබේ.

ඇය අයෝධ්යාේ දක්ෂිකා. . .



*සම්පූර්ණ නම

ඇල්ලහේවගේ දෝන අයෝධ්යාය දක්ෂිකා රත්නසිරි

*උපන්දිනය

1992. 07. 22

*ලග්නය

කුම්භ

*උස

අඩි 05

*පදිංචිය

පානදුර

*අධ්යාිපනය ලැබූ පාසල්

පානදුර ශාන්ත ජෝන් බාලිකා විද්යා්ලය, පානදුර බාලිකා විද්යාිලය





*ඉතින් අයෝධ්යා කොහොමද ජීවිතේ?

හොඳින් ඉන්නවා. කලා කටයුතු නිසා තරමක් කාර්යයබහුලයි. සතුටින් හොඳින් ඉන්නවා.

*මං හිතන්නේ ඔබ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදුන්නේ පසුගිය අවුරුද්දේ. කොහොමද ඔබේ අධ්යා්පන වැඩ කටයුතු?

උසස් පෙළ විභාගයෙන් පස්සේ මම විශ්ව විද්යා.ල ප්රවවේශය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉදිරියේ දී මාධ්යන අංශයෙන්ම උපාධිය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

*අධ්යාීපනය පැත්තෙන් ඔබ කොහොමද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?

මගේ ලොකු හීනයක් තියෙනවා මාධය අංශයෙන්ම ඉදිරියට යන්න. ඒකයි මම ඒ අංශය උපාධිය සඳහා තෝරාගත්තෙත්. මට මුලින්ම රංගන ක්ෂේත්ර යට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙත් රංගනය පිළිබඳව හැදෑරීමක් ලබමින් සිටි ආයතනයක් හරහායි. මෑතකදී නම් මගේ අධ්යාෙපන කටයුතු එක්ක රංගනය පිළිබඳව හැදෑරීමක් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ඉදිරියේ දී රංගනය ගැන තවදුරටත් හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.





*අයෝධ්යා1, රංගනය හැරුණම ඔබ වෘත්තීය වශයෙන් වෙනත් ක්ෂේත්රතයක් සම්බන්ධව හැදෑරීමක් කරනවාද?

මම රූපලාවන්යන ක්ෂේත්ර:යට කැමතියි. ඉදිරියේදී ඒ ගැන හැදෑරීමක් කරලා ඉදිරියට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

*රංගන ශිල්පිණියක් විදිහට දීර්ඝකාලීනව ක්ෂේත්ර යේ රැඳීසිටීමද බලාපොරොත්තුව?

අනිවාර්යයෙන්ම. මම පුංචි කාලේ ඉඳන්ම ආව මේ ගමන ඉදිරියටත් මම කරගෙන යනවා. රංගනය මගේ මරණය දක්වා කරගෙන යාමයි මගේ බලාපොරොත්තුව.

*අයෝධ්යාර, ඔබ කොහොමද කලා ක්ෂේත්ර යට පිවිසීමට අවස්ථාව උදාකරගන්නේ. ඒ ගැනත් කතාකරමු?

මම කලාවට පිවිසෙන්නේ 2002 වසරේ දී. ප්රිරයන්ත සමරකෝන් මහතා‍ විසින් පැවැත්වූ රංගනය පිළිබඳ පාඨාමාලාවකට මම සම්බන්ධ වුණා. එහිදී ඔහුගේ පළමු ටෙලි නාට්යසය වුණු "බක්මහේ සිහිනය" නාට්යබයේ ප්රේධාන චරිතය සඳහා මාව තෝරාගත්තා. ඒ ටෙලි නාට්යබයෙන් තමයි මම මුලින්ම ක්ෂේත්රවයට එන්නේ. නමුත් ඒ නාට්යයය අද වනතුරු තිරගත වුණේ නෑ. පසුව අතුල පීරිස් අධ්යේක්ෂණය කළ "සින්දු කියන උණ පඳුර" ටෙලි නාට්ය යට මම සම්බන්ධ වුණා. එය මගේ දෙවන ටෙලි නාට්යවය. නමුත් ඒ නාට්යණය තමයි මුලින්ම විකාශය වුණේ. ඒ නාට්යසය සඳහා මට 2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ "හොඳම ළමා නිළිය" සම්මානය ලැබුණා.





*කලා ක්ෂේත්රසයේ වැඩ කරන අතරතුරදි ලබපු අමතක නොවන අත්දැකීමක් ගැන මතක්කළොත්?

අමතක නොවන අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් මං කලාව වෙනුවෙන් කැපකළා. මම වැඩිවිය පත්වුණෙත් ටෙලි නාට්යිය රූගත කිරීමකට සම්බන්ධ වෙලා ඉඳිද්දි. නමුත් ටෙලි නාට්යිය නිසා මම ඒ වෙනුවෙන් උත්සවයක්වත් පැවැත්වුවේ නෑ. පහුවෙනිදාම නැවතත් රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. කලාව සම්බන්ධව ගත්තොත් එය මගේ ජීවිතයේ අමතකම නොවන අත්දැකීමක්.

*රංගනය තුළ ඔබ විසින් පනවාගත් සීමා මායිම් තිබෙනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම. මම නිර්මාණ භාරගන්නේ මගේ චරිතයට හානියක් නොවෙන්නයි. ඕනම කෙනෙක් තමන්ට පනවාගත් සීමාවක් තියෙනවා. වැඩිහිටියන්ට පමණක් වූ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න මගේ කිසිසේත්ම අදහසක් නෑ. හොඳ නිර්මාණවලට දායකවෙනවා. මගේ චරිතයට හානි නොවන ඕනෑම චරිතයක් මම භාරගන්නවා.

*අයෝධ්යා ගේ පවුලේ සාමාජිකයින් ගැනත් මේ වෙලාවේ මතක්කළොත්?

මගේ පවුලේ මමයි, අම්මායි, තාත්තායි විතරයි. තාත්තා ව්යානපාර කටයුතු කරගෙන යනවා. අම්මා රූපලාවන්යන කටයුතු කරනවා.

*යොවුන්වියේ සිටින තරුණියක් විදිහට ඔබ ආදරය සහ විවාහය දකින්නේ කොහොමද?

ආදරය සුන්දරව වින්ඳොත් අතිශයින්ම සුන්දරයි. එක් එක් අය ආදරය කරන විදිහ වෙනස්. ආදරය කරන්න නම් ඔහු හෝ ඇය තමන්ව හොඳින් තේරුම්ගත් කෙනෙක් වෙන්න ඕන. මගේ පෞද්ගලික අදහස නම් විවාහවෙන්න ඕනෙ ආදර සම්බන්ධතාවයක් මතයි. ආදරය අතිශයින් සුන්දර දෙයක්. මම තවම ඒ ගැන හිතලා නෑ. මොකද මෑතකදී තමයි මගේ පාසල් අධ්යා්පන කටයුතු අවසන් වුණෙත්. ඉදිරියේ දී හොඳ කෙනෙක් හම්බුණොත් හිතලා බලනවා.

*අයෝධ්යා්, බලාපොරොත්තු වෙන්නේ මොනවගේ සහකරුවෙක්ද කියලා ඇහුවොත්?

කලාව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. උගත්කම ගැනත් බලනවා. ඒ වගේම සුරා සූදුවෙන් තොර කෙනෙක්ම වෙන්න ඕනේ. හැඩරුව ගැන විශේෂයෙන් සලකන්නේ නෑ. හිත හොඳ නම් ඒ ගැන තමයි මුලින්ම බලන්නේ.

*සාමාන්යූ ජීවිතයේ අයෝධ්යාි දක්ෂිකා කියන්නේ මොනවගේ කෙනෙක්ද?

මම හැමකෙනෙක් එක්කම මිත්‍රශීලී කෙනෙක්. ගොඩක් සංවේදියි. ඕනම කෙනෙක්ට කරදරයක් වුණු වෙලාවට උදව් කරන හිත හොඳ චරිතයක්.

*ඔබ විවේකය ගතකරන්න කැමති කොහොමද?

‍විවේකයක් ලැබුණොත් මම ගොඩක් වෙලාවට සින්දු අහනවා. එහෙම නැත්නම් චිත්රෑපටි නරඹනවා.





*ක්ෂේත්ර1යේ වැඩකරද්දි ඔබට යම් යම් සිත් රිදවීම්වලට මුහුණදෙන්න සිද්ධවුණු අවස්ථා නැද්ද?

මෑතකදී නම් ඒ වගේ අත්දැකීමකට මුහුණදෙන්න සිද්ධවුණා. මම ටෙලි නාට්යදයකට සම්බන්ධ වුණා. දැන් එය විකාශය වෙලත් මාස කිහිපයක් වෙනවා. එහි අධ්ය‍ක්ෂවරයාමයි නාට්යැය නිෂ්පාදනය කළෙත්. නාට්යලය සඳහා පොරොන්දු වූ මුදල සම්බන්ධ ගිවිසුම පසුව ඔහු වෙනස් කරලා තිබුණා. එයින් මට වගේම තවත් ශිල්පීන් කිහිපදෙනෙකුටම අසාධාරණයක් වුණා. ඒ ගැන පසුව ඔහුගෙන් විමසුවාම කිව්වා දැන් ඒ ගැන කරන්න දෙයක් නෑ කියලා. පසුව හොයලා බැලුවම දැනගත්තා ඔහු ගිවිසුමත් වෙනස් කරලා කියලා. එහිදී ක්ෂේත්රයය ගැන මට ලොකු සිත් රිදීමක් ඇතිවුණා. කටකතා ගැන කතාකළොත් මට තවම කටකතාවක් හැදිලා නෑ. නමුත් පාසල් ජීවිතයේ දී මට එවැනි අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවුණා. රඟපානවා කිව්වම අමුතුම කෝණයකින් බලන්නේ. ඒ නිසාම පාසල ඇතුළේ යම් යම් කටකතා ගොඩනැගුණා. එහෙම අවස්ථා නම් තියෙනවා. ම‍ගේ ළඟින් හිටපු මිත්ර යෝ පවා මට විවිධ දේවල් කිව්වා. ඒත්, කා එක්කවත් මං තරහක් ඇතිකරගන්නේ නෑ. මං ඒ දේවල් සතුටින් භාරගන්නවා.

*පාසලෙන් ඔබේ කලා කටයුතුවලට මොන වගේ සහයෝගයක්ද ලැබුණේ?

2002 වසරේ මම ක්ෂේත්රලයට පිවිසෙද්දි අධ්යාතපනය ලැබුවේ ශාන්ත ජෝන්ස් බාලිකා විද්යාරලයේ. ශිෂ්යාත්ව විභාගයෙන් පස්සේ මම පානදුර බාලිකා විද්යාිලයට ඇතුළු වුණා. රූගත කිරීම්වලට සහභාගිවෙද්දි අතපසු වුණු වැඩ කටයුතු කරගන්න මට ගුරුවරියන් ගොඩක් උදව් කළා. විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ විදුහල්පතිවරිය අමරා නන්දනී මහත්මිය. මගේ හෙවනැල්ල වගේ ඉඳලා හැමදේකටම මට උදව් කළේ මගේ අම්මයි තාත්තායි.

*ක්ෂේත්රේයේ ඔබට සිටින සමීපතමයින් කවුද?

ක්ෂේත්රේයේ ප්ර තිභා හෙට්ටිආරච්චි, හර්ෂණ බෙත්මගේ, සුලෝචනා වීරසිංහ සහ විශ්ව මල්ලි යන අයව මම ගොඩක් ළඟින් ඇසුරු කරනවා‍.

*අනාගත බලාපොරොත්තු සහ සිහින?

මම දිගටම රංගනයේ යෙදෙනවා. ඒ වගේම උපාධිය අධ්යතයන කටයුතුවලින් පසු කිසියම් මාධ්යන ආයතනයකට සම්බන්ධ වෙනවා. මම මේ වනවිටත් මාධ්යධ නාලිකාවක නිවේදන කටයුතු කරනවා. නිවේදනය පැත්තෙන් ඉදිරියට යන්නත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. මගේ උපාධිය හොඳින් අවසන් කිරීමයි දැනට මට තියෙන ලොකුම බලාපොරොත්තුව.




*කලා ක්ෂේත්රියට සම්බන්ධ නොවුණා නම් අපිට අයෝධ්යායව කුමන ක්ෂේත්රඔයක් තුළින් දැකගන්න ලැබෙයිද?

මම හිතනවා එහෙම වුණා නම් මම නීතිඥවරියක් වෙයි කියලා. ඒ සම්බන්ධවත් මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දැන් මම කලා ක්ෂේත්රලයට සම්බන්ධ වෙලා ඉන්න නිසා මේ ක්ෂේත්රතයෙන්ම ඉදිරියට යන එක හොඳයි කියලා හිතනවා.




HARD TALK



*ඉහළම මිලකට දේශපාලන පක්ෂයක ප්රිචාරණය වෙනුවෙන් සැලසුණු කිසියම් නිර්මාණයක් වෙනුවෙන් දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?

නැහැ.

*තරුණයෙකුගෙන් මුල්වරට ආදර යෝජනාවක් ලැබුණේ වයස අවුරුදු කීයේදද?

අවුරුදු 15 දී.

*ටෙලි නිර්මාණයක් හා සිනමා නිර්මාණයක් සඳහා එකවර ආරාධනා 02 ක් ලැබුණොත් ඔබ භාරගන්නේ කුමන නිර්මාණයද?

සිනමා නිර්මාණය

*ඔබ හිතන විදිහට වඩාත් සාර්ථක ආදර විවාහයද? යෝජිත විවාහයද?

ආදර විවාහය

*සාර්ථක රංගන ශිල්පිණියක් ලෙස ඔබ වඩා වඩා වැදගත්කොට සලකන්නේ මුදල්, සම්මාන, ජනප්රිවයත්වය?

ජනප්රිවයත්වය




Source :
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

_________________
"Always Forgive Your Enemies; Nothing Annoys Them So Much. "

Back to top
View user's profile Send private message Send e-mail Visit poster's website Yahoo Messenger
sandy
Executive Member
Executive Member


Joined: Dec 03, 2011
Posts: 10200
Location: heaven

PostPosted: Tue Apr 10, 2012 1:57 am    Post subject: Re: ALINDHAYA ( CHANDIKA NANAYAKKARA)

thanks thorathuru walata
_________________
Back to top
View user's profile Send private message Send e-mail
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> News & Interviews All times are GMT + 10 Hours
Goto page Previous  1, 2, 3, 4, 5, 6 ... 20, 21, 22  Next
Page 5 of 22

 
Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group