Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Navigation
 Home

 Search

 Discussions
 Forums
 Shout Box
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites






Keep SLU Alive



Live Radio
Selected station:
No choice made yet



<a href=''>Play No choice made yet</a>

PopUp


Network

Birthdays

Birthdays today:
No Birthdays today.
Perhaps you have birthday today?
Then please enter your Birthday.



Enter your Birthday

SL-Unlimited :: View topic - Daruwan tharabaru karana lunu kema & Peni bima (P:23)
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Daruwan tharabaru karana lunu kema & Peni bima (P:23)
Goto page Previous  1, 2, 3, 4, 5 ... 21, 22, 23  Next
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Health Matters
View previous topic :: View next topic  
Author Message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Tue Jun 14, 2011 8:57 am    Post subject: Re: 3 D Rupavahini es wlata ahithakarada ?





Source : Lakbima 2011/06/14
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Thu Jun 16, 2011 10:31 am    Post subject: Re: 3 D Rupavahini es wlata ahithakarada ?

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


Source : Lakbima 2011/06/16
Back to top
View user's profile Send private message
abey
Executive Member
Executive Member


Joined: Mar 27, 2010
Posts: 4195
Location: Homagama, SL

PostPosted: Thu Jun 16, 2011 12:59 pm    Post subject: Re: 3 D Rupavahini es wlata ahithakarada ?

Puduma leda ne ada kale thiyenne
_________________

Back to top
View user's profile Send private message Send e-mail Visit poster's website Yahoo Messenger MSN Messenger
NIRO
Executive Member
Executive Member


Joined: Oct 13, 2010
Posts: 1731
Location: Panadura

PostPosted: Thu Jun 16, 2011 1:57 pm    Post subject: Re: 3 D Rupavahini es wlata ahithakarada ?

ammooooo meka kiyewwama nam baya hithuna...parissam wenna oni okkotama kalin...thanks ayiya......... Very Happy
Back to top
View user's profile Send private message
Janakakus
Executive Member
Executive Member


Joined: Dec 09, 2010
Posts: 21904

PostPosted: Thu Jun 16, 2011 3:41 pm    Post subject: Re: 3 D Rupavahini es wlata ahithakarada ?

Kalen kaleta mokak hari aluth ledak anava

pahu giya davas vala Keyar vage deval visi karanava dakka TV ake

ane manda mehema giyoth monava weida kiyala.

Thanks chajee1983, me vatina thorathuru apita kiuwata Neutral Neutral
_________________
Back to top
View user's profile Send private message
hasitha
Executive Member
Executive Member


Joined: Nov 18, 2007
Posts: 2488

PostPosted: Thu Jun 16, 2011 3:56 pm    Post subject: Re: 3 D Rupavahini es wlata ahithakarada ?

thorathuru laba dunnata godak sthuthi Wink
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Thu Jun 23, 2011 5:07 am    Post subject:

ලොවම කළඹන ඊ කෝලායි ලංකාවටත් ඒවිද?

රෝගයක් වැළඳෙන්නට පෙර එය වළක්වා ගැනීම වඩාත් වැදගත්ය. රෝගයකින් නිවාරණයවීම රටේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට වඩාත් ඵලදායි කටයුත්තකි. එය රටේ ආර්ථිකයටද වඩාත් යහපත්ය.

කෙසේ වෙතත් මේ දිනවල ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිර යන රෝගයක් පිළිබඳව ‘ආරෝග්‍යා’ තුළින් ඔබ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අප සිතුවෙමු. දැනට ලෝකයේ රටවල් 13ක් කැළඹීමට පත්වී සිටින “ඊ කෝලායි” (E – Coil) වසංගතය මෙතෙක් අපේ පුංචි රට ආක්‍රමණය කර නොමැත. එහෙත්, “ඊ කෝලායි” වසංගතය ලංකාවට නොපැමිණෙන්නේදැයි කාහටත් කිව නොහැකිය. “ඊ කෝලායි” ලංකාව ආක්‍රමණය කිරීමෙන් වළක්වා ගැනීමට අද සෞඛ්‍ය ක්ෂෙත්‍රය ක්‍රියාත්මකවී ඇත.

යම් හෙයකින් “ඊ කෝලායි” ලංකාවටත් පැමිණියහොත් එම රෝගයට ගොදුරු නොවී එයින් ආරක්ෂාවීමට අපටද පුළුවන. ඒ සඳහා අපටද කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ඇත. ඒ කුමක්දැයි සවිස්තරව දැනගැනීම පිණිස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා මුණගැසුණි. මේ ඔහු ඒ පිළිබඳව අප දැනුවත් කළ අන්දමයි.

මොකක්ද මේ ‘ඊ කෝලයි’ නමින් හඳුන්වන රෝගය?

මෙය “ඊ කෝලයි” නැමැති බැක්ටීරියාව නිසා වැළදෙන රෝගයක්. මේ බැක්ටීරියාව වර්ග කිහිපයකින් කාණ්ඩ group 700 ගණනකින් යුක්ත වෙනවා. මේ අතරින් මිනිසාට හිතකර සහ අහිතකර කාණ්ඩත් මේ බැක්ටීරියා 700ට අයත් වනවා. මේ අතර, මිනිස් සිරුරට හිතකර ‘ඊ කෝලායි’ බැක්ටීරියා වර්ගයක් සෑම මිනිසකුගේ කුඩා ආන්ත්‍රයේ පිටුපස කොටසේ සුලබව වෙසෙනවා. එය අපේ ජීවිතවලට හානිකර නැහැ.

නමුත් මේ අතර ඊ කෝලයි වර්ගයට අයත් උපකාණ්ඩ බැක්ටීරියා විශේෂයක් අපේ මිනිස් සිරුර ලෙඩ කරවනවා. අපට හානිකර උප කාණ්ඩ ඊකෝලායි බැක්ටීරියාව තමයි මේ වසංගතය අපට බෝ කරන්න.

කෙළෙසද මේ ‘ඊ කෝලයි’ අපට වැළදෙන්නේ?

මෙය ආහාර හා ජලය මගින් වැළදෙන රෝගයක්. මෙම රෝගය වැළඳන කෙනෙකුගේ මළපහවල රෝගය ඇති කරන විෂබීජ දහස් ගණනක් තිබෙනවා. මෙම විෂබීජ සහිත ආහාර ගැනීමෙන් සහ විෂබීජ සහිත ජලය පානය කිරීමෙන් රෝගය ඇතිවන්නට පුළුවන්. එසේම වැසිකිළියට ගිය පසු දෑත් පිරිසිදු නොකර ආහාර අනුභව කිරීම මැස්සන් වහන ලද ආහාර අනුභව කිරීම, එළවළු, පලතුරු නොසෝදා කෑමට ගැනීම යනාදිය නිසා මේ තත්ත්වය ඇතිවන්නට පුළුවන්. මෙය මුළුමනින්ම පාචන තත්ත්වයක්. නමුත් රෝගය හඳුන්වන්නේ “ඊ කෝලයි” ලෙසින්.

මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

උණ, පාචනය, වමනය, ඔක්කාරය, අධික හිසරදය යනාදියයි.

ඊ කෝලයි රෝගය සුව කළ හැකිද?

ඔව්. සුවකළ හැකියි. වැළඳුන රෝගින්ගෙන් 90%ක් පමණ සුව වනවා. නමුත් 10%ක් රෝගය උත්සන්නවී මිය යන්නට පුළුවන්.

රෝගය සුව කිරීමට ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද?


ඔව්. ප්‍රතිජීවක මගින් සහ වෙනත් ඖෂධ මගින් රෝගය සුවකළ හැකියි.

සුව වන්නට කොපමණ කළක් ගත වනවාද?

සතියක් හෝ දින 10ක් ඇතුළත සුව වෙනවා.

එසේනම් මාරාන්තික තත්ත්වයක් ඇති වන්නේ කෙබදු අවස්ථාවන්හිදීද?

ඇතැම් උදවියට ඊ කෝලයි විෂබීජය ශරීරගතවී විශේෂයෙන්ම ආන්ත්‍රයේ තැන්පත්වී බඩවැල් තුවාල කරනවා. මේ තුවාලවීම නිසා බඩවැල් අභ්‍යන්තරයේ රුධිරය වහනය වනවා. මේ වහනය වූ රුධිරය කහල මාර්ගයෙන් පිටවන්නට පටන්ගන්නවා. මේ තත්ත්වය නිසා රුධිර පට්ටිකා ප්ලේට්ලට්ස් අඩුවී යනවා. මේ තත්ත්වය භයානකයි.

අවාසනාවකට මෙන් දැනට ලොව පුරා පැතිර යන ඊ කෝලයි විෂබීජය ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධතාවයක් දැක්වීම නිසා රෝගින්ගේ තත්ත්වය අවදානමක පවතිනවා. මෙයට පෙර වසංගතවලදී වාර්තාවූ විෂබීජවලට වඩා වෙනස් ජානමය හැසිරීමක් මේ ඊකෝලයි විෂබීජය තුළ තිබෙනවා. ප්‍රතිජීවක antibiotic වලට answer නොකිරීම නිසා තත්ත්වය දරුණු අතට හැරෙනවා.

මෙම විෂබීජය වෙනත් විෂබීජවලට වඩා වෙනස් ජානමය හැසිරීම් දක්වනවා. මෙම විෂබීජය මිනිසාගේ බඩවැල්වල ඇලී නතරවීම නිසා රෝගය දිගු කළක් ශරීරය තුළ පවතින්නට පුළුවන්. එය සිරුරේ සංකූලතා කිහිපයක් ඇතිවීමට හේතුසාධකයක් වනවා.

මොනවද මේ සංකූලතා හැටියට ගැනෙනේ? මූත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවී වකුගඩුවලට පවා බලපෑම් ඇති කරන්නට පුළුවන්. මොළයේ සෛලවලට හා ස්නායු පද්ධතියටද ආක්‍රමණය කරනවා.

මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂාවීමට ගතයුතු පියවර මොනවාද?


හැකිතාක් අමු සලාද වර්ග එළවළු පළතුරු අමුවෙන් ආහාරයට නොගැනීම, හැකිතාක් දුරට හොඳින් සෝදා පවිත්‍ර කර එළවළු ආහාරයට ගැනීම, විශේෂයෙන් නොපිසූ මස් වර්ග මාළු වර්ග ආහාරයට නොගැනීම, B. B. Q. ක්‍රමයට පුළුස්සාගත් හෝ ගි‍්‍රල් කරගත් මස් වර්ග ආහාරයට නොගැනීම. මස් වර්ග හෝ මාළු වර්ග ආහාරයට ගන්නේ නම් හොඳින් පිසගත යුතු අතර එසේත් නොමැති නම් ගැඹුරු තෙලින් බැදගෙන ආහාරයට ගත යුතුය.

සෑම එළවළුවක්ම හොඳින් පිස ආහාරයට ගැනීම

විශේෂයෙන්ම පැල කරන ලද ධාන්‍ය (bean sprouts) ආහාරයට නොගැනීම, (පැලකරන ලද ධාන්‍ය යනු ධාන්‍ය වර්ගයක් ජලයේ දැමූවිට බීජ තත්ත්වයට පත්වේ). මේ බීජ තත්ත්වයේ ඇති ධානය අනුභව කිරීමෙන් ‘ඊ කෝලයි’ බැක්ටීරියාව ශරීරගතවිය හැකියි. ඇතැම් චීස් වර්ග සහ පලතුරු වර්ගවලින් ද මේ රෝගී තත්ත්වය ඇතිවිය හැකියි.

‘ඊ කෝලයි’ රෝගයෙන් භයානක ප්‍රතිඵල ඇති විය හැකියැයි සැක කළ හැක්කේ කුමන පිරිසකට ද ?

විශේෂයෙන්ම උපතින්ම ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්ට මෙම රෝගය වැළැඳීමේ ප්‍රවණතාවය සහ එයින් සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවයන් වැඩියි.

දෙවැනි කාණ්ඩය වන්නේ කුඩා දරුවන්. කුඩා දරුවන්ට ඉතා ඉක්මනින් විෂබීජ ශරීරගත වීමට හැකියාව තිබෙනවා. ප්‍රතිශක්තියන් බොහෝ දුරට දුර්වලයි. ඒ නිසා කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීම දෙමව්පියන් සතු වගකීමක්.

තෙවැනි කාණ්ඩය වන්නේ ද වයසක උදවියයි. ඔවුන්ට ඊකෝලායි වැළඳීමෙන් බොහෝ විට අපහසුතා ඇතිවන්නට පුළුවන්. මේ කාණ්ඩ තුනට ඉතා පරිස්සම් විය යුතුයි.

දැනට ‘ඊ කෝලයි’ වසංගතයෙන් ලෝකයේ කොපමණ රටවල් බැට කා තිබෙනවා ද ?

දැනට යුරෝපාකරයේ රටවල් 13ක මෙය පැතිරී අවසන්. මේ වනවිට රෝගීන් 30 දෙනෙක් මියගොස් සිටිනවා. වාසනාවකට අපේ රටට මේ වසංගතය ඇවිත් නැහැ.

අවාසනාවකට හෝ අපේ රටට මේ වසංගතය පැමිණියොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් ද ?

ඔව් මේ රෝගය ලංකාව තුළ පැතිර යන්නේදැයි සොයා බැලීමට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය නිරන්තරයෙන් පර්යේෂණ සිදුකරමින් සිටිනවා. ඊට අවශ්‍ය සියලු පහසුකම් ආයතනය සතුව තිබෙනවා.

‘ඊ කෝලයි’ ලංකාව ආක්‍රමණය කළහොත් එයින් ආරක්ෂා කිරීමට වැට බැඳීය යුතු තැන් මොනවා ද?

මෙම රෝගය පැතිරෙන අවස්ථා කිහිපයක් තිබෙනවා. ගුවන් තොටුපොළින් රෝගියකු ලංකාවට පැමිණීමෙන්. එහි දී එම තැනැත්තා සනීපාරක්ෂක පැත්ත පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. එසේත් එසේ නොමැති නම් එය වසංගතයක් ලෙස බෝවිය හැකියි.

දෙවැන්න පිට රටින් ලංකාවට ගෙන්වන ලද ආහාර වර්ග. ඒවා විශේෂ පරීක්ෂණයකට ලක් කළ යුතුයි. ඒවා තුළ ඊ කෝලායි විෂ බීජය තිබෙනවා නම් ඒවා සියල්ල පාවිච්චියට නොගත යුතුයි.

මේ අවස්ථා දෙක පිළිබඳව දැඩි අවධානයෙන් සිටීමෙන් මේ තත්ත්වය මඟ හරවා ගත හැක.

නමුත් යුරෝපාකරයේ මෙන් සනීපාරක්ෂක පහසුකම් ඉතා උසස් මට්ටමේ තිබෙන රටක් නොවෙයි ලංකාව. වැසිකිළි පහසුකම්, පිරිසුදුකම අතින් අප යුරෝපය තරම් ඉහළ තත්ත්වය පවතින්නේ නැහැ. එබැවින් ලංකාව වැනි රටකට මෙවැනි වසංගතයක් ඇතිවුවහොත් එය ඉතා ඉක්මණින් පැතිර යාමට තිබෙන ප්‍රවණතාවය වැඩියි. එයට ගොදුරුවන සංඛ්‍යාවත් වැඩියි.

ඒ නිසා සනීපාරක්ෂිත වැඩපිළිවෙළක් දියත් කොට ලංකාව මේ වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම අවධානය යොමුවිය යුතුයි.

දීප්ති ෆොන්සේකා


Source : Dinamina 2011/06/22
Back to top
View user's profile Send private message
Janakakus
Executive Member
Executive Member


Joined: Dec 09, 2010
Posts: 21904

PostPosted: Thu Jun 23, 2011 6:44 am    Post subject: Re:

ane manda loke vinase laga lagama anava vage Mad Mad


Thanks chajee1983,
_________________
Back to top
View user's profile Send private message
zemra
Executive Member
Executive Member


Joined: Dec 01, 2010
Posts: 801

PostPosted: Thu Jun 23, 2011 8:19 am    Post subject: Re:

මෙ කියන්නෙ enterohemorrhagic E. coli (EHEC)ගැන නේද? Germany වල විතරක් දැනට 38 දෙනෙක් මිය ගිහින්( HUS නිසා)තියෙනවා. ජාන විකෘථි උනු E.coli (mutated) bacteria එකක්..
එක toxin එකක් produce කරනවා. එ toxin එක නිසා තමයි මෙ infection එක ගොධක් complicated වෙල තියෙන්නේ මම හිතන්නෙ....
_________________
Not to search for who is right but what is right!
Back to top
View user's profile Send private message
hasitha
Executive Member
Executive Member


Joined: Nov 18, 2007
Posts: 2488

PostPosted: Thu Jun 23, 2011 3:07 pm    Post subject: Re:

Janakakus wrote:
ane manda loke vinase laga lagama anava vage Mad Mad


Thanks chajee1983,


Puluwan Tharam Pin Daham Karana Aka Thama Hodam Deya Wink
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Jul 10, 2011 6:01 am    Post subject: Re:









Source : Lakbima 2011/07/10
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Sun Jul 17, 2011 5:13 am    Post subject: Re:




Source : Lakbima 2011/07/17
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Wed Jul 20, 2011 7:02 am    Post subject:

නිදන කොට්ටයත් විස බීජ ආකරයක්
දවස පුරා දහසක් වැඩ කටයුතු කර ඔබ හිස කොට්ටය මත තබා ගන්නේ සුවදායක නින්දකට පිවිසෙන්නයි. බොහෝ අය නින්දට පෙර මුහුණ පිරිසුදු කර ගැනීමටත් අමතක නොකරයි. එහෙත් ඔබ එතරම් හොඳින් පිරිසුදු කළ මුව තබන්නේ කෙබඳු කොට්ටයකටද?

ඔබ නොදන්නවාට, හිස තබන කොට්ටය දූවිලි මැක්කන්, මළ සම් කොටස්, සහ දූවිලි මැක්කන්ගේ මළවලින් පිරී පවතී. එපමණක් නොව ෆ්ලූ, සෙම්ප්‍රතිශ්‍යාව, කම්මුල්ගාය වැනි රෝග ඇති කරන පරිසරයේ තිබෙන විසබීජ ද මෙහි තැන්පත් වී තිබිය හැකියි. විශේෂයෙන්ම රෝහල්වල කොට්ටවල ඊ - කෝලි වැනි බැක්ටීරියා පවා තිබෙන්නට පුළුවන.

පර්යේෂකයන් පවසන අන්දමට රෝහල් කොට්ටයක, මිලියන ගණනින් ඇති ස්ටැෆිලොකොකස් විස බීජය පුද්ගලයන් තදබල ලෙස රෝගී කළ හැකියි. කොට්ටය අව්වේ දැමීම, කොට්ට උරය නිතර පිරිසුදු කිරීම කෙතරම් වැදගත්දැයි කියා දැන් ඔබට සිතෙනවා ඇති.

පර්යේෂකයන් පවසන්නේ මාස තුනකට වරක් කොට්ටයක් රෙදි සෝදන යන්ත්‍රයකට දමා පිරිසුදු කර ගන්නා ලෙසයි. කොට්ට උරය නම් සතියකට කිහිප වරක් පහසුවෙන් පිරිසුදු කළ හැකියි. නිතර කොට්ට සහ කොට්ට උර සෙන්ටිග්‍රේඩ් අංශක 60 ක උෂ්ණත්වයෙන් සේදීමෙන් හෝ පැය විසි හතරක් ශීතකරණයේ තැබීමෙන් දූවිලි මැක්කන් පහසුවෙන් විනාශ කළ හැකියි. දූවිලි මැක්කන් ඇදුම, පීනස වැනි ස්වසන රෝගවලින් පෙළෙන්නන්ට දැඩි ලෙස අසාත්මිකයි.
-----------------------------------------------------------------------------

කෙළින් හිට ගන්න
‘ළමයා කෙළින් හිට ගන්න’ මේ අවවාදය කුඩා වියේදී ඔබට වැඩිහිටියන්ගෙන් ඕනෑ තරම් ලැබී ඇති. වැඩිහිටියන් දෙන බොහෝ අවවාද හිස් මුදුනෙන් පිළිගැනීමට තරම් සත්‍යයය. කෙළින් සිට ගැනීමෙන් ඔබේ පෞරුෂත්වය ඔප් නැංවෙනවා මෙන්ම සිරුරේ වේදනාව ද අඩු වන බව විද්‍යාඥයෝ පවසති.

කෙළින් සිට නොගත් විට ඔබ නොදන්නවාට සිරුරට දැඩි අපහසුතාවක් දැනෙයි. උරහිස් සහ අත්වල රුධිර පීඩනය කෙළින් සිට නොගැනීම නිසා වැඩි වේ. ටොරොන්ටෝ සහ දකුණු කැලිෆෝනියා සරසවිවල විද්‍යාඥයන් නිවැරැදි ඉරියව්වෙන් සිට නොගත් පුද්ගලයන්ට තත්පර 20 ක් යෝග ඉරියව් තුනකින් සිටින ලෙස පවසා ඇත.

ඉන් පසු ඔවුනගේ අපහසුතාව දුරු වී ඇත. කායික වේදනාව ඇති විට ද සහනයක් ලබා ගැනිමට ද කෙළින් සිට ගැනීම උපකාරී වේ.

කායික වේදනාවන්ට පමණක් නොව ආදරය බිඳ වැටීම වැනි මානසික වේදනාවන්ට ද කෙළින් සිට ගැනීමෙන් සහනයක් ලැබේ. පර්යේෂකයන් යෝජනා කරන්නේ පපුව ඉදිරියට සිටින සේ කෙළින් සිට ගැනීම ඉතා වටිනා පුරුද්දක් බවයි.
----------------------------------------------------------------------------------
නැති ලෙඩ ගෙනෙන වේදනා නාශක
වේදනාවට ඉක්මන් සහනය පතන්න අද කාලයේ ඇති පහසුම ක්‍රමය වේදනා නාශක පෙත්තක පිහිට පැතීමයි. ආතරයිටිස් කෙනකු වේදනාවට පත් කරන ප්‍රධාන රෝගයකි. ආතරයිටිස් රෝගයෙන් ඇති වන වේදනාවටත්, සාමාන්‍ය වේදනාවටත් ඉබුප්‍රොෆ්න් නම් ඖෂධීය නාමයෙන් යුතු පෙත්තක පිහිට පැතීමට අමතක නොකළ යුතුයි.

ඉබුප්‍රොෆ්න් ඖෂධය ඇතුළු වේදනා නාශක අධික ලෙස දිගින් දිගට ගැනීමෙන් විශාල සෞඛ්‍ය තර්ජනයක් සිදු වන බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ.

පර්යේෂණය සඳහා රෝගීන් තිස් දහසක් ඇසුරින් කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති අන්දමට මෙවැනි වේදනා නාශක නිසා ආඝාතය (ස්ට්‍රෝක්), අක්‍රමවත් හද ගැස්ම වැනි බරපතල ලක්ෂණ ඇති විය හැකියි.

මේවා මාරාන්තික ප්‍රතිඵල ගෙන දිය හැකි තත්ත්වයන්ය.පර්යේෂකයන් පවසන අන්දමට ඉබුප්‍රොෆ්න් සහ ස්ටීරොයිඩ නොවන ප්‍රති ප්‍රදාහ ඖෂධ හදවත් රෝග වැළඳීමේ අවදානම ඉහළ නංවයි.මේ අනුව වේදනාව නැති කිරීමට හිතුමතේ දිගින් දිගටම මෙබඳු ඖෂධ ගැනීම නම් නුවණට හුරු දෙයක් නොවෙයි.

අන්තර් ජාලයෙනි

චම්පිකා දීපානි රණසිංහ


Source : Dinamina 2011/07/20
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8196
Location: NJ, USA

PostPosted: Wed Jul 20, 2011 7:07 am    Post subject:

අන්නාසි ඉස්‍සෝ සැර මාළු කෑවාම පලු දමන්නේ ඇයි?

සමහර පුද්ගලයන් යම් යම් කෑම වර්ග කෑවාම ඇඟපුරා පලු දමන, ඇඟපුරා කැසීමක් ඇති කරන සමහරවිට මුහුණ හා ඇස් ඉදිමීම හෝ හුස්ම ගැනීමට අපහසුතා ඇතිකරන අවස්ථා ඔබ දැක ඇති. සමහරවිට ඔබද එය අත්දැක ඇති. විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ අසාත්මිකවීම ලෙසයි. “කෑම වර්ග අසාත්මිකවීම” හෙවත් Food allergy ගැන අද අපි කතා කරමු.

අසාත්මික වීම හෙවත් “ඇලජික්” වීම ශරීරය ඇතුලේ සිද්ධවන ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. අපි ඒක සරලව වටහාගැනීමට උත්සහ කරමු. ඇලජික් වුන පුද්ගලයාට ඒක අමිහිරි අත්දැකීමක් වුනත් ඇඟ ඇතුලේ සිදුවන්නේ නම් රසවත්ව විස්තර කළහැකි ක්‍රියාවලියකි.

අපගේ ශරීරය ඇතුලේ, අපගේ ආරක්‍ෂාවට අපට ස්වභාවධර්මයාගෙන් ම ලැබිලා තියෙනවා. “ප්‍රතිශක්තිකරන” පද්ධතියක්. ප්‍රතිශක්ති කරන පද්ධතියක් (Immune system) කියලා කියන්නේ අපේ ශරීරයට බාහිර උවදුරක් විශේෂයෙන් විෂබීජයක් හෝ එවැනි අහිතකර ආගන්තුක යමක් ඇතුළු වුනාම එක් විනාශකරන ක්‍රමයක්.

ප්‍රතිශක්තිකරණය කියන එකේ තේරුම ටිකක් ගැඹුරු දෙයක් වුනත් දැනට මේ අදහස ඔයාලට ප්‍රමාණවත්. ඉතිං මේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ කෙරෙන්නේ අර විෂබීජයක් වැනි බාහිර උවදුරක් ඇඟට ඇතුළු වුනාම ඒකේ හැඩය හා ස්වභාවය අනුව ඒ විෂබීයට හරියන ආයුධ හෙවත් “ප්‍රතිදේහ” නිෂ්පාදනය කිරීමයි.

මෙම ප්‍රතිදේහ නැමැති ආයුධ මඟින් ඒ ඒ විෂබීජය හෝ අහිතකර ආගන්තුක දේ විනාශ කර දමලා අපට ආරක්‍ෂාව සපයලා දෙනවා. මේ ආයුධවල තියෙන විශේෂත්වය වෙන්නේ ඒ ඒ විෂබීජය හෝ ආගන්තුක ද්‍රව්‍යයට පමණක් විශේෂිත වීමයි. ඒ කියන්නේ ඒ ප්‍රතිදේහය මගින් විනාශ කළ හැක්කේ එම ප්‍රතිදේහය නිපදවීමට හේතුවුණු විෂබීජය හෝ ආගන්තුක ද්‍රව්‍ය පමණයි. වෛද්‍ය විද්‍යානුකූලව මෙම විෂබීජය හෝ ආගන්තුක ද්‍රව්‍යය “ප්‍රතිදේහජනක” හෙවත් Antigen ලෙසත්, ඒ වෙනුවෙන් සාදන ආයුධය වන ප්‍රතිදේහ Antibody ලෙසත් හඳුන්වනවා.

ඉතිං මේ විෂබීජ හෝ ආගන්තුක ද්‍රව්‍ය (Antigen) ප්‍රතිදේහ (Antihooy) සමඟ සටන් කරන කොට එම සමානයේ “සටන් බිමක” ස්වරූපය ගනිමින් වෙනස්කම් කිහිපයක් සිදුවෙනවා. මෙම සටන විද්‍යානුකූලව Intlammatory reaction කියලා හඳුන්වනවා. මෙම සටනේ ප්‍රතිඵලයක් ලෙස එම ස්ථානය රතුපාටවීම, ඉදිමීම, කැසීම, එම ස්ථානයට ලේ ගමනය වැඩිවීම, එම ස්ථානයේ උෂ්ණත්වය වැඩිවීම (රත්වීම) ආදිය දකින්න පුළුවන් වෙනවා.

අපිට එදිනෙදා ජීවිතයේදී, කුහුඹුවෙක්, කඩියෙක්, පත්තෑයෙක් වැනි සැර සතෙකු කෑවිට හෝ දෂ්ඨ කළවිට එම ස්ථානයෙදිත් මේ ආකාරයෙන්ම සටනක් සිදුවන නිසා, සටනේ ප්‍රතිඵල ලෙස එම ස්ථානය ඉදිමී, රත්වී, රත්පැහැවී, කැසීමක් ආරම්භවී ඇතිවන රෝග ලක්ෂණ ඔබට දැන් මතක් වෙනවා ඇති කියලා හිතෙනවා.

අසාත්මිකතාවයකදි එහෙම නැතිනම් “ඇලජික්” එකකදි සිද්ධ වෙන්නේ, අපේ ශරීරය ඇත්තටම හානියක් සිදු නොවන ආහාරයක් වැනි දෙයක්, ඇඟට අහිතකර විෂබීජයක් හෝ ආගන්තුක යමක් කියා වරදවා තේරුම් ගැනීමයි. ඉතිං ඒකේ ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද? ශරීරය විසින් එම ආහාරයට විරුද්ධව ප්‍රතිදේහ නැමැති ආයුධ සාදා තදින් පහරදෙනවා. ප්‍රථිඵලය වෙන්නේ මෙම ලිපියේ මාතෘකාවට පාදක වෙච්ච ඇඟපුරා පලු දමන, ඇඟ කසන, ඉදිමෙන, රත්වෙන, “ආහාර අසාත්මික තාවය”යි.



මෙම ආයුධ හෙවත් ප්‍රතිදේහවල තියෙන තවත් වැදගත් දෙයක් වෙන්නේ, තමන් නිපදවූ කාරනය හොඳින් මතකයේ තබා ගැනීමයි. මේ නිසා පසු දවසක එම විෂබීජය ආගන්තුක ද්‍රව්‍ය හෝ වරදවා වටහා ගත් ආහාරය මුනගැසුණු විට කලින් සිදුවූ ප්‍රහාරයටත් වඩා දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමක් සිදු කරනවා. මේ නිසා යම් දෙයක් නැවත නැවත අසාත්මික වනවිට ප්‍රථිඵලය හෙවත් අපි දකින රෝග ලක්‍ෂණ ප්‍රමාණයෙන් විශාල ලෙස වැඩිවීමක් දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා තමන්ට අසාත්මික වන, ආහාරය නැවත නැවත ගැනීම ඉතා භයානක තත්ත්වයක් පවා ඇතිකරන්න පුළුවන් බව මතක තියාගන්න ඕන. මේ නිසා ආහාරයක් අසාත්මික වූ පසුව නැවතත් එම දෙය සිදුවීම වැළැක්වීමට නම් එම අසාත්මික වන ආහාර වර්ගය හෝ ආහාර සංඝටකය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා.

ආහාර අසාත්මික වීමකදී තවත් විශේෂ දෙයක් වන්නේ සමහර ආහාර බොහෝ දෙනෙකුට වැඩි වැඩියෙන් අසාත්මික වීමයි. උදාහරණයක් ලෙසට ඉස්සො, දැල්ලො, කකුළුවො, රතු පාට මාලු (බලයා, කෙලවල්ලා, හුරුල්ලා ආදි) ඒවායෙ ඇති හිස්ටැමින් (Histamine) නම් ද්‍රව්‍යය අධිකව ඇති නිසා අසාත්මික තා ඇති කරනවා. මීට අමතරව රටකජු හා වෙනත් ගස් කජු වර්ග බිත්තර, අන්නාසි ආදි දේත් සඳහන් කරන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ යම්කිසි අයකු එක් ආහාර වර්ගයකට වඩා අසාත්මික තා දැක්වීමත්, අසාත්මික තා දක්වන හැම අයම, හැම ආහාරයටම අසාත්මික නොවීමයි. උදාහරණයක් ලෙස යම් කිසි අයකු බලමාලු, අන්නාසි, රටකජු යන තුනටම අසාත්මික විය හැකි අතර, ඒ සියල්ලම අසාත්මික නොවන අයකු බිත්තරවලට අසාත්මික විය හැකිය. එයින් අදහස් කරන්නේ මේක පුද්ගලයා මත රඳා පවතින දෙයක් බවයි.

ලිපිය අවසාන කිරීමට පෙර සඳහන් කළ යුතු දෙයක් වන්නේ බොහෝවිට ආහාර අසාත්මිකතා එතරම් අමාරු රෝග තත්ත්වයක් උද්ගත නොකළත්, කලාතුරකින් ජීවිතයට පවා හානි විය හැකි බරපතල අසාත්මික තත්ත්වයක් වන Anaphylcxis නම් වූ තත්ත්වය ඇතිවෙන්න පුළුවන් නිසා අසාත්මිකතා සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත්, අසාත්මික වන ආහාරය හඳුනාගෙන එය නැවත නැවතත් නොගැනීමට වගබලා ගැනීමත් ඉතා වැදගත් වෙනවා. තවත් වැදගත් දෙයක් වෙන්නේ අසාත්මිකතාවය ඇතිවූ විට ඇඟ ඉදිමී, හුස්ම ගැනීමට අපහසු තත්ත්වයක් යම්තම් හෝ මතුවනවා නම්, කලන්ත ස්වභාවයක් දැනෙන්නේ නම් එය වහාම ක්‍රියාත්මක වී වෛද්‍ය ප්‍රතිකාර හැකි ඉක්මනින් ලබාගත යුතු තත්ත්වයක් බවයි. මන්දයත් ඒවා ජීවිතය බිලි ගන්නා Anaphylcxis නම් වූ භයානක අසාත්මික තත්ත්වයේ පෙර ලකුණු විය හැකි නිසයි. ආහාර අසාත්මික තාවකදි, ශරීරය ඇතුලේ එය සිදුවන ආකාරය ගැන සුලමුල ඔබ දැන් දන්නවා ඇති කියලා මම හිතනවා.


Source : Dinamina 2011/07/20
Back to top
View user's profile Send private message
handaya
Executive Member
Executive Member


Joined: Mar 27, 2011
Posts: 3038

PostPosted: Wed Jul 20, 2011 1:53 pm    Post subject: Re:

Shah. Maru thorathuru.
Mama machine ekata copy kara gaththa himin sere kiyawanna.
Thanks CHAJEEEEEEEEEEEEEEEE Very Happy
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Health Matters All times are GMT + 10 Hours
Goto page Previous  1, 2, 3, 4, 5 ... 21, 22, 23  Next
Page 4 of 23

 
Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group